පෝස්ටර් ගහන ජවිපෙ සාමාජිකයන් බිය වද්දන්න ආණ්ඩුවේ මෙහෙයුමක්

0 comments

(2009 දෙසැම්බර් 01 - W3Lanka) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා උර දී සිටින ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බිය වැද්දීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රචාර ව්‍යාපාරයේ බරින් වැඩි ප්‍රමාණයක් කරට ගත් ජවිපෙ එම සහයෝගය සරත් ෆොන්සේකාට පිරිනමා තිබීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වී ඇති බව ආරංචි මාර්ග පවසයි. 

 කොළඹ හයිඞ් පිටියේ පැවැත්වුණු ජවිපෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මංගල ජනතා රැලියේ ප‍්‍රචාරක කටයුතුවල නිරත වී සිටි එම පක්ෂයේ. ආධාකරුවන් දෙදෙනකුට අද ඊයේ පෙරවරු 5.00ට පමණ අතුරුගිරිය නගරයේදී ආණ්ඩුවේ මැරයින් දුන් බව ජවිපෙ මාධ්‍ය ඒකකය පවසයි. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ එක් අයකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වෙත පැමිණිලි කර තිබේ. එල් සී - 2914 අංකය සඳහන්ව තිබූ නිල් පැහැති ලොරි රථයකින් පැමිණි මැරයින් 5 දෙනකු පමණ පහරදීමට සම්බන්ධ වී ඇත.


මේ අතර අනුරාධපුර, කඩදොළහ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයටද පෙරේදා රාත‍්‍රියේ ආණ්ඩුවේ මැරයින් විසින් පහර දී තිබෙන බව ජවිපෙ පවසයි. කාර්යාලයේ නාම පුවරුව හා එහි ඉදිරිපස තිබූ මල් පෝච්චි කඩා දමා ඇති අතර කාර්යාලයට අලාභ හානි සිදු කර තිබේ. කොළඹ පැවැත්වුණ රැලියට අදාළව අනුරාධපුර නගරයේ අලවා තිබූ පෝස්ටර් හා කටවුට් විනාශ කිරීමටද කටයුතු කර තිබෙන මෙම මැරවරයින්ගමන් කර ඇත්තේ ඩබ්. පී. ජී. ජී. 9417 අංකය සඳහන්ව තිබූ ඩිපෙන්ඩර් රථයකින් බව ජවිපෙ පවසයි.



එමෙන්ම වැලිමඩ නගරයේදීද විපක්ෂයේ. පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කිරීමේ පෝස්ටර් අලවමින් සිටියදී වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු ජ.වි.පෙ. මන්ත‍්‍රී අනුර කරුණාරත්න  වැලිමඩ පොලිසිය විසින් ඊයේ අලූයම 2.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.



Read On

මාධ්‍ය පාලනයට බලය පාවිච්චි කරන්න මැතිවරණ කොමසාරිස් සැරසේ

0 comments


(2009 දෙසැම්බර් 01 - W3Lanka) 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ තමන් වෙත ලැබී ඇති බලතල පාවිච්චි කරමින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුද්ගලික හා රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතීව ක්‍රියා කරන්නේදැයි දැඩිව සොයා බැලීමට මැතිවරණ කොමසාරිස් දයානන්ද සිල්වා තීරණය කර ඇති බව වාර්තා වේ.


මේ වන විට රජයට අයත්, මහජන දේපල වන ලේක්හවුස්, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය වැනි සංස්ථා හා සමාගම්වල ජනමාධ්‍ය සම්පූර්ණයෙන් ම පාහේ නීතියට හා සදාචාරයට පටහැණි අන්දමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරය සඳහා සහ විරුද්ධ පක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට මඩ ගැසීම සඳහා යොදවා තිබේ.


ප්‍රධාන මාධ්‍ය අතරින් සිරස රූපවාහිනිය පමණක් විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පක්ෂපාතී ස්වරූපයකින් කටයුතු කරනමුත් රජයේ මාධ්‍ය තරම් පහත් තත්වයකට වැටී නැත. බොහෝ පෞද්ගලික මාධ්‍ය වෙළඳපොළ පිළිබඳ සැලකිලිමත් වෙමින් මධ්‍යස්ථබවක් පෙන්වීමට උත්සාහ කරයි.


රජයේ මාධ්‍යවල දැඩි පක්ෂපාතී ස්වභාවය හේතුවෙන් ඒවා කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම හා ජනප්‍රියත්වය අඩු වීම රාජ්‍ය නායකත්වයේ පවා අවධානයට යොමු වී ඇති බව වාර්තා වේ. අමුවෙන් ම කඩේ යාම නො කර කිසියම් වෘත්තිකභාවයකින් යුක්තව මෙම මාධ්‍ය ආයතන පවත්වාගෙන යන ලෙස රජය උපදෙස් දී ඇතත් හෙළුවෙන් කඩේ යාම මිස අන් වෘත්තිකභාවයක් දන්නා මාධ්‍යවේදීන් මෙම ආයතනවල නැතිකම රජයට පවා ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වේ.



Read On

සරත් පරදින්නේ වැඩි ඡන්ද ලක්ෂ දහයකින් - මර්වින්

0 comments


(2009 දෙසැම්බර් 01 - W3Lanka) ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂක සරත් ෆොන්සේකා පරදින්නේ ඡන්ද ලක්ෂ දහයකින් බව කම්කරු ඇමති හා කැලණිය ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ආචාර්ය මර්වින් සිල්වා අද දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. 


මීට දින කීපයකට පෙර සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති බව කී ඔහු දිනමිණ පුවත්පතට වැඩි දුරටත් මෙසේ ද පවසයි. 


ෆොන්සේකා ආවා කියලා දේශපාලනයේ විප්ලවයක් වෙයි කියලා හිතන් ඉන්නේ දේශපාලනයේ හෝඩියවත් නොදන්න කිහිප දෙනෙක් පමණයි. ජනාධිපතිතුමා යෝධයෙක් නම් ෆොන්සේකා කියන්නේ අඟුටු මිට්ටෙක් පමණයි. 

වළේ වැටිලා ඉන්න අලියා ගොඩ ගන්න කොන්ත්‍රාත්තුව භාරගත්තු ෆොන්සේකා වෙන්නේ සිරිසඟබෝ රජතුමා වගේ ඔලුව දන් දෙන්න විතරයි. මගේ මිත්‍රයෙක්. ඔහු මේ වගේ අමාරුවක වැටීම ගැන මම කනගාටුවෙනවා. 

ඒත් ඔහුගේ අනාගත ඉරණම මොකක්ද කියලා මේ වෙද්දිත් තීරණය වෙලා තියෙන්නේ. ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ යුද්ධ කරපු ජෙනරාල් කෙනෙකුට රටක් පාලනය කරන්න බැහැ කියලා.



Read On

මහින්ද මහත්තයෝ දැන් බැහැලා යන්න සූදානම් වෙන්න - ටිල්වින්

0 comments


(2009 දෙසැම්බර් 01 - W3Lanka) "මහින්ද වරද්දා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය අවතක්සේරු කිරීමෙන්. ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය අවතක්සේරු කරපු හැම කෙනාම වරද්දා ගත්තා. මේක ගල් පර්වතයක්වුණත් අස්වද්දන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. මහින්ද මහත්තයෝ දැන් බැහැලා යන්න සූදානම් වෙන්න" යි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් හයිඩ් පිටියේ පැවති රැළියකදී පැවසීය. 

මෙම රැළියට විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහභාගි වන බවට කලින් වාර්තා වී තිබුණ ද ඔහු සහභාගි වූයේ නැත. ඔහුගේ මංගල රැළිය වඩා උත්කර්ෂවත් අන්දමින් නාම යෝජනා භාර දීමෙන් පසු පැවැත්වීමට සංවිධායකයන් අදහස් කරන බව වාර්තා වේ. 


ජවිපෙ රැළිය ඇමතූ නායකයන් කීපදෙනෙකු ම පෙන්වා දුන්නේ ජනවාරි 26 ජනාධිපතිවරණය ජය ගන්නා සරත් ෆොන්සේකා 27දා දිවුරුම් දී 28දා පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවයි. 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සභාව හා ස්වාධීන කොමිෂන් සභා පත් කර නිර්පාක්ෂික ජනාධිපතිවරයකු යටතේ පැවැත්වෙන මෙම මැතිවරණයේදී ජවිපෙ සීනුව ලකුණ යටතේ වෙන ම තරග කරන බව ජවිපෙ නායකයෝ පැවසූහ. 



ජවිපෙ රැළිය පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණු නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ රැස්වීමක් පැවැත්වීමට ජවිපෙට ලබා දුන් අවසරය අවලංගු කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළ බව ජවිපෙ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.


"එම රැලිය අවලංගු කරන බව පොලිසිය මීට පෙර අපට දැනුම් දුන්නේ එහි කෝට්ටේ නගර සභාව විසින් සෞඛ්‍ය සායනයක් පවත්වන බව දැනුම් දෙමින්. ඒ නිසා එම සෞඛ්‍ය සායනයට ඉඩ දී අපි රැලිය කොළඹ හයිඩ් පිටිය වෙත මාරු කළා. දැන් අපි නුගේගොඩට ආවේ සෞඛ්‍ය සායනයක් තිඛෙනවාද කියා බලන්න. නමුත් මෙතැන සෞඛ්‍ය සායනයක් නැහැ. පොලීසිය උත්සාය කළේ ආණ්ඩුවේ පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අපේ රැලිය කඩාකප්පල් කිරීමටයි," යි හඳුන්නෙත්ති පවසයි. 

පොදු අපේක‍ෂකයාට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බිය වී රෝගී වී සිටින රාජපක‍ෂ පවුලට මෙරට ජනතාව ජනවාරි 26 වැනිදා ඛෙහෙත් දෙන්නේ යැයිඔහු වැඩිදුරටත් පැවසීය.

පහත ඡායාරූපයේ දැක්වෙන්නේ පොලිසිය කියූ ආකාරයේ සෞඛ්‍ය සායනයක් නො පැවති නුගේගොඩ ආනන්ද සමරකෝන් වේදිකාවයි. 









Read On

සරත් නම් සාමාන්‍ය මිනිසකුගේ නො දුටු රූ

2 comments

(2009 නොවැම්බර් 30 - W3Lanka) කලින් යුද හමුදා නිල ඇඳුමින් හා දැන් දේශපාලක ඇඳුමින් අප දකින ඒ නිලධාරියාගේ, දේශපාලකයාගේ ජීවිතයේ අප නොදුටු පැත්තක් පෙන්වන මේ සේයාරූ අපට හමු වුණේ Day Life වෙබ් අඩවියෙනි.












Read On

සමුළුව තියන්න නාලා එන්නැයි ‍පොදු රාජ්‍ය මණ්ඩලය ලංකාවට කියයි

0 comments


(2009 නොවැම්බර් 30 - W3Lanka) ඡායාරූපයේ අපේ අගමැතිතුමා මේ කදේ වැටී සිටින්නේ ඔහු ම වරෙක කී පරිදි පස්ස නො හෝදන සුද්දකු වන එංගලන්තයේ මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමාරයා සමගයි. ලංකාවේදී සරම බැනියම අඳින අපේ අගමැතිතුමා මේ ටයි කෝට් දාගෙන ගොස් සිටින්නේ පැරණි යටත් විජිත හාම්පුතාගේ ගෙට් ටුගෙදර් එක හෙවත් සුහද හමුව වන පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුවටයි.


2011 පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම ලංකාවේ තැබීම සඳහා 2007දී ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයක් අනුව ලංකාව ගත් උත්සාහය බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල විරෝධය මැද අහිමි වූ අතර ලංකාවට තම මානව හිමිකම් තත්වය නංවාගෙන 2013 රැස්වීම පවත්වන ලෙස යටත් විජිත හාම්පුතුන් දැනුම් දී තිබේ. 

මෙවර පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වුණේ ට්‍රිනිඩෑඩ් සහ ටොබාගෝ රාජ්‍යයේදී ය. 2011 සමුළුව ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙනු ඇත. 



ලංකාවේ පාලකයන්ගේ නොගැඹුරු අධිරාජ්‍ය විරෝධය හේතුවෙන් ලංකාව රාජ්‍යයක් ලෙස පල් වූ මෑත ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය නොවේ.



Read On

නාවික හමුදාව සමග ගැටුණ තරුණයාගේ මරණය ගැන විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක්

0 comments

(2009 නොවැම්බර් 30 - W3Lanka) ත්‍රිකුණාමලය කොඩ් බේ ධීවර වරාය නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු හිටිවනම අතුරුදහන් වූ සිංහල තරුණයකුගේ මිනිය වෙරළට ගොඩගැසීමේ සිද්ධිය පිළිබඳ විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 

මෙම තරුණයා සමග ගැටුණු නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු මේ වන විට ‍මෙම තරුණයා මරා දැමීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. 


බහුදින යාත්‍රා මුරකරුවකු වන කේ.එච්. සමන්ත කුමාර නම් වන මෙම තරුණයා කොඩ් බේ ධීවර වරායේ බහු දින යාත්‍රා මුරකරුවෙකි. ඔහුගේ මරණය සම්බන්ධයෙන්ප්‍රදේශයේ ජනතාව නාවික හමුදාවට එරෙහිව උද්ඝෝෂණය කරයි. 






Read On

රනිල් තානාපතිවරුන් හමු වෙයි

0 comments


(2009 නොවැම්බර් 30 - W3Lanka) විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද උදෑසන ‍කේම්බ්‍රිජ් ටෙරස්හිදී ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයේ රටවල් ඇතුළු සියලු රටවල ම පාහේ තානාපතිවරුන් හමු විය.


මෙම හමුවට එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ද සහභාගි වූ බව වාර්තා වේ.


එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක ලෙස සරත් ෆොන්සේකා තෝරාගෙන තිබියදී සිදු වන මෙ හමුව අතිශය වැදගත් එකකි.



Read On

මට මහළු වයසේ බැරිය දඟ පන්දු පෙර සේ

0 comments

(2009 නොවැම්බර් 30 - W3Lanka) ඉදිරි ලෝක කුසලාන තරගාවලියට පෙර දඟ පන්දු ප්‍රාතිහාර්යය මුත්තයියා මුරලිදරන් පිටියෙන් සමු ගන්නට අදහස් කරන බව වාර්තා වේ. 

ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ දැවැන්ත ම පරාජය ලද දෙවන ටෙස්ට් තරගයේදී මුරලිදරන්ගේ පන්දු යැවීම දුර්වල මට්ටමක තිබිණි. තණ නිල්ල එතරම් වාසිදායක තත්වයක නො තිබුණත්, ඕනෑම තණ නිල්ලක දඟ කැවීමේ ශූරයක් ලෙස කීර්තිමත් මුරලිදරන්ට මෙම තරගය ද ඇතුළු මෑත තරගාවලිවලදී සිය සුපුරුදු දස්කම් පෑමට නො හැකි වීම පිටුපස ඔහුගේ වයස හා ශාරීරික ශක්ති මට්ටම ඇති බව විචාරකයෝ පවසති. මෙහිදී හිටපු ඉන්දීය දක්ෂ දඟ  පන්දු යවන්නකු වන ඒරාපල්ලි ප්‍රසන්න කරන ප්‍රකාශය ඉතා වැදගත් ය. 

ඔහු පවසන්නේ මුරලිගේ පන්දු යැවීමේ දුර පිහිටුවීම හෙවත් ලෙන්ත් නිවැරදිව නො තිබුණු බවයි. එහෙයින් පිතිකරුවන් පසුපාදයේ පහර දෙමින් කට් පහරවල් හා ඩ්‍රයිව් පහරවල් එල්ල කළ බව ද දඟ පන්දු යවන්නකු හැම විට ම පිතිකරු ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීමට පොළඹවා ගත යුතු බව ද ඔහු හින්දු පුවත්පතට පවසා තිබිණි. සෑම ක්‍රීඩකයකුට ම වයසත් සමග මෙය සිදු වන බව ද සැම විට ම එක ම පාලනයකින් පන්දු යැවීමට නො හැකි වන බව ද ඔහු පවසයි.  



Read On

ඉ -ඒෂියා 2009 තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 2දා සිට 4වෙනිදා දක්වා

0 comments


(2009 නොවැම්බර් 30 - W3Lanka) දෙසැම්බර් මස 2දා සිට 4වෙනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉ -ඒෂියා 2009 තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ප්‍රදර්ශනය ජනතාවට නොමිලේ නැරඹීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) පවසයි.

ඝාබාරූපයේ දැක්වෙන්නේ ඉ -ඒෂියා 2009 පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා වීදි සංචාරය කරන විශේෂ බස් රථයයි. අන්තර්ජාලය නොමිලේ පරිශීලනය කිරීමටද මෙම බස් රථය තුල ජනතාවට පහසුකම් සලසා ඇති බව ICTA පවසයි.




Read On

රජයට සහය නො දෙන TMVP දේශපාලන මණ්ඩල තීරණය එක කෝල් එකෙන් ඉවරයි

1 comments

(2009 නොවැම්බර් 30 - W3Lanka) නැගෙනහිර පළාත් සභා පරිපාලනයේ දී යම් යම් අඩුපාඩු තිබුණත් තමන්ගේ න්‍යාය පත්‍රයේ එය දෙවෙනි තැනට දමා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පළමු තැනට ගෙන ක්‍රියා කරන බව නැගෙනහිර මහ ඇමති ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් පවසයි. ඔහු මෙම ප්‍රකාශය කිරීමට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහුට කතා කර තිබේ.

නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ නායකත්වයෙන් සිකුරාදා රැස් වූ දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් TMVP දේශපාලන මණ්ඩලය 15න් 13ක් ලෙස ඡන්දය දෙමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය නො දීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් එඩ්වින් සිල්වා කෛලාසරාජා පැවසූ බව ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර පළාත් සභාව පිහිටවූ දා සිට ම නැගෙනහිර මහ ඇමති පිල්ලෛයන්ගේ බලතල පාලනය කළ අතර, නැගෙනහිර පළා‍තේ සංවර්ධන කටයුතුවලදී හා රැකියා දීම් ආදී කාර්යයන්හිදී ඔහු කොණ් කරන ලදී. පසුගිය වසර එකහමාරක කාලය තුළ තමනට වැඩක් කිරීමට නො හැකි වූ නිසා ජනතාව අතරට යා නො හැකි බව TMVP කලින් කීවේය.




Read On

1919ට ලැබුණ සම්මානය ජනාධිපති අතට

0 comments

(2009 නොවැම්බර් 30 - W3Lanka) ලෝකයේ විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති සදහා සම්මාන පිරිනැමෙන විශ්ව සමුළු සම්මාන උලෙළේදී රටවල් 157ක ව්‍යාපෘති 546ක් අතරින් සම්මාන ලැබූ ඉ -ශ්‍රි ලංකා ව්‍යපෘති දෙකකට හිමි වූ සම්මාන ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත බාර දීම පසුගියදා සිදුවිය. එම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර, ජයන්ත ප්‍රනාන්දු සහ වැඩසටහන් ප්‍රධානී අතුල පුෂ්ප කුමාර සහභාගි වුහ.


රජයෙන් සැපයෙන පුරවැසි සේවා පිළිබද ජනතාවට තොරතුරු ලබා දීමට ක්‍රියාත්මක වන 1919 හෙවත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සම්මාන ලද එක් ව්‍යාපෘතියකි. අනෙක් සම්මානය හිමිව ඇත්තේ ශ්‍රව්‍ය හා දෘෂ්‍යාබාධ සහිත පිරිස් වලට පරිගණක භාවිතය සදහා පහසුකම් සැපයෙන ව්‍යාපෘතියකටය.




Read On

මහ විරු දිනයේ ගිනි තැබුණු කැනඩා පන්සල

0 comments


(2009 නොවැම්බර් 30 - W3Lanka) ඡායාරූපයේ ඇත්තේ කොටි සංවිධානයේ මහ විරු දිනය යෙදුණු නොවැම්බර් 27දා පාන්දර 2ට පමණ ගිනි තබන ලද බව කියැවෙන කැනඩාවේ ටොරොන්ටෝහි සිංහල බෞද්ධයන්ගේ මහා විහාරයයි.


මහ විරු දිනය නිමිත්තෙන් කැනඩාවේදී පැවැත්වූ කතාවක් හේතුවෙන් තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂ සීමන් අත්අඩංගුවට ගෙන වහා සිය කැමැත්තෙන් එරටින් පිට නො වුණහොත් බලෙන් පිටුවහල් කරන බව කැනඩා රජය දැනුම් දුන්නේ ය.


මේ පන්සලට පසුගිය මැයි මාසයේදී ද මෙවැනි ම ප්‍රහාරයක් එල්ල විය. එහෙත් කිසිවකු අත්අඩංගුවට ගැනුණේ නැත.



Read On

ලංකාවට ම සිටින මනෝ වෛද්‍යවරු ගණන මෙන් සිව් ගුණයක් ඇමතිවරු

2 comments

(2009 නොවැම්බර් 30 - W3Lanka) ලංකාවේ ඇමති සංඛ්‍යාව මෙසේයි:


කැබිනට් ඇමතිවරු 50යි
වැඩබලන ඇමතිවරු 01යි
කැබිනට් නො වන ඇමතිවරු 38යි
නියෝජ්‍ය ඇමතිවරු 19යි
එකතුව 109යි 


මීට අමතරව, පළාත් සභා අටක ප්‍රධාන ඇමතිවරු ද ඇතුළත්ව ඇමතිවරු 32ක් සිටිති. ආණ්ඩුකාරවරු 9ක් සිටිති. 

මේ අනුව, ඇමති මට්ටමේ පුද්ගලයෝ 151ක් මේ රටේ සිටිති. රටේ ජනගහණය කෝටි දෙකක් වේ නම්, සෑම 130,000ක් දෙනාට ම එකා බැගින් ඇමතිවරු මේ රටේ සිටිති. 


ලංකාවේ මිලියන විස්සක් වන ජනගහණය සඳහා විශේෂඥ මානසික වෛද්‍යවරුන් සිටින්නේ 35කි. එනම් ලක්ෂ පහකට එක් අයෙකුටත් වඩා අඩුවෙනි. සෞඛ්‍යය සඳහා සිටින ඇමතිවරු සංඛ්‍යාව නම් 09කි.



Read On

ඉන්දියාව ලාංකික ධීවරයන් 68ක් අත්අඩංගුවට ගනියි

0 comments


(නොවැම්බර් 29 - W3Lanka) ඉන්දීය බාහිර ආර්ථික කලාපයේ මසුන් මැරීමෙහි යෙදී සිටි ලාංකික ධීවර යාත්‍රා 13ක් සමග ධීවරයන් 68ක් ඒකාබද්ධ නාවික හා ගුවන් මෙහෙයුමකින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගන්නා ලද පිරිස් හා යාත්‍රා සෙනසුරාදා කාසිමේඩු ධීවර වරාය වෙත ගෙන එන ලදී. වරාය පොලිසිය වෙත භාර දෙන ලද ධීවර පිරිස දැන් රිමාන්ඩ් කර තිබේ. 

තමිල්නාඩු වෙරළට නාවික සැතපුම් 150ක් දුරින් මුහුදේ මසුන් අල්ලමින් සිටි මේ බෝට්ටුවල තිබී මාළු කිලෝග්‍රෑම් 6600ක් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම බෝට්ටුවල සිටින තැන හඳුනා ගැනීමේ හා අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ තිබී ඇත.



මේ වසර තුළදී ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලුවේ ය යන ලාංකික බෝට්ටු 106ක් හා ධීවරයන් 553ක් අත්අඩංගුවට ගන්නා ලද බව ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා නිලධාරි රාජේන්ද්‍ර නාත් පවසයි. මෙම බෝට්ටු අතරින් 130ක් සහ ධීවරයන් 547ක් ආපසු ලංකාවට එවා ඇත. බෝට්ටු 40ක් තවමත් කාසිමේඩු වරායේ ඇත. 




Read On