හයවන ශ්‍රේණියේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම නරක ද? | Is sex education bad for Grade Six?

චීනයේ පළමු ශ්‍රේණියේ ළමුන්ගේ
ලිංගික අධ්‍යාපන පෙළ පොතකින් පිටුවක්
(2010 ඔක්තෝබර් 25, W3Lankaකොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School) හයවෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය එකතු කිරීම ගැන ළමා ආරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි.


බාලවයස්කාර දරුවන් නොමඟ යවන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.


අධ්‍යාපන ඇමතිවරයා ලිංගික අධ්‍යාපනය යන්නෙන් අදහස් කරන්නේ ළමයින්ට නුසුදුසු කිසියම් වලත්ත දෙයක් බව පෙනේ.


එහෙත්, ලිංගික 'අධ්‍යාපනය' නම් එහෙම දෙයක් නො වේ. වලත්ත දේ වන්නේ ඈත අතීතයේ සිට ම ළමා අපචාරකාර වැඩිහිටියන්ගෙන් ළමයින් ඉගෙන ගත් පාඩම් ය. ඒවා ලිංගික අධ්‍යාපනය නො වේ. අයෝග්‍ය ලිංගික අත්දැකීම් ය.


හයවන ශ්‍රේණියේ සිටින නව යොවුන් වියට එළඹීමට ආසන්න දරුවකු සිය සිරුරේ සිදු වන්නට ඉඩ ඇති වෙනස්කම් පිළිබඳ විධිමත් අන්දමින් ඉගෙනීම අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනයකි. විශේෂයෙන් ම, මල්වර වීමට ආසන්න ගැහැනු ළමුන් හට ඒ පිළිබඳවත්, ලිංගික වගකීම් හා සබඳතා පිළිබඳවත් වයසට යෝග්‍ය අධ්‍යාපනයක් අවශ්‍ය ය. එහෙයින් හයවන ශ්‍රේණිය ඇත්තෙන් ම ලිංගික අධ්‍යාපනය සඳහා සුදුසු වයසකි.


ගැහැනු ළමයින් හා පිරිමි ළමයින් අතර ශාරීරික වෙනස්කම්, ගැබ් ගැනීම, ගර්භනී අවධියේ අවස්ථා, දරුවන් ඉපදීම, පවුල් ව්‍යූහය මෙන් ම සුදුසු හා නුසුදුසු ස්පර්ශයන් මොනවාද වැනි කරුණු ළමයි ඉගෙන ගත යුතු ය. මක් නිසා ද, තමන් ආවේ කොහෙන් ද යන ප්‍රශ්නයට කුරුල්ලෙකු විසින් ගෙනත් දමනු ලැබුවා ය යන පිළිතුර හැමදාට ම වලංගු නැති බැවිනි.


ලංකාවේ පාසල් දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා ගැනීමේ මාර්ගයක් නැත. වරක් එක් තරුණ පාසල් ගුරුවරයකු මෙම ලේඛකයාට කී කරුණක් වන්නේ දරුවන් ලැබෙන්නේ අධෝ මාර්ගයෙන් යයි හේ තරුණ වියට ආසන්න වන තෙක් ම සිතා සිටි බවයි. නව යොවුන් වියේ හෝ ඒ ආසන්නයේ ඕනෑ ම ළමයකුට ලිංගික ක්‍රියා හා ප්‍රජනනය ගැන ප්‍රශ්න ඇති වීම ස්වභාවික ය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ළමයකුට ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගත හැකි විධිමත් ක්‍රමයක් නැත.


නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම නිසා ශාරීරික වෙනස්කම් සමග ඇති වන තුතුහලය හේතුවෙන් කරන්නට ඉඩ ඇති අයෝග්‍ය ක්‍රියා හේතුවෙන් ළමයි අමාරුවේ වැටෙති. විශේෂයෙන් ම, ලංකාවේ ලිංගික අධ්‍යාපනය සිදු වන්නේ සම වයස් ළමයින්ගේ ඇසුරෙනි. මෙය ඉතා අවිධිමත්, අවිද්‍යාත්මක ක්‍රමයකි. නිදසුනක් ලෙස ස්වයං වින්දනය පිළිබද එම වයසේ ළමුන් අතර පැතිර ඇති මිථ්‍යා අදහස් හේතුවෙන් ළමුන් විශාල පිරිසක් ජීවත් වන්නේ මානසික ආතතියකින් ය. එසේ ම, ලිංගික අධ්‍යාපනයේ ගැටලු ළමා අපචාර සඳහා ද ඉවහල් වේ.


ඇමති බන්දුල ගුනවර්ධන ලංකාවේ සිටි ප්‍රධාන පෙළේ ටියුෂන් ව්‍යාපාරිකයෙකි. එසේ ම, හිටපු ජාත්‍යන්තර පාසල් හිමිකරුවෙකි. බොහෝ ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන් ලෙස අඩු පඩියට වැඩ කරන තරුණියන් ලිංගික අධ්‍යාපනය වැනි බැරෑරුම් විෂයක් ඉගැන්වීමේ සුදුස්සන් නො වන බව ඔහු හොඳින් දන්නවා ඇත. එහෙත්, එය ජාත්‍යන්තර පාසල් ව්‍යාපාරයේ ගැටලුවක් මිස ලිංගික අධ්‍යාපනයේ ගැටලුවක් නො වේ.


ලංකාවේ පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය සඳහා විධිමත් ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය ය. ඒ සඳහා බලධාරීන් පළමුකොට ම ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුවත් විය යුතු ය.


කොළඹ ජාත්‍යන්තර පාසලේ ළමුන්ට බෙදා දුන් පොත් අතර තිබී එක් මවක හෝ පියකු විසින් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත ඉදිරිපත් කර එහි අධිපතිනිය අවදි කළ මෙම පොත වනාහි ’Introducing Moral Issues’ by Joe Jenkins නම් වේ. 


එහි අන්තර්ගතය පිළිබඳ Sunday Times පුවත්පත පවසන්නේ මෙසේ ය. NCPA Chairman Anoma Dissanayake told the Sunday Times the booklet--’Introducing Moral Issues’ by Joe Jenkins-- explained details of sexual acts, the use of contraceptives, abortion and the methods of making love among a host of other adult material. 


මෙම පොතේ අන්තර්ගතය මෙපමණක් නො වේ. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියට මහජනයා කුපිත කළ හැකි ඉහත සඳහන් කරන ලද පරිච්ඡේද කීපය සමග එසේ යොදා ගත නො හැකි පරිච්ඡේද ද ඇතුළත්ව පරිච්ඡේද 46ක් මේ පොතේ ඇතුළත් ය. අනෙක් පැත්තෙන් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියගේ ප්‍රකාශයේ සඳහන් අප විසින් රතු පැහැයෙන් දක්වා තිබෙන කොටස් ඇත්තෙන් ම එම මාතෘකාවල නැත. එම වචන එකතු කිරීමෙන් ඇය ඇති කරන්නට යන අදහස පිළිබඳ අප සිතා බැලිය යුතු ය. මෙම පොත පිළිබඳ විස්තරයක් ‍සඳහා මෙම පිටුව බලන්න. 


මේ පොත හයවන ශ්‍රේණියේ දරුවන්ට සුදුසු ද, නැද්ද යන්න හෝ ලංකාවට සුදුසු ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ අධ්‍යාපනය සම්බන්ධ විදුවතුන් විසිනි. 


මෙවැනි ප්‍රශ්නයක් මතු වූ විට ළමයින් ආරක්ෂා කරන සැබෑ නිලධාරීන් නම් කරන්නේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නො‍ වේ. ඉවසිලිවන්තව සිද්ධිය පිළිබඳ පරීක්ෂා කර, විද්වත් අදහස් විමසා සුදුසු පරිදි කටයුතු කිරීමයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ශ්‍රී ලංකාවේ මේ පිලිබඳ බුද්ධිමය සංවාදයක් ඇතිවීමට ඇති ඉඩ කඩ එතාමත් අඩුයි. මේ සඳහා මේරු මනසක් සහිත සමාජයක් රටක තිබිය යුතුයි. අපේ රටේ වැඩිහිටියන් සිටියද මනසින් මේරු වැඩිහිටියන් සිටින්නේ ඉතාමත් සුළු පිරිසකි. ඔවුන්ගේ අදහස් ද අනෙකුන්ගේ(බහුතරයගේ) සටන්පාඨ වලින් යටවීම වැළක්විය නොහැක. බුද්ධියට/සාකච්චාවට වඩා හැගීම් වලින් ප්‍රශ්න විසඳීමට තැත් කරනා මිනිසුන් බහුතරයක් සිටිනා රටකින් මෙවැනි දේ පිලිබඳ අසන්නට ලැබීම අරුමයක් නොවේ

    ReplyDelete
  2. ලිංගිකත්වය කියා දෙයක් නොමැත.

    ReplyDelete
  3. Hmmmm.....I hadn't read this book when i read the article on Sunday Times. I really thought, this book was a bad idea. But when I had the opportunity to read it today, and after all, it wasn't bad at all, actually it was really good, even for adults.

    I don't understand why this government is always after unnecessary issues, while much bigger thing are obvious!

    ReplyDelete
  4. "මේ පොත හයවන ශ්‍රේණියේ දරුවන්ට සුදුසු ද, නැද්ද යන්න හෝ ලංකාවට සුදුසු ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ අධ්‍යාපනය සම්බන්ධ විදුවතුන් විසිනි."

    ව්ද්වත්තු කියන අය නේන්නම් මේ ‍ඔක්කොම ප්‍රශ්ණ ඇති කරන්නෙ. එයාලට වැඩේ භාර දුන්නොත් නම් අල කරනව මෙන්න කැට.

    ReplyDelete
  5. දැන් මේක හොඳ නෑ කියල තීරණේ කරල තියෙන්නෙ බන්දුල ලොක්ක නේද? ඉතිං හරිනේ... එයානෙ ලොක්කට පස්සෙ ඉන්න ලොකුම අධ්‍යාපන විද්වතා...

    ReplyDelete
  6. Srilankan students need a sex education.If we think more bad affects will happen because of this...ehenam dan ehema sex education ekak nodee wena ewa hondaida kiyala thama ahanna wenne..

    ReplyDelete
  7. තමන්ට නැති දේවල් අනුන්ට තියෙන කොට ඇතිවන හැගීම කුහක කමකි. ඒත් හැමදේම නැති වූ විට කුහකකම ඇති නොවේ. යම් සමාජ බලයක් ඇති යමක් නැති වූ විට කුහකකම ඇතිවේ.

    ඒ අන්දමින් කිසියම් වූ ලිංගයක් නැති අයකුට ලිංගයක් ඇති එකා කෙරෙහි කුහකකමක් ඇති විය හැකිය. එපමණක් ද? එකී ලිංගය සම්බන්ධයෙන් ලිංගික විද්‍යාවක් ඇතිකර එය සමාජයටම ඉගැන්වීමට යෑමේදී ඇතිවන කුහකකම කෙතරම් නම් සුවිශාලද?

    දැන් සමාජයේ බහුතරයක් ලිංගයක් නැත්තෝ එනම් නපුංසකයෝ ය. රාජ්‍යය වැනි ඒ සමාජයයේ ප්‍රබල ආයතන ද නපුංසකය. ඉතින් කුඩාවුන්ට ලිංගික අධ්‍යාපනයක් ලබාදීමේ උත්සාහයට මේ නපුංසකයන් කුහකවීම පුදුමයක්ද?

    ReplyDelete
  8. ලංකාවට ලංකාවෙ උගත්තු නොමැති වීම තමයි මෙ හැම දෙයකටම හේතුව. පොඩි කාලෙ පෙරදිග උගත්තු වෙන්න ඉගෙනගෙන.. ලොකු වෙද්දි බටහිර උගත්තු වෙනවා. ඉට පස්සෙ කලවමක් මෙතන යන්නෙ. සුද්දන්ගෙ වත් නැහැ මෙච්චර විකෘති සංස්කෘතියක්, හැබැයි මෙක ඉස්සර තිබිලත් නැහැ.

    පවු ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිගෙ මහත්තයා...

    ReplyDelete
  9. අපිට ලිංගික අධ්‍යාපනය විතරක් මදි.. ප්‍රයෝගික පරික්ෂණ සදහා විද්‍යාගාරත් ඔන!!!

    === පවුල් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිගෙ පුතා ===

    ReplyDelete
  10. වයස අවුරුදු දොලහක දැරියකට තමන්ගේම තමාට වඩා දෙවසරක් වැඩිමහළු සහෝදරයා නිසා දරුවකු ලැබුනු පුවතක් පුවත් පතක තිබුනේ මේ නොබෝදාය.
    සොහොයුරාගෙන් පොලීසිය ප්‍රශ්න කරද්දී ඔහු පවසා තිබුනේ තම නැගණිය හා එලෙස හැසිරීමෙන් දරුවකු බිහිවිය හැකි බව තමන් නොදැන සිටි බවලු.දැරියගෙන් රෝහලේදී හෙදියන් 'ගුරුවරු මෙහෙම වෙන බව කියල දීලා නැද්ද'යි ඇසූවිට ඇගේ පිලිතුර උනේ කියලා දුන්නා.ඒත් ඊට පස්සෙනේ යනුවෙන්ලු.

    දැනුවත් කිරීම් මඟින් ඉතා පහසුවෙන් වලක්වාගත හැකිව තිබුනු මෙවන් අනවශ්‍ය දරු උපත් වලින් වැලකීමට නම් කලයුත්තේ කුමක් දැයි වටහා ගත නොහැකි ලමා ආරක්ශක අධිකාරියකින් ඇති ඵලය කුමක්ද..??

    මට තවත් ප්‍රශ්නයක් තියනවා. මේ දැරිය දීපු පිලිතුරේ හැටියට ලංකාවේ සාමාන්‍ය පාසල් තුල 6 හෝ 7 වසරවලදී ලිංගික අධ්‍යාපනයක් ලබාදෙනවා යැයි මට හැඟුණි.මන්ද යත් ඇය දොලොස් හැවිරිදි හෝ දහතුන් හැවිරිදි දැරියක් බව පුවත් පතේ තිබුණු නිසයි.නමුත් පහලොස් හැවිරිදි සහෝදරයා නම් කියා තිබුනේ තමන් කිසිවක් නොදැන සිටි බවයි.
    එහෙමනම් ජාත්‍යාන්තර පාසලකට තංචි දමන්නේ ඇයි ද යන්නත් ප්‍රශ්නයක්..??

    ReplyDelete
  11. ඇත්තටම ලිංගික අධ්‍යාපනයට අකමැතිනම් මේ පොත විතරක් තහනම් කරලා මදි. මෙගා ස්ටාර් වේදිකාවේ උපෙක්ෂා ස්වර්ණමාලිට නටන්න දීමත් තහනම් කරන්න ඕනා. දරුවන් සමඟ නිවසේ ඉදගෙන බලන රූපවාහිනිය වගේ මාධ්‍යයක ලිංගික දර්ශන ඉදිරිපත්කිරීම කොච්චර නොහොබිනා වැඩක්ද?
    - රනිල් -

    ReplyDelete
  12. this is taboo's area, why do you want to bother about it

    ReplyDelete
  13. අනේ බොල රනිලෝ ...තොපි ඉතින් චිත්‍රපටියක නළුවා නිලියගේ බෙල්ල ඉම්ඹත් ඒක වැඩිහිටියන්ට පමණයි කියල ලේබල් කරන උන්නේ....උඹලත් එක්ක මොන කතාද?

    ReplyDelete
  14. මේ ෆොටෝ එක බලන්න..පොඩි ළමයින්ට තියන කුතුහලය..
    http://i55.tinypic.com/2ltgg7p.jpg

    ReplyDelete
  15. The Chairperson of the Child Protection Authority wants to continue the present practice on sex education...that is to learn from their abusers...

    ReplyDelete
  16. Thanks you for given the link to that book. I wonder why this so called education geniues are challenging this book.This must be the real education to be given our students.Kids must learn to think whats wrong & right. we must only guide them. Not to force them. If You try to hide some thing they will try to find it due to curiosity.

    ReplyDelete
  17. හරි නම් කලයුතුව ඇත්තේ රජයේ පාසල් වලද පෙල පොත් වලට ලිංගික අධ්‍යාපනය ඇතුළු කිරීමයි.අපේ රටේ කාලයක සිට නටන නාඩගම විකාරයකි. දැන උගත් යයි කියාගන්නා පිරිසක් බොරු සදාචාරයක් මවාගෙන සංස්කෘතිය හා සදාචාරය රකිනවායයි කියා සියළුම දේ කෙලවරක සිට තහනම් කරගෙන යාමේ ව්‍යාපෘතියක නියැලී සිටියි.
    තහනම හරහා වන හොඳක් නැත. විවෘත සංවාදයම සුදුසු බව බොහෝ දෙනෙකුට තවම අවබෝධවී නොමැත. ලංකාවේ පවුල් අවුල් වැඩිවී ඇතිබව පෙන්වන සමීක්ෂණ වාර්තා ගැන නිතර අසන්නට ලැබේ. එහෙත් විවාහ දිවියට පෙර කෙල්ලෙකුට කොල්ලෙකුට නිදහසේ කතා බහ කිරීමටවත් නිදහසක් නොමැත. පොලීසියෙන් පැමිණ කුදලාගෙන යයි. පොඩි එකාට එසේ වුවද, ලොකුම ලොක්කන්ගේ පුතාලා රාත්‍රී සමාජ ශාලාවල හැසිරෙන ආකාරය නිතරම අන්තර්ජාලයෙන් දැකගත හැක.
    එතෙකුදු කෙලවරක් නැත. ඔය මුලින් කී අධිකාරිය වයස 16 දී විවාහ කිරීමට නීතිමය අවසරය ලබාදීමට අද්‍යයනය කරමින් සිටියි. තමන්ගේ සිරුර ගැනවත් අධ්‍යාපනයක් නැති එවුන් විවාහ කරදීමෙන් මේ අඳබාලයන් සැරසෙන්නේ කුමටද යන්න ප්‍රහේළිකාවකි.
    රටේ පාලකයින් හා අධ්‍යාපනවේදීන් යැයි කියා ගන්නා පිරිස් කරනා මේ විගඩමෙහි අර්තයක් නැත. එපමනක් නොව, රටේ සමස්ත වැඩිහිටි පරපුරෙන් වැඩි පිරිසකටද මේ කාරණය ගැන අවබෝධය ඉතා අඩුබව කිවයුතුය. දැන් සියවසක් පමණ ගත්වී ඇතත්, බර්ට්‍රන්ඩ් රසල් විද්වතා විසින් ලියන ලද Marriage and Morals අපේ රටේ උසස් පෙළ පාසල් දරුවෙකු අත තිබුනහොත්, එය අසභ්‍යය කෘතියක් ලෙස හංවඩුගසා දඬුවම් ලබාදෙන බව නම් මට සහතිකය.
    ඉක්මන් නොකල හොත් මේ ප්‍රශ්න කොතනින් නවතීදෝයි උඩ සිටිනා දෙවියන්ටවත් කිවනොහැකි බව මාගේ අවංක අදහසයි....

    ReplyDelete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  19. I think a major issue in teaching sex education at primary level is the language. The english lanugae is ariculate enough to teach the sex education, without extending itself into the boundaries of vulagarity and the menings are simple enough. on the contrary the sinhala language, sex language is almost difficulat to be undersatood by the primary students, and these words have become " inclined towards" vulgarity by ther wrong use of wrong people.
    In english without making an issue, one can use "making love", " penis", "vagina" etc. But in sinhala even the most cultured words are ( Ramanaya, Purusha linguwa, Yoniya) , are some what taboo words and are not used in public.

    A request: I would like to read taboosubjects writing on this topic in his blog.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා