Posts

Showing posts with the label ලිංගික අධ්‍යාපනය

බාල වයස්කාර ගැබ් ගැනීම්, ලිංගික අධ්‍යාපනය හා සමාජ ආකල්ප

Image
(මෙම ඡායාරූපය හා අදාළ පුවත අතර ඍජු සම්බන්ධයක් නැත.) (2011 පෙබරවාරි 03,  W3Lanka ) බාලවයස්කාර දැරියන්ගේ ගැබ් ගැනීම් 15ක් ජනවාරි මාසයේ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වාර්තා කරයි. මෙම ගැබිනි දැරියන් වයස අවුරුදු 14 – 16 අතර වන බව ද ඔවුන් පිළිබඳ වාර්තා වී ඇති ප්‍රදේශ කීපයක් ලෙස වව්නියාව, බද්දේගම, ගම්පහ, අලව්ව, ගම්පොළ, ඇල්පිටිය, පිටිගල, ලුණුවිල, වෙන්නප්පුව, අවිස්සාවේල්ල, ග්‍රෑන්ඩ්පාස් නම් කර තිබේ. දරුවෙකු බිහිකිරීමට යෝග්‍ය නොවන වයසේ පසුවන තිස්‌ දහසක්‌ පමණ වසරකට ගැබ් ගන්නා බව සමීක්‍ෂණයකදී හෙළවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. වයස අවුරුදු 20 ට අඩු කාන්තාවන් ගැබ් ගැනීමට සුදුසු මානසික මට්‌ටමකින් හා දරා ගැනීමේ හැකියාවකින් යුක්ත නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙසේ අඩු වයසින් ගැබ් ගන්නා දැරියන් දෙස සමාජය බලන්නේ වපර ඇසින් වන අතර නියත වශයෙන් ම ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ. බොහෝ විට විවාහ ජීවිත ද අසාර්ථක වන අතර බොහෝ දැරියන්ගේ ජීවිත මුළුමනින්ම කාලකන්නි වී යයි. මේ තත්වය වළක්වා ගැනීම සඳහා එක් මාර්ගයක් වන්නේ නව යොවුන් වියට එළඹෙන...

හයවන ශ්‍රේණියේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම නරක ද? | Is sex education bad for Grade Six?

Image
චීනයේ පළමු ශ්‍රේණියේ ළමුන්ගේ ලිංගික අධ්‍යාපන පෙළ පොතකින් පිටුවක් ( 2010 ඔක්තෝබර් 25,  W3Lanka )  කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School) හයවෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය එකතු කිරීම ගැන ළමා ආරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි. බාලවයස්කාර දරුවන් නොමඟ යවන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසූ බව ද එම වාර්තාවේ සඳහන් වේ. අධ්‍යාපන ඇමතිවරයා ලිංගික අධ්‍යාපනය යන්නෙන් අදහස් කරන්නේ ළමයින්ට නුසුදුසු කිසියම් වලත්ත දෙයක් බව පෙනේ. එහෙත්, ලිංගික 'අධ්‍යාපනය' නම් එහෙම දෙයක් නො වේ. වලත්ත දේ වන්නේ ඈත අතීතයේ සිට ම ළමා අපචාරකාර වැඩිහිටියන්ගෙන් ළමයින් ඉගෙන ගත් පාඩම් ය. ඒවා ලිංගික අධ්‍යාපනය නො වේ. අයෝග්‍ය ලිංගික අත්දැකීම් ය. හයවන ශ්‍රේණියේ සිටින නව යොවුන් වියට එළඹීමට ආසන්න දරුවකු සිය සිරුරේ සිදු වන්නට ඉඩ ඇති වෙනස්කම් පිළිබඳ විධිමත් අන්දමින් ඉගෙනීම අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනයකි. විශේෂයෙන් ම, මල්වර වීමට ආසන්න ගැහැනු ළමුන් හට ඒ පිළිබඳවත්, ලිංග...