හයවන ශ්‍රේණියේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම නරක ද? | Is sex education bad for Grade Six?
චීනයේ පළමු ශ්‍රේණියේ ළමුන්ගේ ලිංගික අධ්‍යාපන පෙළ පොතකින් පිටුවක් ( 2010 ඔක්තෝබර් 25, W3Lanka ) කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School) හයවෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය එකතු කිරීම ගැන ළමා ආරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි. බාලවයස්කාර දරුවන් නොමඟ යවන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසූ බව ද එම වාර්තාවේ සඳහන් වේ. අධ්‍යාපන ඇමතිවරයා ලිංගික අධ්‍යාපනය යන්නෙන් අදහස් කරන්නේ ළමයින්ට නුසුදුසු කිසියම් වලත්ත දෙයක් බව පෙනේ. එහෙත්, ලිංගික 'අධ්‍යාපනය' නම් එහෙම දෙයක් නො වේ. වලත්ත දේ වන්නේ ඈත අතීතයේ සිට ම ළමා අපචාරකාර වැඩිහිටියන්ගෙන් ළමයින් ඉගෙන ගත් පාඩම් ය. ඒවා ලිංගික අධ්‍යාපනය නො වේ. අයෝග්‍ය ලිංගික අත්දැකීම් ය. හයවන ශ්‍රේණියේ සිටින නව යොවුන් වියට එළඹීමට ආසන්න දරුවකු සිය සිරුරේ සිදු වන්නට ඉඩ ඇති වෙනස්කම් පිළිබඳ විධිමත් අන්දමින් ඉගෙනීම අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනයකි. විශේෂයෙන් ම, මල්වර වීමට ආසන්න ගැහැනු ළමුන් හට ඒ පිළිබඳවත්, ලිංග...