රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝගයක් -2; දොස්තර මහත්වරුන්ට පීඩිත පංතියේ ප්‍රතිචාරය

(2010 ඔක්තෝබර් 16, W3Lankaවැටුප් විෂමතා වැඩි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමට විරෝධය පළ කරමින් අපි සටහනක් තැබුවෙමු. එය මෙසේ ය:




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝගයක් | A challenge to Government Medical Officers' Association of Sri Lanka


සමාජ විෂමතා අවම කිරීම සඳහා කටයුතු කිරීම ඕනෑම සමාජවාදියකුගේ ප්‍රතිපත්තියයි. ලංකාව විසින් අනුගමනය කරනු ලබන රටක් වන චීනයේ පවා මේ වනවිට ප‍්‍රකාශයට පත්වී ඇති නව පස්-වස් සැලැස්මෙන් එරට ආර්ථික වර්ධනය තවදුරටත් ඉහළ නැංවීමට වඩා ඇති නැති පරතරය අවම කිරීම සඳහා අවධානය යොමු කර ඇත.

එහෙත්, වෛද්‍යවරයාත්, අඩු අධ්‍යාපන මට්ටමක සිටින සනීපාරක්ෂක කම්කරුවාත් යන දෙදෙනා ම එක ම මිනුම් දණ්ඩකින් මැනීම සමාජවාදය යයි අපි නො සිතන්නෙමු. 



ලිපිය ලිවීමේදී බලාපොරොත්තු වූ අන්දමින් ම වෛද්‍යවරුන් පරළ වී, නන් දොඩවන්නට පටන් ගෙන ඇති බව ලිපියට ලැබී ඇති ප්‍රතිචාර කියවා බලන විට පෙනේ.


අප මෙම බ්ලොගයෙන් රටේ විවිධ වෘත්තීන්හි යෙදෙන කණ්ඩායම් දැඩි ලෙස විවේචනය කර තිබේ. අපගේ වැඩි ම විවේචනයට ලක් වූයේ දේශපාලකයෝ, පොලිස් නිලධාරීහු, මාධ්‍යකරුවෝ හා පොදුවේ රාජ්‍ය සේවකයෝ ය. එහෙත් මෙම ක්ෂේත්‍රවල කිසිවෙක් තමන්ගේ වෘත්තියේ සිටින සියලු දෙනා අති විශිෂ්ටයන් බැවින් කිසිවකුගේ විවේචනයට ලක් නො විය යුතු බව කියමින් 'මං මෙහෙමයි වැඩ කරන්නෙ, හෙණ ගහනව බනින තොපට, මේක තමයි ඉරිසියාව' ආදී දේ කියමින් අපට බැන වැදුණේ නැත.


තම කාර්යය උපරිමයෙන් කරන අය ඕනෑම වෘත්තියක සිටිති. යුද්ධයකදී සොල්දාදුවකු ‍හෝ සාම වකවානුවක යුද්ධයෙන් ඉතිරි වූ බිම් බෝම්බ ඉවත් කරන්නකු හෝ සිය වෘත්තිය උපරිමයෙන් කරන්නේ තම ජීවිතය පරදුවට තබා ය. එය වෛද්‍ය වෘත්තියට පමණක් සීමා වූ විශේෂ තත්වයක් නො වේ. එහෙත්, ලංකාවේ අකාර්යක්ෂම රාජ්‍ය අංශයේ සාමාන්‍ය තත්වය වන්නේ එහි බහුතරය අයිස් ගහන, සෑහෙන්න නිවාඩු ගන්නා, සිය සේවාදායකයන් කරදරයට පත් කරන, හරියට වැඩක් කරන්න‍ට නො දත්, දූෂිත පිරිසක් බවයි.


මෙම තත්වය රජයේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් වෙනස් වේ යයි සිතන්නට හේතු වන කිසිදු කරුණක් අපට නම් දක්නට නැත. එහෙම වුණා නම් ලංකාව මේ තරම් ලෙඩ්ඩුන්ගෙන් පිරි රටක් වන්නේ නැත. එහෙත්, මෙහි ප්‍රතිචාර දක්වන වෛද්‍යවරු කිහිප දෙනෙක් එසේ නො වන බව පෙන්වීමට අසාර්ථක උත්සාහයක් දරති.


ඔවුන් ඇතැමෙක් තමන් රෝහල්වල වැඩ කරන ආකාරය පෙන්වා දෙමින් සමස්ත තත්වය එසේ බව කියන්නට වෙර දරති. තම කාර්යභාරය උපරිමයෙන් කරන වෛද්‍යවරු සිටින බව ඇත්තකි. එහෙත්, සියලු දෙනා මෙහි සටහන් තබා ඇති වෛද්‍යවරුන් කියන අන්දමින් වැඩ කරති නම්, සවස හතරේ සිට ප්‍රතිකාර සේවය අරඹන, රජයේ සේවයේ නියුතු බව ප්‍රසිද්ධියේ සටහන් කරන වෛද්‍යවරුන්ට හිමි වෛද්‍ය කඩ මෙතරම් කන්දරාවක් හන්දියක්, හන්දියක් ගානේ බිහි විය නො හැක.


වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ අපගේ කිසිදු විරෝධයක් නැති බව ද විරෝධය ඇත්තේ වැටුප් විෂමතා වැඩි කරන්නැයි කරන ඉල්ලීමට බව ද අපි පැහැදිලිව සඳහන් කළෙමු. එහෙත්, අදහස් දක්වන කිසිවෙකු මෙකී කාරණය සැලකිල්ලට ගන්නට අසමත් වී ඇත. ඔවුන් කතා කරන්නේ වෙන කාරණා ගැන ය. 


අදහස් දක්වන්නන් කියන්නේ ම (සියලු) වෛද්‍යවරුන් හොඳින් වැඩ කරන බවයි. තමන්ගේ රැකියාව හරියට කරන බව අවධාරණය කරන්නට මේ රටේ රජයේ සේවකයකුට සිදු වීම විසින් රජයේ සේවයේ තත්වය නිරූපණය කරනු ලැබේ. ඔබ යම් වේතනයක් මත කිසියම් වෘත්තියක් කරන්නේ නම්, ඔබ එම වෘත්තියට අදාළ කටයුතු හරියට කිරීමට බැඳී සිටියි. මම හරියට වැඩ කරනවා යි කියා කියන්නට දෙයක් නැත. ඔබ හොද මිනිසකු නම් ඔබ එසේ කළ යුතු ව ඇත. රජයේ සේවයේ කළමනාකරණ ගැටලු නිසා ඔබ එසේ නො කළත් ඔබට ගැටලුවක් මතු නො වන තත්වයක් ඇත. 


ඔබ විසින් කළ යුතුව ඇති කටයුතු ඔබ නො පිරිහෙළා ඉටු කරන බව කියමින් වේතනයට අමතරව ගරු බුහුමන් හා සමාජය ඔබට ණයගැති වීම අපේක්ෂා කරන්නේ නම් ඔබ අඥාණයෙකි.  හරි හැටි වැඩ නො කර හොර කොටන බහුතරයක් මැද හරි හැටි වැඩ කරන්නා කැපී පෙනීම හා සේවාදායකයන්ගේ බුහුමනට ලක් වීම සාමාන්‍ය තත්වයකි. එහෙත්, බුහුමන් අපේක්ෂා කිරීම වෙනත් ආකාරයකින් පගා ගැනීමකි.


අප සටහනට ප්‍රතිචාර දැක්වූ ඇතැම් වෛද්‍යවරුන් තමන් වැඩ කරන ආකාරය පිළිබඳ කරන ප්‍රකාශ සැක කිරීමේ උවමනාවක් අපට නැත. එවැනි වෛද්‍යවරුන් සිටින බව අපි දනිමු. එහෙත්, එම තත්වය සියල්ලන්ට සාධාරණ යයි සලකා වෛද්‍ය සේවය විවේචනය නො කරන ලෙස ඉල්ලා සිටීම, වැටුප් විෂමතා වැඩි කරන ලෙස කරන ලද ප්‍රතිගාමී ඉල්ලීම පිළිබඳ කතා නො කර සිටීම හා සියලු විවේචකයන් ඉරිසියාකාරයන් ලෙස හැඳින්වීම විසින් ඔවුන් විසින් ද නිරූපණය කරනු ලබන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාන්‍ය තත්වයකැයි අප හඳුනා ගන්නා හීනමානයයි.


වෛද්‍යවරුන්ට තම වෘත්තිය සමාජමය වශයෙන් නවීකරණය කර ගැනීමට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ භාවාතිශය නො වී, විවේචනවලට මුහුණ දෙමින්, සුදුසු පරිදි වෙනස් වීමයි. නො එසේව, 'අප උඹලාගේ ජීවිත බේරා ගන්නා නිසා අපව විවේචනය කරන්න එපා ,' වැනි ඉල්ලීම් කිරීම අතිශය ප්‍රතිගාමී කාර්යයකි. 'උඹගේ අම්මා හාට් ඇටෑක් එකක් හැදිලා රෑ දෙකට රොහල්ගත කළ විට තේරෙයි', 'you assholes might go thru the same one day' වැනි ප්‍රකාශ තුළ සැඟවුණ තර්ජනයක් ඇත. මෙවැනි සටහන් තැබූ පසු රෝහල්ගත වන්නට සිදු වුවහොත් ඔබට කරදර වන්නට ඉඩ තිබේ යයි ඇතැම් මිතුරෙක් අනතුරු අඟවයි. එහෙත්, වෛද්‍ය වෘත්තිය එවැනි මාෆියා මට්ටමට ඇද වැටී ඇතැයි අපි විශ්වාස නො කරමු. එසේ ම, තමන්ගේ හෝ තම ප්‍රියයන්ගේ මරණය යනු කෙසේ හෝ කල් දමා ගත යුතුව ඇති දෙයකි ය කියා මෙම ලේඛකයා විශ්වාස නො කරන බව ද, අතිශය පෞද්ගලික කාරණයක් වුව, කිව යුතු ය.


ලංකාවේදී වෛද්‍ය වෘත්තිය හුදු වෘත්තියක් නො වේ. එය පංතියකින් හෝ සමාජ ස්ථරයකින් හෝ තවත් පංතියකට හෝ සමාජ ස්ථරයකට හෝ ගොඩ වීම සඳහා ඉනිමඟක් බවට පත් කරගෙන තිබේ. මෙය වෙනත් වෘත්තීන්හි ද සිදු නො  වන්නක් නො වේ. එහෙත්, වෛද්‍ය වෘත්තිය හුදු සමාජ ඉනිමඟක ම තත්වයට පත් කර ගැනීම වෛද්‍ය සේවයට අහිතකර ය. මෙය විශේෂයෙන් අදාළ වන්නේ ගැමි සම්භවයක් ඇති මධ්‍යම පංතියටයි. නාගරික ඉහළ මධ්‍යම පංතියට ගොඩ වීම සඳහා වෛද්‍ය වෘත්තිය ඉනිමඟක් කරගෙන තිබෙන ප්‍රධාන බලවේගය ඔවුහු ය. 


වෙනත් වෘත්තීන්හි එතරම් ප්‍රදර්ශනාත්මක සරුකමක් දක්නට නැති ගම්බද පෙදෙස්වල මිනිසුන්ට දොස්තර මහත්තයා යනු විශ්ව විද්‍යාලයෙන් පිට වී ටික දිනකට පසු මෝටර් රථයක් මිළ දී ගන්නා, හන්දියේ වෛද්‍ය සේවා අලෙවි ස්ථානයක් විවෘත කර දිවා රෑ වෙහෙසී මුදල් උපයා, කොළඹින් ගෙයක් හදාගෙන, ළමයින් අගනුවර පාසල්වලට දමාගෙන,  ටික කලකට පසු විදේශ රටක පදිංචියට යන්නට නියමිත, අද සමාජය හිතන හැටියට සාර්ථක ජීවිතයක් ගත කරන්නෙකි. 


මේ රටේ මහජන මුදලින් අධ්‍යාපනය ලබා රජයේ සේවයට බැ‍ඳෙන වෛද්‍යවරු සිය වෘත්තීය හා ව්‍යාපාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ද මහජන මුදලින් විශාල පිරිවැයක් බලාපොරොත්තු වෙති. ඒ මහජන මුදලින් වෛද්‍ය වෘත්තියේ ආර්ථික පදනම සුරක්ෂා කර තබාගෙන, ලාභ ගරා ගත හැකි පෞද්ගලික ව්‍යාපාර ද පවත්වා ගෙන යා හැකි වටපිටාවක් නඩත්තු කරනු පිණිස ය. 



මෙය වනාහි මහජන මුදලින් පාඩු පියවන රජය නම් සමාගම මත කඳ පණුවන් සේ වැඩෙන නව ප්‍රතිගාමී ධනවත් පංතියේ ම පහළ ස්ථරයේ නිරූපණයකි. මෙම පංතිය බලවත් වීම පරිවාරයේ රටවල ධනවාදයේ නව ස්වරූපයක් වන අතර මෙම පංතියේ අවමනාවන් නිර්ධන පංතියට මෙන් ම ධනපති පංතියට ද අහිතකර වේ.


මහජනයාගෙන් අය කරන බදු මුදල් වැය කර ලබා දෙන වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ දුක් විඳින පීඩිත ජනයා සුවිසල් ශ්‍රමයක් කැප කර ඇති බව මෙරට බොහෝ වෛද්‍යවරු අමතක කරති. ඖෂධ නාමය වෙනුවට වෙළඳ නාමවලින් බෙහෙත් නියම කරන බොහෝ වෛද්‍යවරු බහු ජාතික ඖෂධ සමාගම්වල තැරැවිකරුවන් ලෙස සේවය කරමින් මේ රටේ පීඩිත ජනයා සූරා කෑමට එම සමාගම්වලට උදව් කරති. 


‍වෛද්‍යවරුන්ගෙන් විශාල ප්‍රතිශතයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලෙස සැලකීමෙහි වරදක් නැත. ඔවුහු අද මෙරට පවතින වෙළඳපොල ධනවාදයේ ප්‍රධාන බලවේගයකි. එහෙත්, සිය වෘත්තිය ලිබරල්කරණය වීමෙන් හා ශ්‍රම වෙළඳපොලට විවෘත වීමෙන් ආරක්ෂා කර ගැනීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක් දරති. 


මේ උත්සාහය ලෙඩකදී දුකකදී මේ රටේ දුප්පත් ජනයාට අතිශය පීඩාකාරී වී තිබේ. ලංකාවේ වැසියන් හා වෛද්‍යවරුන් අතර අනුපාතය 1800:1ක් බව වාර්තා වේ. මෙය ඉන්දියා‍වේ හා පකිස්ථානයේ අනුපාතයට වඩා පහළ මට්ටමකි.  


වෛද්‍යවරුන් සුලබ වීම පීඩිතයන්ගේ පැත්තෙන් හොඳ ය. අනෙක් පැත්තෙන්, ලංකාවේ වෛද්‍යවරුන් කෙතරම් හොඳ වුණත්, මෙරට සමාජය රෝගී සමාජයකි. දියවැඩියා, අධි රුධිර පීඩන, හෘදයාබාධ, පෙනහළු ආබාධ ආදියෙන් පීඩා විඳින ලාංකීය මහජනයාට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් අවශ්‍ය ය. වෛද්‍යවරුන් බිහි වන්නේ කුමන ආකාරයෙන් ද යන්න පීඩිත ජනයාට වැදගත් වන්නේ නැත. ඔවුන් බිහි වන්නේ මෙරට රජයේ විශ්ව විද්‍යාලයෙන් ද, පෞද්ගලික වශ්ව විද්‍යාලවලින් ද, නැතිනම් පිටරටින් ද යන්න පීඩිතයන්ගේ ප්‍රශ්නයක් නො වේ. වෛද්‍ය උපාධිධාරීන්ගේ වෘත්තීය මට්ටම තක්සේරු කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හෝ වැඩක් නොව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයකි. 


සෞඛ්‍ය සේවය පුළුල් විය යුතු ය. එ‍හිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තිකයන්ගේ වෘත්තීයමය තත්වයන් දියුණු විය යුතු ය. හෙද සේවයේ සිටින පිරිමි හෙද නිලධාරීන් හෙද උපාධිය හැදෑරීමේදී ප්‍රසව හා නාරිවේද සායනික පුහුණුව ලැබීම වැළැක්වීමට වෛද්‍ය සංගමය ඉදිරිපත් කරන පහත සඳහන් තර්කය සුදුසු වන්නේ ඉරානය වැනි මූලධර්මවාදි රාජ්‍යයන්ටයි. 


The GMOA says that 95 per cent of the nurses in the State run hospitals are women and they can attend to the maternity needs of women. Pregnancy and confinement were of very personal nature to a mother and her privacy should be safeguarded, the GMOA said. (The Island, October 16, 2010) 


සෞඛ්‍ය අංශයේ සෙසු සේවාවන්ගේ වෘත්තීය තත්වය දියුණු වීම පිළිබඳ වෛද්‍යවරුන් විරුද්ධ විය යුත්තේ ඇයි? එසේ දියුණු වීම වෛද්‍යවරුන්ට සිය වෘත්තිය සඳහා පහසුවක් නො වන්නේ ද? වෛද්‍යවරුන් මහන්සි විය යුත්තේ තම වෘත්තියේ තත්වය දියුණු කර ගැනීමට මිස සෙසු වෘත්තීන් සංවර්ධනය වීම වැළැක්වීමට නො වේ. 


එසේ ම, වෛද්‍ය සේවයට ඇතුළත් වීමට මහජනයාට ඇති ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම ප්‍රගතිශීලී කාර්යයකි. නිපුණ සෞඛ්‍ය සේවකයන් හා වෛද්‍යවරුන් සුලබ වීම හොඳ සෞඛ්‍ය සේවාවක් රජයෙන් ලබා ගැනීමට හා මිළ දී ගත හැකි මට්ටමේ සෞඛ්‍ය සේවා පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට ඉවහල් වනු ඇත. එබැවින් වෛද්‍ය වෘත්තිය වටා ඇති සංරක්ෂණවාදී වැට කඩුළු ඉවත් කළ යුතු ය. 


ඒ හේතුවෙන් වෛද්‍ය වෘත්තියේ ගුණාත්මකභාවය ද ඉහළ යනු ඇත. වෙනත් වෘත්තික සේවාවන්හි මෙම තත්වය ඇති වූ අතර අද වන විට වෙනත් ක්ෂේත්‍රවල උසස් මට්ටමේ වෘත්තිකයෝ උදේ සිට රෑ දෙගොඩහරියක් වන තෙක් විවේකයක්, විනෝදයක් නොමැතිව, දරු පවුල්වලින් ඈත්ව, අතනින් මෙතනට දුවමින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරමින් මුදල් උපයන වෛද්‍යවරුන් මෙන් නො ව, තමන් කරන රැකියාවෙන්, වඩා පහසුවෙන් හොඳ වැටුපක් ලබති. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එහි සාමාජික භවතුන් කෙතරම් සංරක්ෂණවාදී වුවත් ලෝකය වෙනස් වීම නැවැත්වීමට ඔවුන්ට බැරි වනු ඇත. එහෙයින් කළ යුතුව ඇත්තේ මහජන මුදලින් නඩත්තු වන රජයේ ආරක්ෂාව බලා නො සිට, වෙනත් වෘත්තික අංශ මෙන්, විවෘත, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ සිය වෘත්තීය තත්වය දියුණු කර ගන්නා ආකාරය සැලසුම් කර ගැනීමයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ලංකාවේ බහුතර මෝඩයින්ට ඔබ කියන සත්‍යය අවබෝධ කරගත නොහැක.නොමිලේ Medical faculty ගියේ සිරියාවතීලා අරාබියේ කඹුරා හම්බ කරන මුදල් වලින් බව වෛද්‍යවරු නොදන්නේද? පිටරට වෛද්‍යවරු ඉගෙන ගන්නේ student loan අරගෙනයි පසුකලක රැකියාව කර අමාරුවෙන් එය ගෙවා දමයි. වැඩවසම් වෛද්‍යවරු සිටින ලෝකයේ එකම රට ලංකාවයි.සිරියාවතීලා අරාබියේ කඹුරා හම්බ කරන මුදල් වලින් නොමිලේ ඉගෙන ගෙන සිරියාවතීගේ සනීපාරක්ෂක කම්කරු සැමියාට වඩා මාර වැටුප් විෂමතාවක් තමාට තිබිය යුතුයැයි සිතීම විකාරයකි.

    ReplyDelete
  2. yes yes very true only doctors getting the free education.......... lawers teachers politician and accutants and journerlist educated by their ammage appage budalen and taking student loan--

    ReplyDelete
  3. I read your previous article and confused about the comments which I believe to have came out from the doctors around the web. As long as I understand, they seems to have a big problem with other professions and seems they believe they are on the only profession which worth higher rate of salary. I used to be at government health sector over 5 years ago and it was a house of thieves from top to bottom all the way. Most of the officers were trying to take away something which never belonged to them. I'll just talk about the MO's here...

    I agree that some surgeons and doctors who are working on base hospitals are worth paying higher salary, but 90% of the doctors which are working on district and rural hospitals are just cheating. As some of the commenters mentioned on your previous writing and according to my experience in the central province, Lot of doctors which should be on the hospitals are on there PPU's most of the time. Some are having PPU's on there government quarters and they are there during their duty hours. They only visit admitted patients 2-3 times a day and the rate of admitted patients for number of beds is mostly 1:5. I believe that hasn't change much still... And yet the doctors ask for more..

    Have you ever noticed the sign board of a doctor's private practice unit? Most of them says that the doctor is there from 4pm to 8 pm. But a doctor's duty time is 8-4 with 2hrs interval from 12 to 2. How a doctor be at 2 places at 4pm?

    Now I'm at a different sector and I know every government institute is polluted. As I heard recently, Mr. President has given orders to the audit units to clear this as soon as possible and if they did the job as expected, the whole government sector is going to change little by little. And the doctors must understand there job is just a job which is important just a little bit more than a sanitary labourer's job.

    ReplyDelete
  4. All those who talk for doctors, should understand that, there’s an itch in average peoples hearts and mind about doctors and related matters because, doctors have become so much commercialized and there’s a little that we get from them, than we expected. Here are my reasons.

    1. Doctors are the most expensive to be produced by ‘Siriyawathis’ hard earned money. Yes, Engineers and Teachers do get our tax money, but compared to colossal amount spent on an average medical student, they are nothing.

    2. The service achieved by doctors, do not directly help the economic development, at least it’s minimum. Therefore the money spent on them have to be earned indirectly again by the same people who paid for their education. Not to mention doctors salaries are paid again by Siriyawathi’s dubai money and our tax money. (Engineers are directly involved in economic development)

    3. After all, these doctors, produced by our own money, DO NOT treat the same people with honor and respect. As some one said (I guess a Doctor), the value of a government hospital and it’s doctors can be helpful for average people ONLY when they are in a remote site, without any other options. He seems to be so proud about it, but I feel like crying. Because, that statement it self is an excellent example for the pathetic situation of government doctors and it’s service provided for the very people paid for their education and salaries. They are there for us only when we loose all our options!!!! Sad !!


    So before doctors ask for pound of flesh, think how they could do more for the innocent people who paid for their education and salaries. You have to pay that money before ask for more salaries! Start from talking nicely to them!!!


    PS.
    General people should understand that there is NOTING called free medicine or free hospital service. We should understand that, those so-called free service by government, are services that maintained by their own tax money. Therefore these service are belonging to them. So when you go to the hospital next time, do not hesitate to ask for your rights.

    ReplyDelete
  5. හොඳ ලිපියක්...මම BSC සිවිල් ඉංජිනේරුවෙක් වශයෙන් කියන්න කැමතියි දොස්තරලාගේ විතරක් නෙවෙයි ඉංජිනේරුවන්ගේත් පඩිය වැඩි විය යුතුයි කියලා. අද සුදුසුකම් එක්ක ගත්තම අඩුම පඩියක් ගන්නේ ඉංජිනේරුවෝ. මම කැම්පස් අවුට් වුන ගමන් ගියේ 13,000/- ක පඩියකට, ඊට පස්සේ 18කට ඊට පස්සේ 22 කට (OTත් නැතුව රෑ 8-9 වෙනකම් කට්ට කාලා), අවුරුදු 2ක් විතර යද්දී 35ක විතර පඩියකට ගියා. ඒත් ඒ පිටරට කොම්පැණියක් නිසයි එච්චර ගෙව්වේ. මට කවදාවත් හොඳ වාහනයක් ගන්න බෑ. මොකද ලීසිං එක එක 25,000/-ක් විතර. එතකොට ඉතුරු රු.10,000/-න් ජීවත් වෙන්න බෑ. ඉඩමක් ගන්න ඕනේ. ගෙයක් හදන්න ඕනේ. ඒ සේරම හීන විතරයි. ඒ නිසා අවුරුදු 3ක අත්දැකීම් ඇතුව ලක්ෂ 2ක පඩියකට රට ආවේ. ඒත් ආපහු ලංකාවට ගිය දාක ආපහු ගෙවල් හදන්න ලෝන් ගහපුවහම ආපහු හිර වෙනවා....මේ තත්ත්වය කාටත් පොදුයි. රජයේ සේවකයෝ විතරක් නෙවෙයි හැමෝම ලෝන් වලට ගෙවනවා පඩියෙන් 75%ක් විතර. ඒ නිසා සියළුම සේවකයන්ගේ පඩි දෙගුණයකින්වත් වැඩි වෙන්න ඕනේ හරිනම්....

    ReplyDelete
  6. මෙවැනි බඩ ගෝස්තරය සඳහා කුමක් හෝ නොලියා යථාර්ය දකින්න එන්න මාසයක් ස්වෙචිචාවෙන් සේවය කරන්න. ලේසිද බලන්න,එන්න ෆැකල්ටි මාසයක් ඉගෙන ගන්න,ඒ.එල් වලින් ගොඩක් ඈත එමි.බී.බී.එස් තියෙන් නේ.ලකුණක් අඩූව විශ්ව විද්‍යාල නොගිය අය ලගට එන්නේ නෑ.එහෙම නමි විබායක් පාස් ෆෙල් කියලත් වෙනසක් නැනේ.අපට නිදහස් අධ්‍යාපනය ලැබූනේ ඔයාලට වඩා වෙනස්ව.එකම ගුරුවරයා අපට වෙනම ධාරනය වන විදිහට එකම පන්තියේ ඉගැන්නූවා.අපිපාඩමි කරන්න දස දූක් විඳිද්දී ඔබ කොහේද.උපදින විට මිනිසාගේ බූද්ධි සමානලූ.අප එම නිදහස් අධ්‍යපනයට වියදමි කල මූදල් හොඳින් ප්‍රයෝජන ගත් අය වෙමූ.එතකොට ඔබ ඒවා කාබාසීනීයා කළ අය නොවේද? කවූද රටට ණය...............

    ReplyDelete
  7. ඔබගේ අදහස් පළ කිරීම් අදාළ විෂය පිළිබඳ සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි වගකීමෙන් යුතුව කරන්න
    look mirror

    ReplyDelete
  8. මමත් එකගයි. දොස්තරලාකරන්නේත් රස්සාවක්.(දියුරුම් දෙන්නේ වෘත්තිකට අදාලවයි) මෙතන සමහරු තේරුම් ගන්නේ නැත්තේ ජීවිතයක් බේරගන්නවා කියන්නේ ඒ අය අතින් වෙන වැරදි හෝ ඹවුන් කරන වැරදි ගැන කතා නොකර ඉන්න ලයිසන් එකක් නෙවෙයි.

    අනික ලියුම් කරු පැහැදිලිව ලියනවා හොද වෛද්‍ය වරු ඉන්න බව. එතකොට කහින්නේ අන්න අර හිපොක්‍රටික් අය. අනික වෛද්‍ය සිසුන්ට වැඩියෙන්ම වියදම් කරනවා ඒක ආපහු රටේ සංවර්ධනයට එකතු වෙන්නේ නෑ වගේ කරුණු දොස්තරලට තේරෙන්නේ නැත්තං එතන තියෙන්නේ තක්කඩි කමක්. අපිට කරදරයක් උන වෙලාවට බෙහෙත් දෙන්න බෑ කියලා තර්ක කරනවා නං අපිට කියන්න තියෙන්නේ මේ රටේ යහපත වෙනුවෙන් කතා කරලා වැඩ කරලා නං මැරෙන්න වෙන්නේ ඒකට කවදාවත් රටට ආදරේ මිනිස්සු පස්සට යන්නේ නෑ.
    අපි උගන්නන කොට අපි දන්නවා දොස්තරලා වෙන්න ඉන්න ළමයි කව්ද කියලා. උන්ට උගන්න්න ගුරුවරු ගොඩක් දුක් විදිනවා. නමුත් මේ හැසිරීම් උගන්නපු ගුරුවරුන්ටත් කරන ලොකු අපහාසයක්.

    ReplyDelete
  9. All doctors please migrate to better countries,it is good to see increasing numbers of professionals migrate.
    My brother who is a doc went to aussi and living a wonderful life.

    No pint in serving to these idiots.

    And new generation please dont do medicine, engineering. DO politics you can eat public money...

    ReplyDelete
  10. mehema pal katha kiyala doctors la kalakirila, rata yawi.. eeta passe lankawe ithuru wenne, private degree karala apu russian graduates la, indian graduates la witharai.

    gihin balanna Nawalaoka wage hospital wala, doctors la kiyala innawa wards wala, hariyata pressure check karannawath danne ne..

    this is my personal experience with foreign doctors..

    ReplyDelete
  11. Dear Doctors,
    please go to one of these sites, register and do the exams, pass rate of Sri Lankan doctors is very high.

    You can migrate if you have passed..



    www.usmle.org
    http://www.gmc-uk.org/doctors/plab.asp
    http://www.amc.org.au/
    MCE canada

    My brother who is a doctor in Australia, wanted me to share the info, after reading this disgusting blog...

    If anybody interested please contact me, for more info.

    Please migrate and serve yourselves, SL is going to hell..

    ReplyDelete
  12. http://img521.imageshack.us/img521/2085/45979570.jpg

    ReplyDelete
  13. ලේබලේ විදේශ විනිමය,මදේ උන්ගේ උන් උඩට,සහ උන්ගේ සල්ලි බලය.......

    ReplyDelete
  14. all this is bloody shit ....
    its only 5-7 lacks to produce a govenment doctor according to ministry of higher education
    but see only year 8 passed currupt politian goes by 120 million prado montero without doing any services to the country
    these people cant understand that saving ones life (single)worth millions of money to the country ....isnt that a economic contribution to the country .....
    ayyo ....dissapointing ..
    .me wage ayata trate karawata wada pitarata suddanta beheth karanna yana eka thamai hoda ....

    ReplyDelete
  15. see mervin silva and wimal weerawansa, whats the service they did to sl, how much public money they eat, this mud slinging w3lanka idiot, cant rationalise anything, he needs a white van treatment, probably from duminda silva

    ReplyDelete
  16. lankawe mahajanayata sewaya karanne w3 lanka wirter wage ammage appage budalen egenagattu buwala tama .....dostarala monawada karanne....leddu saneepa wenne nikamma.....deviyanta yathika karala......
    W3 LANKA ....if courageous please tell your name will you? ...

    ReplyDelete
  17. Remember this is not about politicians which are by default polluted. And this is not even about the writer of W3 lanka. This is about the unfair salary conditions which the GMOA required the government to consider.

    The person who wants SL doctors to leave the country, How much do you wish to earn next month?

    ReplyDelete
  18. අඩෝ තොපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තේ,තොපි අපට ණයයි කියලා උසාවියටත් පොලිසියටත් කියන්න පූලූන්නේ,උත්සහ කරලා බලන්න,සාධාරන තීන්දූවකට උනත්

    ReplyDelete
  19. කවූද මෙි පීඩීත පන්තීය..............

    ReplyDelete
  20. "ලංකාවේ වැසියන් හා වෛද්‍යවරුන් අතර අනුපාතය 1800:1ක් බව වාර්තා වේ. මෙය ඉන්දියා‍වේ හා පකිස්ථානයේ අනුපාතයට වඩා පහළ මට්ටමකි. "

    This is bull shit. The newest batch got SLMC registration numbers near 29,000. There are nearly 20,000 doctors in the system, making patient to doctor ration 1:1000. Parakum usually talks bullshit, and this is no different from them

    ReplyDelete
  21. @ Nilupul

    1. Teachers and Engineers are also produced by Siriyawathi's money. So are sanitary labourers. Now can you show us with evidence that Government spends a colossal amount of money on medical students compared to that of engineering students? The clinical teaching is done by the extended staff (the consultants) free of charge. University, students nor government pay them for the training (as opposed to nursing students). Now without enough evidence don't take cheap shots.

    2. Services achieved by doctors will prevent the economy crashing due to ill people. Yes they'll not earn anything for the country. But they'll prevent the losses. Just like the army, if there is no war, money spent on the army has to be earned by somebody else. But army will stop the economy crashing in the face of an attack. Both the instances, the service is preventive.

    3. "After all, these doctors, produced by our own money, DO NOT treat the same people with honour and respect" - Now do you see that RESPECT in any other institution? Even in a private bank? It's a deep seated malady of the SL society. Doctors are just reflecting a social trend.

    People can ask for their rights. Yes correct. if doctors ask for their rights the health system will crash. Doctors in Western countries are not allowed to see more than 5 OPD patients per hour. Imagine if doctors decide to do the same here!

    The writer has a deep seated hatred in doctors as it seems. His socialist wet dreams are too obsolete for SL. For a institution to function there should be a salary scale difference based on the level of responsibility. That scale has to be maintained. Socialist orgasms of abolishing it will only bring harm to the system.

    ReplyDelete
  22. මට දැන ගන්න ඔිනේ මෙි බඩෙී යාචකයා කියන විදිහට ලකුණූ කිහිපයක් අඩූ වෙලා හෙදියො වෙනවලූ,
    අපි විභාග ලියද්දි නමි ලකුණක් අඩූනමි,දන්තවෛද්‍ය යන්න පූලූවන්,ඊට අඩූ නමි පශු වෛද්‍ය,ඊලගට බී.එස් .ඊ,සහ තවන් උපාධි තිබූණා! ඒත් බැරි අයට තව වාර දෙකක් තිබූණා.ඒත් බැරිව ගෙදර ඉන්න අයට තරග විභාග වලින් තමා හෙද ගන්නේ,රට වෙනස් වෙලානේ මෙි හාදයා කියන විදිහට වෙද ලගට හෙද ඇවිත්,ගණිතය හදාරපූ අයටත් මෙි වගේ .බැරීම වගේ අය තමා මෙි වගේ විකල්ප රස්සා වලට යන්නේ,මෙි හාදයා කියන විදිහට ඉන්ජීනේරු වලට පස්සේ පත්තරේ වගේ නේ.ඉන්රීනේරුවොත් පත්තර කාරයෝ නෙවෙනවා නෙවෙි.හැබැයි ඒවා 0.000000000000001%

    ReplyDelete
  23. ප්‍රවෘත්ති විකුණන් කෑම.........

    ReplyDelete
  24. Doctor kenekuge 1st basic salary eka 26500/= withara. eeta amatharawa sthheera deemana lesa on call allowance , station allowance, pen allowance , non pen allowance lesata 25,000/=k labenawa. jeewana wiyadam deemanawa 5250/= total=56,750/= me siyalla OT walata amatharawa!!!!!
    sanitory labour kenekuta 11,730+jeewana wiyadam deemanawa 5,250/= Total=16,980
    1:4 danatamath thiyenawa
    ot payakata doctor kenekuta 250/=
    ot payakata s/l kenekuta 48/=
    S/l kenekuta uparima ot gewanne paya 40kata
    doctor kenekuta unlimited
    hadala balanna

    ReplyDelete
  25. who says doctors get unlimited ot ....not in srilanka i suppose in india or pakistan.....
    ok sl labour will finised education at 16 years (we will say o/l passed--but most of the politically appointed labours got through only year 5 or 6) ...general mbbs doctor sacrifies his age up to 27 or 30 --and consultants are up to 35 to 37 years stuck with education ...and most of the time not even get married ....
    how foolish is this people compare the doc salary with unskilled labours salary

    ReplyDelete
  26. well i am opd doctor with 6 year government hospital ....i dont have ot ....i am doing 6 hour daily duty making into 36 hours per week....i am getting 53225/= per month with 3 public holidays(that means ..i work 3 sundays too)
    basic 30,000
    spe all 10,000
    col all 5225
    pen all 1700
    non pen 1700
    ph duty 4600
    total 53225/=

    my roommate who has just migrate to australia after internship is now getting 4500 aus $.. that is 4500 x 111=499500 nearly 5 lacks ...so he is getting 10 times that i get hear

    he is willing to sponcer me to migrate there..in my hospital there are at least 5-6 doctors migrate to overses ....after the internship in 2005 there are 25 doctors migrate out of 160 passed out

    this is 100% true
    i have also decided to migrate to canada after reading this rude ,hash unrespectful comments

    ReplyDelete
  27. ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 5ක් ගත්තට එහේ පඩියෙන් 40%ක් විතර Tax නේද. එතකොට අතට එන්නේ කීයද? මගේ යාළුවෙක් ගන්නවා UK වල ලක්ෂ 7ක්. ඒත් ඒකෙන් ලක්ෂ 3ක් ටැකස් වලට අඩු වෙනවා. මැදපෙරදිග රටවල නම් Tax නෑ.

    ReplyDelete
  28. no you are wrong .....without tax he can save that much .... they are given everything free becose of tax ........
    he said he has brought a new lexus 2 months back...then how can he brought a lexus (luxury jeep) worth more than 25 million in just 4 years work there ...
    http ://www.lexus.com/models/allModels/#

    ReplyDelete
  29. @Anonymous exxxxelent point.

    if only srilankan commonman can expect us to come in SLTB buses ON TIME and Order a 3D reconstruct of the anurism in his middle cerebral just about to blow it out and do a coil embolization under u'r naked eye and go home by foot.
    or shut down western medical practice and start promoting alternative medicine and watch the economic boom. hehe..so siriyawathi will benefit.

    ReplyDelete
  30. @Anonymous
    Lexus cost 2.5 Million not 25 Million :)

    ReplyDelete
  31. පිට රටක රැකියාවක් කරන කෙනෙකුට වාහනයක් දෙනවා කියන එක ලොකූ දෙයක් නෙවෙයි. මම ඉන්නේ ඩුබායි වල. මගේ මාස 14 ක පඩියෙන් මට මෙහේ Prado එකක් ගන්න පුළුවන්. ඒත් ඒක ගන්න මට ලංකාවේ "අවුරුදු 31ක" පඩි එකතු කරන්න ඕනේ නොකා නොබී..:lol

    ReplyDelete
  32. This whole debate is in the wrong direction.
    The article is not a balanced one as the writer tries to undervalue the medical profession because of the wrong practices of some doctors...the only point I counted in the article is the criticisms leveled against the GMOA's argument that a class difference could be maintained through the salaries.

    GMOA must accept that every profession including the laborers has a right to ask a decent salary. GMOA cannot deny the right of other Unions to bargain and fight for a decent salary for their members. So GMOA cannot tell what should be the ratio between the salary of the ordinary worker and the salary of the Doctors

    The writer must accept that he cannot have an objective discussion if he brings "Siriyawathie's money" argument. This old class consciousness approach cannot apply to the today's salary issues. The other things is not only these Siriyawathies, many live in this land pays taxes and contribute their labor to increase the government purse.

    We must first accept that there is a crying need to increase the salaries of all the government workers in Sri Lanka. Until the government offers substantive salary increase the govt sector productivity cannot be improved thereby the quality of life in the whole society. A recent IMF study had estimated that wages in the government relative to the salaries in the manufacturing sector needed to be increased by 2.8 to 7.4 percent to eliminate corruption in the public sector.

    The manual workers, the management assistants and the professionals should be paid a decent salary. This is not a right kept for the politicians (both goodies and crooks), their wives, kins and their stooges only. The salary demands raised by the TU's including GMOA is justified when compared with the position of our politicians.

    The Professionals to be paid a salary and offer other benefits commensurate with their qualification and the contribution they make for the improvement of quality of life. This is applicable not only to the doctors but also to others such as Engineers, Scientists, Academics, Teachers, managers in the government.

    The other thing is need to have a "performance related pay" schemes to every job. This should be applied to every one who is in the pay roll of the government be they politicians, workers and professionals.

    ReplyDelete
  33. First off all, all those Anonymous doctors… try to have a name next time, when you post some thing, so it’s easy to tell what we, the NORMAL people have to tell, directly to the person.

    @ Anonymous October 17, 2010 7:38 PM.
    1. Evidence….feel sorry for your ignorance. It’s a well-known fact that making a doctor is one the most expensive. If you don’t agree, it‘s not my problem.

    2. So you have said the same thing in different words. NEVER underestimated the task done by Doctors (I’m a fool if I do that). I said the expenses vs income based on Doctors, is not immediate and direct.

    3. Well, I feel so sad to hear these words from a Doctor (I guess). If the so-called educated Doctor doesn’t understand that he’s suppose to be a different and better person than the average person, when and where shall we start the social revolution? Bloody hell you go to a private bank and see for your self, how nice they treat the customers? Whether you wear trouser or Sarong, they talk to nicely. They try to provide best service. Not like some DOCTORS like you, in government hospitals, who BARKS at innocent helpless people!!!!

    Some other Anonymous had compared them to politicians. Come on…is there a single entity in this society doesn’t see the difference between them and us? They are idiots and ruin this country. DON”T COMPARE them to Doctors. Try to compare an Electrical/Telecom/Software/Civil engineer to your profession. A university lecturer etc…

    Finally, Doctors are doing a profession and I don’t care how must they are paid more (I do agree, they better more to have a better life). But one thing has to be achieved. That is THEY SHOULD NOT WALK 2 FEETS ABOVE THE GROUND AND TREAT US LIKE DIRT!!

    ReplyDelete
  34. @ Anny
    "ot payakata doctor kenekuta 250/=
    ot payakata s/l kenekuta 48/="

    Sanitory laborer is payed for Every hour he works. If he works for night then he'll get 48 * 8.
    Doctors are payed maximum 4 hours OT per day. And a night will involve 16.00 - 0.00 (8 hours). Basically doctor will be getting 210 * 4 per day. So the ratio is (210 * 4) / (48 * 8) = 210 / 96, roughly 2.1:1.

    Why actually do you want to be a doctor to be payed just twice as a sanitory laborer for OT?

    ReplyDelete
  35. ලේසිද බලන්න,එන්න ෆැකල්ටි මාසයක් ඉගෙන ගන්න,ඒ.එල් වලින් ගොඩක් ඈත එමි.බී.බී.එස් තියෙන් නේ.ලකුණක් අඩූව විශ්ව විද්‍යාල නොගිය අය ලගට එන්නේ නෑ.එහෙම නමි විබායක් පාස් ෆෙල් කියලත් වෙනසක් නැනේ.අපට නිදහස් අධ්‍යාපනය ලැබූනේ ඔයාලට වඩා වෙනස්ව.එකම ගුරුවරයා අපට වෙනම ධාරනය වන විදිහට එකම පන්තියේ ඉගැන්නූවා.අපිපාඩමි කරන්න දස දූක් විඳිද්දී ඔබ කොහේද.උපදින විට මිනිසාගේ බූද්ධි සමානලූ.අප එම නිදහස් අධ්‍යපනයට වියදමි කල මූදල් හොඳින් ප්‍රයෝජන ගත් අය වෙමූ.එතකොට ඔබ ඒවා කාබාසීනීයා කළ අය නොවේද? කවූද රටට ණය...............

    ReplyDelete
  36. @ Nilupu1

    1. This well known fact blah, blah is a well known argument that people hide behind when they are found with their pants down. Give your data to show that medical education costs at least 5 times as engineering education, and I'll rest my case. Otherwise your are speaking bollocks.

    2. You were groosly undervaluing it saying "The service achieved by doctors, do not directly help the economic development, at least it’s minimum" and then following up it with "Not to mention doctors salaries are paid again by Siriyawathi’s dubai money and our tax money". But you've just conveniently ommited the fact that same is done by other professions like Army, Police and other health staff.

    3. That is the trick #2 by people like you use. if Doctors are infact different and trend setters, the should be treated differently. But the writer of this piece arrives at an oxymoron by telling that Medical profession is just another job. This argument is brought forward when doctors ask for a pay hike saying they are like the rest, but the "doctors are different" argument taken forward when you want to bash doctors of there behaviour. This is hypocrisy at the absolute best. If doctors are regarded as special, pay them special. If it is not STFU and let them fight for their rights as a trade union

    "Bloody hell you go to a private bank and see for your self, how nice they treat the customers?"

    My arse, excuse me! Go to a private bank and try to take a loan saying that you are poor and has no income and planning to do a self employment. You'll see the kind, warm finger sticked up your arse and asked to get out. Private banks only look at money. If you have money, then you are treated nicely. If you are poor, then you are treated like trash. Sorry for the strong words, but that's the low level that private banks have stooped down to.

    "THEY SHOULD NOT WALK 2 FEETS ABOVE THE GROUND AND TREAT US LIKE DIRT!!"

    Now who has treated you as dirt? Who are actually going two feet above? This is totally a problem within in the health workers circle. Patients are not involved here. What made you think that patients are treated like dirt?

    ReplyDelete
  37. nilupul mahatha ethin oba monawada kiyanne?

    ReplyDelete
  38. කාලීන ලිපියක්.

    ReplyDelete
  39. Anonymous Doctors, please wait for my reply (Busy collective 'facts' for my good Doctors :)

    ReplyDelete
  40. ko ko me doctorsla...? ganu auda (weopons)

    ReplyDelete
  41. Here are my FACTS

    The higher education minister in the parliament presented the following facts based on expenses of students studying for degree in local universities. So it’s official.

    Dental Science Rs 555,653 (+ 382,000 compared to Engineering)
    Veterinary science Rs 463,476
    Medicine Rs 286,592 (+ 113,000 compared to Engineering)

    Agriculture Rs 263,321
    Science Rs 180,845
    Engineering Rs 173,704
    Architecture Rs 123,813
    Education Rs 111,893 (I guess this is teaching)
    Business Study Rs.109,135
    Law Rs 57,767

    If you consider a private sector (in Sri Lank) on degrees, a good BSc degree on IT from a good institute or engineering will cost around 300K to 500K. But the private medical institute estimates their courses to be around 10,000 USD or 1.2 Million rupees.

    Internationally in Australia, a general engineering degree will cost around 20K to 30K ausi dollar a year, but Medicine degree will cost over 60K a year.

    Busted, Now, tell me, who’s pant is down?


    Service personal, like Army, is a very special category, that doesn’t come under professional jobs and with/without standard benefits while entitles to special benefits. So no point of talking about them.
    Busted!

    ReplyDelete
  42. Here are my FACTS. Conti….

    Being a Doctors is ABSLOLETELY another job done by normal people. (Don’t you think so?) BUT there are some professions in the society, entitled for special privileges in the society. People respect, just being such a person. Like Doctor and Nurse. That job is a service to the society. People get that service, when they are helpless. If those people who are doing that job abuse it by making that innocent and helpless people by TREATING THEM LIKE DIRT, I consider that person some one much worst than a whore!!

    When choose your self to become a doctor, by getting selected to the Medical college, you should know that you are having both these pro and cons, like a young man chose him self to become a soldier, he entitles to carry a firearm but also he can get killed because he does that job. Just like that no one pushed you to the medical college are asked you to become a doctor and go through all the trouble. You chose it. It cal your call!

    If you may wondering who fuck I’m by profession, I’m an IT specialist. I solve complex IT matters. When I get an IT problem, no one ask me how I will do it, but when I can do finish it. I have to spend hours without even sleeping, some times DAYS!! My salary will be increased based on PERFORMANCE!. Therefore completing the task it my own objective. Those days I spent sleepless…no one cares and I don’t get paid any Over time!!!

    Do we (IT personals) got OT? No
    Can we strike and ask for more money? HELL NO, we will get fired, because we are on fucking contracts
    Do we have Pension HELL NO
    DO WE PAY TAX? FUCKING YES. DO YOU?
    Can we do private practise? YES, but NO TIME, we are always under pressure and over loaded!!!!

    It’s not damn doctors are unhappy, we all are! And we all need more money, BUT WE DON:T TREAT PEOPLE LIKE DIRT. We know the value of people too much!


    Medical degrees in Australia
    http://www.adelaidenow.com.au/news/the-cost-of-a-medical-degree/story-e6freo3u-1111114349433
    http://www.medicalnewstoday.com/articles/79753.php

    Sri lanka – official cost by SB
    http://studentlanka.com/2010/07/07/cost-of-university-degree-courses-in-sri-lanka/

    Private MDs
    http://www.lankabusinessonline.com/fullstory.php?nid=895810618

    ReplyDelete
  43. Ha ha ha, where is this w3lanka idiot, who is this "peeditha panthiya" is it ur stepfathers children??

    Idiot, mind you, u jobless bastard, the bullshit you write is not cared by even a beggar on the road..

    get a life u , jobless idiot, why are u behaving so antisocially? are you jealous of the society?

    do you think you can form or change public opinion??

    dont you have a better job rather than scribbling crappy rubbish online?

    just because internet is free, do you think you are a hero..

    Yes, a sanitary laborer does a better job than u idiot blogger, he at least clean our toilets...

    what can you do for the country..

    get a life

    ReplyDelete
  44. non pen allowance lesata 25,000/=k labenawa\
    මෙි යකාට ඉලක්කමි වත්බෑ.එක එකාගේ පඩියට හීල්ලූවාට,ගනං පාස්ද ?
    ගනං පාස් නං එකඑකාගේ බොකු හොයිද ? හොඳ රස්සාවක් කරනවා මිසක්

    ReplyDelete
  45. මෙි යකාට ඉලක්කමි වත්බෑ.එක එකාගේ පඩියට හීල්ලූවාට,ගනං පාස්ද ?
    ගනං පාස් නං එකඑකාගේ බොකු හොයිද ? හොඳ රස්සාවක් කරනවා මිසක්>>>
    >මෙි හාදයා ලංකාවෙි නෙවෙයි.වැඩිම අධ්‍යාපන වියදම යන්නේ වෛද්‍ය උපාධියටලූ.පොඩිඩක් හොයලා බලලා ලියන්න

    ReplyDelete
  46. w3lanka liyana mu pissek,

    ReplyDelete
  47. Where the hell are these Doctors who challenged to show facts? I'm waiting for a reply.

    All these Anonymous doctors answers shows their state of arrogance and stupidity of their profession. If they are this much arrogant in a blog space, who can't imagine their real behavior in a government hospital?

    Just want to remind you one thing. It just me alone saying these here, don't forget there are thousands others share the same view, out there in the society...

    ReplyDelete
  48. munta uththara denawata wediya, doctors lata wena weda nedda,
    w3lanka me para nam nagaththa hondatama, amu pissekma thama..
    kalakanni...

    ReplyDelete
  49. kawda me moda it specilist ,,,he should be treated with a good basunnehe ......he has minority complex .....you idiot come to a government hospital and see how a normal doctor works .......

    ReplyDelete
  50. hehehehe...........No wonders! Doctors said they need FACTS! I gave them. Now they beat about the bush!!! Soon you guys will have to do them same thing in front of patients, when these bitter truth is exposed!

    Anonymous @ October 19, 2010 4:37 PM, I may look like an idiot to you, but never forget, that this IDIOT pays close to 130K Tax every year for your education and SALARIES. But I never get a chance get a simple treatment at your hospitals, due to your Hippocratic system and behavior !!

    Deterioration of good qualities of the new generation of Doctor in our society, is a clear evidence of utter destruction of the whole society! Sad !!

    ReplyDelete
  51. let this computer software virus infected IT specilist to have his own chun and arthal .... rather being stuck in computers doctors have more patient to treat .....and earn money ....
    sl doctor

    ReplyDelete
  52. පසුගිය සති 6 දී ශ්‍රී ජයවර්ධන රෝහලේ හදවත් සැත්කම් වලින් 11 දෙනක් මැරිලා...
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=9302

    ReplyDelete
  53. හදවත් සැත්කම් කියන්නෙ සැත්කම් කියල තේරෙන්නෙ නැත්ද?

    ReplyDelete
  54. @Anonymous Docters don't get unlimited ot and it's just an extra duty allowanse which is limited to 4hrs/day.That mean maximum of 120 hrs per 30 days.But practicaly for leaves,public holidays, attend to meeting seminas etc EDW will deducted 4hrs pre day.In that way doctors get far below the maximum even in the case of doctors who can claim maximum ot.But nurses of course can claim unlimited ot.

    ReplyDelete
  55. @Anonymous Docters don't get unlimited ot and it's just an extra duty allowanse which is limited to 4hrs/day.That mean maximum of 120 hrs per 30 days.But practicaly for leaves,public holidays, attend to meeting seminas etc EDW will deducted 4hrs pre day.In that way doctors get far below the maximum even in the case of doctors who can claim maximum ot.But nurses of course can claim unlimited ot.

    ReplyDelete
  56. පසුගිය සති 6 දී ශ්‍රී ජයවර්ධන රෝහලේ හදවත් සැත්කම් වලින් 11 දෙනක් මැරිලා...
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=9302

    why dont to highlight the records of karapitiya heart surgeries.....it has the world;s best -(lowest death rates....)

    ReplyDelete
  57. http://www.lankadeepa.lk/2010/10/20/front_news/11.htm

    ReplyDelete
  58. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  59. DO u KNOW.NURSES CAN CLAIM EVEN FOR CASUAL LEAVE,,,,,,,,,,
    IN RURAL HOSPITALS ONE-Dr/ONE-NURSE/ONE AMBULANCE DRIVER,
    WHO IS DOING HARD????????????
    WHO IS RUNNER???????????
    BUT DR 4hr(4*30=120)/DAY,NO-UNLIMITE/DRIVER 250Hr+75 hR/MONTH(325/16= FOR 20DAYS)

    ReplyDelete
  60. API KABBANTA CHUUUN DEMU!!!!!!!!!!!!!

    ReplyDelete
  61. To All participants who are making comments on this news thread...

    Im a Bank Officer, who got 1st hand experience from well behaved doctors/nurses and hospital staff at Lady Ridgeway Hospital, When my 3year old kid underwent kidney surgery...

    PLEASE THINK ABOUT THIS...

    01. We all born with equal abilities.
    02. Some of us excel at ALs and enter Medical faculty
    03. After seven years of EXTENSIVE and HARD training, only some of them(with near 3% failure rate) pass out as Doctors.
    04. The government highlights the money spend on free education for training Medical Students(about 750 Doctors annually), simply forgetting the Billions spent on 220 Ministers, 5000+ their henchmen.
    05. The general public need to know the sacrifice that a medical student do, in order to become a doctor.
    06. The output at the end of seven years, is just a long working houred job with 28550/= salary.
    07. Had anyone cared about the sufferings of a family members of a doctor?
    - on calls, night rounds, theater activities, surgeries, decision making...etc missing almost all household activities...
    08. The government,knowing these facts, trying to get public attention on this issue, to hide their weaknesses from the public.

    THINK WISELY.... PLS DONT BLAME DOCTORS IN GENERAL.. THEY WILL BE THE ONLY HELP FOR YOU, WHEN YOUR LOVED ONES(FATHER/MOTHER/WIFE/KIDS) ARE ILL. PROVIDED WELL FACILITIES, THEY WILL SERVE BEST FOR YOU..That is why there are NO complaints against the doctors who migrate and serve abroad, with all the possible heathcare facilities..
    In a nutshel, if the government wants best service from Doctors, atleast please provide basic infra structures at the hospital...(Im not asking a salary hike for doctors, but atleast pls improve the infrastructure at hospitals..drugs/minor staff/equipments/lab reagents/ beds etc etc)
    Regards
    Mr. K. Jayantha.
    Colombo.

    ReplyDelete
  62. 1. All Sri Lankan citizens have opportunity to have free education and a small percentage is selected to medicine according to the merit in AL.Out of that only a limited number will do post graduate which again , about 4-6 years of duration to be spent on that. Therefore significant amount of life is spent on studying to become a professional.
    2. Other than medicine there many other fields in which the free education is given. E.g. Engineering,accontantcy and management ,information technology, nursing, architecture,legal,etc. There are lot of persons who leave the country after qualifying and some run there own companies, firms,mass tuition classes etc while working in the government sector. But the public always criticize the private practice of doctors.
    3. There is a massive number of people who has wasted the free education and wasted a huge amount of money and ,become drug addicts, smugglers, murderers ,gangsters and politician who continued to waste ‘ janathawage mudal’. Compared to above the amount spent to creat a doctor is negligible.
    4. Doctors always involve in decision making and this can be affected by many external factorlike stress of work , lack of sleep etc. Therefore ,in many countries the number of working hours is reduced upto 36 hours per week to minimize the errors which can occur due to over work or stress. But in Sri Lanka, some units have 24hour oncall doctors.
    5. Most Sri Lankan are not humble enough to pay gratitue to the overall satisfactory service given by the health sector.

    ReplyDelete
  63. ONE DAY STAY IN A PRIVATE HOSPITAL,
    BREAKDOWN OF HOSPITAL BILL


    Room Charges - 8000/=
    Drugs - 3500/=
    Nursing charges - 2000/=
    Medical officer charges - 2500/=
    CT Scan - 8000/=
    Blood tests - 4500/=
    COnsultants Charges - 1500/=
    Other - 4500/=

    TOTAL- -38500/=


    Nursing and medical officer charges are not paid for the relevant people, they are getting a fixed monthly salary.
    Nurses wont get the 2000 rupees claimed from patients, medical officers wont get the 2500 rupees claimed from patients.
    All of them are company's profit. !

    Drugs are much high priced, same drugs could have bought for 1500/= from OSU SALA.
    for example, a 30 cent tablet is sold at 5 rupees in a pvt hospital.!

    Blood tests are also over priced, same tests would have cost, 3000/= if did as out patient, in patient charges are much high!

    Specialist doctor is paid 1500 rupees out of the 38500, which is a very small fraction,

    SEE HOW MUCH THEY EXPLOIT FROM THE PATIENTS!

    ReplyDelete
  64. If the government obtain an undertaking to serve 10 years in a government hospital, before affording these assholes, can anybody name a country that they might migrate? Fuck off, docs!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා