රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝගයක් -2; දොස්තර මහත්වරුන්ට පීඩිත පංතියේ ප්‍රතිචාරය
( 2010 ඔක්තෝබර් 16, W3Lanka ) වැටුප් විෂමතා වැඩි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමට විරෝධය පළ කරමින් අපි සටහනක් තැබුවෙමු. එය මෙසේ ය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝගයක් | A challenge to Government Medical Officers' Association of Sri Lanka සමාජ විෂමතා අවම කිරීම සඳහා කටයුතු කිරීම ඕනෑම සමාජවාදියකුගේ ප්රතිපත්තියයි. ලංකාව විසින් අනුගමනය කරනු ලබන රටක් වන චීනයේ පවා මේ වනවිට ප්‍රකාශයට පත්වී ඇති නව පස්-වස් සැලැස්මෙන් එරට ආර්ථික වර්ධනය තවදුරටත් ඉහළ නැංවීමට වඩා ඇති නැති පරතරය අවම කිරීම සඳහා අවධානය යොමු කර ඇත. එහෙත්, වෛද්‍යවරයාත්, අඩු අධ්‍යාපන මට්ටමක සිටින සනීපාරක්ෂක කම්කරුවාත් යන දෙදෙනා ම එක ම මිනුම් දණ්ඩකින් මැනීම සමාජවාදය යයි අපි නො සිතන්නෙමු. ලිපිය ලිවීමේදී බලාපොරොත්තු වූ අන්දමින් ම වෛද්‍යවරුන් පරළ වී, නන් දොඩවන්නට පටන් ගෙන ඇති බව ලිපියට ලැබී ඇති ප්‍රතිචාර කියවා බලන විට පෙනේ. අප මෙම බ්ලොගයෙන් රටේ විවිධ වෘත්තීන්හි යෙදෙන කණ්ඩායම් දැඩි ලෙස විවේචනය කර තිබේ. අපගේ වැඩි ම විවේචනයට ලක් වූයේ දේශපාලකයෝ, පොලිස් නිලධාරීහු, මාධ්‍යකරුවෝ හා ...