පාසල් කාලය අවුරුද්දකින් අඩු කිරීම


 

පාසල් කාලය අවුරුද්දකින් අඩු කිරීම රජය විසින් කර තිබෙන ඉතා හොඳ යෝජනාවකි. සාමාන්‍ය පෙළ විභාගය අහෝසි කර දමා 10 ශ්‍රේණිය සමත් වීමෙන් පසු විධිමත් ඇගයීමකින් සියලු සිසුන් උසස් පෙළ විද්‍යා, කලා, වානිජ, තාක්ෂණ හා වෘත්තීය පුහුණු විෂය ධාරා වෙත යොමු කළ හැකිය. 12 ශ්‍රේණියේදී උසස් පෙළ විභාගය පවත්වා විෂය ධාරා සියල්ලෙන් විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු ආදී ප්‍රවේශයන් ලබාදිය යුතුය.

මෙමගින් ළමයින් පාසල්, මගතොට, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ටියුෂන් වෙළෙන්දන් හා මව්පියන්, නෑදෑයන් ආදීන් වෙතින් පීඩාවට, අපයෝජනයට හා සූරාකෑමට පත්වීම අඩු කළ හැකිය. එසේම, ළමයින්ගේ අධ්‍යාපන පීඩනය නිසා මව්පියන් අත්විඳින ආතතිය ද අඩු කළ හැකිය.

සමස්තයක් ලෙස ලංකාවේ පාසල් අධ්‍යාපනය ගැන සමාජය නැවත සිතා බැලිය යුතුය. එයින් සමාජයට සිදුවන්නේ කුමක්ද? ලංකාවේ සමස්ත අධ්‍යාපන පද්ධතියම උඩු යටිකුරු විය යුතුය. එය ආරම්භ කළ හැකි හැම තැනකින්ම ආරම්භ කළ යුතුය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election