දොස්තරකම රස්සාවක් පමණක් නොව සමාජ ගැටලුවකි
වෛද්‍යවරයකුගේ නොසැලකිල්ල නිසා නීති ශිෂ්‍යාවකට අත අහිමිවීම පිළිබඳ ඇති වී තිබෙන පොදු සංවාදය හේතුවෙන් මෙම සටහන තබමි. අදාළ වරද සිදුකළ වෛද්‍යවරයා පරීක්ෂණ මණ්ඩලය හමුවේ කළ ප්‍රකාශයක් දිවයින පුවත්පතේ පළවී තිබිණි. ඒ මෙසේය: "නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී මෙනෙවියගේ කැඩුණු අතට ප්ලාස්‌ටර් ඔෆ් පැරිස් බදාමය දැමුවේ ඇගේ අතට අහිතක් කිරීමේ අරමුණ ඇතිව නොවෙයි. එයින් අහිතකර බලපෑමක් සිදුවුණා නම් ඒක ඒ ළමයාගේ වෙලාව වෙන්න ඇති. මෙහෙම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න මට සිදුවූයේ මගේ වෛද්‍ය ජීවිතයේ ප්‍රථම අවස්‌ථාවටයි. ඒක මගේ වෙලාව වෙන්න ඇති..." පිළිතුර ඉතා සරළය. එම සරළ පිළිතුර විසින් වෛද්‍යවරයා හා රෝගියා අතර සම්බන්ධයේ යථාර්ථයද සරළ ලෙස නිරූපණය කරයි. රෝගීන්ගේ ප්‍රතිචාර හා පැමිණිලි පිළිබඳ වෛද්‍යවරුන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය. සෞඛ්‍ය සේවය රෝගියා කේන්ර්‍ද්‍රීය වන එකක් මිස වෛද්‍යවරයා කේන්ද්‍රීය වන එකක් නොවිය යුතුය. මෙම ලියන්නා විසින් මීට පෙරද වෛද්‍ය වෘත්තිය හා අදාළ දේශපාලනික විවේචනයක් මතු කරගන්නා ලදී. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි පිරිස් ප්‍රතිචාර දැක්වූයේ ත්‍රස්තවාදී ස්වරූපයකි...