ආණ්ඩුව අඬුව තියෙද්දී අත පුච්චා ගන්නේ කුමට ද?

පසුගිය ආණ්ඩුව හා සම්බන්ධ දූෂිත දේශපාලක බලවේගය මේ වන විට යෙදී සිටින්නේ ආර්ථිකය කඩාකප්පල් කිරීමේ දේශද්‍රෝහී ක්‍රියාවක ය. මෙය වහා වැළැක්විය යුතු ය. 

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත නටන ලද නාඩගමට පසුබිම් වූ හේතු කාරණා සම්බන්ධයෙන් මේ වන විට සැක සංකා ගණනාවක් ඇති වී තිබේ. 

මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරණය අතරතුරදී එජාප ලේකම් තිස්ස අත්තනායක සිය පක්ෂයට බිලී බාගෙන ඔහුට ඇමති තනතුරක් ලබා දීම සදාචාරයෙන් පමණක් නොව නීතියෙන් ද ප්‍රශ්න කළ හැකි ඉතා පැහැදිලි දූෂණයකි. අල්ලසකි. ප්‍රධාන මැතිවරණයක් පැවැත්වෙන කාලය තුළදී රජයේ සේවයේ රැකියා දීම පමණක් නොව ස්ථානමාරු පවා අවලංගු කරන්නේ එ්වා දේශපාලන අල්ලස් සඳහා භාවිතා කළ හැකි බැවිනි. තිස්ස අත්තනායකට දුන්නේ දේශපාලන අල්ලසක් බව ඉතා පැහැදිලි ය. ඒ පසුපස දැවැන්ත මුදල් සම්භාරයක් ද තිබිය හැකි ය. මෙවැනි දූෂණ විමර්ශනය කිරීම වැරදි යයි කියන්නේ ඒවායේ නියැලී සිටින සොරුන් පමණි. 

කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂට ඇති දූෂණ චෝදනා සලකා බැලූ විට මෙය මහා සෑය ගිල්ල යකා කෑ අග්ගලාවක් වැනි ය. මෙය මේ මොහොතේ මතු වීම රාජපක්ෂ පවුලේ ම කුමන්ත්‍රණයක් විය හැකි ය. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂමේ නිලධාරීන් මෙයට හවුල් යයි සැක කළ හැකි ය. එසේම, මෙම කලබැගෑනිය ඔස්සේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමට ද උත්සාහයක් තිබිය හැකි ය. 

ඒ කිසිවක් නොමැතිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂමට ජනාධිපතිවරණය සමයේ ලැබුණු පැමිණිල්ලක් අනුව අනුපිළිවෙලින් සිදු වූ ක්‍රියාමාර්ගයක් වන්නට ද පුළුවන. 

කුමක් වුවත්, රාජපක්ෂ ගැත්තන් විසින් එය භාවිතා කරනු ලැබුවේ සිය කඩාකප්පල්කාරී වැඩසටහන ඉදිරියට ගෙන යන්නටයි. ඔවුන් විසින් ඇත්තෙන් ම ඉලක්ක කර තිබෙන්නේ ආර්ථිකයයි. 

දැයට කිරුළ වැනි වැඩසටහන් හා ඵලදායී නොවන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම ඔස්සේ පසුගිය ආණ්ඩුව විසින් නාස්ති කරන්නට සැලසුම් කර තිබුණු මුදල් ඉතිරි කිරීම නිසා ආණ්ඩුවට ජනතාවට යම් සහනයක් ලබා දීමේ හැකියාව තිබිණි. ජාතික ශෝක දින මැද ජනතාව මහත් උනන්දුවෙන් අවුරුදු කෑ හැටි අපි දුටිමු. අලුත් අවුරුදු සමයේ වෙනත් අවුරුදු කාලවලට වඩා කීප ගුණයකින් වැඩි භාණ්ඩ අලෙවියක් තිබූ බව වෙළෙන්දෝ පවසති. 

එහෙත්, රාජපක්ෂවාදීන් විසින් නිර්මානය කර තිබෙන දේශපාලන අස්ථාවරත්වය හා ඔවුන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් ආර්ථිකයට ඇති වී තිබෙන්නේ අයහපත් බලපෑමකි. විශේෂයෙන් ම අ‍ායෝජකයන් සිදු වන්නේ කුමක්දැයි නැවතී බලා සිටින අවිනිශ්චිතතාවක් ආර්ථිකය තුළ ඇති වී තිබේ. මෙයට බලපාන තවත් කාරණා කීපයක් ද තිබේ. ඒ අතර මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ ගැටලුව හා ඉහළ ලාභ ලබන සමාගම්වලට පනවන ලද එක් වරක් පමණක් අය කරන බද්ද ද තිබේ. 

නාස්තිකාර ඊනියා සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම ද දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය අඩාල කිරීමට හේතු වන මුත්, එය දිගුකාලීනව ආර්ථිකයට හොඳ දෙයකි. 

මේ වසරේ ආර්ථික වර්ධන වේගය අඩු වනු ඇති බව මේ වන විටත් නිල වශයෙන් ම නිවේදනය කර තිබේ. 

එහෙත්, රාජපක්ෂවාදීන් විසින් සිතා මතා නිර්මානය කරමින් තිබෙන දේශපාලන අස්ථාවරත්වයට හා අවිනිශ්චිතභාවයට තිත තැබිය යුතු ය. 

මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවලියට නායකත්වය දෙන්නේ මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ පිරිස් ය. ඒ සඳහා යෙදවෙන්නේ ද කළු සල්ලි ය. මේ සොරුන්ට එරෙහිව කඩිනමින් පියවර ගත යුතු බව අපි මුල සිට ම කීවේ ඒ නිසා ය. යහපාලනය යනු විමර්ශන සඳහා ගත වන කාලය තුළ දූෂිතයන්ට නිදහසේ නටන්නට දීම නොවේ. 

ආර්ථිකය කඩාකප්පල් කර, ආණ්ඩුව අස්ථාවර කර, කඩාකප්පල්කාරී ක්‍රියා ඔස්සේ රජය පෙරළීමට උත්සාහ කිරීම ඉතා පැහැදිලිව ම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකි. ත්‍රස්තවාදයකි. පසුගිය දිනෙක මෙම කුමන්ත්‍රණ අයිස් කන්දේ දියෙන් මතුපිට කොටස ගලගොඩඅත්තේ ඥානසාරගේ කටින් පිට විය. ලක්ෂ 62ක ජනවරමකින් බලයට පත් වූ විධායක ජනාධිපතිවරයාට මාස තුනක් ගත වන්නටත් පෙර ඉල්ලා අස්වන්නැයි ඥානසාර බල කළේ ය. 

යහපාලනය හා දේශපාලනය පටලවා ගත යුතු නැති බව අපි අවධාරණය කරන්නෙමු. කඩාකප්පල්කාරීන්ට, දූෂිතයන්ට හා ත්‍රස්තවාදීන්ට නිදහසේ නටන්නට දීම යහපාලනය නො වන බව අපි ආණ්ඩුවට මතක් කර දෙමු. අඬුව තියෙද්දී අත පුච්චා ගන්නේ කුමට ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //එහෙත්, රාජපක්ෂවාදීන් විසින් සිතා මතා නිර්මානය කරමින් තිබෙන දේශපාලන අස්ථාවරත්වයට හා අවිනිශ්චිතභාවයට තිත තැබිය යුතු ය.//

    අර මතට තිත තැබීම වගේද?

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය මාතර සුනිල්,
      රනිල් විපක්ෂයේ හිටියා වගේ මුන් කොපි බිබී නිකන් ඉන්නේ නැත. උන් බලය ගැනීමට සියල්ල කරනු ඇත. අවාසනාව නම් විපක්ෂයේ සිටි ආර්ථික ඔස්ත්ර්ලට මැදමුලන ගන්කබරයා කල දෙයින් දහයෙන් එක්කක්වත් කරගන්න බැරුව අනාගනීමයි. අතටගත් දේ කටට දාගන්න බැරුව දගලන හාමුගේ වත්තේ පොල් කඩන පැරා සහ මාතලන් කොලුවන්ගේ බ්ලොග් ශෝකාලාපය දැන් බලන්න. උබලගේ මොලොයන් දහයෙන් එක්කක් හාමුට තිබුනානම්?

      Delete
    2. රනිල් උගෙ බැරිකම වහගන්න තමයි මයිත්‍රීට ශ්‍රීලනිපෙ සහ සන්ධානෙ මන්කොල්ලකාගන්න උපදෙස් දුන්නෙ. සාපෙක්ශව වැඩකාරයෙක් වෙන්නෙ. දැන් ඒකත් වැරදීගෙන එන නිසා පිස්සුවෙන් වගෙ නටනවා. ලගදිම රටම විනාශ කරනවා ඔය පිස්සා.

      Delete
    3. //උබලගේ මොලොයන් දහයෙන් එක්කක් හාමුට තිබුනානම්?//

      :D

      Delete
  2. අල්ලස් කොමිසම ස්වාධීන ද කියන ප්‍රශ්ණයයි මට ආවේ. එසේ ස්වාධීන නම්, කොමිසම මහින්ද ලඟට යනවා යැයි ඇමතිලා ප්‍රකාශ කරන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. රනිල්ම කිව්වම අලුතෙන් අල්ලස් කොමිසමට දාපු එක්කෙනා එයාගෙ හිතවතියක් කියලා උබට පිස්සුද එකෙ ස්වාධීනභාවය පරීක්ශා කරන්න. එයාගෙ මිනිහට නඩුවක් තියවලු අක්කර 45ක් රක්ශිතයකින් බලහත්කාරයෙන් අල්ලගෙන. එහෙම එක්කෙනෙක් ඕකට දාන්නෙම අල්ලස් කොමිසම වක්‍රාකාරව පාලනය කරන්න කියලා නොතෙරෙන්න තරම් උබලා ගොන්ද?

      Delete
  3. ඇයි මහින්ද ළොක්කම කිව්වේ කරන්න බැරි නම් එයාට දෙන්නය කියලා.. තව මක්කයි දොඩන්නේ..

    ReplyDelete
  4. ' අඬුව තියෙද්දී අත පුච්චා ගන්නේ කුමට ද? '

    පැරා යෝජනා කරන්නේ මොකක්ද? ජන්දයකට යන්න කියලද?

    ReplyDelete
  5. මොවුන්ට තේරෙන බාසාවෙන් උත්තර දීමට කල්ගතවී ඇත. එනම් සරත් ෆොන්සේකාට කලාමෙන් කුදලාගෙන ගොස් හිරේදැමීම දැර වෙන විකල්පයක් නැත.

    ReplyDelete
    Replies
    1. @ගස් ලබ්බApril 22, 2015 at 1:19 PM
      ආයිත් අහල.. මල් හතයි

      Delete
  6. රජ්‍ය විරෝධී චෝදනා යටතේ මහින්දව අත්අඩංගුවට ගත යුතුයි.මෙව්වා පස්සේ ඉඳන් ඔක්කොම මෙහෙයවන්නේ උන්නැහේ තමයි.2010දී ෆොන්සේකාට කරපු දේ නොකර මහින්දට මෛත්‍රි කරන්න යෑමේ ප්‍රතිපල තමයි මේ.

    19 සම්මත කරගන්න දෙන්නේ නැතුව මුන් පිස්සු නටනවා නම් දැන් කරන්න තියෙන හොඳම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මේ දේවල් කරන්න ජනමතය ඉල්ලා සිටීමයි.

    ReplyDelete
    Replies
    1. 19ට ඉස්සර වෙලා ආණ්ඩුවෙ එවුන්ගෙ චන්දෙ අරන් ඉදපන්. රනිලා උසාවිය කියපු ටික පැත්තට දාලා මොකක් හරි ව්යවස්ථා ජිල්මාට් එකක් ඕක අස්සෙ දානවාමයි. රනිල් දන්නෙ කුමන්ත්‍රන වලින් බලයෙ ඉන්න විතරයි. ඕක එලි උනාම උබලගෙ ඉස්සර මහා වීරයා, රනිල්ගෙ කොරකම එලි කරාම ද්‍රොහියා උන චම්පිකවත් ඕකට චන්දෙ දෙන්නෙ නැති වෙයි.

      Delete
  7. රටේ භාන්ඩාගාරයේ තියෙන මුදල් ප්‍රමානයට වඩා වැඩි ප්‍රමානයක් මහින්ද අවු.10 තිස්සේ හොරකම් කරලා ඩුබායි, බහාමාස්, ෂීසෙල්ස් වගේ රටවල හංගල තියෙනවා..
    මරා යුගයේ හොරකම් කල, මඩිය තරකරගත් විමල් වීරවංෂගේ, සරණ ගුනවර්ධනගේ සිට මහින්ද කහදගමගේ දක්වා කාලකන්නි දේශපාලුවන් ටිකක් මරා වටා ඉන්නවා..

    සිංහලබෞද්ධ ජාතිවාදය ඔලුවට ගැසූ සුලු ජාතීන්ගේ ලේ ඉල්ලන ග්‍රාම්‍ය, මෝඩ, ගෝත්‍රවාදී ගිහිපැවිදි රොත්තක් මරාවටා ඉන්නවා...

    ඔය හැතිකරය තමා රට අස්ථාවර කරන්න දතකන්නේ..

    වහාම 19 ශංෂෝධනය ගෙනල්ලා 2010 යුද්ධයෙන් දකුනේ සිහිය විකල් කරගත් වෙලාවේ පත්කරගත් මේ කාලකන්නි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි..

    19 පරාජය වුනත් ඒ මේ පාර්ලිමේන්තුවේ ඉන්නා අශිෂ්ට නරුමයො නිසා යැයි මිනිස්සුන්ට කියලාදීලා ඊලග එජාප බහුතර පාර්ලිමේන්තුව තුල ඒක සම්මත කරගන්නා පොරොන්දුව මත මහාමැතිවරනයකට යායුතුයි..

    ඉන්පසු පත්වෙන රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රමුඛ එජාප රජයටත්, ජනාධිපති මෛත්‍රීටත් නියම යහපාලනයක් කරා ගමන් කල හැකියි..

    ReplyDelete
  8. කළු කෝපි බීපු අයට නම් පෙරෙලෙන පැත්ත හොදා!! මහා ජාතික ධණයක් යටකර බළයට එන්න දතකෑ 'අලි බබාට' (හොරු 40ට වැඩිවු කොටස මහජන ධණයෙන් ඩෙගා නටයී) එරෙහිව වීදි බැසි 'ඒ ගිහි පැවිදි/උගත්/සිවිල් කොටස් ' හගට කැපු ඉනි වේද???

    ReplyDelete
  9. //රජ්‍ය විරෝධී චෝදනා යටතේ මහින්දව අත්අඩංගුවට ගත යුතුයි.//

    අනිච්චේ.... මේ "පොඩියන්" ල ට තේරෙන පොලිටික්ස් අච්චර දැන උගත් රනිල් තුමාට නොතේරෙන හැටි අම්මපා....

    ReplyDelete
  10. කන්දක් විළිලා වැදූ මළ මී පැටියා...

    ඇමරිකාවේ බකිංහැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයන් , ලැම්බෝගිනි වල සිට ගුවන් යානා , වෙරළ දිගේ අධි සුඛෝපබෝගී හෝටල්, අක්කර සිය දහස් ගණනින් වූ පොල් වතු, සී ෂෙල්ස් වල මාලිගා ආදී ආකර්ෂණීය මාතෘකාවලින් පසුගිය ජනාධිපතිවරණ වේදිකාව පිරී තිබිණ. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිළේ ප්‍රධාන මාතෘකාව වූයේ "පැවති ආණ්ඩුව හොරා කනවා, අපේ පාලනය ආපු දාට හොරු අල්ලනවා යහපාලනය ඇති කරනවා " යන්නයි. එකල යමෙකුට ඒ ප්‍රචාරණ යාන්ත්‍රණයට හසු නොවී ඊට විරුද්ධ මතයක සිටීමට නම් ඉමහත් ධෛර්‍යයක් අවශ්‍යව තිබිණ. විශේෂයෙන් උගත් වියත් යැයි ආඩම්බරයෙන් කියන සමාජ කලාපය තුල මේ බලපෑම ඉතා දැඩිව තිබුණි. කොටින්ම හොරා කෑමේ සංකේතය බවට මහින්ද රාජපක්ෂ පත් කරන්නට 'උගත් වියත්' සමාජය හරහා හඹා යෑමට නිර්මාණය කර එවූ 'යහපාලන' සුනාමියට හැකි විය.
    ඊට සාක්ෂි සාධක කියවීම් කිසිවක් අවැසි නොවීය. බුදුන් වහන්සේගේ සමයේ ඒහි භික්ෂු බාවයෙන් භික්ෂූත්වය ලැබූ ආකාරයට මහින්ද රාජපක්ෂ වෙත සහය පළ කරන සැනින් ඔහු අන්ත දූෂිතයෙක්, හොරෙක් , මං පහරන්නේක්ගේ තත්වයට පත් කර තිබිණ. මේ දරුණු දුෂ්ඨ අසාධාරණ මතවාදී ප්‍රහාරය හමුවේ ( විශේෂයෙන් උගත් වියත් යැයි සම්මත ) බොහෝ දෙනා රාජපක්ෂ පිල අත් හැරීය. ඒ අත්හැරීම උතුරු නැගෙනහිරින් ලද අසාමාන්‍ය චන්ද ගොඩට එක්වීම හරහා මහින්ද රාජපක්ෂ පරාජය විය. තවත් ගැඹුරු විශ්ලේෂණ තිබුනත් පසුගිය ජනාධිපතිවරණ පරාජයේ සරලම ගණිතමය පැහැදිලි කිරීම එයයි.

    ඉන්පසු එලඹි කුප්‍රකට දින 100 මෙහෙයුම තුලදී "හොරා කෑවා" යනුවෙන් නැගුනු චෝදනාව සාධනය කරන්නටත් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි සොයන්නටත් වැඩිම කැපවීම වෙන් කෙරිණ. අරලිය ගහ මන්දිරයේ වැසිකිලි වලේ සිට ලැබ්බෝගිනි , රන් අශ්වයන් , හොර ගිණුම් ,බිලියන ට්‍රිලියන ගනණින් ගසා කෑ යැයි කියූ මෙගා ඩීල් , රාජ මාලිගා පිලිබඳ වැටලීම් ඇරඹිණ. මස් පිඩු පුම්බාගත් නලු බට්ටන්ගේ සිට අරහත් ධජය පොරවාගත් කපටි උන්නාන්සේලා දක්වා විශාල පිරිසක් මේ මෙහෙයුම්වල ඉදිරි පෙළ සේනාංක බවට පත්ව තිබිණ.
    නමුත් දින 100 අවසන් වන මේ අවස්ථාව වන විට ඒ චෝදනා වලට සිදු වී ඇත්තේ කුමක්ද? රත්තරං අශ්වයන් තවමත් කැලේ පැන ඇතිද? ලැම්බෝගිනි ප්‍රභාකරන් කාලතුවක්කු වලදැමූ ලෙස තවමත් වල දාමාවත් ද? රජ පවුලට ගෙනා ගුවන් යානා තවමත් අහසේද? සිදු වූයේ යැයි කියූ පෝට් සිටියේ හොරකම් මුහුදෙ ගිලී ගොස්ද? අධිවේගී හොරකම් අධිවේගයෙන් පැන ගොස්ද?

    සිහි බුද්ධිය කළඳක් හෝ ඇත්තනම් සිහි කරගත යුතු මූලික කරුණ නම් ජනාධිපතිවරණ සමයේ චෝදනා කල 'හොරා කෑමේ' මෙගා ඩීල් පිලිබඳ කිසිඳු ප්‍රගතියක් මේ දක්වා වූ දින 100 තුල ලබා නොමැති බවත් මේ මහමැතිවරණ කටේදීත් එවැන්නක් නොවී නම් ඉදිරියටත් කිසිසේත්ම එය නොලැබෙනු ඇති බවත්ය.


    ReplyDelete
    Replies
    1. ඔයා රෙදි ඇඳගෙනද ඕවා කියන්නෙ මසොපි පැටියෝ... ඔය ගොල්ලම නේද ඕවා ගැන හොයන්න යනකොට බාධා කරන්නේ...?

      Delete
    2. පිස්සු හැදෙනවා. ඔය සුරන්ගනා කතා වලට රැවටුන චන්ද චායකයො ඉන්නවානෙ කියලා අපිටනම් ඒ කාලෙම පස්සෙනුත් එක්ක හිනා ගියා. දැන් බකින්හැම් මාලිගා හොයාගන්න බැරුව ඇමතිකමක් දුන්නා කියලා හිරෙ දාන්න හදනවා. ඉරිසියාවට, මොඩකමට චන්දෙ දුන්නු එවුන් ගලෙ රීපු එවුන් වගෙ ඒකෙ වැරද්දත් මහින්ද පිටම දානවා.

      Delete
    3. "නමුත් දින 100 අවසන් වන මේ අවස්ථාව වන විට ඒ චෝදනා වලට සිදු වී ඇත්තේ කුමක්ද?"

      එම සියලුම චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.
      වගකීමෙන් යුතු රජයකින් ජනතාව බලාපොරොත්තු වන්නේ එය නොවේද?
      එසේත් නැතිනම් ඔබ බලාපොරොත්තුවන්නේ පසුගිය කාලයේ සරත් ෆොන්සේකලාට, ශිරාණි බණ්ඩාරනායකලට කලාවගේ කැන්ගරු කොර්ට් (Kangaroo Court) දාල තම විරුධ්ධවාදීන්ගෙන් පලිගැනීමද?

      Delete
    4. ඉතින් අපිට බයියෝ කියන්නේ නිකන්ද...

      Delete
    5. රෝයල් ගිය දිනෙශ් ලා මහින්දානද ලා, සැන් තෝමස් ගිය නාමල් ලා, වෙල්ගමලා සහ ට්‍රිනිටි ගිය ලොහාන් ලා බයියෝ ය

      කනිශ්ට විද්යාලෙට ගිය සීරිසේනට චන්දෙ දුන් පහඳෝ ටොයියෝය... රටකට ගිය කල...

      Delete
  11. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී අරගල වලින් ආණ්ඩු පෙරලන්න හදන එක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්? එහෙනම් යකෝ උඹත් 2005-2010 ටිකේ කරේම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වලට අනුබල දුන්නු එක නේ? 2007 යුද්දේ වෙලාවේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණ කරලා අය වැය පරද්දලා කරන්න හදපුවා කුමන්ත්‍රණ නෙවෙයි ද? එතකොට හැදුවේ චන්දෙන් පත් වුනු ආණ්ඩු චන්දෙට කලින් ගෙදර යවන්න නොවේ ද? ජෙප්පෝ පෙළපාලි ගියේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න නොවේ ද? ඒවා හොඳයි යූඇන්පී ආණ්ඩුවක් පෙරලන එක කුමන්ත්‍රණයක්. උබත් හොඳයි බන් පැරා මහින්ද අබේසුන්දරගේ ජොබ් එක කරන්න.....

    ඉස්සෙල්ලා ලිපියේ මහින්ද අල්ලස් කොමිසමට යන්න බය ඇයි අහපු එකා අර අනෝ කිව්වම ඇහැරිලා නිවුස් කියවලාද කොහෙද දැන් කියනවා එකත් රාජපක්ෂ කුමන්ත්‍රණයක් ලු. අනේ හුකේ.

    දැන් බලන කොට ආර්ථිකේ බකල් උනෙත් රාජපක්ස කුමන්ත්‍රණයක්. තව ටික දවසකින් ලියාවිද දන්නේ නෑ රනිල්ට ළමයි නැත්තෙත් තනිකර මහින්දගේ වරද කියල.......

    අනික ජාතික ශෝක දින මැද මිනිස්සු උනන්දුවෙන් අවුරුදු කෑව ලු. අවුරුද්දට කොත්තමල්ලි කාපු උන් නම් කන්න ඇති. රතිඤ්ඤා සද්දෙන්ම පෙනුනා කොච්චර වෙනදට වඩා අඩු ද කියලා. කන්න ඕන කම තිබ්බ නම් ඔය ගණය ගේ මරණේ නිසා මිනිස්සු අවුරුදු නොකා ඉන්නේ නැහැ කියල පොඩි එකෙක් උනත් දන්නවා. ඔච්චර රෙදි නැතුව කඩේ යන්න එපා බන්..... තරුණ කාලේ ජෙප්පෝ නිසා නොමග ගිහින් ත්‍රස්තවාදී වැඩට අනුබල දීල හරි වදකාගාරෙකත් හිටිය කියන එකෙක් නේද බන් උබ..... පොඩි හරි දේශපාලන විඥ්ඥානයක් හදා ගනින් කෝ ..... ඇත්ත කියපන්, උබ දැන් චන්දේ දෙන්නේ යූඇන්පී එකට නේද?

    ReplyDelete
    Replies
    1. අනෙද කියන්නෙ. මෙ වගෙ වන්චා කාරයො ඉන්න හින්දා තමයි රනිල් හිතා මතාම රාජ්ය පාලනය විහිලුවකට අරන් තියෙන්නෙ. රනිල් විලි ලැජ්ජා නැතුව අර්ජුන් මහෙන්ද්‍රන්ව නිදහස් කරා. පැරලා ඇමතිකමක් දුන්නු එක ගැන පොලොවෙ හැපි හැපී විලාප තියනවා. මෙ මුකුත් නෙවෙ සහොදරයා මහ කොටියා මරපු එකෙ පලිය ගැනීම. නැත්නම් ජේර්ට, ප්‍රෙමදාසට, චන්ද්‍රිකාට වඩා මෙ හැත්ත රටට සාමය ගෙනාපු නායකයට වයිර කරන්නෙ මොකටද.

      Delete
    2. Apr 22 (ST) At least 700 persons sought treatment at the Colombo National Hospital for accident-related injuries during the New Year season, a 10% increase from last year, hospital’s director, Dr. Anil Jasinghe said.

      Delete
    3. AnonymousApril 22, 2015 at 1:08 PM

      ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  12. කිසිම විෂන් එකක් නැතුව දිගට හරහට පිං බතාලට බඩවල් පුරවන්න පොරොන්දු දීලා ඒවාට සල්ලි නැති උනහම කම්පැනි දෙක තුනක් ටාගට් කරලා මිනීමරු කප්පම් බදු ගැහුවා. මහබැංකුවේ ලොක්කා ඉන්සයිඩර් ට්‍රේඩින් කරලා අතේ මාට්ටු. අගමැති කියනවා කිසි අවුලක් නැහැ මම පර්සනලි වග කියනවා කියල, පස්සේ මාට්ටු උනාම යූඇන්පී ලොයර්ලා දානවා ඉන්ක්වයරි එකට. ආණ්ඩුවේ හවුල්කාරයෝ දවස් සීයක් යන්නත් කලින් කියනවා ඒවා හොර කම් කියලා. ලංකාවේ බිස්නස් කාරයෝ කරන්න එපා කියලා රාජපක්ෂ හොරා අකුලා ගත්තු සීපා එක ආයේ ඉන්දියාවට කරපු උදව් වලට ගාස්තු ගෙවන්න ගෙන්න හදනවා.

    ඔහොම උනහම ඉන්වෙස්ටර් කන්ෆිඩන්ස් නැති වෙනව තමයි ගොනෝ. දන්නේ නැත්නම් ඉස්කෝලෙක ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න පොඩි එකෙක් ගෙන් අහපන්. මහින්දට බැනල වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මුන් උග්‍ර සින්හල බෞද්ධ විරොදියො. මහින්ද සින්හල බෞද්ධයන්ගෙ නායකයා කියන තැන ඉදන් තමයි මුන් මහින්දට පහර ගහන්නෙ. ඕක මානසික ලෙඩක්, දුක කියන්නෙ තමන් සින්හල බෞද්ධ කියන ගමන් සින්හල විරොධී දෙශපාලන ධාරව පස්සෙ වැටිච්ච ගොන් ටොයියොත් ඉන්නවනෙ.

      Delete
    2. AnonymousApril 22, 2015 at 3:08 PM @
      මටත් පැහැදිලියි දැන්
      මමත් රැවටුනා. මුලදි ස්වාධීන විචාරකයන් ඉන්නව කියල හිතුවට සේරම මුල ඉදලම සිරිකොතෙන් තමයි රන් කරල තියෙන්නෙ

      Delete
    3. මල්ලි හරි මල්ලි... මුන් ඔක්කොම වෙන්ඩ පොශ් සිරිකොතවාසීන් ය..

      Delete
  13. මහින්ද කෙසේ වෙතත් ගෝඨායි බැසිලුයි වීරවංශයි වත් වසර තුනකට වත් හිරේ නොදමා මේ රට හදන්න බැහැ. මෙයින් මෛත්‍රිට නරක නාමයක් එනවා තමයි. ඒත් කරන්න දෙයක් නැහැ. පුද්ගලයින්ට වඩා මේ අව්ස්ථාවේ රට ගැන කල්පනා කිරීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. උඹේ අම්මගේ යහපාලනයක්නේ ඒක

      Delete
  14. //ඇමරිකාවේ බකිංහැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයන්// මහසොහොන් පිල්ලිය නම් බයියෙක් ම තමයි. ඇමරිකාවේ කොහෙද යකෝ බකිංහම් මාලිගාවක් ? මැදමුලනේ ගන්කබරයන්ගේ අශුචි ගිලින්න තමයි උබල වගේ බකිංහම් මාලිගාව තියෙන රටවත් දන්නේ නැති ගූ ගොඩවල් හරියන්නේ.

    ReplyDelete
    Replies
    1. ෂාහ් .. භූ ගෝලයට 100%
      බුද්ධි පරීක්ෂණයට 0%
      කහ කෑල්ලක් උරච්චි කරලා පුකේ ගා ගනිං

      Delete
    2. ++++++++++++++++

      Delete
    3. @ Anonymous April 22, 2015 at 2:25 PM,

      මේ මහ සොහොන් පිල්ලිය කියන එකා කොහෙද රටක සුද්දන්ගේ කක්කුස්සි හෝදන එකෙක්. ඉතිං ඌට මොළයක් කියලා දෙයක් පිහිටන්න විදියක් නැහැ. ඌට කිව්වොත් ලෝක සිතියමේ ඌ ඉන්න රට පෙන්නන්න කියලා ඇඳන් ඉන්න ලංකට් එකේ ගූ යයි. ඉතින් ඌ බයියෙක් ම තමයි.

      Delete
    4. මහසොහොන්පිල්ලිය පිටරටක ඉදන් ලන්කාවට ආවඩනවා. තොපි මෙහෙ ඉදන් සුද්දට, බෙදුම්වාදියාට අවඩනවා. ලැජ්ජා වෙන්න ඔනෙ තො.

      Delete
    5. ඇනෝ April 22, 2015 at 2:25 PM, April 22, 2015 at 6:09 PM ගොන්නුනි,

      යකෝ මෝඩ හැත්ත පිල්ලිය නොදන්නා දෙයක් නෙවි බොලව් ඇමරිකාවේ බකිංහම් මාලිගාවේ කතාව තොපේ ජනාධිපතියා කියපු කතාවක්. මෙන්න බලාගනියව්

      https://www.youtube.com/watch?v=3l7tweS1oDE

      ඉතින් නිවුස් එකක් වත් නොබලන තොපි නේද යකෝ අනිත් උන්ට උගන්නන්න එන්නේ

      පුදුමයක් නැහැ මෙහෙම මැටි මෝල්ලු ගවපාලනේට චන්දේ දෙනවා

      මේ ඉතින් අර ලක්ෂ 62න් දෙකක් තමා

      Delete
    6. ඔයාට හොඳටම ෂුවර්ද මේ වීඩීඕ එක මේකෙ මෛත්‍රීගෙ කට පේන්නෙ නෑනේ

      Delete
    7. මෛත්‍රීගේ කට ඕනේ නැහැ, ඌ රෙන සද්දේ ඇහෙන්නේ ඒ ඇතිනේ
      පොන්න හැත්ත, මේ ලෝකේ දෙයක් දැනගෙන නෙමෙයි කමෙන්ට් කරන්නේ

      Delete
    8. ඒක ඇත්ත.. සිරිසේනගේ කට ඌ ඇඳන් ඉන්න සරමෙන් වැහිලා...

      Delete
  15. හොදට තිබුන ආර්ථිකය මාස තුනෙන් රනිලා කෑවම ඒක වැරද්දත් මහින්දගෙලු. මෙ වසරෙ ආර්ථික වර්ධනය අඩාල වීම නිසා රටට වෙන පාඩුව දල වශයෙන් රුපියල් බිලියන 100ක් විතර වෙයි කියලා තමයි දැනට අනුමාන කරන්නෙ. ඒකටත් මහින්ද වගකියන්න ඔනෙ කියලා කිව්වම හිත පිරෙනවනම් ඉතින් එහෙම කියපල්ලා. පුලුවන්නම් ආර්ථිකය හිතා මතා අඩාල කරා කියලා රාජ්ය කුමන්ත්‍රන යටතෙ ඒ මිනිහව අත් අඩන්ගුවට ගනිල්ලා. ප්‍රබාකරන්ටත් සධාරනයක් වෙන්න එපැයි නෙද?

    ReplyDelete
  16. පිට රට ඉන්න ශ්‍රීලාන්කිකයොනම් හිතන්නෙ අපෙ රටෙ මිනිස්සුන්ට පිස්සු කියලා. අවුරුදු 30කට පස්සෙ යුද්දෙත් ඉවර කරන්, වාද විවාද මැද්දෙ පවා රට දියුනු වෙද්දී ආණ්ඩුවක් මාරු කරන්න තරම් තිබුනෙ ප්‍රශ්නෙ මොකක්ද කියලා ඔවුන් අහනවා. ඔවුන් කොහොමත් පිටරට ඉන්න නිසා දන්නවා සුපිරි ප්‍රජාත්‍රන්තවාදය තියෙන්නෙ දිවිය ලොකෙ විතරයි කියලා. වඩා වැදගත් රට දියුනු කරන්න පුලුවන් පිම්ප පනින එක කියලා.

    එක අතකින් දෙමල, මුස්ලිම් මිනිස්සුනම් මයිත්‍රීට චන්දෙ දුන්නෙ යහපාලනයකටවත්, ප්‍රජාත්‍රන්තවාදයකටවත් නෙවෙ මහින්ද කියන්නෙ තමන්ගෙ හතුරා කියලා හදලා තිබුන මතවාදය නිසා. ඔවුන්ට අනූව තමන්ට සයනයිඩ් කරලා දුන්නු මිනිහා දෙවියා. ඔවුන්ට සාමය දුන්නු මිනිහා ආක්‍රමනිකයා. ඒක ඉතින් රටෙම කරුමෙ මිසක් මහින්දගෙ විතරක් කරුමෙ නෙවෙ.

    ReplyDelete
    Replies
    1. ඔය පිටරට කිව්වෙ ස්වාසිලන්තය, උගන්ඩාව වගේ රටවල ඉන්න ලාංකිකයො වෙන්නැති..

      දියුනු වැදගත් රටක හිටපු එකෙක්නම් දන්නව රට දියුනු වෙනවයි කියන්නෙ සුදුවෑන් යවල විරුද්ධවාදියො මරන එකවත්, වතුර ඉල්ලුවයි කියලා වෙඩි තියන එකවත්, ලෝකෙ වැඩිම වියදමක් කරල ණයවෙලා අධිවේග හදල ඒවයින් ගසාකන එකවත්, නැව් නෝන වරාය/ ප්ලේන් නැති එයාපෝට් හදන එකවත් නෙමේ කියල..

      Delete
    2. මලකොලං, අපිට පිස්සු කියන්න අපියැ ජන්ද තිබ්බේ උන්දෑම නෙව.

      Delete
    3. AnonymousApril 22, 2015 at 3:55 PM @
      යුද්දෙ පැත්තකින්ම තියමු. මාර්ග සංවර්ධනය අපිට ඇගට දැනුන දෙයක්. මත්තල , හම්බන්තොට වරාය නම් නාස්ති තමයි. . නමුත් මහින්ද කියන පුද්ගලයට විරුද්ධව මේ තරම් වෛරෙකින් කොමෙන්ට් කරන අය ගැන නම් ලොකු සැකයක් තියනවා. එක් කෙනෙක් යුද්දෙ සහ ප්‍රභාකරන් ගැන ගැන දක්වපු කොමෙන්ට් එකක් මට මතකයි. ඔහු හිතුවෙ හැමෝටම ඒක අමතකයි කියල.ඉතාම මෑතකදි ඔහු යුද්දෙ දිනුව එකට මහින්දට ප්‍රශංසා කළා.ඔහු නිතර ලියන කෙනෙක් නොවෙයි. කාලෙකින් අප්ඩේට් කරලත් නෑ. ඒ ඇති.මේ අයගෙ මානසිකත්වය පොදුයි.

      කොහොමත් මේ අයට අත් අඩංගුවට ගන්න ඕන මහින්ද විතරක් නොවෙයි විමල් වීරවංශ , උදය ගම්මන්පිල , නලින් ද සිල්වා , ගුනදාස අමරසේකර වගෙ අයත් හිරකරන්න ඕන. බෙදුම්වාදයට එරෙහි හැමෝම.
      යහපාලන හොරු හොරාගෙ අම්මගෙ කමිටු වාර්තාවලින් නිදහස් කරනව.

      Delete
  17. ශ්‍රීලනිප ලෙකම් සල්ලි වලට අරගෙන ඒ පක්ශයටම විරුද්දව ජනාධිපතිවරනයට දාන එක දූශනයක් නෙවෙලු. ඒක සදාචාර සම්පන්නයිලු. එජාපෙ ලෙකම් අරගෙන හිස් උන ඇමතිදූරයක් පිරවීම සදාචාර විරොධියිලු. දූශනයක්ලු. අනෙ අනිච්චන් එජාපෙට විරුද්දව විප්ලව කරපු චෙ ගුවෙරලා අන්තිමට වික්‍රමසින්හ වලව්වෙ ආව තෙව වලට වැටුන එකනම් හරිම ලොල් සහගතයි.

    ReplyDelete
    Replies
    1. විප්ලවය දිනුවනම් මේ වචන දාලම තමා මර්ධනය කරන්නෙ.වෙනත් මත දරන අය හිරකරන්න කියන ලස්සන.

      Delete
    2. විප්ලවය දිනුවනම් මෙලහට මුන් රටෙ ජනගහනයෙන් කාලක් විතර මරලා. මාක්වාදියො කොහෙද මිනී නොමරා රටවල් පාලනය කරලා තියෙන්නෙ.

      Delete
  18. මහාචාර්ය මාතර සුනිල්.
    මොකෝ බන්? අද උඹ රාජ්‍ය විරෝදී commets කපන්නේ නැතෙයි? මෙගේ එක විතරක් කපල.

    ReplyDelete
  19. පැරා මෙ වගෙ මොඩ කතා ලියන්නෙ බ්ලොග් එකෙ හිට් ගාන වැඩි කරගන්න නෙද?

    ReplyDelete
  20. බයි කොල්ලනේ, හොරු අල්ලන වැඩේ ආණ්ඩුවට බාර දීලා දැන්වත් කටයි පුකයි වහගෙන හිටිය නම් හොඳයි නේද?

    ReplyDelete
  21. ඔයාට ඔචිචර ෂුවර් ද මේ ආණ්ඩුව ගැන, මහමැතිවරණයෙන් නියම බලයක් ගන්න කරන රගපෑමක් කියල තේරෙන්නෙ නැද්ද මේක..යූ ඇන්පියට බලය ලබා ගැනීමට එහා දෙයක් තියෙනව කියල පේනවද..රටට ආදරේටද මේව කරන්නෙ..මේ ලියන ඒවගෙන් ඔයා ඉන්නෙත් කොතනද කියල පේනව..නිකන් පල් හෑලි විතරයි

    ReplyDelete
  22. --------ටෙලිෆෝනයෙන් පජාත වී ගිය යහපාලන හෙළිදරව්ව...-------

    දිනය : 2015.04.23

    වෙලාව : පස්වරු 4.00ට

    ස්ථානය : සෞඛ්‍ය අමාත්‍යාංශය

    මූලිකත්වය : සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා.

    සහභාගී වූ අය : බස්නාහිර පළාත් සභා ඇමතිවරු සහ මන්ත්‍රීවරු

    මාතෘකාව : ඉදිරි මැතිවරණයට සහය ලබා ගැනීම

    සහභාගී වූ පළාත් අමාත්‍යවරුන් : රංජිත් සෝමවංශ
    ගාමිණී තිලකසිරි

    සහභාගී වූ පළාත් සභා මන්ත්‍රීවරු :
    ඉසුර දේවප්‍රිය
    හෙක්ටර් බෙත්මගේ
    මංජුල බුද්ධදාස
    මල්ශා කුමාරතුංග
    කීර්ති කාරියවසම්
    සුමිත් ලාල් මැන්දිස්
    ලලිත් වනිගරත්න
    කරුණාරත්න අතුකෝරල

    හිටපු පළාත් සභා ඇමතිවරු : සුමිත් විජිතමුණි සොයිසා

    සහභාගී වූ අනෙක් පුද්ගලයින් : සෞඛ්‍ය ඇමතිතුමාගේ ලේකම්වරයෙක් වන අම්ජාඩ් මහතා..

    පළමු අදහස් දැක්වීමේදී ඉදිරිය ගැන අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා :

    1. අපි අද බැසිල්ව ඇතුලට ගන්නවා.....
    2. අපි මේ සතියේ ගෝඨාව ඇතුලට ගන්නවා...
    3. ලබන සතිය ඇතුලත අපි නාමල්ව ඇතුලට ගන්නවා....

    අනතුරුව මන්ත්‍රීවරෙයෙකුගෙන් ප්‍රෂ්ණයකි...

    සර්, කවුරු ගත්තත් වැඩක් නෑ නේද සර්.. මහින්ද මහත්තයා ගන්න ගිහින් වෙච්ච දේ දැක්කනේ... නිකන්ම අකුලගන්න උනා නේද?

    ඊට පිළිතුරු සපයන රාජිත අමාත්‍යවරයා :

    අපිට දැන් ඉන්නව ෆීල්ඩ් මාශල් කෙනෙක්.. මහ මැතිවරණෙට නොමිනේෂන් දෙන්න දවස් දෙකකට කලින් අපි ෆීල්ඩ් මාශල් දාල මහින්දව කුදලගෙන ඇවිත් ජම්පරේ අන්දලා කූඩුවට දානවා.. ඊට පස්සේ එයාට නොමිනේෂන් දෙන්න හම්බෙන්නේ නෑ.. එතකොට අපි නිකම්ම දිනුම්...

    නැගී සිටි රංජිත් සෝමවංශ පළාත් සභා අමාත්‍යවරයා :

    සර්, මට සර්ලා පොරොන්දු වුනා මහ ඇමතිකම දෙනවා කියලා.. ප්‍රසන්න දඟලනවත් වැඩියි.. ඒත් තාමත් මහ ඇමති ප්‍රසන්නමයි... මේකට මොකක් හරි කරන්න...

    පිළිතුරු දෙන රාජිත ඇමතිවරයා :

    ඔව්.. ප්‍රසන්නයා දඟලනවා වැඩියි තමයි.. ඌත් එක්ක ඩීල් එක දාන්න අපි අර්ජුනව යැව්වා.. ඌ අර්ජුනටත් සරෙන්ඩර් නෑ.. දැන් අපි පළාත් සභාවට යවන සල්ලි ඔක්කොම නවත්තනවා.. පඩි ගෙවනවත් යවන්නේ නෑ.. එහෙම කරලා මෛත්‍රී ලව්වා ප්‍රසන්නට වෝන් කරවනවා.. එහෙම බැරි වුනොත් ඉතින් කණට දෙකක් ගහලා එළියට දානවා...

    ඔන්න ඔහොමයි මූලික සැලසුම... මේ සාකච්ඡාවේදී කතා වූ තව කොටස් අපි මේ සතියේදී වරින් වර පල කරනවා..

    දුකට හේතුව නම්, දුරකථන මාර්ගයක් හරහා බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ මුළු සාකච්ඡාවටම ඇහුම් කන් දී සිටීමයි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා