Posts

Showing posts from January, 2015

කුමාර් ගුනරත්නම්ගේ ගැටලුව විසඳා ගත හැකි මග

Image
සැබෑ පෙරටුගාමී සටන් පාඨය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සටන් පාඨය ජවිපෙන් කැඩුණු වාම ප්‍රවණතාව එක් කලෙක අපට ආස්වාදයක් විය.  මම ඔවුන්ගේ ජනරළ පුවත්පතට ස්වේච්ඡාවෙන් ලියන්නෙමි. මගේ ලිපිය ලබා ගැනීමෙන් එහා ගිය මිනිස් සම්බන්ධයක් මා සමග ගොඩනගා ගන්නට ඔවුන් උත්සාහ නො කිරීම ගැන මම ඇත්තට ම කණගාටු වෙමි.  පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔවුන් හා මා අනුගමනය කළ උපායමාර්ග සපුරා වෙනස් ය. අපි මහින්ද රාජපක්ෂ පවුලේ ඒකාධිපති පාලනය පැරදවිය යුතු ය යන පදනමින් දිවි පරදුවට තබද්දී ඔවුන් තේරුවේ මහින්ද රාජපක්ෂට වාසිදායක ස්ථාවරයකි. මෙම ජනාධිපතිවරණයේදී සමාජවාදී විකල්පයක් ගොඩනගන්නට බැරි බව ඕනෑම කෙනෙකුට වැටහේ. අපි කළේ රාජපක්ෂගේ ජාතිවාදී, ම්ලේච්ඡ, ඒකාධිපති පාලනය පරදවා ධනේශ්වර පාලකයන්ට යම් සංඥාවක් දීමයි. වෙනසින් පසු බිහි වූ පාලනයෙන් සාපේක්ෂ ශිෂ්ටත්වයක්, මානුෂිකත්වය පිළිබඳ අදහසක්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් හා අන්ත ජාතිවාදී නො වන තත්වයක් ජනතාව අපේක්ෂා කරති. අපි ඒ අපේක්ෂාව ධනේශ්වර ආණ්ඩුවේ නළලේ කෙටුවෙමු. එසේම ඔවුන්ට යටත් නො වී දිගට ම අරගල කරන්නෙමු. ඔවුන්ගේ උපායමාර්ගය පක්ෂය ලෙස සුරැකීමට හා කුමාර් ගුනරත්නම් සහෝදරයා යළි දේ

ලැබූ ජය කෙතරම් සුවිසල් එකක් ද යන වග

Image
එය වනාහි ලංකා ඉතිහාසයේ නින්දිත, සාපරාධී යුගයකි. යුද්ධය හා යුද ජයග්‍රහණය මුවාවෙන් ඔවුහු ලංකාවේ සියලු අංශ විනාශ කළ හ. අධිකරණයේ මුල් පුටුවලට සිය බැලයන් පත් කරගෙන අධිකරණයේ ස්වාධීනත්වය නැති කර දමන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොටස් වෙළඳ පළේ කොටස් සේ විකිණෙන තත්වයට පත් කර මහජන නියෝජනය විහිළුවක් බවට පත් කරන ලදී. රාජ්‍ය සේවයේ හැම අස්සක් මුල්ලක් නෑර ම දේශපාලන ඇඟිලිගැසීම් ව්‍යාප්ත කරමින් ද, වැඩ නො කර හෝ අඩුවෙන් වැඩ කර පඩි ගන්නා දූෂිතයන්ගෙන් රාජ්‍ය සේවය පුරවමින් ද, අල්ලස, දූෂණය රජ කරවමින් ද එය විනාශ මුඛයට ඇද දමන ලදී. නීතියේ පාලනය නැති කර දමමින් මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර නිරතුරුව වාර්තා වන තත්වයක් නිර්මානය කරන ලදී. දේශපාලනික ජනප්‍රියත්වය පිණිස පොලිසිය ලවා නීතියට පිටින් අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය දියත් කරමින් භීෂණය වැපිරුවේ ය. විරුද්ධ මත පළ කරන්නන්ට හිංසා කිරීම, පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම හා ඝාතනය කිරීම දිගට ම කරගෙන යමින්, දේශපාලනික භීෂණයක් නිර්මානය කරමින්, විකල්ප මත දරන්නන්ට රටින් පළා යන්නට හා/හෝ නිහඬ වන්නට සිදු වන තත්වයක් ඇති කරන ලදී. සංවර්ධනය නමින් මහජන අනු

සරදියෙල් අයවැයත් අරන් ඇවිත්

Image
දින සීයේ ආණ්ඩුවේ අතුරු අයවැය ඉතා පැහැදිලිව ම මැතිවරණ අයවැයකි. එය එක්තරා ආකාරයකට ධනවතුන්ගෙන් ගෙන දුප්පතුන්ට බෙදා දෙන සරදියල් අයවැයකැයි කීවත් වරදක් නැත. එය ඉතා පැහැදිලිව ම ජනප්‍රියත්වය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයකි. මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ග්‍රාමීය පහළ මැද පංතිය ආකර්ශනය කර ගැනීම එහි ප්‍රධාන ඉලක්කය බව පෙනේ. අයවැයෙන් දී තිබෙන සහන ගැන හැම තැන ම පළ වන බැවින් අපි මෙහිදී ඒ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කර තිබේ. එහෙත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා රජය කැපී පෙනෙන මැදිහත් වීමක් කර නැත. ලත්ෂ හැට පහකට අධික පෞද්ගලික අංශයේ සේවකයන් අතෘප්තිමත් කිරීම සඳහා මෙය ඉවහල් කර ගැනීමට විපක්ෂයට අවස්ථාව ලබා දී තිබෙන මුත්, රජයේ යෝජනාවකින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම ප්‍රායෝගික නො වන බව අමුතුවෙන් කිව යුතු නැත. පෞද්ගලික අංශයේ සේවා විවිධත්වය අතරමැද වැටුප් වැඩි කර ගැනීම සඳහා සේව්‍යයන් සමග අරගල කිරීමට සේවකයන්ට සිදු වනු ඇත. කෑලි ගණනට, දවස් කුලියට, කොන්ත්‍රාත් පදනමින්, ස්වයං රැකියා ආදී වශයෙන් විවිධ ආකාරවලට සේවය කරන පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩ

අග විනිසුරු දේශපාලනය නො තේරෙන කුක්කු පැටවුන්ට

Image
අග විනිසුරු මොහාන් පීරිස් පත් කළ ආකාරය මෙන් ම ඉවත් කළ ආකාරය ද වැරදි බව ලංකාවේ අධිකරණය පමණක් නොව සමාජ දේහය ම විනාශ කිරීමට දායක වූ ප්‍රධානියෙක් වන හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා පවසයි.  මේ අතර ලංකාවේ අධිකරණය තුට්ටුවකට මායිම් නො කළ මහින්ද රාජපක්ෂ පසුපස තවමත් යන බැලයන්ට මේ ඉවත් කිරීම මාර අවුලක් වී තිබේ. ඒකෙන් යහපාලනය නැති වෙනවා ලු. ඒ කුක්කු බබාලාට හරි දුකලු.  මේකට ඉතින් උත්තරයක් දෙන්න වෙන්නෙ අමු හිංගලෙන්. තරහ අවසර.  නිකං බබා උක්කුං ඕනැ නැහැනේ. කාට කාටත් තේරෙන්න ඕනැනේ ආයුබොවං දේශපාලනය කියන්නෙ මොකක් ද කියලා. ආණ්ඩුව අග විනිසුරු අයින් කළ විධියේ නීතිමය තර්කයක් ති‍බෙනවා. ඕනැ නං උසාවි ගිහිල්ලා අර්ථකථනය කරගන්න පුළුවන්. ඒත්, දේශපාලනිකව ගත්තොත් මේක ආණ්ඩුව බලය තහවුරු කර ගන්න ගත්ත ක්‍රියාමාර්ගයක්. දැන් අපෙන් අහන්න එපා බලය තහවුරු කර ගන්න කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේක හරි.  පරාජිත මහ‍රජා එක්ක විතරක් නෙමෙයි අර යකඩ හොරා සුදර්මන් රදලි‍යගොඩත් එක්කත් කූට්ටාලිකං කරන, කුමන්ත්‍රණවලටත් සම්බන්ධ, මේ කුජීත දූෂිතයාව තනතුරේ තියාගෙන ඉන්නවා කියන්නේ පිළිකා සෛලයක් මො

ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩින් හා හොර වෙදුන්ට නැවත නැගිටින්නට ඉඩ නො දිය යුතු ය

Image
ටයි කෝට් ඇඳි ගල් වැද්දෝ මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු කේන්දරකාරයෝ, කට්ටඩියෝ හා හොර වෙද්දු නන්නත්තාර වී සිටිති. පහත වීඩියෝවේ දැක්වෙන උද්ඝෝෂණය ඔවුන්ට වැදුණු බඩේ පාර නිසා ය.  දැන් මේ පිරිස ඉල්ලා සිටින්නේ රතුවිතානලාට, සුමනදාස අබේගුණවර්ධනලාට, චන්ද්‍රසිරි බංඩාරලාට තිබුණු තැන තමන්ට දෙන්න කියා ද?  ජ්‍යෝතිෂයට සිදු වූයේ අන් කිසිවක් නොව, එය මිනිසුන් රවටා මඩි තර කර ගන්නා මහා ජාවාරමක් වීමයි. බාගෙන කන්නට තිබුණු වල ඉහගෙන කන්නට යාමයි.  ජ්‍යෝතිෂය කිසියම් සංස්කෘතිකාංගයක් ලෙස රාජ්‍යය විසින් ඉවසිය යුතු ය. එහෙත්, එය මහජන මුදලින් ජනාධිපති උ‍පදේශකයන් නඩත්තු කරන මට්ටමට නම් කිසි සේත් ම නො ගෙනිය යුතු ය.  රජය මෙවැනි මිථ්‍යාවන් ප්‍රවර්ධනය කිරීම වහා නවත්වා දැමිය යුතු ය. අධ්‍යයනයක් කර බැලුවහොත්, ග්‍රාමීය දිළිඳුකමට, පවුල් ආරාවුල් බොහොමයකට හා සෞඛ්‍ය ගැටලු රැසකට හේතුව ජ්‍යෝතිෂය, මන්තර ගුරුකම් හා හොර වෙදකම බව සිතා ගත හැකි ය.  නිදසුනක් ලෙස දිළිඳු ජන කණ්ඩායම් තම කාලකන්නිකමට හේතුව ලෙස ජ්‍යෝතිෂ කරුණු හඳුනාගෙන කේන්දරකාරයන්, සාත්තරකාරයන් හා කට්ටඩින්ට සැලකිය යුතු මුදලක් පුද කරති. එසේම, ඔවුන්ගේ කටයුතු නිසා පවුල්

අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු!

Image
එදා අග විනිසුරු නිවස ඉදිරිපිට කිරිබත් කෑ රිලවුනි, දැන් ගූ කාපියව්! අද ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ දවසකි. නීති විරෝධී දෝෂාභියෝගයකින් හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක බලයෙන් පහ කර ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම තනතුරට පත් කරන ලද ඔහුගේ අන්තේවාසිකයකු වූ මොහාන් පීරිස් අද දින පන්නා දමන ලදී.  මේ වනාහි මහජන බලයෙන් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන ලද, ලෝක ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවකි. එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ තර්ක තිබිය හැකි ය. නීති විරෝධී අන්දමින් පත් වූවෙක් එළවා දැමීමට අලුතෙන් නීති අවශ්‍ය නැත. මන්ද, එම පත්වීම ම නීති විරෝධී වන හෙයිනි. සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය ම නීති විරෝධී ය. පක්ෂග්‍රාහී ය. එමගින් සැකකරුවකුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට තිබුණු මූලික මානව හිමිකම උල්ලංඝනය කරන ලදී. එය නිවැරදි කළ යුතු ය. එම ක්‍රියාවලියට අනුකූලතාව දැක්වූ වත්මන් ජනාධිපතිවරයා එය නිවැරදි කිරීමට පියවර ගැනීම සුවිශේෂ ය. හරියට අර ඔහු ග්‍රාමසේවක ලෙස ඉල්ලා අස්වීම භාර දුන් දිසාපති ඔස්ටින් ප්‍රනාන්දුව නැවත ඔහු ජනාධිපති වී ආණ්ඩුකාර පදවියකට පත් කරනවා වගේ ම ය. ශිරානි බණ්ඩාරනායක පිරිසිදු අග විනිසුරුවරියකැයි අපි

සිරකරුවන් මරා දැමීම ‍පහත්, නීච පාලකයන්ගේ ප්‍රධාන ලක්ෂණයකි

Image
සිරකරුවන් විසින් අවි අතට ගෙන කරන ලද කැරැල්ල මර්දනය කළ යුතුව තිබිණි. එහෙත්, ඔවුන් නිරායුධ කිරීමෙන් ‍පසු තෝර, තෝරා වෙඩි තබා මරා දැමීම නීති විරෝධී මනුෂ්‍ය ඝාතනයකි.  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වනාහි අපරාධ මානසිකත්වයෙන් යුත්, දූෂිත උම්මත්තකයන් පිරිසකගේ පාලනයකි.  ශිෂ්ට පාලකයන් විසින් අත නො ගසනු ලබන නීච කාර්යයන්ට අතගැසීමේ එඩිතරකම මේ පාලකයන්ට ලැබුණේ ඒ මානසිකත්වය නිසා ය.  මෙවැනි පාලකයන් මීට පෙර ද ලංකාවේ බලයේ සිටිය හ. උදාහරණයක් ලෙස ජේ. ආර්. ජයවර්ධන 1983 ජුලි කලබලය නිර්මානය කරමින් දෙමළ ජන සංහාරයක් හා අති දැවැන්ත දේපල විනාශයක් සිදු කළේ ය. එසමයේ ඔහුගේ අනුදැනුම ඔස්සේ හා නීතිමය රැකවරණය ඔස්සේ දෙමළ දේශපාලන සිරකරුවන් පනස් ගණනක් වැලිකඩ බන්ධනාගාරය තුළ කපා කොටා මරා දමන ලදී.  සිරකරුවන් මරා දැමීම ‍පහත්, නීච පාලකයන්ගේ ප්‍රධාන ලක්ෂණයකි.  නීතියේ ආධිපත්‍යය සුන් කර දමා, විෂමතා බෝ කර, පාරිභෝජනවාදී ධනේශ්වර ජීවන විලාසය උත්කර්ෂයට නැංවීම අපරාධ සුලබ වීමට හේතුවයි. පාලකයෝ ම කුඩු විකුණා මුදල් හම්බ කරගෙන ඇති බව දැන් ඔප්පු වෙමින් තිබේ. පාලකයෝ ම පොලිසිය, ආරක්ෂක හමුදා හා ඝාතක කල්ලි යොදාගෙන අපරාධවල යෙදුණු බව දැනට ලැබ

දූෂිත, කුමන්ත්‍රණකාරී අග විනිසුරු පන්නමු!

Image
මහින්ද රාජපක්ෂ පාලනය විසින් තමන් විසින් ම අවිධිමත් ලෙස පත් කරන ලද හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක අයුක්ති සහගත ලෙස දෝෂාභියෝගයට ලක් කරමින් එම තනතුරට පත් කර ගන්නා ලද දූෂිත, පක්ෂග්‍රාහී පුද්ගලයකු වන මොහාන් පීරිස් ජනාධිපතිවරණයට පසු දින ප්‍රතිඵල අත්හිටුවා, හමුදාව යොදවා, මහින්ද රාජපක්ෂ දිගට ම බලයේ තබා ගැනීමට කරන ලද කුමන්ත්‍රණයට ද සම්බන්ධ වූයේ ය. මහින්ද රාජපක්ෂ පාලන‍ය පෙරළීමෙන් අනතුරුව ඔහුට ඉල්ලා අස් වන ලෙස සිදු වූ බලපෑම් තුට්ටුවකට මායිම් නො කරන ඔහු විවිධ මාධ්‍ය සංදර්ශන පෙන්වමින් හා අස් වීමට විවිධ කොන්දේසි දමමින් තනතුරේ රැඳී සිටියි.  මෙවැනි දූෂිත, පක්ෂග්‍රාහී අග විනිසුරුවරයකු බලයේ තබා ගැනීම නව රජයට ඉතා අහිතකර ය. මොහු දැනට නිශ්ශබ්දව සිටිය ද අවස්ථාව උදා වූ හැටියේ දෂ්ට කරනවා ඇත.  චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් අග විනිසුරු ධුරයට පත් කරන ලද සරත් නන්ද සිල්වාට එරෙහිව කටයුතු නො කිරීම නිසා 2001දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලයෙන් පහ කිරීමට චන්ද්‍රිකාට සරත් නන්ද සිල්වාගේ සහයෝගය ලැබිණි.  වසරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලත

පොලිසියට දී ඇති නිදහසේ මිනී මැරීමේ අවස්ථාව අහිමි කරනු!

Image
මෙම ඡායාරූපයේ සිටින පිරිස උද්ඝෝෂණය කරන්නේ පුත්තලම පොලිසියේ නිලධාරියකු විසින් පුත්තලම රෝහල් භූමියේදී පුද්ගලයකුට වෙඩි තැබීමට එරෙහිවයි.  සිද්ධියට මුල් වී තිබෙන්නේ පොලිසිය සමග ඇති වූ තර්ක කිරීමකි. වෙඩි වැදුණු පුද්ගලයා පොලිස් අණ නො තකා ධාවනය කළ බව පොලිසිය කියයි. තර්ක කිරීම සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. සිද්ධිය වී තිබෙන්නේ පසුගිය ජනවාරි 25දා ය. පොලිසිය හෝ හමුදාව සමග තර්ක කිරීම ඉතා අනතුරුදායක බව මේ රටේ ජනතාව දනිති. හේතුව ඔවුන් අතට දී ඇති ගිනි අවි හා ඔවුන් සතු බලය වඳුරන් අත දැලි පිහි වැනි බව කවුරුත් දන්නා නිසා ය. එහෙත්, ඇතැම් එඩිතර මිනිස්සු තමන්ට අසාධාරණයක් වූ විට එයට එරෙහිව පොලිසිය සමග තර්ක කරති. පොලිසියට තර්ක කිරීම රුස්සන්නේ නැත.  ලංකාවේ පොලිසිය කාලාන්තරයක් තිස්සේ හිතන්නට හුරු වී සිටින්නේ තමන් මහජනයා මර්දනය කරන්නට සිටින ආයතනයක් ය කියා මිස තමන් මහජන සේවාවක් ය කියා නො වේ.  මහමගදී පොලිස් නිලධාරියකුගෙන් පාරක් අසනවාටවත් ඇතැම් පොලිස් නිලධාරීන් කැමති නැත. පොලිසිය ඉතා සුළු හේතු මත මිනිසුන් මරා දැමූ සිද්ධි ගණනාවක් පසුගිය සමයේ වාර්තා විය. පොලිස් නිලධාරීන්ට පහර දුන් හා ඝාතනය කළ ඇතැම් සැකකරුවන්ට

අලුත් ආණ්ඩුවට එරෙහිව තවත් කුමන්ත්‍රණයක් අත ළඟ ද?

Image
අපි ඒකාධිපති රාජපක්ෂ රෙජිම පන්නා දැමුවෙමු. නව ආණ්ඩුවේ දින 100 ප්‍රතිසංස්කරණ හා සහන වැඩසටහනටත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන සෙසු ප්‍රගතිශීලී පියවරවලටත් අපි සහයෝගය දෙන්නෙමු. එසේම, ඒකාධිපතියාගේ හෝ ඔහුගේ අන්තේවාසිකයන්ගේ යළි පැමිණීම වැළැක්වීමට ද අපි කටයුතු කළ යුත්තෙමු. මහින්ද දැන් සෙ‍මින් සෙමින් බෝලෙ බැස්සීම ආරම්භ කර තිබේ. පසුගිය දිනෙක ඔහු චම්පික රණවකට කතා කර ඇති බව වාර්තා වේ. "ඔයගොල්ලෝ කට්ටිය එකතු වෙලා මාව පැරැද්දුවා නේ ද?" මහි බබා අසා ඇත. මේ සෙන්ටිමෙන්ටල් ටෝක්වලට රැවටෙන කොකෙකු නො වන්නැයි අපි චම්පික රණවකට අවවාද කරමු. ඒකාධිපතියා දිනුවා නම් මේ වන විට ඔය කොයි කාටත් රෙන්න පුකේ ගූ නැති බව නැවත මතක් කර ගැනීම හොඳ ය. මේ අතර අගවිනිසුරා ද සෙල්ලං දාන්නට පටන් ගෙන ඇත. පාප් ඇවිත් ගියාම යඤ්ඤං, උපන් දිනේට යඤ්ඤං ආදී වශයෙන් එක එක සෙල්ලං දාන ඔහුට දාලා දුවන්න දුන්නා නම් නරක ද යන්න ගල්පනා කළ යුතු ය. ඔහුට හා ඔහුගේ බොසාට එරෙහිව ඇති රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධ විමර්ශන කඩිනම් කළ යුතු ය. මේ අතර ගෝඨාභය රාජපක්ෂ ද පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දෙමින් මං සුදනා වෙන්නට හදමින් ඇත. 

සිරසේ කට්ටිය තාම රෙන්නේ වල කක්කුස්සිවල ද?

Image
සිරසේ ගිය පහත පළ වන ප්‍රවෘත්තිය හිටපු වරාය ඇමතිවරයා හා සභාපතිවරයා භාවිතා කළ බව කියන හම්බන්තොට වරායේ පිහිටි කාමර දෙකක් ගැනයි. සිරස රූපවාහිනිය එ්වා හඳුන්වන්නේ 'අධි සුඛෝපභෝගී' කාමර ලෙසයි. අපට නම් පෙනෙන පරිදි ඒවා යම් පිළිවෙලක් ඇති නිදන කාමර දෙකක් පමණි. මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකුගේ කාර්යාලවල මෙවැනි පහසුකම් තිබේ. මේවාට අධි සුඛෝපභෝගී යන වදන භාවිතා කරන අය තවම රෙන්නේ වල කක්කුස්සිවල විය යුතු ය. නිදා ගන්නේ බූරු ඇඳන්වල විය යුතු ය. මෙවැනි පුවත්වලින් සිදු වන්නේ වත්මන් ඇමතිවරුන් ජෝක් වීම හා පසුගිය ආණ්ඩුවේ දූෂණ හෙළිදරව් කිරීම ද සිල්ලර වැඩක් බවට පත් වීමයි. වරායේ මීට වඩා ගැහිලි තිබේ. හෙළිදරව් කළ යුත්තේ ඒවා ය.  සිරස පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ පොදු අපේක්ෂකවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කළේ ය. එය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිරසෙන් සිදු වූ දැවැන්ත මෙහෙයකි. එහෙත්, සිරසේ ජනමාධ්‍යකරුවන් විසින් කරනු ලබන ඇතැම් කටයුතු හේතුවෙන් සිරස විහිළුවක් බවට පත් වන බව අපි අපගේ ෆේස්බුක් පිටුව හරහා පෙන්වා දුන්නෙමු.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන

ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම ගෝඨාගේ හෙල්පිං හම්බන්තොට ද?

Image
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නීති විරෝධී ක්‍රියා දෙකක් මේ වන විට හෙළිදරව් වී තිබේ. ඉන් එකක් වන්නේ කොළඹ ගාලු මුවදොර ආසන්නයේ යුද හමුදා මූලස්ථානය විකුණා ලබා ගත් මුදල් නීත්‍යානුකූල අන්දමින් රජයේ සංයුක්ත ගිනුමට බැර නො කර, පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව ආරක්ෂක ලේකම් නමින් වෙනම ගිනුමක තබා ගැනීමයි. එයට කැබිනට් අනුමැතිය ගත් බව ඔහු කියතත්, එවැනි ක්‍රියාවක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව දැන් හෙළි වී තිබේ. එයින් පසු ‍ගෝඨාභය රාපක්ෂ කියන්නේ එ‍සේ නො කළා නම් අකුරුගොඩ නව හමුදා මූලස්ථානය මේ අන්දමින් ගොඩනගන්නට නො ලැබෙන බවයි. එය නම් අපූරු කතාවකි. ඔහු ඇත්ත වශයෙන් ම පසුගිය ආණ්ඩුවේ දෙවන බලවත් ම පුද්ගලයා විය. රාජ්‍ය සේවය තුළ ඔහුට බැරි දෙයක් නො තිබිණි. එහෙම තත්වයක් තුළ රටේ පවතින නීතියට අනුකූලව අරමුදල් සම්පාදනය කරගෙන හමුදා මූලස්ථානය හදන්නට ඔහුට බැරි ද? රාජ්‍ය අංශය තුළ ඔහුට කළ නො හැක්කක් නොමැති බව සඳහා නිදසුනකි, දෙවන සිද්ධිය. ඒ ඇවන්ට් ගාඩ් සිද්ධියයි. සැකෙවින් මෙසේ ය. සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කර ගැනීම සඳහා වෙළඳ නැව්වලට අවි සහ ආරක්ෂාව සැපයීමේ ව්‍යාපාරයක් නාවික හමුදාව කරගෙන ගියේ

කියුබාව සම්බාධක රහිත යුගයකට

Image
2013 වසරේ පැවැත්වුණු  නෙල්සන් මැන්ඩෙලා සමරු මෙහෙය අවස්ථාවේ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හා කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ දකුණු අප්‍රිකාවේදී ප්‍රසිද්ධියේ අතට අත දුන්නා.  ඊට දින කීපයකට පසුව, තමන් අතර පවතින විෂමතාවයන්ට ගරු කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර ශිෂ්ඨ සම්පන්න සම්බන්ධතා ඇති කර ගත යුතු බව ාවුල් කස්ත්‍රෝ පැවසුවා. "ඇමෙරිකාව තමන්ගේ දේශපාලන හෝ සමාජයීය ක්‍රමය වෙනස් කළ යුතුයි කියල අපි ඉල්ලන්නේ නෑ වගේම අපේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ සාකච්ඡා අපි පිළිගන්නේ නැහැ. අපිට අපේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉදිරියට ගෙන යාමේ සැබෑ අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අපි අප අතර පවතින වෙනස්කම්වලට ගරු කිරීමට ඉගෙන ගෙන සාමකාමී සහජීවනයකට හුරු පුරුදු විය යුතුයි." ඇමරිකන් ගැති ආඥාදායකයකු වූ බැටිස්‌ටාගේ නායකත්වයෙන් යුත් ධනපති පාලනය පලවා හරිමින් ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් 1961දී කරන ලද කියුබානු විප්ලවයෙන් පසුව එක්සත් ජනපදය කියුබාව සමග සම්බන්ධතා අත්හිටවූවා පමණක් නොව එරටට එරෙහිව ආර්ථික සම්බාධකද පනවා තිබෙනවා. ඇමරිකාව පාමුල බිහි වූ මෙම කොමියුනිස්ට් රාජ්‍යය ආක්‍රමණය කර පරාජය කිරීමට නො හැකි වූ තැ

න්‍යාය වමාරා කෑම වෙනුවට ප්‍රායෝගික අරගලය

Image
ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පළවා හැරීමේ අරගලය සාර්ථක වේ යයි අපේක්ෂා නො කළ ප්‍රධාන බලවේගයක් වන්නේ අති වාම කණ්ඩායම් ය. මහින්ද රාජපක්ෂ කුමන හෝ ආකාරයකින් ජය ගනු ඇතැයි ඔවුහු විශ්වාස කළ හ. එහෙයින් මේ අති වාම කොටස් රාජපක්ෂ පැරදවීමේ අරගලයට සම්බන්ධ වූයේ නැත. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ජනප්‍රිය තර්ක කීපයක් තිබිණි. ඒවා මෙසේ ය: මෙය ධනපති පංතියේ අර්බුදයේ ප්‍රතිඵලයකි. එය සමහන් කරගැනීම සඳහා පීඩිත පංතිකයෝ උදව් කළ යුතු නැත. එක් ධනපතියකුට එරෙහිව තවත් ධනපතියකු බලයට පත් කිරීමට උදව් කළ යුතු නැත. මෙම අරගලයෙන් 'සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය' දිනා ගත නො හැකි ය. කළ යුතුව තිබෙන්නේ මෙය නොව සමාජවාදී විප්ලවය සඳහා අරගල කිරීමයි. මේ අතර දෙමළ ජාතික විමුක්ති අරගලය ලාංකීය විප්ලවයේ මූලික කොන්දේසියක් ලෙස සලකන අති වාම කොටස් හා කොටි සංවිධානය උත්සාහ කළේ දෙමළ ජනතාව ලවා ඡන්දය වර්ජනය කරවන්නටයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරණයේදී ඡන්දය ඉල්ලා තමන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කළ හ. ‍ජවිපෙන් හා පෙරටුගාමී පක්ෂයෙන් කැඩී ගිය සමහර කුඩා අති වාම කණ්ඩායම

අධ්‍යාපනය ටියුෂන් කඩකාරයන්ගෙන් මුදාගෙන මානව හිතවාදය දෙසට යොමු කිරීම

Image
හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපනඥයෙකැයි ඇතැමෙක් කී හ. එහෙත්, අපි නම් දිගින් දිගට ම කීවේ ඔහු ටියුෂන්කාරයකු පමණක් බවයි. ටියුෂන් මුදලාලිලා දන්නා අධ්‍යාපනය වනාහි හැකි තරම් ළමයින් සංඛ්‍යාවක් පංතිවල ගාල් කර, දේශකයකුට නිෂ්ක්‍රීයව සවන් දීමට සලස්වා, කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක්, සාකච්ඡාවක්, සංවාදයක් නොමැතිව වනපොත් කරවා විභාග පාස් කිරීම පමණි. බන්දුල ගුණවර්ධනට මේ රටේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස තිබුණු දැක්මේ දිග පළල ඔහු විසින් බිහි කරන ලද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඇති ගැටලුවලින් හා ඔහුගේ පාසල් දහසක් පමණක් තෝරාගෙන සංවර්ධනය කිරී‍මේ වැඩපිළිවෙලින් පෙන්නුම් කෙරිණි. උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීම ඔහුගේ කාලයේදී ගත් වැදගත්, එඩිතර පියවරක් ලෙස අගය කළ යුතු ය. පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති ගැටලු ගැන රජයේ අවධානය වහා යොමු විය යුතු ය. අපි එවැනි මූලික ගැටලු කීපයක් කෙරෙහි නව අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු කරන්නෙමු. දින සීයෙන් මේ සියලු ගැටලු විසඳිය නො හැකි වුණත්, ඇතැම් වැදගත් පියවර ගත හැකි ය. මේ දිනවල 1 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සිදු වෙමින් තිබේ. සුපුරුදු පරිදි ම මුදල් එකතු

පාලිත තෙවරප්පෙරුම සිද්ධියේ දේශපාලන අරුත්

Image
අගලවත්ත නගරයේදී පසුගිය ඉරිදා එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පහර දීම හා දෙමළ ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ප්‍රසිද්ධියේ නගර මැද දනගැස්වීම මෙම දේශපාලන මොහොත සංකේතවත් කරන වැදගත් සිද්ධියකි.  මෙහි වැදගත් ම අවස්ථාව වන්නේ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීම සඳහා ඕනෑතරම් හේතු සාධක තිබියදී පොලිසිය අකර්මන්‍ය වීමයි. සිදුවීම වෙද්දී ද හුදෙක් නිරීක්ෂකයන් වී ඇති පොලිසිය සිද්ධියෙන් පසුව ද ක්‍රියාත්මක වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියාත්මක වන්නැයි නියෝග දුන්නාට පසුව ය. එසේම, එක්සත් ජාතික පක්ෂ නායකත්වය පැත්තෙන් එවැනි නියෝගයක් නො පැමිණීම ද අවධානයට ලක් විය යුතු කරුණකි.  පොලිසිය, රාජ්‍ය ‍සේවය, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම, රාජ්‍ය මාධ්‍ය වැනි යාන්ත්‍රණ තවමත් දුවන්නේ පැරණි ක්‍රමයට ම බව මෙම සිද්ධියෙන් මනාව ඔප්පු වේ. මේවා දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද ක්‍රමයකට වෙනස්ව ක්‍රියාත්මක කිරීම පහසු නැත. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවූ පමණින් මේ දීනකම, රාජපක්ෂපාතිත්වය හා අකාර්යක්ෂමකම එක වරම නැති වී යන්නේ නැත. ඒ සඳහා දැඩි සටනක් කරන්නට සිදු වනු ඇත. පාලිත තෙවරප්පෙරුම යනු බ්

මනුෂ්‍යයෝ ද සිරකරුවෝ ය

Image
වැලිකඩ ඝාතනය සිරකරුවන් ද මනුෂ්‍යයන් බව පාලකයෝ මෝස්තරයට කියති. එහෙත් සිරකරුවන්ට සිරකරුවන් ලෙසවත් නො සලකති. පසුගිය ආණ්ඩුව සමයේ සිරකරුවන් දසදහස් ගණනක් නීතියට පිටින් ම්ලේච්ඡ ආකාරයෙන් ඝාතනය කරන ලදී. මෙසේ සිරකරුවන් හා සැකකරුවන් ඝාතනය කරන ලද ආකාර කීපයක් තිබේ. අත් අඩංගුවට ගන්නවා වෙනුවට වැටලීම් කර මරා දැමීම (ඇතැම් විට මෙම ක්‍රියාවලදී ආරක්ෂක අංශ කටයුතු කළේ ඝාතක කල්ලි ලෙසයි. මිනිසුන් මරා මහ මග දමා පළා යන ලදී.) අත්අඩංගුවට ගත් සිරකරුවන් රහසිගතව අතුරුදහන් කිරීම අත්අඩංගුවට ගත් සිරකරුවන්ට පොලිස් කූඩුවේදී වධ දී මරා දැමීම අත්අඩංගුවට ගත් සිරකරුවන් මරා දමා ඔවුන් පළා යාමට තැත් කළ බව පැවසීම යටත් වූ, භාර වූ හා අත් අඩංගුවට පත් වූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඝාතනය කිරීම සිරගෙවල්වලදී සැකකරුවන්ට හා වරදකරුවන්ට පහර දී මරා දැමීම මෙවැනි මිනීමැරුම් දසදහස් ගණනක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරු හා තවත් බොහෝ දෙනෙකු‍ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. රට පුරා ආරක්ෂක ස්ථාන මට්ටමෙන් සිදු වූ මෙම ඝාතන සඳහා ඔවුන් නියෝග දුන්නා ද, එම ඝාතන සාධාරණීකරණය සඳහා ඔවුන් උපකාර කළා ද යන කරුණු