ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය කැරැල්ලක් ද?

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල රැස්වීම අනුරාධපුරයේ පැවැත්විණි. එහි සහ පොදුවේ මැතිවරණ ව්‍යාපාරයේ සංඥාර්ථ හඳුනා ගැනීමට මෙම සටහනින් 
උත්සාහ කරමු. 

මහින්දගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඇත්තෙන් ම අන්තිම එක කරන පරිද්දෙන් කරන්නකි ඒ වෙනුවෙන් කරන වියදම ගිනිය නො හැකි තරම් ය. දැවැන්ත පරිමාණයෙන්, සීමාව ඉක්මවා කටයුතු කිරීම එහි තවත් ලක්ෂණයකි. 

හැම තැනම ජනාධිපතිතුමාගේ රූපය සහිත කටවුට් ය. එමගින් සිදු වන පාරිසරික විනාශය අති මහත් ය. රැස්වීම වෙනුවෙන් අනුරාධපුරයේ සල්ගාදු පිට්ටනිය කොංක්‍රීට් කරන ලදී. මුළු දිවයිනෙන් ම ලංගම බස් යොදා රැස්වීමට සෙනග අදින ලදී. ලංගම බස් සෙනග අරගෙන පැමිණියේ වැල් වශයෙනි. ජනාධිපතිවරණ ව්‍යාපාරයට ‍වියදම් කරන මුදල් කොහෙන් ලැබෙන ඒවා ද යන්න බරපතල ප්‍රශ්නයකි. ඒවා වියදම් කරන්නේ ඍජුව ම මහජන මුදල් හා දේපල පාවිච්චි කරනවාට අමතරව ය. 

ආණ්ඩුවට එකතු කර ගත් තිස්ස අත්තනායකට දුන්නේ ඔහුට දරා ගන්නට බැරි බව ඔහුගේ ම වචනවලින් කියැවෙන සෞඛ්‍ය අමාත්‍යාංශයයි. ආණ්ඩුවට එන්නට කැමති එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සුබ අනාගතය ගැන ගැරන්ටියක් ලෙස එය කරන ලදී. එහිදී පැරණි ශ්‍රිලනිප සාමාජිකයන් ගැන තැකීමක් කර නැත. ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා භාවිතා කරන්නේ තර්ජනයයි. 

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවල දිනීම ගැන වහසි බස් හැර අන් කිසිදු වැදගත් ප්‍රකාශයක් අසන්නට ලැබෙන්නේ නැත. මුළු රටෙන් ම සෙනග ඇද හෝ දැවැන්ත සෙනගක් පෙන්වීමත්, තමන්ට සුවිසල් බලයක් හා ජවයක් ඇති බව පෙන්වීමත් හැර අන් යමක් මැතිවරණ වේදිකාවේ නැත. 

ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා මෛත්‍රීපාල කෙරෙහි බිඳවීම හා දුර්මුඛ කිරීමයි. ඒ සඳහා ඉදිරි කාලයේදී කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස වැනි ඉහළ පෙළේ එජාප නායකයකු මිළ දී ගැනීම කෙරෙහි ආණ්ඩුව දැවැන්ත අවධානයක් යොමු කරනු ඇති බව පෙනේ. 

ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සමාන වන්නේ ත්‍රස්ත කැරැල්ලකටයි. රාජ්‍ය විරෝධී කැරැල්ලකදී දුබල පාර්ශ්වය වන කැරැලිකාර හමුදාව පිළිගත් ආචාරධර්ම අනුගමනය කරන්නේ නැත. නිදසුනක් ලෙස යුද්ධයේ අවසන් භාගයේදී කොටි සංවිධානය මහජනතාව පළිහක් ලෙස භාවිතා කළාට අමතරව ජනතාව අතර සිට හමුදාවට ෂෙල් ප්‍රහාර එල්ල කළේ ප්‍රති ප්‍රහාරවලින් ජනතාවට අනතුරු සිදු වෙන්නට ය. කැරැලි සමයන්හිදී කැරැලිකරුවෝ මහජන දේපල කොල්ල කති. එසේ කිරීම සාධාරණීකරණය කර ගන්නේ ජයග්‍රහණයෙන් පසු හොඳ ප්‍රතිඵල ඇති කරන බව කීමෙනි. කැරැලිකරුවෝ සාමාන්‍යයෙන් ම පරිසරය ගැන සැලකිලිමත් වන්නේ නැත. තම පැවැත්ම රැක ගැනීමේ කාරණාවේදී ඔවුන්ට පරිසරය ගැන සිතන්නට ඉඩක් ඇත්තේ ම නැත. 

‍කැරැල්ලක ඇති භයානක ම පැතිකඩ වන්නේ මානව හිමිකම් ගැන හිතන්නට ඉඩක් කැරැලි තුළ නො පැවතීමයි. 

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටන හැම පැත්තෙන් ම කැරැල්ලක ලක්ෂණ පෙන්නුම් කරයි. කැරැලි ගසන්නෝ දුබල‍යෝ ය. ඔහු මෙසේ හැසිරෙන්නේ තමන් දුර්වල වී ඇති බව වටහා ගෙන තිබෙන නිසා ද? කැරැලිකරුවන් සටන් කරන්නේ ආවොත් ආවා ගියොත් ගියා න්‍යායෙනි. මහින්ද රාජපක්ෂත් කටයුතු කරන්නේ එසේ ය. 

දෙවරක් ජනාධිපතිකම් කර තුන්වන වරට බලය ඉල්ලන ඔහුට හරවත් අදහස් දැක්වීමක් මැතිවරණ ප්‍රචාරණ වේදිකාවන්හිදී කරන්නට බැරි ඇයි? තම අනාගත සැලසුම් පිළිබඳ කතා කරන්නට මේ වේදිකාව යොදා නො ගන්නේ ඇයි? 

සියල්ලට වඩා වැදගත් වන්නේ කෙරුවාවයි. මේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙහිදී ජනාධිපතිවරයා හැසිරෙන ලීලාවෙන් ඔහු‍ දිනුවොත් ක්‍රියා කරන ආකාරය ද සංකේතවත් කරයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ ඡන්දය ඉතිහාසයේ දරුණුම ඡන්දය වෙනවා යැයි අනුර කුමාර දිසානායක කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. කිව්වා.

      2010දී 18වෙනි සංශෝදනය ගැන කියන කතාව ඇහුවද?

      Delete
    2. අනුර කුමාර දිසානායකට වෙන වැඩක් නැත්නම් චූ කරලා බුදිය ගන්න කිවා අපේ මාරයියා.

      Delete
  2. හොඳ සිංහල වචනයක් තියෙනවා ඕකට ...
    "වියරුව"

    ReplyDelete
    Replies
    1. මිගාරට උඹව නෝන්ඩි උනේ කොහොමද ටැබුවෝ?

      Delete
    2. මිගාර කියන්නේ අර එගලන්තෙට මේ දවස් වල එංගලන්තෙට පැනල ඉන්න ලස්සන සුදු දොස්තර මහත්තයද? ඇත්තට ටැබූ එයාට නොන්ඩි උනාද? තමන්ටම තමන් මාරයි කියල හිතෙන ගොන් කතා ටිකක් කියල අනෙක් එකා නොන්ඩි උනා කියල තමන්ම හිතන එවුන්ට කියන්නේ අපේ ෂෝක් අපිට ෂෝක්.

      Delete
    3. AnonymousDecember 12, 2014 at 1:59 PM
      මසුරං කතාව!

      Delete
    4. / ඇත්තට ටැබූ එයාට නොන්ඩි උනාද? /

      මහලොකුවට අන්වර්ථ නාමයක් යටතේ ලොරිටෝක් දීපු කෙනෙක්ගේ ඇනොනිමස් සළුපිලි ගැලවීමෙන්. අපි එකට ගෞරව කරා කියමුකෝ. ඔන්න එහෙනම් නැවත ප්‍රශ්නය.

      ඇත්තටම මිගාර කොහොමද ඔබගේ ටැබූ නමැති ප්රෝෆයිලයෙන් වසාගෙන සිටි සැබෑ අනන්‍යතාවය හෙළිකොට ඔබට ගෞරව කලේ?

      Delete
    5. කවුදෝ බල්ලෙකුත් ඉරට බිරුවලු. ඊට පස්සෙ ඉර බැහැලා ගියායින් පස්සෙ කිව්වලු අන්න අරූ පැනලා ගියා මට බයේ කියලා.

      Delete
    6. වෙස්මූණ ගලවල යට තිබ්බ ඇත්ත මූණ පෙන්නුවට පස්සේ ඕව කියල වැඩක් නෑ. අඬන්න එපා මිනිස්සුන්ට ඔහොම දේවල් වෙනවා. රජතුමාට වෙලා තියෙන දේ පෙන්නේ නැද්ද?

      Delete
    7. මිගාර පව්. ගිය ආත්මෙ පව් කරල වැලහැඩියෙක්ගෙ වගේ මූණක් ලැබුණා. මේ ආත්මෙ පව් කරල ලබන ආත්මෙත් විඳවයි.

      Delete
    8. ලිපියේ අන්තර්ගතයට කිසිම ආකාරයක සම්බන්ධයක් නැති පෞද්ගලික මඩ ප්‍රකාශ හෙලා දකිමු. මේවා පල කිරීමෙන් ලේඛකයාද මේවා අනුමත කරන බව පෙනේ. ඒ නිසා පැරකුම් භංග වේවා. වහා මේ මඩ ප්‍රකාශ හකුලා ගනිව්

      අල්ලාහ් දෙවියන්ට නමස්කාර වේවා. ද්‍රවිඩ ඊළමට ජය වේවා
      මීට , දැක්කොත් බුවා නොදැක්කොත් කොටි ත්‍රස්තයා

      Delete
  3. /මේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙහිදී ජනාධිපතිවරයා හැසිරෙන ලීලාවෙන් ඔහු‍ දිනුවොත් ක්‍රියා කරන ආකාරය ද සංකේතවත් කරයි. /

    මේකට නම් එකඟ වෙන්න වෙනවා.

    / ඔහු මෙසේ හැසිරෙන්නේ තමන් දුර්වල වී ඇති බව වටහා ගෙන තිබෙන නිසා ද? /

    අනුර කුමාර කියන්නේ පරාජිතයෙකුගේ ලක්ෂණ සියල්ලම විදහාපනවා කියලයි.


    ඒත් ඊයේ ගම්මන්පිලගේ කතාව ඇහුවද? මිනිහ මතු කරපු ප්‍රශ්න කීපය මෙන්න.

    1. චන්ද්‍රිකා රවී කරුණානායක වගේ අය සමග යහපාලනය කරන්නේ කොහොමද?
    2. මෛත්‍රී දින්නට පස්සේ මොකද වෙන්නේ? දින 100න් ජනාධිපතික්‍රමය නැති කරනවද? එහෙම කරොත් මෛත්‍රීට මොකද වෙන්නේ? දින 100ට පස්සේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. 01 අධිකරණය ශක්තිමත් කළ යුතු බව අවධාරණය කරන්නේ එනිසායි...
      02 17 වන ව්‍යවස්ථා සංශොධනය බලාත්මක කල යුතු බව අවධාරණය කරන්නේ එනිසායි
      03 මෛත්‍රී නාම මාත්‍රික ජනාධිපති වෙන්න කැමතියි නොවැ.........

      Delete
    2. * අහෝසි කම්ම අහෝසි කරනු!

      * අංගුලිමාලලා නිවන් යන්නට පෙර මුලින් නඩු අසා හිරේ යවනු!

      Delete
    3. / අහෝසි කම්ම අහෝසි කරනු!/
      හීන දකින්න එපා බං. මේක ලංකාව. චන්ද්‍රිකාලා රවීලා විතරක් නෙවි මර්වින්ලා රත්තරන්ලටවත් මොකවත් වෙන්නේ නෑ මෛත්‍රී දින්නත්.

      /මෛත්‍රී නාම මාත්‍රික ජනාධිපති වෙන්න කැමතියි නොවැ......../
      එතකොට රට පාලනය කරන්නේ රනිල් ද? අධිකරණය ශක්තිමත් කරන්නේ කොහොමද නාම මාත්‍රිකව? සරලවම මහින්ද එලෙව්වට පස්සේ මෛත්‍රීට චරිතයක් නැද්ද? ව්‍යවස්ථාව වෙනස් කරලා මෛත්‍රී අගමැති උනොත් මොකද?

      Delete
    4. අහෝසි කම්ම කියන්නේ කර්ම ශක්තිය මත ඉබේ සිදුවන දෙයක් මිස කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා රසික මැට්ටාට තේරෙන්නේ නැති එක කරුමයක්.

      Delete
    5. අහෝසි කම්ම කියන එක වචනාර්ථයෙන් ගන්න එපා. ඔහුගේ අදහස ගන්න. මේ ලංකාවේ ඒක කරන්න බැරි එක වෙනම කතාවක්.

      Delete
    6. //ව්‍යවස්ථාව වෙනස් කරලා මෛත්‍රී අගමැති උනොත් මොකද// එකඟයි.

      මෙතන ප්‍රශ්ණය මයිත්‍රි ද රනිල් ද යන්න නොවේ.
      ලෝකේ කොහේවත් 100% ක් ශුද්ධ ආණ්ඩු නෑනේ... නමුත් මෙහි දී අවශ්‍යතාවය නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ තත්ත්වය වෙනස් කර ගැනීමයි...
      අඩුම සංවරණය හා තුලනය යන සිද්ධාන්තය යම් තරමකට 17 හරහා සක්‍රීය කර ගැනීමට උත්සාහ දැරීම. මෙහිදී මේ සඳහා පරා කියන පරිදි ඉතා ප්‍රභල පීඩන කණ්ඩායම් නැගී සිටිය යුතුය...

      Delete
    7. \\ඒත් ඊයේ ගම්මන්පිලගේ කතාව ඇහුවද? මිනිහ මතු කරපු ප්‍රශ්න කීපය මෙන්න....//

      ගම්මන්පිල අහන්නේ මොකක්ද / කරන්නේ මොකක්ද ? කියන්නේ මොකක්ද ? යනාදී දේවල්...., මේ අජිත් ගේ blog සටහන් කියවන අයට හොදින්ම තේරෙනවා. වැටහෙනවා. ඒ ගැන කතා කිරීම නිශ්ඵලයි.

      ඔබට තියෙන්නෙත් ඒ ප්‍රශ්නමද.... ? ඊට වෙනත් ප්‍රශ්න ද ?
      .
      ඔබට තිබෙන ප්‍රශ්න සඳහන් කලොත්, අපට ඒ ගැන සාකච්චා කල හැකියි.
      මෙයත් කියවා බලන්න.

      "දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි-
      රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි-
      එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා පිටවන්නැ යි මම කීවෙමි.
      එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
      එක් අයෙකුගේ රැුවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ-
      ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද- දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?

      උපුටා ගැනීම..
      http://www.vikalpa.org/?p=21639

      Delete
    8. කොයි කවුරුත් වදවෙන්නේ මෛත්‍රීට මොනා වෙයිද? රනිල් ට මොනා වෙයිද? කියලා, ඒත් තමුන්ට මොනාද වෙන්න යන්නේ කියන එක ගැන වගේ වගක් නෑ

      Delete
    9. / ඒත් තමුන්ට මොනාද වෙන්න යන්නේ කියන එක ගැන වගේ වගක් නෑ/
      අපිට තව මොනව වෙන්නද ආයිබෝවන්? තව වෙන්න තියෙන්නේ චන්ද්‍රිකා ඇවිත් ආර්ථිකේ සෘණ කරන එක විතරයි. අනිත් ආතල් ඔක්කොම මර්වින්ලා දුමින්දලා දෙනවනේ.

      Delete
    10. @ AnonymousDecember 12, 2014 at 5:50 PM

      චන්ද්‍රකා එන්නේ කොහොමෙයි?

      Delete
  4. මහින්දගේ target එක පාවෙන ඡන්ද ටික. එක අල්ල ගන්න ලේසි වැඩි බලයක් පෙන්නු විට. විපක්ෂය ට මේ ක්‍රමය එක්ක එකට එක කරන්න බැහැ. එයට විකල්පයක් සොයා ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. කටවුට් ගහනනේ නෑ ඒ සල්ලි වකුගඩු රෝගීන්ට දෙනවා කියන ප්‍රොජෙක්ට් එක එහෙම එක විකල්පයක්.

      පාවෙන චන්ද අල්ල ගන්න පුළුවන් බලය පෙන්වීමෙන්ද? ප්‍රතිපත්ති පිලිබඳ හරිහැටි දැනුවත් කිරීමෙන්ද?

      Delete
    2. anayaDecember 12, 2014 at 10:21 AM

      ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා ආන්යා. පාවෙන ඡන්ද බොහෝ විට නව පරපුරේ ඡන්ද. ඔවුන් අංතර්ජාලය මූණු පොත භාවිතා කරන උදවිය. නව පරපුරේ බහුතරයක් ඉස්ටයිල් එකක් විදිහට දූශණ වංචා වලට විරුද්ධයි....

      Delete
    3. ඇනෝ 12.43
      //කටවුට් ගහනනේ නෑ ඒ සල්ලි වකුගඩු රෝගීන්ට දෙනවා කියන ප්‍රොජෙක්ට් එක එහෙම එක විකල්පයක්//
      //දැනුවත් කිරීමෙන්ද?//

      වැඩේ තියෙන්නෙ බං දැනුවත් කරන්න පුළුවන්, දැනුවත් ජනතාවක්. මම අහගෙන ඊයෙ එකෙක් කියනව මෛත්‍රී පෝස්ටර් නොගැහිල්ල ගැන. රට පාලනය කරන්න පුළුවන් අයිආර්සී කාරයන්ට විතරයි කියල හිතන බුවාල ඉන්න රටක් මේක.

      Delete
  5. https://www.facebook.com/video.php?v=365019947004926

    ReplyDelete
  6. http://sinhala.theindependent.lk/index.php/feature/7062-2014-12-11-09-35-38

    ReplyDelete
  7. වැඩේ කියන්නෙ මහින්දට අමු අමුවේ බැනල මෛත්‍රීට චන්දෙ දෙන උනුත් කියන්නෙ මොනව කරත් මහින්ද දිනනවා කියල. මහින්දටත් ඕනේ ඒ මතේ ඒ විදිහටම තියාගන්න. එහෙම උනාම නියුට්‍රල් එකේ ඉන්න යූ.ඇන්.පී කාරයො මේ පාරත් චන්දෙ දාන්න එන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. \\ නියුට්‍රල් එකේ ඉන්න යූ.ඇන්.පී කාරයො මේ පාරත් චන්දෙ දාන්න එන්නේ නෑනේ.? //

      නියුට්‍රල් එකේ ඉන්න යූ.ඇන්.පී කාරයො...... ?
      දැන් නම්, යූ.ඇන්.පී කාරයො ඔක්කොම ෆුල් ස්පීඩ් එකේ...!
      ඔවුන් ගේ උද්යෝගය , සිරිකොත රැස්වීම වලින්, නුවර රැස්වීමෙන් පෙනුනේ නැද්ද ?

      Delete
    2. .\\ .........මොනව කරත් මහින්ද දිනනවා කියල. මහින්දටත් ඕනේ ඒ මතේ ඒ විදිහටම තියාගන්න. //

      මටත් කියන්න තියෙන්නේ මිට කිට්ටු අදහසක්.
      " මොනවා කරත්, මහින්ද .....දෙන්නේ නැහැ .""

      Delete
    3. /මහින්දටත් ඕනේ ඒ මතේ ඒ විදිහටම තියාගන්න. එහෙම උනාම නියුට්‍රල් එකේ ඉන්න යූ.ඇන්.පී කාරයො මේ පාරත් චන්දෙ දාන්න එන්නේ නෑනේ./

      අපේ මාරයියාත් කිව්වෙ ඕකම තමයි.

      Delete
  8. Google Translator vs Ajith Perakum Jayasinghe (Para)December 12, 2014 at 2:48 PM

    ''කැරැලිකරුවන් සටන් කරන්නේ ආවොත් ආවා ගියොත් ගියා න්‍යායෙනි.''

    *Google Translator ආධාරයෙන් පරිවර්තනය කල විට.---

    "If the rebels were fighting to come back න්යායෙනි.''

    ReplyDelete
    Replies
    1. හොඳ උත්සාහයක්...! (මමත් මේ Translator එක ප්‍රැක්ටිස් කරනවා. )

      මට පේන්නේ, google කාරයෝ මොන මොන වැඩ දැම්මත්.." අපේ මේ මහප්පරාන " අල්ලා ගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ.

      Delete
  9. https://www.facebook.com/video.php?v=734455186624302&set=vb.100001794826694&type=2&theater

    ReplyDelete
  10. ලැජ්ජාවක් නැති තුප්පහි පාලනයක් මේක, කිසිම හිරිකිතයක් නැතුව රටේ මිනිසුන්ව හූරන් කන පාලකයො. තූ නොදකින්, මේකට එන උනුත් ලැජ්ජාවට නැතුව මෙවැනි පාලකයො වෙනුවෙන් කහිනවනෙ.

    ReplyDelete
    Replies
    1. අපි කහින්නේ හූරන් කන මස් වල කටු අපිට විසි කරන හින්දනේ.

      රවීල සතොස කාපු වෙලාවේ කුනුවෙච්ච හාල් මැස්සෙක්වත් අපිට විසි කරේ නෑනේ.

      Delete
    2. එදා එසේ වූ නිසා අදද එවැනිම දෙයක් විය යුතුද? හූරන් කන එක පැත්තකින් තියමුකෝ මේක ගෝත්‍රික පාලනයක්නෙ බන්.

      Delete
    3. එදා රවි කරුණානායකට විරුධ්දව නඩුවක්වත් දාන්න මිනිස්සුන්ට හිතුන අද එහෙම තත්වයක්වත් නෑනෙ

      Delete
    4. නඩු ?දැම්මද? රවීගේ මයිලක් වත් හෙලවුනද?

      උන් තනියම කෑවා. මුන් අපිට කටුවක්වත් විසි කරනවා.

      Delete
    5. පේනව පේනව කටු ඉල්ල ඉල්ල පස්සෙන් දුවන එකෙක් කියල, කටු විතරද කන්නෙ බෙටි කන්නෙ නැද්ද?

      Delete
    6. https://www.facebook.com/video.php?v=474938835982561

      මේ මොහොතේ රටේ පාලකය වී සිටින රාජපක්ශ නම් ගෝත්‍රික නායකය රටේ බලපවත්වන නීතිය මොකද්ද කියල අනුර කුමාර කියන දේවල් අත්තද කියල කටු කන උන්ටත් අහල බලන්න පුලුවන්, ඇත්තටම දෙයියෙක් ඉන්නව නම් මුන් දෙයියන්ටත් පුකේ අරියි

      Delete
  11. ලංගම ගැන ප්‍රශ්නයක් නෑ.ලංකාවේ කාන්තාවන් බාර ඇමටි අර පැරාගේ ගමේ ඉන්න වල්ගම බස් වල පොස්ටර් ගහලා තිබුණේ ' කල ගුණ දත් ලංගම' කියලා.ඉතිං ඒ උත්තමයින්ගේ වැඩ වලට ලංගම බස් ගෙනියන්නේ නැතුව පැරාගේ වැඩ වලට බස් දෙන්න කියලයි කියන්නේ.මතක තියා ගන්න යන පකයා කොරහත් බිඳගෙන යන විත්තිය.

    ReplyDelete
  12. අපේ මාරයියත් ඊයේ අනුරාධපුර රැලියට ගියා. පාඩු නෑ. බත් පැකට් එකයි. ගල් කාලයි. රුපියල් දාහයි. අපේ මාරයියටත් ලොරි එළවනව ඇරෙන්න වෙන වැඩක් නැති වෙලේ මේක නිකම් ඉල්ලමක් ඇදුණා වගේ වැඩක්. මේ දවස් වල දිගටම ගමනේ තමයි.

    ReplyDelete
  13. ඈයි මෙ බොරු පොටොස් දන්නෙ http://www.sundaytimes.lk/130505/news/govt-blinks-on-may-day-as-mr-pulls-plug-on-power-tariff-hike-43170.html

    ReplyDelete
    Replies
    1. ඔව් පොටෝ එක බොරු. ඔයාට වීඩියෝ එක පෙන්නන්ඩ ඕනෙද? බත් පැකට් ගල් බාග දේශපාලනේ ගෙනාපු මහින්ද අපට නම් එපා

      Delete
  14. බයියා හොරකම් කරගත්ත සල්ලි වලට,අතින් පාඩුයි.

    ReplyDelete
  15. mara thama jayagrahanaya udesa mulu bandagarayama his kara apage EPF ekatah kelina thuruma balasitimuda.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා