සෑම සිංහලයන් 10දෙනෙකුගෙන් ම හයදෙනෙක් මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙයි ද? නො දුන්නොත් මහින්ද පරාදයි

දැනට සුළු ජාතික ප්‍රධාන දේශපාලන පක්ෂ අතරින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සිටින්නේ තොන්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය පමණි. මේ රටේ සුළුතර ප්‍රජාවන්ට 25%කට වැඩි ඡන්ද පදනමක් තිබේ. දැනට පවතින පෙළගැස්ම අනුව ලංකාවේ සුළුතර දෙමළ, මුස්ලිම් ජාතීන්ගේ ඡන්දවලින් මහින්ද රාජපක්ෂට 20%ක් ලබා ගන්නට හැකියාවක් නැත. අඩුම වශයෙන් 80%ක් පමණ ඡන්ද මෛත්‍රීපාලට ලැබෙනු ඇත. එය සමස්ත ඡන්දවලින් 20%ක් පමණ වේ. සියයට පනහේ බහුතරය ලබා ගැනීමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් 30%ක් පමණි. 

රටේ බහුතර ප්‍රජාව වන සිංහලයන්ගේ ප්‍රතිශතය 75%ක් පමණ වේ. එම ජනගහණයෙන් 40%ක ප්‍රතිශතයක් ලබා ගත්තත් මෛත්‍රීපාල සිරිසේනට 50% ඉක්මවා යා හැකි ය. 

පසුගිය පළාත් සභා මැතිවරණ නවයේ ම ප්‍රතිඵල සලකා බැලූ විට එක්සත් ජාතික පක්ෂය තනිව 26%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. හෙළ උරුමය, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය හා කඳුරට ජනතා පෙරමුණ අද විපක්ෂය සමග සිටියත්, මෙම පළාත් සභා මැතිවරණවලදී ඔවුන් සිටියේ ආණ්ඩුව සමගයි. එම පක්ෂ අතහැර අද මෛත්‍රීපාල සමග සිටින දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්,  විපක්ෂයේ සිටින ජවිපෙත් මෙම පළාත් සභා මැතිවරණ නවයේදී 44%ක් ඡන්ද ලබා ගත් හ. ඒ ආණ්ඩුවට වාසිදායක කොන්දේසි තිබියදී ය.  හෙළ උරුමය, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය හා කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂවලට හා මෛත්‍රීපාල සිරිසේන සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ආ පිරිස්වලට ඉතිරි 6% ලබා ගත නො හැකි ද? 

මහින්ද රාජපක්ෂ ජයගැනීමට නම් සිංහල ඡන්දවලින් 60%ක් ඉක්මවා ඡන්ද ලබා ගැනීමට සිදු වේ. මෙය ඔහුට කළ හැකි වේ ද? අද ඔහු උපරිමයෙන් ජාතිවාදය අවුළුවමින් සිටින්නේ මේ ඉලක්කය වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔහු සුළු ජාතික ඡන්ද අතහැර දමා තිබේ. එහෙත් සිංහලයන් අතරින් එතරම් ඡන්ද සංඛ්‍යාවක් ඔහුට ලැබෙනු ඇතැයි ඔබට නිරීක්ෂණය කළ හැකි ද? උපරිම වශයෙන් බැලුවත් ඔහුට සිංහල ඡන්දවලින් 50%කට වඩා ලබා ගත නො හැකි ය. 

අනෙක් පැත්තෙන් ඔහුට සුළු ජාතික ඡන්දවලින් 20%ක් ලබා ගැනීම පවා අද පවතින තත්වය තුළ ඉතා දුෂ්කර ය. 

උපරිම වාසිදායක තත්වයක් තුළ කඩින් කඩ පවත්වන ලද පළාත් සභා නවයේ මැතිවරණවල ප්‍රතිඵල එකතු කර බැලුවත් ආණ්ඩුව ලබාගෙන තිබෙන්නේ 54%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඒ හෙළ උරුමය, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය හා කඳුරට ජනතා පෙරමුණත් සමග ය. දැන් මහින්ද රාජපක්ෂට ඒ කිසිවෙකු නොමැතිව 50% ඉක්මවා යන්නට හැකි ද?  

මෙම පළාත් සභා මැතිවරණවලදී ඡන්දය දුන් ප්‍රතිශතය 66%ක් විය. ජනාධිපතිවරණයකදී මෙය 75%ක් දක්වා වැඩි විය හැකි ය. 

යුද ජයග්‍රහණයෙන් පසු 2010දී පැවති මහින්ද රාජපක්ෂට වාසිදායක වූ ජනාධිපතිවරණයේදිත් ඔහුට ලබා ගත හැකි වූයේ 57.88%ක් පමණි.  

මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය අති දුෂ්කර ව්‍යායාමයකැයි අප කියන්නේ ඒ නිසා ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Mama eka - ape deyyo paradinne na, kohoma hari oya putuwata
    Ayeth enawa, oya ilakkam sellam pennuwata ape deyyo udinma dinana hati 9 wenidata balaa ganna puluwan, mage grahayo okkomath deyyan wahanseta support.. - me maaraya nemeyi

    ReplyDelete
    Replies
    1. රංග ජයවර්ධනගෙ ප්‍රොෆයිල් එක දැන් කරන්නෙ මාරයාලු නේද? රංගයා අන්න නිව් සින්හල බුඩිස්ට් කියල එකක් දාගෙන අඬනවා.

      Delete
    2. අපේ මාරයා අයියා ඉල්ලං කන දවස ඉතාම ආසන්නයි පින්වතුනි. ඕකා කරන ජඩ කතා අහලා අවංකව වෙනසක් බලාපොරොත්තු වන පිරිස දැනටම සාධාරණ කේන්තියකින් ඉන්නේ.

      Delete
  2. තැපැල් ඡන්දවල තත්වය ගැන තොරතුරක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේගේ ඉතා විශ්වාසවන්ත බුද්ධි අංශ ආරංචි මාර්ග මගින් ඕක දැනගන්න බැරිද ? කොරහේ කිඹුලා !

      Delete
    2. විචාරක ලොක්කෝ තමුන් හමුදාවේ ඔච්චර ඉහළ නිලයක් උසුලලාත් තාම දන්නෙ නැද්ද තැපැල් ඡන්ද සීල් තියලා තියෙන්නේ, ගණන් කරන්න කලින් කාටවත් ඒ ගැන සහතිකව අනාවැකි කියන්න බැහැයි කියලා?

      Delete
    3. සබාවේ සිනා :)

      Delete
  3. Parakum mahatha itha wadagath karanawak methana mathu karala thiyenawa. Methanadee apita pahadiiiwama gathayuthu idiri kriyamarga monawadayi pennum kara thibenawa. Api me awasthawedee aduma ganane sama sinhalayan 10 k gen 7 denek wath Mahindata chandaya deemata yomu karaweemata apage siyaluma shakthiya yedawiya yuthuyi . Sinhalaya bera ganeeme wagakeema sampoornayenma sinhalaya mathata patawila thiyenne me awasthawedi.meyata ihatha obata mathaka athi sinhalaya pradhana paksha dekakata bedee siti kaalaye rajun thaneeme waraprasaadaya himiwune sinhalayata nowa sulu jaathikayantayi. Mahinda ema sanskruthiya wenaskara Sinhalayatama thamange nayakaya sulu jathikayinta yatath nowee thora gatha haki thathwayata rata genaawa. Dan me NGO magadi kaarayo saha batahira gathi rookada seppadayin pirisa nawathath sinhalaya dekata bedanna wali kanawa. Ramachandra sandahan kara athi paridi sampradayika dhanapathiyan pirisa balaya dhanaya nawathath bhukthi windeemata awasthawak labaa ganna sama upparawattiyakma daanawa. Me sampradayika dhanapathiyange hatiya thamayi unta balaya labunama podu janaya samaga kisidu sambandhayak nopawathweema. Sampoornayenma janathawagen saha janatha hangim walin wiyukthawa thamayi owun hasirenne. Mokada owun kalantharayak thisse owunge pawul pasubima thulinma janathawagen wiyuktha wunu aya weemayi, owunge mul thiyenne owun namaskaara karanne batahira, podda bariwuna gaman duwanne batahira ratawalata.. Eg. Chandrika, ranil..mowun penena ayayi. Mowunta pitupasa mowun balayata genna datha kana nopenena balawega godak thiyenawa. Owunta awashya thamage nathiwee giya dhana ulpath, pawul boodala thathwa nawatha athi kara ganeemayi. Mowun me de labaganna onima deyak ugasata thiyayi, mokada mowun ta jathiyak jammayak nathi nisa.. deshiyathwaya lankika kama kiyanne mowunta wihilu, mowun rata karawana hati dethun paarak kala balala thiyena ape samaharu mun balayata genna iye pereda ipaduna aya wage ka gahana hati dakkama polawe paya gahala inna apita wikaarayi. Mowun me welaweth thamanta balaya labaa ganna sinhalaya dekada karanna datha kanawa.. Sinhalayata lokaya idiriye abhitha nayakathwayakdun Mahinda dinawanna api hama sinhalayama pelagaswanna oni.. Koyi eka awath thamange sakku purawaganne nathuwa inne na.. Bala inna apita Don ge sakkuwa pirunath Simange saakkuwa pirunath dekama ekayi.. Apita hulan thamayi..Mahinda sakku purawagannawa kiyala me hora nade genawath un unge sakku purawagannawa balagena datha niyawannayi anthimata wenne.. Habayi bahuthara sinhalayata batahira ratawalata wage mahinda ekka wayirayak nathi nisa mahinda kohomath hondayi. Mahinda apema sinhalayek me sinhala polowe paya gahala inna, ohuge sahodarayoth nikam inna pendowath kayiwaaru karayowath nemeyi niyama wada karayo, me combination eka me ratata issarahatath waasanawak, e nisa api hama sinhala 10 denekgen hath denek wath Mahindata chande dena widihata wada karanna oni sinhala jathiye diyunuwa sandaha- chaminda

    ReplyDelete
    Replies
    1. මෙතන මෛත්‍රී ඇවිත් නැවත මහින්ද වාගේ , ඒකාධිපතියෙක් බිහිකරන්න යන්නේ නැහැ , යහපාලනයක් ඇති කිරීම හා ඊට අදාළ නීති , ව්‍යවස්ථා සම්පාදනය කිරීම් තමා මුල් කරණය , ඒ නිසා තමා මේ පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එකතුවී මෙතරම් විශාල බලවේගයක් සැදිලා තියෙන්නේ , රටේ නීතිය , සැමදෙනාටම එකනම් , නීතියට උඩින් මොකාටවත් යන්න බැරි සමාජයක් තිබේනම් , නීති සම්පාදනය කරන්නේ වැඩි දෙනාගේ නිදහස් මත හා තීරණ වලින් නම් අපේ රට , සිංහලයා , ද්‍රවිඩ යා , මුස්ලිම් , හෝ චීනා විසින් පාලනය කලත් මොකද ? මොකා පාලනය කලත් නීතියටනම් පාලන කරන්නේ , 8 ද මෛත්‍රී දිනවීමේ අදහස යහපාලන ක්‍රමයකට මුල පිරීම , ජය ගන්නේ මෛත්‍රී නොවේ මෙම මුලික අදහසයි . ඉතින් මේකට ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනා ( මහින්දගේ කටු කන උන් හැර ) කැමති වේවි . කැමති විය යුතුයි .
      යහ පාලනයක් ඇතිවීමෙන් පසු මහමතිවරනයෙදී ඊට සුදුසු නියෝජිතයෝ පත් කරගැනීම සිදුකල හැක . රටේ සිංහල බෞද්දයට එක නීතියකුත් , , බෞද්දයාට , තව නීතියකුත් , සිංහල කිතුනුවාට තව නීතියකුත් , සිංහල නොවන කිතුනුවාට තව නීතියකුත් , සිංහල හින්දු බෞද්දයාට (Hybrid ) එක නීතියකුත් , පාලක පක්ෂයට කඩේ යන උන්ට එක නීතියකුත් , විපක්ෂයට එක නීතියකුත් , වශයෙන් , අන්තිමේදී කිසිම නීතියක් නැති වර්ග වාදී , ගෝත්‍රික සමාජයක් මේරටේ තව දුරටත් පැවතිය යුතුද ?

      Delete
    2. /රටේ සිංහල බෞද්දයට එක නීතියකුත් , , බෞද්දයාට , තව නීතියකුත් , සිංහල කිතුනුවාට තව නීතියකුත් , සිංහල නොවන කිතුනුවාට තව නීතියකුත් , සිංහල හින්දු බෞද්දයාට (Hybrid ) එක නීතියකුත් , පාලක පක්ෂයට කඩේ යන උන්ට එක නීතියකුත් , විපක්ෂයට එක නීතියකුත් , වශයෙන් ,/

      දොරේ ඕවා මොනවා උනත් අපිලට ෂරියා නීතිය තියෙන්න ඕන ෂරිද? ඉන්ෂා අල්ලාහ්!

      Delete
    3. හරි හරි , අබ්දුල් සලීම් රෂිඩ් සල්මන් කාන් , 9 දාට ෂරියා නීතිය දෙන්නම්

      Delete
  4. නිවුස් පස්December 31, 2014 at 12:19 AM


    ‘ශාරුක් ඛාන්ට ජයවේවා‘

    එකම නොම්මරේ කාර් දෙකකුත් සොයාගැනේ

    2014 දෙසැම්බර් මස 30 20:16:57 | .ලංකාදීප
    ----------------------------------------------------------------
    බොරැල්ල කැම්බල් පිටියේ බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහභාගීවූ ජන රැලියකදී සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සභාව අමතමින් කීවේ ‘‘ශාරුක් ඛාන්ට ජයවේවා‘‘ යනුවෙනි.

    මන්ත්‍රී නාමල් රාජපක්ෂ එය නිවැරදි කළේය.

    සල්මන් හා ශාරුක් බොලිවුඩ් තිරයේ තරහකාරයෝය.

    රාජගිරියේ සල්මන් ඛාන්ද සහභාගිවූ උත්සවයකට ආ කාරයක් ගැටීමෙන් ළමයින් දෙදෙනෙක් තුවාල ලදහ.

    එක් ළමයකුගේ පාදයකට බරපතල තුවාල සිදුවී ඇති අතර අනෙක් ළමයා ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

    පොලිසිය කියනුයේ එකම නොම්මරය ඇති කාර් දෙකක් ඇති බව සොයාගෙන ඇති බවයි. වැල්ලවත්තේ 23 හැවිරිදි තරුණයකු කාරය පදවන්නට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

    ඊට සමාන අනෙක් කාරය පුත්තම් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුගේ බව පොලිසිය කියයි.

    එම උත්සවයෙන් පසු සල්මන් ඛාන් යළි ඉන්දියාව බලා පිටත්ව ගියේය.

    ReplyDelete
  5. වයිරී පාලනය ඉවර වෙලා මයිත්‍රී පාලනයක් 8වෙනිදට හැමෝටම දැකගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  6. මෙතන මෛත්‍රී ඇවිත් නැවත මහින්ද වාගේ , ඒකාධිපතියෙක් බිහිකරන්න යන්නේ නැහැ , යහපාලනයක් ඇති කිරීම හා ඊට අදාළ නීති , ව්‍යවස්ථා සම්පාදනය කිරීම් තමා මුල් කරණය , ඒ නිසා තමා මේ පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එකතුවී මෙතරම් විශාල බලවේගයක් සැදිලා තියෙන්නේ , රටේ නීතිය , සැමදෙනාටම එකනම් , නීතියට උඩින් මොකාටවත් යන්න බැරි සමාජයක් තිබේනම් , නීති සම්පාදනය කරන්නේ වැඩි දෙනාගේ නිදහස් මත හා තීරණ වලින් නම් අපේ රට , සිංහලයා , ද්‍රවිඩ යා , මුස්ලිම් , හෝ චීනා විසින් පාලනය කලත් මොකද ? මොකා පාලනය කලත් නීතියටනම් පාලන කරන්නේ , 8 ද මෛත්‍රී දිනවීමේ අදහස යහපාලන ක්‍රමයකට මුල පිරීම , ජය ගන්නේ මෛත්‍රී නොවේ මෙම මුලික අදහසයි . ඉතින් මේකට ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනා ( මහින්දගේ කටු කන උන් හැර ) කැමති වේවි . කැමති විය යුතුයි .
    යහ පාලනයක් ඇතිවීමෙන් පසු මහමතිවරනයෙදී ඊට සුදුසු නියෝජිතයෝ පත් කරගැනීම සිදුකල හැක . රටේ සිංහල බෞද්දයට එක නීතියකුත් , , බෞද්දයාට , තව නීතියකුත් , සිංහල කිතුනුවාට තව නීතියකුත් , සිංහල නොවන කිතුනුවාට තව නීතියකුත් , සිංහල හින්දු බෞද්දයාට (Hybrid ) එක නීතියකුත් , පාලක පක්ෂයට කඩේ යන උන්ට එක නීතියකුත් , විපක්ෂයට එක නීතියකුත් , වශයෙන් , අන්තිමේදී කිසිම නීතියක් නැති වර්ග වාදී , ගෝත්‍රික සමාජයක් මේරටේ තව දුරටත් පැවතිය යුතුද ?

    ReplyDelete
    Replies
    1. //යහ පාලනයක් ඇතිවීමෙන් පසු...//

      හිකිස් ... හීනෙන්ද දන්නේ නැහැ. සුරංගනා ලෝකෙන් එලියට බැහැල පොඩ්ඩක් අවට බලපන්

      Delete
    2. Mr. Surendra obata penne nadda me maithree kiyanne nikam deshapaalana rookadayak witharayi kiyala, maithree pitupasse inne meeta perath me rate naayaka kam karapu dushta deshapaalana balawega.. Thamanma thamange moonen idiriyata enna bari - thamange nohakiyaawa janathaawa danna nisa- nisa me gollo maithree kiyana haadayawa kidnap karala thiyenne.. Mowun me enna dangalanne ape rata gana thiyena kakkumata ape rate neethiya sadaachaaraya surakshitha karala denna kiyalaa hithana oba wage minissu mona rate indan liyanawada kiyala mama danne na.. Lankaawe pas paagagena lankaawe indan liyanna.. Eeye pereda nemeyine api ipadune..

      Delete
    3. Anonymous @ 11.20 , ඔබ කියන දෙය හරි වෙන්න පුළුවන් , මෛත්‍රී රූකඩයක් වෙන්න පුළුවනි , පසු පස රනිල් , චන්ද්‍රිකා ඉන්නවා වෙන්න පුළුවනි , රනිල් නම් ජනාධිපති උනේ නැහැ , ඒ වගේම චම්පිකලා , රතන හාමුදුරුවෝ , JVP වාගේ අයත් ඉන්නවා , මෛත්‍රී ගෙන් බලාපොරොත්තු වන්නේ , මේ ජනාදිපති ක්‍රමයේ තිබෙන බලතල අඩුකර ,අපට ගැලපෙන ව්‍යවස්ථා සන්සෝදනයක් , මෛත්‍රී රූකඩයක් නිසා ඒක ඉටු කරන්න වෙනවා , නැතිනම් රූකඩය මහා බලගතු (මහින්ද වාගේ ) පාලකයෙක් වෙන්න වෙනවා , ඉතින් රුකඩ යෙකුට ඒ වැනි තත්වයක ට යන්න බැහැනේ , එම නිසා සංසෝදන ඇති කරාවි , මෛත්‍රී ලබන විදායක ජනාධිපති තනතුර , රනිල්ට හෝ චන්ද්‍රිකාට පවරාගන්නා බැහැනේ ,
      රටේ සාදාරන නීති ක්‍රමයක් ඇති වෙනවාට අකමැති වෙන්න හේතුවක් නැහැනේ , ළඟදීම පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනවා , එතකොට අපිට ඊ ළඟ පියවර ගන්න පුළුවනි , මේ අවස්ථාවේ මෛත්රීල , පිරිස ක්‍රියා කරන ආකාරය බලලා ජනතාවට ඊට පිළිතුරු දෙන්න පුළුවනි ,

      Delete
    4. Anonymous @ 6.40 am අන්කල් ඔයා කියන ලෙස එලියට බැහැලා බලන්න ඕනේ නැහැ ගෙදර TV එකේ ITN , රුපවාහිණි , බැලුවාම පෙනෙනවා මහිදගේ යහපලානේ , මම කියන්නේ ජනවාරි 8 දා යින් පසු ඇති වෙන යහපලානේ දැන් තියෙන යහපලානේ (ජඩපාලනේ ) නම් අන්කල් කියන විදිහට "හිකිස් "තමා , එලියට බැස්සාමනම් තවත් පෙනෙනවා , දේසපාලන වේදිකා ගිනි තියනවා , කලාකරුවන්ට පහර දෙනවා , යුද්ද කරලා පාද අහිමි කරගත්තු යුද වීරයින්ට (කොළඹ ඉඳන් යුද කරපු අය නෙමේ ) ගහලා අනිත් කකුලත් කඩලා බොරු කකුලත් උස්සගෙන යන හැටි, .
      අන්කල් ගේ භාෂා විලාශය අර Face Book වීරයින්ගේ වාගේ 2.50 එකක් , බ්ලොග් අවකාශයේ නැහැ මේ වාගේ භාෂා පාවිච්චි කරන අය , වැදගත් ලෙස ලියන ය ඉන්නේ , මට හිතෙන්නේ ගංවතුරට පා වෙලා ආව කෙනෙක්ද කොහෙද .

      Delete
    5. Hari oba piligannawa maithree shakthimath naayakayek nowenna puluwan kiyala.. Shakthimath nayakathwayak nathi thana mokakda wenne? Rata ekathana pal weemayi.. Chandrikage awurudu 12 thula api e de hondatama dakka, ranilge wasara dekath ehemayi.. Colombo mathara adhiwegee margaya patan gaththe chandrikage kalaye, ekawath hada ganna puluwan wunaada e kaalayedi.. Paththara wala thathwayen adu idikireem paalam kadaa watuna kiyala thibuna reports dakkada e kaale adhiwegi margaye.. Rata eka thana palweema kiyana de api hondinma ath dakala thiyenawa meyita ihatha aandu wala.. Ranil kiyanne pakshaya thulama ekaadhipathiyek.. Thamange paksha nayakathwaya yaawajeewayi kiyala pakshe athule neethi hadaa gaththa kenek rata prajathanthra wadi karayi kiyala hithanna puluwanda? Me gollo okkotama thiyena prashe dan rata kanna owunta awasthawak nathi weemayi.. Rate balaya kese ho ganna dangalana mowun okkotama akamathi wenna hethuwa mowun okkoma wada bari tarzanla kiyala meeta ihatha hondinma oppu karala thibeemayi.. Danata thiyena shakthimath naayakathwaya mowun wenuwen wenas kireema modakamak wagema ratata anthrawak..chaminda

      Delete
    6. මෛත්‍රිපාල රූකඩයක් වීම තමයි අවශ්‍ය කරන්නෙ. අපට ඕනැ රූකඩයක් තමයි. නැත්නම් ඌ රජා වෙලා අපට කෙළිනවා.
      ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ජනතාවගෙ නූල් අනුව නටන රූකඩ පාලකයෙක්.
      රජා කෙළින හැටි හරියටම තේරුම් ගන්න ඕනැනම් ආයෙත් දිනවලා බලන්න. හැබැයි පස්සෙ දුක් වෙන්න එපා.

      Delete
    7. තොගෙ අම්මට හෙනහුරෝ, මෛත්‍රී රූකඩයක් උනාම තොගෙ අම්මගේ වාහෙද රට පාලනය කරන්නේ? අපි මෛත්‍රීව ශක්තිමත් පාලකයෙක් කරනවා.

      Delete
  7. නිගමනය :
    සුළු ජාතිකයන් තම වර්ගවාදී අරමුණු උදෙසා එක්සත්ව තම චන්දය භාවිතා කරන අතර , පක්ෂ දේශපාලනයෙන් කුණුවූ සිංහල බෞධයා හිස නොව තම අධෝමර්ගයෙන් සිතා තම ජාතියේ විනාශය පිණිස චන්දය භාවිතා කරයි

    ReplyDelete
    Replies
    1. ලොලෙලොල් ඔබතුමාගෙ නුවනෙ තරම යන්න යන්න අරලියගහ මන්දිරෙ කටු ටික ලැහැස්තියි

      Delete
    2. AnonymousDecember 31, 2014 at 10:12 AM
      ලොලෙලොල් හම්බයන්ගෙයි , දෙමලුන්ගෙයි , මෛත්‍රිගෙයි බෙටි දාල හදපු කැඳ හැලියෙන් ඔබතුමා අරං බොන්න

      Delete
    3. මළ මගුලක්නෙ ඕයි. මහින්ද ඇර මේ ලෝකෙ ඉන්න අනිත් ඔක්කොම එතකොට දේශ ද්‍රෝහියෝද?
      ඔය ඇනෝ කියන්නෙ සිංහල බෙටි සුවඳයි කියලනෙ. ඔහොම එවුන්ට හොඳ ඉතින් ප්‍රජාතන්ත්‍රවාදෙ නෙවෙයි රාජාණ්ඩු ම තමයි.

      Delete
  8. ඡන්දය පටන්ගෙන අවසන් ප්‍රතිපලය නිකුත්වන තුරු
    දූෂණ නෑ..නෑ..නෑ..
    - මැතිවරණ කොමසාරිස්‌

    මහින්ද ජිල්මාට් දමා බලය ගන්නවා
    - විදුහල් ගුරු , පැරකුම්

    ReplyDelete
  9. මහින්දට බෑ. ඒක ස්ථිරයි.

    ReplyDelete
    Replies
    1. අනිවා.

      මෛත්‍රී පාලනයට ජයවේවා!

      අපේ පැරාගේ දිනමිණ කර්තෘ තනතුරට ජයවේවා!

      Delete
    2. රාජ් දන්නේ නෑ ලංකාවේ ඉන්න හරකුන් ගේ මොලේ සයිස් එක

      Delete
    3. අනිවා මේ පර නම් මහින්ද ගෙදර.

      Delete
    4. පැරාගේ දිනමිණ කර්තු කම දැන් නම් පේනවා පේනවා වගේ. පැරා අනේ හරි ගිය දවසක අපි ගැනත් බලන්න.

      Delete
    5. //""


      AnonymousDecember 31, 2014 at 9:57 AM

      රාජ් දන්නේ නෑ ලංකාවේ ඉන්න හරකුන් ගේ මොලේ සයිස් එක""//


      ++++++++++++++++++++++

      Delete
    6. මෛත්‍රී පාලනය කියන්නෙ කඩේ යන අයට ජොබ් දෙන්න හදන එකක් නෙවෙයි මෝඩයිනි. මෛත්‍රිට කඩේ යාමෙන් පුද්ගලික කිසිවක් නොලැබේ. රටට ප්‍රජාතන්ත්‍රවාදයත්. නීතියේ ආධිපත්‍යයත් ලැබේ. (දැනට ලංකාවේ මේවා නැති බව මහින්ද චින්තන -3 කියවීමෙන් ඔබට දැනගත හැකිය.)

      Delete
    7. ගොබ්බ හෙනහුරෝ,

      තෝ ඉරිසියද පැරා දිනමිණ බොස් වෙනවට? පැරා දිනමිණට ගියා කියල කොහොමද ගොනෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හරි යහපාලනේට හරි කෙලවෙන්නේ?

      Delete
  10. මේක එච්චර සරල දෙයක් නෙවෙයි....මේ ගණං හැදිල්ල ඉස්සෙලම කරලා පෙන්නුවේ චම්පික- හෙල උරුමේ ජාතික ‍රැස්වීමේදී. බැලූ බැල්මට ගණං හැදිල්ලේ වරදක් පෙන්න නැතුවට කරුණු කාරණා ගොඩක් ඕක අස්සේ හැංගිලා තියෙනවා..

    මං මේක ගැන ලියන්න කීප වාරයක් හිතලත් වැඩේ අල්ලලා දැම්මා...ඒත් මං මේකේ තියෙන අවුල් සහගත් තැන් ගැන මං මගේ බ්ලෝග් එකේ ලියලා දාන්නම්....

    ReplyDelete
    Replies
    1. අඩු ගානෙ හය වෙනිද හත්වෙනිද වත් වෙද්දි දාන්න

      Delete
    2. අපේ මාරයා අයියා ලියපු විචාරය කියෙව්වද? ඒකෙ හැටියට නම් මෛත්‍රිට නෝ චෑන්ස්.

      Delete
  11. මේ කතා කරන්නේ දයාසිරිගේ මෙතඩ් එක අනුව.. එයා කියන විදියට නාගරික උගත් බුද්ධිමත් ජනතාව මහින්දට ඡන්දේ දෙන්නේ නෑ.. ඒ විදියට අපි හිතමුකෝ මහින්දට ඒ වගෙ ජනතාවගෙන 35% ලැබෙනවය කියලා. ඊ ළඟට ගමේ නූගත් බයියෝ.. දයාසිරි මෙතඩ් එකට අනුව එයාලට ඉන්නේ මේ සෙට් එක. රජගෙදර රිලවා කියනවා, උතුරෙන් ලැබෙන ඡන්ද ප්‍රමාණෙට වයඹ බයියන්ගෙන ලැබෙන වැඩි ඡන්ද ප්‍රමාණෙට නිශේදනය වෙනවා කියලා. එයා ගනන් පිළිබඳ ප්‍රොපෙසර් කෙනෙක් නේ. එතකොට මේ රටේ බහුතරය බයියෝ. අපි හිතමු බයියෝ 60% මහින්දට කියලා. මෛත්‍රිත් බයියෙක් නිසා ඔක්කෝම මහින්දට දෙන එකක් නෑ නේ.. එතකොට එන උත්තරේ කොහොමද පැරා.. මට ගනං හදන්න වෙලාවක් නෑ.. ඒ නිසා පොඩ්ඩක් මේ විදියටත් බැලුවොත් නරකෙයි.. ඕකට මුස්ලිම් සහ දෙමළ ඡන්ද සියල්ල එකතු වෙනවා.. වතුකරෙනුත් 50% විතර හම්බ වෙයි නේ.. ඕක තමයි අවසාන ප්‍රතිඵලය..

    ReplyDelete
    Replies
    1. //ඕකට මුස්ලිම් සහ දෙමළ ඡන්ද සියල්ල එකතු වෙනවා.//
      නිගමනය :
      සුළු ජාතිකයන් තම වර්ගවාදී අරමුණු උදෙසා එක්සත්ව තම චන්දය භාවිතා කරන අතර , පක්ෂ දේශපාලනයෙන් කුණුවූ සිංහල බෞධයා හිස නොව තම අධෝමර්ගයෙන් සිතා තම ජාතියේ විනාශය පිණිස චන්දය භාවිතා කරයි

      Delete
    2. "අද ඔහු උපරිමයෙන් ජාතිවාදය අවුළුවමින් සිටින්නේ මේ ඉලක්කය වෙනුවෙනි"

      Delete
    3. හම්බන්තොටත් ඉන්නවද මෛත්‍රිට දෙන උන්

      ඔව්. රාජපක්ෂ වරුන්ගේ ඡන්ද බල ප්‍රෙද්ශය වූද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සිය දේශපාලන දිවිය තුල ආසනය වූද හම්බන්තොට පළාත තුලද රාජපක්ෂ වරුන්ගේ ජනප්‍රියත්වය අඩුවෙමින් යන බව බොහෝ දෙනා පිලිගන්නේ නැත. ගාල්ලත් මාතරත් යන දකුනේ දිස්ත්‍රික්ක දෙකටම වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකින් මහින්ද රාජපක්ෂ හම්බන්තොට ජයග්‍රහනය කරාවි යැයි මගේ පුද්ගලික අදහස වෙයි.
      ගාල්ල

      Delete
    4. මම රන්න ට ගියා මගෙ වැඩකට . එහෙ මිනිස්සු කියන විදිහට නමල් ගෙ වැඩ නිසා මහින්දට හම්බන්තොටත් සොරිම තමයි.

      Delete
    5. මම මේ මෑතක කතරගම ගිහින් එන ගමන් ඔය හරියේ නැවත්තුවා බඩ ඉරිඟු කරලක් කාලා එළවලු පත්තක්කා ටිකක් ගන්න උන් නම් නාමල්ට මුකුත් කිව්වේ නෑ.. ඒත් ශිරන්ති මැඩම් නම් ආදරෙන් මතක් කලා....

      Delete
  12. Widhayakaya epa! Wasuta, DEWta avurudu thispahakata karanna nohaki wu de Sobitha therun itha keti kalakadi kala. Unwahanseta pin.
    Ganithayen baluwath, mahajana pelagasma baluwath Maithri dinanawa sthirai.
    Dhanawadayai Samajawadayai dekama ballata dala Prajathanthrawadaya sandaha hemoma ekwanna.

    ReplyDelete
  13. Ow ow ape sadgunawath Chandrikaa thumiya saha Prajathanthrawaadee- ekaadhipathi nemeyi honde heenenwath- Ranil uthumaano dan datha kata madagena balaagena inne lankaawata prajathanthre genna.. Ayi Mangala uthumaa

    ReplyDelete
  14. ගනන් නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ, කොහොම ගනන් හැදුවත් මෛත්‍රි ඉදිරියෙන්.
    9 වෙනිදට මොකද වෙන්නෙ කියන එකයි. අපි වගේ බයියොත් දන්නව මහින්දට බහුතරය නෑ කියල ඒක මහින්ද බයිය දන්නෙ නැත්තන් ඌ බයියෙක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොකක්ද යකෝ ප්‍රශ්නේ.

      ඉරිසියාකාර හැත්ත.

      පොළොන්නරුවේ එකෙක් ජනාධිපති වෙනවට ඉරිසියයි.

      මතුගම එකෙක් දිනමිණ ලොක්ක වෙනවට ඉරිසියයි.

      උඹලගේ රනිලව අගමැති කරනවා කිව්වනේ. රවියල චන්ද්‍රිකාලා හර්ෂලා එරාන්ලාටත් ඇමතිකම් දෙයි.

      දෙයියනේ කියල ගමේ මිනිස්සුන්ට ඉරිසියා නොකර හිටපිය.

      Delete
    2. https://www.facebook.com/photo.php?fbid=10205788416015535&set=a.4530828274700.2187703.1410804901&type=1

      Delete
  15. ජාතියේ ඉරණම තීන්දු කරන මැතිවරණයක් සම්බන්ධයෙන් මෙහෙම සැහැල්ලුවට කතා කරන කොමෙන්ට් කාරයන් ගැන ඇතිවන්නේ අපුලකි.

    ReplyDelete
    Replies
    1. තෝ ගැන පුදුම ප්‍රසාදයක් තියෙන්නේ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා