අසාරේ සාර මතිනෝ - ඥාන අසාර තේරෝ

මිස්ටර් ඥාන අසාර මේ වනවිට ලංකාවේ පිරිමින් අතර ජනප්‍රියම පුද්ගලයායි. මන්ද සිංහල පිරිමින්ටද මුස්ලිමුන්ට මෙන් කසාද පහක් කරගන්නට ඉඩ දියයුතු බව ඔහු කියා ඇත. ඊළඟ ඡන්දෙන් කවුන්සලේට ගියාම උන්නැහේට මේ යෝජනාව ක්‍රියාත්මක කර දෙන්නට පුළුවන. 

ජාතික සමානාත්මතාව ඇති වන පරිදි දෙමළ ජනයාටද කසාද පහක් කරගැනීමේ අයිතිය දිය යුතු බවට මනෝ සිවාජි ගනේෂන් පවා ඉල්ලා සිටින්නට බැරි නැත.

ඥාන අසාර මහතාගේ මේ යෝජනාවේ ඌනපූරණය කළ යුතුය. අ සිංහල අයියලා උඩ පැනගෙන ගොස් කසාද පහක් බැඳගෙන ගැහැනු හතරදෙනෙක් මාරුවෙන් මාරුවට රට යවා දේශප්‍රේමී ආණ්ඩුවට විදේශ විනිමය උපයා දෙමින් තමන්ද ශපාන් එකේ ඉන්නට පියවර ගන්නට ඉඩ තිබේ. 

අනෙක් පැත්තෙන් මොවුන් ගෑනු පහ හය අරගෙන සියවස් ගණනක ඇරියස් එක්ක කම්සැප පමණක් විඳිමින් ළමයින් නොහදා සිටින්නට ඉඩ තිබේ. එබැවින් මොවුන් රෑට සංසර්ගයේ යෙදෙනවාද, උපත් පාලන කොපු පාවිච්චි කරනවාද, ධාතු පිටට වඩම්මනවාද, නැතිනම් ඒ එකක්වත් නොකර කණමදයි වගේ බීගෙන ඇවිත් අත්දෙක කකුල් අස්සේ ගසාගෙන දපනවාද යනාදී කරුණුත් ඥාන අසාරගේ බලු සේනාවගේ නිරීක්ෂණයට ලක්විය යුතුය. 

අනෙක් පැත්තෙන් ඥාන අසාරලාගේ සරණේ කට්ටියත් ඔය ගල් සෙල්ලම් නවත්තා මේ වැඩේට පූර්ණකාලීනව බැසිය යුතුය. 

ඇත්තය. මේ රටේ එක එක ජනවර්ගයන්ට එක එක නීති තිබෙන්නට ඉඩ නොදිය යුතුය. නීතියක් නොවුණත් ඔය සුන්නත් කිරීමේ වැඩේද අපේ අයටත් කළ යුතුය. එතකොට වළලු කවදාවත් ගහමුල සිටින්නේ නැත. අපේ කට්ටිය හැමදාම තිරිහන් වනු ඇත.

දැනීමේ වරද නිසා, සාරය අසාරය දැනගත නොහැකිව, අසාරය සාරයයි ද, සාරය අසාරයිද ගෙන සිටින ඥාන අසාර පරපුරේ මුග්ධයිනි ධම්මපදයේ යමක වග්ගයේ එන මීට කලින් සටහේ එන ගාථාව කියවනු.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. this is a racist letter ... so shame about you

    ReplyDelete
  2. // සුන්නත් කිරීමේ වැඩේද අපේ අයටත් කළ යුතුය//
    ++++++

    ReplyDelete
  3. අද වෙලා තියෙන්නෙ ඉහළ පන්තියේ ඉන්න හාන්දුරුවරු වලදන අසූචි මිශ්‍ර රාජ භෝජනවල සුවද දැනිල,ඒවා බුක්ති විදින්ට තියෙන කෑදරකම නිසා වැලේ වැල් නැතිව ඉන්න කහ සිව්රු නමට පොරවගත්ත එව්වො දියවන්නාවේ මඩ ගොහොරුවට ඇවිල්ල ධම්මේ,රතනේ ඇතුළු තව !@#$ලා ගෙවන අර මොකක්ද කිල්ල මතානුයෝගය පුරන්න බලාගෙන තමයි මේ හැම රෙද්දක්ම කරන්නෙ ඕයි !!!!!!!!

    ReplyDelete
    Replies
    1. ලන්කාවෙ ඉන්නකන් රට කාල කාල, වල් වැඩ කරල... රට ගිහින් අනිත් මිනිස්සුන්ගෙ වැරදි කතා කරන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව....

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  5. පැරාට බෞද්ධ භික්ෂුවකට මහත්තයා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නට හොඳය. ගැරහීමට හොදය. එහෙව් පෝස්ටුවට ඊට නොදෙවැනි ආකාරයෙන් බෞද්ධ භික්ෂූන්ට නිර්ලජ්ජිත මුග්ධ ආකාරයෙන් බැණ වැදුණු කොමෙන්ටුව නරක් වී තිබේ. පැරා ඔබේ පෝස්ටුවේ සමුදයාර්ථය ගැන එකඟ වෙන්නට පුළුවන් වුවත් ඔබගේ නිර්දය වචන හැසිරවීම් නම් මහත්මයෙකුට තරම් නොවේ. ලැජ්ජයි...

    ReplyDelete
    Replies
    1. කුලවාදය සමාජයෙන් පිටු දකින්නා සේම භික්ෂුවගෙන් ද දුරලිය යුතුය....

      Delete
    2. මෙම සටහනේ න්‍යාය තොප්පිය හරිනම් දාගන්න යන්නයි. කිසිදු ආගමක් නොඅදහන අපට භික්ෂූන් හෝ වෙනත් පූජකයන් යනු ආගමික විශ්වාස මත පදනම්ව පිදුම් ලැබීමට සුදුසු වියයුතු මිනිසුන් පිරිසකි. සිවුරක් පටලාගෙන සිටින පළියට අපි මිනිසුන්ට ගරු කරන්නේ නැත. ඔබ කියන්නේ මේ අනුව ගොස් පූජකයන් වන නිසා හරකුන්, එළුවන් සියගණනින් බෙලි කපන තිරිසනුන්ටත් පුදන්නටය කියාද? ඔබට අවශ්‍යනම් කරන්න. අපි නොකරමු. ඇත්තම කීවොත් මෙවැනි ත්‍රස්තවාදීන්ට මහත්තයා කියා ආමන්ත්‍රණය කිරීමද සුදුසු නොවේ.

      Delete
    3. ඉහත පුතිචාරය අදාළ වන්නේ රතුරජරටටයි.

      Delete
  6. සැර වැඩිද මන්ද

    ReplyDelete
  7. ක්‍රිෂ්ණාJanuary 27, 2013 at 8:07 PM

    මිස්ටර් ඥාන අසාර ගහපං මචං කොන්ඩොම් ෆැක්ටරි වලට.ඔවා හදන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ ලංකාවෙන් අරින රබර් කිරි.රබර් වගාව නවත්තන උද්ඝෝශනයක් ලැස්ති කරපං මචං.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා