විහාරමහාදේවි, සුගතදාස, විජේවීර හා තවත් අය

සුගතදාස

විහාරමහාදේවි
ජවිපෙ කණ්ඩායම් දෙක පසුගියදා ඉල් මහ විරුවන් සැමරුවේ හරියට එය ඉතිහාසයේ මුල් ම එවැනි සැමරුම සේ පෙනෙන අයුරිනි. ඒ වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරක යුද්ධයක් පැවතිණි. දෙපිලේ ම අරමුණ වූයේ සිය සැමරුම් ස්ථාන සෙනගින් පුරවා පෙන්වීමයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ප්‍රමාණයෙන් විශාල වුව ද ජවිපෙන් ඉවත් වූ සුළු පිරිසක් ලෙස සෝමවංශ අමරසිංහ පාර්ශ්වය විසින් හඳුන්වනු ලබන කණ්ඩායම එය සෙනගින් පිරවීමට සමත් විය. 


මෙතෙක් ජවිපෙ ප්‍රමුඛ පෙළේ නායකයන් ලෙස විවෘත වේදිකාවන්හි පෙනී සිටීමට අවස්ථාව නො ලද ඕපාත හෙවත් සේනාධීර ගුණතිලක, එස්. කේ. සුබසිංහ, චමීර කොස්වත්ත වැනි මුහුණු සුගතදාස පිටියේ දක්නට ලැබුණු අතර විහාරමහාදේවි පිටියේ දක්නට ලැබුණේ ජවිපෙ පැරණි මුහුණු ම ය. 


දෙපාර්ශ්වය ම ජවිපෙට ගෑවී සිටි සියලු බලවේග අතර ප්‍රචාරක කටයුතුවල යෙදී ගෙන්නා ගන්නට පුළුවන් හැම පුද්ගලයා ම ගෙන්වාගෙන තිබිණි. 


දෙපිල ම ශක්තිය පෙන්වූ නිසා තරගය ජය පරාජයෙන් තොර සේ පෙනුණත්, ජවිපෙන් වෙන් වුණ වාම ධාරාව පෙන්වූ ශක්තිය වැදගත් සාධකයකි. 


මේ අතර ප්‍රංශයේ පැරිස් නුවර පැවති විරු සමරු උත්සවයකදී බිමල් රත්නායක වැදගත් ප්‍රකාශයක් කර තිබේ. ඔහු කීවේ පක්ෂය සන්ධාන ගොහොරුවේ එරුණු තීරණ ගැනීමට දැන් ඒවා විවේචනය කරන අය ද දෑත් ඔසවා සහයෝගය දුන් බවයි. 


සන්ධාන දේශපාලන සමයේ ජවිපෙ සාමාජිකයෝ කෙතරම් අහංකාර පිරිසක් වී ද යන්න පිළිබඳ සජීවී උදාහරණයක් මෙම ලේඛකයා සතු ය. වාම කණ්ඩායමක සම්මන්ත්‍රණයක පෝස්ටර් අලවමින් සිටි ලේඛකයාත්, ජෝසප් ස්ටාලින් සහෝදරයාත් වෙත පැමිණි ජවිපෙ ක්‍රියාකාරික සමූහයක් ඔවුන්ගේ පෝස්ටරයක් මත පෝස්ටර් අැලවී යයි චෝදනා කරමින් පෝස්ටර් උදුරා ගනිමින්, පාප්ප බාල්දිය ඔලුවේ හලන බව හා පෝස්ටර් කවන බව කියමින් තර්ජනය කළේ අසූනමය සමයේ හමුදාකාරයින් සේ ය. නැතිනම් දැන් දුමින්ද සිල්වලා සේ ය. 


දැන් ජවිපෙ කණ්ඩායම් ඊයේ පෙරේදා දක්වා එකට සිටි සිය පැරණි සහෝදරයන් විෂයෙහි හැසිරෙන්නේ ද, ඉතිහාසයේ කවදාවත් හමු නො වුණු නන්නාඳුනන පිරිස් වෙත ප්‍රතිචාර දක්වන්නා සේ ය. රාජ්‍ය බලය නැති නිසා දැන් ඔවුන් අර මෙම ලේඛකයාට ඔවුන් පෝස්ටර් කවන්නට තැත් කළ සමයේ තරම් සැර නැත. 


ණයට ගත් පිරුවට ගැලවී හැලෙන විට ධනවාදී, සමාජවාදී කියා වෙනසක් නොමැතිව දේශපාලකයන් කාගේත් රැස්පොට් බහිනවා ය. 


ජවිපෙ ඇතුළු සියලු වාමාංශික කල්ලි කණ්ඩායම් අතර දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ ඔවුන්ට හැම විට ම ප්‍රමුඛ වන්නේ අභ්‍යන්තර සතුරන් වීමයි. අභ්‍යන්තර සතුරන්ට මුහුණ දීම සඳහා ඔවුන් බලමුළු ගැන්වෙන ආකාරය විස්මය ජනක ය. ජවිපෙට යන්තම් හෝ ගෑවී සිටි හැත්ත බුරුත්ත සියල්ලෝ ම ගම් නියම් ගම්වල සිට බිරියන් යන්න එපා කියද්දී, ළමයින්ට බත් වේලක් අරන් දෙන්නට තිබෙන තුට්ටු දෙක හෝ වියදම් කර ඉල් මහ විරු සමරුව නම් අභිචාරාත්මක උත්සවයට කොළඹ පැමිණියේ වෙන මොකකටවත් නොව අභ්‍යන්තර අනෙකාට කෙළවන්නට ය. 


ජීවන වියදම ඉහළ යාමට එරෙහිව හෝ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් පැහැර ගැනීමට එරෙහිව හෝ ජන අරගලයක් ආරම්භ කරන්නට ජවිපෙ පිරිස් කොළඹට කැ‍ඳෙව්වොත් මේ වැඩි දෙනෙකුගේ අම්මලාට හෝ දරුවන්ට හෝ අසනීප වෙනවා ය. උණ ගන්නවා ය. බඩේ අමාරු හැදෙනවා ය. නිවාඩු ගන්නට බැරි වෙනවා ය. අරක වෙනවා ය. මේක වෙනවා ය. 


තවත් එකක් කිව යුතු ය. මහ ඉහළින් රෝහණ විජේවීරගේ උරුමය ගැන කතා කරන ජවිපෙ කෙරුමෝ අඩු ගණනේ ඒ මිනිසා මරා දැමූ ආකාරය ගැන ඇසින් දුටු සාක්ෂි තිබියදීත්, ඔහුට යුක්තිය ලබා දීමට කළේ කුමක් ද? රාජ්‍ය බලය සමග එකෙල මෙකෙල වෙමින් සිටි සමයේ හෝ අඩු තරමේ මෙම ඝාතනය පිළිබඳ සොයන්නට කොමිෂමක් හෝ පත් කරන්නට ජවිපෙට උවමනාවක් තිබුණේ නැත. 


විජේවීර සහෝදරයා අසූ නමයේදී හෝ පක්ෂය කළ දේවල වගකීම භාර ගත්තේ ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජෝසප් ස්ටාලින් සහෝදරයා ?? රුසියන් අවතාරයක්ද?

    ReplyDelete
  2. Ratata adare karana ekama pakshe wena JVP eka winasha karanna hadanne netuwa thamuselage deshapalanayak thamusela karagannawako..Hotu geni wage naahen adanne nethuwa..Owa eththama prashna wenna puluwan..eth owa ratatama kiyanne pakshe diya karannane..Ane baboo ekanam amaruwei..
    Anika oya giya un gena api nodannawaya..Oya giya peththe un oita hapan..Ape gameth ekek innawa..(Ajith Kumara)..U deshapalane karapu heti galle kagen hari ahagannako..Unge katha dakiddi apitanam hina thamai ithin..Bokken kiyanne.

    ReplyDelete
  3. "අභ්‍යන්තර අනෙකා"... ඉතාම නිවැරදි සහ ගැලපෙන යෙදුමක්!

    -Dimithri

    ReplyDelete
  4. දැන් කොහෙද නියම වාම වාදීන්, විජේවීරට අරමුනක් අරමුනට යායුතු ක්‍රමයක්,සංවිදාන ශක්තියක් තිබුන....දන් ඉන්න දෙපිරිසටම ත්බුනෙ කාට හරි මුවාවෙලා...ඒක සාරිපොටක්....කුරහන්සාටකයක් හෝ තරුහතරක්..එහෙමත් නැත්නම් දූශිත උසාවි ලෝගුවක් වෙන්නත් පුලුවන්...දැන් මොකොවත්ම නැතිනිසා විජේවීරගෙ ප්‍රතිරූපය හරි කමක් නැහැ විකුනල බලයට එන්නපුලුවන්නම් ඒක කරනව, නමුත් මේයාලට බලය ගිය දවසට වෙනටික පචවංශ ,නන්දන ගුනතිලක වැන්නවුන් දිහා බැලුවහම සිතා ගත හැකියි.

    ReplyDelete
  5. කොමිසමකින් එක පැත්තක් ගැන විතරක් හොයයිද? අලගිය තැන්, මුල ගිය තැන්, කොල ගියතැන්, අතු ගිය තැන්.....

    ReplyDelete
  6. ග්‍රේට්, ඇමතිකම් දරපු කාළයේ නටපු නාඩගම් අප ඇස් දෙකෙන්ම දැක්කේය. ඒ අතින් විමල් සමඟ ගිය පිරිස දිණුම්ය. අඩු ගානේ වීමල් කී දේ කළානම් ශ්‍රීලනීපය ගිල ගැනීමට උවද අවස්ථාව තිබිනි. ඔලුව ඉදිමුනු හරක් සෙට් එකක් දෙපැත්තේම ලොකු පුටුවල ඉඳ ගැනීමට පොරකෑම. මට නම් විහිළුවක්මය. මුන්ට වඩා ළොක්කා ජනතාව සමග නිහතමානීය.

    ReplyDelete
  7. awasthawadfi hatta ubala rohona wejeweerata sahodara kiyanawa samareema ahicharawat danapathine bath wela kasippu adiyata panthiya pawala dunna ubalata rohana sahodaraya bawitayen uttara deela thiyana dan jvp dekak wela ubalata lul danapathiyane idul bat gilina bath balayo rohana sahodarayawa kiyawapalla niyama nirdana panthi wiplawa wadiya kawuda kiyala igen ganna

    ReplyDelete
  8. විජේවීර සහෝදරයා වෙනුවෙන් ධනේෂවර උසාවියක් තුල යුක්තිය යදින්නට යෝජනා කරන අන්දමේ දැක්මක් සහිත වාමාංශිකයෙක්ද ඔබ?
    අනෙකුත් ඇතැම් මතු කිරීම් සම්බන්ධව එකග වෙමි.

    ReplyDelete
  9. ධනේෂවර ආයතන තුලින් විජේවීර සහෝදරයාට යුක්තිය ඉල්ලා නොසිටීම ගැන උරණ වීම තුල ඔබගේ දැක්ම ගැන අදහසක් ගත හැකිය.

    ReplyDelete
  10. විජේවීර සහෝදරයා මරා දැමූ ආකාරය යුද අපරාධයකි. බරපතල මානව හිමිකම් උල්ලංඝනයකි. එයට එරෙහිව නිහඬව සිට දැන් අපි ධනේශ්වර ආයතනවලින් යුක්තිය ඉල්ලන්නේ නැහැයි කීම විහිළුවකි. දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඉල්ලන්නේ ද, එම ලියාපදිංචිය මත පදනම්ව අයිතිය පිළිබඳ රණඩු වන්නේ ද ධනේශ්වර නීතිය මත් ය.

    ධනවාදය තුළ යුක්තිය නො ලැබේ යන පදනමින් සියලු උද්ඝෝෂණ නවත්වනවා නම් කරන්නට කිසිදු දෙයක් ඉතිරි නො වනු ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා