ෆිදෙල් හා රාවුල් කස්ත්‍රෝට වඩාත් ම සමීප වන ලාංකිකයන් වන්නේ මහින්ද හා ගෝඨාභය රාජපක්ෂ තමා ය

“Mahinda and Gotabhaya Rajapaksa are the Closest we Have to Fidel and Raul Castro”
- Dayan Jayathilaka

ෆිදෙල් හා රාවුල් කස්ත්‍රෝට වඩාත් ම සමීප වන ලාංකිකයන් වන්නේ මහින්ද හා ගෝඨාභය රාජපක්ෂ ය යන දයාන් ජයතිලකගේ කියුම ගැන අවධානය යොමු කළ යුතුයි.

දයාන් ජයතිලකගේ මේ කතාව හිනාවෙන්න විහිළුවක් නෙමෙයි. අඬන්න ඇත්තක්. වාමාංශිකයන් පෙනී සිටින ජාතික සමාජවාදය හෙවත් ජාතිවාදී රාජ්‍ය ධනවාදය ලංකාව වගේ රටක කරන්නට පුළුවන් උපරිමයෙන් මහින්ද ගොඩනැගුවා. ඒ විතරක් නෙමෙයි, වාමාංශිකයන්ට වඩා හොඳින් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී රාමුවක් තුළ බහු පක්ෂ ක්‍ර‍මයක් පවත්වාගෙන යමින් ඒක කළා.

සුවිශාල රාජ්‍ය අංශයක්, දැවැන්ත රාජ්‍ය සේවයක්, රාජ්‍ය සුබසාධන සේවා ආදිය එක්ක ම වෙළඳපොළ නිදහසත් තුලනය කරන්නට මහින්ද සමත් වුණා.

ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්ලග් ගැලෙව්වෙ මහින්ද. බටහිරටයි ඉන්දීය ව්‍යාප්තවාදයටයි එරෙහිව යමින් ලංකාව චීනෙ එක්ක ප්ලග් කළෙත් මහින්ද.

මහින්ද අසාර්ථක වුණේ ජාතික නිෂ්පාදනය නැංවීම පැත්තෙන් හා ජාතික සමගිය ගොඩනැගීම පැත්තෙනුයි. ෆිදෙල් ද ජාතික ආර්ථිකය ගොඩනැගීම පැත්තෙන් අසාර්ථක ය. ඔහුට මහින්දට තරම් සංකීර්ණ ජාතික ගැටලුවකට මුහුණ දෙන්නට සිදු වූයේ නැත.

ජාතික සමාජවාදයේ සංකේතය ලෙස සලකන්නට පුළුවන් උතුරු කොරියාවේ තිබෙන අගතිගාමිත්වයන් වන පවුල්වාදය, ඥාති සංග්‍ර‍හ, විරුද්ධවාදීන් ඝාතන, ප්‍ර‍කාශනයේ නිදහස පාලනය කිරීම, මුග්ධත්වය වැපිරීම, අන්ධ භක්තිකයන් පිරිසක් නිර්මානය කර ගැනීම වැනි සියල්ලම වගේ මහින්ද ලංකාවේ කළා. 

ඒ වගේ ම, කියුබාවේ වගේ ම පිරිමි ආධිපත්‍යයෙන් යුත් සමාජ ක්‍ර‍මයක් මහින්ද ලංකාවේ කියුබාවටත් වඩා හොඳින් ස්ථාපිත කළා. කියුබාවේ සුදු, ස්පාඤ්ඤ, කතෝලික ආධිපත්‍යය හා සමාන අන්දමින් ලංකාවේ සිංහල බෞද්ධ ආධිපත්‍යය ස්ථාපිත කළා. 

හැබැයි මේ එකක්වත් කළේ රතු කොඩි දාගෙන නෙමෙයි. මාක්ස්ගේ, එංගල්ස්ගේ, ලෙනින්ගේ කෑලි උපුටා දක්වමිනුත් නෙමෙයි. ඒක නිසායි වාමාංශිකයන් මේක විප්ලවය ය කියලා පිළිගන්නට අකැමැති.

වාමාංශිකයන් නිර්ධන පංතිය කියන්නේ කාට ද? ඔවුන්ගේ පංති පදනම වන්නේ ප්‍ර‍ධාන වශයෙන් ම අඩුවෙන් වැඩ කර මහජන මුදලින් වැටුප්, විශ්‍රාම වැටුප් ආදිය ලබන රජයේ සේවයේ පහළ ස්ථරයයි. උදාහරණයකට ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරය අරගෙන බලන්න. ඔවුන් වෘත්තීය සමිති හදා තිබෙන්නේ මේ පැළැන්තියටයි. ඊට අමතරව, සහනාධාර මත යැපෙන ගැමි දිළිඳු ජනයා අතරත් ජවිපෙ යම් තරමකට පැතිරිලා තිබුණා. ඒ අය ඔවුන් හැඳින්වූයේ ගොවීන් ලෙසයි. මේ පංති ඇත්තෙන් ම නියෝජනය කළේ මහින්දයි. ඔහු ඔවුන්ට වැඩි වැඩියෙන් මහජන මුදල් පොම්ප කළා. රජයේ සේවකයන්ට මෝටර් බයිසිකල් පවා දුන්නා.

මේ දේවල් කළේ ඵලදායී වැඩ කරන විදේශ ශ්‍ර‍මිකයන්, පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන්, අවිධිමත් ක්ෂේත්‍රයේ ශ්‍ර‍මිකයන් ආදීන් නිර්දය ලෙස සූරා කාලායි. මෙම ඵලදායී වැඩ කරන ජනතාව සංවිධානය කරන්න වැඩ කරලා තියෙන්නේ මොන වාමාංශිකයා ද? හැබැයි, මහින්ද මොවුන්වත් ගානට අන්දා ගත්තා.

අපි හිතමු ජවිපෙ වගේ පක්ෂයක් බලය අරගත්තා ය කියලා. සෝමවංශ අමරසිංහ ලංකාවට ආපු අලුත අනුරාධපුරේ තිබුණු දැවැන්ත රැළියකදී කිව්වෙ ඒගොල්ලන් ආවොත් එල්.ටී.ටී.ඊ. එකට දෙන්නෙ ඒ වන විට ඇමරිකාව ඇෆ්ගනිස්තානයට ගහන විදියටයි කියලායි. ඉතින් ගෝඨාභය ගැහුවෙ ඒ විදියට තමයි. යුද්ධය ඉවර වෙලාත්, කොයි තරම් ජාත්‍යන්තර බලපෑම් මැද්දේ වුණත්, මහින්ද බලය බෙදාගැනීමකට ගියේ නැහැ. ඒ ක්‍රියාත්මක කළේ ජවිපෙ විසඳුම නැතුව වෙන මොකක් ද? සිංහල බෞද්ධ මූලික රාජ්‍යය තුළ සුළුතර ජාතීන් බලෙන් රඳවා ගැනීම තමයි මහින්දගේ විසඳුම. ඒකට ජවිපෙ විරුද්ධ වෙන පදනම මොකක් ද?

මම නම් හිතන්නෙ ජවිපෙ බලය ගත්තා නම් මහින්ද කළ මේ ටික කරන්නේ මීට වඩා දුර්වල විදියටයි. ඒ විතරක් නෙමෙයි, ජවිපෙ මහින්ද වගේ දාලා යයි ද කියන එකත් මට සැකයි. බලය මාරු කරන්න ගිහින් සෑහෙන්න ලේ හැලෙන්නත් ඉඩ තිබුණා. ඒ අතින් ගත්තා ම මහින්ද කස්ත්‍රෝට වඩා ඉදිරිගාමීයි.

මහින්ද කස්ත්‍රෝ වැනි විප්ලවවාදීන්ගෙන් වෙනස් වුණේ අඳින ඇඳුම, කතා කරන වචන හා අල්පේච්ඡතාවාදී ප්‍ර‍චාරය වැනි කාරණා පැත්තෙන්. මහින්දට වඩා කස්ත්‍රෝ අල්පේච්ඡයි ද කියන එක වෙන ම කතා කළ යුතු විෂයක්. මහින්ද පවුල ඇගයූ මිනිහෙක්. කස්ත්‍රෝ නිදහස් ලිංගිකයෙක්. මහින්ද පවුල සැපවත් කළා. කස්ත්‍රෝ තමන්ගේ මීයා සැපවත් කළා. මේ අයගේ ශෛලීන් එකිනෙකාගෙන් වෙනස්. ඒත්, මූලික ලක්ෂණ සමානයි.

අපි ඔය ගතානුගතික වම ප්‍ර‍තික්ෂේප කරන්නේ ඔන්න ඔය හේතු නිසායි. ලෝකයට වඩා යහපත් දෙයක් දෙන්නට වමට බැහැ. මහින්දලාටත් බැහැ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සමහර අදහස් වලට එකඟ වෙන්න බෑ පැරා..

    වෙළඳ පොල ආර්ථිකයට ඉඩ දුන්න එක ඇත්ත. ඒත් එතන හිටියෙත් රාජපක්ෂලා, හොඳම ව්‍යාපාර සියල්ලම ඔවුන් අත් පත් කර ගත්තා..

    අනේක කස්ත්‍රෝ නිදහස් ලිංගිකයෙක් කියන කතාව, ඇයි එතකොට මහින්ද එහෙම නැද්ද...? මහින්දට අපහාස කරන්න එපා.. මහින්ද පොරක් වෙන්න ඒකත් එක හේතුවක්.. ප්‍රසිද්ධ ඒවා සහ අප්‍රසිද්ධ දේ බොහෝඅමයි.. එපමණක් නොවෙයි.. අරලිය ගහ මන්දිරේ නාරි වෛද්‍ය විශේෂඥයෙක් (ඇබෝ) පවා උන්නා..

    ඒ අතිනුත් මම වෙනසක් දකින්නේ නෑ... එකම වෙනස කැස්ත්‍රෝට බිස්නස් කාරයෙක් කියන අනෙක් ඒකාධිපතියන්ට තිබුන චෝදනව පමණක් නැති එක විතරයි...

    ReplyDelete
  2. මහින්ද සහ සමාගම සමාන කළ හැක්කේ ඉන්දුනීසියාවේ සිටි සුහර්තෝ ක්ලෑන් එකට ය!

    ReplyDelete
  3. කමක් නැහැ කමක් නැහැ පැරා! දැන් සෑහෙන්න කිට්ටුවට ඇවිත්. එක සැරේ ම මහින්ද හොඳායි කියන්න අමාරු ඇතිනේ පැරාට. ටික ටික මහින්දගේ හොඳ වැඩිපුර දකින්න. පැරාට වේගෙන එන දේ සරසතුමාගේ මල්ලේ පොල් බ්ලොගයේ කමෙන්ට් කරලා තියෙනවා. ඒකෙන් කොටසක් මෙන්න:

    //මෙනයින් පැරකුමුවන් කැරැකී පැමිණෙන්නට මාන බලනුයේ ජය නියත රජපස දෙසට යැ. පැරකු‍මුවන් ළඟ දී මැ එසඳහා ද නව න‍යක් සකසනු ඇත. එහෙත් පැරකුමුවන් තම ආකල්ප සකසා ගන්නා තෙක් ඔවුන් රජපස බලකායේ හතර මායිමට වද්දා නො ගැනීමට මා සන් මිතු මයුරවිල සහ සරස සෙන්පතීන් විසින් වග බලා ගනු ලැබිය යුතු මැ යැ. මක් නිසා ද යත් පැරකුමුවන් ට්‍රෝජන් අස්ප‍යකු විය හැකි බැවිනි.

    මාන්පිටිය සිරිමතුනි, අප මෙම කරුණු කෙතරම් පැවසු වැ ද පැරකුමුවනට නො වැටහේ. පසු ගිය සමයැ මයුරවිලයෝ ද සරස‍තුමෝ ද මම ද මෙකී කරුණු නන් නයින් මෙහි විවරු කැරැවූයෙමු. පැරකුමුවෝ යහපාලනය මැ වැනුවෝ යැ. ඇතැම් විට පැරකුමුවනට වැටහෙනුයේ මතු ආකාර විවරු විය හැකි යැ:

    “පැරකුමුවෝ විකුම්සිහයන් (හෝ ඔවුන්ගේ එ.ජා.ප. සමාගම හෝ යහපාලනය හෝ) තුළ තම මහා අනෙකා (the Big Other) ගොඩනඟා ගෙනැ තම ආශාවේ වස්තුව (objet petit a) නිර්මාණය කර ගත්හ; විකුම්සිහයන්ගෙන් තමා නොලබන එහෙත් අනෙකා ලබන්නේ යැ යි තමා සිතන අතිරික්ත ප්‍රමෝදය (surplus of jouissance) යනු මෙකී ආශාවේ වස්තුව (objet petit a) යැ. තමා නොලබන අනෙකාගේ අතිරික්ත ප්‍රමෝදය පැරකුමුවන් තුළ ඇති කරන සාංකාව සමනය කැරැ ගැනුමට පැරකුමුවන් ගොඩ නැඟූ ෆැන්ටසිය W3Lanka හි ලිපි සිව්දහසකට වැඩි පමණක ගැබ් වැ පවතී.

    Cont …

    2/2

    පැරකුමුවන්ගේ ෆැන්ටසිය බිඳි වැටෙන සංසිද්ධි කීපයක් පසු ගිය සමයැ සිදු විණ (මහ බැංකු අවුල, බදු අවුල, ඉන්ටර්පෝල් අවුල ඈ විසින්). ෆැන්ටසිය බිඳුණු කල පුද්ගලයා අබිමුව වනුයේ යථ (the Real) සමඟ යැ. මෙලෙස යථ (the Real) අබිමුව වීම ක්ෂිතිමය අත්දැකීමකි (traumatic experience). විකුම්සිහයන් (හෝ ඔවුන්ගේ එ.ජා.ප. සමාගම හෝ යහපාලනය හෝ) පිළිබඳ පැරකුමුවනට භාෂාත්මක ලෝකය තුළ සංකේතකරණය කර ගැනීමට නොහැකි වූ යථ (the Real) උමතු වූ සංසිද්ධි කීපයක් ඔස්සේ ඔවුනට අබිමුව වීමෙන් පසු පැරකුමුවනට තව දුරටත් විකුම්සිහයන් (හෝ ඔවුන්ගේ එ.ජා.ප. සමාගම හෝ යහපාලනය හෝ) තම ආශාවේ වස්තුව ලෙස පවත්වා ගත නොහැකි යැ.

    පැරකුමුවෝ වත්මන මව හෝ සංකේතීය පියා (symbolic father හෙවත් the name of the father) හෝ අහිමි වූ දරුවකු මෙන් තෝන්තුවා වී සිටිති. වත්මනැ පැරකුමුවන්ගේ හැසිරුම එවන් දරුවකුගේ සේ යැ. පැරකුමුවන් නො ලසා තම ආශාව යොමු කළ හැකි මී ළඟ මහා අනෙකා (the Big Other) ගොඩනඟා ගෙනැ තම ආශාවේ වස්තුව (objet petit a) නිර්මාණය කර ගත යුතු වැ ඇත. පැරකුම් විසාහි ජ.වි.පෙ. එකී කිරිය සඳහා විකල්පයක් යැ? මගේ අදහස නම් “නැත” යනු යැ.

    පැරකුමෝ අසූව දසකයැ මැදැ විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) තුළ තම මහා අනෙකා (the Big Other) ගොඩනඟා ගෙනැ තම ආශාවේ වස්තුව (objet petit a) නිර්මාණය කර ගත්හ. ඒ ඇසුරින් ඔවුන් විසින් ගොඩනැඟුණු ෆැන්ටසිය අසූව දසකයේ අග වන විට බිඳ වැටිණි. එළිය කන්දේ දී ද වීරවිල දී ද ඇති වූ ක්ෂිතිමය අත්දැකීම් (traumatic experience) යනු පැරකුමුවන්ගේ ෆැන්ටසිය බිඳී පැරකුමුවනට භාෂාත්මක ලෝකය තුළ සංකේතකරණය කර ගැනීමට නොහැකි වූ විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) පිළිබඳ යථ (the Real) අබිමුව වීම යැ. ඉනික්බිති වැ පැරකුමුවනට විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) තුළ තව දුරටත් ෆැන්ටසිකරණය කළ හැකි, සංකේතනය කර ගත නොහැකි යථ (the Real) නො පවතී. “සංකේතකරණය කර ගන්නට නොහැකියාව” නැති තැනැ ආශාව නො රඳයි (ආශාව යනු අපගේ අහිමි වීම තුළ රඳන්නකි). එනිසා පැරකුමුවනගේ ආශාව විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) තුළ නො රඳයි.

    වත්මනැ පැරකුමුවනට මහා අනෙකා (the Big Other) කැරැ ගතැ හැකි වන්නේ හෙවත් ආශාව යොමු කළ හැකි වන්නේ රජපස වෙත යැ. රජපස යනු පැරකුමුවනට සංකේත කර ගත නොහැකි දෙයකි. පැරකුමුවෝ දැනට මැ රජපස තුළ අනෙකා ලබන ප්‍රමෝදය (jouissance) ප්‍රශ්න කරමින් සිටීම යහපත් එළඹුමකි. ළඟ දී මැ පැරකුමුවන් රජපසගෙන් තමා නොලබන එහෙත් අනෙකා ලබන්නේ යැ යි තමා සිතන අතිරික්ත ප්‍රමෝදය (surplus of jouissance) හෙවත් ආශාවේ වස්තුව (objet petit a) පිළිබඳ ෆැන්ටසිකරණය අරඹනු ඇත. දිනකට වියුණු සටහන් පහ හය ලියැවෙනු ඇත. අප සතුටු විය යුතු නො වේ ද? මොහාන් සමරනායක, චරිත හේරත්, මහින්ද පතිරණ ඈ සුධීමතුන් ලබන ප්‍රමෝදය (jouissance) පැරකුමුවනට ද මතු දින දැනේවා. //

    පැරා දැන් වැඩ කරන්නේ ලැකාන්ලාගේ ජිජැක්ලාගේ තියරිවලින් වගේ...

    ReplyDelete
    Replies
    1. ඔබට ද, ඔබේ ලැකාන් හා ජිජැක්ට ද බුදු සරණයි.

      පහත මා දක්වා ඇති අදහස කියවන්න.

      Delete
    2. මා පැරැණි මිතු පැරකුමුවෙනි,

      මම ලකාන්වාදියෙක් හෝ ජිජැක්වාදයෙක් හෝ නො වෙමි. මා විසින් වෙනත් සන්දර්භයක ලියවුණු ලිපියෙක අසක් මෙහි පළ වී ඇති සෙයකි. මෙම ලිපිය මා විසින් ලියැවුණේ මා සන්මිතුරන් වන සරසතුමන්, මයුරවිලයන් සහ මාන්පිටියන් උදෙසා යැ. පැරකුමුවනට ද අදාළ යැ. අප විසින් පැරකුමුවනගේ අලකලංචිය කියැවියැ හැකි නන් නය විදි විමැසෙන කල පැරකුමුවන් වත්මනැ මහත් ලාලසා පානා ලකානියානු නය ගැන ද විමැසිණි. මෙයට අදාළ මුල් ලිපියැ අප විසින් අනුයෙන පෙර දිග නයෙන් කළ කියැවීම ද සඳහන් වැ ඇත. දුටු සිත් නැති. පවිටු සිත් නැති.

      දෙස බස රැස රකිනා නයුවකුට අපි මනාප වෙමු. තොපගේ නයුවා වන විකුම්සිහයන් තමනට එය කළ නොහැකි බැව් යළි යළිත් පෙන්වා ඇත. එය අපගේ දොසෙක් නො වේ.

      වරදරාජා පෙරුමාලුන් සමඟ උතුරේ වෙන මැ රටක් ඇති බැව් පැවැසූ දයානුනට, ෆිදෙලුන් ගැන ලෙව්හි පතළ ගතක් ද ලියූ දයානුනට වත්මනැ රජපස රිසි නම් ඔබට ද එසේ වන්නට හැකි යැ. එහෙත් රජපස වෙත එළඹෙන්නට පෙර පැරකුමුවන ආකල්ප වෙනසක් ඇති කර ගත යුතු ය. ජාතික අනන්‍යතා නසන්නට නම් රජපස සොයා නො යනු!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  4. බොලේ....

    මහින්ද මහත්තයාට හීනියට කඩේ යන්න පටන් ගත්තු පැරාතුමා ට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයාට හීනියට කඩේ යන්න පටන් ගත්තු පැරාතුමා ට ජය වේවා! X 10

      Delete
    2. හූ .... හූ .... පැරා හූ ....

      Delete
    3. මොකද බෙට්ටෝ අද බෙට්ට දාන්න මෙපමණ පරමාද උනේ

      Delete
    4. // මොකද බෙට්ටෝ අද බෙට්ට දාන්න මෙපමණ පරමාද උනේ //

      සමාවෙන්න කක්කා ඇනෝ තුමෝ අද ප්‍රමාද වුනාට...
      හෙට නම් උදේම රාජකාරියට වාර්තා කොරන්නම් හිටන්!

      Delete
    5. මහින්දට කඩේ යනව කියන්නෙ එයාට ටොකු ඇනල ජෙප්පන්ට රෙවෙන්න දෙන එකට නං හරි ඕං....

      Delete
    6. මු බලාගෙන ඉන්නේ පැරාගේ post එකක් එනකම් මොනාහරි කොටන්න.
      පවූ අසරණයා . අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?

      Delete
  5. දයාන් ජයතිලක වඩාත් සමීප දේශපාලන විචාරයටද එහෙමත් නැත්නම් ........

    ReplyDelete
  6. ඔබට ද, ඔබේ ලැකාන් හා ජිජැක්ට ද බුදු සරණයි.

    ඔබට ගැලපෙන කියමන වන්නේ ඉඟිය නො තේරෙන එකාට කෙළ මෝලෙන් ඇන්නත් තේරෙන්නෙ නැහැ ය යන ජන වහරේ ඇති කියමනයි.

    “ලෝකයට වඩා යහපත් දෙයක් දෙන්නට වමට බැහැ. මහින්දලාටත් බැහැ," යි කී විට නො තේරෙන දෙය ඔබ ඔය භාවිතා කරන තියරියෙන් කිසි දා හමු වන්නේ නැත.

    මහින්දට නැවත බලයට එන්නට බැරි ය. ගෝඨාභය රාජපක්ෂට කෙසේ වත් බැරි ය. ඒ ගැන මා දැනට කිසිවක් කියන්නේ නැත. ඒ ෆැන්ටසිය තුළ ජීවත් වන්නට ඔහුටත් ඔබටත් ඉඩ දී සිටීම මේ මොහොතේ දේශපාලනික වශයෙන් උපායශීලී ය. මා හිතන්නේ බැසිල්ට ආණ්ඩුව සන්තෝසමක් දී තිබෙන්නේ ද ඔය ව්‍යාපෘතිය ම ඉදිරියට ගෙන යන්නට විය හැකි ය.

    අනාගතය පිළිබඳ අනාවැකි කියන්නට තවම ඉක්මණ් වැඩි ය. මන්ද, 2020 දක්වා පවතින්නේ වර්තමානයයි.

    2020 වන තෙක් මේ ආණ්ඩුව වැටෙන්නේ නැත. ඉන් පසු බලමු.

    ReplyDelete
    Replies
    1. ඇයි වස්තුවේ ඔයාගේ ඉඟිය තේරෙන නිසා නේ ද මෙහෙ ම ලියා තිබෙන්නේ?

      //කමක් නැහැ කමක් නැහැ පැරා! දැන් සෑහෙන්න කිට්ටුවට ඇවිත්. එක සැරේ ම මහින්ද හොඳායි කියන්න අමාරු ඇතිනේ පැරාට. ටික ටික මහින්දගේ හොඳ වැඩිපුර දකින්න. පැරාට වේ ගෙන එන දේ සරසතුමාගේ මල්ලේ පොල් බ්ලොගයේ කමෙන්ට් කරලා තියෙනවා. ඒකෙන් කොටසක් මෙන්න://

      එක සැරේ ම මහින්ද හොඳායි කියන්න අමාරු ඇතිනේ පැරාට. ටික ටික මහින්දගේ හොඳ වැඩිපුර දකින්න.

      එක සැරේ ම මහින්ද හොඳායි කියන්න අමාරු ඇතිනේ පැරාට. ටික ටික මහින්දගේ හොඳ වැඩිපුර දකින්න.

      එක සැරේ ම මහින්ද හොඳායි කියන්න අමාරු ඇතිනේ පැරාට. ටික ටික මහින්දගේ හොඳ වැඩිපුර දකින්න.

      සරසතුමෝ, be careful when you accept Trojan Horses from your foes.

      Delete
    2. // සරසතුමෝ, be careful when you accept Trojan Horses from your foes. //

      ඇනෝ තුමෝ: මා ඔබේ අවවාදය හිස නමා පිලිගනිමි !

      Delete
    3. "මහින්දට නැවත බලයට එන්නට බැරි ය. ගෝඨාභය රාජපක්ෂට කෙසේ වත් බැරි ය. ඒ ගැන මා දැනට කිසිවක් කියන්නේ නැත. ඒ ෆැන්ටසිය තුළ ජීවත් වන්නට ඔහුටත් ඔබටත් ඉඩ දී සිටීම මේ මොහොතේ දේශපාලනික වශයෙන් උපායශීලී ය."

      අම්මප? අමාරිස් අය්යියත් නැති එකේ ජයසිංහ ගොය්යාවත් ඉන්න එපෑ.

      ඔය හින්ද වෙන්නැති අර සමුපකාර චන්ද ප්‍රතිපල දැකල පළාත් පාලන චන්ද සමානුපාතික විදියට තියන්න යන්නෙ?

      අම්මප තමුන්නැහැ ඔය රාවයට යන එන වෙලාවක නීලම්මහර පන්සලට ගොඩ උනා නම් නරකද?

      -මොණරවිල

      Delete
  7. සතියකට කලින් මහින්ද මහත්තයා චීනෙට ගිහින් ආවා..

    ඊට පස්සෙ දවසෙම ඉන්දියාවෙ තානාපති මහින්ද මහත්ත්යා හමුවෙන්න ගිහින් රහස් සාකච්චාවක් කලා....

    ඇමෙරිකාවෙ තනාපති මහින්ද මහත්ත්යා හමුවෙන්න ඇපොඉන්මන්ට් එකක් ඉල්ලුවා කියලා ඊයේ ජනමාද්ය වල පල වුනා...

    අනේ පින්වතුනි, අද පැරා තුමා මහින්ද මහත්ත්යා වෙනුවෙන් හීනියට කඩේ යන්න පටන් අරන්....

    දැන් මොකේද දන් වලඳන්නෙ හිටන්???

    ReplyDelete
    Replies
    1. මොකුත් නෑ බෙට්ටෝ. 2019 දි තමයි මරාට සහ උගේ හැත්තට කෙළවන්නේ. දැන්ම කලොත් අපේ රටේ මිනිස්සුන්ට අමතක වෙනවා.

      Delete
    2. බෙට්ටෝ , චිනේ ගිහින් මරාතුමා හම්බුනේ කාවද?
      ලොකු ලොකු මහත්තයලා එහෙම වෙන්න ඇති. ඔය NGO කාරයෝ එහෙම නැතුව..

      Delete
    3. බෙට්ටෝ, american තානාපති , තොගේ මරාතුමාව හම්බ නැහැ . පවු .

      ස්වයං වින්දනය අතහැරපන්

      -SAM

      Delete
  8. රාජපක්‍ෂවාදීන් (Rajapaksites) ගැන මේ විග්‍රහය ගණිතයට කැමති අයට ය.

    රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites

    !!

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමෝ....

      යන යන තැන තමුන්ගෙ බ්ලොග් කඩමාල්ලෙ ලින්ක් දදා ගරිල්ලා මාකටින් පාර දෙන හීනමානකාර තට්ට සරුලොක් හෝම්ස් කාරයාගෙ අසනීපෙනම් සනීප වන පාටක්ම නෑ නේහ්?
      අයියෝ ඩේටා කිව්වලු.. අපිනම් බලයි ඔය ලින්ක් වලට ගිහින් හැක්..

      Delete
    2. // යන යන තැන තමුන්ගෙ බ්ලොග් කඩමාල්ලෙ ලින්ක් දදා ගරිල්ලා මාකටින් පාර දෙන හීනමානකාර තට්ට සරුලොක් හෝම්ස් කාරයාගෙ අසනීපෙනම් සනීප වන පාටක්ම නෑ නේහ්? //

      කරුමේ පලදෙනවා හිටන්...

      මැන්ස් සින්හ්ල බ්ලොගේ ගොන් පාර්ට් රජා වෙලා අහවර වෙලා දැන් හිටගෙන විහිලුකාරයෙක් වෙන්න උත්සාහ කොරනවා...

      Delete
    3. රසික,
      මොකද්ද බං මේ ලැජ්ජා නැති වැඩේ. උබේ බ්ලෝග කවුරුත් බලන්නේ බලන්නේ නැති බව හැබැය. ඒත් මෙහෙම වැඩ කරන්න එපා බං

      -SAM

      Delete
    4. SAM,
      අන්තර්ගතයේ සම්බන්ධතා ඇති WWW පිටු ඒ අදාල තැන්වල දී Hyperlink මගින් එකිනෙක සමග ඈඳීම ඔබ හඳුන්වන්නේ ලැජ්ජාවක් කියා නම් WWW සමස්ත අවකාශයම ලැජ්ජාවකි.

      අඩුතරමේ WWW යන්න සැදී ඇති World Wide Web හි අඩංගු (Web=) දැල සැඳීමට වෙන් වෙන්ව ඇති දේ එකට ඈඳිය යුතු බව වත් ඔබ දන්නේ නැති ද?

      https://en.wikipedia.org/wiki/World_Wide_Web

      !!!

      Delete
    5. අනේ මන්දා මගේ මෝඩ කමටද කොහෙද මටනම් හිතෙන්නෙම "ඔයා කරේ හිඟාකන වැඩක්" වගේ වැඩක් කියලමයී".
      -SAM

      Delete
    6. @ SAM,

      එසේ සිතීම ගැන කණගාටුයි. මට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ ගැතියන් ගැන මා ලියූ දේ මේ ලිපිය සමග ඈඳන්නයි.

      ඔබ අන්තර්ජාලයේ ම ක්‍රියාත්මක වෙන ට්විටර් ගැන දන්නවා නම්, එහි ඇති හෑෂ් ටැග් ගැන දන්නවා ඇති. හෑෂ් ටැග් මගින් කෙරෙන්නේ සමාන මාතෘකා එකිනෙක බාහිරව ඈඳීමයි. මේ පහසුකම ෆේස්බුක්වලත් තියෙනවා.

      අන්තර්ජාලයේ දිවෙන පැරණිතම සේවාවක් වන WWW හි මේ සම්බන්ධතා මූලික HTML ක්‍රම මගින් ම කළ යුතුයි!

      Delete
    7. සිනුවර තට්ටයා හිටගෙන ජෝක් දාන්න පටන් අරන්.... මැන්ස් දැන් විහිලුකාරයෙක්

      Delete
    8. Anonymous 4:32 PM

      හිටගෙන කරනකොටත් මාර ජොලි බන්.
      අද හිටගෙන කරල බලන්නකො බොරුනම්.

      - සිනුවර තට්ට _න්න එච්. පුතා

      Delete
    9. යාලුවනේ,

      මං නං ඔය ඔත්තේලියාවට රිංගගගෙන ලොකු ලයින් දාන කල්ලතෝනි අසූචිලොජි ද මොකාද කියන එකා ලියන අමුම අමු ගොං කතා ගැන දැන ගන්නේත් කවුරු හෝ ඒ ගැන අමු කුණුහබ්බෙන් බැනලා ලිව්වාමයි. මොකට බලනවා ද බන් ඔය වගේ මානසික අසහනකාරයෙක් ලියන පල්හෑලි. ලින්ක් තියා සල්ලි දෙන බව කිව්වයි කිව්වත් අපි අහුවෙයි ඕවට. මූත් අර නාමෝල් (ප)රාජපස්ස වගේ මොංගල් ඩයල් එකක්. නොදකින් !

      Delete
    10. අනේ මන්දා. මට ඔයා කියන එක තේරෙන්නෙම නෑ. හිතෙන්නෙම අරකමයී ("ඔයා කරේ හිඟාකන වැඩක්")..
      ඒක හින්දා තවත් මට තේරුම් කරලා දෙන්න හදන්න එපා...
      -SAM

      Delete
    11. ඉහත පාඨකයෙක් ගරිල්ලා මාර්කටිං ගැන කියල තිබ්බ නිසා මටත් යමක් කියන්න හිතුණා.

      මේ වන විට වසර 12කට ආසන්න කාලයක් පැරණි ජයන්ත චන්ද්‍රසිරිගේ 'ගරිල්ලා මාර්කටිං' සිනමා නිර්මාණය මගින් ඉතා කදිම ලෙස නිරූපණය කරන ලද මානසික රෝග සදාචාර විරෝධී ප්‍රචාරණය සහ දේශපාලනය සම්බන්ධ කතිකාව ලාංකේය සමාජයට ඊයේ මෙන් ම, අදටත් හෙටටත් වැදගත් බව මගේත් අදහසයි.

      කෙසේ වෙතත් මට පෙනෙන හැටියට ඉහත හයිපර්ලින්ක් දමමින් දැනට බොහෝ බ්ලොග්කරුවන් විසින් සංවිධානාත්මකව වර්ජනය කරනු ලබන බ්ලොගයක් ලියමින් කෙසේ හෝ තම වේලෙන බ්ලොගය ජනප්‍රිය කරගැනීමට තටමන අසරණ බ්ලොග්කරුවා ගැන යමක් පවසන්නේ නම් මට පෙනෙන අයුරින් හෙතෙම උග්‍රතම මානසික රෝගයක් වන "හීනෝන්මාදයෙන්" පෙළෙන්නෙකි.

      සාමාන්‍යයෙන් මානසික රෝගයක් යන්න කරුණූ හතරක් පදනම් කරගෙන සරලව පැහැදිළි කරගත හැක.

      1. මොලයෙහි ඇතිවන ආබාධයකි. මොලයේ ඇති රසායනික සංයෝගයන් ලෙස හඳුනාගෙන ඇති ස්නායූ සම්ප්‍රේෂක වල ඇතිවන අසමතුළිතතාවයක් හේතුවෙන් මෙකී ආබාධිත තත්ත්වය ඇතිවේ.

      2. ඉහතදී ඇතිවූ රසායනික වෙනස්වීම් නිසා රෝගී පූද්ගලයාගේ සිතුවිලි චිත්තවේග (හැඟීම්) හා සංජානනයන් (දැනීමේ) හි වෙනසක් ඇතිවේ.

      3. ඉහත කරුණූ යූගල හේතුවෙන් රෝගී පූද්ගලයාගේ චර්යාවේ (හැසිරීමේ) අසාමාන්‍යතාවයන් ඇතිවෙයි.

      4. ඉහත කරුණූ තුනම නිසා රෝගියකු හට තමන්ගේ දෛනික කටයූතු නිසිලෙස කරගැනීමට නොහැකි වූ ව්‍යාකූලතාවයක් හටගනී.

      අන්තර්ජාතික රෝග වර්ගීකරණයට අනූව දැනට මානසික රෝග 300 ක් පමණ හඳුනාගෙන තිබේ. හීනෝන්මාදය යනූ ඒ අතරින් හඳුනා ගැනෙන බරපතල මානසික රෝගයකි. හීනෝන්මාදයෙහි සරල තේරුම බිඳුන සිතක් යන්නය. එම රෝග තත්ත්වය ඇති වූ විට රෝගියාගේ සිතුවිලි හා හැඟීම් අතර සබඳතාවයන් බිඳී යයි. එමෙන්ම සිතුවිලි සහ චර්යාවන් අතර සබඳතාවයන්ද හැඟීම් හා චර්යාවන් අතර ඇති සබඳතාවයන්ද බිඳී යයි. හීනෝන්මාදය වැනි උග්‍ර මානසික රෝගයක් අයත් වන්නේ "සයිකෝසියාව" යන පොදු රෝග කාණ්ඩයටය.

      To be Continued

      Delete
    12. Continued from above

      මානසික විකෘතිතාවය (භ්‍රාන්තිය) පවතින පුද්ගලයින් පහත සඳහන් එකකින් ‍හෝ වැඩි ගණනකින් පෙළිය හැක.

      භ්‍රාන්තිය හෝ මායාවන් යනු බාහිර උත්තේජනයක් නොමැතිව ඇතිවන සංවේදන අවබෝධයන් වෙයි. මෙය බාහිර උත්තේජනයේ වැරදි දැක්මක් වන අවබෝධයේ විකෘතිතාවය සහ මායාවන් යන්නන්ගෙන් වෙනස් වෙයි. (බාහිර උත්තේජකයන් සහිත වීම නිසා) ව්‍යාජ දර්ශනයන් ඉන්ද්‍රියන් ‍පහේම විවිධ ආකාරයෙන් ඇති විය හැක. එනම් එළිය , පැහැයන්, රස, සුවඳ වැනි සරල සංවේදන මෙන්ම සත්වයින් සහ මිනිසුන් දැකීම සහ බිය වීම, විවිධ කටහඬවල් ඇසීම, සංකීර්ණ ස්පර්ෂ සංවේදන වැනි සංකීර්ණ අර්ථ සහිත අත්දැකීම් ද විය හැක.

      ශ්‍රවණ මායාවන් , විශේෂයෙන්ම කටහඬවල් ඇසීමේ අත්දැකීම් මානසික විකෘතිතාවයේ පොදු සහ ප්‍රමුඛ රෝග ලක්ෂණයකි. මෙම ශ්‍රවණයන් තමාට කථා කරන ලෙස, තමා ගැන කථා කරන ලෙසත් තවද විවිධ කථකයින් වෙන පුද්ගලයෙකු ගැන කථා කරන ලෙස ද අත්විඳිය හැක. ශ්‍රවණ මායාවන් අවනම්බු කරන, විධාන සලස්වන , කලින් සිතේ පැවත එන මායාවන් වූ කළ ඒවා එම පුද්ගලයාට විශේෂයෙන්ම කරදරකාරී වෙයි. නමුදු සෑම විටම මෙලෙස ශබ්ද ඇසීම අනර්ථකාරී ලෙස සැලකිය නොහැක. එනම් මෙලෙස ශ්‍රවණ මායාවන් ඇසෙන බොහෝ ‍දෙනාට මනෝ චිකිත්සකයකුගේ උපකාරය අවශ්‍ය නොවේ. මොවුනට මානසික ‍රෝගයක් නොමැති වුවද ඔවුනගේ උපකාර කිරීමට ශ්‍රවණ ශබ්ද පාලකයන් නිර්මාණය කර ඇත.

      මානසික විකෘතිතාවයන්හි දී මිථ්‍යා විශ්වාසයන් ඇති විය හැක. සමහරක් විශ්වාස පීඩනෝන්මාදී ඒවා වෙයි. කාල් ජැස්පර්ස් විසින් මානසික විකෘති විශ්වාසයන් ප්‍රාථමික සහ ද්විතීයික ලෙස වර්ගීකරණය කරන ලදී. ප්‍රාථමික මිථ්‍යා විශ්වාසයන් යනු හදිසියේ ඇතිවන සාමාන්‍ය මානසික ක්‍රියාවලීන්ගෙන් පැහැදිය නොහැකි විශ්වාසයන්ය. ද්විතීයික මිත්‍යා විශ්වාසයන් යනු ඇතැම් විට පුද්ගලයාගේ පසුබිම හෝ දැනට පවතින තත්වය අනුව බලපෑම් ඇති කළ හැකි මිථ්‍යාමතයන් වෙයි. (උදාහරණ - ජාතීන් අනුව / ලිංගික/ ආගමික පසුබිම)

      සවිඥානයට ඇති වන බාධා කිරීම් නිසා ඇති වන සිතීමේ රෝග එමගින් කථනයට සහ ලිවීමට ඇති වන බලපෑම මත වර්ගීකරණය කොට ඇත. බලපෑමට ලක් වූ පුද්ගලයා කථන පීඩනය (ඉක්මණින් නොනැවතී කථා කිරීම), වාක්‍ය මැදදී වෙනත් මාතෘකාවලට නොගැළපෙන ලෙස මාරු කිරීම , සිතීමේ හිස් බව, එලිසමයට අනුව කථනය වැනි රෝග ලක්ෂණ පෙන්විය හැක.

      මානසික විකෘතිතාවයේ වැදගත් සහ හඳුනාගත නොහැකි ලක්ෂණය වනුයේ අබාධයට ලක් වූ පුද්ගලයාට එය පිළිබඳ අවබෝධයක් නොමැති වීම එනම් අසාමාන්‍ය විකාර රූපී පුද්ගල අත්දැකීම් හා හැසිරීම් ගැන ඔහුට අවබෝධයක් නැත. උග්‍ර හදිසි මානසික විකෘතිතාවයක දී වුව ද එම පුද්ගලයෝ ඔවු‍න් අත් විඳින විකාර රූපී මායාවන් , විශ්වාස කළ නොහැකි මතයක් සත්‍යයන් නොවන බව අවබෝධ කර නොගනිති.

      මුල් කාලයේ දී එම අවබෝධය අඩුකමට හේතු ලෙස සාමාන්‍ය ක්‍රමය සිහි බුද්ධියේ අකර්මණ්‍යතාවය ද හෝ විඳ දරා ගැනී‍මේ හැකියාව මග හැරීම ලෙස විශ්වාස කරයි. නමුත් පසුකාලීන අධ්‍යයනයන් මඟින් හීනෝන්මාදය පමණක් ඇති පුද්ගලයින් තුළ මෙන්ම විවිධ මානසික විකෘතිතා ඇති පුද්ගලයින් කණ්ඩායම් තුළ ද සිත පිළිබඳ ඇති අවබෝධය හා සිහිබුද්ධිය අතර සම්බන්ධයක් නොමැති බව හඳුනාගෙන ඇත.

      කෙසේ නමුත් මෙබඳු රෝගීන්ට බහුතර පාඨකයින්ගේ අනුකම්පාව හිමිවිය යුතු අතර මා එම තැනැත්තාට ඉක්මන් සුවය පතමි.

      -විදූෂ මෙන්ඩිස්

      Delete
  9. රාජපක්ෂවාදී අන්ධ භක්තිකයන්ට මෙහි ලියා ඇති දෙය රාජපක්ෂට හීනියට කඩේ යාමක් ලෙස වැටහීම ගැන පුදුම විය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. හැබැයි පැරෝ ඔයා අපට වඩා හොඳින් මහින්ද ව අප් කොරලා අපේ බඩෙ පාර ගහනව හෙම නෙවෙයි හරිය?

      Delete
    2. 2019 දි උඹ ඇතුළු මරාවාදීන්ට පුක්හිල ලොකුවෙන පාරවල් වදිනවා. අයියෝ හරියට රිදෙයි උඹට බෙට්ටෝ. නමුත් ඊට පස්සේ උඹට ලොකු බෙටි දාන්න පුලුවන් පුක්හිල ලොකු නිසා.

      Delete
    3. // නමුත් ඊට පස්සේ උඹට ලොකු බෙටි දාන්න පුලුවන් පුක්හිල ලොකු නිසා //

      එතකොට ඒවා "ගොම" කියලා ඔහේ රැවටෙයි නේද මලපහවාදී කක්කා ඇනෝ තුමෝ?

      Delete
    4. රාජපක්ෂවාදී අන්ධ භක්තිකයන් ගේ ඇස් පෑදෙන්න තව සෑහෙන කාලයක් යාවි පැරා!

      Delete
  10. //අපි ඔය ගතානුගතික වම ප්‍ර‍තික්ෂේප කරන්නේ ඔන්න ඔය හේතු නිසායි. ලෝකයට වඩා යහපත් දෙයක් දෙන්නට වමට බැහැ. මහින්දලාටත් බැහැ. //

    රනිල්ට පුළුවන් කියල නේ හිතුවේ..? රනිල්ට බෑ කියල කියන එකේ තෙරුම් ගොඩක් තියෙනවා පැරෝ.. මහින්ද රට තිබූ තැනින් ඉදිරියට ගෙනාව. ඒක පහුගිය අවුරුදු 20 ඇතුලත බලය හොබවපු අනෙක් කිසිම නායෙකයෙක් නොකරපු දෙයක්, චන්ද්‍රිකාට, සිරිසේනට, රනිල්ට සාපේක්ෂව මහින්ද ඉන්නේ ඉස්සරහින්. ගෝඨා ඉන්නේ ගොඩක් ඉස්සරහින්. අපට යහපාලන, වංචා දූෂණ නැති, සුපිරිසිදු පාලකයින් ගැන ෆැන්ටසි නැත.

    ReplyDelete
    Replies
    1. එහෙත් මිනී නොමරන, සොරකම් නො කරන පාලකයන් අවශ්‍ය ය.

      රවිරාජ් මරන්න වෙඩි තැබූ තුවක්කුකරුවා ගෙන යන්න බයිසිකලේ පැදපු බුද්ධි අංශයේ අපරාධ සහායකයා අන්න නඩුවෙදි වමාරනවා ඔක්කොම.

      මේවාට හිරේ යන්නේ තුවක්කු පත්තු කරපු එවුන් විතරයි. ඒ වුණාට මේවාට නියෝග දුන් එවුන් කවුරුද කියලා හැමෝම දන්නවා.

      Delete
    2. චන්දේ දාපු වැරැද්දට එදා වේල හම්බකරගෙන කාපු මිනිස්සුන්ව වෙඩිතියලා මරල දාපු රටක් මේක. මායිම් ගම්මානයක ජීවත් වෙච්ච වැරැද්දට පවුල්පිටින් කැතිගාල මරපු රටක් මේක. දෙමල වෙච්ච වැරැද්දට පිච්චිලා මැරෙන්න සිද්ද වෙච්ච රටක් මේක. රවිරාජ් කියන්නේ එක්කෙනෙක් විතරයි.
      ගල් කටස්, T-56 ඇරගෙන බයිසිකල් වල ගිය කට්ටිය දැන් හොටු පෙරන්නේ, හරියට මිනිස්සු මැරුනේ මහින්දගේ කලේ විතරයි වගේ.

      පැරාට හොරකම් නොකරන / මිනී නොමරන පාලකයෝ ඇවැසි නම් රනිල් බලේට ගේන්න කඩේ ගියේ කොහොමද කියලා පැහැදිලි කරනව ද ?

      Delete
    3. කලින් මිනී මැරුව නිසා මහින්දට, ගෝඨාටත් මිනී මරන්න ලයිසන් ලැබෙනවා කියල ද ඔයා කියන්නෙ?

      රනිල්ගේ ඇම්බැට්ටයන් මහ බැංකු වංචාවට සම්බන්ධයි. ඒ වුණාට පසුගිය අවුරුදු දෙකක විතර කාලය තුළ දේශපාලන බලාධිකාරයේ ඇණවුම් මත මිනී මැරීම් වුණේ නැහැ. ඒක ඇත්තක්. වුණා නම් කියන්න.

      Delete
    4. "රවිරාජ් මරන්න වෙඩි තැබූ තුවක්කුකරුවා ගෙන යන්න බයිසිකලේ පැදපු බුද්ධි අංශයේ අපරාධ සහායකයා අන්න නඩුවෙදි වමාරනවා ඔක්කොම."

      සාක්ෂි ආඥා පනත ගැන තරමක්වත් දන්නවනම් එක පාරටම ඔහොම අජිත් චූන් වෙන එකක් නැහැ. "Dirty evidence" කියල දේ පිලිබඳ theory ගැන අහල තියනවද?

      "මේවාට හිරේ යන්නේ තුවක්කු පත්තු කරපු එවුන් විතරයි. ඒ වුණාට මේවාට නියෝග දුන් එවුන් කවුරුද කියලා හැමෝම දන්නවා."

      අර එලියකන්දේ තුවක්කු පත්තුකරපු උන් හිරේ ගියාද? උන්ට නියෝග දුන්නු එවුන්ට මොකද උනේ? ඒ කාලේ රනිල් බටලන්දේ බට ගහක් යට නවගුණ වැල ගැන ගැන භාවනා කළාද?

      මහින්දගෙ කාලෙ වික්ටර් අයිවන්ට නොතිබුණු තර්ජනයක් ඔබට තිබුණේ කොහොමද?

      -මොණරවිල

      Delete
    5. මිනී නොමරා කෙරිච්ච යුද්ධයක් තියෙනවද කියලා මම දන්නේ නෑ.
      මහින්දගේ කාලේ මැරිච්ච නිසා රවිරාජ් ගැන අඬනවා. දොරෙයප්පාලට, අමිත්තර්ලිංගම්ලට, කදිරගාමර්ලාට, යෝගේෂ්වරන්ලාට නැති වටිනාකමක් ඇයි රවිරාජ්ට විතරක්. විජේවීරලට හිතෙනවා ඇති 'අනේ අපරාදේ මැරෙන්න තිබ්බේ මහින්දගේ කාලෙනේ' කියලා.

      මිනීමැරීම් යුද්ධයේ අවසානයත් සමග පහත වැටුනේ නැද්ද..? මීනී මැර්‍රම් ගන කිඹුල්කඳුළු හෙලන අය, යුද්ධය අවසාන වීම සාධනීය දෙයක් හැටියට නොදකිනේ ඇයි?.
      රතුපස්වල ඝාතයන් මහින්දගේ දෙශපාලන බලාධිකාරයට බැර කරන පැරාලා, මෑත සිදුවෙච්ච යපනේ සිසු ඝාතන බැර කරන්නේ රනිල්ගේ බලාධිකාරයට නෙවෙයි, පොලීසියට.(ඒකට ඌන පූර්ණයකුත් එකතු කරනවා, මහින්දලගේ කාලේ නරක් කරන ලද පොලීසිය කියලා. හැබයි අපි දන්න කාලේ ඉඳලම පොලීසිය එහෙම තමයි. අමුතුවෙන් නරක් කරන්න දෙයක් තිබ්බේ නෑ)
      මහින්දලාගේ කලේ හොරකම් කෙලින්ම මහින්දලා කරන ඒවා. හැබැයි මහ බැංකු වංචාව /*රනිල්ගේ ඇම්බැට්ටයන් */ (රනිල් බබා )
      අපි ප්‍රශ්ණකරන්නේ මේ දෙබිඩි ස්වරූපයයි .

      පැරාල අවුරුද්දකට කලින් කීවේ..මේ ආණ්ඩූවේ ප්‍රධානීන් හොරකම් කලේ නෑ..කලා නම් කියන්න කියලා. දැන් ???

      දැන් කියනවා \* දේශපාලන බලාධිකාරයේ ඇණවුම් මත මිනී මැරීම් වුණේ නැහැ. ඇත්තක්. වුණා නම් කියන්න. *\ කියලා.
      අපිට කියන්න තියෙනේ, තාම අවුරුදු 2ක් වත් නෑනේ. පොඩ්ඩක් ඉඳලා බලන්න කියලා විතරයි.

      Delete
    6. අජිත්,

      දේශපාලන බලාධිකාරයේ ඇණවුම් මත මිනී මැරීම් වැඩියෙන්ම වෙලා තියෙන්නේ ජේ.ආර්. - ප්‍රේමදාස යුග වලදී නෙමෙයි නේද? ජේ.ආර් ගේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති කවුද? ප්‍රේමදාස රජයේ ආණ්ඩුවේ තුන්වෙනි තැන වන සභානායක තනතුර දැරුවේ කවුද? රනිල් නෙමෙයි නේද?

      එතකොට අර වික්ටර් අයිවන් චෞර රැජින පොතේ ලියල තියෙන්නේ බොරු නේද? මහින්ද ගේ කාලේ "දේශපාලන බලාධිකාරයේ ඇණවුම් මත මිනී මැරීම්" කීයක් විතර වුනාද? එතකොට තමුන්නැහැලා ජඃවිපෙ ඉන්න කාලෙ ජඃවිපෙට විරුද්ධ උන් සිය දිවි නසා ගත්තද? තමුන්නැහැලා අරං ගිය ගල් කටස් වල පතරොම් ඇතුලෙ තිබුනෙ සීනි බෝලද?

      අර "දුර්දාන්ත රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ විප්ලවය" සඳහා රජයේ උප ගුරුවරයකුව සිටිමින් අවුරුදු ගණනාවක් තිස්සේ "දැවැන්ත දායකත්වයක්" සැපයූ තමුන්නැහැට අඩු ගානෙ රාජපක්ෂ තියා වෙල්ගමවත් දඬුවම් මාරුවක්වත් දුන්නද?

      දැන් මේවට උත්තර හොයනකොට "රාජපක්ෂ මර්ධනේ" තමුන්නැහැගෙ රෙද්ද පල්ලෙන් බේරෙනවද?

      -මොණරවිල

      Delete
    7. රාජපක්ෂ සමයේ ආරක්ෂාව සඳහා විදේශගත වන්නට සිදු වීම නිසා මට අවුරුදු තුනහමාරක් රැකියාව නැතිව සිටින්නට සිදු විය. යුද විරෝධී අප වැන්නන් මරා දමන්නට සූදානම් දඩ බල්ලන් ලිහා දමා තිබුණු පසුබිමක අප ජීවත් වුණේ දත් තිස් දෙක මැද පැවති දිව වැනි ය.

      අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කර ගැනීමට කාට වුණත් අවස්ථාව තිබේ. රනිල් බටලන්ද කොමිෂම ඉදිරියට පැමිණ සාක්ෂි දුන්නේ ය.

      එජාප පාලන සමය තුළ යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන රනිල් ඊයේ පාර්ලිමේන්තුවේදී සමාව ගත්තේ ය. හැබැයි ගිනි තැබීම සංවිධානය කළ එකෙක් තවමත් ඇමති තනතුරක් හොබවයි.

      මහින්දලාට, ගෝඨාභයලාට ද නැවත බලය ඉල්ලා සිටින්නට පෙර ස්වයං විවේචනයක් හෝ කරන්නට සදාචාරයක් තිබිය යුතු ය.

      රනිල් හෝ මෛත්‍රී නරක වූ පලියට අත්හදා බලා නරක බැවින් ඉවත් කරන ලද රාජපක්ෂ පවුල හොඳ වන්නේ නැත.

      ඒ නිසා අලුත් කෙනෙකු සොයා ගන්නට උත්සාහ කරන්න. ඔය පුස්කාපු කේක් නැවත මේ සමාජයට ගිල්ලන්නට බැරි ය. ඒවා ගිල්ලන්නට උත්සාහ කිරීම තරම් වත්මන් පාලකයන්ට කරන වෙන උපකාරයක් නැත.

      නිදසුනක් ලෙස, ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වයට ගෙන ඒම තරම් මෛත්‍රීට කරන වෙන උපකාරයක් නැත. ගෝඨාභයට කිසි දාක ජනාධිපතිවරණයක් දිනිය නො හැකි ය. සුළු ජාතීන් ඔහුට ඡන්දය දෙන්නේ නැත.

      Delete
    8. අජිත් පැරකුම්

      //නිදසුනක් ලෙස, ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වයට ගෙන ඒම තරම් මෛත්‍රීට කරන වෙන උපකාරයක් නැත. ගෝඨාභයට කිසි දාක ජනාධිපතිවරණයක් දිනිය නො හැකි ය. සුළු ජාතීන් ඔහුට ඡන්දය දෙන්නේ නැත.//

      මේවා ඔබතුමාගේ හිතලු පමණයි. ඇත්තටම උතුරේ යුද්ධයේදී ගෝඨාභයට වඩා යුධහමුදාවට කෙළින්ම අණ දෙමින් සන්නද්ධ දමිළ තරුණයින් (එල්ටීටීඊ විමුක්ති සටන්කාමීන්) මරාදැමීමට ක්‍රියාකලේ වත්මන් ඇමති ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා ය. නමුත් 2010 මැතිවරණයේදී උතුරු නැගෙනහිර බහුතර දමිළ ජනයාගේ ඡන්දය ඔහුට ලැබුණි.

      ඔය කියන සුළු ජාතීන් ඔබ කියන තරම් ප්‍රබුද්ධ තීරණ නොගන්නා අතර හුදෙක් තම වර්ගවාදී නායකින් කියන ඕනෑම තක්කඩියෙකුට ඡන්දය දී වර්ගවාදී පදනමින් තමන්ට (තම ජනවර්ගයට) උපරිම වාසි සලසා ගැනීම වෙනුවෙන් ඡන්දය භාවිත කරනු දැකිය හැක. ගෝඨාත් උතුරේ වෙනම ස්වයං පාලනයක් මුස්ලිම් ජනයාට විශේශ ආගමික වරප්‍රසාද ආදී ආක්‍රෂණීය පොරොන්දු හරහා ඔවුන්ගේ වර්ගවාදී නායකයින්ටද මුදල් සහ විශේෂ බලතල/ වරප්‍රසාද දීමට ගිවිස ගත්තොත් ඔය කියන සුළුතර ප්‍රජාවන්ගේ බහුතර ඡන්දය ලබාගැනීම නිකන් කජු කනවා වැනි ටොයිස් වැඩකි.

      Delete
    9. "හැබැයි ගිනි තැබීම සංවිධානය කළ එකෙක් තවමත් ඇමති තනතුරක් හොබවයි."

      සැබෑවකි, කෝච්චියක් පුරා යාපන සංවර්ධන සභා චන්දයට කුරුණෑගලින් චන්ද නිලධාරීන් ගෙනිච්චේද ඒකාය.ඒ රනිල් ලාගේ පුර්ණ අනුග්‍රහයෙනි. රනිල් ලා දැන් නිකම් බොරුවට සමාව ගෙන වැඩක් නැත. කළු ජූලිය තනිකරම එජාප "තග් සංස්ථාවේ" වැඩකි. මේ පිළිබඳව ප්‍රධාන ලෙසම වගකිවයුතු එවකට එජාප රජයේ ඇමතිවරුන් දෙදෙනකුගේ (මේ දෙදෙනා නියෝජනය කළේ යාබද ආසන දෙකකි. එක ඇමතියෙක් මියගොස්ය. ඇමැතිකමින්ද ඉහලට ගිය අනිකා අජිත්ලාට මාර ලිබරල් පොරකි.) රාජන් හූල් ගෙන් හෝ කරුණාරත්න පරණවිතාන වෙතින් දැනගත හැකිය.

      මේ මහා ලිබරල් වාදියා කළ ස්වයං විවේචනයක් ගැන අප නම් දන්නේ නැත.

      "ගෝඨාභයට කිසි දාක ජනාධිපතිවරණයක් දිනිය නො හැකි ය. සුළු ජාතීන් ඔහුට ඡන්දය දෙන්නේ නැත."

      දැන් මේ සුළු ජාතීන්ගේ චන්ද ලබා ගතහැකි සිංහල නායකයා කවුද? රනිල්ද? පෙර කමෙන්ටුවක දී මා එය එසේ නොවන බවට දත්ත සතිතව පිළිතුරු දුනිමි. එහෙම සිංහල නායකයෙක් නැත. ජනාධිපතිවරනයකදී දෙමල මුස්ලිම් ජනතාව චන්දය දෙන්නේ තමන්ගේ නායකයන් සමග හොඳම deal එක දැමූ නායකයන්ටය.

      අද grundnorm හෙවත් ජනාධිපති කමට සිරිසේන පත්වනුයේ බහුතරයේ සුලුතරයත් සුළුතරයේ බහුතරයත් ලැබූ අපේක්ෂකයා වශයෙනි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ එහි න්‍යායික වරදක් නැත. නමුත් ප්‍රයෝගික තත්වය එයට බොහෝ දුරස්ය.

      පළපුරුදු දේශපාලකයකු වන සම්බන්දන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයක් සඳහා යොමුකරන ලෙස ඔහු ඉල්ලා සිටින්නේ ද්විත්ව ස්වභාවයකිනි. බහුතරයේ බහුතරය නොමැතිව මෙය සම්මත නොකළ හැකි බව ඔහු දනී. එය ලැබ සම්මත වුවහොත් හෝ නොවුනහොත් මූලිකව ගැටළුවක් නැත. බහුතරයේ සුලුතරයත් සුළුතරයේ බහුතරයත් ලැබ සම්මත වුවහොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රයෝගික නැත. එය බොහෝ විට සිවිල් යුද තත්වයකින් කෙලවර විය හැක. එම තත්වය තුළ ඇතැම්විට කණ කැස්බෑවා විය සිදුරින් අහස බලන ලෙස ඊලමද ලැබිය හැක.

      දැන් මේ පළාත් පාලන චන්ද කල් තැබීම ගැන අජිත්ලා නිහඬය. අජිත්ලාට අනුව අර යහපාලානේ හෝදලා යන සමුපකාර චන්ද සිල්ලර වැඩය. දැන් මේ නැවත පළාත් පාලන චන්ද කොට්ටාශ මට්ටමින් නොව සමානුපාතික ක්‍රමයට තියන්න යන්නේ අර සෝදාපාළුව දැක නෙමේය.

      අජිත්, ගෝඨාභය එයිද නැද්ද කියල කතා කරන්න කලින් පළාත් පාලන චන්ද තිබ්බනම් අනාගත සංඥාව තේරුම් ගන්න පුළුවන්නේ?

      " යුද විරෝධී අප වැන්නන් මරා දමන්නට සූදානම් දඩ බල්ලන් ලිහා දමා තිබුණු පසුබිමක අප ජීවත් වුණේ දත් තිස් දෙක මැද පැවති දිව වැනි ය."

      මම ආයිත් මෙහෙම අහන්නම් අර යුද විරෝධී පාක්‍යසෝති, වික්‍රමබාහු, නිමල්කා, ජෙහාන් පෙරේරා, කුමාර් වගේ අයට නොතිබුණු තර්ජනයක් ඔබට තිබුනේ කෙසේද?

      "රාජපක්ෂ සමයේ ආරක්ෂාව සඳහා විදේශගත වන්නට සිදු වීම නිසා මට අවුරුදු තුනහමාරක් රැකියාව නැතිව සිටින්නට සිදු විය."

      ඔබට අනුව රාජපක්ෂලා විසින් මරාදැමීමට නියමිතව සිටි ඔබ නැවත ලංකාවට පැමිණි පසු අඩුගණනේ අත්අඩංගුවට පත්වීමක් හෝ සිදුවුණාද? අවම වශයෙන් මතුගම පොලිසිය ඔබගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ඇතිද? තුනහමාරක් රැකියාව නොමැතිව සිටි ඔබට නැවත රැකියාව ලැබුනේ රාජපක්ෂ පාලන සමයේදී නේද?

      -මොණරවිල



      Delete
    10. පසු සටහන:

      අර "දුර්දාන්ත රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ විප්ලවය" සඳහා රජයේ උප ගුරුවරයකුව සිටිමින් අවුරුදු ගණනාවක් තිස්සේ "දැවැන්ත දායකත්වයක්" සැපයූ ඔබට අර "දුර්දාන්ත රාජපක්ෂලා" විසින් කළ අවුරුදු අවුරුදු තුනහමාරක සේවා අහිමි කිරීමට විරුද්ධව අභියාචනය කර මේ පාලනයෙන් සාධාරණය ඉටුකරගන්න තිබුනා නොවැ? ඔබ එසේ කර නැතිද?

      -මොණරවිල

      Delete
    11. // " යුද විරෝධී අප වැන්නන් මරා දමන්නට සූදානම් දඩ බල්ලන් ලිහා දමා තිබුණු පසුබිමක අප ජීවත් වුණේ දත් තිස් දෙක මැද පැවති දිව වැනි ය."

      මම ආයිත් මෙහෙම අහන්නම් අර යුද විරෝධී පාක්‍යසෝති, වික්‍රමබාහු, නිමල්කා, ජෙහාන් පෙරේරා, කුමාර් වගේ අයට නොතිබුණු තර්ජනයක් ඔබට තිබුනේ කෙසේද? //

      අස්සයට ලාඩම් ගහන්න එක්ක ගියාම අස්සයගේ පිටේ වහලා හිටිය ඇටමැස්සා කකුල ඉස්සුවලු නේ.......

      Delete
  11. උන්ටත් බෑ මුන්ටත් බෑ අරුන්ටත් බෑ.... අම්මප අපි මොකද කරන්නෙ ලොක්කයියේ?

    ReplyDelete
  12. සරස යනු කුමක්ද?

    ReplyDelete
    Replies
    1. "සදා රාජපස සබැඳි" යෙදුමෙහි කෙටි යෙදුම වන "සරස" යනුවෙන් හැඳින්වෙනුයේ සැබෑ දෑ හිතැතියෙකි.

      -මයුරවිල මි

      Delete
    2. තැන්කූ මයුරවිල මහත්තයෝ!!!

      Delete
  13. පැර කස්ත්‍රෝ එයාගෙ ක්‍රමයෙන් රට දියුණු කරන්න පුළුවන් කියල ඇත්තටම විශ්වාස කරපු කෙනෙක්. අපේ වාහෙ රටෙන් යැපුන හැමදෙයක්ම තමන්ට වෙන වාසිය පළමුවෙනියට දැම්ම කෙනෙක්. සමාන කමක් නම් නොදකිමි.

    ReplyDelete
    Replies
    1. මරා කියන්නෙ අන්ත දූෂිත එපාම කරපු අශීලාචාර වැඩ කරපු අශික්ෂිත අපත පාලකයෙක් තමයි. නමුත් අපිම ඡන්දෙ දීල පත්කරගත්තු මේ යහපාලන කැඳහැලියට වඩා රටට ප්‍රයෝජනවත් දෙයක් උගේ වනචර දශකයෙදි රටට වුන බව පිළිගන්න වෙනව අකමැත්තෙන් වුණත්.

      රනිල් නමැති කිසිම කමකට නැති පුස් චරිතය සර්වබලධාරී දෙවියන්වහන්සේ ලෙස සිතමින් තවමත් අතිශයින් අසාර්ථකවූ යහපාලන රජය වෙනුවෙන් නග්නව කඩේ යන අන්ධ භක්තික වහල්ලුන්ගේ ගේ ඇස් පෑදෙන්න තව සෑහෙන කාලයක් යාවි ඉයන්.

      Delete
  14. පැරෝ,

    ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් තිබූ නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු මේවන විට නතර කර ඇති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම කිව්වා නේද? තමන් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වා සිදුකිරීමට අපේක්ෂා කරන බව මෑන්ස් කිව්ව කියල නිව්ස් එකක් ගියේ.

    ගාලු මුවදොර පිටියේ ඉදිකරන නත්තල් ගස සඳහා වියදම් කරන මුදලින් දිළිඳු ජනතාවට සහනයක් සැලසූවානම් එය ඊටත් වඩා සුදුසු කටයුත්තක් යැයි අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයෙන් පසු මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. මේ සඳහා දැනටමත් රු. මිලියන ගණනාවක් වරාය අමාත්‍යන්ශයෙන් වියදම් කරලලු. මේ ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. වියදම් කළේ වරාය අධිකාරියේ මුදල් විතරක් නෙමෙයි. සේවකයෝ ඔතන මල් කඩ කඩ පඩි ගත්තා. ඒවත් වියදම් තමයි.

      Delete
  15. පැරා තුමා ගේ හදිසි යූ ටර්නයට හේතුව නම් ඩොලර් එවීම ට්‍රම්ප් තුමා විසින් නැවැත්වීමට කටයුතු කිරීමයි... ට්‍රම්ප් ට පසු මුදල් වැඩියෙන් ම තියෙන්නේ මහින්ද මහත්ත්යා ගාව නිසා දැන් පැරා තුමා මහින්ද දෙසට හීනියට මුට්ටිය දමා බලති!!!

    https://www.theguardian.com/us-news/2016/dec/07/donald-trump-we-will-stop-racing-to-topple-foreign-regimes?CMP=soc_567

    Donald Trump has laid out a US military policy that would avoid interventions in foreign conflicts and instead focus heavily on defeating the Islamic State militancy.

    “We will stop racing to topple foreign regimes that we know nothing about, that we shouldn’t be involved with,” the president-elect said on Tuesday night in Fayetteville, near Fort Bragg military base in North Carolina.

    “Instead our focus must be on defeating terrorism and destroying Isis, and we will.”

    ReplyDelete
  16. පැරා මරාට කඩේ ගියා යැයි සිතූ බයියෝ චූන් වූහ. ටොයියෝ උරණ වූහ. උරණ වූ ටොයියෝ, කටින් බතල හිටවන, වැඩබැරිදාස රනිල් හාමුවා ගැන කියන්න මෙලෝ දෙයක් නැති නිසා ගල් ආඳුන් සේ ලිස්සා ගියහ.

    කමන්ට්වලින් පැරා මරාගේ ඇඳිවත ගැලවූ විට , ෆැන්ටසියට කෙලවී පුක බිම ඇනගත් බයියෝ නැවත උරණ විය. රජගෙදර කවටයින් තුන් කට්‍ටුව නැවතත් හෙලුවෙන් වන්නට පටන් ගත්හ.

    මේ විගඩම් නාටකය බැලූ මට නම් සිතුනේ, පැරා කර තිබෙන්නේ, තමන් විකල්ප තුන්වන බලවේගය ලෙස ස්වයං වින්දන ෆැන්ටසියක සිටින " අනේ අපෙනුත් මල් ගන්න - අපිටත් අවුරුදු පහක් දීලා බලන්න" කියන ජෙප්පොන්ගේ රෙදි ගලවා ඇති බවය. උනුත් හොරු , මුනුත් හොරු නිසා , නන්නත්තාර වී ඇති හුදී ජනයා ට , යම් හෙයකින් " ඔන්න ඔහේ ජෙප්පොන්ටත් දීලා බලමු" කියා සිතුනොත් වියහැකි දේ ගැන අනතුරු හැඟවීමක් බවයි.උන් ආවත් , මරා කලාට වඩා ලබ්බක් උන්ට කරගත නොහැකි බවයි.

    හිටපු විප්ලවීය සඟයෙකුගෙන් එන මේ චෝදනාව , ජෙප්පොන්ගේ සිහින රාජ්‍යයේ බවුන්ඩේසමටම වදින බව නොකිව මනාය. මෙය සමාජවාදී ආනන්තර්ය පාපකර්මයක් ලෙස සැලකේ.


    ReplyDelete
  17. පැරා මචං, උඹ අම්බානකට චාටර් වෙනවා බං අද. උඹ මේ පෝස්ට් එක දැම්ම එක ගැන පසු තවෙනවා නේ ද? උඹ මේ පෝස්‍ට් එක දැම්ම එකටත් වඩා කනගාටු වෙනවා ඇති බන්‍ධුල කුදලාගම වෙනත් තැනක වෙනත් සාකච්ඡාවක දැමූ කමෙන්ටි එකට උත්තර දුන්න එක. උඹේ සේර ම ප්ලෑන්ස් ඉන් ඩස්ට් දැන්. මචං අත්තෙන් අත්තට පනින කුරුල්ලාට වෙන එක ද මන්දා උඹට වුණේ.

    උඹට අප එදත් කිව්වා කන්ට්‍රවර්ශල් පොස්ට්ස් සහ කමෙන්ට්ස් දාන්න කලින් ඊශාටවත් පෙන්නලා ඕපීනියන් එකක් ගනිං කියලා. උ‍ඹේ බොරු ලොකුකම වැඩියි බං.

    දැන් කමක් නැහැ. දැන් එතිං උඹ චා වෙලා ඉවරයි. මචං උඹ මහින්ද සර්ට සහය දෙනවා නම් ඒක හැදියාවක් ඇති ව කරපං. අර තිස්ස වගේ බුලත් අතත් දීලා. උඹලගේ අපේ වයසට මෙහෙම චාටර් වෙන්න හොඳ නැහැ.

    පැරා උඹ හිකනවා ද උඹලාට 2020 වෙනකන් අදිනින පුළුවන් වෙයි කියලා? අප නම් හිතන්නේ නැහැ බං. මහින්ද සර්ගේ කාලේ මොකක් හරි වරඩක් කෙරුනා බං. බලපං දැන් උඹලට කොළඹවත් ලස්සනට තියා ගන්න බැහැ.

    පැරො උඹේ ෆිවුචර් එක බ්ලීක් මචං. උඹ මොකක් හරි තීරණයක් ගනිං ඉන්මනට. උඹට අද මෙතන පටන් ගැනුන ඇටෑක් එක දිගටම යයි වගේ. උඹට සපෝරිට් එකට ඉන්න එවුන්ටත් මදි නොකියන්න වදිනවා මෙතන.

    උඹ පහුගිය කාලේ හැසිරිච්ච උද්දච්චකම නිසා වමේ එකෙක්වත් උඹට සපොර්ට් නැහැ. අද වමයි දකුණයි සේරම සේරම දකුණේ රෝහණයට හැරිලා වගේ.

    පැරා උඹ ගැන අපට ඇත්තටම දුකයි මචං. උඹ රෙදි නැතුව සිරිකොතට කඩේ ගියා. ඒත් උඹට සිළුමිණත් නැහැ දිනමිණත් නැහැ. උන් උඹලාව ගන්නේ බිලි බෝයිස්සා විදියට විතරයි. උඹ දැන් මහින්ද සර් ළඟට ගියත් ලේක්හවුස් එක නම් අමාරුයි. චරිතට චැට් එකක් දාලා බලපං මචං. චරිත ‍පරණ දේවල් හිතේ තියා ගන්න කෙනෙක් නෙවෙයි.

    උඹට අපෙන් සප් එකක් ඕනේ නම් කියපං. මෙතන කියන්න අමාරු ඇතිනේ උඹට. මම උඹට මේල් එකක් දාන්නම්. ඒකට රිප්ලයි කරපං. ජකවාරි දාහත ගොඩක් එවුන්ගේ අපල ගෙවෙනවා. ඒත් උඹට අපලේ ලබනවා වගේ.

    අයියෝ සංසාරේ! පැරාගේ සුදු රුවුලයි කොන්ඩෙයි වාගේ...

    ReplyDelete
    Replies
    1. අයියෝ උඹ පව් බං! උඹේ හීනෙ උඹ දුර යනවා වැඩියි. ඇහැරියන්!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා