යහපාලන දේවාලයෙන් දෙවියන් පැන ගියේ ඇයි?

දේවාලේ - නැත දෙවියෝ
වංචාව, දූෂණය, ඥාති සංග්‍ර‍හ ආදිය අවසන් කරන බව කියමින් බලයට පැමිණි මෛත්‍රී-රනිල් යහපාලන සන්ධාන ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් මේ වන විට දැඩි විවේචනයට ලක් වී තිබේ.

මෛත්‍රී සිය සොයුරා වන කුමාරසිංහ සිරිසේන ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති තනතුරට පත් කළේ ය. රනිල් වික්‍ර‍මසිංහ සිය නෑනා වන අමරි විජේවර්ධන එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයට පත් කළේ ය.

රනිල්ගේ ගජ මිතුරු කල්ලිය රජයේ බලවත් ස්ථාන අත්පත් කරගෙන සිටින අතර මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍ර‍න් සිය බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට දැවැන්ත ලාභයක් ලබා ගත හැකි මාර්ගයක් විවෘත කර දුන්නේ ය. එය නීති විරෝධී නො වේ නම් සදාචාර විරෝධී හෝ වේ. ඒ පිළිබඳ කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් කුමක් වේදැයි අපි බලා සිටිමු.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ භූමිකාව දැඩි මතභේදයට තුඩු දුන් එකකි. ඔහු කලක් ඇවන්ට්ගාඩ් සමුද්‍රාරක්ෂක සමාගම ආරක්ෂා කළේ ය. ඇවන්ට්ගාඩ් යනු ගෝඨාභය රාජපක්ෂ හා හිටපු නාවික හමුදා ප්‍ර‍ධානීන් සම්බන්ධ වී රාජ්‍ය බලය හා දේපල අවභාවිතා කරමින් කළ දැවැන්ත ජාවාරමකි.

දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් විසින් කරනු ලබන නාස්තිය හා දූෂණය දුරලන්නට පොරොන්දු වෙමින් බලයට පැමිණිය ද, වත්මන් ආණ්ඩුව ඒවා දිගට ම පවත්වාගෙන යයි. මහජනතාවගෙන් තීරු බදු වංචා කරමින් දේශපාලකයන් හා රජයේ නිලධාරින් කරන වාහන ජාවාරම ජයට ම සිදු වෙමින් තිබේ.

එසේම, පසුගිය රජය කාලයේ සිදු වූ දැවැන්ත වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු නො වන බව ද පැහැදිලි ය. ජනාධිපතිවරයා විසින් ම හෙළිදරව් කරන ලද නිල්වලා ව්‍යාපෘතියේ වංචාව එවැන්නකි. නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් අනුමත කර තිබුණු රු. මිලියන 40ක මුදල වෙනුවට අනුමැතියකින් තොරව රු. බිලියන හතරක් හෙවත් මිලියන 4000ක් 2015 ජනවාරි 7දා එනම් ජනාධිපතිවරණයට පෙර දා චීනයේ සමාගමකට ගෙවා තිබේ. ඒ වන විට වාරිමාර්ග ඇමති ධුරය දැරුවේ නිමල් සිරිපාලන ද සිල්වා ය. අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ අයිලින් ද සිල්වා මේ වන විට විශ්‍රාම ගොසිනි.

මේ මහජන මුදල්වලට මොනවා වූයේ ද යන්න සරළ විමර්ශනයකින් සොයා ගත හැකි ය. එහෙත්, එය කරන්නේ නැතිව ජනාධිපතිවරයා නඩුව අප හමුවේ තබයි.

විමල් වීරවංශ පාස්පෝට් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට නො ගෙන බේරා යැවූ බව අගමැතිවරයා ම දැන් උදම් අනමින් වෙන තැනකදී නො ව පාර්ලිමේන්තුවේදී ම කියයි.

ඇවන්ට්ගාඩ් ජාවාරමට සම්බන්ධ නාවික හමුදාපතිවරු සිය නායකයා සමග පදක්කම් හොල්ල, හොල්ලා උසාවියට ආ විට, ඔවුන් උසාවි කැඳවූ එක ගැන ද, රජයේ වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍ර‍ධානියා රිමාන්ඩ් කළ විට ද ජනාධිපතිවරයා උදහස් විය.

පසුගිය ආණ්ඩුවේ නායක චෞරයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඩීල් ගසා සිටින බලවතුන් ගණනාවක් ම ඊනියා යහපාලන ආණ්ඩුවේ සිටිති.

සොරුන් දැන් ජනතාවට ඉදිරිපත් කරන තර්කය දුම්රියේ හොරෙන් ආ මගියෙකු වේදිකාවේදී ටිකට් පරීක්ෂකයන්ට හසු වූ විට ඉදිරිපත් කළ තර්කයයි. “මං කෝච්චියේ ආවෙ නැහැ. කෝච්චියෙ ආවා නම් ටිකට් තියෙන්න එපායැ."

පසුගිය ආණ්ඩුවේ චෞරයන් දැන් කියන්නේ මෙවැනි කතාවකි. “අපි හොරකම් කළේ නැහැ. හොරකම් කළා නම් අපි හිරේ ඉන්න එපායැ."

දීපන්කො පුළුවන් නම් උත්තර!

අලුත් ම සිද්ධිය දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ, පොලිස්පති ලෝක පූජිත හා රනිල්ගේ ගජමිතුරු ඇමති සාගල සම්බන්ධ නාටකයයි.

මේ ‘නිලමේ‘ට තිබෙන චෝදනා පසුගියදා දූෂණ විරෝධී පෙරමුණ විසින් හෙළිදරව් කරන ලදී. පහත දැක්වෙන්නේ එම වාර්තාවයි.

“රුපියල් ලක්ෂ 55 ක වාහන කුලියට ගැනීමක්, සේවකයින් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සදහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා ගණනාවකට විමර්ශන සිදුවන අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට බලපෑම් එල්ලවීම තුල යහපාලන රජය එළිපිටම හොරු රකින බව හෙළිවී ඇතැයි දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය.

“නිලමේ හෙවත් දිශාන් ගුණසේකර 2010 සිට 2015 ජනවාරි 8 දක්වා ලංකා මිනරල් සෑන්ඩ් හි සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයන් හි කටයුතු කලා. ඔහුට එරෙහිව මේ වන විට සිදුවන විමර්ශන ගණනාවක් සිදු වෙනවා. ලංකා බැංකුව මගින් රු. මිලියන 500 ක ණයක් ලබා ගෙන මිනරල් සෑන්ඩ් සමාගම සදහා කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසා භාණ්ඩ ආනයනය කළා. කවදාවත් අලුත් කර්මාන්ත ශාලාවක් හදලා නෑ. දැන් මෙම භාණ්ඩ දිරායනවා. 2015 ජනවාරි 6 දින මැතිවරණය දින දෙකකට පෙර මෙම ණය මුදල පියවා සභාපතිවරයා ගෙදර යනවා.

“මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට බීච් පාක් එකක් සෑදීම ලබා දුන්නා. මුලින් මිලියන 30 ක් පසුව තවත් මිලියන 10 ක්. මුදල් ගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට. මුදල් ඉල්ලුවේ නාමල් රාජපක්ෂ මහතා යි. හදපු බීච් පාක් එකක් නෑ. මුදල්වලට වෙච්ච දෙයකුත් නෑ. මේ ගැන දැන්ත් දැන් පොලිස් පරීක්ෂණ තියෙනවා.

“ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ දුෂණ එතැනින් අවසන් නෑ.

“ජනාධිපති කාර්යාලයේ පරිහරණයට අවශ්‍ය බව පවසමින් පුද්ගලික වාහන දෙකක් කුළී පදනම මත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ලබා ගෙන තියෙනවා. ජනාධිපති කාර්යාලයේ ‘අමිල‘ නම් පුද්ගලයෙකු මාසිකව රු. 140,000 ක චෙක්පත අරගෙන ගිහින් තියෙන්නේ. මේ ව්‍යාජ සේවා ගිවිසුමෙන් රජයට සිදු කොට ඇති පාඩුව රු. පනස් ලක්ෂ අනු හතර දහස් හයසීයයි. (මිලියන 5.5 යි). ලේඛණ වල දැක්වෙන්නේ පීඩී 2199 (2012 මාර්තු 29 සිට 2014 දෙසැම්බර් දක්වා) , කේබී 5303 (2011.04.26 සිට 2014 ජූලි දක්වා) ලබාගත් බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළා.

“මොහුට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නෑ කියලා චෝදනාවක් තිබුණා.
මිනරල් සේවකයෝ 39 ක් ප්‍රධාන කාර්යාලයෙන් පිටත දේවාලයක කටයුතු සදහා යොදවා ඇති බවට සැබවින්ම ඔවුන් කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුයි. නීතිඥ එස්.කේ. ලියනගේ එක් පුද්ගල විනිශ්චය සභාව මේ ගැන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිළි කරන්න උපදෙස් දුන්නා. දැන් ඒ විමර්ශන සිදු වෙනකොට තමයි මේ බලපෑම් එල්ල වෙන්නේ.

“ආණ්ඩුව පැහැදිලිවම මහා පරිමාණ හොරු රකින තැනකට ගිහින් තියෙනවා. මේ සිදුවීමෙන් පෙනෙන්නේ ඒ බවයි. දැන් හොරු රකින්නේ කවුද කියා හොදටම පැහැදිලියි යැයි ද, තෙන්නකෝන් මහතා පැවසීය."

මෛත්‍රී-රනිල් හවුල මේ වන විට වේගයෙන් සිය සහායක පදනම අහිමි කර ගනිමින් සිටියි. මෙම හවුලට යළි බලයට ඒමට සිවිල් සංවිධානවල සහයෝගය ලැබේ යයි අපේක්ෂා කළ නො හැකි ය. 

ඔවුන් යකාට ගියත් අපට කමක් නැත. අප සැලකිලිමත් වන්නේ අප ඔවුන්ට ලබා දුන් ජනවරම මගින් ඔවුන්ගෙන් උපරිමය ඉටු කරවා ගැනීමට ය. එසේම, ඊළඟට එන්නට උත්සාහ කරන යකා ගැන ද අපි සැලකිලිමත් වෙමු.

ඊනියා යහපාලන ආණ්ඩුවට මෙහෙම වුණේ ඇයි ද යන්න අපි ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්නෙමු. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දුමින්ද දිසානායක සබීතට සියඹලා කවලම නෑ එහෙනම්?

    ReplyDelete
    Replies
    1. ඒකත්, තව ඒවා ගොඩකුත් තියෙනවා. මේක ලැයිස්තුවක් නෙමෙයි.

      Delete
    2. කාලීන වැදගත්කමක් ඇති දේ නම් රනිල්තුමා මන්ත්‍රීන් ලා ගේ චන්දය ලබාගැනීම වෙනුවෙන් අසීමිත් වරදාන මන්ත්‍රීවරුන් හට ලබාදෙමින් සිටීමය.

      අප සැවොම එම මන්ත්‍රීන්ලාට පගාදීම හෙලාදැකිය යුතු වෙමු!

      Delete
    3. සබීත මාර කැල්ල මචං.
      තාම වැඩද

      Delete
    4. අද බෙට්ටා නිවාඩු නිසා මුලින්ම ඇවිල්ලා බෙට්ට අතෑරලා. පළාතේ ඉන්න බෑ ගඳ.

      Delete
    5. සා ර සා
      ඔබට සතුටුයිද දැන්?

      Delete
    6. // සා ර සා
      ඔබට සතුටුයිද දැන්? //

      අපි සන්තෝසෙන් ඉන්නේ
      දුක සෝකය නැහැ දන්නේ

      Delete
  2. ඊළඟ ලිපියේ මහා ගොඩක් ලියන්න දෙයක් නෑ.
    මෝඩකම සහ උද්දච්ච කම එච්චරයි.

    ReplyDelete
  3. අරුං රට කාගෙන කාගෙන කාගෙන ගිහින් නවත්තපු තැන ඉඳලා මුං කාගෙන කාගෙන කාගෙන යන බව දැන ගෙන හිටියත්, මුං 2015 මාර්තුවල සිට කරන්නේ අරුනුත් එක්ක ඩීල් දාලා කාගෙන කාගෙන කාගෙන යාමයි.

    ඒක කලින් අපේක්‍ෂා නොකළ තත්වයක්!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. පුදුම තරහක් නේද මා එක්ක තියෙන්නේ?

      මෙන්න මේ 2015 ජනවාරි 5 ලිපිය බලන්න.

      https://rasikalogy.blogspot.com/2015/01/que-sera-sera.html

      Delete
    3. @ රසිකොලොජිස්ට්

      කාගෙන ගියත් නොකාගෙන ගියත් හුකාගෙන ගියත් තොට වැඩක් නෑනේ. තෝ ඔස්ට්‍රෛ්ලියාවට පුක දීගෙන ගියානනම් එහෙ වෙන රෙද්දවල් බලාගෙන හිටු. මෙහෙ දේ වලට හොට දාන් නැතුව.

      Delete
    4. ඇනෝනිමස්,

      බ්ලොග්වල කුණුහරුප ලියන්නන්ට ඇති මානසික ආබාධ ගැන රුවන් ජයතුංග ලියා තිබුණා දැක්කාද?

      https://m.facebook.com/story.php?story_fbid=440875762966745&id=100011329762598

      ?



      Delete
    5. පුක ගැන පෝස්ට් පිටින් ලියපු ඔහේ තව අනුන්ටත් බණ කියනවා? දන්න පුකක් කරගෙන ඉඳින් යකෝ.

      Narcissistic personality disorder කියන්නේ මොකක්ද කියලා ඔය දොස්තරගෙන්ම අහගන්නවා. (බලාගෙන හැබැයි තමුන්ව නවත්වා ගන්නත් ඉඩ තියෙනවා නේවාසික රෝගියෙක් විදියට)

      Delete
    6. ඔහේට මා එක්ක පුදුම කෝපයක් නේ තියෙන්නේ?

      පුද්ගලික තරහක් ද? දේශපාලන විරුද්ධවාදීකමක් ද?

      මොනවා වුනත් ඔබට ඉසිකෝමානයෙන් මිදීමට ලැබේවායි පතමි!

      Delete
  4. මහපොල අරමුදලෙන් රුපියල් බිලියනයක මුදලක් වංචා කලේ යයි ඒකාබද්ද විපක්‍ෂයෙන් එල්ල කරනු ලැබූ සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරන බව අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

    කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ තමන් එම කොමිසමට ලිපියක් යොමු කරමමින් අදාල පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස දන්වා සිටි බවයි.

    මෙම පැමිණිල්ල අසත්‍ය යයි ඔප්පු වුවහොත් පැමිණිලිකාර ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීනට එරෙහිව පියවර ගන්නා ලෙසද තමන් ඉන් ඉල්ලා සිටි බව ඇමතිවරයා කියා සිටියේය.

    එම මාධ්‍ය හමුවට එක් වූ මහපොල අරමුදලේ උපදේශක වික‍්‍රම එදිරිසූරිය මහතා ‘මේ බලූ ජොයින්ට් ඔපොෂිශන් එක කියල එකක් ඇවිල්ල නිදාගෙන හිටපු බල්ල දැන් අවුස්සල. මං මැරනෙතුරු මේ අයට විරුද්දව කටයුතු කරනවා’ යයි හැඬුම් මැද කියා සිටියේය.

    ReplyDelete
    Replies
    1. මේ වික‍්‍රම එදිරිසූරිය ගාමිණි දිසානායකගේ මස්සිනා …… මෙයාගේ කැරැට්ටුව ගැන දන ගන්න ඕන නම්…. ලලිත් ගාමිණි පක්ෂය හැදුවට පස්සේ පක්ෂේ නිල පුවත්පත විදියට රාජාලියා කියලා පත්තරයක් කරා …. ඒ කාලෙම ප්‍රේමදාස ඒකෙ duplicate එකකුත් ගැහුවා … අන්න ඒක හොයාගන්න පුලුවන්නම් මෙයා ගැන හොද විග්‍රහයක් තියනවා …. සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමත්‍යන්සයේ ලේකම් විදියට ඉන්නකොට අමාත්‍යංසයේ … මෙයාගේ කාමරයට යාබදව සුපිරි හෝටල් කාමරයක පහසුකම් ඇති නිදන කාමරයක් හදාගෙන තිබුනා … එක ඇතුලේ වෙච්ච දේවල් ප්‍රේමදාසගේ රාජාලියා පත්තරේ තිබුනා …. 94 චන්ද්‍රිකා ජනාධිපති උනාට පස්සේ ඒ කාමර ITN ප්‍රවුර්ති වල‍ට පෙන්නුවා

      Delete
    2. ගාමිණි දිසානායකගේ මස්සිනා වික්‍රම වීරසූරිය නොවෙයිද?

      Delete
    3. ටොප් දෙමස්සිනෝ.....ගංජායි බුල්ටොයි වගේ.

      Delete
    4. @ Anonymous December 6, 2016 at 3:30 PM

      ඔබ නිවැරැදියි. ඔහු හිටපු රක්‍ෂණ ඔම්බුස්මන්ඞ් ආචාර්ය "වික‍්‍රම වීරසූරිය" ලෙස නිවැරැදි විය යුතුයි. එදිරිසූරිය ලෙස ලියැවුණේ වැරදීමකිනි.

      අරුණ,

      ඔවු ඇත්තටම ලංකාවේ පත්වන ඕනෑම ආණ්ඩුවකට හේත්තුවී ගසාකන මෙවැනි පල්හොරුන්ගෙන් නම් අඩුවක් නැහැ. එක හොරු ටිකක් එලවල දැම්මම දැන් තවත් හොරු ටිකක් මේකටත් රිංගගෙන ඉහගෙන කන එකයි වැඩේ.

      Delete
    5. /////එක හොරු ටිකක් එලවල දැම්මම දැන් තවත් හොරු ටිකක් මේකටත් රිංගගෙන ඉහගෙන කන එකයි වැඩේ.//////////

      ඉතින් අපි කවදාක හිනැහෙමුද මේ රටේ....කියලා තමයි බං මාත් හිතන්නේ. මට දුක මේ අනාගත පරම්පරාවන් ගැන. අපි යාන්තමට හරි ජාම බේරගෙන. හීනියට ගොඩ. ඉන්න එවුන්...ඉපදෙන්න ඉන්න එවුන්. උන්ට මොකද වෙන්නේ. මෙහෙමවත් කතා කරන්න උන් කෙලින් ඉඳියිද, නැත්නම් මොන යම් තැනක වහලෙක් වෙයිද, එහෙම නැත්නම් මං වගේ වෙන රටකට ගිහින්, පොඩි ඇඟට සනීපයක් අරන්, හිතට වද දිදී ජීවත් වෙයිද? මේවා හිතන්න ගියොත් පිස්සු හැදෙනව. බත් නම් වඩා හොඳයි. බත් නැත්නම් පානුත් හොඳයි කියලා වගේ දේශපාලනය වලඳනවා. නොදකින් කියලා හිතෙනවා බන් මට මං ගැනම. මෙහෙම රැවටෙනවද?

      Delete
  5. බ හි ණ ජලය මෙන් සියොගත ඇදි ය න්
    න ගි ණ ගහෙන් උගුලේ උල ඇනී ය න්
    බ හි ණ බැම්ම වලහැරපට කැඩී ය න්
    යහපාලන හොරු හතරට පැලී ය න්

    ReplyDelete
    Replies
    1. අන්දරේ අද හිටියානම් වත්මන් ජනපති මෙත්පල් මැතිඳු ගැන කියන කතාව
      ------------------------------------------------
      රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
      ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
      ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
      මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

      Delete
    2. හානා හීය පානා අඬ හැරෙන් දැනේ
      තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
      හපුතලේ කන්ද දැකලා බඩ දනවා
      නුඹේ හදට පුන් සඳ වාසනාවන්

      Delete
    3. පක්ස දෙකක් එකමැද එය ගැවසි ය
      යහපාලනේ අද දින හොම්බෙන් යාය
      හිටන් ට එය තේරෙන පාටක් නෑ ය
      මට දැනෙනා ලෙසට මෙත්පල් ඉබ්බා ය

      Delete
    4. බෙට්ටගේ පුකට මරාගේ සරණයි.

      Delete
    5. // AnonymousDecember 6, 2016 at 12:30 PM
      බෙට්ටගේ පුකට මරාගේ සරණයි. //

      මලපහවාදී කක්කා ඇනෝ තුමට සාන්තියක් ම වේවා!

      Delete
    6. ආජු තපර ලාහේලා
      බීජු තපර ලාහෙලා
      ආජු තපර
      බීජු තපර
      බිස්කො බිස්කෝ ලාහෙලා..

      මහමෙරක් ලෙසට....ආපහු කියමු. දෙන්න මල්ලි විස්ල් එකක්. පිස්සු ඕයි..පිස්සු ඩබල්.

      ReplyDelete

      Delete
  6. //මෙම හවුලට යළි බලයට ඒමට සිවිල් සංවිධානවල සහයෝගය ලැබේ යයි අපේක්ෂා කළ නො හැකි ය.//

    ඇත්තටම පැරා සිවිල් සංවිධානවලට කල හැකි කෙංගෙඩිය මොකක්ද? එදා 2015 දෙසැ- ජනවාරි වගේ කාලෙදි මිනිස්සුන්ට එපා වෙලා තිබ්බ රාජපක්ෂ කල්ලියට විරුද්ධව රැල්ලට මාධ්‍ය මගින් පුම්බගත්තු ජනප්‍රියත්වයක් මිස ඉන් එහා ගිය කිසි වැදගත්කමක් නැහැ. සිවිල් සමාජ කාරයොත් හරියට ජෙප්පො වගේ ඡන්දෙ කාලෙදි සපෝට් එක දීල තමනුත් ඒකෙ පිහිටෙන් ජනප්‍රියත්වයකුත් දිනාගෙන ආණ්ඩුවෙන් වරප්‍රසාද වරදාන රැසකුත් ලබාගෙන ( උදා: සරත් විජේසූරිය වැනි තක්කඩින් ජනපති උපදේශක ලෙස ලක්ෂ 3-4 පඩි ගනිමින් බොරුවට ආණ්ඩුවේ ඇමතිවරු විවේචනය) ඉන්න ගමන්ම තම්න්ගේ වාසිය වෙනුවෙන් ආණ්ඩුව කරන කිසිදේක වගකීමක් නොගෙන ආණ්ඩුවටම බැනල තමන් සුදන වෙන්න හදනාව. මිනිස්සුන්ට ආණ්ඩුවටත් වඩා ඔය කාලකණ්ණි සක්කිලි බල්ලො තමයි එපාම වෙලා තියෙන්නෙ. යූඑන්පී එකට නම් පාක්ෂිකයන්ගෙ වගේම් බහුතර මුස්ලිම් ප්‍රජවගෙනුත් වතුකරයේ මෙන්ම උතුරේත් දමිළ සහෝදරවරුන්ගේ සහය තිබෙන නිසා ජාමෙ බේරගන්න පුළුවන් ඔය කියන මලපේරේත සිවිල් සමාජ ගෙරි කාඩ අවස්ථාවාදී අවලම්මු ටික නැතත්. පැරාල වගේ නිදහස් මාධ්‍යකරුවන් වුණත් මීට වඩා සාධාරණව රජයේ ක්‍රියාදෙස බැලිය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. Anno

      සාධාරණ සමාජයක් ව්‍යයාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය කොළඹදී පැවති පුරවැසි බලය සම්මන්ත්‍රණයකදි ඔහු කියා සිටියේ කොතරම් නින්දා අපහාස කලද කරත් ඒවායෙන් නොසැලී සුළු ජාතිකයන්ට වූ අසාධාරණය වෙනුවෙන් පෙනි සිටිමින් ඉදිරියේදී සුළු ජනතාවට උපරිම වශයෙන් බලය බෙදීමට අවශ්‍ය නව ව්‍යවස්ථාව ගෙන ඒම තම එකායන අරමුණ බවයි.

      මහාචාර්යවරයා විසින් එහිදී ඉතා දැඩිලෙස ජනාධිපති කාර්යය මණ්ඩලයේ නිලධාරින් රැසකද රජයේ ඇමතිවරුන් කිහිපදෙනකුගේ නම් සඳහන් කරමින්ම චෝදනාත්මකව අදහස් පල කලේය.

      එම සමුළුවට සහභාගි වූ තවත් විශ්වදිද්‍යාල ආචාර්යවරයෙක් තම ෆෙස් බුක් ගිණුමේ සටහනක් යොදා ඇත්තේ සරත් විජේසූරිය මහාචාර්යවරයෙකු වුවත් රටේ බහුතරයක්ගේ සිතුම් පැතුම් මෙන්ම ලෝක දේශපාලන තත්ත්වය ගැන මීට වඩා වැඩි අවබෝධයකින් අදහස් ප්‍රකාශ කලේ නම් ඔහුගේ වෘත්තීමය තත්ත්වයට ගැලපෙන බවත් මෙම දේශනය මහාචාර්යවරයෙකුගේ න්‍යායාත්මක හෝ වෘත්තීමය දේශනයකයට වඩා හරියටම කුඩා දරුවෙක් වරදක් කොට සිය පියාගෙන් හොදින් ගුටි කෑ පසු තම මව ලගට ගොස් ඉකි ගසා හඩමින් සිය පියා නිවසින් එලියට දමන ලෙස කරනු ලැබූ අසාර්ථක ප්‍රලාපයක් වැනි බවය.

      මෙබඳු විසුළු සහගත පුද්ගලයන් "මහාචාර්ය" වැනි වැදගත් තනතුරු ලබාගැනීම පවා ඉතාම විශමයජනකය. රජය විසින් විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම සටකපට අවස්ථාවාදෙන්ගේ ප්‍රලාප දැන්වත් නැවැත්විය යුතුය. මුන්ගේ ගොන්පාට්වල වාසිය අවසානයේ ලබන්නේ දැනට කිචවී සිටින දූශිත රාජපක්ෂ කල්ලිය බව අමුතුවෙන් කිවයුතු නොවේ.

      Delete
    2. /* ......සරත් විජේසූරිය වැනි තක්කඩින් ජනපති උපදේශක ලෙස ලක්ෂ 3-4 පඩි ගනිමින්..... */

      මිනිහා උපදේශකයෙකු ද?
      මං හිතන්නේ නෑ!

      Delete
    3. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබෙනවා සරත් විජේසූරිය මහාචාර්යවරයා තමුන්ගේ උපදේශකයෙක් වග. මෙන්න එක උදාහරණයක් පහතින්;

      2016 ජූනි මස 27 ඉරිදා ලංකාදීපයේ "ජනපතිගෙන් අහන්න” විශේෂාංගය යටතේ ජනාධිපතිතුමාගෙන් ඇසීමට පාඨක ප්‍රශ්නවලින් තෝරාගත් ප්‍රශ්න කිහිපයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පිළිතුරු පුවත්පතේ පළවේ.


      උපුටා ගැනීමකි;

      //● ප්‍රශ්නය- ඔබතුමා වටේ ඉන්න මුග්ධ උපදේශකයින් නිසා ඉදිරියේදී ඔබතුමා ලොකු අමාරුවක වැටීමට නියමිත බව ඔබතුමාට බලයට ඒමට උදව් කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියල තිබුණා. ඔබතුමා වටේ ඉන්න ඔය කියන උපදේශකයො කවුද?
      සුදන්ත හපු ආරච්චි
      පස්යාල

      ● පිළිතුර- සරත් විජේසූරිය මහත්තයත් මගේ උපදේශකයෙක් තමයි. ඒ හැරෙන්න මගේ උපදේශකයෝ ඉන්නෙ දෙතුන් දෙනයි. නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහත්තයා හිටපු ජනාධිපති ලේකම් කරුණාරත්න මහත්තයා ඊළඟට මගේ ආගමික උපදේශක රාජ පතිරණ මහත්තයා. ඔච්චරයි මට උපදේශකයො ඉන්නෙ. ඊට වැඩිය මට උපදේශකවරු 50ක් 60ක් නැහැ. මීට පෙර හිටපු ජනාධිපතිවරු උපදේශකවරු පත් කරගෙන සිටි හැටි කාටත් මතක ඇති. මම ඒ එක් එක් කාල පරිච්ඡේද ගැන කියන්නෙ නැහැ. ජනාධිපති උපදේශකවරු සිය ගණන් පත් කරගෙන හිටපු කාලයක් තිබුණා. හැබැයි මගේ එහෙම නැහැ. මට උපදේශකවරු ඉන්නෙ පස් දෙනකුටත් අඩුවෙන්. ඒක නිසා මේ තත්ත්වය කවුරුත් සැළකිල්ලට ගන්න ඕනැ. මගේ එහෙම නිත්‍ය උපදේශකයො කවුරුත් නැහැ. ඒ නිසා උපදේශකවරු සම්බන්ධයෙන් ඒ කියල තියන ප්‍රකාශයට මට එකඟවෙන්න පුළුවන් කමක් නැහැ.//

      Delete
    4. Anonymous December 6, 2016 at 1:05 PM

      ඇයි බන් ළඟදි මෙහෙම කතාවකුත් ගියා නේද?

      "සාධාරණ සමාජයේ හාල්පාරු මහචාරියාට පිරිමි නර්ස්ට කණ පැලෙන්න ගහන්න ඕනෑ.. ඔය හොර මහාචාරි ජඩයා ජනාධිපතිතුමාගෙන්ම පඩි ගන්න ගමන් අඟේ ඉඳන් කණ කනවා.... මුං රට කන ඔරංඔටංලා... නොදකින් කාලකණ්ණි... – ඩිලාන් පෙරේරා"

      Delete
    5. ඔය මෛත්‍රී ගේ කතාවට පස්සේ උත්තර දෙමින් සරත් විජේසුරිය කිව්වා එයාට එහෙම පත්වීමක් ලැබිල නෑ කියල.

      Delete
    6. සරත් විජේසුරිය යනු අන්‍යයන් විනිශ්චය කිරීමට මෙන්ම නඩු යාමට ඕනෑම අවස්ථාවක සැදී පැහැදී සිටින කුහක අධමයෙකි. ඔහු සාහිත්‍ය ලෝකයේ නමක් ඇති කර ගැත්තේ සාහිත්‍යමය වටිනාකමකින් යුත් නිර්මාණ බිහි කිරීමෙන් නොව ඕපාදුප සහ කුණු රසය මිශ්‍ර වූ මගේ නඩුව ඉවරයි යන විශාල කැලෑ පත්තරය ලිවීමෙනි. අන්‍යන්ගේ ලිංගික ජීවිතය පමණක් නොව ඔවුන්ගේ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කිරීමෙන්ද තමන් ලොකු පොරක් වීමේ මේනියාවෙන් පෙළුණු මාන්සික රෝගියෙකි. මගේ නඩුව ඉවරයි යනු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ මනසක් ඇති පුද්ගලයෙකුට පමණක් ලිවිය හැකි පොතකි. මරාගෙන මැරෙන බෝම්බකරුවා අධි පිපුරුම් බලය ඇති ආර්.ඩී.එක්ස් භාවිතා කරන අතර මගේ නඩුව ඉවරයි කෘතියේ ලේඛකයා භාවිතා කරන්නේ විනාශකාරී වචන සමුහයකි.

      සරත් විජේසුරියට තම ප්‍රතිවාදීන්ට පහර දීමට අවශ්‍ය වූ විට කුණු ලිංගික ඕපාදුප ශාස්ත්‍රීය භාෂාවකිනි ඉදිරිපත් කිරීමට සමත් කමක් තිබේ. ඔහුගේ මගේ නඩුව ඉවරයි කෘතියේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හේමපාල ජයවර්ධන විසින් මහාචාර්ය කුසුමා කරුණාරත්නට ඇමරිකාවට එන්නට ආරාධනා කරන්නේ ඇය සමග ලිංගිකව එකතු වීමටය. සරත් විජේසුරිය මේ බව දැනගන්නේ අනුන්ගේ ලිපි හොරෙන් කඩා කියවීමෙනි. මහාචාර්ය හේමපාල ජයවර්ධනට කාර්යාල කාර්ය සහායක නිමල් පද්මතිලක සමග අඹුසැමි සබඳතාවයට සමාන සබඳතාවයක් ඇත. (මගේ නඩුව ඉවරයි – සරත් විජේසුරිය) සරත් විජේසුරියගේ නඩුව ගැන වාර්තා කරන පුවත්පත් වාර්තාකාරිය පුවත්පත් කතුවරයා සමග නිදාගනි. “එයා කැමති ටිකක් මැදි වයසේ අයට” (මගේ නඩුව ඉවරයි – සරත් විජේසුරිය). ජේ බී දිසානායක ලිංගික අවශතාවය ගැන කියන්නේ -රෙන්ඩ බර හැදුනම ඕනේ කක්කුස්සියක් (මගේ නඩුව ඉවරයි – සරත් විජේසුරිය) මේ ආදී වශයෙන් මහාචාර්ය සරත් විජේසුරිය අනුන්ගේ ලිංගික ජීවිත ගැන විනිශ්චයන් දෙන්නේ එක්කෝ ඔහු ලිංගික බෙලහිනයෙකු හෝ ඔහු තුල තදබල ලිංගික අසහනයක් තිබෙන නිසා විය යුතුය. ඔහු මිය ගිය චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මිය දඩමීමා කරගෙන ඇයටද අපහාස වන පරිදි තමන්ගේ තවත් ප්‍රතිවාදියෙකුට ලිංගික මඩක් ගසයි.

      "එයට හැඳින්වීමක් ලියා දෙන්නට එක් ප‍්‍රවීණ ලේඛකයෙක් රුපියල් පන්දාහක (5000/-) අල්ලසක් ඉල්ලා සිටියේය. පොත මුද්‍රණය කරන්නට ප‍්‍රකාශකයකු සොයා දෙන්නට ඇය ගොදුරක් කර ගන්නට තවත් ප‍්‍රවීණයකු උත්සාහ කළේය. වයෝවෘද්ධ වියත් ලේඛකයකු මේ අත් පිටපත ප‍්‍රකාශයට පත් කරන්නට භාර ගෙන එය අස්ථාන ගත කළේය. මේ ආදී වශයෙන් අපේ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ සිවිල් බලය හිමි උදවිය මේ තැනැත්තියට දොරගුළු වැසූ, නින්දිත හිරිහැර කළ කාලය වසර දහයකි." (සාහිත්‍ය ලෝකයේ සියලු නොපනත්කම් ඉවසමින් සිට ඇය අවසන් ගමන් ගියාය- සරත් විජේසුරිය)

      Delete
    7. Cont'd...

      කරුණාකර අවධානය යොමු කරන්න “පොත මුද්‍රණය කරන්නට ප‍්‍රකාශකයකු සොයා දෙන්නට ඇය ගොදුරක් කර ගන්නට තවත් ප‍්‍රවීණයකු උත්සාහ කළේය ” යන වැකිය වෙත. මෙය සැබෑවක්ද නැතහොත් එය මහාචාර්ය සරත් විජේසුරියගේ අතේ රෝලක්ද නොදනිමි. එවැනි දෙයක් අතිශයින්ම පුද්ගලික කරුණකි. එවැනි දෙයක් චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මිය සරත් වීජේසුරියට හෙළි කලේද ? නැතොත් ඔහුගේ අවශ්‍යතාවය මත මෙවැනි කථාවක් නිර්මාණය කලේද ? නමුත් මෙවැනි අන්දමේ කරුණක් ලිවිම මගින් ඔහු සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ ලේඛිකා චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මියට දරුණු ලෙසින් අපහාස කොට තිබේ. එය බොරුවක් නම් එවැනි දෙයක් ලිවිය හැක්කේ තදබල ලිංගික අසහනයක් ඇති පුද්ගලයෙකුට පමණි.

      ඒක භාෂික සරසවි ඇදුරන් තුල පවතින ප්‍රකට කුහක බව, හීනමානය, ඊර්ෂ්‍යාව යන දුර්ගුණයන්ට අමතරව සරත් විජේසුරිය තුල තවත් දුර්ගුණයක් ඇත. එය මම පමණයි සුදනා අන්‍යන් හොරු සහ කුහකයෝ යන තමා ගැන තිබෙන අධි තක්සේරුවයි. මෙවැනි ගති පැවතුම් ඇති මිනිසුන් දෙබිඩ්ඩන් සහ හක්කේ බුදුරැස් / බොක්කේ දඩමස් වර්ගයේ මිනිසුන් බව අප අත්දැකීමෙන් දනිමු. ඔහු 1994 චන්ද්‍රිකා බලයට පත් කිරීමේ ව්‍යාපෘතියේ බැලයෙකු ලෙස වැඩ කළේය.

      වික්ටර් අයිවන්ගේ චෞර රැජින කෘතියේ අනාගත අභිවෘධිය පතා චන්ද්‍රිකාගේ සාරිපොටේ එල්ලුණු සරසවි ඇදුරන් සිටින චායාරූපයේ සරත් විජේසුරියගේ මුහුනත් තහඩුව හොඳාකාරව දැකිය හැක. නමුත් දැන් ඔහු එම අපකීර්තිමත් අතීතය ගැන කතාකරන්නේ නැත. ඒ වෙනුවට රජයේ රෙගුලාසි වලට යටත් වී සේවය කරන ආරියවංශ රණවීර කවියාගේ ස්වාධීන භාවය ගැන කතා කරයි එය අමුම අමු කුහකකමකි.

      ලංකාවේ පොත් ප්‍රකාශකයන්ගේ මගෝඩිකම් ගැන සදහන් කෙරෙන අමිල ගුණරත්න විසින් ලියන ලද ලිපියක් මෑතකදී මට කියවන්නට ලැබිණි. එම ලිපියේ ඔහු සරත් විජේසුරිය ගැන සඳහන් කරන්නේ මානව සාරාර්ථ ගැන කතා කරමින් ලේඛකයන්ට පොලු තියමින් ඔවුන්ගේ ඉහ මොළ හුරාකන සහ ලේඛකයන්ට හොරෙන් ඔවුන්ගේ පොත් දෙවන තුන්වන වර මුද්‍රණය කොට කර්තෘ භාග නොගෙවා අධික ලාභ ලබන කූට මුදලාලි කෙනෙකු ලෙසටය. ඒ හැර පසුගිය සතියේ මට ගොඩගේ ප්‍රකාශක ආයතනයේ සේවය කල අයෙකු මුණ ගැසුණි. සරත් විජේසුරිය ගැන නම් සඳහන් කල වහාම ඔහු කිවේ කොන්ද දෙකට තුනට නවාගෙන ගොඩගේ මුදලාලි ලඟට ඇවිත් බැගැපත්වෙලා තමන්ගේ මුල් පොත් දෙක තුන ගහගෙන නමක් හදාගත්තට පස්සේ ගොඩගේ මුදලාලිට අපහස කරලා පත්තරේ ලිපි ලියපු ගුණමකුවා වශයෙනි. ඔහු ජේ බී දිසානායකට අපහාස කොට පොත් ලිව්වේ බටහිර රටකට ශිෂ්‍යත්වයකට යාමට ජේ. බී ගෙන් බලාපොරොත්තු වූ පරිදි අනුග්‍රහයක් නොලැබූ නිසාය. ඒ ගැන තායිලන්තයේ සිටි ජේ බී දිසානායක කියා ඇත්තේ බටහිර රටකට ශිෂ්‍යත්වයකට යාමට තරම් සරත් විජේසුරියගේ ඉංග්‍රීසි දැනුම මුහුකුරා නොතිබූ නිසා ඔහුව ශිෂ්‍යත්වයකට නම් නොකළ බවයි. සරත් විජේසුරියගේ ඉංග්‍රීසි දැනුම වෙනුවෙන් ජේ බී දිසානායකට බලවත් වන්දියක් ගෙවීමට සිදු විය. මගේ නඩුව ඉවරයි යන විශාල කැලා පත්තරයේ ජේ බී දිසානායකගේ ලිංගික ජිවිතයේ අඳුරු තැන වලට පවා ටෝච් ගසමින් සරත් විජේසුරිය පිටු පිරවූයේ සදාචාර වටිනාකම් ගැනවත් නොතකමිනි.

      චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි පිළිබඳව මහත් කැක්කුමෙන් කතා කරන සරත් විජේසුරිය ගෙන් යමක් ඇසීමට අවසර. විජේසුරිය මහතාණෙනි ඔබ තනියම සිටින විට නිවසේ කන්නාඩිය ඉදිරියට ගොස් එයින් පෙනෙන ඔබගේ ප්‍රතිබිම්බයේ දෙනෙත් දෙස බලා පහත ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.

      1) විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද විශාල වශයෙන් විකිණී ගිය චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චිගේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය ,අරණකට පෙම් බැඳ, යන කෘතීන් සඳහා ඔබ කොපමණ මුදලක් චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මියට කර්තෘ භාගය වශයෙන් ගෙව්වේද ?
      2) මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය ,අරණකට පෙම් බැඳ, යන කෘතීන් ඔබ දෙවන වර මුද්‍රණය කරන විට චින්තා ලක්‍ෂ්මීසිංහ ආරච්චි මහත්මිය දැනුවත් කලද ? ඒ සඳහා නියමිත මුදල් ඇයට දුන්නේද ?
      3) ඇගේ මරණින් පසු මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය ,අරණකට පෙම් බැඳ, යන කෘතීන් කොපමණ සංක්‍යාවක් ඔබ සමයවර්ධන , සරසවි මුද්‍රණ යන්ත්‍ර වල (හොරාට) මුද්‍රණය කලේද ?
      4) එම පොත් විකිණීමෙන් ලද අදායමෙන් යම් ප්‍රතිශතයක් චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මියගේ සරම කමිසය හඳින ගැමියෙකු බඳු සැමියාට දුන්නේද ?
      මෙම ප්‍රශ්න වලට පිළිතුරු අපට අවශ්‍ය නැත. එය ඔබගේ ප්‍රතිබිම්බයේ දෙනෙත් වලට පවසන්න. එවිට ඔබට හර්ද සාක්ෂියක් තිබේ නම් ඔබට දැනුණු හැඟීම පමණක් අපට කියන්න.
      අවසාන වශයෙන් ඔබට යමක් කීමට තිබේ. ඔබගේ කාර්යාල කාර්ය සහායක නිමල් පද්මතිලක ගැන සමලිංගික කුණු කතා පවා ලිවූ ඔබට ආරියවංශ රණවීර කවියාගේ ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ කවි පොතේ එන කාර්යාල කාර්ය සහායක ගේ මරණය පිලිබඳ කවිය කියවන ලෙස ඉල්ලමි.

      Delete
    8. චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි මහත්මියගෙන් ලිංගික අල්ලසක් ඉල්ලු බව පොතක ලිවූ විට, එයින් අපහාසයක් වන්නේ ඒ මහත්මියටද, එහෙම නැත්නම් අල්ලස ඉල්ලු තැනැත්තාටද? ඔබේ තර්කය මට නම් නොතේරෙන බව කිව යුතුයි.

      Delete
    9. ආචාර්ය උපාදියක් නැතිව මහාචාර්ය වූ හරක් විජේසූරියට මඩු වලිගෙන් තැලීම පිලිබඳව අපගේ බලවත් ප්‍රසාදය!

      Delete
    10. මහාචාර්ය හරක් විජේසූරියට, කැම්පස් එකේ සිංහල අධ්‍යයන අංශයේ විභාග ප්‍රශ්න පත්‍ර කේස් එකක් තිබුණා. ඒකට නඩුවක් වැටුණා. නඩුව කැම්පස් එකෙන් තමයි දැම්මෙ. අන්තිමට නඩුව යද්දි, ඒකේ ප්‍රධාන සාක්කිකාරයා වෙච්ච, සිංහල අධ්‍යයන අංශයේ කාකාසානි, ලාල් මළා.
      ඔය හදිසි මරණේ නිසා, නඩුව ඉවර වුණා.

      ඊට පස්සේ, මහාචාර්ය හරක් විජේසූරිය, නඩුව දාපු සිංහල අධ්‍යයන අංශයට පට්ට මඩක් ඇරලා, ‘මගේ නඩුව ඉවරයි‘ කියලා පොතක් ගහලා, පොත හැමතැනම නොමිලේ බෙදුවා.

      ඇත්තටම පොත ගහන්න තිබුණේ, ‘ලාල් මළා‘ කියලා.

      දැන්, අධිකරණ නඩු තීන්දු ගැන කතා කරන්නෙ, මෙහෙම ගොබ්බ වැඩ කරපු, ‘මහාචාර්ය හරක් විජේසූරිය, බොලව්!

      - කුමාර ලියනගේ

      Delete
    11. Sarasa-I believe you are not that stupid to realise that you do NOT always need a phd to become a professor. This is not the first time you have made this allegation towards Prof. Wijesuriya.

      Delete
    12. අඩෝ සාරස,

      මෙන්න මගෙන් කයියක්;

      උගේ වෛරය සරි කරන්නට, බිම හෙලූ සරසවි කොඩී..
      මී ගොනෙක් වූ විජේසූරිය, ඩොලර් මිටියෙන් ගත් පඩී..
      මගේ අත්වල තවත් ඉතිරියි ගහන්නට තව පොල් ගෙඩී..
      ලක් මවුට වින කැටූ උන්හට වැදිය හෙණ පත, ගිනි ගෙඩී..!

      බොරු කී කටේ මහ ගෙඩි වණ නැගීයන්
      රට කෑ පවට වැහි නැති හෙන වැදීයන්
      පොලොව පලාගෙන යම ලොව ඇදීයන්
      හොර මහ'චාරියා මහ මග නැසීයන්

      Delete
    13. //Sarasa-I believe you are not that stupid to realise that you do NOT always need a phd to become a professor. This is not the first time you have made this allegation towards Prof. Wijesuriya. //

      Have I ever remarked that it is essential to have a PhD to become a Prof??

      He is not a Professor of Rocket Science.....

      Harak Wijesooriya is a Professor of SINHALA!!!! Imagine, irony of being a Professor of Sinhala at Colombo University without a doctorate in SINHALA????

      A Prof be able to train and supervise doctoral students. This guy is not qualified enough to do this task....

      FYI:Unlike other's CVs, a University academic's CV gives a prominent place for the details of his Master and Doctoral students.....

      Delete
    14. // බොරු කී කටේ මහ ගෙඩි වණ නැගීයන්
      රට කෑ පවට වැහි නැති හෙන වැදීයන්
      පොලොව පලාගෙන යම ලොව ඇදීයන්
      හොර මහ'චාරියා මහ මග නැසීයන් //



      යහපාලනෙන් ගොඩ යන්නට කෙල ගිල්ලා
      පොන්සි කටහඬින් දේසන කල බල්ලා
      හරක් විජේසූරිය නම් කිනිතුල්ලා
      එලවා දමමු අප සැම දුම්මල අල්ලා

      Delete
    15. සගය සාරසයෙනි , වැඩිමනත් ලියුමට අවකාශ නැත. සරක් අජවසුරිය පිළිබද මුල් ලියුම් ඔබ මා සතුය. අප කී දේ සනාථ වනු හැඩය.

      සරක් අජවසුරිය ගේ පිලි ගැලවුමට මා කිව් දේ ඉහත මැතිසඳුන් සැබෑ කරන සැටි?

      -මයුරවිල මි.

      Delete
    16. අනිත්වා ගැන නම් කියන්න අවබෝධයක් නෑ. ඒත් චින්තාලක්ශ්මිආරච්චිගේ පුතා මේ ඊයේ පෙරේදා මේ සිදුවීම ගැන ලියලා තිබුනා ෆේස්බුක් එකේ පොත් කියවන සමූහයේ. සරත් විජේසූරිය සියළු ගෙවීම් කලබවත් ඔහු ඒ මහත්මිය ලෙඩවී සිටි අවස්තාවේදි බොහෝ උපකාර කලබවත් අවමඟුලට ඔය සාහිත්‍යකාරයන්ගේ සංගමේට කියලා උදව් ඉල්ලන්න ගිහින් වෙච්ච ලැජ්ජාව ගැනත් ලියලා තිබ්බා.
      ඉන්දික කොඩිතුවක්කු හෙම මේක කියවලා තිබුනා. මට දැන් තැන මතක නෑ.
      සරත් විජේසූරිය මහත්තයා ගැන මේ කියන චෝදනා වලට නම් වරදකරුවෙක් නොවෙන බවයි එතනදි කියවුනේ.

      Delete
    17. https://m.facebook.com/groups/134123179997191?view=permalink&id=1164106596998839&__mref=message_bubble
      here is the link for above

      Delete
    18. // සරක් අජවසුරිය ගේ පිලි ගැලවුමට මා කිව් දේ ඉහත මැතිසඳුන් සැබෑ කරන සැටි? //

      ++++++++++++++++++


      //අනිත්වා ගැන නම් කියන්න අවබෝධයක් නෑ. //


      විශ්ව විද්යාලය යනු පාසලක් නොවේ... පර්යේශන කර නව දැනුම නිශ්පාදනය කරනා සොයා බැලුම් කරනා පොත පත කියවනා උදවිය අරක් ගත් ස්තානයකි.

      සරසවි ඇදුරෙකු ගේ රාජකාරිය දේසන පැවැත්වීම, නිබන්දන පන්ති පැවැත්වීම, ප්‍රායෝගික පන්ති පැවැත්වීම සහ විබාග පැවැත්වීම පමනක් නොවේ. ඔවුන් පර්යේශන පවත්වා, අලුත් සිසු සිසුවියන් හට පර්යේශන පැවැත්වීම හුරු කල යුතුය, ඔවුන් ව හැසිරවිය යුතුය, නව දැනුම සොයා ගත යුතුය.

      ආචාර්ය උපාදියක් ලැඹෙන්නේ පර්යේශන කර එවන් නව දැණුමක් ලැබූ අයට පමනි. එසේ ආචාර්ය උපාදියක් නොමැති අය, තනූක කරනු ලැබූ සරසවි උසස්වීම් නීති වලට අනුව මහාචාර්ය කම් ලබා අද්යයන අන්ස වල වැජඹීම ම්ගින් සිදු වන්නේ ඔවුන් හට නොමැති පර්යේශන හැකියාව ඔවුන් ගේ සිසු සිසුවියන් හට නොලැබී යෑමයි... එම හිස් කම වසා ගැනීමට හරක් විජේසූරිය ලා රූපවාහිනිය අරක් හෙන හරක් කතා කියමින් පොරවල් වෙන්න උත්සාහ කරති!

      Delete
  7. පැනල යන්න ඔය යහපාලන දෙවොලෙ දෙවියො හිටියද පැරා ? අපිනම් දැක්කේ පැරාල කරමතින් ගෙනල්ලා ඕකේ වැඩ හිඳෙව්වේ බහිරවයො /පෙරේතයෝ ටිකක් කියලා. හැබැයි ඒ දවස් වලනම් පොර ටොක් දුන්නේ, අපි බහිරවයන්ට බලපෑම් කරලා හරි දෙවියන්ගේ වැඩේ කර ගන්නවා කියලා. බලපෑම් කිරිල්ලේ තරම අපි දැක්කා.
    පැරා දැන්නම් වෙන දෙවොලකට මාරුවෙන්න වගේ හදන්නේ..ජෙප්පො මේ දවස් වල මාර්කටින්ග් පාරක් දාගෙන යනවා, එයාල්ගේ දෙවොලේ ඉන්නේ රහසින්වත් පව් නොකරන කට්ටිය කියල. ඒකවත් සලකා බලන්න පැරා.

    ReplyDelete
  8. දේශපාලකයෝ කවුරුත් එන්නේ අඩු හෝ වැඩි වශයෙන් හොරකන් කිරීමටය. මෙහි හොරකන් කිරීම යන්නට, ලාභ ප්‍රයෝජන, කොමිස්, තනතුරු, ලයිසන්, කොන්ත්‍රාත්, ඕකි මෙකි නොකී හැම දේම අයත්ය. සුදුසු පුද්ගලයාට අයත් දේ නොදී වෙනත් අයට ලබා දීම, ලබා දීමට බල කිරීම, පත් කිරීම සැම දේම ඕකි මෙකි නොකී යන්නට අයත්ය. මෙහි සැම දේම යන්නට , ලැබිය යුතු වේතනයට, ලාභයට, ප්‍රමාණයට වඩා ලැබීම අයත්ය. ඒ සියල්ල ගත්තාම මුන් ඔක්කොම සොරුය. අත්අඩංගුවට ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් අපට සලකලා බලන්න පුළුවන් යැයි, රනිල් කියන්නේ ඒකය. එහි විලෝමය මන්ත්‍රීවරුන්ට වෙනම නීතියක් යන්නය..

    ReplyDelete
  9. පැරා,

    මහින්ද පාලනයත් රනිල් මයිත්‍රී පාලනයත් අතර පොඩි සංසන්දනයක් කරමු

    මහින්ද රජය කාලයේ විශාල සොරකම් සිදුවුනා
    මහින්ද රජය කාලයේ කිසුදු රජයකට නොහැකි වූ යුද්දය ජයගෙන කිසිම රජයකට නොහැකි සන්වර්දනයක් සිදුකලා

    මයිත්‍රී රනිල් බලයට පැමිණියා ඔවුන් දැන් මහින්ද යුගයට සමාන ලෙස දුෂණ වංචා අක්‍රමිකතා සිදුකරමින් පවතිනවා
    නමුත් මහින්දගේ කාලේ සිදුවූ සන්වර්දනයෙන් 1% වත් සිදුවෙන්නේ නෑ

    මහින්දගේ කාලේ සිටි හොරුන් සියලුදෙනාම (මහින්ද සහ ඔහුගේ නෑදෑයන් හැර ) අද බලය ලත් තනතුරු වල සිටිනවා.

    දැන් රජයේ නිලදාරීන් සහ අදිකරණයේ ඉහල තැන්වලට ඉව වැටිලා ඉවරයි මහින්ද නැවත බලයට පැමිණෙන බව අද බැසිල්ව නිදහස් කිරීමට ත් මේක හේතු වුනා.

    මගේ ප්‍රශ්නය පැරා දැන් මහින්දගේ යුගය මයිත්‍රී රනිල් යුගයට වඩා හොදයි වගේ නේද ?

    මොකද මහින්ද හොරකම් කලත් යම් සේවයක් රටට කරල තියනවා නේද?

    පසුයිය ඉරිදා මම කොලබ සිට ගාල්ලට අධිවේගී මාර්ගයේ තමයි ගමන ගියේ පැයකින් මට ගාල්ලට යන්න පුළුවන් උනා, මේ අධිවේගී මාර්ග වල අතිවිශාල වංචා සිදුවුණා බව කිව්වා නේද ? කෝ වසර 2 කට වැඩිකලක් ගිහිල්ල කිසිවෙක් අත්අඩංගුවේ නෑ නේද ?

    දැන් රනිල් මයිත්‍රී බලයේ සිටිනවා ආසියාවේ විශාලම වංචාව වන අර්ජූන මහේන්ද්‍ර කියන පුද්ගලයට කරනන්න දුන්න රනිල් මයිත්‍රී කරපු එක සංවර්දන වියාප්ප්රුතියක් කියමු බලන්න

    http://www.adaderana.lk/news/38093/yellow-crossings-changed-to-white

    පදික මාරු සුදු කිරීමද සංවර්දනය, ගයන්ත කරුනාතිලක කියන ඇමතිවරයාට රෙද්දක් ඇදගෙන මෙහෙම යන්න ලජ්ජා නැද්ද ?

    මතක තියාගන්න මේ ලියන මමත් යහ පාලනයට චන්දය දුන්න කෙනෙක්, මහින්දට චන්දය දුන්නේ තනිකරම අන්ද බක්තියෙන් ඔහුව අදහන මිනිසුන් නමුත් යහපාලනයට චන්දය දුන්නේ කරුණු සංසන්දනය කරන පිරිසක් ඉදිරියේදී මැතිවරණයක් තිබ්බොත් යහපාලනයට ඇපත් නැතිබව මතක තියාගන්න මොකද දැන් සිදුවෙන විදියට මහින්ද ගේත් රනිල් මයිත්‍රී ගේත් වෙනස මහින්ද විශාල සේවයක් කරලා තියන බව පමණයි.

    ReplyDelete
    Replies
    1. // මහින්දට චන්දය දුන්නේ තනිකරම අන්ද බක්තියෙන් ඔහුව අදහන මිනිසුන් //

      හැබෑටම?
      ඔහෙට සුවර්ද හිටන්?

      සමහර විට ඔහේ ඔයි උඩින් ලියලා තියෙන යහපාලනේ නොහැකියාව කලින් ම තේරුම් ගත්තු ඔහෙලට වඩා යමක් තේරෙන බුද්දිමත් මිනිස්සු (ඕනෙනන් වම් කනෙන් පෙන්නන්න පුලුවනි...) වෙන්න බැරිද හිටන්??

      Delete
    2. ///සමහර විට ඔහේ ඔයි උඩින් ලියලා තියෙන යහපාලනේ නොහැකියාව කලින් ම තේරුම් ගත්තු ඔහෙලට වඩා යමක් තේරෙන බුද්දිමත් මිනිස්සු (ඕනෙනන් වම් කනෙන් පෙන්නන්න පුලුවනි...) වෙන්න බැරිද හිටන්??///

      හෙහ් හෙහ්, හිටං... :)

      Delete
    3. සරස තුමෝ,

      ඔහෙට මතකද මහින්ද දිගටම චන්දෙ දිනමින් ඉන්න කොට ඔහුකිව්ව ඔහුගේ පාලන කාලයේ මොන වැරදි තිබුනත් ජනතාව ඔහුව පිළිගන්න බව, ඔබට මතකද ගස් බැන්ද මර්වින් සිලවගේ ඇමතිකම චන්දය ලග දී ඉවත්කර බලයට පත්වුණා වහාම ජනමාද්‍ය ඇමතිකම ලබාදුන්නා හිටන්,

      ඔහු ජනතාව වන අපිට මේවගේ කීප වතාවක් රෙද්ද උස්සල පෙන්නුවා බැරිවෙලාවත් බලයට ආවනම් උන්ද වැලි කරදාසි තියල තමයි ජනතාවට අරින්නේ.

      ඔහු දැන් පාඩමක් ඉගනගත්ත ඔහු ට ඕනෑම කෙලියක් නටන්න බැරි බව.

      අනෙක් අතට මයිත්‍රි රනිල් ඩබලට මහින්ද දාපු බල්ටි දාන්න බෑ මොකද ආරක්ෂා කරගැනීමට පිරිසක් නැති නිසා.

      මහින්ද ගේ එකම වාසිය උනේ ගොටාබය කරපු සැලසුම් විතරයි නැත්නම් මහින්දත් නිකන් කයිවාරු කාරයෙක් විතරයි.

      Delete
    4. @ Lankika Sithuwili,

      සහතික ඇත්ත, මහත්තයෝ.....

      1970 ඉඳන් 2005 තෙක් අවුරුදු 35 ක් තිස්සේ දේශපාලනය කරපු මහින්ද ඒ කාලය පුරාවටම නිකම් ම නිකං හිස් කෝම්බයක් විතරයි. 1977 ඡන්දය පැරදිලා, පීචං වෙලා අවුරුදු 12 ක් ම නිකං ගෙදරට වෙලා හිටියා. ආයෙමත් මන්තිරියෙක් වුණේ 1989 දී. චන්ද්‍රිකාට පින් සිද්ධ වෙන්න 1994 දී ඇමතිකමක් ලැබුණා. 2001 දෙසැම්බර්වල දී චන්ද්‍රිකාට පින් සිද්ධ වෙන්න විපක්ෂ නායක වුණා. 2004 දී චන්ද්‍රිකාටයි ජෙප්පන්ටයි පින් සිද්ධ වෙන්න අගමැති වුණා. 2005 දී චන්ද්‍රිකාට පින් සිද්ධ වෙන්න ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වුණා. ඡන්දේ දින්නට පස්සේ වෙන අයගේ පහනේ එළියෙන් මිනිහා පොර වුණා. ඕක තමයි ඇත්ත.

      Delete
    5. @ AnonymousDecember 6, 2016 at 10:57 PM

      පීචං වෙලා අවුරුදු 12 ක් ම නිකං ගෙදරට වෙලා හිටියා. ආයෙමත් මන්තිරියෙක් වුණේ 1989 දී. චන්ද්‍රිකාට පින් සිද්ධ වෙන්න 1994 දී ඇමතිකමක් ලැබුණා.

      අම්මපා ? 1989 දී මම දන්නා මහින්ද නම් "මන්තිරියෙක් වුණේ 1989 දී", එත් ""චන්ද්‍රිකාට පින් සිද්ධ වෙන්න" ට පින් සිද්ධ වෙන්න" ඇති? එතකොට මහින්ද 1994 දී ඇමතිකමක් ගන්නෙත්"චන්ද්‍රිකාට පින් සිද්ධ වෙන්න" ?

      එකියන්නේ චන්ද්‍රිකාට එනකම් මහින්ද පොල් ගාල තියෙන්නෙ? කමක් නෑ දැන් අමාරිස් අය්යත් නෑ නේද?

      -මොණරවිල

      Delete
    6. නිවැරදි කෙරුම ; අම්මපා ? 1989 දී මම දන්නා මහින්ද නම් ආයිත් "මන්තිරියෙක් වුණේ 1989 දී".
      - -මොණරවිල

      Delete
  10. ජනතාව දේවාලය වැඳිය යුතු ගාථාව..

    සදා සොත්ති භවන්තුථේ......

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ///////යහපාලන දේවාලයෙන් දෙවියන් පැන ගියේ ඇයි?///////////
    සමාවෙන්න. මුන් ඔක්කොම හොරු නිසා පැන යාමට තීරනය කෙරුවෙමි. මීට, යහපාලන දෙයියෝ.

    කමෙන්ට් එක දාපු මමත් යහපාලනයක් බලාපොරොත්තුවු පකේ දෙයියෙක්ය. දෙකේ පයියෙක්ය. (පක කුණුහරුපයක් නොවන බව දියවන්නා වෙන් සහ පයිය කුණුහරුපයක් නොවන බව, දෙපැත්තට වැනෙන නිසාත් වටහාගත්තෙමි )

    ReplyDelete
    Replies
    1. පක කුණුහරුපයක් නොවන බව කී නිසා මං දැන් බන්දුලට කියන්නෙ Hපුතා.

      Delete
  13. සාගල හා පොලිස්පති අතර දුරකථන ඇමතුම රටටම ඇහෙන්න සලස්වානවානම් නිලමේ අත්අඩංගුවට ගන්නා එක නතර කරන්න සාගලට උවමනාවක් තිබුනද නැද්ද කියලා අපටම දැනගන්න පුළුවන්, අනුරකුමාරගේ ප්‍රශ්නවලට අගමැති උත්තර දෙනවිදියෙන් අපට කාරණේ තෙරුනාවගේ.

    ReplyDelete
  14. "...රනිල්ගේ ගජ මිතුරු කල්ලිය රජයේ බලවත් ස්ථාන අත්පත් කරගෙන සිටින අතර මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍ර‍න් සිය බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට දැවැන්ත ලාභයක් ලබා ගත හැකි මාර්ගයක් විවෘත කර දුන්නේ ය. එය නීති විරෝධී නො වේ නම් සදාචාර විරෝධී හෝ වේ. ..."

    අනේ පැරා මේ බබා උක්කුන් කතා නොකිය ඉන්නවද? බිලියනයට ලන්සු ඉල්ල්ලලා, තමන්ගේ බැනට විතරක් දැනුම්දීලා, බිලියන 10ක බැදුම්කර විකිණීම නීති විරෝදී නොවෙන්නේ කොහොමද? ඇරත් අර්ජුන් මහේන්ද්‍රන්ම රනිල්ගේ හොරාගේ අම්මගෙන් පෙන අහපු උන්ප් නීතිඥ කමිටුව ඉස්සරහ පිළිගත්තා රනිල්ගේ කීමට එහෙම කළා කියලා.

    ඔයා කියනවා ඇවන්ට්-ගාර්ඩ් එකේදී රජයට ලැබෙන්න තිබුන අධයම නැතිවුනා කියලා. එහෙමනම් ප්‍රයිවට් බස් වලටයි සිල්ලර කඩ වලටයි නඩු දන්නා වෙනවනේ. ඇරත් ඇවන්ට්-ගාර්ඩ් එකට කැබිනට් අනුමැතියත් ලැබිල තියෙනවා. බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා