මාක්ස්වාදය, සමාජවාදය හා ආස්වාදය
අප මිත්‍ර චන්දන ගුණසිංහගේ පහත පළ වන සටහන උපුටාගෙන නැවත පළ කරන්නට හේතු වුණේ එහි තිබූ එක් අගනා වාක්‍යයක් නිසායි.
“මාක්ස්වාදය, සමාජවාදය වගේ මහලොකු න්‍යාය වෙනුවට තිබුනෙ ආස්වාදය විතරයි," යන වාක්‍යය තුළ මම ලොකු ගැඹුරක් දකිනවා.
මගේ ජීවිත කාලෙන් වැඩි හරියක් ගෙවුණේ මාක්ස්වාදීන් හා සමාජවාදීන් එක්කයි. ඔවුන් අතරින් බොහෝදෙනෙකු තවමත් මා මගේ මිතුරන් ලෙස සලකනවා. ඔවුන් මා මගේ මිතුරන් ලෙස සලකනවා ද නැද්ද යන්න මා දන්නේ නැහැ. මට එහි වැදගත්කමකුත් නැහැ.
මා මිතුරු ඇසුරට කැමති වුණත්, මිතුරු සම්බන්ධකම් නඩත්තු කිරීමේ පුරුද්දක් මට නැහැ. ඒක හොඳ දෙයක් නො වුණත්, බොරුවට හායි හූයි කියලා, ව්‍යාජ ලෙස සම්බන්ධකම් නඩත්තු කරන්නේ මොකට ද කියලා මට හිතෙනවා.
මිතුරුකම කියන්නෙත් ආදරයේ ම තවත් ස්වරූපයක්. මම හිතන්නේ අව්‍යාජත්වය ආදරයේ මූලික ම ලක්ෂණයක් ය කියලායි.
වාමාංශිකයන් ජීවිතය නො විඳ, විඳවනවා ය කියන එකත්, කුහක කුඩුකේඩුකම්වලින් පිරිලා ය කියන එකත් ඇත්තෙන් ම ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්කමක් නැහැ.
මේකට මූලික හේතුව මොකක් ද? මම නම් දකින්නේ මූලික හේතුව තියෙන්නේ සහෝදරයා යන ආමන්ත්‍රණය ලැබීම සඳහා පුද්ගලයකු තුළ ගොඩනැගෙන දේවල් තුළයි.
ඒකට පක්ෂයක, කණ්ඩායමක, කල්ලියක ආගමික ස්වරූපී භක්තිමත් අනුගාමිකයකු වෙන්නට අවශ්‍යයි. එම ආගමික ස්වරූපී සාමාජිකයා සිටින්නේ කිසියම් මෝහනයක හා මෝහයකයි. ඔහු කියන වචනය මා මෙහිදී යොදන්නේ මේ සාමාජිකයන් වැඩි දෙනෙකු පිරිමින් නිසායි. ඉඳහිට කාන්තාවනුත් ඉන්නවා.
ඔහු සිතන පරිදි මිනිස් ජීවිතයේ උත්තරීතර ම කාර්යය වන්නේ විප්ලවයට දායක වීමයි. එකී විප්ලවය කිසි දා සිදු නො වන්නක් නිසා මෙම උත්තරීතර කාර්යයත් සැමදා ඉතිරි වී තිබෙන දෙයක්.
මාක්ස්වාදී, සමාජවාදී පක්ෂ සාමාජිකයා සිතන්නේ තමන් ලොව නිවැරදි ම දර්ශනයෙන් සිය මනස නිරවුල් කර ගත් අයෙකු ය කියායි. ඒ නිසා ඔහු සිතන්නේ ලොව විශිෂ්ටම මිනිසුන් පිරිස වන තම පක්ෂයේ සාමාජිකයන් අතර කෙනෙකු වීම නිසා ඔහු අනෙක් සියල්ලන්ට ම වඩා සුවිශේෂ පුද්ගලයකු වන බවයි.
ඔහුට ඒ මානසිකත්වය දුන් පක්ෂය නො දන්නා දෙයක් නැහැ ය කියා ඔහු සිතනවා. එසේම, පක්ෂය අනිවාර්යයෙන් ම විප්ලවය කරනු ඇතැයි යන විශ්වාසය ද ඔහුට තිබෙනවා. ඒ නිසා ඔහුට ලොව සියල්ලට ම වඩා උතුම් දෙය වන්නේ පක්ෂයයි.
පක්ෂයට බාහිර සියලු දෙනා ඔහුට පෙනෙන්නේ යථාර්ථය අවබෝධ කර නො ගත්, අනුකම්පා හෝ වෛර කළ යුතු පිරිස් ය කියා ය. යම් යම් විෂයයන් සම්බන්ධයෙන් උගත් හා ප්‍රවීණ අය සිටියත්, ඔවුන් පක්ෂයට සම්බන්ධ වී නැත්තේ ඔවුන්ට යථාර්ථාවබෝධය නැති නිසා යයි ඔහු සිතනවා. ඒ නිසා ඔවුන් වනාහි යම් දිනෙක පක්ෂය විසින් මෙහෙයවා ගත යුතු පිරිසකැයි ඔහු සිතනවා.
පක්ෂ මතවාදය සමග ගැටුම් ඇති කර ගත් අය හා පක්ෂය විසින් විනය හේතු මත නෙරපා දමන ලද බව නිවේදනය කළ අය වනාහි ඇසුරු නො කළ යුතු, වෛර කළ යුතු, හැකි පළමු අවස්ථාවේ ම විනාශ කළ යුතු පිරිසක් ලෙසයි ඔහු සිතන්නේ.
මේ මනෝභාවය තුළ කලක් ජීවත් වූ පිරිස්වලට සිය ජීවිතය පුරාවට ම එහි බලපෑමෙන් මුළුමනින් ම මිදෙන්නට අපහසු බව පෙන්නුම් කරනවා. ඒ නිසා සියලු කුප්පකම් කර අවසාන කළ පසුව පවා යළි විවිධ ස්වරූපවලින් විප්ලව කරන්නට මුල පුරන්නට උත්සාහ කරන අය දකින්නට ලැබෙනවා.
ඒ වගේ ම මෙම ආගමික පක්ෂවලින් ඉවත් වූ අයට අහිමි වූ ජීවිතයක හිස් තැනක් පිළිබඳ ඉච්ඡා භංගත්වයකුත් තිබෙනවා. ඒ අහිමි වූ ජීවිතය වන්නේ සාමාන්‍ය මිත්‍රත්වය, ආදරය ආදිය සමග මුසු වූ ජීවිතයයි.
අනාගත පරම්පරා හෝ මේ කාලකන්නි ඉරණමට ගොදුරු නො වන්නට නම්, දේශපාලනය යනු ජීවිතයේ බොහෝ පැතිකඩ අතර තවත් එක් පැතිකඩක් මිස මුළු ජීවිතය ම හෝ ජීවිතයේ වඩාත් ම වැදගත් දෙය නො වන්නේ ය යන අවබෝධය ලබා දිය යුතුයි.
ජීවිතය කියන්නේ මාක්ස්වාදය, සමාජවාදය, සාංදෘෂ්ටිකවාදය හෝ වෙනත් කිසියම් වාදයක් නොව ආස්වාදයක් ය කියා සිතන එක ජීවිතය ගැන ගැඹුරු දැක්මක් ය කියා මා සිතනවා.
බොබ් මාලෙගෙ get up stand up සිංදුවේ තිබෙන sick and tired of isms schisms කියන කොටසේ අදහසත් මේ එක්ක කිට්ටුයි.
දේශපාලනය අවශ්‍ය අපට ආස්වාදනීය ජීවිතයක් ලබා ගන්නටයි. එහෙත්, දේශපාලනය අසාර්ථක වුණත් ජීවිතයට ආස්වාදය ලබා ගන්නට බැරිකමක් නැහැ. ආස්වාදය ලබන ආකාරය තීරණය වන්නේ පෞද්ගලික ජීවන පරමාදර්ශ එක්කයි. සමාජවාදී ජීවන පරමාදර්ශ මුළු ලෝකයට ම පොදු කරන්න හැදුව ව්‍යාජයක්. ඒක ධනේශ්වර පාරිභෝජනවාදයේ ම රතු පාට එකක්. සමාජයට කරදරයක් නො වන ආකාරයට ලබා ගන්නා ආස්වාදය තමයි පිළි ගත හැකි ආස්වාදය.
ඒ නිසා තමයි අපි ස්වෝත්තමවාදයට එරෙහි විය යුත්තේ. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, පාසල්වාදය වගේ ම මාක්ස්වාදය, පශ්චාත් මාක්ස්වාදය හෝ වෙනත් වාදයන් ද ජීවිත ආස්වාදයට බාධා වන ස්වෝත්තමවාදයන් කර නො ගත යුතුයි.
චන්දනගේ පහත පළ වන ලිපියට මුළුමනින් ම එකඟ වෙන්නට බැරි වුණත්, එහි ජීවිතය සම්බන්ධ වැදගත් කියවීමක් තිබෙනවා.
වමෙන් ලිවීම හා දකුණෙන් කියවීම.....
උපතින්ම දකුණෙන් ලියපු මට වමෙන් ලියන්නැයි ආරාධනාවක් ලැබුනෙ පහුගිය දවසක. ඒ කියන්නෙ වමේ පක්ෂයක පුවත් පතක තීරු ලිපියක්. ඒක අභියෝගයක් උනත් මම බාරගත්ත.
සූදානමකට වම ගැන පොත පත එකතු කෙරුවත් වමේ මිනිසුන් ගැන කියවීම ඊට වඩා වැදගත්වුනා. මගෙ තාත්තට දේශපාලන උනක් තිබුන කෙනෙක්. එක්දහස් නමසිය පනස් ගනන්වල ඉඳල මිය යන කාලයට කිට්ටු වෙනකම් මැතිවරණ ප්‍රතිඵල, මැතිවරණ ප්‍රකාශන වගේ දේවල්වල එකතුවකුත් එයා ලඟ තිබුන. අන්තවාදී යූඑන්පී කාරයෙක් බවත් කියන්නම ඕනැ.
මෙරිල් කාරියවසම්, එදිරිවීර පේමරත්න වගේ අගලවත්තෙන් පාර්ලිමේන්තුවට ගිය ඇත්තන්ගේ මැතිවරණ මෙහෙයුම් ස්ථානයක් බවට මගේ නිවස පත්වුනෙත් ඒ හින්දමයි.
බොහොමයක් දවස්වලට මහ රෑ වෙනකම් මධුවිතත් මැද තියාගෙන තිබුන දේශපාලන සංවාද පුංචි අපිත් අහගෙන හිටිය.
අැත්තටම ඒවා රස කතා. මාක්ස්වාදය, සමාජවාදය වගේ මහලොකු න්‍යාය වෙනුවට තිබුනෙ ආස්වාදය විතරයි.
වමේ මිනිසුන් ඇසුරු කරන්න ගත්තමයි දකුණේ මිනිසුන් කොච්චර සුන්දරද කියල දැනෙන්නෙ.
අවුරුදු ගානක් පීඩාවෙන් විපක්ෂයේ හිටපු UNP කාරයො අදටවත් මහින්ද රාජපක්ෂටවත් , UNP එකට බලය අහිමිකරපු චන්ද්‍රිකා ගැනවත් වෛරී සිතුවිලි ඇතියි කියල මම හිතන්නෙ නැහැ. පේමදාස මහත්තය මැරිච්ච වෙලාවෙ රතිඤ්ඤා පත්තු කළාට UNPකාරයො කිසි දවසක එහෙම කරන්නෙ නැහැ.
වම් ඉවුරෙ ඉන්න බහුතරයක් කුහක, කුඩුකේඩු, ජීවිතය විඳිනවා වෙනුවට විඳවන මනුස්ස කොටසක් කියලයි මට හිතෙන්නෙ.
සමහරුන්ට ඉන් මිදෙන්න අවශ්‍ය වුනත් අනිත් බලවේග ඔවුන්ව යටත්කර ගන්නා බවක් හැඟෙනවා.
අළුත් පරම්පරාව වම් ඉවුරට සේන්දු නොවෙන්නෙත් ඒ හින්දම වෙන්නත් ඇති..
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

සහතික ඇත්ත....
ReplyDeleteතව ටිකක් හිතල බලන්න ඕන හැබැයි තමන් සමග ඉඳල අයින් උන අය ද්‍රෝහීන් ලෙස දකින්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අය පමණයි. කොමියුනිස්ට් පක්ෂයයේ සමසමාජ පක්ෂයේ අයට නම් එහෙම රෝගයක් නැහැ.
ReplyDeleteඋන්ටනම් වෙනම මතයක්වත් නෑ. ඉතින් කොහොමද විරුද්දකාරයෙක් හදාගන්නෙ.
Deleteජ.වි.පෙ. සහ ආන්තික වර්ගවාදී කොටස් වගේම යම් දැක්මක් සහිත වාමාංශිකයින් තමයි ඔහොම වෙන්නෙ.
සම සමාජ කොමියුනිස්ට් කියන්නෙ සන්ධානෙන් මන්ත්‍රීකමට හෝ වෙනත් තනතුරකට ශෝට්කට් එකක් මිසක් විප්ලවේ කොරන්න ඕවයෙ ඉන්නෙ කොයිඑකාද
// ඒ වගේ ම මෙම ආගමික පක්ෂවලින් ඉවත් වූ අයට අහිමි වූ ජීවිතයක හිස් තැනක් පිළිබඳ ඉච්ඡා භංගත්වයකුත් තිබෙනවා. ඒ අහිමි වූ ජීවිතය වන්නේ සාමාන්‍ය මිත්‍රත්වය, ආදරය ආදිය සමග මුසු වූ ජීවිතයයි. //
ReplyDeleteඅහෝ!
රජයේ සාක්කිකරුවෙකු වුනාම එකට බැන්කුව කඩපු අනික් අය පාවලා දීලා සාක්කි දෙන්න එපැයි හිටන්...
ඒත්, බිල්ලෙක් වෙලා අනික් අය ව වල පල්ලට යවලා තමන් ජීවිතේ බේරගන්නවට වඩා ඒක චූට්ටක් විතර හොඳයි නේද?
සාරස කුක්කු පැටියා, නෝටියා මෙතනත් කොමෙන්ට් එකක් දාලා.ඔයාගේ කොමෙන්ට් වලට මම හරි කැමතියි වස්තුව.
Deleteනොකෙරෙන මඟුලක් නම් මොන එහෙකට එල්ලිලා ඉන්නවද? විප්ලවය උනත් එච්චරයි. හැබැයි වම් ඉවුරේ උන්ගේ එක හොඳක් මම දකිනවා. පපුවේ තෙතමනය වැඩියි. අවුරුදු හතළිහකට විතර උඩදී අහපු කතාවක් මේ: මිනිහෙක් අවුරුදු 18 තරම කාලේදී වාමාංශිකයෙක් උනේ නැත්නම් ඌට හදවතක් නෑ. අවුරුදු 30 දීත් ඌ වාමාංශිකයෙක් නම් ඌට මොලයක් නෑ.
ReplyDeleteවාමාන්ශිකයන් ජීවිතය විඳින්නේ නැත කියන එක වාමාන්ශිකයන්ට පාච්චල් කරන හැම එකාම කියන දෙයක්.නමුත් ජීවිතය විඳිනවා කියන්නේ කුමක්ද?ඔය කියන අයියලා එහෙම පොරවල්ද?අපි වගේ කුඩුකේඩුකාර වාමාන්ශික අදහස් වලට ගරුකරන අයට ඔය අයියලා ඒ ගැන කියාදෙනවාද?
ReplyDeleteබොන ගමන් පොර ටෝක් දෙන එකද?හොරකොපි ගහලා බාල සවුන්ඩ් පික්චර් කොලිටි ෆිල්ම් බලන එකද?සින්දු අහන එකද?පිටරට මිනිස්සු දුක් විඳලා ලියන පොත්වල හොර පරිවර්තන කියවන එකද? කොහේ හරි ජීවිතෙට කිසි සම්භන්දයක් නැති චිත්ර ප්රදර්ශනයකට හරි මියුසියම් එකකට හරි ගිහින් ෆේස් බුක් එකේ ෆොටෝ දාන එකද? හිටපු ගමන් සින්ගප්පූරු තායිලන්ඩ් යන එකද?පොඩ්ඩක් කියන්න කියන්නකො අපිටත් දැනගන්න
බත්තරමුල්ලේ ඉඳලා බොරැල්ලට යන්න පැය එක හමාරක් ගතවෙන උදේට ඉස්කෝලෙ ගිහින් හවස ඒ වැඩවලටම ටියුශන් යන ලමුන් ඉන්න හේතුවක් හොයාගන්න බැරි වකුගඩු ලෙඩ වලින් මිනිස්සු මැරෙන රටේ ජීවිතය විඳින්න කවුරුහරි කතා කරනවා නම් පිස්සෙක් වියයුතුය.
මෙවා ලන්කාවට විතරක් පොදු ප්රශ්න නොවේ.ෆොක්ස්කොන් ෆැක්ටෙරියේ අයි ෆෝන් හදන අය ගත කරන දුක්කිත ජීවිතත් මෙයට අයත්ය.පසුගියදා චැනල් ෆෝ වල පෙන්නුවේ එන්ගලන්තයේ ප්රධාන වෙයාර් හවුස් එකක මිනිසුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩගන්නා ආකාරයයි.
මේවා ලියන්නේ තරහට නොවේ.අඩු ගනනේ වාමාන්ශිකයන්ට අකමැතිනම් අපහාස නොකර කටපියාගෙන ඉන්න කියන්නටය.ජීවිතය විඳින අයියාකෙනෙක් වීමට වඩා කුඩුකේඩුකාර වාමාන්ශිකයෙකු වීමට මම නම් කැමතිය.
වාමාන්ශික භාශාවකින් කියනවානම් ඔය කතා අර්ධ නාගරික පහල මධ්යම පන්තික කතාය.මට සිතෙනා ආකාරයට නම් කවුරුහරි ඇත්තට ඔය කියන එක විදිනවානම් අඩෝ මම ජීවිතය විදිනවා උඹලට නැහැ කියමින් පොරටෝක් ඉශූ කරන්නේ නැත.
ලන්කාවේ අද්යාපනයට විශාල සේවයක් කල මහතෙකුගෙන් වරක් ජීවිතය කියන්නේ මොකක්ද කියා ඇසූ විට පිලිතුරු දුන්නේ ජීවිතේ මහ ලොකු දෙයක් නැහැ.බෝන් සෆර් ඩයි එච්චරයි හැබැයි හිටපු ගම න් පොඩි පොඩි උත්තේජ තියෙනවා කියායි. වැදගත් දක්ශිනාන්ශිකයන් කතාකරන්නේ එලෙසය.
ජීවිතය විඳිනවා ය කියන එකෙන් මා නම් අදහස් කරන්නේ විඳිය හැකි යමක් තිබේ නම් එය විඳීමයි. ජීවිතයත් එක්ක දුක සම්බන්ධයි. අහිමි වීම, ලෙඩ රෝග, මරණය ජීවිතයේ අනිවාර්ය දේවල්. ඒත්, ඒ අතරේ බොහෝ සොඳුරු දේවල් ලැබෙනවා. ආදරය, මිත්‍රත්වය, වින්දනය වගේ.
Deleteජීවිතය දුකයි කියලා නිතර ම සිතන්නට පොළඹවන බුදු දහම වගේ ම, ලෝකයේ මිනිසුන් දුක් විඳින නිසා අපට විප්ලවය නො කර සතුටින් ජීවත් වන්නට අයිතියක් නැත යන දැක්ම ප්‍රචාරය කරන මාක්ස්වාදයත් ලංකාවේ මිනිසුන්ගේ ජීවිත කාලකන්නි කරන්නට හේතු වුණ ප්‍රධාන දෘෂ්ටිවාදයන් දෙකක්.
//බත්තරමුල්ලේ ඉඳලා බොරැල්ලට යන්න පැය එක හමාරක් ගතවෙන උදේට ඉස්කෝලෙ ගිහින් හවස ඒ වැඩවලටම ටියුශන් යන ලමුන් ඉන්න හේතුවක් හොයාගන්න බැරි වකුගඩු ලෙඩ වලින් මිනිස්සු මැරෙන රටේ ජීවිතය විඳින්න කවුරුහරි කතා කරනවා නම් පිස්සෙක් වියයුතුය.//
බත්තරමුල්ලේ ඉඳලා කොළඹට යන්න පැය එකහමාරක් ගත වන්නේ ඇයි? හේතුව ඉතා ම සරළයි. වැඩි දෙනෙකු යන්නේ කිසිම වැඩක් නැතිවයි. නිදසුනක් ලෙස, උදේට රේල් පාරවල් හතරකින් සීසන් අරන් කෝච්චියේ තදබද වෙලා කොළඹ එන රජයේ සේවකයන් වැඩි දෙනෙකුගේ පැමිණීමෙන් රටට ඇති සේවය කුමක් ද? ඒ අයගෙන් වැඩි දෙනෙක් ගෙදර සිටිද්දීම ඒ වැටුප බැංකු ගිනුමට ගෙවනවා නම් තදබදය කොච්චර අඩු වෙනවා ද? ඒ වගේ ම තමයි, අනෙක් අයත් කොළඹ ඇවිත් සොයන දෙය වැඩි දෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ වුණාට කවුරුවත් ඒ ගැන සිතන්නේත් නැහැ. මේ ජීවන පරමාදර්ශ ගොඩනැගුවෙ කවුරු ද? අන්න එතෙන්ට එනකොට කතාව දිග්ගැහෙනවා. ධනවාදීන්, මාක්ස්වාදීන්, සමාජවාදීන් විසින් ප්රවර්ධනය කරන ලද ජීවන පරමාදර්ශ ගැන හිතන්නට වෙනවා. සමාජවාදීන් ධනවාදීන්ගෙන් වෙනස් වන්නේ කොතැනින් ද?
හේතුවක් සොයා ගන්නට බැරි වකුගඩු ලෙඩ කියලා ජාතියක් නැහැ. හේතු එක එක රෝගියාගෙන් රෝගියාට වෙනස්. හොයා ගන්නට බැරි වෙලා තියෙන්නේ පොදු හේතුවක්. හැබැයි පොදු හේතුවකුත් තියෙනවා. ඒ තමයි අතිශය උන්නතිකාමී, විඳවන වර්තමාන ජීවන රටා.
//චැනල් ෆෝ වල පෙන්නුවේ එන්ගලන්තයේ ප්රධාන වෙයාර් හවුස් එකක මිනිසුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩගන්නා ආකාරය// යි කියන ඔබට ඇයි පෙනෙන්නෙ නැත්තෙ කිසිම වැඩක් නො කර, ක්ෂේත්‍ර නිලධාරිවරුන් ලෙස මහජන මුදලින් වැටුප් ලබන පිරිසකුත් මේ සමාජයේ, ඔබේ ම ගමේ ඉන්නා බව.
වාමාංශිකයන්ගේ මූලික ප්‍රශ්නය තිබෙන්නේ ඔවුන් ජීවිතය දකින ආකාරය තුළයි. ඒක ගැන කතා කරන එක අපරාධයක් ය කියා දකින එකත් ඔවුන්ගේ ගැටලුවේ ම කොටසක්.
වාමාංශිකයන්ගේ මම විස්තර කරපු ආගමික මානසිකත්වය නිසා ඔවුන් සිතනවා තමන් විවේචනය කරන්නන් එසේ කරන්නේ මොකක් හෝ පහත්කමක් නිසා ය කියා.
ඒක ඔබ මෙතනදි කරන්නේ මෙන්න මේ බොළඳ වචනවලින්.
/වාමාන්ශික භාශාවකින් කියනවානම් ඔය කතා අර්ධ නාගරික පහල මධ්යම පන්තික කතාය.මට සිතෙනා ආකාරයට නම් කවුරුහරි ඇත්තට ඔය කියන එක විදිනවානම් අඩෝ මම ජීවිතය විදිනවා උඹලට නැහැ කියමින් පොරටෝක් ඉශූ කරන්නේ නැත.//
පැරා, ඔය කට්ටිය කියන ඔය ජීවිතය විඳිනවා කියන එක [එහෙම එකක් තියෙනවා නම්]තනි තනියෙන් කරන්න පුලුවන්ද.ඒකට සමාජයක් හැටියට යම් තරමකට දියුනු වෙලාතියෙන්න ඕනෑ නැද්ද.අල්ලපු ගෙදර මිනිහා වකුගඩු ලෙඩක් හැදිලා මැරෙන්න වැටිලා ඉන්න කොට ඔයාට ඔය මොකද්ද එක විදින්න පුලුවන්ද.
Deleteඔය ජීවිතය විඳිනවා කියන එක [එහෙම එකක් තියෙනවා නම්] ගැන කතා කරන්න කලින් අඩු ගනනේ එම සමාජයට මිනිස්සුන්ට වැදගත් විදියට සලකන ප්රවාහන,අද්යාපන,සවුක්ය ප්රතිපත්තියවත් තිබිය යුතුයි නොවේද? ඔය තුන ගොඩ නගන්නට යම් පමනකට හෝ වාමවාදී අදහස් අවශ්ය බව බොරුවක්ද?
// මේ ජීවන පරමාදර්ශ ගොඩනැගුවෙ කවුරු ද? අන්න එතෙන්ට එනකොට කතාව දිග්ගැහෙනවා. ධනවාදීන්, මාක්ස්වාදීන්, සමාජවාදීන් විසින් ප්රවර්ධනය කරන ලද ජීවන පරමාදර්ශ ගැන හිතන්නට වෙනවා. සමාජවාදීන් ධනවාදීන්ගෙන් වෙනස් වන්නේ කොතැනින් ද?//
අන්තෝනියෝ ග්රාම්ස්චි කියලා ජීවිතය විදිනවා වෙනුවට හිර ගෙදරට ගිය වාමාන්ශිකයෙක් මේ ගැන කතා කරලා තියෙනවා.ජීවිතය විඳිනවා වෙනුවට ලන්කාවේ අද්යාපනයට යම් සේවයක් කල නිව්ටන් ගුනසින්හ සින්හලට හැරෙව්වා.සොයාගෙන කියවන්න.
බුදුහාමුදුරුවෝ පිදු සිගායන්නට එපායැයි කිවූ සුද්දෝදන රජතුමාට කිව්වේ මේ අපගේ පිලිවෙතයි කියායි.නැතිව කරගන්නට දෙයක් නැත්ව නොවෙයි.අර පහල සරස කියන විදියට හීනමානයට ජේ වී පී කරන වා කියලා නොවෙයි. සරස දන්න උදාහරනයකින් පිලිතුරු දුන්නොත්.නිශ්මි එක්ක බැලුවම සරස කියන්නේ කලු කැත පොරක්.නිශ්මි ජේ වී පී කලේ බඩුවක් දා ගන්න බැරි හින්දද?
පැරා සින්හල බ්ලොග් ලියන කියවන අපි කවුරුත් අයිතිවෙන්නේ අර්ද නාගරික පහල මද්යම පන්තියට තමා.අරුනි, අජිත්, සාරස කවුරුත්.
බෝර්න් සෆර් ඩයි කතාව කිව්වේ ප්ලේටෝ කියවීම නිසා මිස බුද්ධාගම අනුව නොවේ.ප්ලේටෝ අද්යාපනය ගැන කිව්වේ මොනවාද කියා හොයා බලන්න.
Deleteවිඳිනවා කියන එකත් සාපේක්ෂ දෙයක් නේ. ජීවිතය කියන්නේ ම වේදනාව හා මරණය සමග සම්බන්ධ වූ දෙයක්. එහෙම ය කියලා මිනිසුන්ට ආදරය, මිත්‍රත්වය, වින්දනය වගේ දේවල් ලබන්නට බැරි නැහැ.
Deleteරාජ්‍ය හා පංති දේශපාලනය නිසා විතරක් නෙමෙයි දෘෂ්ටිවාදයන් හා සංස්කෘතික ලක්ෂණ නිසාත් ඒ නිදහසට බාධා වෙනවා.
මම මෙහිදී කතා කරන වාම දේශපාලන උප සංස්කෘතියේ ගැටලුව අදාළ වෙන්නේ එතැනදීයි.
//විඳිනවා කියන එකත් සාපේක්ෂ දෙයක් නේ//
Deleteපැරා මේ කතාව තර්කානුකූලව වැරදියි.එහෙමනම් අපි මේ තර්ක කරන එකේ තේරුම මොකක්ද.අපි හැමෝම පෘතක්ජනයොනේ කියලා වාසුදේව කියපු කතාව මීට වඩා වැදගත්.
//රාජ්ය හා පංති දේශපාලනය නිසා විතරක් නෙමෙයි දෘෂ්ටිවාදයන් හා සංස්කෘතික ලක්ෂණ නිසාත් ඒ නිදහසට බාධා වෙනවා.//
අනේ මන්ද පැරා ඔයා මේ වගේ ගොන් කතා කියන්නේ කොහොමද.අඩු ගානේ පොඩ්ඩක් හිතන්නකො මම මේ මොකක්ද කියන්නේ කියලා
//වාම දේශපාලන උප සංස්කෘතියේ ගැටලුව//
නැවතත් කියන්නේ අන්තෝනියෝ ග්රාම්ස්චි කියවන්න.නොදන්න කමට ගොන් කතා කියවන්න එපා.දන්නේ නැත්නම් කතා නොකර ඉන්න
අල්තුශර් කියන්නේ තමන් ට තනියෙන් වර්දනය කරලාපොරක් වෙන්න තිබුන න්යායක් මාක්ස් වාදය යටතේ වර්දනය කරලා මාක්ස්වාදය වෙනුවෙන් කැපකිරීම් කරපු කෙනෙක්.අල්තුශර්ගේ න්යායන් ගනිකා වුර්තියේ යොදවන්න කලින් ටිකක් හිතන්න.
පැරා මේක නම් ලියල තියෙන්නේ එක්කෝ ඇරියස් වැඩකට, නැත්නම් චන්ද්‍රප්‍රේම ගෙ පාරේ යන්න පුරුදු වීමක් හැටියට වගේ.
ReplyDeleteතමන් අකමැති කෙනෙකුට අපහාස කරන්න ඕන උනහම, ඒ මනුස්සය හොර , මැර වැඩත් නැති කෙනෙක් නම් සහ තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයකුත් නැතුව ඉන්න කෙනෙක් නම්, ඔය ජීවිතේ විඳින්නේ නෑ විඳවනවා කියල කියන එක වැඩි වගකීමක් නැතුව කරන්න පුළුවන් අපහාසයක්. අහිංසක, සාධාරණ මිනිස්සුන්ට අපහාස කරන්න තමයි බහුලවම භාවිත කෙරෙනේව පේන්නේ .
මේ බොහොම පරණ යෙදුම, පැරා හදිස්සියේම (පැහැදිලි හේතුවක් නැතුවම) ඇදල දැම්මේ මොකද කියන එක කුතුහලයක්. සාරස කියන ඒවයෙත් ඇත්තක් තියෙනවද මන්දා.
මේකෙන් පෞද්ගලිකව කිසි ම කෙනෙකු අදහස් වෙන්නේ නැහැ. නමුත්, මගේ ජීවිත කාලය තුළ මම වැඩිපුර ම ඇසුරු කළ වාමාංශිකයන් අතරින් වැඩි දෙනෙකු තුළ මේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබෙනවා.
ReplyDeleteමේවා ගැන කතා කරන එකේ වරද මොකක් ද? මේවා අමතක කර අපි වෙනත් දේ කතා කළා ය කියලා මේ ප්‍රශ්න විසඳෙයි ද?
මේව කතා කරන එක ඉතා හොඳ දෙයක්. නමුත් මේ විඳවීම වාමාන්ශිකන්ට ලඝුකර මතයක් හදන්න යෑම අසාධාරණයි මම හිතන විදියට.
Deleteජීවිතය විදිනවා කියල දෙකයි පනහේ ආතල් දැමීම උදාහරණයක් වෙන්න අමාරුයි. ආතල් එක දැනෙන කඩඉම (threshold) එක එක්කෙනාගේ රසඥතාවයත් එක්ක වෙනස් වෙනවා.
ලංකාවේ වාමන්ශිකයන් බොහොමයක් ආර්ථික අතින් හොඳ තත්වයේ ඉන්න අය නෙවෙයි. පක්ෂ භේදයක් නැතුවම, ඉතින් උන්ට ජීවිතේ විඳින්න වෙනුවට ජීවිත් ගැට ගහගන්නයි වෙලා තියෙන්නෙ (මේවා පැරා නොදන්නා දේවල් නෙවෙයි නේ). නමුත් අරක්කු ටිකක් බීල කුණුහරුප කියන එක වගේ ලාබෙට ගන්න පුළුවන් ආතල් උන්ගේ ආතල් නෙවෙයි. උන්ගේ threshold එක ඊට උඩින් තියෙන්නේ. ඒ අය තමන්ගේ රස විඳීම් පුලුපුලුවන් විදියට පෞව්ද්ගලිකව කරගන්නවා ඇති. ඉතින් ඒව ලවුඩ්ස්පීකර් වලින් ඇහෙන සද්දේ නැති නිසා උන් විඳවනවා කියන එක අසාධාරණයි.
ආදරය, මිත්‍රත්වය, ගී රස වින්දනය වගේ සොඳුරු දේවල් UNP කාරයෝ විඳින බවත්, වාමාංශිකයෝ නොවිඳින බවත් නම් ඔයාගෙ නවතම සොයාගැනීමක් වෙන්න ඕන. මොකද, සල්ලි වලට ගන්න පුළුවන් ආතල් සල්ලි තියෙන අය විඳිද්දී, සල්ලි නැතුව ගන්න පුළුවන් සතුට ගන්න ලංකාවේ හුඟදෙනෙක් දන්නේ නෑ . ඒක වාමාංශික, දක්ෂිනාංශික, දුප්පත්, පෝසත්, සිංහල, දෙමළ බේදයක් නැතුව හැමෝටම පොදුයි. වාමාන්ශිකයොත් එහෙම තමා. නමුත්, ඒගොල්ල විතරක් එහෙමයි කියන එක බොරුවක් සමාජ ගත කරන්න දරන උත්සාහයක් වගේ තමයි පේන්නේ .
රෝමෙ ගිනිගනිද්දී නීරෝ සාජ්ජයක් දැමීම පොරගේ ආතල් එක වෙන්න පුළුවන්. නමුත් එහෙම තමයි නියම මිනිස්සු කියල, ඒ ගැන තියරියක් ගේන්න කෙනෙක් හදනවා නම්, ඒක ප්‍රශ්නයක් (a question, not a problem).
//ආදරය, මිත්‍රත්වය, ගී රස වින්දනය වගේ සොඳුරු දේවල් UNP කාරයෝ විඳින බවත්, වාමාංශිකයෝ නොවිඳින බවත් නම් ඔයාගෙ නවතම සොයාගැනීමක් වෙන්න ඕන.//
Deleteමේක තමයි වාමාංශිකයන්ගේ සංවාදවල තිබෙන බරපතල ම ගැටලුව. මම කොහෙද මෙහෙම එකක් කියලා තියෙන්නෙ. අනෙක මම කියලා තියෙනවා චන්දනගේ ලියවිල්ලට මම පූර්ණව එකඟ නැහැ ය කියලා.
මෙතන ප්‍රශ්නයක් තියෙන බව තේරුම් නො ගෙන තමන් කැමති කෑල්ලක් අල්ලගෙන ප්‍රශ්නය මතු කරන කෙනාට පහර දීමෙන් වාමාංශිකයන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.
ඉතිහාසෙ පුරා ම වුණේ ඕක තමයි.
ඉතිං පැරා , ඔයත් කරලා තියෙන්නේ ඒ වගේම වැඩක් නේ?
Deleteදැන් ඒ කොමෙන්ට් එකේ මතු කරපු ප්‍රශ්නේ මග ඇරලා, වාමාන්ශිකයන්ට තවත් මනක්කල්පිත හැසිරීමක් ආරෝපණය කරනව .
"..මෙතන ප්‍රශ්නයක් තියෙන බව තේරුම් නො ගෙන තමන් කැමති කෑල්ලක් අල්ලගෙන ප්‍රශ්නය මතු කරන කෙනාට පහර දීමෙන් වාමාංශිකයන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. .."
දැන් මේ ලංකාවේ ඔය දේ කරන්නේ වාමාංශිකයෝ විතරද. ඕක අපේ ජාතික ලක්ෂණයක්. ඇයි ඔයා ඒක වාමාංශිකයෝ විතරක් කරන දෙයක් හැටියට පෙන්නන්න හදන්නේ.
ඒ ඔයාගේ කොමෙන්ට් එකෙන් ම ඔයා ඔප්පු කරනවා, එක්කෝ ඔයත් වාමාංශිකයෙක්, නැත්නම් ඔය වැඩේ කරන්නේ වාමාංශිකයෝ විතරක් නෙවෙයි කියල. irony කියන්නේ ඕකට :-)
පැරාගේ වමේ ව්‍යාපාරයේ නියුතු පුද්ගලයන් ගැන කරන තියුනු නිරීක්ශන මට සිහිපත් කරන්නේ සුනාමියට පෙර (සහ පසු ) x කන්ඩායම් විසින් 'දෙබිඩ්ඩා' එහෙම නැත්නම් මධ්‍යම පාන්තිකයා එහෙමත් නැත්නම් 'දෛව ස්ත්‍රිය' සහ ඇතැම් විට පැරනි වාමාංශිකයාව පට්ට ගහපු ආකාරය. බලාගෙන යනකොට පැරා කරන්නේත් පශ්චාත් නූතන (ලංකාවේ අපි දන්න අර්ථයෙන් පශ්චාත් නූතන!) කියවීමක්ද?!? ලේබලයක් නොවෙයි, ඒ මට හිතුන හැටි...
ReplyDeleteමට හිතෙන විදියට Anonymous December 19, 2016 at 2:20 AM අහන, හේතුවක් හොයාගන්න බැරි වකුගඩු ලෙඩ වලින් මිනිස්සු මැරෙන රටේ ජීවිතය විඳින්න පුලුවන්ද කියන ප්‍රශ්නය හරි වැලිඩ් එකක්.
එක අතකට, කෙනෙක් තෝරගන්න ජීවිතය ගැන ඇයි අපි (අවුට්සයිඩර්ස්ලා) වොරි වෙන්නෙ?
ඒ වෙනුවට, පැරා යෝජනා කරන සමාජවාදී ජීවන මාදිලිය ප්‍රමෝට් කරන එක ඊට වඩා වැදගත් කියලයි මට හිතෙන්නේ.
- Dimithri
මේ හැම දෙයක් ම සමාජයේ තුලනයට වැදගත් වෙන්නට පුළුවන්. උදාහරණයක් විදියට, එක්දහස් අටසිය ගණන්වල තිබුණු අමු ධනවාදය වර්තමානයේ තිබෙන ක්‍රමයට වෙනස් වෙන්නට වාමාංශිකයන්ගේ, සමාජවාදීන්ගේ, මාක්ස්වාදීන්ගේ මැදිහත්වීම ඉතා වැදගත් වුණා.
Deleteඒත්, දෘෂ්ටිවාදීමය ස්වෝත්තමවාදය කියන්නේත් ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වගේ ම ඉතා ම හානිකර තත්වයක්.
සමාජවාදී ජීවන මාදිලියක් සොයා ගන්නට අපට මේ දේවල් ගැන කතා කරන්නට වෙනවා. සංවාද කරන්නට වෙනවා. මේවා මගහැර යන්නට බැහැ. මොකද, මේවා අපේ එදිනෙදා ජීවිතයේ අප ගැටෙන සිදුවීම් නිසා.
(ෆේස්බුක්හි පළ වූ අදහසක්)
ReplyDeleteBuddy Dinesh විසිනි
බොබි ඩිලන්ගේ සිංදුවක් , මට මතක් උනා මෙික කියවත්දි..
ඔබෙි හිස්තැන ඔබ මොකකින් හරි පුරවා ගත යුතුම තමයි. Idealogy හෙවත් දෘශ්ටිවාදය ගැන ලුවි අල්තුශර් ඔික කිවිවෙ , සියදෝරිස් බුදුන් කාලේ.
( idealogy as a structural possiblity)
බොබි ඩිලන්, මෙි ගිතයෙන් ලොකු කතන්දර නැතුව සරල රසිකයට කියන යටිපෙල තේරැමත් එකම තමයි.
මාකස්, නිටිෂේ , බුදුන්, යේසුස් , democracy, law, bourgeois , පංතිය, අරව මෙිව අතහැරියා කියල, නිදහස් මිනිස්සු බිහිවෙන්නේ නැ.
මොකකින් හරි මල්ල ( බඩ නෙවි, දෘශ්ටිවාදය යන අදහසින්) පුරවගන්න වෙනවා. ජිවිතේ අරමුන , තේරැම කියන්නේ එකයි.
නැත්නං ...අංගොඩ තමයි මාරම ලිබරල්, නිදහස් විමුක්තිකාමීන් ඉන්න තැන කියල මතක් කරල දෙන්න වෙන්නෙ. :-)
"Gotta Serve Somebody"
You may be an ambassador to England or France
You may like to gamble, you might like to dance
You may be the heavyweight champion of the world
You may be a socialite with a long string of pearls.
But you're gonna have to serve somebody, yes indeed
You're gonna have to serve somebody,
It may be the devil or it may be the Lord
But you're gonna have to serve somebody.
Might be a rock'n' roll adict prancing on the stage
Might have money and drugs at your commands, women in a cage
You may be a business man or some high degree thief
They may call you Doctor or they may call you Chief.
But you're gonna have to serve somebody, yes indeed
You're gonna have to serve somebody,
Well, it may be the devil or it may be the Lord
But you're gonna have to serve somebody.
You may be a state trooper, you might be an young turk
You may be the head of some big TV network
You may be rich or poor, you may be blind or lame
You may be living in another country under another name.
But you're gonna have to serve somebody, yes
You're gonna have to serve somebody,
Well, it may be the devil or it may be the Lord
But you're gonna have to serve somebody.
You may be a construction worker working on a home
You may be living in a mansion or you might live in a dome
You might own guns and you might even own tanks
You might be somebody's landlord you might even own banks.
But you're gonna have to serve somebody, yes
You're gonna have to serve somebody,
Well, it may be the devil or it may be the Lord
But you're gonna have to serve somebody.
You may be a preacher with your spiritual pride
You may be a city councilman taking bribes on the side
You may be working in a barbershop, you may know how to cut hair
You may be somebody's mistress, may be somebody's heir.
But you're gonna have to serve somebody, yes
You're gonna have to serve somebody,
Well, it may be the devil or it may be the Lord
But you're gonna have to serve somebody.
Might like to wear cotton, might like to wear silk
Might like to drink whiskey, might like to drink milk
You might like to eat caviar, you might like to eat bread
You may be sleeping on the floor, sleeping in a king-sized bed.
But you're gonna have to serve somebody, yes indeed
You're gonna have to serve somebody,
It may be the devil or it may be the Lord
But you're gonna have to serve somebody.
You may call me Terry, you may call me Jimmy
You may call me Bobby, you may call me Zimmy
You may call me R.J., you may call me Ray
You may call me anything but no matter what you say.
You're gonna have to serve somebody, yes indeed
You're gonna have to serve somebody,
Well, it may be the devil or it may be the Lord
But you're gonna have to serve somebody.
මෙතනදී අල්තුෂර් කියන පරිදි හිස් තැන පුරවා ගන්නට තිබෙන තේරීම් විවිධයි නේ. මම හිතන්නේ ඒක තේරුම් ගන්නවා නම් එකක් උතුම් ය කියලා මරාගෙන මැරෙන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. අනෙක් පැත්තෙන්, බොබ් ඩිලන් මේ සිංදුවෙ රිපීට් කරන්නේ you're gonna have to serve somebody කියන එකයි. ඒක ජීවිතය විඳීම සඳහා දියුණු සමාජයේ බොහෝ අය තෝරා ගන්නා එක් ක්‍රමයක්. ලොකු ධනපතීන් පවා මෙය ෆිලැන්ත්‍රොෆි නමින් කරනවා. සමාගම් කෝපරේට් සෝෂල් රෙස්පොන්සිබිලිටි කියලා කරනවා. ගමේ ගොඩේ මිනිස්සු සමාජ සේවය කියලා කරනවා. වාමාංශිකයන් ඒක දේශපාලනය කියලා අර්ථකථනය කර ගන්නවා. ප්‍රශ්නය ඇති වෙන්නේ වෙන අයෙකුගේ ක්‍රමයට වඩා තමන්ගේ ක්‍රමය උත්තරීතර ය කියන ස්වෝත්තමවාදී මානසිකත්වය නිසායි.
Deleteපැරා ,
Deleteමෙතන 'serve somebody' කියල තියෙන්නේ ඔයා කියන අර්ථයෙන් නෙමෙයි.
'සේවය කරනවා' හෝ 'ගැති කම් කරනවා' කියන අර්ථයෙන්.
හැම කෙනෙකුටම යම් ස්වාමියෙක් සිටියි කියන අර්ථයෙන්.
ස්තුතියි
DeleteThanks Para for posting the song lyrics. As the other ano says it just emphasizes the fact that you always have to be subject of somebody, or under somebody or something, thnx!
Deleteපැරා, මෙහෙමයි මෙයා. ඔයා ලොකු ඇඩ් දාලා කතාව පටන් ගන්නේ ගුණේ අයියගේ බජව් දාන කාමරේ ලෙවල් එකෙන්. ඒත් ඔයා ම එක පාර ම මාර දාර්ශනික කියවීම්වලට යනවා. එහෙම වුණා ම අපට සිද්ධ වෙනවා ඔයාට දාර්ශනික වාංමාලාවකින් ප්‍රතිචාර දක්වන්න. එතකොට ඔයා ආයේ කියනවා "සම්ප්‍රදායික වාමාංශිකයන්ගේ භාෂා ජිමික්ස්වලින් වැඩක් නැහැ", "ඉන්න තැනක පිනට කාලා මැරිලා පලයං" වගේ ගුණේ අයියගේ කතා.
Deleteපැරා, මේ දෙසැම්බරයේ ගැටුම් නැහැ. මේක ආදරයෙන් කියන්නේ. දාර්ශනික තලයේ දී අපේ විසංවාදය පැරා විසින් කියවනු ලැබිය යුත්තේ පසමිතුරුතාවක් ලෙස නො ව සුමිතුරුතාවයේ ව්‍යංග ප්‍රකාශනයන් ලෙස යි. ඒක හරියට දාර්ශනික තලයේ දී ශන්තාල් මූෆ් සහ අර්නස්ටෝ ලැක්ලාව් අතර වන සංවාදයක් වගේ. විසංවාද නැති ව ම නො වේ. ඒත් ඒ සුළු විසංවාද යටින් බෙල්ජියම සහ ආජන්ටිනාව එක්කරවන ප්‍රේමනීයත්වයක් අප්‍රකාශිත ව තිබෙනවා.
පැරා පවසන මෙන්න මේ වාක්‍යය මාර දාර්ශනික යි:
//මෙතනදී අල්තුෂර් කියන පරිදි හිස් තැන පුරවා ගන්නට තිබෙන තේරීම් විවිධයි නේ.//
අල්තූසර් පවසන “හිස්කම” මොකක් ද යන ප්‍රශ්නය වැදගත්. මනෝවිශ්ලේෂණය ෆ්‍රොයිඩියානු පුද්ගලමූලත්වයේ සිට අල්තූසරියානු සමාජමූලත්වය කරා වර්ධනය වූ ආකාරය එම “හිස්කම” ගැන ප්‍රශ්නයට දෙන පිළිතුර තුළ ගැබ් වෙනවා. මනෝවිශ්ලේෂණය කක්කුස්සි විශ්ලේෂණයක් සහ නවකතාවල චරිතවලට රෝග නිර්ණ ලබා දීමක් දක්වා ලඝු කර ගෙන සිටින ලාංකීය මනෝවිශ්ලේෂණ “හොර” වෙද්දු ටිකට මඟ හැරෙන මානයක් අල්තූසර්ගේ සම්ප්‍රදානයේ තිබෙනවා.
ඒ වගේ ම පැරාගේ ඔන්න ඔය වාක්‍යය මාර්ක්ස්ගේ සිට ලකාන් ඔස්සේ අල්තූසර් දක්වා පමණක් නො ව ෆ්‍රැන්ෆර්ට් ගුරුකුලයේ ෆ්‍රෙඩ්රික් ජේම්සන් වගේ දාර්ශනිකයකු දක්වා ම අපගේ මනස ගෙන යන්නක්. ඒක වෙන්නේ කොහොම ද කියන එක අපි බලමු. මතු සටහන ඒ ගැන යි (එම සටහන ලියන්නට බන්‍ධුල කුදලාගම භාෂා හා දර්ශන සහය ලබා දුන්න බව සිහි කරන්න කැමැති යි. මොක ද දැන් කුදලාගමගේ ලිපිවල ප්‍රතිරූපණ අයිතිය ගැන අපානප්‍රදාහය හැදෙන අයත් ඉන්න නිසා).
ධීරා.
ස්වාභාවික විපත් වලින් , මිනිස්සු වැඩියම බය භූමිකම්පාවලටලු. තමන් පයගහල ඉන්න පොලොව හෙලවෙන්න ගත්තාම , මිනිසුන්ට උතුර, දකුණ මාරු වෙනවලු. මෙතනදි මේ එල්ලවෙන වාමාංශික විරෝධයට හේතුවත් ඒකයි.
ReplyDelete//එක්දහස් අටසිය ගණන්වල තිබුණු අමු ධනවාදය වර්තමානයේ තිබෙන ක්‍රමයට වෙනස් වෙන්නට වාමාංශිකයන්ගේ, සමාජවාදීන්ගේ, මාක්ස්වාදීන්ගේ මැදිහත්වීම ඉතා වැදගත් වුණා. //
වමේ ප්‍රතිපත්ති අරගෙන , ධනවාදය අද තියෙන තත්ත්වයට දියුණුකරගත් එකත්. සියල්ල දන්නවායැයි සිතන, උද්දච්ච වාමාංශිකයින් තාමත් අවුරුදු සීයකට වඩා පැරණි " ඔරිජිනල්" නමුත් යල්පැනගිය සමාජවාදය කරපින්නාගෙන ඉන්න එක පැරාගෙ වැරැද්දද?
//මේවා ගැන කතා කරන එකේ වරද මොකක් ද?//
කිසිම වැරැද්දක් නෑ. ඒත් සහෝදරවරුඑහෙම කතාවකට කැමති නෑ, එයාල විවේචනයට බයයි.
දෙකට බෙදා ධනවාදී/ සමාජවාදී කියා පාලනය කරන්න දුන්න, කොරියාව සහ ජර්මනිය , හොඳ ප්‍රායෝගික පරීක්ෂණයක්. මොකද වුනේ කියල කියන්න ඕනෙ නෑනෙ?
සමාජවාදී රටවල ප්‍රවෘත්ති වාරණය ,අනිවාර්ය අංගයක් වෙන්නෙ ඇයි? "සම-සමාජයක්" බොරුව එලිවෙයි කියන බයට.
ගොන් කතා කියන්න එපාඅනෙත් රටවල් වල දෙන්නේ කොම්පැනි වලට වුවමනා ප්‍රවුත්ති විතරයි.වෙලඳ දැන්වීම් වලින් කරන්නේ කොම්පැනි කාරයෝ ඔයාගේ ජීවිතය පාලනය කරන එක.බ්ලොග් ෆේස් බුක් කියන්නේ ලාබ ලබන ආයතන වලට අයිති දෙවල්.සමාජවාදී රටවල් වල මිනිස්සු අඩුගනනේ නිව්ස් කොන්ට්‍රොල් එක දැනගෙන හිටියා.ඔයා ඒකවත් දන්නේ නෑ
Deleteනෑ මං නං දන්නේ නෑ. ඔයා අර "සියල්ල දත්" එක්කෙනෙක් නේද?
Deleteපැරා, වික්ටර් අයිවන් වගේ හිටපු "සහෝදරවරු" ඔහෙලගෙ රෙදි ගලෝනකොට හිතට අමාරු ඇති නේද? :)
අටවාගත්ත හැමතැනකම අසාර්ථක වෙච්ච, කඩා වැටිච්ච. බලෙන්, මිලිටරි පාලනයකින් රැකගත්ත උතුරු-කොරියාව වැනි "සමාජවාදි සවර්ග රාජ්‍ය" ගැන නොදැක්කාසේ හිටියට කමක් නෑ, ඒත් උම්බෑ කියන්න එපා
අයිවන් වැනි පිස්සන් කියනා බහුබූත පිලිගන්නා ඔයා වගේ ගොන්වාහෙලා ගැනනම් කියන්නටවත් දෙයක් නැත.
Deleteදැන් ඔයා දන්න මිලිටරි බලය පාවිච්චි නොකරන අනුන්ට ගේම නොදෙන රටක් ගැන කියන්නකො අපටත් දැනගන්න
අඩුගනනේ සමාජවාදී රටවල නිව්ස් පාලනය කරන්නේ ආන්ඩුව. ඔහෙලාවගේ ගොබ්බයන්ගේ නිව්ස් පාලනය කරන්නේ අයිවන් වගේ අපතයෝ.
පැරා තුමා වැනි බොහේ දෙනෙකුගේ වාමවාදී දේසපාලන විඤ්ඤානය වනාහී:
ReplyDeleteතමන් ට නැති දෙයක් ( සමාජ පසුබිම, ලස්සන ඇඳුමක්, ඉන්ග්‍රීසි බාසාවේ පරවනතාවය, මිල මුදල්, ලස්සන කෙල්ලෙක්, කුල බේද, දරිද්‍රතාවය වැනි හේතු ) වෙන කෙනෙකුට තිබෙනු දැක්කාම ඊරිසියාවෙලා දෙඤ්ඤම් ගේම කියලා ජෙප්පන් ට සැට් වෙලා පස්ස බලනකොට ජෙප්පො ඊරිසියාකාරයගේ ජීවිතේටම ගේම ඉල්ලලා ඌව නන්නන්තාර කරනවා.....
ඊට පස්සෙ සිහි බුද්දිය එලඹි කල ජෙප්පන් ගෙන් මිදී තමන් ට නැති දේ තියෙන කස්ටිය සමග එකතු වෙලා ඒ දේ ලබාගැනීම හෝ ලබාගැනීමට උත්සාහ කිරීම තමයි පැරා ගේ මේ පසු කලෙක ලැබුවාවූ මුහුකුරාගිය දේසපාලන ඤානය පෙන්වා දෙන්නේ!
සරස තුමා මුහුකුරා යන්නෙ කවදද?
Deleteඔහොම දිගටම බබා වගේ ඉන්නද කල්පනාව.
මුහුකුරා නෙවෙයි ඇනෝ තුමෝ.. මේ දවස් වල යන්නේ ඇඟ උනුකරවා හිටන්!
Deleteරාවයේදී ආශ්‍රය කරන්න ලැබුණු අය හින්ද ඔයටික මට ඉගෙනගන්න ලැබුණ..
ReplyDeleteඒක වාසනාවක්
රාවයේදී ඔයාට ආශ්‍රය කරන්න ලැබුන අපි නොදන්න වැදගත් ජීවිතය විඳින කීපදෙනෙක් නම් කරන්නකො බලන්න අපිටත් දැනගන්න
Deleteරාවය කාරයා 1971 කැරැල්ලට සහය දුන්න නායකයෙකි.කැරැල්ල පැරදුන පසු තම කල දේවල් වල වගකීම භාරගන්නේ නැතිව විජේවීරට පස් පඩ්න්ගුවේ බැන වැදුනේය.විජේ වීරගේ බොල්ලෑව ගැන පොත් පවා ලිව්වේය.
Deleteඉන්පසු 1994දී චන්ද්රිකාට සහය දුන්නේය.චන්ද්රිකාට සෝබෝන් උපාදියක් ඇති බවට සමාජයේ බොරු පැතිරෙව්වේ මොවුන්ය.පසුව චන්ද්රිකා පිස්සු කෙලින විට තමන් වගකීමක් භාර ගන්නේ නැතිව චන්ද්රිකාට බැන බැන ගියේය.චන්ද්රිකාගේ ප්රේම සම්භන්දතා ගැන පොත් පවා ලිව්වේය.
සරත් සිල්වා බලයට ගෙන ආ චන්ද්රිකා බලයට ගෙන ආවේ මොවුන්ය.හරියට බලනවානම් සරත් සිල්වා කෙලි පිස්සුවලට මොවුනුත් වගකිව යුතුය.
මෙවැනි මිනිසුන්ගෙන් කවුරුහරි ඉගෙන ගත්තාකියනවා නම් ඔවුන්ගේ මොල පරීක්ශා කල යුතුය
යාලුකම් මේන්ටේන් කිරීම/නොකිරීම ගැන ඔබගේ මතයට එකඟයි
ReplyDeleteමාර්ක්ස්වාදය ඕනෑ නැත - ආස්වාදය තිබුනොත් ඇත
ReplyDelete- බූරුවන් වෙනුවෙන්, බූරුවන් විසින් . . .
(මාර්ක්ස්වාදයෙන් ආස්වාදයක් ලැබීම ට, මාර්ක්ස්වාදය කියවා තේරුම් ගැනීම ට හැකි විය යුතුය.)
ආස්වාදය ඕනෑ නැත. මාක්ස්වාදය තිබුණොත් ඇත
Delete- ගෝනුස්සන් විසින් ගෝනුස්සන් වෙනුවෙන්
(ආස්වාදය ඔස්සේ ජීවිතය තේරුම් ගැනීමට නම් මාක්ස්වාදයෙන් ඔලුව පිරිසිදු කර ගත යුතු ය.)