1989 හා මහින්ද රාජපක්ෂ

ධර්මන් වික්‍ර‍මරත්න ලියූ ජවිපෙ දෙවෙනි කැරැල්ල කෘතිය පුදනු ලැබුවේ මහින්දට ය
මහින්දගේ ඩ්‍ර‍යිවර් ය කියූ පුද්ගලයෙකු සහ විතාරන්දෙනියේ උක්කුවාගේ මල්ලී ඇතුළු හතර පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් 1990 අගභාගයේ සිට වීරවිල රැඳවුම් කඳවුරේ රඳවා හිටියා. ඔවුන්ට තිබුණු චෝදනාව ලෙස ප්‍ර‍සිද්ධ වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තලාව පැත්තේ යූඇන්පීකාරයෙකුව මරන්නට කාරයක ඩිකියේ දාගෙන යාමයි.

කාරෙක මහින්දගේ ද? ඩ්‍ර‍යිවර් මහින්දගේ ද? මේ කණ්ඩායම කාගේ ද? මහින්දට ඔවුන් සමග සම්බන්ධකම් තිබුණා ද? මහින්ද දේශපාලන වාසි සඳහා එදා තිබුණු භීෂණ තත්වය පාවිච්චි කළා ද?

තමන් අල්ලා ගත් හමුදාවෙන් ගැලවීම සඳහා අසවල්, අසවල් ජේවීපීකාරයන් මැරුවේ අප යයි ඔවුන් කීවා ද?

ඔවුන් පොලිසියට භාර දුන්නේ ඇයි? පොලිසිය ඔවුන් ජවිපෙ සැකකරුවන් සිටි වීරවිල කඳවුරට ගෙනත් දැමුවේ ඇයි? ඔවුන් වීරවිල කඳවුරට ගෙනැවිත් දැමීම කඳවුරේ රැඳවියන් අතර කලබලකාරී තත්වයක් ඇති කිරීමට හේතු වූයේ ඇයි?

ඔවුන් ගෙනත් දැමූ දාට පසුදින උදයේ, හම්බන්තොට පැත්තේ සිට වීරවිලට ගෙනැවිත් දමා තිබුණු ජවිපෙට සම්බන්ධ රැඳවුම්කරුවන් ඔවුන්ට පහර දුන්නේ ඇයි? කණ්ඩායමේ නායකයාගේ පණ බේරීම සඳහා ඔහු නැවත කිසි දිනෙක වීරවිලට නො එවා, තංගල්ල බන්ධනාගාරයේ රැඳවූයේ ඇයි? 

මේ වනාහි මා ඇසූ කතාවකි. සමහර සිදුවීම් මම දුටුවෙමි. එහෙත්, මේ පිළිබඳ ගවේශනය කිරීමේ හැකියාවක් මට තිබුණේ නැත. 

හම්බන්තොට පැත්තේ ජවිපෙ පැරණි සාමාජිකයන් මේ පිළිබඳ යම් යම් කරුණු දන්නවා ඇත. 

මහින්දගේ 1989 මැදිහත්වීම් පිළිබඳ කතා තිබුණත්, 2005දී මහින්ද බලයට ගෙන ඒමට ජවිපෙ කළ කාර්යභාරය තිබුණත්, මෙම සිදුවීම පිළිබඳ කුකුසක් මා තුළ හැමදාමත් තිබුණි. 1989 කැරැල්ල යනු අහිංසකයන්ගේ කැරැල්ලක් නො වේ. කැරැල්ල ද මර්දනය තරම් ම ප්‍ර‍චණ්ඩ ය. කෘර ය. 

රනිල් වික්‍ර‍මසිංහ වැනි කොළඹ බුර්ෂුවා පංතියේ නියෝජිතයන්ට පවා එහි නො පැටලී සිටින්නට බැරි වූ සංදර්භයක් තුළ මහින්ද එයට පැටලුණත් එය අමුතු දෙයක් නො වේ. 

ධර්මන් වික්‍ර‍මරත්න, මෙම තොරතුරු පිළිබඳව ගවේශනය කිරීම ඔබට භාරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ධර්මන් ගේ ඇජෙන්ඩා සෙට් කරන්නේ කවුද?
    පැරා ගේ ඇඩෙන්ඩම් ඇජෙන්ඩම් එකෙන් වැඩක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. @ Anonymous December 22, 2016 at 1:00 PM >>>

      කොමෙන්ට් ලියලා බ්ලොග්වලට කෙළවන්නේ කොහොමද කියලා විස්තර කරලා දෙන්න පුළුවන් ද ඇනොනිමස් තුමනි/තුමියනි?

      Delete
    3. ධර්මන් මහත්තයා ඔයි කතාව මා සමගත් ඔයි ආකාරයෙන් ම කියා ඇත!!!

      ඒම නිසා ඇනෝ තුමා ගේ ආලෝචනයේ ධර්මන් මහත්තයාට අදාල එම කොටස සරස තුමා ඉස්තීර කොරමි!

      Delete
    4. ප්‍රාක්ඳයා නෙවෙයි මනුස්සයෝ, ප්‍රාඥයා.

      Delete
    5. ///ධර්මන් මහත්තයා ඔයි කතාව මා සමගත් ඔයි ආකාරයෙන් ම කියා ඇත!!!

      ඒම නිසා ඇනෝ තුමා ගේ ආලෝචනයේ ධර්මන් මහත්තයාට අදාල එම කොටස සරස තුමා ඉස්තීර කොරමි!///

      එසේ නම් ඉහත ඇනොනිමස් ආලෝචනය (December 22, 1:00 PM) ලියා ඇත්තේ සරස තුමා බව සරස තුමා ම ඉස්තීර කොට සිටිමි!!!

      Delete
    6. // එසේ නම් ඉහත ඇනොනිමස් ආලෝචනය (December 22, 1:00 PM) ලියා ඇත්තේ සරස තුමා බව සරස තුමා ම ඉස්තීර කොට සිටිමි!!!//

      අතටම මාට්ටු....

      දැන් ඉතින් සරස තුමා මක්කද කොරන්නේ හිටන්?

      Delete
    7. ///දැන් ඉතින් සරස තුමා මක්කද කොරන්නේ හිටන්?///

      දැන් කිරීමට ඉතිරිව ඇත්තේ සරස තුමාගේ අනිත් ප්‍රොෆයිලය වන මහසොහොන් පිල්ලියෙන් පැමිණ ආලෝචන ලිවීමයි. හැබැයි මතක ඇතිව තට්ටය බූ ගා එන්න. එවිට මං තුමා වගේ විය හැක.

      Delete
    8. // දැන් කිරීමට ඉතිරිව ඇත්තේ සරස තුමාගේ අනිත් ප්‍රොෆයිලය වන මහසොහොන් පිල්ලියෙන් පැමිණ ආලෝචන ලිවීමයි. හැබැයි මතක ඇතිව තට්ටය බූ ගා එන්න. එවිට මං තුමා වගේ විය හැක. //

      කොන්ඩේ බූ ගා
      එන්නෙමි බ්ලොගටා

      Delete
    9. Sa rasa,
      තට්ටයේ තිබෙන ආතල් එක දන්නේ තට්ටයෙක් ම පමණි. තට්ටය බූ ගා බ්ලොග් ලිවීම ඊටත් වඩා ආතල් ගෙන දෙන්නකි.

      Delete
    10. අන්කල්ලට වයර් ද ?

      තට්ටේ ගෑවම පහසු උනාට හිරු කිරණ කෙලින්ම ඔලුවට වැටෙනවා.ඔය පාරජම්බුල වගේ කිරණ හන්දා පස්සේ කාලෙක ලෙඩ හැදෙන්නත් පුලුවන්.

      Delete
    11. තට්ටේ ගෑවා වගේ නෙවේ පොලු පාරක් එහෙම වැදුනොත් කවර් එකක් නැති හින්දා අනතුරුදායකයි.ඒ වගේම ලිස්සලා ඔලුව කොහේ හරි වැදුනත් එච්චර තමා. තට්ටේ ගෑවා නම් පරිස්සම් කරගන්නත් දැනගන්න ඕන නේද?

      Delete
    12. සිනුවර බකපඬි මනපහත් තට්ට අංකලයාව දැකපු ගමන් මට මතක් වෙන්නෙ හොට කපපු පැස්බරෙක්.....

      Delete
    13. ඇනෝලා :

      උබලා අහලා නැද්ද මචං නැට්ට කපාගත් නරියගේ කතාව? අපේ යාලුවෙකුටත් උනේ ඒ නැට්ට කපාගත් හිවල් මොටාගේ කතාව වගේ සීන් එකක්. දැනට ඔසී වල ඉන්න අපේ යාලුවා හෙන පඩ ශෝ දාන බකපඬියෙක්. උපන් ගෙයි මෝඩ ගැරඬි කබ්බෙක්. ඉතින් උගේ වයසත් එක්ක කොන්ඩේ ගොඩක් ගියා. වට කෙස් මැද හිස් උනා. අන්තිමේදි උදුගොව්වො කාලා තැනින් තැන කොන්ඩේ නැති උනා. ඊට පස්සේ මුන්දෑ තට්ටෙම ගාලා දැම්මා. දැන් මේ අමු ගොං රිලවා අපටත් නොකියා කියන්නේ මුන්දෑ වගේ තට්ටේ ගාගන්න කියලායි. නොදකින් කාලකණ්ණි අවලම් තට්ට හිකනලා, ඕක ඊරිසියාව වැඩිවෙලා තට්ටෙ පැලිල මකබෑවිලා අකුලෝලම පල වල් පරය.

      Delete
    14. ඇත්තටම මට මතක් වෙනව බොහෝම ලස්සන ගැමි ජන කතාවක්. ඔන්න එකමත් එක රටකට ඊට වඩා නොදියුණු රටකින් කල්ලතෝනියෙක් විදිහට සංක්‍රමණය වෙච්චි වෙන්ඩ පොශ් ගැරඬි ගංකබරයෙක් හිටියා. මිනිහ ලොල්ලෙක් නිසා මෑන්ට හිටිය ගෙදර අඹුවට අමතරව හොර ගේ-ඩයල් එකකුත්. ඔන්න කාලයක් යනකොට මිනිහගේ කෙස් එකින් එක පැහෙන්න පටන් ගත්ත.

      මේක දැකපු හොර ගේ-ඩෑල් එක කලේ ඒ පැහෙන පැහෙන එක ගලවපු එකයි. එයාට ලැජ්ජයි ලු, ගංකබර ගමයා වයසයි කියල පේනවට. පොරගෙ වෙන්ඩ පොශ් බොරු ශෝ එකට හොඳ නැහැනෙ.

      ගෙදර ගෑනි දැනගෙන හිටිය ගංකබර ගමය හෙන කුහක අධම මනපහතයෙක් කියල. ඉතින් ගෑනිට ඕනැ කලේ ගංකබර ගමයව තව තවත් නාකි කරල පෙන්නන්නයි. එයා කලේ, සුදු කෙස් ඉතුරු කරල, කළු ඒව එකින් එක ගලෝපු එකයි.

      අන්තිමේදි අර කිව්ව කල්ලතෝනි ගොං ගමය තට්ටයෙක් වුනා. මේ තියෙන්නෙ ජන කවියා මේක දැකපු හැටි;

      කලතොනි ගමගෙ හොර ලොල්ලට දැනී කැත
      ගමයගෙ පැසෙන කොණ්ඩය ගැලවීය මිත
      මහගේ කළු කෙස්ස ගලවයි තුටින් සිත
      ගමයා තට්ටයෙක් විය විපතක මහත !

      Delete
  2. මෛත්‍රී ගුනරත්න ගේ පියා ලියූ The Suicide Club පොතේ, 88/89 කාලේ ජවිපෙ සාමාජිකයන් රජයේ අතඩන්ගුවට පත්වුනාම මහින්ද මහත්ත්යා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි හැටිත්, ජවිපෙ සාමාජිකයන් ගෙන් කරදරයට පත් මහ ජනතාව වෙනුවෙන් පෙනී සිටි අන්දමත්, ප්‍රාදේශීයව ජවිපෙ කුල පදනම එහි නායකත්වයට බලපෑ අන්දමත් සඳහන් වේ!

    ඒ කාලේ දිලාන් පෙරේරාත් ඌව පලාතේ බොහෝඅ තරුණ තරුණියන් වෙනුවෙන් පෙනීසිට ඔවුන් ගේ ජීවිත බේරා ගත්තා!

    ReplyDelete
    Replies
    1. ඔය කතා කොච්චර ඇහුවත්, මේ සිද්ධියේ සමහර කොටස් මා ඇසින් දුටු, කණින් ඇසූ කතා නිසා මට මහින්දගේ 1989 භූමිකාව ගැන විශ්වාසයක් නැහැ.

      ඒකත් කොච්චර හේදුවත් රනිල්ගේ බටලන්ද කතාව හේදෙන්නේ නැහැ වගේ තමයි.

      Delete
    2. ගෝටාභයගෙ මාතලේ කඳවුරේ අනදෙන නිලධාරි භූමිකාව ගැන මහින්ද නොදැන හිටිය වෙන්නත් බෑනෙ.

      Delete
  3. //ධර්මන් වික්‍ර‍මරත්න, මෙම තොරතුරු පිළිබඳව ගවේශනය කිරීම ඔබට භාරයි.//

    ධර්මන් ඔව්වා හොයා ගත්තත් ධර්මන් ලියන්නේ තමන්ගේ න්‍යයට ගැලපෙන විදියට.ධර්මන්ගේ ලියුම් කියවන කොට මතක් වෙන්නේ ලංකාදීපේට ජවිපෙ කතා ලිව්ව "ප්‍රසන්න සංජිව තෙන්නකෝන්." දැන් මනුස්සයා විප්ලවේ අතහැරලාද කොහේද දැන් ලියන්නේ "මේ ආත්මයේදීම පලදෙන කරුම ගැන"

    ReplyDelete
  4. ධර්මන් ගේ සමහර පර්යේෂණ අර ලංකාවේ ආරක්ෂක ගැන ලෝකෙටම කියන මහාචාර්යවරයාගේ එව්වා වගේ එව්වත් තියෙනවා.

    ReplyDelete
  5. පැරා,

    සමහර බංකොලොත් දේශපාලඥයින්ට ජාතිවාදය ආගම්වාදය තමන්ගෙ පැවැත්ම සදහා තියෙන ඔක්සිජන් එක. මේ ඔක්සිජන් ටික ගියොත් පැවැත්මක් නෑ....

    උතුරු මහ ඇමති තුමා උතුරු පලාත් සභාවට යෝජනාවක් සම්මත කරනව උතුරෙ පන්සල් හදන්න දෙන්නෙ නෑ කියල. අපි එතුමගෙන් අහනව එතුමට එහෙම බලයක් දීල තියෙන්නෙ මොන නීතිය යටතෙද කියල. මොන බලයක් පාවිච්චි කරලද එතුම ඒ යෝජනාව ගෙනාවෙ. ඒකෙ නීතිමය වලංගුබාවය පිලිගන්න අපි කවුරුත් සූදානම්නෑ. ඒ යෝජනාව කුනුකූඩෙට යන එකයි අවසානෙදි සිද්දවෙන්නෙ ....

    උතුරේ මහ ඇමති තුමා ඇතුලු ප්‍රාදේශීය දේශපාලඥයින්ට දෙමළ ජනතාවට පෙන්නන්න ඕන වෙලා තියෙනව ජාතික දේශපාලඥයින්ට වඩා උඩින් තමා අපි ඉන්නෙ..... අපි තමා දෙමළ ජනතාවගෙ ගැලවුම් කාරයො කියලා....

    අද හැම පන්සලකම ශිව දෙවියො ඉන්නව, ඊශ්වර දෙවියො ඉන්නව, ගණපති දෙවියො ඉන්නව විශ්නු දෙවියො ඉන්නව... මොන දෙවියොද නැත්තෙ කියන්න.... මේ දෙවිවරු සමහර වෙලාවට හිනාවෙනව ඇති ලංකාවෙ ඉන්නෙ මෝඩයො කියල.... බුදු හාමුදුරුවන්ටත් වැදලා... හැම දෙවිවරයෙකුටම වැදලා, පූජා තියලා.. පාරට ආවට පස්සෙ.... මේ මිනිස්සු හින්දුයි කියල බෞද්දයි කියල ගහ ගන්නවා... දෙවියන්ට ලැජ්ජ ඇති මේ වගේ මිනිස්සු පන්සලට එන්නෙ මොකටද කියලා.....

    මේ මිනිස්සු නියෝජනය කරපු නායකය මේ ප්‍රශ්න ඇතිකරන කාලෙ කතාකලේ නෑ මුස්ලිම් ජනතාව වෙනුවෙන්. එදා කිසිම මුස්ලිම් මන්ත්‍රිවරයෙක් ඇමතිවරයෙක් අලුත්ගම ප්‍රශ්නෙ වෙද්දි කතාකලේ නෑ.

    ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇමති තුමා, ලක්ශ්මන් කිරිඇල්ල ඇමති තුමා , මම තමා කතා කලේ.
    පැරාල හදපු ප්‍රශ්න. බංකොලොත් දේශපාලඥයින්ට, පැරාලට ජාති ප්‍රශ්නයක් නෑ, ආගමේ ප්‍රශ්නයක් නෑ. දේශපාලඥයින්ට ඇමතිකම තියෙනවනම් ඕන දසජරා වැඩක් පහත් වැඩක් කරලා.....

    දැන් පැරාල එන්න එපා මරාට විතරක්ම ඇගිල්ල දික් කරන්න...

    ReplyDelete
    Replies
    1. නිදහසින් පසු කිසිම දිනක මේ රටේ බෞද්ධයෝ ගැන සිතන නායකයෙක්, බුද්ධශාසන අමාත්‍යවරයෙක් රටේ බෞද්ධයන්ට ලැබී නෑ.

      එවැනි උපන් බිමට බරැති කාලකන්නි දේශපාලකයකු නොවී රට දැය සමය වෙනුවෙන් තම යුතුකම ඉටුකල වීර පුතකු ලෙස ජනතාව අතර සදාකල් රැදෙන්න ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇමති තුමාට අවස්ථාව තිබෙනවා. දැයේ සසුනේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නතාක් අපි ඔබතුමා සමගයි

      Delete
    2. //නිදහසින් පසු කිසිම දිනක මේ රටේ බෞද්ධයෝ ගැන සිතන නායකයෙක්, බුද්ධශාසන අමාත්‍යවරයෙක් රටේ බෞද්ධයන්ට ලැබී නෑ. //

      වැරදියි..... නිදහසින් පස්සේ මේ රටේ බෞද්ධයන් ගැන සිතූ දේශපාලඥයෙක් හිටියා. ඒ තමයි කොල්වින් ආර්. ද සිල්වා. 1947 ලංකා ව්‍යවස්ථාවේ නොතිබුණු, ඒ වාගේම ලංකාවට වඩා ආගම භක්තිය වැඩි ජනකායක් ඉන්න ඉන්දියාවේ ව්‍යවස්ථාවේ පවා නොතිබුණු දෙයක් වන, එක්තරා ආගමකට ප්‍රමුඛස්ථානය පිරිනමන වගන්තියක් 1972 ව්‍යවස්ථාවට ඇතුළත් කළේ උන්නැහේ තමයි. 1972 පටන් අද දක්වාම බුද්ධාගමට ලංකාවේ මූලික නීතියෙන් සුවිශේෂී ස්ථානයක් තිබෙන බව අමතක වුණා ද? ඉතින් කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා විතරයි සිංහල බෞද්ධයා ගැන හිතුවේ.

      Delete
    3. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ: “ප්‍රාඥයාගේ” ඕපාදූප දේශපාලනය.

      කියවන්න මෙන්න මේ ලිපිය....

      අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ

      Delete
  6. කාලෙකට පස්සෙ මේ පැත්තට ආවා බලලා යන්න....සිරා කොලුවා ඇතුලු බ්ලොග් නඩයක් දිඹුලාගල දුප්පත් පාසලකට පුංචි උදව්වක් කරන්න යන්නෙ. හැකියාව ඇති උදවිය කාමරේ පැත්තෙ ඇවිත් ඒ කාරියට සහායක් වෙනවා නම් අපි ඉතාම මනාපයි.

    ReplyDelete
  7. //ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් 2016 ඔක්තෝබරයේ දී පළ කරන ලද "New Buddhist Extremism and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka" ශාස්ත්‍රීය නිබන්ධය වැදගත් බව නිගමනය කළ හැකි ය. වැදගත් යනු ආවශ්‍යයික ව සාධනීය යන්න ම නො වේ.

    සිංහල-බෞද්ධ ජාතිකත්වයේ සම්භවය පිළිබඳ දශක කීපයකට පෙර ආචාර්ය දේවසිරි විසින් ඉදිරිපත් කෙරුණු ප්‍රවාද පද්ධතියට පසු යළි සැලකිය යුතු ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් ඔහු විසින් සිදු කරනු ලැබ ඇති පෙනේ (ඔහු මෑතක දී පළ කළ මුහුණුපොත් නිබන්ධවලට වඩා වැඩි යමක් මෙකී නව නිබන්ධයේ ඇත).

    ආචාර්ය දේවසිරිගේ නව්‍ය නිබන්ධය තුළ ඔහු "නව්‍ය බෞද්ධ අන්තවාදය" නම් සමාජ ගතිකයක් ස්වයංනිර්වචනය කර, එය "සිංහල-බෞද්ධ ජාතිකවාදය" සමඟ අනන්‍ය කර පෙන්වන්නට පිටු 41ක් පුරා වීර වික්‍රමයක් කරයි. දෘශ්‍යමානය තුළ ආචාර්ය දේවසිරි පෙනී සිටින්නේ ජාතික අනන්‍යතා නො පිළිගන්නා "පැරාමය" අස්ථානයක ය යි අයකුට සිතෙන්නට හැකි ය. සබුද්ධික වේශයකින් නව්‍ය බෞද්ධ අන්තවාදය දැඩි ව පිළිකෙව් කරන ආචාර්ය දේවසිරි එම නව්‍ය බෞද්ධ අන්තවාදයේ මූලයන් සිංහල-බෞද්ධ ජාතිකවාදය සමඟ ඵෙතිහාසික බන්‍ධුතාවක පවතින බව ද නව්‍ය බෞද්ධ අන්තවාදය පරිපෝෂණය කෙරෙන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදය විසින් බව ද පැවසෙන ප්‍රවාදයක් සූත්‍රගත කරයි. මෙම ප්‍රවාදය මහා ගවේෂණයක් නො වේ. අජිත් පැරකුම් ජයසිංහ වැනි සමාජ සරසවියේ සමාජ බුද්ධිමතුන් ද කාලයක සිට ව්‍යාවෘත ව සිටින කතිකාව ද මෙය යි. ආචාර්ය දේවසිරි කර ඇත්තේ "පැරාමය" ප්‍රවාදය ම වඩා ශාස්ත්‍රීය ව්‍යාකරණයකින් පළ කිරීම ය (ශාස්ත්‍රාලීය පර්යේෂණ පත්‍රිකා යනු කොහොමත් එවැනි ලේඛන ය! එහි වරදක් නැත). //

    ………….
    ………….

    //දකුණේ සිංහලයා තම ජාතික-ආගමික අනන්‍යතා පිළිබඳ නඟන හඩ ජාතිවාදයේ නැත හොත් ජාතිකවාදී ස්වෝත්තමවාදයේ මරහඬක් ලෙස නන් නය ශිල්ප දක්වා අරුත් ගන්වන ආචාර්ය දේවසිරි උතුරේ දෙමළා තම ජාතික ආගමික අනන්‍යතා පිළිබඳ නඟන හඩ විමුක්ති ගීතයක් ලෙස සලකයි. මෙම විසංවාදී අස්ථානය දාර්ශනික සුසංවාදයක් බවට පත් කර ගන්නට ආචාර්ය දේවසිරිට සරණ පතන්නට වන්නේ "පීඩිත ජනවර්ගයකගේ ජාතික විමුක්ති අරගලය නිෂේධනීය නො වේ", "පීඩිත ජාතියක ජාතිකවාදය වූ කලී පීඩක ජාතියක ජාතිකවාදය සමඟ සැසඳිය නො හැකි දෙයකි" වැනි "ඊනියා ස්වාධීන" මතවාදයන්ගෙන් ය. මොරටුවේ වෙල්ස් කුමාර විද්‍යාලයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයටත් එතැන් සිට නේදර්ලන්තයේ ලෙයිඩ්න් විශ්වවිද්‍යාලයටත් වටවන්දනාවක ගොස් අතරමඟ දී මහා-ආඛ්‍යාන නො පිළිගන්නා ඊනියා පශ්චාත්නව්‍යවාදයේත් ළැග සිට ආචාර්ය දේවසිරි යළි පැමිණෙන්නේ ලෙනින් වෙත මිස අන් කිසි‍වකු වෙත නො වේ. තමා යළි පැමිණෙන්නේ දයා පතිරණ වෙත හෝ වුඩ්රෝ විල්සන් වෙත හෝ බව සිතා ආචාර්ය දේවසිරි සැනසෙන්නේ වුව ගැටලුවක් නැත. //

    ………….
    ………….

    //ආචාර්ය දේවසිරි පිටු 41ක් පුරා කරන අර්ථකථනය ශාස්ත්‍රාලීය අරමුණු සඳහා නරක ම නැත. "New Buddhist Extremism and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka" යනු ආචාර්ය දේවසිරිගේ මී ළඟ තනතුරු ඉල්ලුම් පත්‍රයට අභිමානයෙන් එක් කර ගත හැකි නිවේශිතයකි. එහෙත් නව්‍ය බෞද්ධ අන්තවාදයට එල්ල කරනු ලබන ප්‍රහාරය සිංහල-බෞද්ධ ජාතිකවාදයට එල්ල කරනු ලැබ, ඒ ඔස්සේ හොර රහසේ ම (ජාතික අනන්‍යතා මත පදනම් වූ) සිංහල ජාතිකත්වයටත් අනියම් ලෙස එල්ල කරනු ලැබීමෙන් ජාතික ප්‍රශ්නය නම් විසඳෙන්නේ නැත. විසඳුම තවත් දුරස්ථ වන්නට නම් හැකි ය.//

    …………..
    ………….


    පැරා, වමාගේ තීසිසය කියෙව්වා ද? කියවන්න වටිනවා. ඒත් ශාස්ත්‍රීය ව විතර යි. කියෙව්වා නම් පැරාගේ අදහස් පෝස්ට් එකකට ගන්න. අර අහිලන් ගැන ලිව්වා වගේ.

    ReplyDelete
    Replies
    1. මචං මම ඔය තිසීසය ගැඹුරින් අධ්‍යයනය කළා. කොටින් ම කියනවා නම් ඕක සිංහලට පරිවර්තනය කළේ මමයි.

      Delete
  8. this is something that I heard. Although Mr Rajapaksha helped some JVPers he also played to the otherside. That's why both Chandrika and Mahinda did not take any action against Ranil. We need that right to information act very soon with better provisions. Even Ranil W is delaying it.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා