රැළි මත පාවෙන කැප්ටන්ලා සහ ටින්ටින්ලා...
හම්බන්තොට වරායේ සිදුවීම සමග නාවික හමුදාපතිවරයාගේ සහ මාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය පිළිබඳ නොයෙක් සංවාද ඇති වුණා. මාධ්‍යවේදය, සමාජ වටිනාකම් සහ අද කාලයේ සමාජ ප්‍රවණතා පිළිබඳ සංකීර්ණ ප්‍රශ්න කීපයක් මේ සිදුවීම එක්ක ඉදිරියට ආවා.
නූතන පසුබිම යටතේ මාධ්‍යවේදය වැනි ක්ෂේත්‍රයක් ප්‍රශ්න කිරීම කළ යුත්තේ සියළු තත්ව සලකා බලන සංකීර්ණ පදනමක සිට පමණයි. අද මාධ්‍යවේදය කියන්නේ විසුරුණු පරාසයක, විසුරුණු අරමුණු වෙනුවෙන් කෙරෙන සංකීර්ණ ක්‍රියාදාම පද්ධතියක්. මාධ්‍ය හා බැඳුනු ප්‍රසිද්ධිය කියන්නේ බලයට, ආරක්ෂාවට, පැවැත්මට මගක්. යම් අදහසක් වෙනුවෙන් හැකි ඉක්මනින් අනුගාහකත්වය සංවිධානය කිරීමටයි අද මාධ්‍යය මූලික වශයෙන් භාවිතා වෙන්නේ. කෙනෙකුට අවශ්‍ය අරමුණක් අනුව තොරතුරු සොයා ගැනීමට හෝ තෝරා ගැනීමට ඕනැ තරම් මාධ්‍ය ඇති අතර ම, තොරතුරු සකස් කෙරෙන්නේ සුවිශේෂ අරමුණු වෙනුවෙන් පමණ යි. ‘මාධ්‍යකරණය යනු තොරතුරු සන්නිවේදනයයි’ වැනි අහිංසක අදහස් දැන් යල් පැන ගොස් බොහෝ කල්.
ඒ අනුව මාධ්‍යවේදය තව දුරටත් ‘දුරින් සිට’ හෝ මධ්‍යස්ථව සිට හෝ ‘වාර්තා’ කිරීමක් වෙන්නේ නැහැ; එය සිදුවීමක අඛණ්ඩ කොටසක්. සිදුවීමකට සජීවීව හවුල් වීමෙන්, අදාළ පාර්ශව උත්තේජනය කිරීමෙන් හෝ කුපිත කිරීමෙන් හෝ පුවත් මැවීම අද මාධ්‍යවේදයේ තවත් ලක්ෂණයක්. අපි කැමති වුණත් නැතත්, ආරක්ෂක කැමරාවක්, ජංගම දුරකථනයක් නැත්නම් කැමරාවක් අතේ ඇති ඕනෑම මට්ටමක ඕනෑම කෙනෙක්, ඕනෑම අරමුණක් වෙනුවෙන්, ඕනෑම මොහොතක දි මාධ්‍යවේදියෙක් බවට පත් විය හැකියි. ඕනෑම කෙනෙකුගේ සෙල්ෆි ඡායාරූපයේ සිට, එදිනෙදා ජීවිතයේ ඉතාම නොවැදගත් සිදුවීම් යම් කිසි ප්‍රේක්ෂකාගාරයකට ඉතාම උණුසුම් පුවතක් විය හැකි යි. (නිදසුනක් හැටියට යුරේනි නොෂිකා තම හිසට බිත්තර සුදු මද දැමූ ෆේස්බුක් පුවතට විසි දෙදාහක් කැමැත්ත සහ ප්‍රතිචාර දක්වා තිබෙන අතර, දෙදාහකට වැඩි පිරිසක් ඒ ගැන මත පළ කර තිබෙනවා; ඒ පුවත තුන්සීයක් පමණ දෙනා බෙදා හදා ගෙනත් තිබෙනවා.) ඒ වගේ ම ඕනෑම සිදුවීමක දි ඊට සම්බන්ධ හෝ අදාළ නැති කෙනෙක් සැනින් මාධ්‍යවේදියෙක් බවට පරිවර්තනය විය හැකියි. ඒ වගේම ඒ සේවය ඔවුන් කිසිදිනක නොදන්නා අරමුණක් වෙනුවෙන්, කිසි දිනක හඳුනා නොගත් ස්වාමියෙකුට අයිති කර ගත හැකි යි.
අද කාලයේ බොහෝ සිදුවීම්වල ස්වාභාවය සහ හැසිරීම මේ ඕපපාතික මාධ්‍යවේදයට සරිලන විදිහට හැඩ ගැසීමත් දකින්න පුළුවන්. සමාජ සේවා සත්කාර, දේශපාලන ජවනිකා පමණක් නොව සාමාන්‍ය ජීවිතයේ බොහෝ දේ සංවිධානය වෙන්නෙත් ප්‍රසිද්ධිය, අනුග්‍රාහකත්වය සහ බලය වෙනුවෙන්. පාර්ලිමේන්තුව පවා හැසිරීම පාලනය වෙනුවෙන් ජනමාධ්‍ය වෙත විවෘත කෙරුණු බව කීවත්, අද පාර්ලිමේන්තුව ‘හැසිරෙන්නෙත්’ ජනමාධ්‍ය වෙනුවෙන්. සමහරවිට විවාහ මංගල උත්සවයකදීත් සියලු හැසිරීම් සංවිධානය වෙන්නේ මාධ්‍ය වෙනුවෙන්. පෞද්ගලික ජීවිතයේ ලිංගික ජවනිකා පවා අද එකිනෙකා පාලනය කරන තර්ජන, අපහාස, නින්දා හැටියට හෝ පොදු රසාස්වාදය සඳහා හෝ අන්තර්ජාලයට මුදා හැරෙනවා. ලිංගික සහකරුවා හෝ සහකාරිය පවා සීමිත හෝ අසීමිත ප්‍රේක්ෂකාගාරයකට මාධ්‍යවේදියෙක් හෝ මාධ්‍යවේදිනියක් විය හැකියි. අපි කැමති වුණත් නැතත්, මේ හැසිරීම් සම්ප්‍රදායික සදාචාරයේ සීමාවල් ඉක්මවා ගිහින් පෞද්ගලිකත්වයේ අපි දන්නා සීමා වෙනස් කරලා ඉවරයි. ක්‍රමය විසින් බල කරන ලද මේ තත්ව යටතේ, තව දුරටත් ජනමාධ්‍ය සම්ප්‍රදායික මාධ්‍ය සදාචාරය වැනි කෙවිටිවලින් පාලනය කළ හැකි යැයි සිතීම ඉතාම අපරිණත සිතුවිල්ලක්. වෘත්තීය මාධ්‍යවේදයේ සහ ආධුනික මාධ්‍යවේදයේ සීමා අද ක්‍රමයෙන් සහ වේගයෙන් බොඳ වී යනවා. යම් යම් අවස්ථාවලදී තීරණාත්මක තොරතුරු මතු වෙන්නේ ආධුනික මාධ්‍යවේදය මගින් පමණයි. සමහරවිට අනාගතයේ දී අපේ සදාචාරයේ නිර්ණායක වෙන්නෙත් මේ නොනවතින සමාජ සවේලනය හෝ පරීක්ෂාව. ඉදිරියට සෑම සංසිද්ධියක්ම පාලනය වෙනු ඇත්තේත් මේ සමාජ සවේලනයෙන් සහ මාධ්‍ය සංවාද මත ගොඩනැගෙන සාපේක්ෂ රාමු මත. ආචාර ධර්ම පිළිබඳ මොන මොන අදහස් දැරුවත්, තීරණාත්මක මොහොතක දී අපි හැමෝම මාධ්‍යවේදීන් හැටියට මේ පද්ධතිය ඇතුළේ කැරකෙන දැති රෝද බවට පත් වීමට නියමිත යි.
ඒ වගේ පසුබිමක දී තමයි හම්බන්තොට සිදුවීම එළියට එන්නේ. මෙතනදි මාධ්‍යවේදියා විසින් නාවික හමුදාපති හඳුනා නොගැනීම, නිසි මොහොතේ දී සිද්ධියෙන් ඉවත් නොවීම ආදිය විවේචනයට ලක් වුණා. පළමුවෙන්ම නාවික නිලධාරියෙක් නිල ඇඳුම රහිතව අහුඹු ලෙස හඳුනාගැනීම කොහෙත්ම පහසු නැහැ. නිල ඇඳුම හෝ පදවියට උචිත හැසිරීම ආදිය එවැනි හඳුනා ගැනීමකට උපකාරී වුණත්, ඒ දෙඅංශයෙන් ම මෙතනදි හමුදාපතිවරයාටත් තමා හඳුනාගැනීමට අමතක වූ බව පැහැදිලි යි. නාවික හමුදාපතිවරයාටවත් අදාළ නැති එවැනි හඳුනා ගැනීම් සමාජයටත් එතරම් වැදගත් වීමට හේතුවක් නැහැ. අපි කැමති වුණත් නැතත්, නිලධාරියෙක් හඳුනාගෙන සිටීම තබා භාෂාවක් දැනගෙන සිටීමවත් තව දුරටත් මාධ්‍යවේදය සඳහා අත්‍යවශ්‍ය නැති බව තමයි පේන්නේ. ඒ වගේ ම අදාළ මාධ්‍යවේදියා නාවික හමුදාපති නොහැඳිනීම, ඔහු එතනින් ඉවත් නොවීම යන කාරණාම තමයි නාවික හමුදාපතිවරයාගේ හැසිරීම සහ ආකල්පවල සැබෑ ස්වරූපය හෙළිදරව් කර ගැනීමට හේතු වෙන්නේ. එසේ නොවුණා නම් නාවික හමුදාපතිවරයාගේ හැසිරීම පරීක්ෂාවට ලක් වන්නේ නැහැ. සමාජයේ යම් යම් සැඟවුණු සංකීර්ණ පැති නූතන මාධ්‍යවේදය මගින් නිරාවරණය කරන අවිඥානික ක්‍රමවේද නීති රීති මගින් පාලනය කිරීම සංකීර්ණ ගැටලුවක් බවට පත් වෙන්නේ ඒ නිසයි.
සෑම ආචාර ධර්මයක්ම, හැසිරීමක්ම විපරීතතා පෙන්වන විට මාධ්‍යවේදයත් එහි අඛණ්ඩ කොටසක් හැටියට නව තත්වවලට හැඩ ගැසීම නොවැළැක්විය හැකි දෙයක්. අද සෑම සමාජ ආචාර ධර්මයක්ම, වගකීමක් ම, සෑම මට්ටමකින් ම, සෑම වෘත්තියකදීම වගේ එළි පිටම කඩා බිඳ දමනවා. සමාජය ඒ පිළිබඳ බරපතල තැකීමක් කරන්නේ නැහැ. ඒ වගේ ම විවිධ වෘත්තීන්වල සම්ප්‍රදායික ගෞරවණීයභාවයේ ක්‍රමික කෙළසීමත් සමග නිලධාරියෙක් හෝ වගකිවයුත්තෙක් හැසිරිය හැකි ආකාරය ගැන පවා අපිට පෙර අනුමාන කළ නොහැකි යි. මේ තත්වය යටතේ මාධ්‍යවේදය පමණක් පැරණි සම්ප්‍රදායික ආචාර ධර්ම මත තව දුරටත් රඳා පවතී යැයි සිතීම දුර්වල උපකල්පනයක්. මාධ්‍ය කියන්නේ බලයට, ආරක්ෂාවට, පැවැත්මට මගක් නම්, සමස්තයට දෙන විසඳුමක් නොවෙන මාධ්‍ය පාලනයට එන ඕනෑම තනි උත්සාහයක්, යම් පටු අරමුණක් වෙනුවෙන් කෙරෙන මර්ධනයක් විතරයි.
ඒ වගේ ම මේ සිදුවීම යටින් තිබෙන වැදගත්ම දේ හම්බන්තොට වරාය චීන රජයට පැවරීම, ඊට එරෙහි වර්ජනය, එහි පසුබිම ගැන සංවාදය මේ සිදුවීම නිසා සම්පූර්ණයෙන් ම යටපත් වී යාමයි. සමස්තයක් හැටියට අද විරෝධය, අරගල හෝ සංවාද කියන්නේ ඕනෑම දිශාවකට සැනින් හැරවිය හැකි තවත් එක රැල්ලක් පමණයි. කිසිම රැල්ලක් එක දිශාවකට හමන ලොකු කුණාටුවකට පෙරළෙන්නේවත්, වෙරළක් දක්වා නොකැඩී ගමන් කරන බවක්වත් පේන්නේ නැහැ. එහෙම වැඩෙන ලොකු රැළි සමනය කිරීමට, සැණෙකින් මාධ්‍ය මගින්, තාක්ෂණය මගින් කුඩා රැළි ඕනෑ තරම් මතු කළ හැකියි. මේ සුළු සුළු රැළි මත ඒ ඒ අතට පාවීමෙන් පමණයි අද සමාජයට පවතින්න පුළුවන්. දැනට මේ රැළි යන එන දිශාවන් නොතකා, ඒවා මත පාවෙන සෙල්ලම අපිට ලොකුම ලොකු විනෝදයක් වී ඇති බව නම් හොඳට ම පැහැදිලි යි.
- අපි සව්දිය පුරමු ෆේස්බුක් පිටුවෙනි.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Dear Pera,
ReplyDeleteDon't be jealous about Yureni Noshika,
You could never be such popular being a washing machine of the current Regime. Hard luck my dear.
//යුරේනි නොෂිකා තම හිසට බිත්තර සුදු මද දැමූ ෆේස්බුක් පුවතට විසි දෙදාහක් කැමැත්ත සහ ප්‍රතිචාර දක්වා තිබෙන අතර, දෙදාහකට වැඩි පිරිසක් ඒ ගැන මත පළ කර තිබෙනවා; ඒ පුවත තුන්සීයක් පමණ දෙනා බෙදා හදා ගෙනත් තිබෙනවා.//
Deleteනම විතරක් posh වූ පොත්ත ටිකක් සුදු ඒත් කැත ගොඩේ ගෑනියෙක්ව බැඳගත් අප්පුහාමි ජාතියේ නාකිහමෙක් truly posh සුදු ලස්සන කෙල්ලෙක්ට ඉරිසියා කරන හැටි පේනවාද?
යුරේනි නොෂිකා නම් හිසට බිත්තර සුදු මද ගාගත්තා කියමුකෝ. ඒත් අර නම විතරක් posh වූ පොත්ත ටිකක් සුදු ඒත් කැත ගොඩේ ලමාතැනී නයිට් ඩියුටි දවසට හිසට ගාගන්න ඒවා මොනවාද කියලා අප්පුහාමි ජාතියේ නාකිහමා දන්නේ නැතුව ඇති.
@ Anonymous December 14, 2016 at 8:50 PM
DeleteBeauty is in the eye of the beholder.
පැරාට හොඳ නම්, ලස්සන නම් තොට ඇති රුදාව මොකද්ද යකෝ?
මොකෝ, උඹට පහන අල්ලන්න යන්න උවමනා වෙලා ද?
නොදකින් යුරේනි නොෂිකා කියන්නේ පිරිමියෙක් ගෑණියෙකුට ඇන්දා වගේ පෙනුමක් තියන පිරිමියෙක්ගේ මූණ වගේ මූණක් තියන පිරිමියෙක්ගේ අතපය වගේ දරදඬු අතපය තියන පොන්න පෙනුමක් තියන බඩුවක්.
DeleteAnonymousDecember 14, 2016 at 9:12 PM
Deleteගොයියො, උඹ ද දැන් පැරයි උගෙ ගෑනියි එක්ක threesome කරන්නෙ? එහෙම නැත්තම් උඹ පැරාගෙ ගෑනිගේ පොටෝ එකක් බලාගෙන අතේගහන පාහරයෙක්. මේක දේශපාලන ප්‍රශ්නයක්. උඹ බිජ්ජ දාන්න ඇවිත් බිජ්ජ කැපිලා වෙන්වුනෝ කියන්න එපා.
Anonymous December 14, 2016 at 9:12 PM
Deleteඅනුන්ගේ වලි මැද්දට පැණලා සුද්ද ඉංගලෙන්ම අහගත්ත නේද?
Anonymous December 14, 2016 at 9:50 PM
Deleteඅඩෝ වේසාවෝ, බැරි වෙලාවත් යුරේනි උඹ වගේ කැහුට්ටෙක් දැක්කොත් එවෙලෙම ගිහිල්ලා මූණ හෝදගන්නවා. තුඃ විතරක් තොපි වගේ කාලකණ්නි.
Anonymous December 14, 2016 at 10:36 PM
Deleteනිපුණ ආතේ, ඔයා වගේ ලොල්ලොන්ට විශමරිසි (ගැහැණු-පිරිමී) ආදරය ගැන දැනීම හොඳටම දුර්වලයි මෙයා. ඔයා ගිහින් සිරිකොතේ ගල් සෙල්ලමට සෙට් වෙලා සොමියක් ගන්න නොදන්න මගුල් කියවන්න ඇවිත් නෝන්ඩි නොවී, මෙයා. හරිම ස්වීට් ලොලෙක් අනී ඔයා, උම්ම පැටිය පරිස්සමින් යන්න
විචාරයක් කියෙව්ව වගේ මේ මොඩ් එකෙන් ලීවම කියවන්න කම්මැලියි අප්ප, ඔහෙත් අර අසනීප කාරයන්ගේ ඔච්චම් වලට අහුවෙලා උන්ට වැඩ පෙන්නන්න හදනවද කොහෙද.
ReplyDeletekammalikamata lipi kiyawanna awa nam mal pattarayak balapan. lol
Delete
ReplyDeleteඅද කාලයේ හැම වෘත්තියකම පාගේ ආචාර ධර්ම වගේම වෘත්තිය නිපුණතාවයට තැන හිමිවීමත් බොහොම අඩු මට්ටනේම් සිදු වන දෙයක් ! අද බොහෝ දුරට හැම දේම "ඉන්ස්ටන්ට්" එහෙමත් නැත්නම් ක්ෂණිකව ලබා ගැනීමට හුරුවීමත් එක්කම ඇති වෙච්ච දෙයක් කියල තමයි මට නම් හිතෙන්නේ.
නොකියා කියන්නෙ මාධයකාරයෝ හරිය කියලනේ. දීකිරට බළල්ලුත් සාක්කිලු...
ReplyDeleteමාධ්‍යකාරයෝ විතරක් නෙවෙයි අජිත් මේක ගොඩක් එවුන්ට අදාළයි. දැන් බලන්න පිටරටක පදිංචියට යාමෙන් හෝ එහි සිටිමින් ඉන් මුග්ධයකු සේ උද්දාමයට පත්ව ලංකාවේ අමාරුවෙන් එදාවේල හොයාගෙන ජීවත් වෙන අහිංසක ලාංකිකයින්ට අතිශය පහත් ලෙස නින්දාසහගත ලෙස අපහාස කරමින් බකපඬියකු සේ පොරටෝක් දෙමින් යම් සමාජ තත්වයක් හෝ සමාජ පිලිගැනීමක් ලබාගැනීමට වෙරදරා එසේ කිරීමට නොහැකිවූවන් හෝ ලබාගෙන එය පවත්වාගෙන යාමට නොහැකි වූ කුහක මනපහත් අධමයන් නැවතත් එම තත්වය, සමාජ පිලිගැනීම ලබා ගැනීමට මාන බලති.....!
ReplyDeleteඑය සිදු නොවනතැන එය ලැබෙන වුන්ට ඊර්ශියා කරමින් ඔවුන්ට විවිද කෙනහිලි බාල්දි පෙරළිලි කරති... ලංකාවේ පමනක් නොව ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා සත්‍ය තාවය එයයි..!
ඇයි මේ වහෙන් ඔරෝ භාෂාවෙන්? මෙච්චර වචන නාස්ති කරන්නෙ නැතුව රසික කියලා නම කිව්වනම් ඉවරයිනෙ. ඒත් එක්කම, මේ වගේ බාල කොමෙන්ට් දාන්නෙ ඇයි කියලත් කියනවානම් තමයි හොඳ (හිට්ස් වැඩි ගණනක් තියන, අවුරුද ගණනාවක් පරණ බ්ලොග් කාරයෙකුට තියන ඉරිසියාව හින්ද නම් නොවෙයි නේද?).
Delete@ AnonymousDecember 14, 2016 at 6:56 PM
Deleteරසික කිසි දිනක ඇනොනිමස් කොමෙන්ටු නොදමයි. එනිසා ඔය උඩින් ඇති කොමෙන්ටුව රසික විසින් ලියන ලද්දක් නොවන බව තේරුම් ගනු මැනවි.
තට්ට පො__යාට පුක දෙන එකෙක් විසින් ඉහත චරිතසහතිකේ දුන්බව සලකනු මැනවි. යකෝ තට්ට පො__යො දාන තරහ් දාන්නේ ඇනො.
Deleteතට්ට කන්නාඩි පොළඟාට දැන් කොමෙන්ට් වැටෙන්නෙම නෑ. අනේ පව්.
DeleteAnonymous December 14, 2016 at 10:02 PM, 10:20 PM
Deleteඅඩෝ වේසාවෝ, තෝ රසිකට ඊරිසියා කරලා හතරට පැලියන්. තොට ඕස්ට්‍රෙලියා යන්න පොයින්ට් මදි වුණා කියලා රසික මොනවා කරන්නද? බිත්තියක් අල්ලලා චූ කරලා පැදුරට පල නිදා ගන්න.
Anonymous December 14, 2016 at 10:32 PM
Deleteනිපුන ලොල්ලෝ, ඔයාට සිංහල තේරෙන්නෙ නැහැ නේද මෙයා, ඔයත් පව්.
මම ඊර්සියා කොළේ නැහැ අනී, දුක් වුණා, බොරුණම් මගේ කමෙන්ට් එක ආයෙ බලන්නකො පැටියෝ. මම තරහ නැහැ, ඒත් මට ගොඩාරියාක් දුකායි. "අනේ පව්" කියල කියවුණේ ඒකයි. පව් !
තවත් වහල්ලු රොත්තක් හඳුණා ගතිමි.
ReplyDeleteලංකාවට අද අවශ්‍ය ඒබ්‍රහම් ලින්කන් කෙනෙකි.
(රසික සූරියආරච්චි, දෙසැම්බර් 2016)
පන්තියේ ඉදිරි පෙල අසුනේ ඉඳගන්න
Deleteඅත් උස්සගෙන මිස් ලට උත්තර දෙන්න
ක්‍රෑම දමා කම්මල් පීටයෙ යන්න
ඒත් බැරිය ඌ හට මිනිසෙකු වෙන්න
සින්හල බොගේ පොර වෙන්නට දත කනවා
අනිත් උන් ට දාහක් ඔවදන් දෙනවා
කොමෙන්ට් වැඩි සයිට් බලලා කෙලවනවා
සිනුවර ගෙඹි තෙමේ හීනෙන් රජ වෙනවා!
"මෙතනදි මාධ්‍යවේදියා විසින් නාවික හමුදාපති හඳුනා නොගැනීම, නිසි මොහොතේ දී සිද්ධියෙන් ඉවත් නොවීම ආදිය විවේචනයට ලක් වුණා."
ReplyDeleteමෙහිදී "නිසි මොහොත" යනුවෙන් ඔබ කුමක් අදහස් කරන්නේද ?
ඉවත් වෙන ලෙස නාවුක හමුදාව නියෝග කළ මොහොත? ඒ මොහොතේ ඉවත් නොවුනොත් මාධයවේදියාත් වර්ජකයෙක් ලෙස සැලකිය හැකියි
Deleteසමාවන්න ඉහත පැනයට පිළිතුර අනවශ්‍යයි.
Deleteමෙහිදී මාධ්‍යවේදියා හමුදාපති හදුනා ගැනීම වැදගත් නොවේ යන්න මාගේ අදහසයි.
නිසි මොහොත යන්නත් මට එතරම් පැහැදිලි නැත. ඒ මන්ද යත් එය ක්ෂණික මුදා ගැනීමේ මෙහෙයක් නොවේ.
The read us,
Deleteජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පාදඩ හිරු මාධ්‍ය කාරයා වහාම අත්අඩංගුවට ගනු !
ලෝකේ කිසිම රටක හමුදා මෙහේයුම් අවසරයකින් තොරව පටිගත කරන්න බෑ.
පැහැදිලිවම හම්බන්තොටදී සිදුවූයේ අන්ත දූශිත මිනීමරු රාජපක්ෂ වාදී සන්නාහ සන්නද්ධ කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහි නාවික හමුදා මානුශික මෙහෙයුමකි. එවන් අවස්ථාවලදී පිළිගත් මාධ්‍ය ආයතනයකට හෝ මාධ්‍යවේදියෙකුට පින්තුර ගැනීමට හෝ පටිගත කිරීම සදහා නාවික හමුදාවෙන් කල් ඇතුව අවසර ලබාගත යුතුය. එම සිද්ධිය පටිගත කරනු ලැබුඑ වෙනත් තක්කඩියකු ගුටි නොකා වීඩියෝවත් පරෙස්සමින් ආරාක්ෂා කරගෙන එතැනින් පිටව ගොස් තිබීම බලවත් අඩුපාඩුවක් මෙන්ම ප්‍රශ්න රැසකට හේතුභූත වී තිබේ.
එම අතපසුවීම නිවැරදි කර ගැණීමට අදාල හොර මාධ්‍යකාර සට්ටැඹියාට නෙලන අවස්තාව පටිගත කල පාදඩ මාධ්‍ය කාරයා වහාම සොයාගෙන වෙඩිතබා අතඩංගුවට ගෙනැවිත් හැකි ඉහළම දඬුවම් ලබාදීම අත්‍යාවශ්‍යය.
"නිසි මොහොත" කියන්නේ හක්ක, බොක්කට යවා ගැනීමට පෙර මොහොත කියන එක වෙන්නැති :D
Deleteඅනේ මහත්තයෝ. හිරු එකයි නාවික හමුදාවයි දෙකම එකයි. නාවුක හමුදාවෙ බොන පාටිවලට සල්ලි දෙන්නේ හිරු එකේ ලොක්කො. අර දුප්පත් මාධයකාරයා හදන්නෙත් හිරු එකෙන් කීයක් හරි ගතමනාවක් කඩා වඩා ගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. ඔක්කොම නිවුස් හදලා අපේ තුට්ටු දෙකට විදින්න හදන වෙලාවක ලෝකයේ නාවික හමුදා ගැන කියන්ඩ එනවා මෙහේ... පුහ්..... ඉහලම දඬුවම්..... මාර කැපවීමක්නේ ඔබ තුමාගේ....
Deleteඅද ලන්කාවෙ ඇති වී තිබෙන ඛේදවාචකය නම් ඉහලම සිට පහලටම තනතුරට නුසුදුසු පුද්ගලයින් නිසා තනතුරු හෑල්ලු වීමයි. අවසානයේ රටම හෑල්ලු වීමයි. මෙයද එහි එක ජවනිකාවක් පමනයි.
ReplyDeleteසේවකයන් නැව් රඳවාගෙන සිටීමෙන් කලේ වරදක් බව අප තේරුම් ගත යුතුයි. එහෙත් ඔවුන් එසේ කලේ රජයේ අවධානය යොමු කර ගැනීමටය. දේශපාලනික හේතුන් මත මිනී මැරුවත් දේශපාලන සිරකරුවන් කියා විශේශ වරප්‍රසාද ලැබීමත්, මානුශික හේතුන් මත විරෝධය දක්වන අයට අපරාධකාරයන්ට මෙන් සැලකීමත් කෙතරම් අමානුශිකද?
අනික් කාරනය, මේ සිද්ධිය බලා සිටි මට හැඟුන දෙයක් නම් සාමාන්‍ය මහජනතාව සහ හමුදාව අතර හොඳ හිත පලුදු වුනු ආකාරයයි. මේ අවස්ථාවේ එහි වාසිය සහ එවැනි දෙයක අවශ්‍යතාවය කාටද?
රජයට....!
ඇයි?
රටේ සිදුවෙන දේවල් අනුව යම්කිසි විදියකින් හමුදා කුමන්ත්‍රනයක් ඇති වුවහොත්….එයට සාමාන්‍ය ජනතාවගේ ආධාරය නොලැබේ. එම නිසා මෙවැනි හමුදාව-ජනතාව අතර ගැටුම්කාරී අවස්ථා ඉදිරියේ දීද නිර්මානය වනු ඇත.
එමගින් හමුදාව සහ ජනතාව අතර 88-89 කාලයේ තිබුනා සේ දැඩි පරතරයක් ඇති වනු ඇත. නළුවෙක් නොව මොළයක් රට පාලනය කිරීමේ ආශ්චර්යය එයයි.
අජිත් පැරකුම්,
ReplyDeleteමෙගාපොලිස් ඇමති පාඨලී චම්පික රණවක සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි වන යෝජනාවක් එම පක්‍ෂයේ ඉහලම මණ්ඩලයකදී සාකච්චා වී තිබේ යැයි ආරංචියක් පැතිර යමින් පවතී.
මේ වන විට ආණ්ඩුව ජනතාව අතර ඉතා වේගයෙන් පිරිහෙමින් ඇති නිසා වහා ආන්ඩුවෙන් එලියට බැස ආණ්ඩු විරෝධී වන සිංහල බෞද්ධ ඡන්ද පදනමට නැවත ආමන්ත‍්‍රණය කල යුතු බව එහිදී යෝජනා වී ඇත.
නැතහොත් මීලග ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද අති බහුතරයක් ගෝඨාභය රාජපක්‍ෂ හෝ විපක්‍ෂයේ අපේක්‍ෂකයා පහසුවෙන් ආකර්ශණය කර ගනු ඇති නිසා මෙම පියවර ගත යුත්තේ 2020දී එම මැතිවරණයකදී නැවතත් කොන්දේසි සහිතව එජාපයටම එක්වීමට ඉඩ තබාගෙන ආණ්ඩුව සමග අවබෝධයන් බවත් එම පක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පෙන්වා දී ඇත.
තමන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග අදහස් හුවමාරුවක් කරගත් බවත් එනිසා ආණ්ඩුවෙන් එලියට බැස්සද ආණ්ඩුව පාර්ශවයෙන් දේශපාලන ප‍්‍රහාරයක් එල්ල නොවනු ඇතැයි ද ඇමති රණවක සදහන් කර ඇත. මේ ගැන අජිත් පැරකුම් මහතාගේ මතය කුමක් ද?
මේ සිජ්ජියේ දී;
ReplyDeleteමාජ්ජකරුවා හොඳයි කීවත් වැරදියි...
නාවික හමුජාපතියා හොඳයි කීවත් වැරදියි..
එහෙයින් නන්ගියෙ මල්ල්ලියෙ පවසමි දෙන්නම හොඳය කියා!
බයි මානසිකත්වයෙන් පෙළෙන කුණුම කුණු බයි හැතිකරය ඉතාම මෝඩ ලෙස විස්වාස කරනුයේ ගෝටා නමැති මිනීමරු අශික්ෂිත ජඩ චරිතය නැවත කරළියට ගෙන ආ විට සියල්ල ඉටුවෙනු ඇත කියායි.
Deleteමං නං අවසාන වශයෙන් නිගමනය කළේ, මේ ගෝඨා ගැන මැසිවිලි නගන අයට සිදු වී ඇත්තේ ඔවුන් ගේ තිබෙන ඉතා කුඩා බුද්ධියත් වසා ගෙන මරිමෝඩ බයි-කම ඉස්මතු වීම බවයි.
මෙය ඉතා කණගාටුදායක තත්වයක් බව අමුතුවෙන් කිව යුතුව නැත.
කලකට පෙර බුද්ධිය වසා ගෙන සිංහල බෞද්ධ ජාතිවාදී ජඩයින්ගේ ජාත්‍යාලය පෙරට ගත් දස දහස් ගණනක මුග්ධයන් පිරිසක ගේ ජීවිත නිරපරාදේ විනාශ වී යනු අපි දුටුවෙමු.
අවාසනාවට මෙන් බුද්ධිය වසාගෙන බයි-කම මතු වූ විට ඒ ආකාරයේ විනාශයක් නැවැතත් සිදු වෙනු නිසැකය.
අවසාන වශයෙන් කිව යුත්තේ කුණු කන්දල් තිබිය යුත්තේ කුණු බක්කියේ ම බවයි. කාලකණ්ණි බයියන්ට නායකත්වය දෙන ජඩයන්ට කිසිදු අවස්ථාවක් නොදෙමු.
// අවාසනාවට මෙන් බුද්ධිය වසාගෙන බයි-කම මතු වූ විට //
Deleteතට්ටේ වසාගෙන කැප් එක පලඳින විට වගේ නේද හිටන්??
@ Sa rasa at 6:57 PM
Deleteරසික කිසි දිනක ඇනොනිමස් කොමෙන්ටු නොදමයි. එනිසා ඔය උඩින් ඇති කොමෙන්ටුව රසික විසින් ලියන ලද්දක් නොවන බව තේරුම් ගනු මැනවි.
//තට්ටේ වසාගෙන කැප් එක පලඳින විට වගේ//
Deleteඒ මොන විහිළු කතාවක් ද (අ)මනුස්සයෝ?
ඔහේ, වරදක් කරළා පොලිසියෙන් හැංගෙමින් ඉන්න කෙනෙකු ද?
මීළග ජනාධිපතිවරනය පැවැත්වෙන 2020දී ජනාධිපති අපේක්‍ෂකයින් ලෙස තරග වැදීම සදහා ආණ්ඩුව පාර්ශවයේ ප‍්‍රබලයින් කිහිප දෙනෙකු ලක ලැහැස්ති වෙමින් සිටින්නේ යයි දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචියක් පැතිර යමින් පවතී.
ReplyDeleteරාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, චම්පික රණවක ඊට දැනටමත් සූදානමින් සිටින අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා 2020දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනු ඇතැයි සලකමින් එජාපයේ රවී කරුණානායක, දයා ගමගේ ද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටිතැයි පැවසෙයි.
අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද තමන් නැවතත් ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස නම් කරනු ඇතැයි දැඩි විශ්වාසයෙන් සිටියි.
අපි සව්දිය පුරමු ලියන්නෙත් පැරා බව දැන්නේ දන්නේ. ඒකෙ බොන්නත් දෙනවද?
ReplyDelete"අපි සව්දිය පුරමු" ලියන්නේ අනුහස්. අනුහස් කියන්නෙ මොන වගේ කෙනෙක් ද? අනුහස්ගේ ලියවිලිවල එන අදහස් මොනවද? අනුහස්ගෙ සැඟවුනු අරමුණු මොනවද? අනුහස් කියන්නෙ ඇත්ත නමක් ද බොරු නමක් ද? කර්තෘ බොරු නමක් පාවිච්චි කරන්නේ ඇයි? නැත්නම්, ඇත්ත නම ම පාවිච්චි කරන්නෙ ඇයි? කර්තෘගේ පසුබිම, එයාගෙ වැඩපිළිවෙළ, එයාගේ තාක්ෂණය, එයාගෙ අනන්‍යතාවය, ස්ත්‍රී පුරුෂභාවය වගේ දේවල් එයා ලියන දේ එක්ක කොච්චර සම්බන්ධ ද? කර්තෘ කියන්නේ තොරතුරු තෝරා බේරා ගෙන තමන්ගේ ප්‍රතිභාවෙන් ඒවා යළි ප්‍රතිනිර්මාණය කරන කෙනෙක් ද? එහෙම නැත්නම් මානව සංස්කෘතිය ගොඩනගන තොරතුරු, කියවන්නාට සංවිධානය කර දෙන අතරමැදියෙක් ද? එහෙමත් නැත්නම් දෙවියන් හෝ අද්භූත බලවේග තම පණිවිඩය කියවන්නා වෙත ගෙනයාම සඳහා යොදා ගන්නා දූතයෙක් ද? කියවන්නාට රචකයාගේ පරම අදහස කෘතිය තුළින් සොයා ගන්න පුළුවන් ද? එහෙම නැත්නම් කියවන්නාට කෘතිය ඕනෑ ම විදිහකට ඕනෑම අනන්තයකට තේරුම් කරන්න, කරකවන්න, අලුතින් ගොඩනගන්න පුළුවන් ද? ඉතිහාස රචකයා, වාර්තා රචකයා සහ ප්‍රබන්ධ රචකයා හෝ ඒ ඒ කුලකයට අයත් අනිත් නිර්මාණකරුවන් තම තමන්ගේ නිර්මාණ කරද්දි තොරතුරු හසුරවන විදිහේ වෙනසක් තියෙනව ද? මේ හැම දෙයක් ගැන ම අපේ අදහස් වෙනස් වුන විදිහ, වෙනස් වෙන විදිහ මොකද් ද? ඒවා විමසල බලන්න පුළුවන් එක එක විදි මොනව ද? එක විදිහක් වෙනුවට තවත් විදිහක් තෝර ගන්න හේතුව මොකක්ද? ඒව පිටිපස්සේ නො පෙනෙන අරමුණු තියෙනව ද?
Delete"අපි සව්දිය පුරමු" එක්තරා විදිහක වෙබ් සඟරාවක්. මේකෙ ලියවෙන්නේ සිනමාව ගැන, කලාව ගැන, දර්ශනය ගැන අනුහස් ගේ අදහස්. හැබැයි ඉහත හේතු නිසා ම ඒවා හැම තිස්සෙම, එක් එක් අයට පේන්නෙ ප්‍රගතියට හෝ පරිහානියට බර අදහස් විදිහට වෙන්න පුළුවන්. ඒ නිසා කියවන අයත් ලියන දේ ගැන සහ ලියන විදිහ ගැන අදහස් දක්වන්න, වැරදි හදන්න, සංවාදයට හවුල් වෙන්න ඕනැ ම යි. ඒ අදහස්වලින් අනුහස් කැමති ඒවා වෙනම පිටුවක එකතු කරනවා. ඒ අදහස් එක්ක සංවාදයෙන් අනුහස් තමන්ගේ අදහස් වෙනස් කර ගන්නවා. කියවන අයටත් තමන්ගේ අදහස් වෙනස් කර ගන්න ඒක උදව්වක් වුනොත් අනුහස්ට සතුටු යි! එහෙනම් මේ හැම දෙයක් ගැනම කතා කරන ගමන් "අපි සව්දිය පුරමු!"
මේ පැරාගේම දස අවතාරයකි.
Deleteඅපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ
ReplyDeleteතුන් සිංහලයම අත දරුවෝ
පොතේ දැනුම ඇති, ජීවිතෙ දන්නැති
තුන් සිංහලයම අත දරුවෝ
//අදහසක් වෙනුවෙන් හැකි ඉක්මනින් අනුගාහකත්වය සංවිධානය කිරීම// I learned something new on media today.
ReplyDeleteThanks.