රංග කලන්සූරිය මල්ලීට උපදෙස් දෙන මාධ්‍ය අයියලා හා මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය

ආණ්ඩුවට කොච්චර අවාසි වුණත් අතිනුත් දාලා ඇත්ත කියන Sunday Observer!
හම්බන්තොට වරායේ වර්ජිත සේවකයන්ට නාවික හමුදාව පහර දීම සම්බන්ධයෙන් ප්‍ර‍ධාන ධාරාවේ හා සමාජ මාධ්‍යවල ප්‍ර‍තිචාර සම්බන්ධයෙන් මගේ නිරීක්ෂණ කීපයක් මෙසේ ය:

නාවිත හමුදාපති කොට කලිසම් ඇඳීම හා හුත්තිගෙ පුතා යි කියා බනින එක වැරදි ය. 

එහෙත් නාවික හමුදාපති ගෝරිල්ලකු වැනි යයි කීම ඔහුට කරන අපහාසයක් නො වන ඉතා විනීත මාධ්‍ය භාවිතාවකි.

එසේම, මීට කලින් අවස්ථාවකදී මත්තල ගුවන් තොටුපළ හා හම්බන්තොට වරාය බලන්නට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් අතර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ අතින් ඇද අම්මට හුකන්න හුත්තිගෙ පුතා යි කම්කරුවන් කියන එක කුණුහරුපයක් නො වේ. එය අමතක කරන ලද අතීතයක් පමණි. 

ගැටුම් කළමනාකරණයට හෝ නොකළමනාකරණයට නාවික හමුදාපති පෞද්ගලිකව මැදිහත් නො විය යුතු ය. ඔහු කළ යුත්තේ අනෙක් අය දමා ගැස්සවීම පමණි.

මාධ්‍ය හැඳුනුම්පත හා කැමරාව රැගෙන, වෘත්තීය ආචාරධර්ම පමණක් නො ව ආත්මාරක්ෂාව ද නො තකා ඕනෑ කලහයක් මැද්දට පැන ෆොටෝ ගසා විකුණාගෙන කන්නට අයිතියක් මාධ්‍යකරුවන්ට තිබේ.

රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සිටිය යුත්තේ මාධ්‍යකරුවන්ගේ පැත්තේ ය. එම නිලධාරියා මාධ්‍යකරුවන්ගේ ආචාරධාර්මික වැරදි සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කිසි විටෙක නො කළ යුතු ය. රංග කලන්සූරිය මල්ලී අනෙක් මාධ්‍ය අයියලා කියන විදියට ම වැඩ කළ යුතු ය.

ඕපාදූප මත පදනම් ව පවා වර්ජනය කරන්නට කම්කරුවන්ට අයිතියක් තිබේ. ඒ පිළිබඳව කලින් දැනුම් දීම්, සාකච්ඡා, සම්මුති අනවශ්‍ය ය. ආණ්ඩුව කියන්නේ බොරු ය. ඔවුන්ගේ රස්සා නැති කරනවා ය කියන කටකතාව ඇත්ත ය. ඒ නිසා වර්ජනය කළ යුතු ය.

ජාත්‍යන්තර නාවික ගමනාගමනයට බාධා කරමින් මුහුදු මංකොල්ලකාරයන් ලෙස හැසිරෙන එක වරාය කම්කරුවන්ගේ අයිතිවාසිකමකි.

මහින්දව ජනාධිපතිකමින් පහ කරන ලද නිසා මහින්ද හැදූ වරායට නැව් එන එක නවත්වා, පුළුවන් තරම් පාඩු ඇති කර, ණය ගෙවා ගන්නට බැරි කර, ආණ්ඩුව පෙරළා දැමිය යුතු ය. 

නැවට පිට වන්නට ඉඩ නො දී බාධා කිරීම නිසා පාඩු සිදු වූ නැව් සමාගම ඉදිරියටත් හම්බන්තොටට නැව් එවනවා ඇත. වරාය රැක ගන්නට ය කියා කටයුතු කරන කම්කරුවන් මුහුදු මංකොල්ලකාරයන් ලෙස හැසිරෙන විට වරාය දියුණු වනවා ඇත. 

හදිසි නීතිය නැති නිසා නැව් මුදා ගැනීමට නාවික හමුදාව යොදවන්න බැරි යයි තර්ක කරන නාමල් රාජපක්ෂගේ තාත්තා මහින්ද රාජපක්ෂ ලංකාවේ සිටි ඉතා ම නීති ගරුක ජනාධිපතිවරයා ය.

මේ වරාය සේවකයන් යනු හඬන්නට පවා හැකි ඉතා අහිංසක කම්කරු පිරිසකි. ඔවුන් වනාහි ප්‍ර‍ධාන වශයෙන් ම නාමල් රාජපක්ෂ විසින් ඉතාම පාරදෘෂ්‍ය නො වන ආකාරයට බඳවා ගනු ලැබූ පිරිසක් නො වේ. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් වරායෙන් වැටුප් ලබමින් මහින්ද වෙනුවෙන් කැම්පේන් කළේ නැත.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් පිරිසක් හම්බන්තොට වරායේ සංචාරය කළ අවස්ථාවේදී පවා මෙම කම්කරුවන් හැසිරුණේ ඉතා ම විනීත ආකාරයට ය. 

පළමු වීඩියෝවේ සිටින්නේ පහර කන කම්කරුවෝ ය. දෙවන වීඩියෝවේ සිටින්නේ ප්‍ර‍හාරක කම්කරුවන් පිරිසකි. එවකට පැවතියේ ඒ කම්කරුවන්ගේ ආණ්ඩුවකි. 






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා වැරැද්ද වැරැද්ද ය. එදා, අද කොම්පැරිසන්වලින් වැරදි කැන්සල් නොවේ.

    ReplyDelete
    Replies
    1. උනුත් එකයි, මුනුත් එකයි.

      Delete
    2. මෙතනදී වැරදි නාවික හමුදාපති විතරක් ය කියන කට්ටිය ද වැරදි ය. වැරදිවලින් ම පිරුණු සමාජයක එකක් හරි ය කියන්නට යාම තේරුමක් නැත.

      Delete
    3. බැරි වෙලාවත් ඔය මාධ්‍යවේදියා දෙමළ උනා නම් බලන්න තිබුනා පැරාලගෙ සැර

      Delete
    4. එහෙම දෙමළ, සිංහල, මුස්ලිම් අරව මේව කියලා වෙනසක් තිබුණා ය කියලා පෙන්නන්න පුළුවන් උදාහරණයක් දෙන්න.

      මේක දෙමළ, සිංහල කතාවක් නෙමෙයි. මාධ්‍ය විසින් සිදුවීම් ආවරණය කිරීමේදී අනුගමනය කළ යුතු පටිපාටි තියෙනවා.

      විකුණගන්න පුළුවන් වීඩියෝ හා ඡායාරූප වෙනුවෙන් අලින්ට පෑගිලා මැරෙන මාධ්‍ය මෝඩයන් ඉන්න රටක් මේක.

      Delete
    5. පැරා, උඹ අපට කියනවා නේද අප නිසා උඹට අනන්‍යතාවක් ලැබුණේ නැහැ කියා? දැන් පෙනෙනවා නේ ද පැරා කියන චරිතය ලෝකයා හඳුන ගෙන තියෙන විදිය? ඒ මාර්ක් එක යන්නේ නැහැ මචං උඹ සර්ෆ් එක්සෙල් නෙවෙයි බ්ලීචිං පවුඩර් බැරල් එකක බැහැලා හිටියත්. උඹේ උරුමය තියෙන්නේ උඹ දැන් ලැග ගෙන ඉන්න තැන නෙවෙයි. මොක ද පැරා කියන්නේ? උරුමය මොයා යනවා ද?

      Delete
    6. මට තියෙන මොනවා හරි උරුමයක් තියෙනවා නම් ඒක මට හොඳා.

      Delete
    7. "දෙවන වීඩියෝවේ සිටින්නේ ප්‍ර‍හාරක කම්කරුවන් පිරිසකි. එවකට පැවතියේ ඒ කම්කරුවන්ගේ ආණ්ඩුවකි."

      පිස්තෝලයක් අතින් ගෙන සිටින කම්කරුවා අද "යහපලාන කම්කරු ව්‍යාපාරයේ" නායකයා විසින් බෙලිඅත්ත ආසනයේ කම්කරු සංවිධායක ලෙස පත්කර තිබීමෙන්ම අද පවතින්නේද "කම්කරු ආණ්ඩුවක්" බව පැහැදිලිය.

      - මොණරවිල

      Delete
    8. කැමති ද උඹේ උරුමය සොයා ගොස් ලාංකීය නියෝජිතයා ලෙස යළි ඉපදෙන්නට?

      Delete
    9. මෙය හිතා මතා පරණ කොන්තරයක් නිසා කළ පහර දීමක්දැයි රවීන්ද්‍ර විඡේගුණරත්න ගේ පහත ප්‍රකාශය අනුව සැක සිතේ!

      "මම මාධ්‍යවේදියකුට පහරදුන්නා නම් ඔහු රෝහල් ගතව ඉන්න ඕනෑ. එයා මාධ්‍යවේදියෙක්‌ නම් කියන්න ඕන මම අහවල් ආයතනයේ මාධ්‍යවේදියෙක්‌ කියලා. එයා මාධ්‍ය ආයතන කිහිපයක ඉන්නවයි කියලා කිව්වා. මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා."
      http://www.divaina.com/2016/12/12/news02.html

      Delete
  2. හන්දියේ චණ්ඩියෙකු මෙන් අතින් පයින් වැඩ පෙන්වූ වත්මන් නාවික හමුදාපති දැක, හිටපු නාවික හමුදාපතියෙකු ගේ චණ්ඩි පාට් එකක් ගැන පැරණි කතාවක් සිහිවිය.

    https://rasikalogy.blogspot.com.au/2015/02/sri-lankan-high-commissioner-in.html

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. 1980 දී ජේ.ආර්. ජයවර්ධන රජය කළාක් මෙන් වැඩ වර්ජනය කරන සියළුම වරාය සේවකයන් වහාම රැකියාවලින් පහ කර රටේ කාර්මික සාමය ඇති කළ යුතු ය. නැතිනම් සිදු වනුයේ රට තව තවත් අරාජික වීම ය.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  3. 'නෑ නෑ ටීච,මට කක්ක ගියේ නෑ' කියලා කලිසමෙන් පල්ලට පෙරෙන ගූ අතින් පිහදදා වටේ පුටු,මේස වල ගගා ගිය එකෙක් හිටියා දෙකවසරෙදි ගස්ලබ්බගෙ පන්තියෙ..
    අනේ පැරෝ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ රනිල්ට කක්ක ගියාම නෑ නෑ රනිල්ට කක්කා ගියේ නෑ කියලා පැරා කියනවා. මරා ගූ ලොරි ගනන් දමාගෙන ගූ ගොඩේම හිටියා, ඒත් අපේ සාරස කියනවා නෑ නෑ මරාට රෙවුනේ නෑ කියල.
      කව්ද හරි, කව්ද වැරදි, කව්ද රිව්වෙ කියල මට තේරෙන්නෙ නෑ අෆ්ෆා.

      Delete
    2. ඔයා ඔය කාගෙවත් හරි වැරදි විනිශ්චය කරන්න යන්නෙ නැතිව තමන් නිවැරදි විග්‍ර‍හයක් හදා ගන්න. අනෙක් අයගේ මත ඒවාට පාදක විතරක් කර ගන්න.

      Delete
  4. අම්මට හුකන්න හුත්තිගේ පුතා සහ හුත්තිගේ පුතා ලෙස ඇමතීම ඉතාම වැරදි සගහතය.

    මින් පසු උද්ඝෝෂණ කරන බබාලාගේ සහ මාද්දිය බබාලාගෙන්

    බබා ඔයාගේ අම්මාගෙ නම මොකක්ද මගේ අම්මා කියා අසා දැනගෙන,

    ඇසිලින්ගේ පුතා, ඇලිස්ගේ පුත, ඩේසිගේ පුතා ලේස නිවැරදි ආකාරයෙන් ඇමතිය යුතුය..

    එමෙන්ම උද්ඝෝෂණ හා ඒවා මැඩලීමට ආචාර ධර්ම පද්දතියක් සැකසීම සඳහා මාද්දියවෙදීන්ගෙන් සැඳුම්ලත් කමිටුවක් වහාම පත් කළ යුතුය..

    ආන්ඩු කළ යුත්තේ මාද්දිය හුත්තිගෙ පුතාලා, සමාවෙන්න මාද්දිය බබාලා කියානාකාරයට විය යුතුය..

    මන්ද අවුරුදු 2500 ක අති ස්‍රේස්ට ඉතිහාසයේ කටයුතු කර තිබෙන්නේ එලෙසම බැවින..

    ආයිබෝවේවා ..... මහ රජානනි...!!!

    ReplyDelete
    Replies
    1. මාතලන්ගෙ අම්මගෙ පුතෝ, පැරාගෙ අම්මගෙ පුතෝ වගේ කිව්වත් කමක් නෑ හිටන්

      Delete
    2. @ Anonymous December 12, 2016 at 12:07 PM

      ආ... Sa rasa, මොකද මේ ඇනෝ වේශයෙන් ඇවිල්ලා?

      Delete
    3. Ado Sydney idiot? Don't be stupid. Everybody knows that it's you. So ur attempt to make allegations to other bloggers will not work. Sorry mate.

      Delete
  5. ජනමාධ්‍ය ආයතනවල හැසිරීම පිළිබද ප්‍රශ්න පවතී. නමුත් ඔහු එහි සේවකයෙකි. ඔහුට පහර දීම වැරදි.
    කවුරුන් හෝ තමාගේ නිළ බලය භාවිතා කොට කෙනෙකුට පහරදීම අනුමත කල නොහැකි.
    එය කවුරුන් කලත් වැරදි.
    එය රණවිරුවකු කල දෙයක් නිසා, සාධාරනිකරයනය කල හැක්කේ රටේ "ජනාධිපතිවරයාට" පමණි. සිරිසේන තුමාට නම් ජනමාධ්‍යවේදියකුට පහර දීම නොව වැසිකිලි වලක එබුවත් එය රණවිරුවකු කල නිසා වරදක් නොවීමට ඉඩ ඇත. නමුත් ජයසිංහ මහතාත් එය සාධාරණීකරණය කිරීම උභතෝකොටිකයෙකි.

    ජනමාධ්‍ය ආයතනවල හැසිරීම පිළිබද ප්‍රශ්න පවතී. නමුත් ඔහු එහි සේවකයෙකි. ඔහුට පහර දීම වැරදි.
    කවුරුන් හෝ තමාගේ නිළ බලය භාවිතා කොට කෙනෙකුට පහරදීම අනුමත කල නොහැකි.
    එය කවුරුන් කලත් වැරදි.
    එය රණවිරුවකු කල දෙයක් නිසා, සාධාරනිකරයනය කල හැක්කේ රටේ "ජනාධිපතිවරයාට" පමණි. සිරිසේන තුමාට නම් ජනමාධ්‍යවේදියකුට පහර දීම නොව වැසිකිලි වලක එබුවත් එය රණවිරුවකු කල නිසා වරදක් නොවීමට ඉඩ ඇත. නමුත් ජයසිංහ මහතාත් එය සාධාරණීකරණය කිරීම උභතෝකොටිකයෙකි.

    ජනමාධ්‍ය ආයතනවල හැසිරීම පිළිබද ප්‍රශ්න පවතී. නමුත් ඔහු එහි සේවකයෙකි. ඔහුට පහර දීම වැරදි.
    කවුරුන් හෝ තමාගේ නිළ බලය භාවිතා කොට කෙනෙකුට පහරදීම අනුමත කල නොහැකි.
    එය කවුරුන් කලත් වැරදි.
    එය රණවිරුවකු කල දෙයක් නිසා, සාධාරනිකරයනය කල හැක්කේ රටේ "ජනාධිපතිවරයාට" පමණි. සිරිසේන තුමාට නම් ජනමාධ්‍යවේදියකුට පහර දීම නොව වැසිකිලි වලක එබුවත් එය රණවිරුවකු කල නිසා වරදක් නොවීමට ඉඩ ඇත. නමුත් ජයසිංහ මහතාත් එය සාධාරණීකරණය කිරීම උභතෝකොටිකයෙකි.

    ReplyDelete
    Replies
    1. සමාවන්න.., වැරදීමකින් 3 පාරක් වැටි ඇත.

      https://thereadus.wordpress.com/2016/12/12/%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%9A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7/

      Delete
    2. මේ පහරදීම හරි බවක් මා කියා නැත. එහෙම කියන්නට කිසිදු අවශ්‍යතාවක් ද මට නැත.

      හැබැයි, මාධ්‍යකරුවා කියන්නේ ද ඔය කියන තරම් පූජනීය වස්තුවක් නො වේ.

      Delete
    3. පැරකුම් ජයසිංහ,

      මාධ්‍යවේදියෙක් යනු යම් ආයතනයක සේවකයෙකි. අප එය අමතක කළ යුතු නැත. "මාධ්‍යවේදියාගේ නිදහස යනු සාපේක්‍ෂ නිදහසකි" යන ලක්‍ෂමනියානු න්‍යාය (මෙය ජනමාධ්‍යවේදයේ සම්මත න්‍යායකි) පදනම් වන්නේ එම කතිකාව තුළ ය.

      සූර මාධ්‍යපති ලක්‍ෂමන් එෆ්. බී. ගුණසේකර සහෝදරයා පවසන වැදගත් අදහසට අවධානය යොමු කරන්න:

      https://youtu.be/WISJBWhqCpI

      බ්ලොග්කරුවකුට ඇති නිදහස සහ ජාතික පුවත්පතක කර්තෘ ධුරය දරන මාධ්‍යපති‍යකුට නැත. තම සාපේක්‍ෂ නිදහස තුළ සිටිමින් ලකී විසින් කරනු ලබන කාර්යභාරය අපගේ ඇගයීමට ලක් විය යුතු නො වේ ද?

      (ඉහත වාක්‍ය කීපය ලකීගේ නො වන බව ද කරුණාවෙන් සලකන්න)

      Delete
    4. /කවුරුන් හෝ තමාගේ නිළ බලය භාවිතා කොට කෙනෙකුට පහරදීම අනුමත කල නොහැකි/
      ඇත්තටම හමුදාවට පැවරුණු නිල බලය මොකක් වෙන්න ඇතිද? අර මැතිවරණ කොමසාරිස් කීවා වගේ “අවශ්‍ය බලය“ භාවිතා කිරීම නම්?

      Delete
    5. "හැබැයි, මාධ්‍යකරුවා කියන්නේ ද ඔය කියන තරම් පූජනීය වස්තුවක් නො වේ."


      වාදයක් නැත, පිලිගනිමි. නමුත් නීතියට පිටින් ගොස් මිනිමරුවකු වුවත් මරා දැමීමේ අයිතියක් කිසිවකුට නැත. පවතින මාධ්‍ය ආයතන කිසිවක් සමාජ වගකීමක් ඇතිව සේවයේ යෙදෙන ආයතන නොවේ. ඔවුන් තනිකර ලාභය හබා යන ව්‍යාපාර වේ. මේ ව්‍යාපාර හමුවේ සමාජ වගකීමක් සහිත සේවයක් පුද්ගලයන් ලෙස තනි මාධ්‍යකරුවන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.

      "ඇත්තටම හමුදාවට පැවරුණු නිල බලය මොකක් වෙන්න ඇතිද? අර මැතිවරණ කොමසාරිස් කීවා වගේ “අවශ්‍ය බලය“ භාවිතා කිරීම නම්?"

      මෙහිදී හමුදාවට පැවරුන නිළ බලය කුමක් වුවත් , එම අණ දුන් තැනැත්තාට හෝ හිමි බලය අයුතු ලෙස යොදා ගෙන කෙනෙක් තාඩනයට හෝ පිඩනයට පත් කිරීම අප අනුමත නොකළ යුතුය යන්න මාගේ හැගීමයි. එකී මාධ්‍යකරුවා එකී අවස්ථාවේදී කුමන වැරද්දක් කලද, නාවික හමුදාපතිවරයාට දඩුවම් දීමට ඇත්තේ කුමන බලයක් ද? ඔහු එහි ගියේ මාධ්‍ය කරුවන්ගේ වර්ජනයකට නොවේ.

      Delete
    6. මෙතනට ඉත්තෑකන්දේ භික්ෂුව යන්නේ ධර්මය දේශනා කරන්නට නො වේ. එසේම, ජනමාධ්‍යකරුවන්ට වුව ද විවිධ අරමුණු තිබිය හැකි ය.

      මෙය දැවැන්ත කඩාකප්පල්කාරී ව්‍යාපාරයක එක් ජවනිකාවක් පමණි. එය තේරුම් ගැනීම වැදගත් ය.

      සියල්ල සාපේක්ෂ ය. නිරපේක්ෂ මූලධර්ම සමග දේශපාලනය කළ නො හැකි ය.

      Delete
    7. " හැබැයි, මාධ්‍යකරුවා කියන්නේ ද ඔය කියන තරම් පූජනීය වස්තුවක් නොවේ."

      අජිත්දි ගේ කට කෙසේ වෙතත් දිව නම් බොරුකියා නැත. ඔය තර්කය ප්‍රදීප් එක්නැළිගොඩට, ලසන්ත වික්‍රමතුංගට සහ සඳරුවන් සේනාධීරට ටද අදාළ කරගත්තොත් ඔය මාධ්‍ය ධාතු කරඬුව වලටත් ඔය කියන පූජනීය බව නොලැබෙන බව පැහැදිලිය.

      වික්ටර් අයිවන් ගේ "පැන අහිංසකද" ගැන සංවාදයකට එමුද අජිත්. එතකොට ඔය මම ඉස්සර කිව්ව කතාව පිලිබඳ ඇත්ත එළිවෙයි.

      අජිත් මේ ඔයාගේ පොස්ට් එකම නොමග යවන සුළුයි. ආසන්තම ගැටලුව ඇතිවුනේ කොතනද ? චීන සමාගමකට මේ වරාය 99 අවුරුද්දකට බදු දීම. මාධ්‍ය කියන විදියට අපිට 20% චීනෙට 80% යි. නමුත් වරාය හදන්න සම්බන්ධ වෙච්ච සමාගමේ offer එක අපිට 35% චීනෙට 65% යි. මේ 20 -80 ගිවිසුම අත්සන් කරන්නේ මලික් ගේ අමාත්‍යාංශයෙන් වරාය භාර අමාත්‍යාංශය පැත්තක.

      මේ නාවික හමුදාපති කතා ඒවා එක්ක බලද්දී සිල්ලර කාරණා. හැබැයි ඒවා දිහාට මුලික කාරනා අමතක කරලා පොස්ට් දැම්මට මිනිස්සු අන්දන්න බෑ.

      මතකද අර අකුරැස්සේදී පහුගිය මහා මැතිවරනේදී බීමත් කෙනෙක් මහින්ද ගේ අත කරකවන්න හැදුවම මහින්ද නියම මිනිහෙක් වගේ ආත්මාරක්ෂාවට වමත ඉස්සීම ගැන " වමත්කාර වමත්කාරයා" පද මාලාව මතකද? දැන් නාවික හමුදාපති අර "මාධ්‍යවේදියාගේ" කනට ගහන්නෙත් වම් අතින් නේද? දැන් අජිත්ට අනුව "වමත්කාර වමත්කාරයා" ගේ නව පද මාලාව එළිදක්වන පුළුවන්නේ? මතුගම කසිප්පු අල්ලන raid එකකට IGP සම්බන්ධ උනොත් කොහොමද?

      ඔය පරසක්වල ගහන "විදේශයකට අයත් යුද නැව් දෙක" කොහෙද තිබුනේ අජිත්? හම්බන්තොටද? තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න බැරිනම් ඒවා යුද්ධ නැව්ද? මං දන්නා තරමින් නම් තිබුනේ වෙළඳ නැව් දෙකක්. ඒවත් තිබුනේ ජැටියේ. ඒවා වර්ජකයෝ අත් අඩංගුවට අරන්තිබුනද ඇත්තටම? ඒ නැව් වල captains ලා සිට 4th officers ලා දක්වා හිටියේ නැවෙන් පිට හෝ ඇතුලේ වර්ජක
      අත් අඩංගුවේද? වරායේ entrance and exit එක වර්ජකයො block කළාද?

      දැන් වර්ජකයෝ දවස් 6 ක් තිස්සේ නැව් දෙකකට යන්න නොදී තියා ගෙන ඉන්නවා නම් ඇයි බලධාරීන් admiralty අධිකරණ බලය තියන colombo high court o1 (මා දන්නා තරමින් ) ගිහින් නැත්තේ? නියෝගයක් ඉල්ලුවේ නැත්තේ? එහෙම නියෝගයක් නාවික හමුදාවට තියනවද?

      දැන් නොදන්නා මගුල් රෙද්ද පල්ලෙන් බේරෙනවා නේද අජිත් ?

      -මොණරවිල




      Delete
    8. "මෙතනට ඉත්තෑකන්දේ භික්ෂුව යන්නේ ධර්මය දේශනා කරන්නට නො වේ. එසේම, ජනමාධ්‍යකරුවන්ට වුව ද විවිධ අරමුණු තිබිය හැකි ය"

      පිළිතුර - බ්ලොග්කරුවන්ටද ද විවිධ අරමුණු තිබිය හැකි ය. කමෙන්ට්කරුවන්ටද ඒ එසේමය.

      "සියල්ල සාපේක්ෂ ය. නිරපේක්ෂ මූලධර්ම සමග දේශපාලනය කළ නො හැකි ය."

      පිළිතුර - එසේමය !!! අජිත් ගේ ප්‍රබලම විවේචකයකු වන මොණරවිල මා ඒ පිලිබඳව අජිත්ට අනතුරු හඟවා ඇත. "සිරිසේන - රනිල් නිසා සැදෙන ජහපලාන එකතුව වැනි පුද්ගල විරෝධී සිල්ලර තැත් හරහා සාපේක්ෂ හෝ නිරපේක්ෂ මූලධර්ම සමග ප්‍රයෝගික දේශපාලනය කළ නො හැකි බව අජිත්ද පිළිගනියි.

      සාපේක්ෂ මුලධර්ම හරහා යම් ලෙසකට රට ගොඩනැගිය හැකියයි අද මිනිසුන් විශ්වාස කරන එකම පුද්ගලයා ගෝටාභය පමණි.

      දැන් අජිත් ද කළ යුත්තේ ඔහු හෝ වෙනත් විකල්ප නායකයකු හා වන සංස්ථාමය සහ සමාජීය බලතුලනය ගොඩනැගීමය.

      දැන් මාර්තුවේ මතුගම ප්‍රාදේශීය සභා මැතිවරණයක් තිබ්බොත් "ජහපලානය" හේදිලා යනහැටි අජිත් දනී. එහෙම උනොත් අජිත්ලා ගේ ගමේ තියෙන්නේ මොණරවිලලාගේ ආණ්ඩුවකි.

      නමුත් පරම බලයේ පරම නරක මොණරවිල දනී. එහෙත් හුදු මහින්ද විරෝධය මත පදනම්ව නොදන්නා යකෙකු ගෙනා අජිත්ලා ඒ නොදනී.


      - මොණරවිල











      Delete
    9. සෝදුපත -

      අර අකුරැස්සේදී පහුගිය මහා මැතිවරනේදී බීමත් කෙනෙක් මහින්ද ගේ අත කරකවන්න හැදුවම මහින්ද නියම මිනිහෙක් වගේ ආත්මාරක්ෂාවට වමත ඉස්සීම ගැන අජිත් ඔබ ලියූ" වමත්කාර වමත්කාරයා" පද මාලාව මතකද?

      Delete
    10. පැරා උඹ ඉවරයි. රෙදි ගැලවිලා නේද දැන්? ඛේදයකි. දුකකි. තිතකි.

      Delete
    11. //ඔය පරසක්වල ගහන "විදේශයකට අයත් යුද නැව් දෙක" කොහෙද තිබුනේ අජිත්? හම්බන්තොටද? තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න බැරිනම් ඒවා යුද්ධ නැව්ද? මං දන්නා තරමින් නම් තිබුනේ වෙළඳ නැව් දෙකක්. ඒවත් තිබුනේ ජැටියේ. ඒවා වර්ජකයෝ අත් අඩංගුවට අරන්තිබුනද ඇත්තටම? ඒ නැව් වල captains ලා සිට 4th officers ලා දක්වා හිටියේ නැවෙන් පිට හෝ ඇතුලේ වර්ජක
      අත් අඩංගුවේද? වරායේ entrance and exit එක වර්ජකයො block කළාද?

      දැන් වර්ජකයෝ දවස් 6 ක් තිස්සේ නැව් දෙකකට යන්න නොදී තියා ගෙන ඉන්නවා නම් ඇයි බලධාරීන් admiralty අධිකරණ බලය තියන colombo high court o1 (මා දන්නා තරමින් ) ගිහින් නැත්තේ? නියෝගයක් ඉල්ලුවේ නැත්තේ? එහෙම නියෝගයක් නාවික හමුදාවට තියනවද? //

      කවුද කිව්වෙ මෙතන යුද නැව් දෙකක් තිබුණා ය කියලා? තමන් මනසින් ගොඩනගා ගත් දෙයකට ප්‍රතිචාර දක්වන ලෙඩේ මොකක් ද කියන එක හොයලා බලන්න.

      අනෙක, කවුරුහරි පුළුවන් නම් මේ මාධ්‍යකරුවාට සහයෝගය දීලා නාවික හමුදාපතිට එරෙහිව නඩු දාලා උසාවි ගෙනෙන්න. සමථයකට යන්නෙ නැතුව නඩුව ගෙනියන්න. ඒ නඩුව මාධ්‍ය භාවිතාව, හිමිකම්, හමුදා බලතල ආදිය ගැන හොඳ නඩු තීන්දුවකට යොදා ගන්න.

      Delete
    12. ///සාපේක්ෂ මුලධර්ම හරහා යම් ලෙසකට රට ගොඩනැගිය හැකියයි අද මිනිසුන් විශ්වාස කරන එකම පුද්ගලයා ගෝටාභය පමණි.///

      මොණරවිල නමැති මුග්ධ පුද්ගලයා, තමුන් සිතනා දෙය රටේ අනිත් මිනිසුන් ද එලෙසෙම සිතනවා යයි විශ්වාස කරයි.

      ගෝඨභය නමැත්තාට කිසි දිනක ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැත. ඒ රටේ සුළු ජන කොටස්වල ඡන්දය ඔහුට නොලැබෙන බැවිනි. මහා ජාතියේ එ.ජා.ප. නොවන අයවළුන් අතරේ වුව ද ඔහුට ඡන්දය නොදෙන අය ඕනෑ තරම් සිටිති. ඒ අනුව මොණරවිල අයත් කුලකය ගෝඨාභය බලයට ගෙන ඒමට දරණ උත්සාහයෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බව සක්සුදක් සේ පැහැදිලි ය.

      බූරුවිලක් වීමට පෙර නින්දෙන් ඇහැරීම යෙහෙකි, මොණරවිල.

      Delete
    13. චමත්කාර වමත්කාරයා පද්‍යය මෙන්න:

      ගහෙන් කඩා ගත් මුදලින
      ඇඟිලි පුරා මුදු පළඳින
      චමත්කාර වමත්කාරයා

      දනන් බිම දනින් වට්ටන
      හිස පිරිමැද බඩට අනින
      චමත්කාර වමත්කාරයා

      වමෙන් දෙන දෙය ම දකුණින
      අරන් ගෙදර අරගෙන යන
      චමත්කාර වමත්කාරයා

      කටින් බතල දඬු හිටවන
      දනන් මුලා කර හිනැහෙන
      චමත්කාර වමත්කාරයා

      මළත් නැවත හිස ඔසවන
      ඇවිත් යළිත් ඉහ මොළ කන
      චමත්කාර වමත්කාරයා

      Delete
  6. 1980 දී ජේ.ආර්. ජයවර්ධන රජය කළාක් මෙන් වැඩ වර්ජනය කරන සියළුම වරාය සේවකයන් වහාම රැකියාවලින් පහ කර රටේ කාර්මික සාමය ඇති කළ යුතු ය. නැතිනම් සිදු වනුයේ රට තව තවත් අරාජික වීම ය.

    ReplyDelete
  7. නෙවි කොමාන්ඩර් නම් හොඳට නෑවා, හැබැයි පොඩිවුන් අනතුරේ නොහෙලා තමුන්ම වගකීම කරට ගත්ත එක ගැන සැලියුට්, ඊළඟට එන්න ඉන්න කෙනත් ඒ වගේ වගකීම ගන්න ඉන්න කෙනෙක් නම් මෙයා ගෙදර ගියත් කමක් නෑ, නැතිනම් ඉන්න එක හොඳයි. ඔපරේෂන් එක රෑ කරුවලේ නොකර දවාලේ කරන්න තීරණය කරපු කෙනාටත් උම්ම එකක්.

    ලංකාවේ දේශපාළුවන්, පූජකයන් (බෞද්ධ අයද ඇතුළුව), මාධ්‍ය කාරයන් ද අතර වැඩි වෙනසක් නැත, මේ තුන් කොට්ධාසේ අතුරින් ලංකාවේ විපත ඇදි ඇදී යාමට වැඩිම වගකිය යුත්තේ සදාචාරයක් නැති මාධ්‍ය කාරයෝ වෙන්නට පුළුවන. බොහෝ දෙනා / ආයතන නිවුස් රිපෝටර්ලා නොවේ නිවුස් නිපදවන්නෝ වෙලා, අද අපට ලැබෙන්නේ තනිකරම ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද / වැඩි දියුණු කරන ලද නිවුස්.

    මේ ගුටිකෑ රිපෝටර් හිරු එකෙයි දිවයිනෙයි දෙකේම රිපෝටර්ලූ, අවදානම් වාර්තාකරනයක යෙදෙන කෙනෙකුට ස්ටෑන්ඩඩ් නිවුස් කැමරාවක්, නිවුස් රිපෝටර් කෙනෙකුගේ පෙනුමක් සැපයීම එම ආයතන වල වගකීමක් වෙන්න ඕන. පැරාල, උඩුවල රයිටර්ලා, එයාලට ඒ වගේ ප්‍රොපෙෂනල් පෙනුමක් නැතිවාට කිසි වරදක් නෑ, ඒ නිසා ඒ ප්‍රභේද අනුව සොයා බලා හැදුනුම්පත් නිකුත් කිරීම මහජන මුදලින් නඩත්තුවන ආයතන වල වගකීම වෙන්න ඕන.

    මේ සිඳුවීමේ ගුටි කෑ රිපෝටර් ගේ කාරිය ගුටි කෑ වරායේ සේවක පිරිසේ සිටි මොබයිල් එකෙන් වීඩියෝ කල අයගේ කාරියට කිසිසේත් වෙනස් නෑ, ඒ නිසා අද කාලයේ මේ වගේ අයට අමුතුවෙන් හැදුනුම්පත් දෙන්න අවශ්‍ය නෑ, එ් කාරිය ඉබේම සිද්ධ වෙනවා.

    නිවුස් නිපදවන්නන්ගෙන් තමුන්ගේ රැකියාවේ ගරුත්වය රැක ගැනීම නියම මාධ්‍ය වේදීන්ගේ යුතුකමක්, රැලේ බල්ලෝ වගේ බුරන්නේ නැතිව නියම මාධ්‍ය කරනය ගැන සිතීම තරුණ මාධ්‍ය වේදීන්ගේ යුතුකමක්, නැතිනම් රැලේම යන්නයි වෙන්නේ.

    ReplyDelete
  8. මේ සිද්ධියේ වැදගත් අතුරු ප්‍රතිපලයක් නම් රණවිරු බයි ආතල් තව සැරයක් සුන්වීමයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මේවා ටොයි, බයි ආතල්ද කියලා හිතනවට වඩා මයි ආතල් වැඩ. මයි කාර්, මයි පෙට්‍රල් මානසිකත්ව. පිස්සු.

      Delete
  9. සා රස ගූ රස බෙට්ටා තවම බැස්සේ නැතෙයි?

    ReplyDelete
  10. සිදුව තිබෙන්නෙ වරදක්ද සෙවීමට දියුණුම ක්රමය සැසදීමයි. අපූරැ මොලය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා