කොලොම්බියාවේ ගරිල්ලන්ගේ 52 වසරක අරගලයක සාමකාමී නිමාව

කොලොම්බියාව මධ්‍යම ඇමරිකාවේ පිහිටි රටකි. එම භූමියේ පැවති ස්වදේශික ජනාවාස යටපත් කරමින් එරට ස්පාඤ්ඤ ආධිපත්‍යය පිහිටුවීම ආරම්භ වූයේ 16වන සියවසේදී ය. මුල් කාලීන ස්පාඤ්ඤ යටත් පාලනය බිඳ දමමින් 1819දී කොලොම්බියාව, ඉක්වදෝරය, පැනමාව හා වෙනිසියුලාව ඇතුළත් ග්‍රෑන් කොලොම්බියා රාජ්‍යය පිහිටුවන ලදී. වසර 1830 වන විට ඉක්වදෝරය හා වෙනිසියුලාව ඉවත් වූ අතර, 20වන සියවස මුලදී පැනමාව වෙන් විය. වර්තමාන කොලොම්බියාව බිහි වූයේ එහි ප්‍ර‍තිඵලයක් ලෙසයි.

වසර 2015 සංඛ්‍යාලේඛන අනුව ඩොලර් බිලියන 667.4ක දළ දේශීය නිෂ්පාදිතයක් ඇති එරට ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 13,800කි.  මිලියන 47ක ජනගහණයක් ජීවත් වන කොලොම්බියාවේ 84%කට වැඩි බහුතර ජනගහණය වන්නේ සුදු ස්පාඤ්ඤ ලතින් ඇමරිකානුවෝ ය. ස්වදේශික ඇමරිකානු ඉන්දියානුවන්ගේ ප්‍ර‍තිශතය 10%ක් පමණ වේ. එරට ඉතිහාසය පුරා ම සිවිල් යුද්ධ හා බරපතල දේශපාලන ගැටුම් තිබිණි. ඇතැම් සිවිල් යුද්ධ නිසා ලක්ෂ ගණන් ජනයා මිය ගිය හ. එහෙත්, එහිදී ජනවාර්ගික ගැටුම්වලට වඩා ප්‍ර‍මුඛ වී තිබෙන්නේ දේශපාලන වෙනස්කම් ය.

වර්තමාන අර්බුදයට මුල් වූ කොලොම්බියාවේ සන්නද්ධ හමුදා බලකා හෙවත් FARC නම් වන වාමාංශික ගරිල්ලා කණ්ඩායම බිහි වන්නේ 1964දී ය. ඒ කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශය ලෙසයි. එය ප්‍ර‍ධාන වශයෙන් ම සැදුම් ලැබුවේ ඉඩම් හිමිකාරිත්වය වැනි ආර්ථික විෂමතාවන්ට එරෙහිව සටන් කළ කුඩා ගොවියන් හා ඉඩම් කම්කරුවන්ගෙනි. එරට ඉඩම්වලින් අති විශාල ප්‍ර‍මාණයක් රජය විසින් පෞද්ගලික අංශයට විකුණා දමා තිබේ. මේ වන විට FARC ගරිල්ලන්ට 6000ක 7000ක පමණ ගරිල්ලා භට පිරිසක් අයත් වේ. ඒ අතර කාන්තාවෝ මෙන් ම ළමයි ද විශාල පිරිසක් සිටිති. වර්තමාන නායකයා ප්‍ර‍සිද්ධ වී සිටින්නේ ටිමොචෙන්කෝ යන නමිනි.

FARC ධනවත් ගරිල්ලා සංවිධානයක් ලෙස සැලකේ. කොලොම්බියාව ලොව ප්‍ර‍ධානතම මත්ද්‍ර‍ව්‍ය නිෂ්පාදකයකු වන අතර FARC සංවිධානය මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වාහනයෙන් ද, මත්ද්‍ර‍ව්‍ය නිෂ්පාදනය කරන්නන්ගෙන් බදු, කප්පම් ආදිය ලබා ගැනීමෙන් ද විශාල ධනයක් උපයන බවට චෝදනා එල්ල වේ. FARC ගරිල්ලන් නිරතුරුව කොලොම්බියා පොලිසියට හා සන්නද්ධ හමුදාවලට ප්‍ර‍හාර එල්ල කරයි. එක්සත් ජනපදයේ ආධාර ලබන කොලොම්බියා හමුදාව විසින් FARC ප්‍ර‍ධාන නායකයන් දෙදෙනෙකු ඇතුළු නායකයන් රැසක් ඝාතනය කරන ලද මුත් කැරැල්ල සම්පූර්ණයෙන් ම මර්දනය කිරීමට අසමත් විය.

අර්බුදයට විසඳුමක් සෙවීමේ සාම සාකච්ඡා ආරම්භ වූයේ 1998දී ය. එවකට ජනාධිපති අන්ද්‍රෙස් පැස්ට්‍රානා ඇරන්ගෝ විසින් සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා ස්විට්සර්ලන්තය තරම් විශාල භූමියක ප්‍ර‍හාරවලින් තොර නිදහස් කලාපයක් FARC ගරිල්ලන්ට පිරිනමන ලදී. කොලොම්බියා ජනාධිපතිවරයා හා FARC සමාරම්භක මැනුවෙල් මැරුලැන්ඩා අතර ඍජු සාකච්ඡා පවා පැවැත්විණි. 2001 ඔක්තෝබරයේදී දෙපාර්ශ්වය විසින් සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස ගිවිසුමක් අත්සන් කරන ලදී.

එහෙත්, 2002දී සාම සාකච්ඡා බිඳ වැටුණු අතර දෙපාර්ශ්වය විසින් ම ප්‍ර‍හාර උත්සන්න කරන ලදී. FARC  ගරිල්ලන්ගේ දැඩි විරෝධය මැද ජනාධිපති අල්වාරෝ උරිබේ බලයට පත් වූයේ ගරිල්ලන්ට එරෙහිව ප්‍ර‍හාර දැඩි කරන බවට පොරොන්දු වෙමිනි. ඉන් පසු, කොලොම්බියා රජය දක්ෂිණාංශික එක්සත් ස්වයං ආරක්ෂක සන්නද්ධ හමුදා (AUC) සමග සාම ගිවිසුමකට එළඹුණේ ය. ප්‍ර‍ධාන වශයෙන් ම වාමාංශිකයන්ට එරෙහිව සටන් කළ, ඉඩම් හිමියන්ගෙන් හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අනුග්‍ර‍හය ලද  අතුරු හමුදා කණ්ඩායමක් වන AUC සමග එක්ව සිටි 32,000ක් අතුරු හමුදා භටයන් මානව හිමිකම් සංවිධාන විසින් විවේචනය කරන ලද සමාවක් යටතේ අවිහරණය ආරම්භ කරන ලදී. ජනාධිපති උරිබෙ මෙම අතුරු හමුදා සමග සම්බන්ධකම් තිබුණු බවට චෝදනා එල්ල විය. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදය සමග නිදහස් වෙළඳ ගිවිසුම අනුමත කර ගැනීමට මත්ද්‍ර‍ව්‍ය චෝදනා එල්ල වූ අතුරු හමුදා නායකයන් 14ක් නඩු විභාග සඳහා එක්සත් ජනපදයට භාර දීමට රජයට සිදු විය. ඇමරිකා කොංග්‍ර‍සය නිදහස් වෙළඳ ගිවිසුම අනුමත කළේ ඉන් පසුවයි.

 FARC සංවිධානයටත් වඩා පැරණි, එහෙත් ප්‍ර‍මාණයෙන් කුඩා තවත් වාමාංශික ගරිල්ලා සංවිධානයක් වූ ජාතික විමුක්ති හමුදාව (NLA) සමග සාම සාකච්ඡා 2005දී ආරම්භ විය. මෙම වාමාංශික ගරිල්ලා සංවිධාන දෙක ද එකිනෙකාට එදිරිවාදී වූ මුත් පසු කලෙක අවබෝධාත්මක තත්වයකට පත් වූ හ.  

2007දී වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් ද FARC ගරිල්ලන් හා කොලොම්බියා රජය අතර සාකච්ඡා යළි ආරම්භ කිරීමට උත්සාහ කළේ ය. වෙනිසියුලාව ගරිල්ලන්ට උපකාර කරන බවට කොලොම්බියාවෙන් චෝදනා එල්ල විය. කොලොම්බියාව ඇමරිකා එක්සත් ජනපද හිතවාදී රටක් වීම නිසා වෙනිසියුලාවත් සමග මතභේද ඇති විය. කොලොම්බියාව ඇමරිකන් හමුදාවලට තම මූලස්ථානයන් භාවිතා කිරීමට ඉඩ දුන් අතර, ඇමරිකා එක්සත් ජනපදය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට පිවිසීමට උත්සාහ කළේ ය. 

2010දී වත්මන් ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් බලයට පත් වීමෙන් පසු FARC ගරිල්ලන් සමග යළි සාම ප්‍ර‍යත්නයන් ආරම්භ විය. එහෙත්, ප්‍ර‍හාර දිගට ම සිදු විය. 2011දී රජයේ හමුදා FARC නායක ඇල්ෆොන්සෝ කැනෝ මරා දැමීමට සමත් විය.

2012දී කියුබාවෙහිදී FARC සංවිධානය සමග සාම සාකච්ඡා ආරම්භ විය. 2014දී ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් නැවත බලයට පත් වූයේ ය. 2016 ජුනි මස කොලොම්බියා රජය හා  FARC සංවිධානය අතර සටන් විරාම හා අවිහරණ ගිවිසුමක් අත්සන් කරන ලදී. වසර 52ක් තිස්සේ දිග්ගැසුණු, ලක්ෂ දෙකක් ජීවිත බිලි ගත් සිවිල් යුද්ධය නිමා කරමින් සැප්තැම්බරයේදී කොලොම්බියා රජය හා FARC සංවිධානය අතර සාම ගිවිසුමක් අත්සන් කරන ලදී.

එහෙත්, ඔක්තෝබර් මාසයේදී පවත්වන ලද ජනමත විචාරණයෙහිදී කොලොම්බියා රජය හා FARC ගරිල්ලන් අතර සාම ගිවිසුම සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් විය. හිටපු ජනාධිපති අල්වාරෝ උරිබෙ ඇතුළු එයට විරුද්ධ වූවන්ගේ අදහස වූයේ සාම ගිවිසුම ගරිල්ලන්ට වැඩිපුර වාසිදායක එකක් බවයි. එය සාම ක්‍රියාවලිය පිළිබඳ තදබල සැක සංකා ඇති කරන ලද අවස්ථාවක් වුවත් ජනාධිපති සැන්ටෝස් ගරිල්ලන් සමග සාකච්ඡා කර නොවැම්බරයේදී නව සාම ගිවිසුමක් අත්සන් කළේ ය.කොලොම්බියාවේ කොංග්‍ර‍සය විසින් අනුමත කරන ලද මෙම නව ගිවිසුම ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත.

මෙම සාම ගිවිසුම ඔස්සේ අවි බිම තබන FARC සංවිධානයේ සාමාජිකයන්ට මිනීමැරීම්, පැහැරගෙන යාම්, මංකොල්ලකෑම් ආදිය සම්බන්ධයෙන් පාපොච්චාරණ මත පදනම් වූ සමාවක් ලැබෙන්නට නියමිත ය. ඔවුන්ට ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලනයට පිවිසීමට අවස්ථාව ලැබේ. මෙම සාම ගිවිසුම ක්‍රියාත්මක වන ආකාරය ඉදිරි කාලයේදී නිරීක්ෂණය කළ හැකි ය.

නොබෙල් සාම ත්‍යාගය දිනූ සැන්ටෝස් NLA සමග ද සාකච්ඡා ආරම්භ කර තිබේ. 

රාවය තනියාය, 2016-12-25


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. චැහ්.... අපිත් තව අවුරුදු 20 ක් විතර (2029 දි) කොටි බෝම්බ කාගෙන හිටියානං සාමකාමීව ගණුදෙනුව විසඳගන්න තිබුනා. අපරාදේ 2009 දි කේස් එක ඉවර වුනේ..

    ReplyDelete
    Replies
    1. 71 කැරැල්ලෙන් පරාජය උන අය 82 ජනාධිපතිවරණයට ඉදිරි පත්වෙලා ප්‍රධාන දේශපාලන ධාරාවට එන්න දරපු උත්සාහය 83 ජුලි කලබලවලට මුවාවෙලා විනාශ කරපු එකේ අපරාධයයි මෙතැනදි මට මතක් වෙන්නේ. එහෙම උනේ නැතිනම් 87-89 කාලකණ්නි යුගයක් ඇති නොවෙන්න තිබුණා. උතුරේ ප්‍රශ්නය මිට කලින් ඉවරවෙන්නත් තිබුනා. එදා අපට හිටපු ජූනියස් ජීනියස් කෙනෙක් උනානම්!

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ, සාරසගේ කොමෙන්ටුව කපලා දැම්මට.... ගොන් ආතල්වලත් සීමාවක් තියෙන්න ඕනේ.

      Delete
    2. සරසතුමා බුද්ධිමතෙකි. එතුමා සභාවට ගැළපෙන්නට කතා කරන්නට දන්නා කෙනෙකි. මුග්ධභාවය රජයන සභාවල දී සරසතුමා එම සභාවලට උචිත ලෙස ම සංවාදී විසංවාදී වේ. එනමත් විදග්ධභාවය රජයන සභාවල දී සරසතුමා එම සභාවලට උචිත ලෙස සංවාද සුසංවාද වේ. පසු ගිය සමයේ සරසතුමා එතුමාගේ වියුණුවේ දී ජනනෝත්ප්‍රේරණය කර ඇති විදග්ධ කතිකාව කියවා බලනු මැනවි. ඒවා විද්වත් සද්ජනීජන බස්දෙබස් ය; වාදවිවාද ය; විචා‍රප්‍රතිවිචාර ය. සරසතුමෝ අතීතය සහ වර්තමානය එක් කරවන බුද්ධිමය සේතුවකි. සිංහල වියුණු ලොව මෙම නිමේෂයේ ප්‍රමුඛතම වියුණුව සරසතුමාගේ ය. වාරණයේ අයෝමය පාදපාවට යට කර සරසතුමන්ගේ සත්‍යයේ සිංහ කාහළය යටපත් කරනු නොහැකි ය.

      සලක විධ මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා දෙවියන් වහන්සේ විසින් තම පුත්‍රයාණන් මෙළොවට එවන ලද අසිරිමත් ක්‍රිස්තෝත්පතතිය සැමරෙන අද දින අපි මෙලෙස පවසමු:

      කුරුසය මත තබා ඇණ ගැසීමෙන් පවා දිව්‍යපුත්‍රයාණන් වහන්සේගේ සත්‍යයේ හඬ යටපත් කරන්නට නොහැකි විණ.

      වාරණයේ අයෝමය පාදපාවට යට කිරීමෙන් පවා සරසයන්ගේ සත්‍යයේ හඬ යටපත් කරන්නට නොහැකි වනු ඇත.

      යුරෝපාවාසී ආදි රාජකීය-පේරාදෙණි විද්‍යාර්ථීන්ගේ සාමූහිකය.

      Delete
    3. කාහල නාදය

      Delete
    4. ///සරසතුමන්ගේ සත්‍යයේ සිංහ කාහළය///

      ඒ ඔබට වෙන්න ඇති. එහෙත් බහුතරයකට ඇහෙන්නේ සරසගේ කැණහිල් උඩුබුරලෑමක් පමණ යි.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
  4. කොලොම්බියාවෙන් අපේ අයත් පාඩම් ඉගෙන ගෙන වගෙයි,

    //මිනීමැරීම්, පැහැරගෙන යාම්, මංකොල්ලකෑම් ආදිය සම්බන්ධයෙන් පාපොච්චාරණ මත පදනම් වූ සමාවක් ලැබෙන්නට නියමිත ය.//
    අප්පච්චි නම් දැනටම පාපොච්චාරනය පටන් අරගෙන, රතුපස්වල ගැන කීවා ඉතුරුවත් ඉස්සරහට කියාවි.

    //එහෙත්, ඔක්තෝබර් මාසයේදී පවත්වන ලද ජනමත විචාරණයෙහිදී කොලොම්බියා රජය හා FARC ගරිල්ලන් අතර සාම ගිවිසුම සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් විය. කොලොම්බියාවේ කොංග්‍ර‍සය විසින් අනුමත කරන ලද මෙම නව ගිවිසුම ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත.// රනිල්,මෛත්‍රීත් ඉස්සරහට එහෙම කරයි ද?

    ReplyDelete
  5. අජිත් පැරකුම් ජයසිංහටත් කන පොපියන්නට අතුල් පහරක් දෙන සරසතුමාගේ ලිපිය:

    //පොලිටිකලි කරෙක්ට් වීම සහ නත්තලට කෙලවීම Very Merry!!





    මුලින් ම කිව යුතු දේ නම් සරස තුමාට විවිදාකාර මිතුරු මිතුරියන් සිටිනා බවය. ඔවුන් අතර සින්හල, දෙමල, මුස්ලිම්, ලන්සි, සහ විදෙස් ජාතීන් ද බෞද්ද, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම ආගමිකයන් ද කිසිම ආගමක නොඅදහන්නෝද වෙති.

    සරස තුමා වෙනත් ජාතීන් වෙනත් ආගමිකයන් සහ වෙනත් නැඹුරුවලට ලක් වූ උදවිය ආස්සරේ කරේ කුඩා කාලේ සිට ය.

    අප වෙසක් උතසවයට ලෑස්ති වෙන කල කැරකෙන කූඩු සහ නානා පාට ලයිට් වැළ් අමුනමින් සැරසිලි වල පෙරමුන ගත්තෝ අන්ය ආගමික දරුවන් ය. එම අන්යාගමික මිතු මිතුරියන් ගේ ආගමික උත්සව වලටද සන්ස්කෘතික උත්සව වලටද සරස තුමා සාබාගී වුනේ ඉතා සන්තෝසයෙනි.

    වෙනත් ජාතීන් සහ ආගමිකයන් අතර පහසුවෙන් ඉන්නට සරස තුමා ට හැකි වුනේ ඒ අභාශයට පින්සිද්ද වන්නටය.

    කරුමයට මෙන් එවන් බහුවාර්ගික, බහුආගමික පසුබිමක හැදී නොවැඩුනු හාදයෝ අනෙකාගේ උත්සව ඇවැතුම් පැවතුම් වලින් තමාට පීඩා සිදු වේ යන අමන කල්පනා වලින් පෙලෙති.

    එවන් හාදයෝ ඉන්නේ ශ්‍රී ලන්කාවේ පමනක් නොවේ....

    ඔවුන් හට පින්සිද්දවෙන්න නත්තල ද පොලිටිකලි කොරෙක්ට් වී අවසානය.

    එම ගොබ්බ පොලිටිකලි කරෙක්ට් උදවියට අනුව මෙරි ක්‍රිස්මස් කියා කියනා එක වැර්දිය, නිවැරදි දේ නම් හැපී හොලිඩේස් කියා කීම ය.



    ක්‍රිස්මස් ට්‍රී කියා එකන් නැත.. ඇත්තේ හොලිඩේ ට්‍රී එක ය!

    සරස තුමා ඉතාම ප්‍රිය කරනා ක්‍රිස්මස් කැරොල් ගායනා කිරීම වැරදිය... එය අන්යාගමිකයන් ගේ සිත රිදවන හේතුවක් ලු හිටන්!


    ආර්තික සරණාගතයන් ලෙස ඔස්ට්‍රේලියාවට ගොහින් එහි ඉන්නා ඔස්ට්‍රේලියානුවන් ට ජාතිවාදී ලේබලය අලවමින්
    පාට් දැමීමේ පහත් ක්‍රියාව කරනා කස්ටියට පින් සිද්ද වෙන්න බොහෝ ඔස්ට්‍රේලියානු කනිශ්ට පාසැල් වල මෙවර නත්තල් කැරොල් පැවැත්වුනේ නැත.

    ඒ මදිවාට Merry Christmas යන වදන් නොදමා Very Merry යනුවෙන් කිසි තේරුමක් නැති පොලිටිකලි කරෙක්ට් මෝඩ වචන සහිත බැනර් සිඩ්නි නුවර වීදි දෙපස ප්‍රදර්ශනය විය.

    මෙය දැනගත් ඔස්ට්‍රේලියානු ආගමන අමාත්ය පීටර් ඩටන් මහත්ත්යාට මල පැන්නේය! මෙන්න ඒ ගැන වාර්තාවක් හිටන්!

    ඔබාමලා එහෙම දවල මන්දිරේ මෙතුවක් කල් කියාපු හැපී හොලිඩේස් කතාව අපේ මනුස්සයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා බිඳ දමමින් මෙරි ක්‍රිස්මස් කියා කීවේය!!

    ඔබ සැමට Very Merry එකක් නොව නොහොත් සැබෑ Merry Christmas හෙවත් ප්‍රීතිමත් නත්තලක් වේවා!//

    ReplyDelete
    Replies
    1. @ Anonymous December 25, 2016 at 10:23 PM,

      ආ...., සරස, මොකද මේ වතාවේ ඇනෝ එන්න හිතුණේ? නමින් ආවොත් කමෙන්ට් එක කැපෙයි කියලා හිතුවාද?

      Delete
  6. පැරා සහ පැරාගේ පවුලේ සියලු සාමාජිකයන්ට ප්‍රීතිමත් නත්තලක් වේවා!

    මචං උඹ අද සද්දයක් නැත්තේ මොකෝ? කුණු වෙන්න ගහලා දොයි ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා