නුවර උපන් එම්.ජී.ආර්. මහ ඇමති වූ තමිල්නාඩුව අපට මග හැරුණේ ඇයි?

තමිල්නාඩු වෙරළ පිහිටා තිබෙන්නේ දක්ෂ පිහිනුම්කරුවකුට පිහිනා යා හැකි තරම් ලංකාවට කිට්ටුවෙනි. වැල්වැටිතුරෙයි මිනිස්සු චිත්‍ර‍පට බලන්නට බෝට්ටුවෙන් තමිල්නාඩුවට යන කාලයකුත් තිබිණි. සිංහලයන්ගේ අනගාරික ධර්මපාල වැනි භූමිකාවක් දෙමළ ජාතික පුනරුද ව්‍යාපාරයේ සිදු කළ දෙමළ පඬිවරයකු වූ ආරුමුග නාවලර් සිය ජීවිත කාලය තුළ කිසි විටෙක කොළඹට පැමිණ නැති බව කියැවේ. එහෙත්, ඔහු තමිල්නාඩුවේ ද සම්භාවනාවට පත් වූයේ ය. යාපනයට කොළඹට වඩා සමීප වූයේ තමිල්නාඩුවයි.

ක්‍රිස්තු වර්ෂයෙන් පළමු සහස්‍ර‍ය පසු වනවාත් සමග ම ලංකාවේ රාජධානි අගනගරය දකුණට චලනය වීම ආරම්භ වීමත් සමග යාපනය හා ප්‍ර‍ධාන රාජධානිය අතර ඝන වනාන්තරයක් වැවෙන්නට පටන් ගත්තේ ය. මේ ස්වාභාවික තාප්පය විනිවිද යන මාර්ග පද්ධතිය සංවර්ධනය කළේ ඉංග්‍රීසි යටත් විජිත යුගයේ ය. යාපනය කොළඹ කේන්ද්‍රීය රාජ්‍යයේ ඓන්ද්‍රිය කොටසක් බවට පත් වූයේ ඉන් පසුවයි. එනම්, ඉංග්‍රීසීන් විසින් නිර්මානය කරන ලද සිලෝන් නම් ඒකීය රාජ්‍යය තුළයි. පසුව සිංහල මූලික ශ්‍රී ලංකාව බවට පත් වී තිබෙන්නේ ද එම ඒකීය රාජ්‍යයයි.

වේලුපිල්ලේ ප්‍ර‍භාකරන් අයත් වන කුලයේ මුතුන් මිත්තන් අතීතයේදී කළේ බත්තල් මගින් ලංකාව හා බුරුමය අතර සහල් සහ වෙනත් ද්‍ර‍ව්‍ය ප්‍ර‍වාහනය කිරීමයි. තමිල්නාඩුවත්, ලංකාවත් අතර වෙළඳ සම්බන්ධකම් සියවස් ගණනක් ඈතට විහිදෙයි. එසේම, උතුරු ලංකාවේ හා දකුණු තමිල්නාඩුවේ ධීවරයන් පෝක් සමුද්‍ර‍ සන්ධිය ඉතිහාසයක් මුළුල්ලේ ම සැලකුවේ තමන්ගේ පොදු මුහුද ලෙසයි. දකුණු ආසියානු කලාපයේ ජාතික රාජ්‍ය දේශ සීමා හා මුහුදු සීමා විධිමත් අන්දමින් සලකුණු වන්නට පටන් ගත්තේ ඉංග්‍රීසීන් විසින් යටත් විජිත නිදහස් කිරීමත් සමගයි. එතෙක්, ලංකාවේ උතුරත්, තමිල්නාඩුවත් අතර සමීප සම්බන්ධයක් තිබිණි. අක්කර 282ක් පමණ වන බොන්නට පුළුවන් වතුර කඳුළක් සොයා ගත නො හැකි කච්චතිවු දූපත මෙම කලාපයේ පොදු බව පිළිබඳ සංකේතයක් ලෙස සැලකිය හැකි ය. එසේම, ලංකාව හා තමිල්නාඩුව අතර අර්බුදයේ ද සංකේතයකි.

19වන සියවසේදී මධ්‍ය කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ කෝපි, තේ හා රබර් වතු වගාව වෙනුවෙන් දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට කම්කරුවන් රැගෙන ඒම තමිල්නාඩුවත්, ලංකාවත් අතර තවත් සමීප ඥාතිත්වයක් නිර්මානය කළේ ය.

ලංකාවත්, තමිල්නාඩුවත් අතර සම්බන්ධය ඈත ම අතීතයට විහිදෙයි. මිහිඳු හිමියන් පවා ලංකාවට වැඩම කළේ තමිල්නාඩුව හරහා ය. ද්‍රවිඩ බෞද්ධ භික්ෂුවක් ලෙස සැලකෙන හෙළටුවා පාලියට පරිවර්තනය කළ බුද්ධඝෝෂ හිමියන් කිතු වසින් පස්වන සියවසේදී ලංකාවට පැමිණියේ තමිල්නාඩුව හරහා ය. සුරතිස්ස රජු සිහසුනෙන් නෙරපා දැමූ සේන හා ගුත්තික නම් දෙමළ අශ්ව වෙළෙඳුන් දෙදෙනක් අවුරුදු 22ක් රට පාලනය කළ හ. මොවුන් බලයෙන් පහ කර රජ වූ දේවානම්පියතිස්ස රජුගේ සොයුරකු වූ අසේල රජු සිහසුනෙන් පහකොට රාජ්‍ය බලය අල්ලා ගත් එළාර වසර 44ක් රට පාලනය කළේ ය. ලංකාවේ අවසන් රජ පෙළපත වූ නායක්කර් වංශිකයෝ ද තමිල්නාඩුව හා සම්බන්ධ ය.

එහෙත්, නූතන ශ්‍රී ලාංකීය රාජ්‍යය ගොඩනැගීමේදී මෙම සමීපත්වය ස්ථාපිත වූයේ නැත. එසේ වූයේ ඇයි ද යන්න විමසා බැලීම වැදගත් ය. අපට තමිල්නාඩුව මග හැරීමට ප්‍ර‍ධාන හේතුවක් වන්නේ නූතන ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී සිංහල, දෙමළ ජාතීන් අතර තිබුණු ඝර්ෂණයයි.

ඉතිහාසය පුරා ම ලංකාවට සිදු වූ ජන සංක්‍ර‍මණයන් බොහොමයක් තමිල්නාඩුව ඇතුළු භූගෝලීය වශයෙන් සමීපස්ථ දකුණු ඉන්දියාවෙන් සිදු වූ බවට සැකයක් නැත. එහෙත්, ලංකාවේ දකුණේ පදිංචි වූවෝ තමන්ගේ මුල් භූමි සමග තිබුණු සම්බන්ධකම් සහමුලින් ම ඉවත දා ස්වාධීන සිංහල සංස්කෘතියක් ගොඩනගා ගත් හ. භූගෝලීයව පැවති අතිශය සමීපත්වය නිසා මෙම සංසිද්ධිය දූපතේ උතුරේ සිදු වූයේ වෙනස් ආකාරයකටයි.

ලංකාවේ දෙමළ ජාතිය තමිල්නාඩුවත් සමග සම්බන්ධ කිරීමට සිංහලයන් කැමැත්තක් දැක්වූවත්, යාපනයේ දෙමළ ජාතිකයන් උත්සාහ කරන්නේ තමිල්නාඩු දෙමළ ජාතියෙන් තමන් වෙනස් වන භාෂාමය හා සංස්කෘතික අනන්‍යතාවන් ඊනියා පාරිශුද්ධත්ව අදහසකින් සුවිශේෂ කොට ආරක්ෂා කර ගන්නට ය. එහෙත්, යාපනයේ දෙමළ සංස්කෘතිය තුළ තමිල්නාඩු මහා සංස්කෘතියෙන් වෙනස් වන දැවැන්ත සුවිශේෂ අනන්‍යතාවක් නැත. නිදසුනක් ලෙස, යාපනයේ දෙමළ සංස්කෘතිය තුළින් ජනනය වූ කැපී පෙනෙන කලා, සංස්කෘතික වටිනාකම් දකින්නට නැත. ඔවුන් සංස්කෘතික වශයෙන් බොහෝ දුරට තමිල්නාඩු මහා සංස්කෘතිය සමග අනන්‍ය ය.

මධ්‍ය කඳුකරයේ පදිංචි වූ දෙමළ වතු කම්කරු ප්‍ර‍ජාව සංස්කෘතික වශයෙන් වඩාත් දුබල වූ අතර ඔවුන් මුළුමනින් ම තමිල්නාඩු මහා සංස්කෘතියෙන් යැපුණ හ. වතු ආශ්‍රිත භූගෝලීය සීමාකිරීම් හා උඩරට හා පහතරට සිංහල ජනයාගෙන් සිදු වූ ප්‍ර‍තික්ෂේප කිරීම හේතුවෙන් මෙම ජනයා සිංහල ජාතිය තුළට ස්වීකරණය වීමක් සිදු වූයේ ද නැත. පසු කාලීන සිංහල මූලික රජයන් විසින් සංක්‍ර‍මණික වතු කම්කරු ජනයාගෙන් පැවත ආ කොටසක් ආපසු තමිල්නාඩුවට පිටුවහල් කර දමන ලදී.

කොළඹ කේන්ද්‍රීය රජයේ ආධිපත්‍යය අත්පත් කර ගත් සිංහල නායකත්වය දෙමළ ජාතිකවාදී ප්‍ර‍වණතා කළමනාකරණය කර ගැනීමට අසමත් විය. එහෙත්, හින්දු ආධිපත්‍යයෙන් යුත් ඉන්දීය මධ්‍යම රජය තමිල්නාඩුවෙන් මතු වී ආ දෙමළ ජාතිකවාදී බෙදුම්වාදී ප්‍ර‍වණතා බලය බෙදා ගැනීම ඔස්සේ සාර්ථක ලෙස කළමනාකරණය කර ගත්තේ ඉන්දියාව තුළ ම දෙමළ රටකට ඉඩකඩ සලසමිනි. 1958දී බිහි වූ ‘අපි දෙමළ' පක්ෂය විසින් ආරම්භ කරන ලද තමිල්නාඩු වෙනම රාජ්‍ය ව්‍යාපාරය 1970 දශකය ආරම්භ වන විට දිය වී ගියේ ය. පසුකාලීනව එය ලංකාවේ උතුරු - නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වූ ව්‍යාපාරයට සහයෝගය දෙන තැනට පමණක් සීමා විය. වර්තමානයේදී තමිල්නාඩුව තුළ වෙනම රාජ්‍ය සංකල්පයට ප්‍ර‍ධාන ධාරාව තුළ ඉඩක් නැත.

දෙමළ ඊලාම් විමුක්ති කොටි ව්‍යාපාරය මර්දනය කිරීමත් සමග ශ්‍රී ලංකා රජය වඩා ශක්තිමත් වී තිබෙන මුත්, බලය බෙදා ගැනීම ඔස්සේ ජාතික සංහිඳියාව ස්ථාපිත කර ගන්නට ලංකාව තවමත් සමත් වී නැත. ලංකාවේ දෙමළ ජනයා සමග ජාතික සංහිඳියාව ස්ථාපිත කර ගැනීම තමිල්නාඩුවත් සමග යහපත් සම්බන්ධකම් ඇති කර ගැනීමේ පූර්ව කොන්දේසියක් වී තිබේ. එහෙත්, තමිල්නාඩුව සමග යහපත් සම්බන්ධකම් ඇති කර ගැනීම ලංකාවේ යහපැවැත්ම සඳහා අතිශය වැදගත් ය.

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ මරණය පිළිබඳ ලංකාවේ ඇතැම් සිංහල ජාතිවාදී පාර්ශ්ව සතුටු වූයේ ප්‍ර‍භාකරන්ගේ මරණය අවස්ථාවේ සතුට ප්‍ර‍කාශ කළ ආකාරයට තරමක් සමාන ලෙසයි. එහෙත්, ජයලලිතා ඇත්තෙන් ම ලංකාවේ වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීම සඳහා තීරණාත්මක සහයෝගයක් දුන් අයෙක් නො වේ. තමිල්නාඩුවේ ප්‍ර‍ධාන දේශපාලන පක්ෂ දෙක වන ජයලලිතා නායකත්වය දුන් අන්නා ද්‍ර‍විඩ මුන්නේත්‍ර‍ කලහම් හා කරුණානිධි නායකත්වය දෙන ද්‍ර‍විඩ මුන්නේත්‍ර‍ කලහම් පක්ෂ දෙකට ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍ර‍ශ්නය යනු හුදෙක් මැතිවරණ ජයග්‍ර‍හණ වෙනුවෙන් පාවිච්චි කළ හැකි සටන් පාඨයක් පමණක් බව ඔවුන් විසින් පුන පුනා පෙන්වා දී තිබේ. නිදසුනක් ලෙස කොටි සංවිධානය අවසන් යුද පරාජය ලබන විට තමිල්නාඩුවේ බලයේ සිටි කරුණානිධි එය වැළැක්වීම සඳහා කිසිදු වැදගත් බලපෑමක් කළේ නැත. ජයලලිතා බලයේ සිටියත් වෙනස් තත්වයක් ඇති නො වන්නට ඉඩ තිබිණි.

එහෙත්, තමිල්නාඩුවට ලංකාවත් සමග ඊට වඩා වැදගත් ප්‍ර‍ශ්නයක් තිබේ. ඒ වනාහි පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් දෙරට අතර තිබෙන ගැටුමයි. කච්චතිවු දූපත ද ඒ ප්‍ර‍ශ්නයේ ම කොටසකි. ඉන්දියාව විසින් ජාත්‍යන්තර ගිවිසුමක් යටතේ 1974දී ලංකාවට පවරා දෙන ලද කච්චතිවු දූපත යළි පවරා ගත යුතු ය යන ස්ථාවරයේ ජයලලිතා දැඩිව සිටියි. මෙම ගිවිසුම මතභේදයට තුඩු දී ඇති එකකි. එම පවරා දීම කර තිබෙන්නේ අයිතිය පිළිබඳ මතභේද ඇති භූමියක් පවරා දීමක් ලෙස මිස ඉන්දියාවට අයත් කොටසක් පවරා දීමක් ලෙස නො වන නිසා ඒ හා සම්බන්ධ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර නැත. ගිවිසුම අනුව දකුණු ඉන්දීය ධීවරයන්ට දැල් වේලා ගැනීම, ආගමික වතාවත් වැනි කටයුතු වෙනුවෙන් මෙම දූපත භාවිතා කිරීමට අවසර ඇත. එහෙත්, මෙම කලාපයේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් දෙරට අතර දිග්ගැසුණු ආරාවුලක් තිබේ.

එම ආරාවුලේ දෙපාර්ශ්වයේ ම සිටින්නේ දෙමළ ධීවරයන් වීම සුවිශේෂ තත්වයකි. එය දෙමළ - සිංහල ප්‍ර‍ශ්නයක් නො ව, ඉන්දියාව හා ලංකාව අතර ප්‍ර‍ශ්නයකි. අවසන් සටන් විරාම සමයේදී කොටි සංවිධානය විසින් වරක් අනියම් ලෙස ධීවරයන් සංවිධානය කර ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටි ඉන්දීය දෙමළ බෝට්ටුවලට පහර දී, ධීවරයන් හා බෝට්ටු බලෙන් පැහැරගෙන ලංකාවේ වෙරළට ගෙන ආවේ ය.

ලංකාවේ ධීවරයන්ට මෙන් ම දකුණු ඉන්දියාවේ ධීවරයන්ට ද මෙහිදී කියන්නට කතාවක් තිබේ. තමිල්නාඩුව හා ලංකාව අතර සාකච්ඡාවලින් මිස මෙම ප්‍ර‍ශ්නය විසඳා ගන්නට වෙනත් කිසිදු ආකාරයක් නැත. තමිල්නාඩුව අපට මගහැර යා නො හැකි ය. අනාගත ඉන්දු - ලංකා ආර්ථික, සමාජ, දේශපාලනික හා සංස්කෘතික සම්බන්ධතාවලදී ඉන්දියාවට බිහිදොර වන්නේ තමිල්නාඩුවයි. 

ඇත්තෙන් ම, නිදහසට පෙර යුගයේ එවැනි තත්වයක් තිබිණි. එය නිරූපණය කරන හොඳම සාක්ෂි හමු වන්නේ සිනමාවෙනි. පළමු සිංහල චිත්‍ර‍පටය පවා නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ය. දෙමළ සිනමාවේ ජනප්‍රිය ම නළුවා හා තමිල්නාඩුවේ ජනප්‍රිය ම දේශපාලකයා ලෙස සැලකිය හැකි එම්.ජී. රාමචන්ද්‍ර‍න් ලංකාවේ මහනුවර උපන්නෙකු වීම ද සිහිපත් කළ යුතු ය. එහෙත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජයලලිතා ජයරාම් කිසි දිනෙක සැතපුම් කීපයක් ඔබ්බෙන් පිහිටි ලංකාවට පය තබා නො තිබීම ඉතිහාසයේ කවර සරදමක් ද? ද්‍ර‍විඩ අන්ද්‍රා ප්‍රදේශයෙහි ඇති තිරුපති දෙවොලේ නිතර වන්දනාවේ යන ලංකාවේ දේශපාලකයින් තමිල්නාඩු නො යාම ද එවැනි ම සරදමකි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* මිහිඳු හිමියන් පවා ලංකාවට වැඩම කළේ තමිල්නාඩුව හරහා ය. */

    බොදුබැති ආතල් කඩන්නෙපා පැරා.

    මිහිඳු වැඩියේ එර්දියෙන් ඉත්ථිය, උත්ථිය, සම්භල, භද්දසාල, සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක එක්ක. අන්තිම දෙන්නා අනිත් අයගේ සිවුරේ එල්ලිලායි ආවේ!


    ReplyDelete
    Replies
    1. තත්ත තුත්තා අවජන්මක භාවයේ හෙළුව දක්වමින්,,,,,,,,,,

      Delete
    2. කවුරු මොනවා කිව්වත් මට නම් රසිකව පේන්නේ ප්‍රාඥයෙක් හැටියටයි. ඔහුගේ තත්ත්වයට ළඟා වෙන්න බැරි නරි තමයි ඔය හූ කියන්නේ.

      Delete
    3. කඩවත ලි බඩු කඩයක් නම් තිබුණා ඒ කාලේ ජයසුමන කියලා. ඒකෙ හිටපු සුමනෙ කියල එකෙක් ඔය රසිකයට _කේ ඇරියලු පොඩි කාලේ. ඒකයි මූ ඒ සබ්ජෙට් එකත් පුරුදු වෙලා තියෙන්නේ.

      Delete
  2. /* ඉතිහාසය පුරා ම ලංකාවට සිදු වූ ජන සංක්‍ර‍මණයන් බොහොමයක් තමිල්නාඩුව ඇතුළු භූගෝලීය වශයෙන් සමීපස්ථ දකුණු ඉන්දියාවෙන් සිදු වූ බවට සැකයක් නැත. */

    මං හිතන්නේ නම් සිංහල බහුතරය පැවත එන්නේ ගුජරාට, කර්ණාටක, කේරල, ආන්ද්‍ර සහ ඔරිස්සා වැනි පැතිවලින් සංක්‍රමනය වුණු අයගෙන් කියලයි!

    විශේෂයෙන් ම මලයාලි සහ තෙළිඟු කතාකරන ජන කොටස්!

    ReplyDelete
    Replies
    1. නැත. සිංහලයන්ගේ ජාන වඩාත් කිට්ටු වන්නේ තමිල්නාඩු වැසියන්ගේ ජාන වලට ය. එහෙත් ඔවුහු උතුරු ඉන්දියානු භාෂා වලට නෑකම් කියන සිංහල භෂාව වහරති. එසේ වූයේ ක්‍රි.පූ. 6 සහ 5 වන ශත වර්ෂවල උතුරු ඉන්දියාවෙන් මෙහි පැමිණි ආර්ය ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට ඔවුන් නතු වීම නිසා ය. එහිදී සිංහලයන්ගේ මුතුන් මිත්තන් කථා කළ, ද්‍රවිඩ භාෂා පවුලට අයත් වී තිබූ යැයි සැළකිය හැකි, ඒ වන විට තවමත් ප්‍රාථමික මට්ටමේ තිබූ භාෂාව වියැකී ගියේ ය. ආර්යයන්ගේ බලගතුකම නිසා ඔවුන් විසින් වහරන ලද විවිධ උතුරු ඉන්දියානු ප්‍රාදේශීය භාෂා කතා කිරීමට මෙහි වැසියෝ පෙළඹුනහ. ඒ විවිධ වූ උතුරු ඉන්දියානු ප්‍රාදේශීය භාෂාවන්ගෙන් ය සිංහල භෂාව නිර්මාණය වූයේ.

      Delete
    2. සිංහලයන්ගේ ජාන වල සංයුතිය දැනගැනීමට මේ සබැඳියන් බලන්න.

      http://www.sundaytimes.lk/140126/plus/race-in-sri-lanka-what-genetic-evidence-tells-us-80911.html

      http://www.khazaria.com/genetics/sinhalese.html

      https://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese

      Delete
    3. ලියන භාෂාව උතුරු ඉන්දියාවෙන්, ලියන අකුරු මැද ඉන්දියාවෙන්, ඇගේ ජාන දකුණු ඉන්දියාවෙන් සහ ඉරානයෙන්, ජාතික ඇඳුම ...

      ජාතික කියන වචනය මුලින් යෙදෙන ඕනෑම දෙයක් ඉන්දියාවෙන්, අපි හොඳ අනන්‍ය ජාතියක්.

      Delete
    4. ජනවර්ග පිළිබඳ ජාන පර්යේෂණ වලින් ලැබී ඇති ප්‍රතිඵල විකාර සහගත වී තිබේ. විශේෂයෙන්ම ඇමරිකා එකසත් ජනපදයේ මෙන්ම යුරෝපයේද කරන ලද පරීක්ෂණ රැසකින් මෙම ජාන ඇසුරින් ජනවර්ග වල සම්භවය සෙවීම පුස්සක් බව තහවුරු වී තිබේ. ඇතැම්විට දැනට මේ සඳහා යොදාගන්නා තාක්ෂණයේ ගැටලුවක් විය හැක. කෙසේ නමුත් සියලු මිනිසුන් මෙන්ම සත්වයින් ද එකම මූලයකින් පැවත එන බව වඩාත් පිළිගත හැකි මතයයි. ජාතිවාදය වර්ගවාදය වැනි පුහු සංකල්පද ආගම්වාදය මෙන්ම හුදෙක් මනසේ නිර්මාණයක් පමණි. ඇතැම් විට ලාංකිකයන්ට සමාන ජාන ඔස්ට්‍රේලියාවේ ඇබොරිජීන්ලාට තිබෙනවා විය හැකිය. නමුත් මානසික ජාතිවාදයට ඒය වළංගු නොවේ.

      Delete
  3. ලාංකීය දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන් වින්නඹුකම් කර ඉංග්‍රීසීන් බෞතීස්මකල එකක්. එමනිසා යාපනයේ දෙමලා කොතරම් සංස්කෘතික වශයෙන් තමිල්නාඩුව මත යැපුතන් උගේ දේශපාලනය බටහිර අධිරාජ්‍යවාදය හා බැඳුනු එකක්. මේ තත්වය බිරිතානි අධිරාජ්‍ය විසින් පදිංචි කරවූ අනෙකුත් දෙමළ ප්‍රජාවන්ටත් පොදු තත්වයක්.
    තමිල්නාඩු දේශපාලනයට මේ ගැන නිසි අවබෝධයක් නැතිවා විය හැකියි.
    සිංහලයන්ට මෙයින් වාසි වගේම අවාසිත් සිදුවෙනවා.

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වා නමැති කේරළයෙන් පැවත එන උන්මත්තකයාගේ ප්‍රලාපයේ නැවත වාදනයක් තමයි මේ.

      Delete
    2. //කේරළයෙන් පැවත එන

      ඇයි අවුල්ද?

      Delete
    3. ඔව්, අවුල්...... පරම්පරා දෙකකට කලින් සිංහලයන් වත් නොවී හිටපු එවුන් තමයි උඹලා වගේ ගොබ්බ සේනලාව ජාතිවාදයෙන් චූන් කරලා ආතල් ගන්නේ.

      Delete
    4. තෝ දන්නවද පැරකුම් රජුට සිටි ආදිත්‍ය ද්‍රවිඩඅධිකාරී සෙනෙවියත් කේරල සම්භවයක් ඇති අයෙක් බව.

      Delete
    5. ඇත්ත කියන කොට තෝ වගේ වල් ඌරන්ට කේන්ති එනවා. ඒක නිසා ඉස්සෙල්ලම සීතල වතුර වීදුරුවක් බීලා හිටින්. "පැරකුම්" නමින් රජවරු හුඟාක් හිටියා. කොයි පැරකුම් රජ ගැනද තෝ මේ කියන්නේ? පොළොන්නරුවේ I වන විජයබාහු රජුටත් අද අපි තමිල්නාඩුව කියන දේශයෙන් සොල්දාදුවෝ හිටියා. පොළොන්නරුවේ දළඳා මාළිගාවේ දොරටුව ළඟ ස්ථාපිත කරලා තියන සෙල්ලිපිය බලපිය. ඒ සොල්දාදුවන්ට දීලා තියන උපදෙස් තනිකරම දෙමළෙන් තියෙන්නේ. ඉතින්, තමිල්නාඩුවෙන් ආවත් කේරළයෙන් ආවත් උන් එකෙක්වත් ජාතිවාදය ඇවිස්සුවේ නෑ යකෝ. නලින් ද සිල්වා උන් එකෙක්ගේ මයිල් ගහක්වත් වටින්නේ නෑ. මොකද බොනිකර තරුවෙන් ජාතිවාදය අවුස්සන නිසා.

      Delete
    6. //ලාංකීය දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන් වින්නඹුකම් කර ඉංග්‍රීසීන් බෞතීස්මකල එකක්.//

      ඔය කියන කතාව ඇත්තක් නම්, තටම තටම ඉන්නේ නැතුව ලන්දේසීන්ටයි ඉංග්‍රීසීන්ටයි තිබුණනේ කිසිම බාධාවක් නැතුව ඒ කාලයේම දෙමළ ඊළම හදලා දෙන්න.

      Delete
    7. @ AnonymousDecember 9, 2016 at 10:45 AM

      ඇජ්ජේ බිනෝ, උන්ට ඕනේ වුනේ ඊළමක් දෙන්න නෙමෙයි, බහුතර සිංහලයා සුළුතරය ලවා පාලනය කර "බෙදා පාලනය කිරීමේ" තියරිය අනුව පහසුවෙන් පාලනය කිරීම.
      උන් ජාතිවාදය පෝෂණය කලේ ඔවුන්ගේ පාලන පහසුව තකා.
      තෝ මොට්ටයා මොනාද දන්නේ

      Delete
    8. //බහුතර සිංහලයා සුළුතරය ලවා පාලනය කර//

      ඉතින් ගොනෝ සිංහලයන් කළෙත් ඕකමනේ... සුළුතර වඩිගයින්ට රටේ පාලන බලය දුන්නේ කවුද? උඩරට සිංහල රදළයෝ.

      Delete
    9. /ලාංකීය දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන් වින්නඹුකම් කර ඉංග්‍රීසීන් බෞතීස්මකල එකක්/ ඒකනේ, බෞද්ධ පුනරුදය ඇති කරපු පරම විඥාර්ථ සමාගම නම් ඇමරිකන් සමාගමක් නෙවෙයි හොඳේ.

      Delete
    10. //"බෙදා පාලනය කිරීමේ" තියරිය//

      ඔය කියන තියරිය තිබුණේ සමාන්තර විශ්වයක වෙන්ටෑ...

      Delete
    11. @ Nut Man

      බෞද්ධ කොඩියත් නිර්මාණය කළේ ඇමරිකන් අධිරාජ්‍යවාදියෙක් එහෙම නෙවේ, හොඳේ.....

      :D

      Delete
    12. ඉංග්‍රීසි / ඇමරිකන් කියන්නේ දෙකක්. ඒ කාලේ ඒ රටවල් එතරම් මිතුරු නෑ.
      ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබිද්දී වෙනම රටක් ඉල්ලුවනම් ලැබෙනවා.
      නමුත් එකල දෙමළුන්ට අවශ්‍ය වුනේ රටෙන් කෑල්ලක් වෙනුවට රටම අල්ලන්න.
      ඒ වගේම ඉංග්‍රීසීන්ට උඩරට රාජ්‍යය යටත් වුනේ නැතිනම් මුළු පහතරටම දෙමළ සිංගප්පූරුවක් වෙන්න තිබුනා.

      Delete
    13. ගී රසවතුනි,

      මෙම ගීතය ගයන්නේ - නලින් ද සිල්වා.

      තැටි වාදන යන්ත්‍ර ක්‍රියාකරු - ජගත් පතිරණ

      Delete
    14. Jagath Pathirana,

      What you have mentioned here is true. Actually, early Tamil movements want entire Ceylon to be ruled by Tamil leaders as they have underestimated Sinhalese national movement. If they request separate country instead of famous 50:50 in 1947, they could have easily get a separate country in the North & East just like Pakistan. But, they were wise enough to notice that such very minor state cannot be developed or managed without the support of the mainland Ceylon. So they thought to rule Ceylon based on Colombo & Jaffna as the cultural capital.

      But later, the Sinhalese extremist racist movements has limited them to a small state in North & East. But, such country would not be practical without any foreign source of substantial funding. Even Sri Lanka as a whole, struggles to balance the Economy & such small country would be even worse.

      Delete
    15. Nalin de Silva singing in English. Racist bastard!

      Delete
    16. I'm not Nalin de Silva, but of coz I agree with you that he is another racist bastard just as Tamil racists in North. However, what he says regarding this incident is true. Tamils were well educated & more powerful than Sinhalese in early 20 th century & even Sinhalese people had to get the support from Tamil leaders in 1915 riots & constitutional affairs to deal with the British. However, that has made them overconfident & due to the 1931 Donoughmore Constitution, their immense powers has been commenced to decline.

      Delete
    17. The Donoughmore Constitution, created by the Donoughmore Commission, served Sri Lanka (Ceylon) from 1931 to 1947 until it has been replaced by the Soulbury Constitution.

      It was a significant development. First, it was the only constitution in the British Empire (outside the "white" dominions of Australia, South Africa and Canada) enabling general elections with adult universal suffrage. For the first time, a "dependent", non-caucasian country within the empires of Western Europe was given one-person, one-vote and the power to control domestic affairs. Here was the pilot project whose success would ensure freedom from colonial/imperial bondage for whole swathes of Asia, Africa and the Caribbean.

      Secondly, it created a committee system of government specifically to address the multi-ethnic problems of Sri Lanka. Under this system, no one ethnic community could dominate the political arena. Instead, every government department was overseen by a committee of parliamentarians drawn from all the ethnic communities. This created a built-in series of checks and balances, leading to continual 'pork-barrelling' and 'log-rolling', in which every ethnic group gained something. Consensual politics was thereby forced on Sri Lanka's reluctant political activists. Power and funding followed those with the ability to maximise broadbased multi-ethnic support: negotiators and peacemakers were therefore elevated above demagogues and warmongers.

      The Donoughmore Commissioners had been appointed by the socialist Sydney Webb. Webb was briefly the Secretary of State for the Colonies in the Lib-Lab coalition government of 1927. He appointed Commissioners whom he knew shared his desire for an equitable and socialist British empire and they in turn came up with a Constitutional arrangement for Sri Lanka, which would ensure that every community in the island had a chance of for power and prosperity.

      Delete
    18. However, unfortunately, the future generations has loosen the chances created by this kind of valuable system due to immaturity and many issues from Racism to Corruption like both former MR regime & current GG regime has been infected with.

      Delete
  4. දැන් ඉන්න එකම නායකයෙක්වත් තමිල්නාඩුව සමග සමීප සම්බන්ධතාවක වැදගත්කම හඳුනාගෙන නැත.

    ReplyDelete
  5. // දෙමළ පඬිවරයකු වූ ආරුමුග නාවලර් සිය ජීවිත කාලය තුළ කිසි විටෙක කොළඹට පැමිණ නැති බව කියැවේ. //

    නාවලර් දෙමල පඬිවරයෙක් නෙවෙයි..
    එයා සටන් කලේ ශිව ආගමට මුල් තැන ලබාදෙන්නයි අඩු කුල වල ඉන්න දෙමල ලමයින් ට පාසැල් අද්යාපනේ නොදෙන්නයි...

    අඩු කුලේ ලමයින් ව පාසැල් වලින් එලවීම එතුමා ගේ මූලිකත්වයෙන් ආරම්බ වූ ක්‍රියාවක් හිටන්!

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒකත් යහපාලනයේ වැරැද්දක් නොවෙයිද? කෝ අද ඒ කෑල්ල?

      Delete
    2. @ AnonymousDecember 9, 2016 at 9:51 AM
      ඉතින් ඒකත් යහපාලනයේ වැරැද්දක් නොවෙයිද? කෝ අද ඒ කෑල්ල?

      යහපාලනයේ වරද පැරකුඹුවන් වැනි තුට්ටුවේ සට්ටඹියන් ලවා යහපාලනය ආරක්ෂා කොට ගැනුමට කාසි පනම් ගෙවමින් දරන්නා වූ පලක් නොමැත්තා වූ මෙම ප්‍රයත්නයයි.
      උහු කට දිව නොගෑවී කෙබර කෙළත්, හුදු පලක් නැත්තේමය.

      Delete
    3. @ Sa rasa

      දන්න දතක් ගලවාගෙන ඉන්නවා අයිසේ නොදන්න ඉතිහාසය කතා කරන්නේ නැතුව.

      Delete
    4. // @ Sa rasa

      දන්න දතක් ගලවාගෙන ඉන්නවා අයිසේ නොදන්න ඉතිහාසය කතා කරන්නේ නැතුව.//

      හොඳමයි!

      Delete
    5. Sa Rasa,

      ඔබගේ අදහස මූලික වශයෙන් නිවැරැදිය. ශ්‍රී ලංකාවේ හින්දූන් අතර ඇති වූ ආගමික පුනරුදයට මූලික වශයෙන් හේතු වූයේ ආරුමුග නාවලර්ගේ (1822 - 1979) පුරෝගාමී ක්‍රියාකාරකම් ය. ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ දමිළයන් අතර තම ආධ්‍යාත්මික උරුමය පිළිබඳ සවිඥානකත්වයක් ගොඩනැඟීමෙහි ලා නාවලර්ගේ කාර්යභාරය පිළිබඳ විස්තර කථනයක යෙදීමට මම අදහස් නොකරමි. බොහෝ දුරට උතුරු ඉන්දියාවේ ආර්ය සමාජ් සංවිධානය පිහිට වූ දයානන්ද සරස්වතී (1824 - 1883) සමග නාවලර්ව සැසඳිය හැකි ය. උතුරු ඉන්දියාවේ වෛදික ආගමට දයානන්දගෙන් ඉටු වූ සේවයම නාවලර් විසින් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ශිව ආගම සඳහා ඉටු කරන ලදී. අද වන විට ඔහුව හැඳීන්වෙන්නේ නවීන දමිළ ගද්‍යයේ පීතෘවරයා, ප්‍රසිද්ධ දේශන පැවැත්වීමේ ආරම්භකයා, ප්‍රාථමික සහ ද්වීතීය පාසල් සඳහා දමිළ පාඨ ග්‍රන්ථ ලියා පළකළ ප්‍රථම ක්‍රිස්තියානි නොවන පුද්ගලයා, පුරෝගාමී ග්‍රන්ථ විවේචක, භාෂා නවීකාරක සහ ශිව ආගමික පාසල් ආරම්භ කළ පුද්ගලයා ද වශයෙනි.

      එදින හින්දු දමිළ ලෝකයේ නාවලර් දැවැන්තයෙකු වූ අතරම පූජ්‍ය පීටර් පර්සිවල්ට බයිබලය දෙමළට පරිවර්ථනය කිරීමට උද්වු කිරීමේදී ලබාගත් ගැඹුරු දැනුමද ඔහු පසුකාලීනව තම කටයුතුවලදී යොදා ගත්තේය. හින්දු දෙවිවරු සහ ශුද්ධ ග්‍රන්ථ විවේචනයට ලක්කරමින් ලේඛන ප්‍රකාශයට පත්කළ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ට විරුද්ධව වැඩසටහන් රාශියක් නාවලර් ක්‍රියාත්මක කළේය.

      පසුකාලීන උග්‍ර ක්‍රිස්තියානි විරෝධියකු මෙන්ම ශුද්ධ හින්දු ආර්ය දමිළ ජාතිකවාදී රාජ්‍යක් වෙනුවෙන් පෙනීසිටි ඔහු ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාරාත්මක අත් පත්‍රිකා ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කළ අතර, ක්‍රිස්තියානි ආගම වැළඳගත් අය නැවත ශිව ආගම වෙත හරවා ගැනීමට ව්‍යාපාරයක් ද ආරම්භ කළේය. මෙහිදී ද නාවලර් සහ දයානන්නද සරස්වතී අතර සමානකම් පෙනේ. සරස්වතීගේ 'ශුද්ධි' නම් සංකල්පය (නැවත අත්පත් කර ගැනීම හෝ නැවත හරවා ගැනීම) හින්දු ආගමේ සිදු වූ පිපිරීම් ප්‍රතිසංස්කරණය කිරීමට උදව් විය.

      To be cont'd...

      Delete
    6. පුහාරාත්මක අත් පත්‍රිකා රචකයෙකු ලෙස ගත් කල නාවලර් හා සමකළ අය සිටි යේ අතළොස්සකි. ඔහුගේ අනුගාමිකයන් සියල්ලෝම පාහේ නාවලර්ගේ මෙම ප්‍රවණතාව අනුගමනය කළහ. මොවුන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වූ අය නම්, ශිව සංඝාර පණ්ඩිතාර් (1829 - 1891), සේනාධිනාථ අයියර් (1848 - 1924) සහ එන්. කදිරවෙල්පිල්ලෙ (1864 - 1907) යන අය වේ. නාවලර්ගේ ක්‍රියාකාරකම් 1888දී ශෛව පරිපාලන සභාව සහ ශිව ආගම ආරක්‍ෂා කර ගැනීම සඳහා කැප වූ සංවිධානය පිහිටුවීමට ඉවහල් විය. එමෙන්ම, 1890දී යාපනයේ හින්දු උසස් පාසල පිහිටුවීමට ද ඔහු මුල් වූයේය. මෙය පසුව හින්දු විද්‍යාලය ලෙස නම් කරන ලදී. The Hindu Organ පුවත්පතේ (1899 ජූලි) පළ වූ කතුවැකියකින් මෙම කරුණ වඩාත් පැහැදිලි කෙරෙයි.

      "හින්දුවරුන් වෙනුවෙන් හින්දුවරුන් විසින් පිහිට වූ පාසලක් පිළිබඳ අදහස මීට වසර 30කට පමණ පෙර ප්‍රථමයෙන්ම මතු ‍කළේ අභාවප්‍රාප්ත ආරුමුග නාවලර් තුමා විසිනි. ශිව ආගම සහ සාහිත්‍යය සඳහා ඔහු ඉටු කළ සේවය යාපන‍ය ඉතිහාසයේ එක් යුගයක් සනිටුහන් කරයි. එනමුත්, පාසලක් ඇරඹීම සඳහා ඔහු කළ මුල්ම යෝජනාව මල් ඵල නොගැ‍ණුනේ ඊට අවශ්‍ය සහයෝගය නොලැබුණු නිසා ය. අවාසනාවකට මෙන් එය අපගේ ජාතික පෞරුෂයේ කැළලක් බවට පත්ව තිබේ. කෙසේ වුවද, ඔහු ආරම්භයක් වශයෙන් වන්නාර් පොන්නායිහි පාසලක් පටන් ගත් අතර, වෙස්ලියානු මිෂනාරීන්ගේ විරුද්ධත්වය නිසා රජයේ ප්‍රදානයක් ලබා ගැනීමට ලියාපදිංචි කිරීම රජය විසින් වළකන ලදී. නාවලර්ගේ අදහසට ප්‍රායෝගිකත්වය ලබා දුන්නේ ශෛව පරිපාලන සභාව මගිනි. ඒ අනුව, 1980දී යාපන හින්දු පාසල ආරම්භ කරන ලදී.

      නාවලර් විසින් ඉටුකරන ලද අද්වීතීය කාර්යභාරය ආගිමක සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රවලට පමණක් සීමා වූයේ නැත. සැබැවින්ම ඒ ක්‍ෂේත්‍රවල ඔහු කළ වැඩසටහන් සුවිශේෂී මෙන්ම දීර්ඝ කාලීන බලපෑම් සහිත ඒවා ය. එනමුත් ඔහුගේ කාලයේ ජීවත් වූ අන් දමිළ ආගමික ප්‍රතිශෝධකයන් හා සසඳන විට නාවලර් සතු වූ සමාජ වැඩසටහන් බෙහෙවින් ජාතිකවාදී එකක් විය.

      යාපනයේ දිසාපති ඩබ්. සී. ට්විසිහැට්ට විරුද්ධ ව්‍යාපාරයට නාවලර් තම පූර්ණ සහාය ලබා දුනි. ඔහු 1876දී ඇති වූ දුර්භික්‍ෂයෙන් පීඩාවට පත් වූවන්ට ආහාර පාන සපයමින් සහනාධාර ද ලබා දුන්නේය. එමෙන්ම, සීමාසහිත යාපනය සහ මඩකළපුව වෙළඳ සහ කෘෂිකර්ම සමාගම පිහිටුවීමේ ප්‍රධාන බලවේගය ඔහු වූ අතර, එහි ප්‍රධාන අරමුණු වූයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ දමිළ ජාතිකවාදී කෘෂිකර්ම වැඩසටහන් සංවර්ධනය කිරීමයි.

      1879දී ඔහුගේ මරණයට මද කලකට පෙර ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට දෙමළ නියෝජිතයෙකු ලෙස පී. රාමනාදන් පත් කරගැනීමේ ව්‍යාපාරයට ද නාවලර් සහයෝගය දැක්වීය. මේ පුරප්පාඩුව ඇති වූයේ 1879 මැයි මස දී ශ්‍රීමත් එම්. කුමාරස්වාමි අභාවප්‍රාප්ත වීම නිසා ය.

      ව්‍යාපාරිකයන්, නොතාරිස්වරුන්, ඉංජිනේරුවරුන්, ගම් ප්‍රධානීන්, උඩෛයාර්වරුන් සහ උප මහේස්ත්‍රාත්වරයෙකුද ඇතුළු යාපනයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රැස්වීමක් කැඳ වූ නාවලර්, අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ජෙම්ස් ආර්. ලොන්ඩන් වෙත යැවීම සඳහා ලිපියක් සම්පාදනය කළේය. එහි අන්තර්ගතය වූයේ පී. රාමනාදන් තම ප්‍රජාවේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් පත් කරන ලෙස කළ ඉල්ලීමයි. මේ අනුව නාවලර්, රාමනාදන්ට ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙමින් ඔහුට ප්‍රසිද්ධ ජීවිතයේ ඉහළට නැඟීමට අවශ්‍ය අවස්ථාව ලබා දුන්නේය.

      නාවලර්ට ඔහුගේ ආගමික උනන්දු සහ ප්‍රජාවට බෙහෙවින් වැදගත් වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකට සම්බන්ධ කිරීමට හැකි වූ අතර, එතුළින් සමාජ, දේශපාලන සහ ආගමික කටයුතු මුසු කරන ලදී. දෙමළ ප්‍රජාව තුළ පසුකාලීනව ඇති වූ ශුද්ධ හින්දු ආර්ය දමිළ ජාතිකවාදී සංස්කෘතික පිබිදීමට මෙය මහඟු දායකත්වයක් සපයනු ලැබීය.

      නාවලර් පිළිබඳ අමතර තොරතුරු සඳහා කියවන්න, කේ. කෛලාසපතිගේ Arumugam Navalar: The Central Years 1834 - 1848 (යාපනය, 1979). එසේම මේ සඳහා පාක්‍කියනාදන් අහිලන්ගේ නිබන්ධයද (පඨිත තෙවන වෙළුම, 2004) සහ බර්නාඩ් බේට්ගේ නිබන්ධය ද (ශ්‍රී ලාංකීය සමාජය සහ සංස්කෘතිය පාඨනය කිරීම: 2000 - 2006, තෙවන වෙළුම 2007) පරිශීලනය කළ හැකිය.

      Delete
    7. ඔබට බොහෝම ඉස්තූත්යි ව්යක්ත ඇනෝ තුමෝ!

      Delete
    8. සරස ලොක්කෝ

      ආරුමුහ නාවලර් මැතිතුමා කියන්නෙ යාපනයේ අයියර් වෙල්ලාලර් වැනි උසස් කුලවල කුලවතුන්ගේ ප්‍රමුඛාත්වයෙන් පාලනය වන තනිකර හින්ධු ශුද්ධ දමිළ රාජ්‍යක් ඇතිකිරීමට සිහිනයක් තිබූ විෂිශ්ට නායකයෙක්. නමුත් එතුමාට යාපනයේ කරෛවර් වැනි කුල මෙන්ම නැගෙනහිර මුක්කුවර් ආදී කුලවල ජනතාව කැමති නැහැ ඔහුගේ තිබූ සාම්ප්‍රදායික උග්‍ර කුලවාදය නිසා.

      Delete
    9. පැරාට කෙටි ලිපියකි
      =================

      සාධනීය සිංහල ජාතිකවාදී ව්‍යාපාරයේ සමකාලීන බුද්ධිමය සම්ප්‍රදාය නියෝජනය කරන ගරු සරසතුමා නාවලර්තුමා පිළිබඳ පළ වූ අදහස් දැක්වීමකට මෙසේ ප්‍රතිචාර දක්වයි:

      “ඔබට බොහෝම ඉස්තූත්යි ව්යක්ත ඇනෝ තුමෝ!”

      සරසතුමා වැනි බුද්ධිමතකු විසින් අගයනු ලැබූ “ශ්‍රී නාවලර් සම්ප්‍රදානය පිළිබඳ ආධානග්‍රාහීනො වූ කියවීම” (නාවලර්තුමාගේ සම්ප්‍රදානය නො ව ඒ පිළිබඳ කියවීම) තුළ ගැබ් ව ඇත්තේ “ඇනෝතුමකුගේ” අදහස් නො වේ. එය තනිකර ම වාම ආභාසය ලැබූ විශ්ෂ්ට දෙමළ බුද්ධිමතකුගේ අදහසක සිංහල පරිවර්තනය උපුටා දැක්වීමකි. එම දෙමළ බුද්ධිමතා අන් කවරකු හෝ නො ව මහාචාර්ය කනපතිපිල්ලෛ කෛලාසපති ය. 1982 දී පුනිදම් තිරුචෙල්වම් අනුස්මරණ රැස්වීම සඳහා මහාචාර්ය කනපතිපිල්ලෛ කෛලාසපති විසින් සම්පාදනය කරන ලද ලිපිය 2007 දී සමාජ විද්‍යා අංශයේ සසංකා විසින් (ජගත්ගේ ද සහය ලබා) පරිවර්තනය කෙරිණි. සාධනීය සිංහල ජාතිකවාදී ව්‍යාපාරයේ සමකාලීන බුද්ධිමය සම්ප්‍රදාය නියෝජනය කරන ගරු සරසතුමාගේ ඇගයීමට ලක් වූ ඉහත කියවීම එම පරිවර්තනයේ සෘජු පිටපත් කිරීමකි. එහි එන විමර්ශන යොමුව ද එකී පරිවර්තනයේ පාද සටහනින් පිටපත් කළ එකකි. වාමාංශිකයකු ම වූ මහාචාර්ය ගම්ලත් සහෝදරයාගේ ප්‍රතිරූපණ හිමිකමට පැහැදිලි ව ගෞරව කෙරුණු සේ ම මහාචාර්ය කෛලාසපතිගේ ප්‍රතිරූපණ හිමිකමට ද පැහැදිලි ව ගෞරව කෙරුණි නම් වඩා සුදුසු ය. නමුත් ප්‍රස්තුතය ගැටලුව එය නො වේ. එම පරිවර්තනය පූර්ණ ව පළ කරමින් කතිකාවට ගෙනෙන ලද්දේ ද වම විසිනි. එම පරිවර්තනය උපුටු ගත හැකි තැන දැන් ම නො පවසන්නේ පැරා කුලප්පු වන නිසා ය. අවසන පවසන්නට රිසි ය.

      ගැටලුව ඇත්තේ පැරා තුළ ය. වම යනු සිංහල ජාතිකත්වයට පසමිතුරු බලවේගයක් ය යන දුර්මතය සමකාලීන ලංකාවේ ප්‍රචලිත කෙරෙමින් පවතී. සත්‍ය ලෙස ම වම එසේ නැත. වම පෙනී සිටින්නේ සිංහල ජාතිකත්වයත් දෙමළ ජාතිකත්වයත් සහෝදරත්වයෙන් වෙළී මේ ලක් දෙරණේ එක ම භූගොලීය වපසරියක ජීවත් වන සාර සමාජයක් සඳහා ය. මාර්ග දෙකකින් වුව අප ගමන් කරනුයේ එක ම ශ්‍රී පාදස්ථානයට ම ය. සිංහල ජාතිකත්වයටත් දෙමළ ජාතිකත්වයටත් සංහිඳියා කතිකාවක් සඳහා මහා පොදු සාධකයක් පවතී. එම මහා පොදු සාධකය ජාතිකත්වය යි. සංහිදියාව සඳහා ඇති මහා පොදු සාධකය විනාශ කරන්නට තතමන්නෝ ජාතිකත්ව නැති කරන්නට නූතන අධිරාජ්‍යවාදයට බැලමෙහෙවර කරන කුලී ලියන්නෝ හෙවත් ඩොලර් කාක්කෝ ය. පැරා යනු එම ජාකිකත්වනාශනීය කාලකන්නි කොම්ප්‍රදාරු කුලකයේ ගොඩ්ෆාදර් ය.

      සිංහල ජාතිකත්වය සහ දෙමළ ජාතිකත්වය අතර පවතින යම් යම් විසංවාදයන් ජාතිකත්වය පිළිගන්නා අන්තවාදී නො වූ අප අතර සහමන්ත්‍රණයකින් අපට විසඳා ගන්නට හැකි ය. සරසතුමා, මයුරවිල වැනි බහුවාර්ගික, බහුආගමික රාජකීය ශික්ෂණයක් ලද සමකාලීන සිංහල ජාතිකත්වයේ පුරෝගාමීහු අන්තිම දෙමළාගේ සමින් ද පාවහන් සාදන්නට කතා කළ රාජරත්න පන්නයේ මුග්ධයෝ නො වෙති. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගොඩනඟන්නට සිංහල ජාතිකත්වය දක්වා ඇති දායකත්වය ප්‍රමුඛ බව පිළිගත යුතු ම ය. දෙමළා වර්ගසංහාර කළ යුතු යි යන අස්ථානයක නූතන සිංහල ජාතිකත්වය සිටින බවක් නො පෙනේ. එය සාධනීය ය. දෙමළ සහ සිංහල ජාතිකත්ව අතර සංහිඳියාවකට වින කරන්නට බලා සිටින්නේ ජාතිකත්ව නැති කරන්නට දෘෂ්ටිවාද පතුරවන ජාතිකද්‍රෝහි හැතිකරය ය. එම හැතිකරයේ වර්තමාන ගෝඩ්ෆාදර් වන පැරාට එරෙහි ව සිංහල සහ දෙමළ ජාතිකත්ව සහෝදරත්වයන් එකා වන් ව නැඟී සිටිය යුතු ය. පසු ගිය කාලය පුරා මෙම බ්ලොග් අවකාශයේ ආලෝචන සීමාව තුළ එම සංහිඳියාව ගොඩ නැඟෙන බව පෙනේ.

      අප පැරාට පවසන්නේ මෙය යි: අපේ අපේ ජාතිකත්ව ප්‍රශ්න අපට විසඳා ගන්නට ඉඩ දී ජාතිකත්ව නො පිළිගන්නා උඹ සිරිකොතට වී උඹේ වැඩක් කර ගෙන හිටපං. ප්ලීස් …

      උඹට ක්ෂිතිමය අත්දැකීමක් වන පෙර කී උපුටනය පළ කෙරී ඇති තැන අපි දැන් පවසමු. පැරා, උඹේ ඇස්වලට කටු අනිනවා වගේ නම් සොරි හොඳේ …

      http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-13-45/2014-12-20-03-18-29/499-2015-12-08-10-05-16

      පැරා, අහක සිටින අයගේ නම් ලියමින් ඔවුන්ට මඩ නො ගසා අවම වශයෙන් "හිටපු" වාමාංශිකයකු ලෙස හෝ මෙම චෝදනාවලට පිළිතුරු දීපං.

      Delete
  6. අජිත්

    තමිල්නාඩුව කියන්නේ දේශපාලනය, පරිපාලනය, දූෂණය, ගෝත්‍රික පසුගාමීත්වය, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි බොහෝ කරුණු කාරණා අතින් ලංකාවට වඩා බෙහෙවින් පසුගාමී නොදියුණු ප්‍රාන්ත රාජ්‍යයකි. අප කළ යුත්තේ එබඳු පසුගාමීන් සමග එක්ව වලපල්ලට යෑම නොව වඩාත් ඉදිරිගාමී මානව නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදය අගයන යුරෝපා සංගමය ඇතුළු දියුණු රාජ්‍යයන් සමග අත්වැල් බැඳගෙන වඩාත් සංවර්ධිත සුරක්ශිත යහපත් සමාජයක් ගොඩනැගීමට උත්සාහ කිරීමය. තමිල්නාඩුව වැනි පසුගාමී ගෝත්‍රික රාජ්‍ය ඇසුරු කලයුත්තේ අතේ දුරිනි. ලාංකික දමිල ජනතාවත් යුරෝපය ඇතුලු දියුණු රාජ්‍ය වල ලාංකික දමිළ ප්‍රජාව සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතු අතර තමිල්නාඩුවේ ඉදිරිගාමී ව්‍යාපාරවලටද අප ආදර්ශවත්ව උපකාර කිරීම කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. Well said.

      +++++++++++++++++++++++++++++

      Delete
    2. gan booruwek arak gath Ravaye Thaniyayata aba saranayi..mooth thamilnaduwatama yawwa nam lede saneepa weyi.

      Delete
    3. සුද්දෝ මෙහෙට්ට ගෙනාපු දෙමෙල්ලු ආපහු ඉන්දියාවට පටවන එක ගොබ්බ යු.ඇන්.පී. ආණ්ඩුවෙන් නතර කරපු වෙලාවේ උන් කොටහක් ලංකාවේ ඉතිරි වූ බව අමතක කරන්න එපා 1:31 PM ඇනෝ.
      එවුන් තමයි මේ සිහල වගේ පෙනී සිටගෙන අපට කෙලවන්න තනන්නේ. ඒ දවස් වලම මුන්ව තමිල්නාඩුවට යවා ගත්තනම් ගොඩ, දැන් මුන්ව එලවන්න අමාරුයි බොලල්ලා.

      Delete
    4. ලංකාවේ ආර්ථිකය ගොඩ දාන්න මුළු ජීවිත කාලය පුරාවටම කඹුරපු ඒ ඇත්තන්ට ලංකාවේ පුරවැසිකම දීම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කළ උතුම් ක්‍රියාවක්.

      Delete
    5. බැසිල්, ගෝතා ඇතුළු සිංහල පකීර්ලා පිටරට කඹුරලා, සුද්දන්ට දෙකට නැමිලා ඒවායේ පුරවැසිකම් ගන්න එක හොඳයි.... ලංකාවට අවුරුදු 150 ක් තිස්සේ මුදල් උපයලා දුන්නු, ලංකාවෙම පදිංචි තමිල්නාඩු දෙමළුන්ට පුරවැසිකම් දෙන එක නරකයි.....

      Delete
    6. ///තමිල්නාඩුව කියන්නේ දේශපාලනය, පරිපාලනය, දූෂණය, ගෝත්‍රික පසුගාමීත්වය, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි බොහෝ කරුණු කාරණා අතින් ලංකාවට වඩා බෙහෙවින් පසුගාමී නොදියුණු ප්‍රාන්ත රාජ්‍යයකි.///

      පසුගාමී නිසා වෙන්න ඇති ලංකාවේ උදවිය වකුගඩු අමාරු, අර අමාරු, මේ අමාරු හැදුණාම තමිල්නාඩුවේ ඇපොලෝ රෝහලට දුවන්නේ...

      Delete
    7. Api yanne Singappur - meeta Rajitha

      Delete
  7. ලිච්ජවී රාජ්‍යය හා සප්ත අපරිහානියධර්ම පසුගිය මැතිවරණ සමයේදී නැවත කරලියට ආවේය. එය දේශපාලන වේදිකාව වර්ණවත් කරවූ තවත් එක් වෙළද දැන්විමක් විය හැකි වුවත් ලිච්ජවී රාජ්‍යය හා එහි ඉරණම පිළිබඳව කතිකාවතක් නැවත ගොඩනැගීමට මේ සුදුසු කාලයයි සිතේ. ඉතිහාසය නැවත නැවත සිද්ධ වන බවට යම් සේයාවන් පසුගිය ශතක කීපය අධ්‍යනය කිරීම තුලින් ඉගැනීමට අපට හැකිවිය. ඉතිහාසය වර්තමානයේ සැරිසරන්නට පටන් ගෙන ඇත. එක් අතකින් ගෝත්‍රික අදහස් මුලිනුපුටා දමා ජනතා හදවත් ලෝකයට විවෘත කල යුතු යැයි යෝජනා කරන පාර්ශවයම අනෙක් අතට ගෝත්‍රික පාලන තන්ත්‍රයක් ගෙන එන බවට අදහස් පල කරයි. ඒ අනුව මේ යොජනාව පැහැදිලි අවබෝධයකින් නොකල එකක් බව පැහැදිලිය. එහෙත් හොදට හෝ නරකට හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව ලිච්ජවීන් නැවත කරලියට පැමිණ තිබේ. එය අපව නැවත ඉතිහාසයට රැගෙන යන අතර ලිච්ඡවීන්ගේ ආගමනයත් සමගම ඔවුන්ගේ විනාශයේ කාරණාත් එය සිද්ධ වූ ආකාරයත් අප රටේ වර්තමාන දේශපාලන තත්වය සමග සන්සන්දනය කිරිමටද ආරාධනා කරයි. ඒ සමගම අප ඉදිරියේ ප්‍රශ්නයක්ද ඉතිරි කරයි.

    සැබෑවටම කූට උපක්‍රම තුලින් ලිච්ඡවී සමූල ඝාතනය කලා නොවේද? එසේනම් අපේ ඉරණමද එබඳුම වේද? ලිච්ඡවීන් යනු ගෝත්‍ර කීපයක් එක් වී සෑදුනු සංයුක්ත රාජ්‍යයක එක් ගෝත්‍රයකි. මෙවන් රාජ්‍යයන්හි දේශපාලන ක්‍රමය රාජාන්ඩු දේශපාලන ක්‍රමයට වඩා වෙනස් විය. ගණරාජ හෙවත් සමූහයක් විසින් පාලනය කල රටවල් මෙවන් රාජ්‍යයන්ට උදාහරණ විය. විශෙෂයෙන් රජකු රහිත පාලන තන්ත්‍රයක් මේවායෙහි තිබීම මේවා රාජාන්ඩු පාලන තන්ත්‍රවලින් වෙනස් වීමට හේතු විය. වජ්ජීන් යනු ලිච්ඡවී ගෝත්‍රය ඇතුලු වූ සමූහපාලන රාජ්‍යයකි. විශේෂයෙන් වජ්ජී පාලනය තුල පවුලේ වගකීම මහත් ගෞරවයක් සේ සලකයි. එමෙන්ම සදාචාරය තීරණය කරන ලක්ෂණයද පවුල විය. මෙහි ස්භාවය සාපේක්ෂ වශයෙන් සරලය. ප්‍රධානතම ජන කොට්ටාශය ක්ෂ්ත්‍රිය ජනගහනයයි. වජ්ජි සභාවේ සභාපති ගණරාජ යනුවෙන් හැදින්වේ. ඒකාධිපති බලතල නොදැරූ ඔහු සමානයන් අතර ප්‍රධානියා ලෙස සැලකිණ. මෙලෙස බුදුන් දවස සංවිධානය වී තිබූ ප්‍රධානතම ගෝත්‍රික සමූහය ලෙස වජ්ජීන් හඳුනාගත හැකිය. 1/1

    ReplyDelete
  8. කෙසේ වුවද වජ්ජීන් රාජාණ්ඩු ක්‍රමයට දරුණු ලෙස විරෝධය දැක්වූ අතර තම සම්ප්‍රදායන් ආරක්ෂා කරගැනීමට ප්‍රබල උත්සහයක් දැරූහ. සාමූහිකවාදී බව හා ප්‍රජාතන්ත්‍රවාදී බව මොවුන්ගේ රදා පැවැත්මේ ප්‍රධාන සාධකය විය.දේශපාලන බලය පරම්පරාවෙන් උරුම වූ පවුල් රාජකීයයන් ලෙස හැදින්වූ අතර සෘජු නිශ්පාදනයට ඔවුන් දායක වූ බවක් නොපෙනේ. ඔවුන් කෘෂිකාර්මික හා පරිපාලනය අධීක්ෂණය කරන්නට ඇත. කෙසේ වුවද එක්සත් බව හා පරම ප්‍රජාතන්ත්‍රවාදී බව නිසාම මෙම ගෝත්‍රයන් වැනසීමට නොහැකි වූවා මෙන්ම ඔවුන්ගේ ශක්තිය රැදී පැවතුනේ ඔවුන්ගේ එක්සත් බව තුලය.

    තම ගෝත්‍රයට වංශයට සේවයක් සිදුකල මුතුන් මිත්තන්ගේ අස්ථි, දිය බුබුලක හැඩයෙන් යුතුවූ පස්කඳු හෝ ගල්කඳු වලින් ස්තූප තනා ඒවායෙහි නිදන් කරවා මුතුන් මිත්තන් වනදනාමාන කිරිම මෙම ගෝත්‍රිකයින්ගේ ප්‍රධාන සංස්කෘතිකමය ලක්ෂණය වූවේය. මෙම චෛත්‍යය වන්දනාවෙන් ප්‍රකාශිත වූයේද සාමුහික එකමුතුවයි. එසේම තම වංශයට සලකුණ වූ වෘක්ෂයකට වන්දනාමාන කිරීමයද ආවේණික ලක්ෂණයක් විය. වජ්ජින්ගේ අගනුවර වූ වේසාලියේ අලංකාර චෛත්‍යය වූ බවද බුදුන් වහන්සේ මේ සන්සුන් නිහඩ නිසසල වට කෙරැනූ ස්ථානවලට මහත් සේ ඇලුම් කළ බවද ඉතිහාසයේ සඳහන්ය. පහුගිය දිනවල දේශපාලන වේදිකා තුල අලුතින් බිහිකිරීමට කතිකා කළ රාජ්‍යය මෙබඳු වේ. ඉතිහාසයේ කවර හෝ සථානයක ඉදිව තිබූ මේ රාජ්‍යයේ සංස්කෘතීක ස්භාවය අප රටට නුහුරු නොවන බව පැහැදිලිය. අද මෙන්ම එදවසද රාජාණ්ඩු මේ ගෝත්‍රිකයන් යටත්කර ගැනිමට මාන බැලූහ. ඒ එවායෙහි වූ මානව සම්පත හා ස්වාභාවික සම්පත කොල්ල කෑමටය. රාජාණ්ඩු වල දෘෂ්ටිවාදින් හෙවත් අදහස් මවා පතුරුවන්නන් හරහා ප්‍රකාශයට පත්වන්නේ රාජාණ්ඩු පාලකයන් තුල මෙම ගෝත්‍ර කෙරෙහි පැවති ලෝභය හා වෛරයයි. රාජාණ්ඩු වල බ්‍රාහ්මණිකයන් මෙම ගොත්‍රයන්හි විවාහ චාරිත්‍ර හා සම්ප්‍රදායන්ටද ඔවුන්ගේ සංස්කෘතියටද ගර්හා කළහ.

    ලිච්ඡවී රාජ්‍යය සමග බැඳි පවත්නා අනෙක් ප්‍රසිද්ධ කාරණය ලිචඡවීන්ගේ සමූල ඝාතනයයි. ලිච්ඡවී රාජ්‍යය ඇති කිරීමට අදහස් කරන ඇත්තන් එයින් පසු එහි විනාශයට මුහුණ දීමටද සූදානම් විය යුතුය අදවන විට එම විනාශයේ පෙරනිමිති තැනින් තැන අපට දක්කනට ලැබේ . එදවස ලිච්ඡවීන් මුලිනුපුටා දැමීමට රාජාණ්ඩු බාවිතා කල උපක්‍රමයන්, පසුකාලීනව ලියැවුණු කෞටිල්‍ය හෙවත් චානක්‍යය නම් කූටඤානයෙන් යුතු බ්‍රාහ්මණයාගේ කෞටිලයගේ අර්ථශාස්ත්‍රය නම් කෘතියෙහිද අන්තර්ගතය. අද දවසේ ක්‍රියාත්මක වන කූට උපායන්ද කෞටිල්‍යයගේ අර්ථ ශාස්ත්‍රයෙන් මිරිකා ගත් ඒවා හැරෙන්ට ලොවට අලුතින් බිහිවූ ඒවා නොවේ. කෞටිලය පෙර රාජාණ්ඩු වල පැවති උපායන් තම ග්‍රන්ථයට ඇතුලත් කිරීමයට උත්සක වුවායැයි සිතිමට හැකිය. අර්ථශාස්ත්‍රය වූ කලී කපටි රාජ්‍යෝපාය ගැබ් වූ කෘතියකි. එසේම කෞටිල්‍යය යනු දැවැන්ත දෘෂ්ටිවාදියෙකි. නන්ද නම් පාලක පුරපුර සමූලඝාතනය කෙරුණේ මොහුගේ කූටෝපාය බලයෙනි. මෙකී කූටෝපායන් බුදුන් දවසත් ඊට ශතවර්ෂ ගනනාවක පෙර සිටත් වර්තමානය වූ අදත් රාජාණ්ඩු වල පැවත ආ ඒවා බව පෙනේ. කෞටිලයගේ අර්ථශාස්ත්‍රයෙන් උපුටාගත් එවන් කූටෝපායන් කීපයක් පහත දැක්වේ.1/2

    ReplyDelete
  9. තමිල්නාඩුවට මොන නායකය ආවත් ලංකාව ගැන දරන්නෙ එකම ආකල්පෙ තමා

    ReplyDelete
    Replies
    1. ඔය තත්ත්වය වෙනස් කරන්න දෙමළුන්ට උපරිම බලතල ලබා දෙමු. එතකොට තමිල්නාඩු මහ ඇමතිවරුන්ට කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑනේ.

      Delete
  10. - චරපුරුෂයන් ගෝත්‍රතුලට වැදි එහි අභ්‍යන්තර ගැටුම් ඇවිලවීමේ හැකියාව ගෙන දෙන ඊර්ෂයාව, ද්වේශය හා වෙනත් දෑ සොයා මනා සැලසුමකින් යුතුව ඔවුන් අතර ගැටුම් ඇති කල හැකි විෂබීජ වපල යුතුය.

    - ආචාර්යවරුන් සේ වෙස්වලාගෙන ඔවුන් ගෝත්‍රයේ ප්‍රධානයන් කලකොලාහලවල පැටලිය යුතුය.

    - චෛත්‍යයන්ට හා පූජ්‍යස්ථාන වලට ඇතුලු වන දොරටුවල රන්භාන්ඩ හා රත්රන් තබාගෝත්‍රයේ ප්‍රධානීන් තුල ලෝබලිය ලියලවිය යුතුය.

    - පිස්සු වට්ටන රූසපුවෙන් හා තාරුණයෙන් යුත් ගණිකාවක් හෝ නර්තන ලියන් පෙන්වා ප්‍රභූන් කාමයෙන් මත්කොට මුලා කල යුතුය.

    - ගනිකාවක් විසින් ගෝත්‍ර ප්‍රධානෙයෙකු තමා පැහැර ගැනීමට පොලබවා විනෝද උයනක් අසල තියුණු ආයුදයකින් පහර දී හෝ වස දී හෝ තමා පැහැර ගෙන ගිය එකා මරා දැමිය යුතුය. ඊට පසු “අර අනිකා මගේ ආදරවන්තයා මැරුවා !‍” යැයි කියමින් ඇය කෑගැසිය යුතුය.

    - තවුසකු ලෙස වෙස් වලා ගත් චරපුරුෂයෙකු රාත්‍රි කාලයෙහි යට කී ලෙස කාමයෙන් මුසපත් කරන ලද ගෝත්‍රික නායකයෙකුට ස්ත්‍රින් වසඟ කිරීමේ බලය ඇතැයි කියා වස මිශ්‍ර කල ආලේපන දිය යුතුය. එවිට ඔහු මැරී යනු ඇත. එහි යොදවන ලද වෙනත් චරපුරුෂයන් එය තරගකාරී නායකයෙකු කල දෙයකයැයි ප්‍රචාරය කල යුතුය.

    - නක්ෂත්‍රයන් හා අන්‍යයන් ලෙස වෙස්වලාගත් ඔත්තුකරුවන් රාජකුමාරයාගේ කේන්ද්‍රයේ ගැබ්වන රාජයෝග හා වෙනත් රාජලක්ෂණ ප්‍රචාරය කලයුතුය. එනයින් ගෝත්‍රයේ අවංක නායකයින් ඒ හෝ මේ රජුගේ පුත්කුමරු යටතට මෙහෙයවිය යුතුය. මෙසේ නම්මවා ගැනෙන නායකයන් වෙත රජු ගවයන්, සේවකයන් හා වෙනත් ද්‍රව්‍ය තෑගි කොට යැවිය යුතුය. මේ අයුරින් ඔවුන් දිනාගත යුතුය.( බුද්ධ චරිතය- මහාචාර්‍ය සුචරිත ගම්ලත්) 1/3

    ReplyDelete
  11. ගෝත්‍ර වැනසීමට යෙදිය යුතු මෙවැනි කූටෝපායන් කෞටිලයගේ අර්ථශාස්ත්‍රයේ පිටු ගනනින් පිරී ඇත. මේවා බොහෝමයක් වජ්ජීන් විනාශ කිරිමට අජාසත්හූ යොදාගත් උපායන් වලට සමානය. අජාසත්තගේ ක්‍රියාදාමයන් වලින් පිරුණු එම ඉතිහාස කතාව අපට කියාදෙන පාඩම් රාශියකි. අජාසත්හු ඔහුගේ ප්‍රධාන මහාමාත්‍ය වූ වස්සකාර බමුණා දක්ෂ ලෙස මේ කාර්යට යොමු කළේය.
    වජ්ජීන්ට යහපත සලසන පරම්පරා ගණනාවක සිට ඔවුන් රැකගෙන ආ ධර්මතාවයන් ගැන බුදුන් වහන්සේ ප්‍රසංශා මුඛයෙන් දේශනා කළ බව බුද්ධදේශනා වල සඳහන්ය. මේ පිළිබඳව ආනන්ද හිමියන් සමග සාකච්ඡා කළ උන් වහන්සේ වජ්ජීන්ගේ පිරිහිම වලක්වන මෙම ධර්මයන් ඔවුන්ගේ ශක්තියේ උල්පත බවද දේශනා කළහ. මෙම ධර්මයන් සුරකිනතාක් වජ්ජීන් විනාශ කල නොහැකි බව උන්වහන්සේ දේශනා කළහ. එනයින් බලන කල වජ්ජීන්ගේ ප්‍රබල එකමුතුකම සහයෝගීත්වය හා ඒකීයත්වය නොබිඳ ඔවුන් පරාජය කළ නොහැකි බව වස්සකාර බමුණා මෙන්ම අජාසත්හූද අවබෝධ කරගත්හ. මිල්ටරි ආක්‍රමණයකින් වජ්ජීන් පරාජය කළ නොහැකි බව අවබෝධ කරගත් ඔවුහු වජ්ජීන්ට එරෙහිව එක්වරම යුද්ධ නොකිරීමට තීරණය කළේය. යුදබලයෙන් වජ්ජීන් යටපත් කිරීමට හැකියාව තමන්ට නැතැයි අවබෝධකරගත් අජාසත්හූ ඉවසිලිවන්ත වූහ. කල්යල් බැලූහ. සැලසුම් සකස් කළහ. පළමුව වජ්ජීන් අතර භේද වැපරවීමට අණගුණ නැති වස්සකාර බමුණා සරනාගාත වේශයෙන් වජ්ජී දේශය බලා පිටත්කර හැරීය. වස්සකාර බමුණා අජාසතුන්ගේ ආක්‍රමණයට පසුබිම සකසමින් වජ්ජි දේශයේ තුන් වසරක් කල්ගෙවූහ. ඒ තෙවසර අවසානයේදී අජාසත්හු වජ්ජීන්ගේ අගනුවර වූ වේසාලියේ වාඩිලාගත්හ. ඔවුන්ට විරෝධය දැක්වීමට වජ්ජීන්ට හැකියාවක් හෝ වුවමනාවක් තිබූ බවක් නොපෙනුණි. ඒ සඳහා ශක්තියක්ද නොවීය. වස්සකාර බමූණා මනාලෙස තම කාරයය ඉටු කොට තිබුණි. කෙසේ වුවද භගවතීසූත්‍රෙය් පවසන අන්දමටය වජ්ජීන් ඉතා ලෙහෙසියෙන් යටත් කර ගැනීමට අජාසත්හූට හැකි වුයේ නැත. දරුණු සටන් දෙකක් ඇවිලී ගියේය. රථමූසල සටන හා මහාසිලාකාන්ත සටන ලෙස එම සටන් හඳුනවනු ලැබීය. වජ්ජීන්ද අවසන් බිදුව දක්නා සටන් කල බව කියැවේ. මේ සටනේදි අජාසතුන්ට දිව්‍ය සහයෝගය හා ආයුධ ලැබුණු බවට ජෛන මූලාශ්‍ර පවසයි.

    කෙසේ වුවද ලිච්ජවීන් පරාජය වූයේ දිව්‍යමය සහයෝගයෙන් නොවන බව තවත් ජෛන කතුවරයෙකුම සඳහන් කරයි. අජාසත්හූ රූමත් ගනිකාවක ඔත්තු සේවාවේ යොදවා තිබුණි. ලිච්ඡවීන් අතර සිටි දුර්වල කුලවාලය නම් තාපසයා ගණිකාවට රැවටී ලිච්ඡවීන් පාවා දුන්නේය. නගරය රැකගැනීමට තමාදුන් දිවුරුම බිඳ වේසාලිය සතුරාට පාවා දීමට වෙසඟන විසින් ඔහු පොළඔවන ලදී. ඔහු තම ජනතාවට ද්‍රෝහී විය. ඒ අතරතුර වස්සකාර බුමුණා පසුකලක කෞටිල්‍ය කියූ අකාරයට වජ්ජීන් විනාශ කිරීමට අවශ්‍ය උපක්‍රම යෙදූවේය. ඔවුනොවුන් කෙටවූවේය. ඔවුනොවුන් කෙරෙහි ඊර්ෂයාව ඇති කළේය. සියල්ලන් එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් බලන්නට වූහ. තම ගෝත්‍රය රැකගැනීමට ඇති අවශ්‍යතාවය නැති විය. අනතුරුව මහල්ලන් දරුවන් ස්ත්‍රීන් ඇතුලු වජ්ජීන් සමූල ඝාතනය විය.1/4

    ReplyDelete
  12. එසේ ඝාතනය කිරීමෙන් අනතුරුව ගෝත්‍රිකයින්ට නැවත නැගී සිටීමට ඉඩ නොදීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන්ද ඔහු යෝජනා කරයි

    1. මෙම ගෝත්‍රික ජනයාගේ සාමුහිකත්වය කන්ඩායම් හැගීම බිඳ දැමීමෙන් පසුව කිසිවිටෙකත් ඔවුන්ට නැවත එක් ව එකට සාමූහිකව ජීවත් වීමට ඉඩනොදිය යුතුය. එසේ වුවහොත් ඔවුන් නැවත ගෝත්‍රික සහයෝගීතාවයට ආකර්ෂණය වනු ඇත. එසේ වුව හොත් ඔවුන් යලිත් තම අහෝසී වූ නිදහස වෙනුවෙන් සටන් කරනු ඇත.

    2. ඒ සඳහා ඔවුන් කුඩා කණ්ඩායම් වලට කඩා හුදකලා ගම් ලෙස වෙන වෙනම පදිංචි කල යුතුය. කිසිවිටෙකත් ඔවුන්ගේ කණ්ඩායම් අතර සම්බන්ධයක් ඇති වීමට ඉඩ නොදිය යුතුය. ඔවුනොවුන් අතර සම්බන්ධයක් ඇති වීමට ඇති සෑම හැකියාවක්ම නැතිකර දැමිය යුතුය.

    (බුද්ධචරිතය-මහාචාර්‍ය සුචරිත ගම්ලත්)

    වැරදීමකින් හෝ ලිච්ඡවී කතාව නැවත කරලියට පැමිණ තිබීම දෛවෝපගත සිදුවීමකි. ලිච්ඡවීන්ට අදාල සියලු සිදුවීම් පහුගිය කාලයේදීත් අදත් අප රටේදි අපේ ඇස්පනාපිටම සිදුවේ. අජාසත්හූ ඉවසිලිවන්තව බලා සිටිති. ඒ අතරතුර වස්සකාර බමුණා තම කාර්‍යය මැනවින් ඉටු කරයි. එක් වස්සකාර බමුණෙක් නොව මේ කාර්යයේදි වස්සකාර බමුණන් බොහෝ බිහිවූහ. සිංහලයාගේ ජාතිය හා දේශය පිළිබඳ හැගීම දියකර දැමූහ. ඒ වෙනුවට ජාතිය සුරකිනු ලැබූවුන් පිළබඳ ඊර්ෂයාව ද්වේශය හිත් වලට කාවැද්දවීය. ජාතික නායකයින් පිළිබඳව බොරු චෝදනා නගා ඒවාට මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්හ. මෙවර වස්සකාර බමුණාට චරපුරුෂයින් පිටතින් ගෙන එන්නට සිදුවූයේ නැත. ගෝත්‍රයෙන්ම ඕනෑ තරම් චරපුරුෂයෝ සොයා ගන්නට හැකිවිය. විශේෂයෙන් ගෝත්‍රෙය් නමක් දිනා සිටි නායකයින් චරපුරුෂයන් බවට පත්කරන්නට වස්සකාරට වැඩි දවසක් ගත වුනේ නැත. දිර්ඝ කාලයක සිට අප රටට විත් පැළපදියම් වී සිටි වස්සකාර බමුණාට තම ගෝත්‍රයට ගර්හා කරන ගෝත්‍රිකයන් බිහිකර ගැනීම අපහසු නොවීය. ඔවුහු තම ගෝත්‍රය සුරකින උන් මිලේජ්ජයන් ලෙස හැදින්වූහ. ගෝත්‍රය විනාශ කිරිමේ අරමුණින් ගොත්‍රිකයෝම පෙළ ගැසී සිටිති. ගෝත්‍රය විසින් පුදනු ලැබූ පූජ්‍යයන් මෙහිදී ප්‍රමුඛත්වය ගත්තෝය. වස්සකාර බමුණා අති සාර්ථක ලෙස පූජ්‍යයන් යොදාගෙන ගෝත්‍රයට අවලාද නැගීය. අපි ලෝකය එක් යායක් කරමු. පූජ්‍යයෝ තම උපාසක උපාසිකාවන්ට දේශනා කරණු ලැබීය. තම ගෝත්‍රික සම්ප්‍රදායන් ආරක්ෂා කිරිම හෝ ඒ ගැන කතා කිරීම ගෝත්‍රය තුලම වරදක් බවට පත්වන තත්වයක් උදාවි ඇත. කෞටිලයගේ සියලු න්‍යායන් කරලියට පැමිණියේය. සප්ත අපරිහානියධර්ම පිරිහි ගියේය. ගෝත්‍රය සුරකීමට කිසිවෙකුටත් තවදුරටත් අවශ්‍ය නොවේ. මේ අතරතුර වෙසඟනද පැමිණියාය. ඇය විසින් කුලවාලය රවටා ගත්තීය. කුලවාලය ජාතිය පාවා දුන්නේය. වේසාලියේ සියලු බලකොටු ඉවත් කෙරිණ. වේසාලිය වටකොට සියලු ආක්‍රමණිකයෝ පෙළ ගැසී සිටිති. ලිච්ඡවීන්ට තව දුරටත් එය ප්‍රශ්නයක් නොවේ. තම ගෝත්‍රය හෝ තම මුතුන්මිත්තන්ගේ අස්ථි තැන්පත් කළ චෛත්‍යෙයෝ සුරකීම තවදුරටත් අවශ්‍ය නැත.

    බොහෝ දේ සිදුවී ඇත. අජාසත්ත තවදුරටත් බලා ඉඳී. ඒ වෙලාව එනතුරුය. වස්සකාර තම කාර්‍යයහි අවසාන කොටසට ලගා වෙමින් සිටි. ඉතිහාසයේ සිටි වස්සකාර පරයා යමින් නූතන වස්සකාර අළුත් පරිච්චේදයක් ආරම්භ කොට ඇත. වජ්ජී රාජ්‍යයේ සියලු ගෝත්‍රිකයන් අතර තිබුණාවූ අන්‍යයෝන්‍ය බැදීම බිඳ දමා ගෝත්‍රික එකමුතුව විනාශ කොට ඇත. උනුඋනුන් කෙරෙහි වෛරයද බෙඳීමද ඇති කර අවසන්ය. ඒ වෙනුවට ලෝකය එක් යායක් කරන්නට ඔවුන් කැඳවාගෙන යන්නට වස්සකාර අලුතින් යෝජනා කර ඇත. ඒ එක්යාය තුල තමන්ගේ අන්‍යතාවය අහිමිව යන බව ගෝත්‍රිකයන්ට නොදැනේ. අජාසත්හූ සීරුවෙනි. වජ්ජි රාජ්‍යයයේ සියලු ගෝත්‍රිකයන් තම අවසාන කාලපරිච්ඡේදය ගත කරමින් සිටි. එහෙත් ඔවුන්ට එය දැනෙනුයේ තමන් අලුත් ලොවක් කරා යන බවකි. සත්‍යය ඇත්තේ ඉදිරියෙනි. ඒ ලිච්ඡවීන්ගේ සමූල ඝාතනයයි. ලිච්ඡවීන්ගේ කතාව කරලියට ආවේ නිකන්ම නොවන බව දැන් පැහැදිලිය.

    අවිඥානකව හෝ අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවන්නන් විසින්ම ලිච්ඡවි කතාව එක්වරම අපට මතක් කර දුන්නේය. ඒ ලිච්ඡවීන්ට අනතුරු ඇගවීමටද? එසේත් නැත්නම් ඉතිරිය සම්පූර්ණ කිරිමටද?.කෙසේ වුවද තමන් වජ්ජීන් සමූල ඝාතනය කළ බවට අජාසත්හූ උදම් ඇනූවද ඊට අවුරුදු 800 පමණ පසුව ලිච්ඡවීන් නැවත නැගී සිටියහ(ඒ එල් බෂාම්). ඒ තම ගෝත්‍රයේ අතීතයේ බොහෝ ලක්ෂණ ජාන තුලම රඳවා සඟවාගෙන සුරකිනු ලබන හෙයිනි. බුදුන්ගේ මව්පාර්ශවය හා පියපාර්ශවය වූ කෝසලයෝ හා ශාක්‍යයෝ ලෝකයෙන් සදහටම තුරන් කර දැමූවද බුදුන් පිළිබඳ මතකයන් මකා දමන්නට කිසිවෙකුට හැකි වී නැත්තාක් මෙනි.1/5

    ReplyDelete
    Replies
    1. "බුදුන් පිළිබඳ මතකයන් මකා දමන්නට කිසිවෙකුට හැකි වී නැත්තාක් මෙනි."

      සගය,

      මනහරය !!! තෙපි සියලු සටහන් කියවුමෙන්ම අප පින් කළ බැව් දැනිනි. වැඩිමනත් නොකියමි.

      - මයුරවිල මි.


      Delete
  13. සිංහලයා පැවත එන්නෙ විජය ඇතුළු 700ක පිරිවරින් කියලනෙ කියන්නෙ. ඒත් අපිට උගන්නනෙ විජය කියන්නෙ උතුරු ඉන්දීය ආර්ය සම්භවයකින් පැවත එන්නෙක් කියල, ඕක අලි බොරුවක්. විජය ඇවිත් තියෙන්නෙ බටහිර ඉන්දියාවෙන් මිසක් උතුරු ඉන්දියාවෙන් නෙමෙයි. බටහිර ඉන්දියාවෙ එවක රාජධානිය අද අයත් වෙන්නෙ ඔරිස්සාවට සහ බෙන්ගලි ප්‍රාන්තෙට. කොටින්ම කියනවනම් අපේ මුතුන් මිත්තො බෙන්ගලි නොහොත් බන්ගලියො. පිටරට ගිය අය දන්නව බන්ගලියො ලෝකෙ ගොඩක් රටවල කුණු හෝදන එවුන් කියල. අනික අපිව අයිති වෙන්නෙ ආර්යන්ට නෙවෙයි, ඩ්‍රාවිඩන්ස් කියන කාණ්ඩයට. ඩ්‍රාවිඩන්ස් කියන්නෙ ද්‍රවිඩයො, ඒ කියන්නෙ දකුණු ඉන්දීය ජන කොට්ඨාශයට, දෙමළ, මලයාලි, තෙලිඟු, කන්නඩ, බෙන්ගලි සිංහල යන ජන කොටස්වලට. ඊට පස්සෙත් ආපු පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය ජන කොටස් එක්ක මිශ්‍ර වෙලා තමයි අද ඉන්න සිංහලයො ඇති වෙලා තියෙන්නෙ. අපේ කට්ටිය හරි ආසාවෙන් උතුරු ඉන්දියාවෙ මධුරි ඩික්සිත්ලට නෑදෑකම් කියන්න හැදුවට ඇත්ත විස්තරේ දැනගත්තම ඇඬෙනවා.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++

      Delete
    2. /* බටහිර ඉන්දියාවෙ එවක රාජධානිය අද අයත් වෙන්නෙ ඔරිස්සාවට සහ බෙන්ගලි ප්‍රාන්තෙට. */

      බටහිර ඉන්දියාවද ? නැගෙනහිර ඉන්දියාවද ?

      Delete
    3. you are correct, it should be East India

      Delete
    4. ඔය කියන දිහාවෙන් ආපු උන් මෙහාට ආපු ගමන් ඔය කියපු ප්‍රදේශ හෝ රටවල තියෙන භාෂා කුල වලට අයත් භාෂාවක් නැතුව වෙනම භාෂා කුලයකට අයත් සිංහල කතා කරන්න ගත්තේ කොහොමද කියලත් පැහැදිලි කරමු රොබට්.

      Delete
    5. මගෙන් ඉසේ කෙස් ගානට අහල ඇති මෙහෙ ඉන්න උන් මම බන්ගලියෙක්ද කියල

      Delete
    6. [මගෙන් ඉසේ කෙස් ගානට අහල ඇති මෙහෙ ඉන්න උන් මම බන්ගලියෙක්ද කියල]

      ලංකාවේ වැඩට ආපු බන්ගලියෝ ඉස්සර හිටන්ම උන්නා වගේම ලංකාවේ ගෑණු මැදපෙරදිග යන්න ගත්තෙත් ගොඩක් ඉස්සර හිටං.
      ඔය වගේ දේවල් සිද්ද වෙනවා, එච්චර ගණන් ගන්න යෙපා.
      යේක චීන, ජපන්, කොරියන් වගේ පෙනුමක් තිබ්බොත් තමයි බඩු අතේ මාට්ටු වෙන්නේ.

      Delete
    7. රොබට්

      ඔය විජේ ගේ 700 කතාව මිථ්‍යා පුරාවෘත්තයක්, විජේට හපන් උගේ මුත්තලගෙ කතා, ජීව විද්‍යාවටත් විරුද්ධ සිංහ-මිනිස් මික්ස් බුවෙක් උපදින්න විදිහක් නැහැ.

      මේකත් හරියට රෝමය බිහිකල වෘක ධේනුවක් විසින් කිරිදී හදාගත් රොමියුලස් රීමස් කථාව, ග්‍රීක මිථ්‍යා, එංගලන්තයේ ආතර් මිථ්‍යාව, ඇමරිකන් විප්ලවයේ අතිශයෝක්ති සහගත පුරාවෘත ජාතියෙම වැල් බයිලයක්.

      හැබැයි උඹ පහල කියපු කතා ඔක්කොම වගේ කිසිම පදනමක් නැති හිස් ප්‍රලාප ටිකක්.

      Delete
    8. රොබට්

      ඔරිස්සා වල ඉන්නෙ ඔරියා ජනවර්ගයට අයත් පිරිසක්,

      //අනික අපිව අයිති වෙන්නෙ ආර්යන්ට නෙවෙයි, ඩ්‍රාවිඩන්ස් කියන කාණ්ඩයට. ඩ්‍රාවිඩන්ස් කියන්නෙ ද්‍රවිඩයො, ඒ කියන්නෙ දකුණු ඉන්දීය ජන කොට්ඨාශයට, දෙමළ, මලයාලි, තෙලිඟු, කන්නඩ, බෙන්ගලි සිංහල යන ජන කොටස්වලට.//

      වැරදියි, ද්‍රවිඩියන් සහ ආර්යන් කියන වර්ගීකරණය අනුව සිංහලයින් සහ බෙන්ගාලි දෙවර්ගයම අයිති වෙන්නේ "ඉන්ඩො-ආර්යන්" කැටගරියට. ද්‍රවිඩියන් - දෙමළ, මලයාලම්, තෙළුගු, කණ්ණඩා, ථුළුෑ, බ්‍රාහුයි ආදී ජනවර්ග රැසක් ඉන්නවා

      //ඊට පස්සෙත් ආපු පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය ජන කොටස් එක්ක මිශ්‍ර වෙලා තමයි අද ඉන්න සිංහලයො ඇති වෙලා තියෙන්නෙ.//

      ලංකාවේ යුරෝපිය ආධිපත්ය ගෙන ගියේ මැලේ, අප්‍රිකානු, ඉන්දියානු සහ දේශීය ලස්කිරිඤ්ඤ හේවා පන්න සහ ඉන්දීය / දේශීය නිළධාරීන් මගින්. යුරෝපීයයන් හිටියේ ඉතාම ටික දෙනයි. ඒකාලෙත් සිංහලයෝ ඉන්දියන්/ මැලේ සහ අප්‍රිකානු මිශ්‍රයි යුරෝපීයන්ට වඩා.

      //අපේ කට්ටිය හරි ආසාවෙන් උතුරු ඉන්දියාවෙ මධුරි ඩික්සිත්ලට නෑදෑකම් කියන්න හැදුවට ඇත්ත විස්තරේ දැනගත්තම ඇඬෙනවා.//

      මධුරි දික්සිත් උතුරු ඉන්දියන් නෙවෙයි, ඇය මධ්‍යම ඉන්දියාවේ මහාරාශ්ඨ්‍රීය බ්‍රාහ්මණ කෙනෙක්. සුනිල් ශෙට්ටිලා අයිශ්වර්යා රායි, ශිල්පා ශෙට්ටිලා, ඇතුලු බොහෝ නලුවෝ දකුනු ඉන්දීය තුළුෑ කන්නඩා වගේ අය සහ සමහරු පකිස්ථාන් අය. ජෝන් ඒබ්‍රහම් මලයාලි සම්භවයක් සහිත අයෙක්.

      ඔබගේ ඉන්දියාව පිළිබඳ දැනුම ඉතාම අල්පයි. තව හදාරන්න ප්ලීස්.

      Delete
    9. Pada roberta nagaththa neda me parath rewennama.. Ane padayo danna ekatayi nodanna ekatayi hama thanama homba danna yannathuwa minihek wage paththakata wela hitapan.. Ara ita udin Dala thiyena raththaran wage lichchawi comment ekatath attention nathi wuna me booruwo maddata panala.. Moo nam gas gedi kadana hiwalekma thamayi

      Delete
    10. මම දන්නා පරිදි නම් බෙංගාලි ජාතිකයන් ආර්ය සම්භවයක් සහිත අය. බෙංගාලි සහ සිංහල භාෂා ආර්ය භාෂා පවුලට අයිති වෙනවා. මගේ මතකය නිවැරදිනම් ඔය ඉන්දු - යුරෝපා ප්‍රධාන ධාරාවේ ඉන්දු - ඉරානියානු භාෂා උප කුලකය. බ්‍රාහ්මණ - හින්දු ඉන්දියාවේ ජාතික ගීය ලියවිලා තියෙන්නේ ඔය බෙංගාලි භාෂාවෙන්.

      මම අහපු පොඩි උදාහරණයක් කියන්නම්. සිංහල සීනි, සංස්කෘත ශර්කරා, අරාබි සුක්කර් , ඉංගිරිසි ෂුගර්.

      - මොණරවිල

      Delete
    11. සිංහලයේ "සීනි" කියන වචනය එන්නේ දෙමළෙන්, නමුත් "සූකිරි" කියන වචනය එන්නේ සංස්කෘතයෙන්.

      Delete
  14. හැට්ට කටුවක්වත් හදා ගන්න බැරි ලංකාවේ අප්පුහාමිලා කියනවා තමිල්නාඩුව පසුගාමීයි කියලා. ඒත් අවුරුද්දකට හුන්ඩායි, ඩැට්සන්, රෙනෝල්ට්, බී.එම්.ඩබ්ලිව්, මර්සඩීස්-බෙන්ස්, ෆෝර්ඩ්, මිට්සුබිෂි සහ අශොක් ලේලන්ඩ් වාහන ලක්ෂ 16 කට අධික සංඛ්‍යාවක් හදන්නේ තමිල්නාඩුවේ.

    ලංකාවයි, තමිල්නාඩුවයි අතර වෙනස සැපද?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ සමහර අප්පුවාලට ඉන්දියාව කිව්වම හිතන්නෙත් තමිල්නාඩුව තමයි ඉන්දියාව කියල. අනික ලංකාවෙ ගොඩක් උන් තාමත් හිතන් ඉන්නෙ තමිල්නාඩුව කිව්වම අර පාරෙ රෙන, හරියට කන්න බොන්නවත් නැති, කොටින්ම වතුකරේ වගේ දුප්පත් මුඩුක්කු ටිකක් තියෙන පැත්තක් කියල. හැබැයි උන් කොච්චර දියුණු වුණත් පාරෙ රෙන එකයි, පොදු වැසිකිලිවල දොර ඇරගෙන බොග දාන එකයිනම් කවදාවත් නැතිවෙන්නෙ නෑ. අනික පිරිමි ගෑණු කියල වෙනසක්, ලැජ්ජාවක් නෑ. කොටින්ම පිරිමි වැසිකිලියට රිංගන ගෑණු, දොරත් ඇරගෙන (දොරට පිටුපාල) බොග දානව කිසිම ලැජ්ජාවක් නැතුව. ලැජ්ජා බිම දිගේ අරින්න වෙන්නෙ.

      Delete
  15. No need to look in Memory everything is in Wikipedia, parath oya mahadanamuththa wage liyanne eken balagena okkoma

    ReplyDelete
    Replies
    1. දැනුම අන්තර්ජාලයේ හරි පුස්තකාලවල හරි කාගෙහරි ඔලුවෙ හරි තියෙනවා. ඒ වුණාට ඒවා ලිපියකට පෙළගස්වාගන්න තමන්ට අදහසක් තියෙන්න ඕනැ.

      Delete
    2. @ Anonymous December 9, 2016 at 9:45 PM -------

      Wikipedia thiyenne balanna thamayi yako.
      Ehema nathuva dhum alla alla inna neveyi.

      Delete
    3. පැරා යනු නූතන ලංකාවේ අග්ග මහා පණ්ඩිතයා ය. විකිපීඩියා, එන්කාර්ටා, බ්‍රිටැනිකා වැනි විශ්වකෝෂවල සංස්කාර මණ්ඩලවලත් සිටිය කෙනෙක් පැරා. මේන්න පැරාගේ වැඩකිඩ:

      //
      AnonymousDecember 9, 2016 at 1:42 AM
      අජිත් පැරකුම් ජයසිංහ මහත්මා විසින් විරචිත “දේදුනු සමාජය සහ යහපාලය” නම් වන අභිනව ග්රන්ථයේ කර්තෘ හැඳින්වීම මෙලෙස ය:

      // ආචාර්ය මතුගම අජිත් පී. ජයසිංහයෝ (පී = පැරකුම් බව කරුණාවෙන් සලකන්න) බහුවිධ විසාහි සුදුර්ලභ පඬිරුවනක් වන්නාහ. ඔවුහු සුප්රකට මතුගම විශ්වවිද්යාලයේ ඉංගිරිසි භාෂා, සිංහල භාෂා, වාග් විද්යා, ජනසන්නිවේදන, ඉතිහාස, දේශපාලන විද්යා, ආර්ථික විද්යා, ව්යවහාරික විද්යා හා වෛද්ය විද්යා අධ්යයනාංශවල අංශාධිපති ධුරයන් හොබවති.

      මතුගම ආනන්ද ශාස්ත්රාලයේ අතිදීප්තිමත් ආදිවිද්යාර්ථියකු වන මතුගම අජිත් පී. ජයසිංහයෝ වෝකර් සරසවියෙන් ඉංජිනේරු විද්යා උපාධිය ලදහ. රේ විජේවර්ධන ස්වර්ණ මුද්රිකාව, ජේම්ස් පීටර් ඔබේසේකර ත්යාගය සහ චාර්ල්ස් හෙන්ද්රි ද සොයිසා ශිෂ්යත්වය යන සම්මාන ත්රිත්වය ම දිනා ගත් අවසන් ඉංජිනේරු ශිෂ්යයා වූයේ ද ජයසිංහයෝ ය.

      වෘත්තීය ඉංජිනේරුවකු ලෙස අතිමහත් ධනස්කන්ධයක් ඉපයීමට වඩා මානව ශාස්ත්ර විෂයන්හි පර්යේෂණ කෙරෙහි ආසක්ත වූ මතුගම අජිත් පී. ජයසිංහයෝ ගරිල්ලා සටන් සරසවියට බැඳී රෝහණ විජේවීරයන්ගේ අධීක්ෂණය යටතේ “ගරිල්ලා සටන් ව්යාපාරවලට සිවිල් දායකත්වය සැපයීම පිළිබඳ සන්සන්දනාත්මක අධ්යයනයක්” යන නිබන්ධනය ලියා දර්ශනශූරී උපාධිය දිනා ගත්හ. අදාළ විෂය සඳහා මුල් උපාධියක් ජයසිංහයනට නො තිබුණ ද ඔවුන් උසස් පෙළ ශිෂ්යයකු ව සහ ඉංජිනේරු ශිෂ්යයකු ව සිටිය දී ගරිල්ලා සටන් ව්යාපාර සඳහා ලබා දුන් ප්රචාරණ දායකත්වය සලකා විශේෂ අධ්යයන මණ්ඩලයක් විසින් ඔවුනට එක් වර ම දර්ශනශූරී උපාධිය සඳහා ලියාපදිංචි වීමට අවසර ලබා දෙන ලදී.

      මතුගම අජිත් පී. ජයසිංහයෝ ඉන්දියාවේ වරණාසි සරසවියට බැඳී පෙරදිග දර්ශනය, සංස්කෘත භාෂාව සහ යෝග ශාස්ත්රය පිළිබඳ පර්යේෂණවල ද නිරත වූහ. ජපන් රජයේ විශේෂ ආරාධනාවක් මත ජපානයේ ෆුකුශිමා සරසවියට එක් වන ජයසිංහයෝ සායනික මනෝවිද්යාව සහ පාසල් අධ්යාපනය පිළිබඳ පර්යේෂණ සිදුකර විශිෂ්ට ගෞරව සහිත ව පර්යේෂණ පශ්චාත් උපාධියක් දිනා ගත්හ.

      රාජ්ය සහ පෞද්ගලික අංශයේ වගකීම් සහිත තනතුරු රැසක් දරා ඇති ආචාර්ය ජයසිංහයෝ පිටකෝට්ටේ දේශපාලන විද්යා පීඨයේ උපදේශකයක් ද වෙති. ආචාර්ය ජයසිංහයෝ දෙස් විදෙස්හි රාජ්ය නායකයන් රැසකට දේශපාලන න්යාය හා භාවිතය පිළිබඳ උපදේශන සේවා සපයා ඇති විශ්ව කීර්තිධර ලාංකික ශාස්ත්රවන්තයෙක් වන්නාහ.

      දීර්ඝ ශාස්ත්රීය ගමනක සන්ධ්යා යාමය කරා එළඹ සිටින ආචාර්ය මතුගම පී. ජයසිංහයෝ තම ප්රිය භාර්යාවගේ ද දරු දෙදෙනාගේ ද සුරතල් බලමින් මතුගම රන්වලාගල කඳු පාමුල විශ්රාම සුවයෙන් දිවි ගෙවති. //
      //

      Delete
  16. Ano 9.19- umba ara poi Ian neda.. Me dawas wala hatharawaram wadila thonthu wela hitiyata thama ohoma talken hari lankika deta gahana sakkili amaruwa sanipa wela naththe oota thamayi..

    ReplyDelete
    Replies
    1. ඇත්තයි බෙහෙතුයි දෙක ම තිත්තයි බොල.

      අනුන්ට ඊර්ශ්‍යා නොකර තමුන්ගේ අඩු පාඩු හදාගන්න ඉගෙන ගනින්.

      Delete
  17. බන්දුල කුදලාගම, මයුරවිල සහ සරස යන තිදෙනා ම තම විලි වසාගන්නේ කොළ අතුවලින් බව සක්සුදක් සේ පැහැදිලි ය.

    ReplyDelete
    Replies
    1. සරස තුමා හට තවමත් වසාගැනීමට "විලි" තිබෙන බව දැන මහත් ප්‍රොමෝදයට පත්වීමි!

      Delete
    2. ඔය තරම් ඉක්මනට ප්‍රමෝදයට පත් නොවන්න. ඔබේ විලි වැසී ඇත්තේ බාගෙට ය.

      ඕනෑ ම ප්‍රාණියෙකුට විලි තිබේ. දියුණු මනසක් ඇත්තෝ ඝනකම් රෙඩිවලින් ඒවා වසා ගනිති. නොදියුණු මනසක් ඇති මනුෂ්‍ය භවයක් ලැබුවෝ විලි වසා ගන්නේ කොළ අතුවලිනි. කොළ අතුවලින් 100%ක් විලි වසා ගත නොහැක. කොළ අතුරින් වරින් වර විලි පෙනේ. එනිසා ය ඔවුන් හට නොදියුණු මනසක් ඇත්තවුන් කියන්නේ.

      Delete
    3. නිවරද:- ... ඝනකම් රෙදිවලින් ...

      Delete
    4. වියුණුව වටා මෝරන හෙළ බලය මැන
      අහුමුලු නෑර සිය අණසක පතුරු වන
      සාරස-මයුරවිල-කුදලාගම ති දෙන
      අප රට රකිනු ඇත යන එන සියලු තැන

      ජාතිය නසන රිසි හිවලුන් සිටින තැන
      ආගම දහම විසුළුව කර නසන තැන
      වියුණුවෙ ඩොලර් කන කපුටන් සිටින තැන
      අප රට රකිනු ඇත යන එන සියලු තැන

      නිතර ම දෙසට වින කරනා අය හැඳින
      හෙළ බස් මිණෙන් දමනය කර නපුරු දන
      තුන් සරණක් වී මෙමිතුරු දන සුදන
      අප රට රකිනු ඇත යන එන සියලු තැන

      මා සන්මිතු සරස-මයුරවිල සඟයෙනි, අපගේ පැනවලට පිළිතුරු නැති පැකුමු‍වන් ද පැරකුමුවන්ගේ විදේස්ගත ගෝලබාලයා ද නිර්නාමික වැ පැමිණ අපට අවලාද නැඟීම අරඹා ඇත. වන්නාට. සුනඛ බිරුමට තබා කැලඹී එන මහා වෙරම්භ වා සුළියට ද මහා මේරුව සසල කළ නො හැකි යැ!

      අහසෙහි වෙරම්බ නම් වාතයෝ හමත්. එහි යම් පක්‍ෂියෙක් යේ නම් ඒ මූ වෙරම්බ වාතයෝ දමාපියත්. වෙරම්බ වාතයෙන් දමා ලූ උගේ පාදයෝ අන් දෙසකට යෙත්. පියාපත් අන් දෙසකට යේ. හිස අන් දෙසකට යේ. කය අන්දෙසකට යේ. එද මහමෙර නම් නො සැලේ.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    5. // දියුණු මනසක් ඇත්තෝ ඝනකම් රෙඩිවලින් ඒවා වසා ගනිති. //

      ඔන්න කියුවා ගොන් කතාවක්!

      දියුනු වෙන්න වෙන්න මිනිස්සු අඳින්නේ ගනකම් රෙදි නෙවෙයි හිටන්... සිනිදු සලු පිලි....... සිනිඳු සේද වගේ ලස්සනර ඩ්‍රේප් වෙන සිනිඳු තුනී රෙදි පිලි...

      ගනකම් රෙදි අඳින්නේ හිරේ ජම්පරේ අඳින කස්ටිය හිටන්!

      Delete
    6. තමුන් මහ මෙර යැයි සිතා සිටින වයෝවෘද්ධ බන්ධුල කුදලාගම දන්නේ නැතුව ඇති එයාගේ පණ අද සවස වුණත් චුස් ගාලා පිට වෙන්න පුළුවන් වග. අඳෝමැයි!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා