කැරැලි, කලබල ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ

මේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් මම පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි.

ලංකාවේ කිසිදු මාධ්‍යයකට තමන් වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට, විශේෂයෙන් ම නිදහස් මාධ්‍යකරුවන්ට හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට සාධාරණ අන්දමින්, කලට වේලාවට මුදල් ගෙවීම පිළිබඳ කිසිදු හැඟීමක් නැත.

මාධ්‍යකරුවන් පුහුණු කිරීම යන්න මාධ්‍ය ආයතනවලට අදාළ ම නැති දෙයකි. මාධ්‍යකරුවන් කොහෙන් හෝ පුහුණු වී පැමිණ සේවය කළ යුතු යයි ඔවුහු සිතති. මේ හේතුවෙන් බොහෝ නිදහස් හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට සාමාන්‍යයෙන් කිසිදු පුහුණුවක් නැත.

එවැනි අයට මෙම ලේඛනයේ ප්‍රයෝජනයක් ඇතැයි සිතන බැවින් පළ කරමි. එය පරිවර්තනය කිරීම වෙනුවෙන් මට ගෙවීම් කළ ආයතනයට ස්තුතිය හිමි වේ. 

ආත්මාරක්ෂාව වෘත්තීය මාධ්‍යකරුවකුගේ මූලික ප්‍ර‍මුඛතාවකි. තවත් වාර්තාකරණයක් සඳහා ඔබ ජීවත් විය යුතු ය. 



පෙළපාලි හා සිවිල් අසහනයන් ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ
 
සූදානම
1.    කල් තබා සැලසුම් කරන්න. බලාපොරොත්තු විය හැකි දේ දැනගන්න. සහාය ලබා ගත හැකි ආකාරය දැනගන්න. ආරක්ෂිත ප්‍රදේශ හඳුනා ගන්න.
2.    ඔබගේ කණ්ඩායමේ ඡායාරූප ශිල්පීන්, කැමරා ක්‍රියාත්මක කරන්නන්, නිෂ්පාදකයන් වැනි සෙසු අය විසිර යාමකදී නැවත හමු වීම සඳහා තැන් කතිකා කර ගන්න.
3.    ඉක්මණින් ඇමතිය හැකි ලෙස හදිසි අංක සුරක්ෂා කර තිබෙන ජංගම දුරකථනයක් හෝ චන්ද්‍රිකා දුරකථනයක් හෝ රැගෙන එන්න. මෙමගින් කාර්යාලය හා භූ‍මියේ සිටින සගයන් සමග සන්නිවේදනය පහසු කරනු ඇත.
4.    ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන එන්න. එය භාවිතා කරන හැටි ඉගෙන ගන්න.
5.    පිහිනුම් ගොගල්, කර්මාන්ත ඇස් ආරක්ෂක කණ්ණාඩි, මුහුණු ආවරණ, ගෑස් මුහුණු වැනි ආරක්ෂක උපකරණ රැගෙන එන්න.
6.    සැහැල්ලු, ස්වාභාවික කෙඳිවලින් වියූ රෙදිවලින් මැසූ ඇඳුම් අඳින්න. ‍ඒවා කෘත්‍රිම රෙදි මෙන් පහසුවෙන් ගිනි ඇවිලෙන්නේ නැත. පෙට්‍රල් බෝම්බ පිපිරීමේ ඉඩක් ඇති බව ද මතක තබා ගන්න.
7.    පොලිස් හෝ හමුදා නිල ඇඳුම්වලට වඩා වෙනස් පාට ඇඳුම් අඳින්න.
8.    සුවපහසු හොඳ සපත්තු පළඳින්න. ප්‍රායෝගික කටයුතුවලට උචිත, හොඳින් ලේස් ගැටගැසිය හැකි සපත්තු හොඳ ය.
9.    ප්‍රදේශයෙන් පිටතට යාමට නො හැකි වුණොත් දිනක් ආරක්ෂා වීමට ඇති තරම් ආහාර, වතුර ආදිය සහිත පිටේ එල්ලාගෙන යන කුඩා බෑගයක් රැගෙන එන්න. මෙවැනි බෑග් රබර් උණ්ඩවලින්, ජල ප්‍රහාරවලින් හා ගල්වලින් ආරක්ෂා වීම සඳහා ද භාවිතා කළ හැකි ය. වේගයෙන් දුවන්නට සිදු වුණහොත් නො වැටෙන පරිදි මෙම බෑගයේ එක් පටියක් හෝ පපුව හරහාත්, තවෙකක් බඳ වටාත් යන ආකාරයට සකසා ගන්න.
10.  වෛද්‍ය අවදානමක් තිබේ නම්, ඔබ‍ගේ නිර්දේශිත හා වෙනත් ඖෂධ රැගෙන එන්න.

ස්ථානයේදී

11.  හැම විටම කණ්ඩායම සමග සිටින්න. විශේෂයෙන් ම රාත්‍රියේදී ආරක්ෂාව සඳහා සංඛ්‍යාව වැදගත් වේ. ප්‍රචණ්ඩත්වයකදී එකිනෙකා සමග බැඳී සිටින්නට සිතාගන්න.
12. හැම විට ම ජනමාධ්‍ය හැඳුනුම්පත රැගෙන යන්න. එය අනවශ්‍ය අවධානයක් දිනා ගන්නවා නම් එය සඟවා ගන්න. එවැනි අවස්ථාවක ඔබ ජනමාධ්‍ය සාමාජිකයකු ලෙස හඳුන්වා දෙන්න එපා. ඇතැම් විට එමගින් සෙනග කලබල වන්නට පුළුවන.
13. අවධානය යොමු කර නො ගැනීම සඳහා හැකි තරම් අඩුවෙන් සටහන් ගන්න.
14. හැම විටම සම්මුඛ සාකච්ඡා කලබල ඇති ප්‍රදේශයට පිටතදී කරන්න.
15. ඔබ වාර්තාකරුවකු නම්, සිදු වන දෙය දැක ගන්නටත් පුළුවන් නම්, ඔබ සෙනග අතර ම සිටිය යුතු නැත. විරෝධතාකරුවන් සමග ඇවිද යන්න. සාමාන්‍යයෙන් ගල් ගසන්නන් සිටිනවා නම් ඔවුන් ඉන්නේ සෙනග මැදයි. එසේ සිටීමෙන් ඔවුන්ට නැවතත් සෙනග සමග මුසු වන්නට පුළුවන.
16.  ඔබ ඡායාරූප ශිල්පියකු හෝ කැමරාකරුවකු නම් උස්, වාසිදායක ස්ථානයක සිට ඡායාරූප ගන්නට උත්සාහ කරන්න.
17.  පොලිසිය කැරළි මර්දන උපකරණ ගෙන ඔබ දෙසට දිව එනවා නම් පසුබසින්න. නැතිනම්, පොලිසිය ඔබ විරෝධතාකරුවකු ලෙස සලකන්නට ඉඩ තිබේ.
18. කිසිවක් අහුලා ගන්න එපා. ඔබ ඉදිරියෙන් බිම වැටී ඇති සියලු දේ එසේ ම තිබෙන්නට හරින්න. ඔබ විරෝධතාකරුවන් විසින් විසි කරන ලද ගලක් අතට ගත්තොත්, ඔබ ගල් ගසන්නකු ලෙස සැකයට භාජනය වන්නට පුළුවන. කඳුළු ගෑස් කෑනයක් අසුලා ගත්තොත්, ඔබේ අත පිච්චෙන්නට පුළුවන.
19.  අත්අඩංගුවට ගන්නේ නම් එයට විරුද්ධ නො වන්න. විරෝධතාවකදී ඔබ අත්අඩංගුවට ගත්තොත්, විශාල අත්අ‍ඩගුවට ගැනීම් සංඛ්‍යාවක් සිදු වන නිසා ඔබ‍ව රඳවා තබා ගන්නා ප්‍රදේශයකට ගෙන යනු ලබාවි. පොලිස් නිලධාරීන් හට ආතතිය අඩු මෙම ප්‍රදේශයේදී ඔබ කවුරුදැයි හඳුන්වා දෙන්න.

කැළඹිලි අතරතුර

20. අවස්ථාවේ උණුසුම ඉතා තීව්‍ර වන විට සන්සුන්ව අවධානය යොමු කරගෙන ඉන්න. අනතුරු සංඥාවලට ප්‍රතිචාර දක්වන්න.
21.  දුමින්, ගින්නෙන්, පොලිසියෙන් හා උඩින් වීසි වන දේවලින් ඉවතට දුවන්නට සූදානමින් සිටින්න. දුවන අතර හිස පහතින් තබා ගන්න.
22.  කඳුළු ගෑස් භාවිතා කළ අවස්ථාවකදී හැකි නම් උඩු සුළඟට හසු වන සේ සිටින්න. ඔබට කඳුළු ගෑස් වැදුණා නම් ඔබට හැකි තරම් වේගයෙන් ඉවතට දුවන්න. ඉවත් වන අතරතුර හැකි තරම් අඩුවෙන් හුස්ම ගන්න. ආරක්ෂිත තැනකට ගිය පසු වතුර බෝතලය ගෙ ඇස් සෝදා ගන්න. එසේම තිබෙන්නට හරිනවාට වඩා එය හොඳ ය. එහෙත්, තවමත් දැවිල්ල ඇත. ඇදුම, ශ්වසන ආබාධ, ආසාදන, අසනීප, ප්‍රතිශක්තිය දුර්වල, ඇස් ආබාධ ඇති, ස්පර්ශ කාච පළඳින යනාදී අයත් ගැබිනි මාතාවනුත් කඳුළු ගෑස් ප්‍රහාරවලින් ආරක්ෂා විය යුතු ය.
23. ඔබ ස්පර්ශක කාච පළඳින්නේ නම් විෂ වායු කාචය හා ඇස අතර රැඳීමෙන් වේදනාව වැඩි විය හැකි ය. ඒ නිසා හැකි හැම විට ම කණ්ණාඩි ම පළඳින්න.
24.  පොලිසිය වැඩි වශයෙන් භාවිතා කරන්නේ රබර් උණ්ඩ ය.  ඔබට ආවරණයක් සපයා ගන්නට බැරි නම් පොලිසිය දෙසට පිටුපා ඉන්න. දන ගසා ගන්න. හිස හා මුහුණ සඟවා ගන්න. ඔබගේ පිටේ එල්ලාගෙන යන බෑගය ආවරණයක් කර ගත හැකි ය.
25.  පීඩන ජල ප්‍රහාර මගහැරිය නොහැකි අවස්ථාවකදී ඔබේ ඇස් හා නාසය අත්වලින් ආවරණය කර ගන්න. මෙම ජල ප්‍රහාරවලින් ඔබ විසි වී යා හැකි බවත් අවබෝධ කර ගන්න.
26. හැම විට ම ඔබගේ කණ්ඩායමත් සමග සිටින්න. තත්වය නරක අතට හැරුණොත් පළා යා හැකි මාර්ගය ගැන සිතේ තබා ගන්න.
27. ආවරණයෙන් පසු ඔබගේ ප්‍රවෘත්ති කාර්යාලයේදී එම ආවරණයේ අත්දැකීම් ගැන සාකච්ඡා කරන්න.


යෝජිත උපකරණ

ඔබගේ බෑගයේ තිබිය යුතු උපකරණ 

1)    ඝනකම හිස් ආවරණයක්
2)    ප්‍රමිතිගත ඇස් ආවරණ
3)    කඳුළු ගෑස්වලින් ආරක්ෂා වීම පිණිස කිමිදුම්කරුවන්ගේ වැනි ගොගල්ස්
4)    3M 4251 Respirator (කඳුළු ගෑස්වලින් හා දූවිල්ලෙන් ආරක්ෂා වීම සඳහා)
5)     පෞද්ගලික ප්‍රථමාධාර කට්ටලය
6)    දනහිස් පෑඩ්
7)    කුඩා ගිනි නිවනයක්
8)    ඉවත දැමිය හැකි කණ්වල ගසා ගන්නා පුළුන්

වෙනත් යෝජිත දේ

1)    ඇණුම්වලින් ආරක්ෂා වීමට විශේෂ යට ඇඳුම්
2)    විදිය හැකි ගිනි මර්දන ද්‍රාවණ
3)    ගිනිවලින් ආරක්ෂා විය හැකි යට ඇඳුම්
4)    ඇඟිලිවලට යකඩ ආවරණ ඇති සපත්තු
5)    අත් ආවරණ

කඳුළු ගෑස්වලින් ආරක්ෂාවට උපදෙස්

කඳුළු ගෑස් භාවිතා කරනු ලබන්නේ කැරලි පාලනයට, පුද්ගලයන් මර්දනය කිරීමට හා සෙනග විසුරුවා හැරීමටයි. එයින් වේදනාව ඇති කරනු ලැබේ. ගෑස්වල ප්‍රතිළුලය තාවකාලික ය. පැය කීපයක් ගත වන විට බොහෝ රෝග ලක්ෂණ පහව යයි.
 
කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක් වූවන්ගේ ලක්ෂණ

1)    ඇස්, නාසය, මුඛය හා සම දැවිල්ල ගැනීම
2)    අධික ලෙස කඳුළු ගැලීම
3)     පෙනීම බොඳ වීම
4)    නහයෙන් සොටු දියර ගැලීම
5)     කෙළ ගැලීම
6)    සමේ කුෂ්ට ඇති වීම හා රසායනික මගින් පිළිස්සුම් ලකුණු
7)    හුස්ම ගැනීමේ අපහසුව හා කැස්ස, හුස්ම හිර වීම
8)    මානසික කැළඹීම හා අවධානයෙන් තොර වීම, අසහනය
9)    අධික කෝපය
සාමාන්‍යයෙන් කඳුළු ගෑස් විදිනු ලබන්නේ හිස් තුවක්කු පතුරමක් ආධාරයෙන් තුවක්කුවක අගට සවි කරනු ලබන බෝම්බයක ආකාරයටයි. එබැවින් කඳුළු ගෑස් විදින කල ද වෙඩි තබන ශබ්දය ඇසේ. ඔබට වෙඩි වැදුණා යයි වරදවා ‍වටහා නො ගන්න. කලබල වෙන්න එපා. වෙඩි ඇසුණු කල උඩ බලා කඳුළු ගෑස් බෝම්බය එන මාර්ගයෙන් ඉවත් වන්න. කඳුළු ගෑස් බෝම්බ බොහෝ විට ගුවනේදී ම පිපිරේ. දුම් පිට වන ලෝහමය කෑනයක් බිමට වැටේ.
මෙම කෑනය ඉතා උණුසුම් විය හැකි ය. එබැවින් එය අල්ලන්න එපා. නො පිපුරුණු කඳුළු ගෑස් බෝම්බ ද අල්ලන්න එපා. මන්ද, එය පුපුරා ඔබට තුවාල සිදු විය හැකි ය. කඳුළු ගෑස්වලින් ආරක්ෂාවට ඇති හොඳම මාර්ගය ගෑස් මුහුණක් පැළඳීමයි. එවැන්නක් සපයා ගත නො හැකි නම්, කඳුළු ගෑස් එල්ල වේ යයි සිතිය හැකි අවස්ථාවක් ආවරණය කරන්නට යන විට තෙත තුවා රැගෙන යන්න. ඒවායින් නාසය හා මුඛය ආවරණය ක‍රගෙන දෙහි යුෂ හෝ විනාකිරි ස්වල්පයක් ඒ මතට මිරිකන්න.  දෙහි යුෂවලින් පෙඟවූ තෙත තුවා හෝ කඩදාසි තුවා ප්ලාස්ටික් බෑගයක දමා ‍ගෙන යන්නටත් පුළුවන. අධික ලෙස කඳුළු ගෑස්වලට නිරාවරණය වී නම්, එම බෑගය මුඛයට හා නාසයට තබා හුස්ම ගන්න. ලියා ගත් රතු ළූනු ද සයට ඇල්ලීම ද හොඳ ය. 
කලබල වෙන්න එපා. කලබල වුණොත් ඉක්මණින් හුස්ම ගෙන වැඩිපුර කඳුළු ගෑස් ආඝ්‍රානය කරන්නට ඉඩ තිබේ.  

තට්ටු කීපයක ඇඳුම් අඳින්න. කඳුළු ගෑස් වැදුණු ඇඳුම් තට්ටුව ගලවා දමන්න. මතුපිටින් වැසි කබා ඇඳීම  ‍සුදුසු ය. වෙනත් යමක් නැතිනම් කසල බෑග් වුණත් හොඳ ය.

ගොගල්ස් යනු ඉතා ප්‍රයෝජනවත් ඇස් ආවරණ විශේෂයකි. රසායනිකවලින් ඇස් ආරක්ෂා කර ගත හැකි ගොගල් කණ්ණාඩි නැති නම් තදින් හිර වන පිහිනුම් ගොගල් පළඳින්න. ස්පර්ශක කාච පැළඳ සිටී නම් වහා ම ඉවත් කරන්න. එවැනි තැන්වලට යන විට ඒවා පැළඳ නො යාම වඩා හොඳ ය. 

අමතර ඇඳුම් කට්ටලයක් (මේස් ද ඇතුළුව) තිබීම හොඳ ය. ගෑස් හා ජල ප්‍රහාරවලට ලක් වුණු ඇඳුම් මුල් වර සෝදන විට වෙනත් ඇඳුම් සමග සෝදන්න එපා. 

ගොගල්, ගෑස් මුහුණු වැනි කිසිවක් නැතිනම්, ඔබේ කමිසය ඇතුළෙන් හුස්ම ගන්න. එහි වාතය මඳ වේලාවකට හෝ කඳුළු ගෑස්වලින් තොර වෙන්නට පුළුවන. 

ඇස් සඳහා ප්‍රථමාධාරය වන්නේ දැවිල්ල නැති වී යන තෙක් ‍සේලයින් වතුරෙන් හෝ පිරිසිදු ජලයෙන් සේදීමයි.
කඳුළු ගෑස් වැදුණු සම සබන් හා වතුරෙන් සෝදන්න. හුස්ම ගන්නට අපහසු නම් ඔක්සිජන් දිය යුතු ය. ඇදුමට දෙන ප්‍රතිකාර ද දෙන අවස්ථා තිබේ. 

පිළිස්සුණු තැන් බැන්ඩේජ් කරන්න.
කඳුළු ගෑස් කිසි විටෙක උණුසුම් වතුරෙන් සෝදන්න එපා. සිසිල් ජලය භාවිතා කරන්න.       
තෙල් පදනම් කර ගත් ක්‍රීම් වර්ග හෝ හිරු ආවරණ ක්‍රීම් භාවිතා නො කරන්න. එමගින් උරා ගැනීම වැඩි වනු ඇත. මේකප් කිරීමෙන් ද කඳුළු ගෑස් සමට උරා ගැනීම වැඩි විය හැකි ය. 


අත්අඩංගුවට ගතහොත් කළ යුතු දේ

  • ඔබගේ හිමිකම් පිළිබඳ දැනුවත් වන්න. කිසිවක් ප්‍රකාශ නො කර සිටීමටත්, ඔබ කැමති නීතිඥයකුගේ සහාය ලබා ගැනීමටත් ඔබට හිමිකමක් තිබේ.
  • හිංසනයට, තර්ජනයට, රැවටීමට ලක් නො වී සිටීමට ඔබට අයිතියක් තිබේ.
  • ඔබ කරන ප්‍රකාශ ඔබට එරෙහිව අධිකරණයකදී භාවිතා කරන්නට ඉඩ තිබෙන නිසා නිහඬව සිටීමට ඔබට අයිතියක් තිබේ.
  • රඳවා ගනු ලැබුවහොත්, ඔබේ මානව හිමිකම් ආරක්ෂා විය යුතු අතර, නීති ප්‍රකාරව කටයුතු කළ යුතු ය.
මුර කපොලු හා මාර්ග බාධකවලදී කටයුතු කළ යුතු ආකාරය

  • හැම විටම, විනීත වන්න.
  • ගැටුම් ඇති කර ගන්න එපා.
  • ඔබ පුවත්පත් කලාවේදියකු ලෙස හඳුන්වා දෙන්න.
  • පයින් යන්නේ නම්, අවශ්‍ය ලේඛන පමණක් අතින් රැගෙන මුරකපොල්ල වෙත යන්න.
  • වාහනයක යන්නේ නම් දොරවල්, ජනෙල් වසාගෙන යන්න. අණ කළොත් මිස බහින්න එපා.
  • අවසර නැතිව වීඩියෝ කරන්න එපා.
  • මුර කපොල්ල පවත්වාගෙන යන සොල්දාදුවන් හෝ සටන්කාමීන් එදිරිවාදී නම් ඔවුන් සමග සුහද වන්න. සිගරට්, රසකැවිලි වැනි දෙයක් පිරිනැමිය හැකි ය.
  • හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී ඔබගේ බිරිඳගේ, දරුවන්ගේ ඡායාරූප ද දකින්නට සැලැස්වීමෙන් වඩා මානුෂීය වාතාවරණයක් ඇති කළ හැකි ය.
  • ඔබ සිටින්නේ කොතැන ද යන්න වෙනත් අය දන්නා බව හා ඔවුන් ඔබ ආපසු පැමිණෙනු බලාපොරොත්තු වන බව කියන්න.
  • ඔබ තර්ජනයක් නො වන බව ඔවුන්ට ඒත්තු ගන්වන්න.
  • විනීත වන්න. එහෙත්, පරීක්ෂාකාරී වන්න. විශේෂයෙන් ම, කෙළින් ඇස් දෙස නො බලන, හැඟීම් විරහිත සොල්දාදුවන් ගැන සෝදිසියෙන් ඉන්න.
 
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* මුර කපොල්ල පවත්වාගෙන යන සොල්දාදුවන් හෝ සටන්කාමීන් එදිරිවාදී නම් ඔවුන් සමග සුහද වන්න. සිගරට්, රසකැවිලි වැනි දෙයක් පිරිනැමිය හැකි ය.
    හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී ඔබගේ බිරිඳගේ, දරුවන්ගේ ඡායාරූප ද දකින්නට සැලැස්වීමෙන් වඩා මානුෂීය වාතාවරණයක් ඇති කළ හැකි ය. */

    රිපෝටර් ගේ බෑගයේ තිබිය යුතු සහ යෝජිත ද්‍රව්‍ය අතරට සොල්දාදුවන්ට/සටන්කාමීන්ට පිරිනැමිය යුතු සිගරට්, රසකැවිලි වැනි දේ සහ පවුලේ ඡායාරූප එකතු විය යුතුයි

    ReplyDelete
    Replies
    1. ඒක පිටරටක ලියවිල්ලක පරිවර්තනයක් නේ. ලංකාවට ගැලපෙන විදියට වෙනස් කර ගන්න. ලංකාවේ සිගරැට් ගණන් නිසා ඒ වගේ තෑගි නේවි කමාන්ඩර් වගේ ලොකු කට්ටියට හොඳයි. පොඩි අයට බීඩි සුදුසුයි.

      Delete
    2. පැරා පදවිය වාර්තාකරු කාලේ බෑගයේ ගෙන ගියේ නාරම්බික් ද, බන්ටි ටොෆී ද?

      Delete
    3. ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස වැඩ කළ කෙනෙකු විදියට මම ඔය රස්සාවේ හැටි හොඳට දන්නවා. ඇත්තම කියනවා නම් ඕක රස්සාවක් ය කියන්නත් බැහැ. අනුරාගයන් හා සුළු වාසි සමග බැඳුණු සේවාවක්.

      මා වැඩ කළ පුවත්පත් අතරින් ප්‍රාදේශීය වාර්තාකරුවන් ගැන සැලකිල්ලක් දැක්වූයේ යුක්තිය පුවත්පත පමණයි. පුහුණුවක් ලබා දෙන්නට උත්සාහ කළේ ඔවුන් පමණයි.

      එවකට යුක්තිය කර්තෘ සුනන්ද දේශප්‍රියයි. ප්‍ර‍වෘත්ති කර්තෘ සුජීව දිසානායක.

      Delete

  2. ගෝරිල්ලන්ට දීමට බනානා ද රැගෙන එන්න?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මොකද පැරා කොමෙන්ට් අයින් කරන්නේ? මේ වගේ කාලකන්නින්ට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි එකේ තිබුනේ.

      Delete
    3. ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

      Delete
    4. මේ සමහර ඇනෝනිමස් පාඨකයින්ට මා සමග ඇති බද්ධ වෛරයට හේතුව මට සිතා ගන්නට බෑ.

      මා ඔවුන් ගේ වෛරයේ වස්තුච ද?

      Delete
    5. @රසිකොලොජිස්ට් - Rasikologist December 13, 2016 at 1:33 PM

      Hope you get a hint from the following story

      Dirty Laundry or maybe, Dirty Windows?
      .
      My mother-in-law shared this story with me. Maybe you've read it before, but it's worth sharing.

      A young couple moves into a new neighborhood. The first morning, while they are eating breakfast, the young woman sees the neighbor hang up the wash outside.

      "That laundry is not very clean," she said, "she doesn't know how to wash correctly. Perhaps she needs another laundry soap."

      The husband looked on, but remained silent.

      Every time her neighbor would hang out the wash, the young woman would make the same comment.

      About one month later, the woman was surprised to see nice clean wash on the line and said to her husband,

      "Look! She has learned how to wash correctly. I wonder who taught her this?"

      Her husband said, "I got up early this morning and washed the windows."

      Delete
    6. පොමරේනියන් බල්ලන් බිහි වුණේ ඊශාන දිග ජර්මනියෙන් ද?
      ඇල්සේශන් බල්ලන් බිහි වුණේ නැඟෙනහිර ප්‍රංශයෙන් ද?
      ඩාල්මේශන් බල්ලන් බිහි වුණේ බටහිර ක්‍රෝඒෂියාවෙන් ද?

      Delete

    7. ගෝරිල්ලන්ට දීමට බනානා ද රැගෙන එන්න?


      :-)

      Delete
  3. බොහොම කාලීනයි, මාධ්‍ය වේදීන්ටත් වඩා විරෝධතාකරුවන්ට ප්‍රයෝජනවත් වේවි.

    එත් ඉතින් අර වගේ ඉල්ලන්කන මීඩියා කාරයොත් නොහිටියොත් මොනව ලියන්නද? ස්ට්‍රයික් කාරයන්ගේ ඉල්ලීම් බල්ලට ගිහින් ඒක මීඩියාකාරයන්ගේ වලියක් වුනානේ.

    ReplyDelete
  4. පැරා හැකිනම් මෙය සියළුම මාද්දියවේදින්ගේ සංගම් වලට ලබා දෙන්න...

    ReplyDelete
    Replies
    1. මෙය අවධානයට ලක් විය යුතු ඇතැම් අයගේ අවධානයට ලක් වී ඇති බව ලැබුණු දුරකථන ඇමතුම්වලින් පෙනුණා.

      මේ වගේ තවත් මා පරිවර්තනය කළ ලියකියවිලි තිබෙනවා. සොයාගෙන පළ කරන්නමි.

      Delete
    2. Dear Mr. Jayesinghe,

      You have used an interesting word in your heading: "මාර්ගෝපදේශ". May I know the exact English word used in the original English document, for my information.

      I would also like to know whether you reserved your copyright of the translation so that you could publish it under your name later on.

      Thank you.

      Segiriye Keerale.

      Delete
    3. I am not bothered so much about the copyrights so much. Knowledge is common property of human kind. If there is a copyright issue, I will deal it with my clients. You have no right to question it.

      You can refer a dictionary to learn words. If you want to interrogate me, first arrest me.

      Everything I do is for a purpose.

      Delete
    4. Dear Mr. Jayesinghe,

      First of all let me thank you for your courteous reply that speaks volumes about your most dignified character.

      A civilised society is governed by the laws and conventions. People living in a civilised society do bother about laws and conventions. The Intellectual properties (IPs) with special concerns to the copyright issues constitute a topic of interest in the civilised world. If you proclaim so arrogantly that Ajith Perakum Jayesinghe does not bother so much about the copyrights, I do not wish to embark on an argument at all. Of course, there is a different school of thought that denounces the discourse of the IPs, the Copyrights etc. Let it be as you like it, Mr. Jayesinghe.

      I have learnt that you happened be a school teacher early in your career. Am I supposed to read your well thought out reply as an indicator to your style of teaching in the past? When somebody who doesn't know something asks for a clarification in a polite manner, is this the way a teacher whose hair has turned grey should answer?

      Your high-tone words commanding me to refer to a dictionary, yell the the most unpleasant note that you are a champion in mechanical translations. Mr. Jayesinghe claims himself that he is not just a mere mechanical translator, but a sworn mechanical translator!

      "Where ignorance is a bliss, 'tis folly to be wise" said Thomas Gray. Mr. Jayesinghe, for you, ignorance is not only a bliss but a pride as well. It's my compassion towards your most oppressed soul that I used the word "pride" instead of the word "vanity".

      There are fools, idiots and utters idiots. May the Lord God assign the most omniscient genius in the name of Ajith Perakum Jayesinghe to the apt category.

      Kind Regards.

      Segiriye Keerale.

      Delete
    5. //Everything I do is for a purpose.//

      සහතික ඇත්ත. පැරා ඉඳලා හිටලා ඇත්තත් කියනවා එහෙනම්! ඕක මෙහෙම කිව්ව නම් ගොඩාක් හොඳා

      Everything I do is for Ranil Sir!

      පැරා උඹ හිතන් ඉන්නේ උඹ Bryan Adams කියලද මචෝ?

      Delete
    6. මෙන්න ගුරුවරු....

      //අරියරතන අල්විස ගුරු මිතුරු තැන
      අලව්ඉසි ලෙසින් පිළිගමු නූඹ මෙදින
      දෙස බස රැස රකින්නට අප හා හැඳින
      ඇරයුම් කරමු නව හෙළ හවුලට එන්න

      පැරකුමු කරයි නන් දෙඩවිලි මෙහි අමන
      සිරිකොත උපදෙසට නිසි ලෙස ගැළපෙන්න
      සාරස මයූරවිල කිවි නිති රස මවන
      කව් පදවලින් පච පැරකුමු වෙයි දමන

      දසක දෙකක ගුරු දිවියක් තිබූ නමුත්
      කළ වැඩ නොමැත පැරකුමු තෙම මේ ‍අදටත්
      නල සේ සුවඳ පතුරන ගුරු සේවාවත්
      මඩ කළ බව ය පවසන්නේ දසත පුවත්

      මව්කිරටත් මව්බසටත් මව්රටටත්
      ගරු කරනා නුඹ වැනි දන රිසි අපටත්
      අල්විස සබඳ හෙළ බස නිසි ලෙසට උගත්
      උකටලි නො වනු පැරකුමු වදනින් අවියත්

      අරියරතන ද අල්විස ගුරු සබඳ, වියුණු ලොවැ හෙළ හවුල ලෙස අපි ඔබතුමා සාදරයෙන් පිළිගනිමු. පැරකුමුවන් එදවසැ දැරූ යහපත් සිතුම් මෙදෙවස නැත. පැරකුමුවෝ මව්බසටත් මව්බිමටත් එරෙහි වැ නව අදිරදවාදය සමඟ සහවාස වැ සිටිති. පැරකුමුවනගේ දුර්මත බිඳුම අප විසින් කරනු ලැබැ යුතු මැ යැ.

      දෙස බස රැස ළැදි
      වියුණු ලොවැ හෙළ හවුල.//

      Delete
  5. මේ ලිස්ට් එකේ තියෙන ඒවා මාධ්‍ය ආයතනයෙන් දෙන්නෙ නෑ උන් බලන්නෙ ඕන එකෙක්ව සූරාකාගෙන උපරිම ලාභය. පුද්ගලිකව මේවා ගන්න සල්ලි තියේනම් වාර්තාකරු ජොබ් එක අතහඇරල ඒ සල්ලි වෙන ව්‍යාපාරයකට ආයෝජනය කරනවා.

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොම ජාති ඕනැ නැහැ. මූලික දේවල් ටිකක් ලෑස්ති කරලා තියාගන්න පුළුවන්. මාධ්‍යකරුවකු ලෙස වෘත්තිකභාවය දියුණු කර ගන්නට මේ වගේ දේවල් ඉවහල් වෙනවා.

      ලංකාවේ මාධ්‍යවලට වෘත්තික ජනමාධ්‍යකරුවන් අවශ්‍ය නැහැ. උන්ට ඕනැ මොනවා හරි ජනප්‍රිය ඕපදූප, වල්පල් ටිකකින් ඉඩ පුරවන ලියන අප්පුලා, කැමරා අප්පුලා ටිකක් විතරයි.

      ජනමාධ්‍යකරුවන් ලෙස වෘත්තිකභාවය දියුණු කර ගන්න එක ඒ වෘත්තියේ සිටින අය විසින් කර ගත යුතුයි.

      Delete
  6. මටත් පෙනී යන්නේ මෙය විරෝධතාකරැවන්ට වඩා පයෝජනවත් බවයි. මෙය අන්තරයට දවසට දෙවරක් බැලීමට සුදුසු ය.අනෙක් විරෝධතාකරැවන්ටද මෙය ඉතා වටී. පොලොසියේ අයට මෙය පෙන්වීමෙන් වලකින්න. එම්.ආර් (MR බිලොග්ලොවට ලගදීම....)

    ReplyDelete
  7. බෙට්ටා වර වර බෙට්ටා වරවර බෙට්ටා වරවර ඔන් රීන් කටුටු පුහ්

    ReplyDelete
  8. අජිත් පැරකුම් ජයසිංහ පැරැණි සඟයාණෙනි,

    කෝපයකින් නො වැ කනගාටුවකින් තබන සටහනකි.
    ============================================

    පෞද්ගලික ජීවිතයේ පමණක් නො වැ වෘත්තීය ජීවිතයේ ද සන්‍ධ්‍යා සමය කරා ශීඝ්‍රයෙන් එළැඹෙමින් සිටින ඔබ ඔබගේ වර්ණවත් ගමන් මඟෙහි මුල් අවධියේ දී අතහිත දුන් සද්දන සැමරැම ප්‍රශංසාත්මක ය. එනයින් ඔබගේ මතු දැක්වෙන වදන් අපි අගයමු:

    "මා වැඩ කළ පුවත්පත් අතරින් ප්‍රාදේශීය වාර්තාකරුවන් ගැන සැලකිල්ලක් දැක්වූයේ යුක්තිය පුවත්පත පමණයි. පුහුණුවක් ලබා දෙන්නට උත්සාහ කළේ ඔවුන් පමණයි.

    එවකට යුක්තිය කර්තෘ සුනන්ද දේශප්‍රියයි. ප්‍ර‍වෘත්ති කර්තෘ සුජීව දිසානායක."


    ඔබ විසින් වත්මන පෙන්වනු ලබනු සුරුකමින් ඔබ අන්තර්ජාතිකය සඳහා නිර්ලජ්ජිත වැ ලියන්නට ද පාලක පන්තිය සඳහා නිර්ලජ්ජිත වැ ලියන්නට ද ඔවුන්ගෙන් මනා වැ උගෙන ඇති බව නම් නිසැක වැ මැ පැවැසිය හැකි ය. එනයින් නම් ඔබ ගුරැවරයන් ද අභිභවනය කළ සුරුවෙකි.

    පැරැණි සඟයාණෙනි, එහෙත් කනගාටුවට කරුණ නම් ඔබට කාව්‍යමය භාෂාවකින් මාධ්‍යකරණයේ යෙදෙන්නටත් පුවත්පතක පළ කිරීම සඳහා ලිපියක් සංස්කරණය කර ගන්නටත් ආදරකරුණාවෙන් කියා දුන් අය අමතක වීම ය. සුනන්ද, සුජීව පමණක් නො ව චන්ද්‍රසිරි පිළිබඳ ද සඳහන් වන ඔබගේ මාහැඟි ලිපි හාරදහසෙන් ප්‍රාදේශීය වාර්තාකරුවකු වැ සිට ජාතික ප්‍රවෘත්තිපත්‍රයක අග්‍රසංස්කාරක ධුරය දක්වා පැමිණෙන්නට ඔබට පිටිවහල් වූවන් පිටුවහල් කර ඇති ආකාරය නම් අපූර්ව ය.

    අජිත් පැරකුම් ජයසිංහ පැරැණි සඟයාණෙනි, ඔබගේ අතීතය එලෙස අමතක කර දමන්නට තරම් ඔබට භීතියක් වී ද?

    හිතාදර,
    වමැ පැරැණි මිතු කැල.

    ReplyDelete
    Replies
    1. උඹලාට නම් පිස්සු. යකෝ කොහෙද හිරු පත්තරේ ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ හිටියෙ. ඒ තියා අඩු ගානෙ පසුකාලීනව ඒකෙ එඩිටර්ටවත් පඩි ගෙව්ව එකක් යැ.

      Delete
    2. අජිත් පැරකුම් ජයසිංහ පැරැණි සඟයාණෙනි,

      //උඹලාට නම් පිස්සු. යකෝ කොහෙද හිරු පත්තරේ ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ හිටියෙ.//

      ඔබ කවර නම් බසක් පවසන්නෙහි ද? අපි එවන් බසක් නො පැවසුවෙමු. හිරු පත්තරය යනු කුමක් ද? හිරු රූපවාහිනියේ පුවත්පතක් ද?

      අප ඔබට පැවැසුවේ පහත සරල කරුණ ය:

      //පැරැණි සඟයාණෙනි, එහෙත් කනගාටුවට කරුණ නම් ඔබට කාව්‍යමය භාෂාවකින් මාධ්‍යකරණයේ යෙදෙන්නටත් පුවත්පතක පළ කිරීම සඳහා ලිපියක් සංස්කරණය කර ගන්නටත් ආදරකරුණාවෙන් කියා දුන් අය අමතක වීම ය. සුනන්ද, සුජීව පමණක් නො ව චන්ද්‍රසිරි පිළිබඳ ද සඳහන් වන ඔබගේ මාහැඟි ලිපි හාරදහසෙන් ප්‍රාදේශීය වාර්තාකරුවකු වැ සිට ජාතික ප්‍රවෘත්තිපත්‍රයක අග්‍රසංස්කාරක ධුරය දක්වා පැමිණෙන්නට ඔබට පිටිවහල් වූවන් පිටුවහල් කර ඇති ආකාරය නම් අපූර්ව ය.//

      ඔබ එම කරුණ නො සලකා නන්දොඩනා සෙයකි. එම කරුණු අසත්‍ය යැ යි ඔබ පවසන්නෙහි ද? ඔබ කතුවැකියක් හෝ ලියන්නට උගත්තේ කවරකුගෙන් ද? අතීතය මකා දමන්නට මෙතරම් වෙහෙසෙනු කිම සඟය?

      හිතාදර,
      වමැ පැරැණි මිතු කැල.

      Delete
    3. Someone's object of desire -> Para

      The way this guy cares about Para's thoughts and feelings, I think he is (or was) in love with Para at some point.

      Delete
    4. ආශාවේ වස්තුව පුද්ගලයෙක් වෙන බව සිතා සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සිටින තට්ට පො__යෙක් බව සලකන්න. එම තට්ට පො__යාගේ පො__ වැඩ තවම වමැ පැරැණි මිතු කැල නොදනිනවා ඇති මයේ හිතේ.

      Delete
  9. //විශේෂයෙන් ම, කෙළින් ඇස් දෙස නො බලන, හැඟීම් විරහිත සොල්දාදුවන් ගැන සෝදිසියෙන් ඉන්න//

    එහෙම අයත් ඉන්නවද ආමි එකේ. හරි පුදුමයි

    ReplyDelete
  10. කඳුලු ගෑස් ගැන මේ ලිපිය හමුවුනේ මෙතනින්.

    Myths and misconceptions

    Sometimes, it's hard to see through the myths surrounding tear gas protection. Reports, photographs and videos show protesters using improvised methods to counter the crippling effects, including tying plastic bottle and even bras to their faces. While they make for an amusing photo, these are not effective ways of countering this non-lethal chemical weapon.

    INSI spoke to chemical weapons experts SecureBio about other homemade methods, which should be avoided.

    1. Soaking a bandana or cloth in apple cider vinegar and tightly covering your mouth with it

    The acid contained in the vinegar does not provide enough, if any, protection to counter the effects of tear gas.

    2. Smearing lime or lemon juice on the inside of a cloth and tightly covering your mouth with it

    This supposedly works on the same principal as the apple cider vinegar, but again should be avoided.

    3. Soaking a bandana in water and tightly covering your mouth with it

    Many RCAs come in the form of crystals, which react with water. Using small amounts of water (such as a wet handkerchief) immediately after exposure to CS gas is likely to reactivate these crystals and may prolong the effects.

    3. Smashing up charcoal, lining a wet bandana with the dust, and tightly covering your nose and mouth with it

    The charcoal supposedly filters out CS gas, but there is no evidence to support this.

    4. Smearing toothpaste under your eyes

    As RCAs and toothpastes are made up from a wide range of chemicals, using various manufacturing methods, it is nearly impossible to accurately predict the reactions that would take place.

    5. Sniffing a freshly cut onion
    Breaking an onion in half, sniffing it and getting it close to your eyes does not reduce the irritation, and it is likely to make you cry just as it does when you are peeling it.

    ReplyDelete
  11. // විශේෂයෙන් ම, කෙළින් ඇස් දෙස නො බලන //

    නිර්මාල්?

    ReplyDelete
    Replies
    1. උඩ කමෙන්ට් එකකින් මම මතුරපු මන්තරේ හරිගියා. බෙට්ටා මෙන්න ඇවිල්ලා.

      Delete
    2. කට්ට තට්ටඩියා තුමා මන්තර මතුරයි...
      මැවිසුරුයි ... පන්කාදුයි හිටන්!

      Delete
    3. බොලා දෙන්නාම පේරාදෙණිය ගුරු කුලේට අයිති එවුන් නේද? ඉතින් ඇයි මෙහෙම ඇණ කොටා ගන්නේ?

      Delete
    4. කරුමේ අයුබෝවන්ඩ. කරුමේ. පේරාටදණියෙන් තට්ට පො__යෙක් බිහි වුනානේ.

      Delete
    5. එක ම සරසවි මාතාවගේ බඩවැල කඩා ගෙන බිහිවුණු සරස සහ රසික ආයෙත් සමගි කරන්න බැරි වෙයි ද හිටං?

      Delete
    6. මුලින් ම කිව යුත්තේ මේ සංවාදයට මා සම්බන්ධ කර ඇත්තේ ඇයි දැයි මට නොතේරෙන බවයි.

      සාරස හෝ අන් කිසිවෙකු හෝ [Anonymous December 13, 2016 at 8:45 PM] කමෙන්ටුව තැබුවේ මා යැයි සිතනවා නම් මට කිව හැක්කේ අපේ පව්, සොරි.කොම් කියා පමණි!

      මට සාරස සමග කිසි පුද්ගලික කෝන්තරයක්, වලියක් නැත. මා කිසි දිනෙක ඔහුට (හෝ අන් කිසිවෙකුට) කිසිදු අසැබි දෙයක් කියා හෝ අපහාසයක් කර හෝ නැත.

      මා ඔහු කවුදැයි දැන ගත්තේ සෑහෙන කලකට උඩ දී ය. නමුත් ධර්මන් වික්‍රමරත්න රිවිර පුවත් පතේ කුමාර කළුආරච්චි ගැන ලියන තුරු මම කිසි තැනක ඒ අනන්‍යතාවය හෙලි නොකළෙමි.

      විශ්වවිද්‍යාල, පාසල්, වෘත්තීය, නේවාසික රට වැනි දේ කිසිත් මෙහි දී අදාළ නැත.

      ඔහු සහ මා අතර ඇත්තේ මරාවාදී සහ මරා විරෝධී වෙනස පමණි.

      මා සාරස ගේ අගයන ලක්‍ෂණයක් ඇත. එය නම්, තමන්ට අන් කර කරන අපහාස උපේක්‍ෂාවටත් වඩා ඉහලින් බාර ගෙන ඒවා එමගින් ම නිශ්ඵල කර දමන අන්දමයි. ඒ සමාන අවස්ථාචල දී මා නම් කරන්නේ, ඉක්මන් සුවය ලැබේවා යැයි කීම වැනි සරල දෙයකි, නමුස් සාරස ඉන්නේ ඊට වඩා බොහෝ ඉදිරියෙනි.

      !

      Delete
    7. හ්ම්..... රසික යනු මහත්මා ගුණෙන් පිරිපුන් කෙනෙක් බව හොඳට ම පෙනෙන්නට තිබෙනවා. ඔබට ජය!

      Delete
    8. @ Anonymous December 14, 2016 at 9:48 AM ---

      ධර්මන් වික්‍රමරත්න යනු මරා වෙනුවෙන් හෙළුවෙන් වුව ද හිඳ ඕනෑ ම නැත්තක් ඇත්ත කරන බෝතල් පත්තරකාරයෙක් බව නොදන්නේ ද?

      පහළ ලින්කුවට ගොසින් බලනු:

      ධර්මන් වික්‍රමරත්නගේ ගල් පැලෙන බේගල්

      Delete
    9. සාරසයො, ඇයි බං උඹ මට දිගින් දිගටම ඔයහැටි ගහන්නෙ.
      උඹ කුමාර කලුආරච්චි කියල මුලින්ම එලි කරේ මම හින්දද?
      සොරි මචං උබ කව්ද කියල ආයෙ එලි කරන්නෙ නෑ.
      අපි යාලු වෙමුකො ප්ලීඊඊශ්.
      - මීට සීනුවර අහවලා

      Delete
    10. // සාරස හෝ අන් කිසිවෙකු හෝ [Anonymous December 13, 2016 at 8:45 PM] කමෙන්ටුව තැබුවේ මා යැයි සිතනවා නම් මට කිව හැක්කේ අපේ පව්, සොරි.කොම් කියා පමණි! //

      එච්චර සොරි ඩොට් කොම් වෙන්න එපා... ඕක ලිවුවේ ඔහේ නෙවෙයි කියලා මම දන්නවා...

      ඒ වුනාට ඔහේ ලිවුවේ කියලා හිතනවා වගේ මාත් ඔන්න ඔහේ පෙන්නන් ඉන්නවා.... මොකද ඒ ඇනෝ තුමා ඔහේ ලියනවා වගේ කොමෙන්ට් දැම්මාම මට හිතුනොත් ඒක හේතුවකට අරන් ප්‍රතිඋත්තර වසයෙන් ඔහේට නෙලන්න චෑන්ස් එකක් ලැබෙනව නේ හිටන්!

      Delete
    11. ධර්මන් වික්‍රමරත්නගේ ලිපි බේගල් නම් ඇයි ඒ ගැන නොලියන්නේ සත්‍ය කරුණු කරණා දන්නා උදවිය? රිවිර පත්තරේ මිලදී ගන්නේ නැති නිසා ධර්මන්ගේ පත්තරෙන් කියවන්නේ නැති නමුත් අන්තර්ජාලය හරහා නම් කියවා තිබෙනවා.

      Delete
    12. සාරස

      ධර්මන් කළ එක් නිවැරදි හෙළිදරව්වක් නම්, අද මරාවාදියෙකු ලෙස බ්ලොග් අවකාශයේ සැරිසරන සාරස නමැති මෝඩ අසරණ ජඩයා 80 දශකයේ අග භාගයේ පේරාදෙනියේ දන්ත වෛද්‍ය සිසුවෙකු වූ කුමාර කළුආරච්චි නමැති මනාධමයා බව තහවුරු කිරීමයි!

      Delete
    13. Sa Rasa's FB Cover photo:

      1. https://www.facebook.com/photo.php?fbid=10152855155661658&set=a.10150721390346658.402430.704626657&type=1&theater

      2. https://www.facebook.com/photo.php?fbid=10152839624341658&set=a.10150721390346658.402430.704626657&type=1&theater

      මුගේ රස්සාවට දොස්තර කෑල්ලක් තිබ්බට හීනමානෙ කියන්නේ මොනවගේ එකක්ද කියලවත් අඳුරන්නෙ නැති ගොබ්බයෙක්. දත් දොස්තරනේ. ලකුණක් මදිවෙල දොස්තර වෙන්න බැරිඋන හීනමානෙනම් තියෙන්න ඉඩ තියෙනවා මේ වගේ ගොබ්බයින්ට

      Delete
    14. // AnonymousDecember 14, 2016 at 2:46 PM
      සාරස

      ධර්මන් කළ එක් නිවැරදි හෙළිදරව්වක් නම්, අද මරාවාදියෙකු ලෙස බ්ලොග් අවකාශයේ සැරිසරන සාරස නමැති මෝඩ අසරණ ජඩයා 80 දශකයේ අග භාගයේ පේරාදෙනියේ දන්ත වෛද්‍ය සිසුවෙකු වූ කුමාර කළුආරච්චි නමැති මනාධමයා බව තහවුරු කිරීමයි! //


      ඒ කතාව ඇත්ත තමයි හිටන්!

      නමුත් නෝනාවරුනි මහත්වරුනි මගේ හිසේ තවම කෙස් තියේ!

      Delete
    15. // මුගේ රස්සාවට දොස්තර කෑල්ලක් තිබ්බට හීනමානෙ කියන්නේ මොනවගේ එකක්ද කියලවත් අඳුරන්නෙ නැති ගොබ්බයෙක්. //

      ටිකක් ටැපලිලා නේ?

      ඔහේ සරස තුමා ට ප්‍රසන්සා කොරලනේ හිටන්?

      Delete
    16. රසික කියන්නේ ඇත්ත කුමාර කලුඅර්ච්චි ගැන හෙලිකිරීම දහ්ර්මින්ගෙන් වුන හොඳ වැඩක් නැතිනම් ඔය ඩෙන්ටිස්ට් "තුමා " තව තව බුල් කෙලිනවා බ්ලොග් අවකාශයේ ... හැබැයි ධර්මින් ගෙයි කුමාර ගෙයි සමානකම් එමටයි ..ප්‍රධානම එක තමයි "මාරා වාදී වී .. ඔවුන්ගේ වැරැද්ද පෙන්වා දුන් විට දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු සේ පරළ වීම, අනුන්ගේ නිදහස් මත නොඉවසීම....

      හිනමානේ උඩින්ම තියෙන්නේ සාරස ට බව කවුරුත් දන්නවා. .. ඔහු පේරාදෙණියේ ලෙක්චර විදිහට ඉන්දැද්දී කල සියළු දේවල් ඊට සාක්ෂි සපයනවා..

      Delete
    17. // හිනමානේ උඩින්ම තියෙන්නේ සාරස ට බව කවුරුත් දන්නවා. .. ඔහු පේරාදෙණියේ ලෙක්චර විදිහට ඉන්දැද්දී කල සියළු දේවල් ඊට සාක්ෂි සපයනවා.. //

      අම්බටසිරි... පොර පෙරාදෙනියෙ ලැච්චර් කෙනෙක් වෙලත් හිටියද හිටන්?

      Delete
    18. මේ තියෙන්නේ බලු පාහර ගෙරි කාඩ මරා ඇතුලු අවලම් කල්ලියට රෙදි නැතුව අමු හෙලුවෙන් කඩේ යන ගූරසයා මරා ජඩයා සෙත්තපෝච්චි උනාට පස්සේ හූල්ල හූල්ල ඉන්න කාලේ දුක තුනී කරගන්න නුගේගොට රැස්වීමට ගිහින් සුරාන්තෙට පත් වෙලා සතුට වාවගන්න බැරුව ලියපු කුණුහරුප පොස්ට් විකාරයක්;

      ගූරස ජඩයාගේ ගොන් විකාර

      Delete
    19. //මේ තියෙන්නේ බලු පාහර ගෙරි කාඩ මරා ඇතුලු අවලම් කල්ලියට රෙදි නැතුව අමු හෙලුවෙන් කඩේ යන ගූරසයා මරා ජඩයා සෙත්තපෝච්චි උනාට පස්සේ හූල්ල හූල්ල ඉන්න කාලේ දුක තුනී කරගන්න නුගේගොට රැස්වීමට ගිහින් සුරාන්තෙට පත් වෙලා සතුට වාවගන්න බැරුව ලියපු කුණුහරුප පොස්ට් විකාරයක්; //

      බොලේ... බලාගෙන ගියාම මේ සරසයා ලෝක අනාදියෙක් නේ හිටන්?

      අර කැපුවත් කොල අජ්ජගේ නෙලුම්යාය ගොන් පාට් එකේ මේ පාර සම්මානයක් ලබා දෙන්න වටිනවා සරසය ගේ මේ අනාදිමත් අනාදිකමට!

      Delete
  12. පුකෙන් හිනා බන් උඹල කලින් මාධ්‍ය නිදහස ගැන ලියපු ලොරි ටෝකුයි මේවයි බලපුවම. මිනුස්සු කිච් වෙනවා දැක්ක හැබැයි උම්බවගේ කිචවෙනවා දැක්ක නැහැ පැරා.

    ReplyDelete
  13. මේ ලියවිල්ල හොඳයි, මොකද ඉස්සරහට එන්නෙ මාධ්‍යවේදීන් ටයර් උඩ පුච්චන යුගයක් වෙන්නත් පුළුවන්. අනික උන්ට පොඩි හමුදා පුහුණුවක් (ආයුධ රහිත ) දුන්නා නම් හොඳයි, කොහොමද වෙඩි තියනකොට ආරක්ෂිතව පසු බසින්නෙ, පිටේ එල්ලන් යන බෑග් එකේ අමතර උර කීපයක් දාගෙන ගිහින්, අවදානම් ප්‍රදේශයෙදි ඒවාට වැලි ටිකක් පුරවගෙන, වටේට තියාගෙන කවර් එකේ ඉන්න විධිය. ඒවට මුවාවෙලා කැමරා අල්ලන විධිය වගේ ඒවා. පොඩි ලෝන් ක්‍රමයකුත් දුන්නා නම් හොඳයි, ටෙලිෆොටෝ ලෙන්ස් කීපයකුත් ගන්න. ඔය පුහුණුවට උපදේශකයො විධියට බ්ලොග් ලියන පැන්සොන් ගිය ආමිකාරයොත් ඉන්නෙ, ඕනෙනම් කීයක් හරිදීල හයර් කරන්න බැරියැ. ඒත් මට පුදුමෙ, මේ රටේ අවුරුදු ගණනාවක් දරුණු යුද්ධයක් තිබිලත් මේ වගේ ලියවිල්ලක් නොලියා, මේ සාමය තියෙන සිවිල් පරිසරයෙ මේ වගේ එව්වා ඇයි ලියවෙන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ///මේ රටේ අවුරුදු ගණනාවක් දරුණු යුද්ධයක් තිබිලත් මේ වගේ ලියවිල්ලක් නොලියා, මේ සාමය තියෙන සිවිල් පරිසරයෙ මේ වගේ එව්වා ඇයි ලියවෙන්නෙ කියලා.///

      1. යුද්ධය තිබුණු කාලේ යුද්ධය වාර්තා කරනු තබා යුද්ධ බිමට යෑමට ජනමාධ්‍යවේදීන් හට අවසර නොලැබිණ.

      2. මේ උපදෙස් දී ඇත්තේ යුද්ධයක් ම වාර්තාකරණය සඳහා නොවේ, සිවිල් කලබගෑනියක් වාර්තා කිරීම සඳහා ය.

      3. ඕනෑ ම හොඳ උපදේශයක් දීමට ඕනෑම අවස්ථාවක් හොඳ ය. අනික, මේ උපදෙස් මාලාව අද ඊයේ ලියවුණක් නොවන බව ලිපියෙන් පැහැදිළි වේ.

      Delete
    2. අනේ හුකේ, ඉස්සර පත්තර මඩුවක් යටට වෙලා හිටිය දඩාවතේ යන බල්ලෙක් හමුදාවේ වාහනයකට යටවෙලා මරුනමහ කොටුවයි, ජිනීවා වලයි උද්ගෝෂණය කරපු එවන් දැන් මාධ්‍ය වරතාකරණය ගැන guide -lines දෙනවා. කාල වරෙන්කො!

      Delete
    3. @ Anonymous December 14, 2016 at 8:11 AM ---

      With too much pride a man cannot learn a thing. In and of itself, learning teaches you how foolish you are.

      Delete
    4. "ඔය පුහුණුවට උපදේශකයො විධියට බ්ලොග් ලියන පැන්සොන් ගිය ආමිකාරයොත් ඉන්නෙ, ඕනෙනම් කීයක් හරිදීල හයර් කරන්න බැරියැ."

      පිස්සුද රොබර්ට් එහෙම අට පහේ ගණන් වලට උන්නැහැ එයිද ? අනික උන්නැහැට WWV,RWP, RSP, VSV, USP, rcds, psc වගේ කොච්චර සුදුසුකම් තියනවද රොබට් ?

      Delete
    5. Robert සහ Anonymous December 14, 2016 at 11:05 AM යනු

      අනුන්ට අපහාස කොට "මං පොර" වීමට දඟලන වැඩ බැරි ටාසන්ලා දෙන්නෙක්.

      Delete
    6. Anonymous December 14, 2016 at 11:31 AM

      දැනට පැන්සොං ගිහින් ගෙදෙට්ට වෙලා පොල් ගගා හූල්ලමින් අනුන්ට ඊර්සියා කොර කොර කාලෙ කන හිටපු වැඩ බැරි දාස වර්ගයේ ආමි පුඟුලෙක්

      Delete
  14. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පාදඩ හිරු මාධ්‍ය කාරයා වහාම අත්අඩංගුවට ගනු !
    ලෝකේ කිසිම රටක හමුදා මෙහේයුම් අවසරයකින් තොරව පටිගත කරන්න බෑ.
    පැහැදිලිවම හම්බන්තොටදී සිදුවූයේ අන්ත දූශිත මිනීමරු රාජපක්ෂ වාදී සන්නාහ සන්නද්ධ කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහි නාවික හමුදා මානුශික මෙහෙයුමකි. එවන් අවස්ථාවලදී පිළිගත් මාධ්‍ය ආයතනයකට හෝ මාධ්‍යවේදියෙකුට පින්තුර ගැනීමට හෝ පටිගත කිරීම සදහා නාවික හමුදාවෙන් කල් ඇතුව අවසර ලබාගත යුතුය. එම සිද්ධිය පටිගත කරනු ලැබුඑ වෙනත් තක්කඩියකු ගුටි නොකා වීඩියෝවත් පරෙස්සමින් ආරාක්ෂා කරගෙන එතැනින් පිටව ගොස් තිබීම බලවත් අඩුපාඩුවක් මෙන්ම ප්‍රශ්න රැසකට හේතුභූත වී තිබේ.

    එම අතපසුවීම නිවැරදි කොර ගැණීමට අදාල හොර මාධ්‍යකාර සට්ටැඹියාට නෙලන අවස්තාව පටිගත කොල වාහාම සොයාගෙන වෙඩිතබා අතඩංගුවට ගෙනැවිත් හැකි ඉහළම දඬුවම් ලබාදීම අත්‍යාවශ්‍යය. මේ ගැන පැරකුම් ගේ ඊලඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් එකකින් ඇරන් ගොහින් මෝර ටැංකියට දැම්මොත් කොහොමද?

      Delete
  15. ගැටුම් ඇති ප්‍රදේශ වල මාද්‍ය හා සිවිල් සම්භන්දීකරණය භාර නිලදාරීන්ටත් හමුදා මාද්‍ය අංශ වල නිලදාරීන්ටත් මේ දේවල් ගැන් පුහුනුවක් දෙනවා.. මමත් මේ ගැන පුහුනුවෙලා තියෙනවා.. අපේ වගකීම උනේ ඒ ඒ ප්‍රදෙශ වලට එන මද්‍යවේදීන්ගේ ආරක්ශාව වෙනුවෙන් ඔවුන්ට උපදෙස් දීම..

    ReplyDelete
    Replies
    1. නොදකින් මුන් වගේ කාලකන්නින්ට ලජ්ජාවක් නැහැ බන්, සොපින් යනව කියල ඔහොමත් සුපර් මාකට් බඩගානවද?

      කලින් මහලොකු ලිපියක් ලිව්වා අවි ගබඩා සම්බන්ධව, ඒක උසාවියෙන් නිදහස් කලා.
      ලජ්ජයි මුන් වගෙ රිලව් ගැන. එකපාරක් ගුවන් ලොක්ක්ගෙ ෆොටෝ හොරෙන් ගන්න ගිහින් හිරේ විලංගුවෙ වැටුණෙත් රටේ නීතිය ගැනවත් සම්ප්‍රදායන් ගැනවත් මෙලෝ මගුලක් නොදැන අමු ගොං පාට් දාන්න ගියපු නිසා.

      යුධ මානසිකත්වයෙන් සාමාන්‍ය ජනතාව වෙතට යනව කියන්නෙ භයානක තත්වයක්.මේ ජඩයා ලියපු බ්ලොග් පෝස්ට් එක පුරාම මිනීමරු හමුදා ප්‍රචන්ඩත්වය ඉතාම හිරිකිත සහ නග්න ලෙස උත්කර්ෂයට නංවා තිබෙනවා. මේ කියන පුහු කාඩ්බෝඩ් වීරයා මුස්ලිම් පල්ලියක නේවි එකේ කොල්ලො දෙන්නෙක් හිර කරගෙන හිටපු වෙලාවෙත් මේ වගේ ක්‍රියාත්මක උනා ද? ඇයි නැගෙනහිර මහ ඇමැතිය එහේ නේවි ලොක්කගේ කනට ගහද්දිත් නේවි මහතැනේ උන් බඩතඩියා සයිලන්ස් නේද? මුන්ගේ වීර පදක්කම් සෙට් එක දෙන්න තියෙන්නේ බොතල් පත්තරකාරයෙක්ට. පොඩි මිනිස්සුන්ට සද්දේ දන මහා ලොකු පුහු චණ්ඩි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා