සිරියාවේ ඇලෙපෝහි යුද්ධය හා අපේ කාලයේ ඈන් ෆ්‍රෑන්ක්?

“මගේ තාත්තාට තුවාල වෙලා. මං අඬනවා," යන සංදේශය ට්විටර් මගින් ලෝකය සමග බෙදා හදා ගත්තේ බනා අල්-ආබෙද් නම් සත් හැවිරිදි සිරියානු දැරියයි. රුසියානු හා ඉරානියානු ආධාර ලබන සිරියානු රජයේ හමුදා විසින් කැරැලිකරුවන්ගේ ග්‍ර‍හණයෙන් සිරියාවේ ප්‍ර‍ධාන නගරයක් වන ඇලෙපෝ නගරය අල්ලා ගැනීමේ මෙහෙයුමේදී බනාත්, ඇගේ මව ෆාතිමාත් පසුගිය සැප්තැම්බරයේ සිට ඇගේ නමින් වන ට්විටර් ගිනුම හරහා ලෝකය සමග ඇලෙපෝහි තතු බෙදා හදා ගත්තා ය.

යුද ගැටුම් මැද, බෝම්බ තර්ජන මැද ඇය හා ඇගේ සොයුරු සොයුරියන් බියෙන් ගෙවන ජීවිතය ගැන ඇය තැබූ සටහන් ලෝකයේ අවධානයට ලක් වූ අතර කෙටි කලකින් ලක්ෂ දෙකක් පාඨකයෝ ඇගේ ට්විටර් ගිනුමට දායක වූ හ. මෙම සටහන තබන විට ඇය සිය අවසන් ට්විටර් සංදේශය ලියා තිබුණේ දෙසැම්බර් 13දා ය.

“මගේ නම බනා. මට වයස අවුරුදු 7යි. මම සජීවීව ලෝකය අමතන්නේ නැගෙනහිර ඇලෙපෝ සිටයි. මේ මැරෙන්නට හෝ ජීවත් වන්නට මට ඇති අවසන් අවස්ථාවයි," යි ඇය සටහන් කළා ය.

රුසියානු ජනාධිපති බෂාර් අල්-අසාද් මෑතදී මාධ්‍යයට පැවසුවේ මෙම බනාගේ ගිනුම තවත් එක් මාධ්‍ය බොරුවක් බවයි.

එහෙත්, වොෂින්ටන් පෝස්ට්හි කයිට්ලින් ගිබ්සන් පවසන්නේ බනා හා ඇගේ පවුල සත්‍ය බවයි. බනා මෙම ට්විටර් ගිනුම පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි ගුරුවරියක වන ඇගේ මවගේ උපකාරයෙනි. ඇගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරියක වීමයි. එසේම, පොතක් ලියන්නට ද ඇයට උවමනාව තිබේ. ඇය අපේ කාලයේ ඈන් ෆ්‍රෑන්ක් ද? 


ඇලෙපෝ වනාහි 2012 සිට ම යුදගැටුම්වලට මැදි වී තිබෙන සිරියාවේ ප්‍ර‍ධාන නගරයකි. සිරියානු රජය එහි බටහිර පෙදෙස පාලනය කළ අතර නැගෙනහිර පෙදෙස සිරියානු විපක්ෂය විසින් පාලනය කරන ලදී. 

සිරියානු ජාතික සන්ධානය ලෙස හැඳින්වෙන සිරියානු විපක්ෂ බලවේග යනු විවිධ කණ්ඩායම් රාශියක එකතුවක් මිස එක් මධ්‍යගත දේශපාලන ව්‍යාපාරයක් හෝ හමුදාවක් හෝ නො වේ. සිරියාවේ ප්‍ර‍ජාතාන්ත්‍රික ප්‍ර‍තිසංස්කරණ අපේක්ෂා කරන කණ්ඩායම්වල සිට ආන්තික කල්ලි දක්වා දහස් ගණනක් සන්නද්ධ කණ්ඩායම්වලින් සිරියානු විපක්ෂය සමන්විත වේ. සිරියානු විදෙස්ගත ප්‍ර‍ජාවෙන් හා අසාද් විරෝධී රාජ්‍ය, සංවිධාන හා පුද්ගලයන්ගෙන් ආධාර ලබන සිරියානු විපක්ෂය රටේ විශාල ප්‍රදේශයක් පාලනය කරයි.  

සිරියානු රජය හා විපක්ෂය අතර ගැටුමට බොහෝ කලකට පෙර සිට එරට කුර්දි ජනයා ජීවත් වන උතුරුදිග ප්‍රදේශ වෙනුවෙන් ෆෙඩරල් පාලනයක් සඳහා දිගු කාලීන අරගලයක් පැවතිණි.  සිරියානු විපක්ෂය මෙම ඉල්ලීමට විරුද්ධ ය.

මේ වන විට කුර්දි මහජන ආරක්ෂක ඒකක නම් වන කුර්දි හමුදා හා සිරියානු රජය අතර අවබෝධාත්මක තත්වයක් ගොඩනැගී තිබේ. එහෙත්, දෙපාර්ශ්වය ම එය ප්‍ර‍තික්ෂේප කරයි. කුර්දි හමුදා උතුරුදිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කැරැලිකරුවන්ට ද එරෙහිව සටන් කරමින් සිටියි. එහෙත්, අසල්වැසි තුර්කිය ඔවුන් සලකන්නේ එරට පදනම් කරගෙන 1980 දශකයේ සිට ම වෙනම කුර්දිස්තානයක් වෙනුවෙන් සටන් කරන කුර්දිස්තාන් කම්කරු පක්ෂයේ ම කොටසක් ලෙසයි. එහෙයින් තුර්කි හමුදා ඉස්ලාමීය රාජ්‍ය කැරැලිකරුවන්ට මෙන් ම කුර්දි මහජන ආරක්ෂක ඒකකවලට ද පහර දෙති. 

මෙම සටහන තබන මොහොත වන විට විපක්ෂ කැරැලිකරුවෝ ඇලෙපෝව අතහැර යමින් සිටිති. යුද්ධයට මැදි වී සිටින ජනයාට ඉවත් වීමට ඉඩ දී තිබේ. කැරැලිකරුවන් හා සිරියානු රජයේ හමුදා අතර සටන් විරාමයක් ඇති වී තිබෙන බව කැරැලිකරුවන්ගේ පැත්තෙන් ප්‍ර‍කාශයට පත් කර තිබුණත්, එය කැරැලිකරුවන්ගේ යටත් වීමක් බව පෙනෙන්නට තිබේ. එහෙයින් අසාද්ගේ හමුදා කෙතරම් දුරට කැරැලිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇද්ද යන්න පැහැදිලි නැත.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Hori kasapiya, gini pimbapiya kiwwalu.. Yako Dan parata yahapaalane goo baldi witharak nemeyi jathaynthara goo kanduth sudda karanna welane! soros ge salli kiwwalu, comment ganata gana kapenne!!

    ReplyDelete
  2. ‍මෙහෙම යි පැරා, උඹ මෙතන ලොකු දේවල් කතා කරනවා. ඈන් ෆ්‍රෑන්ක්ගේ සිට බනා අලබෙඩ් දක්වා පුළුල් පරාසයක් ආවරණය කරන උඹට මලාලා යුසෆ්සායි පමණක් නො වේ සාම්පූර්, වකෙරෙයි වගේ තැනුත් මඟ හැරෙනවා. මගේ හැරෙනවා යන්න තුළ තියෙන දේශපාලනය වන්නේ මඟ හැරීම යන්න යි. මේවා ගැන කතා කළා ම උඹ හිතනවා අපි උඹට පෞද්ගලික ව ගහනවා කියලා. උඹේ වාම ඉතිහාස කතාවට කීරිති බාලසූරිය සහෝදරයාව මඟ හැරුණා වගේ මෙතන මලාලාව මඟ හැරෙන්නෙත් අහඞඹුවක් ලෙස නො වේ. උඹට මේ දවස්වල මෙතන තියෙන අධිපීඩනය සලකලා අපි උඹේ මඟ හැරීමේ කුහක දේශපාලනය ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. උඹ මෙතන යන ඇටෑක් එකෙන් හෙමිබත් වෙලා ඉන්න බව අපට දැනෙනවා. මචං අපි අත ගහන වැඩක් මඟ නතර වෙන්නේ නැහැ. මෙතන අපේ වැඩ කොටස දැන් ඉවරයි. උඹේ ඇත්ත අපි එළි කළා. උඹව ක්ලියර් කරන එක අපේ වැඩක් නො වේ. ඒවා අනිත් අය කරගෙන යනවා. බිලොග් එග අත අරින්න එපා. දිගටව කරපන්. ගුඩ් ලක්.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බං යන්න. කවුද උඹලාව ගණන් ගන්නෙ? උඹලගෙ මානසික ලෝකෙ උඹලා ආතල් ගනිල්ලා.

      ලියන හැම ලිපියක ම උඹලගෙ වාමාංශික තාරකා ගැනයි, උඹල පිළිගන්න මාධ්‍ය ජිමික් ගැනයි ලියන්න මට පිස්සුවක් නැහැ.

      මං සරළ උදාහරණයක් කියන්නම්. ඒකෙන් උඹලයි උඹලගේ තාරකායි ගැන මං හිතන හැටි තේරුම් ගනින්. ඔය ඇන්.ඇම්. පෙරේරගේ මාර මොළේ ගැන කට්ටිය කතා කරනවා නේ. මම අහන්නෙ ඉතින් අපට මොකද කියලයි. එයාගෙ මොළෙන් එයා ලංකාවට හෝ ලෝකෙට හෝ කරපු මගුලක් නෑනේ.

      Delete
  3. Ajith parakumuge me satahanin ohu sewaya karana garhitha kandawura kumakda yanna itha hondin pahadiliwe. Ohu lankika deshapalanaya pilibandawa thabana satahan walin me thak sewaya kara athi Kerry, Hilary, MSM adi wunge matha wada hewath samakami rajya walata pana ema rajya wala awul wiyawul athi kireeme loka deshapalana hasthayange nirlajjitha ohuge niyojitha kama itha hondin mema lipiya pahadili karayi. Me awasthawe lokayatama pilikawak wuna ISIS walata russiawa athulu prajathanthrika syrian rajaya prahara ella karamin parajaya karana wita kalabala wee athi thrasthawadyata udagedi dun balayange sri lankika niyojithaya thaman bawa sarama ussa pennum karana liyamanaki. Me magin mohuge lankika deshapalanaya gana mawana mathawada wala diga palalada managatha haka.
    Syriawe aththa washayen ma wanne kumakda kiya onima kimbul kandulu salana MSM ekaka athi lipi wala athi comments section walata gos balanna. Mahajanathawa mema ashuddha sandhana wala mawa Pam walin thawaduratath rawatiya nohaka. Isis athi kara, poshanaya kara lamun kanthawan athulu loka janagahanayatama ninditha bheeshanayak athi kala ayata dan ema thrasthayinta ridenna wadina wita podi lamayi saha kanthawan mathak wee aththe kawuru bera ganimatada? Ajith nam mema ninditha lekhakayage Sri lankika thrasthawadinta pahara deema sambandha athi wirodhaya saha ese owunta paharadee rata samatama biyen saken thorawa jiwath wiya haki thanak kala nayakayin samaga athi baddha wairaye mulada mema agana lekhanayen penwa deyi..

    ReplyDelete
    Replies
    1. සිරියා හමුදාව රුසියාවේ හා ඉරානයේ සහායෙන් ඇලෙපෝ ඇතුළු විපක්ෂ පාලනය සහිත ප්‍රදේශවලදී පහර දෙන්නේ ISISලාට ය කියා සිතාගෙන සිටීමෙන් ඔබ දන්නා තරම තේරෙයි.

      සිරියානු ප්‍රශ්නය ඔබ සිතන අන්දමේ සරළ සමීකරණයක් නො වේ.

      අනෙක, මේ සියල්ලට මුල රටවල අභ්‍යන්තර ගැටුම් ය. බාහිර බලවේගවලට කළ හැක්කේ ඒවා පාවිච්චි කිරීම පමණි. රටක අභ්‍යන්තර දේශපාලනය ශක්තිමත් නම් බාහිර බලවේගවලට කළ හැකි දෙයක් නැත.

      තමන්ගේ බැරිකම වසා ගන්නට බාහිර බලවේගවලට බැනීම ඉතා ජනප්‍රිය, පටු කුමන්ත්‍රණ න්‍යායකි. මහා බැරෑරුම් න්‍යායධරයෝ පවා එම කුමන්ත්‍රණ න්‍යායෙන් යැපෙති.

      ඇත්ත තිත්ත ය.

      Delete
  4. අජිත් පැරකුම්,

    මේ බ්ලොග් එකට හරියට කාන්දමට ඇදෙනවා වගේ කෂ්ටිය බලාගෙන ඉන්නේ පොස්ට් එකක් වැටෙනකං.
    මොකක්ද රහස?

    ReplyDelete
    Replies
    1. පැරා හැන්ඩියනෙ ඒකයි.

      Delete
    2. මල්ලි හරි මල්ලි

      Delete
  5. Ajit Dharme,

    Why do you communists always have to call the Government of Israel "Zionist"?
    If Zionism is bad, can you explain why it is so?
    Don't you know that Zionism saved the lives of millions of Jews who were destined to be killed by Germans?
    Are the Palestinians like Mary's little lamb?
    Why don't you call the Government in Cuba repressive?
    Why don't you call the UK Government imperialist?
    Why do you use an adjective only in respect of the Government of Israel?
    Have you joined the bandwagon of Germans who still hate Jews?

    ReplyDelete
  6. //“මගේ තාත්තාට තුවාල වෙලා. මං අඬනවා," //

    එයාට නාවික හමුජාපතියා කන පැළෙන්න ගැහුවා....

    පැරා මාමා අපේ තාත්තට ගැහුව එක සාදාරනයි කිවුවා....

    මොකද අපේ තාත්තා වැරදි තැනක ඉඳලා තියෙන්නේ හිටන්!

    ReplyDelete
    Replies
    1. පැරා මාමා එයැයිට ගහපු එක සාධාරණ යි කියලා කිව්වේ නෑ හිටන්....

      නිකං නැත්ත, ඇත්ත කරන්න හදන්න එපා සරස උන්නැහේ.... අර අටේ පන්තියට විතරක් ගිය කළුතර (දැන් නම් මාලබේ ද හෝකන්දර ද කොහෙදලු ඉන්නේ) හුජ්ජ කොල්ලා වගේ චා වැඩ කරන්න එපා. මොකද තමා ඒ ගොබිලාට වඩා ගව් ගණනාවක් උගත් කමෙන් උඩට ගිය කෙනෙක් නිසා.

      Delete
    2. Fake News තැනීම අපේ යුගයේ මාජ්ජවේදියාගේ වගකීම බව ඔබතුමා දන්නවද හිටන්???

      http://www.bbc.com/news/blogs-trending-37846860


      ඇයි පහුගියකාලෙ පැරා තුමාලත් මහින්ද මහත්තයට විරුද්දව රත්තරන් අස්සයෝ එහෙම මැවුවේ..මතක නැතෙයි ඔහෙට?

      Delete
    3. බෙට්ටා ගුටිකන්නේ බෙට්ටාට හීනෙන්වත් හිතන්න බැරි තැනකදී සහ වේලාවකදී. බෙට්ටෝ උඹ කියලා තිබුණා හැංගෙන්න ගොලුබෙලි කටුවක් හොයනවා කියලා. හොඳයි හොයාගනින්. උඹ වැඩට යන එනකොට ගොලුබෙලු කටුව ඇතුලට රිංගලා පලයන්. මීට හමුජාව

      Delete
    4. සිනුවර ඉඳන් රිටර්න් ටිකට් අරගෙන සිරිලන්කාවට එන්නේ සරස තුමාට ගහන්න විතරද හිටන්?

      ඒකට වියදම් වන සල්ලි වලින් බාගයක් එවුවොත් මම මටම ගහගන්නම් හිටන්!!!

      Delete
    5. මරාවාදී සරස, සහ මරා විරෝධී රසික නැවතත් බ්ලොග් යුද පිටියේ...

      Delete
    6. මම පව් ඕයි,
      දැන් වෙනින් මුව හමක් හොයාගංකො.
      -මීට යු නෝ හූ

      Delete
    7. ආනන්දෙ තමයි ඉක්කෝලේ.....

      Delete
    8. මෝඩ සාරස ජඩයෝ

      මීට සියවස් දෙකකටත් වඩා පෙරාතුව වසර 1788 දී එංගලන්තයෙන් පිටුවහල් කරන ලද වැසියන් සහ කාර්ය මණ්ඩලය රැගත් නැව් එකොළහක් සමග අද ඕස්ට්‍රේලියාව නමින් හැඳින්වෙන භූමියේ ජනපදයක් ඇරඹීමට පැමිණි ආතර් පිලිප් කප්පිත්තා විසින් අද සිඩ්නි නමින් හැඳින්වෙන ප්‍රදේශයට ගොඩ බැස එහි එක්සත් රාජධානියේ කොඩිය හිටවූ දිනය ඕස්ට්‍රේලියානු දිනයෙන් සැමරේ.

      කොටින්ම කිවහොත් මීට වසර 2,560 කට ආසන්න කාලයකට පෙර ජනප්‍රවාදිත මලවිකාර පට්ටපල් බොරු ඉතිහාසයට අනුව විජය තම පිරිවරත් සමග ඉන්දියාවේ සිට පැමිණ තම්බපන්නියට ගොඩ බැස්සා යැයි සැලකෙන වෙසක් පොහෝ දිනය මේ ඕස්ට්‍රේලියානු දිනයට යම් ආකාරයකින් සමාන කළ හැක. ඒ හේතුව නිසාම, එදින එතෙක් වසර 40,000 කටත් වඩා කාලයක් ලංකා දිවයින ජනාවාස කරගෙන සිටි, එරටෙහි මුල් වැසියන් ලෙස හැඳින්වෙන යක්ෂ නාග ආදී ගෝත්‍රික ජනකොටස් ම්ලේච්ඡ අන්දමින් විනාශය ආරම්භ වූ නිසා, වෙසක් පොහොය නැමැත් කලකණ්ණි දිනය ලංකාවේ ජාතික ශෝක දිනය හෝ ආක්‍රමණික දිනය ලෙසද හැඳින්වීම වඩාත් උචිත නොවන්නේද?

      Delete
    9. ඉතින් අපේ රසික ගොයියටත් පුලුවනිනෙ නැව් (බෝට්ටු) දෙක තුනකින් ලංකාවෙ උන් අරන් ගිහින් සිඩ්නිවල සුද්දොන්ව එලවලා උන් උන්ගෙ රටේ ඇබොරිජින්ල බවට පත් කොරල හෙල ජනපද පිහිටුවල වැඩ පෙන්වන්න.
      ඔන්න මිස්ටර් තට්ස් චැලේන්ජ් එක බාර ගන්නවනම්

      Delete
    10. අපිත් එනව බෝට්ටුවේ ඕට්ටේලියා යන්න හිටන්!

      Delete
    11. සරස, ඔය අශික්කිත වචන භාවිතාව නවත්තපිය !

      මං වැඩ කරන තැන හැමෝම අමතන්නේ මුල් නමින්. සර් කියා ලියුං යවන්නේ අපේ ගණුදෙනුකරුවන්ට විතරයි.

      ටෝනි ඇබට්ව ඉන්ටර්වීව් කරන කොට කියා හෝ කියා හෝ අමතනවා. නමුත් මා ඔහු සමග කතා කරන දිනයක් ආවොත් කියන්නේ හලෝ ටෝනි කියායි. මට දැන් වසර දහයකට පමණ පෙර බොබ් හෝක්ව ෂොපින් සෙන්ටර්යක දී අහම්බෙන් මුණ ගැහුණාම කතා කළේ හලෝ බොබ් කියලයි. මිස්ට කියා ෆෝමල් නොවන තැන්වල ඇමතීම සමාන සමාජයක දී එක්තරා අපහාසයක් වගේ එකක්.

      කලාකරුවන්ට මැතිතුමා කීම අපහාසයක් වෙන්නේ ත් ඒ වගේම හේතුවක් නිසා.

      "අමරදේව මැතිතුමා ගැයූ ගීයක්", "ජෝතිපාල මැතිතුමා ගැයූ ගීයක්" යැයි කියනවා ඇසීමත් මට නම් හිරිකිතයි!

      Delete
    12. බෞද්ධ සාහිත්‍යයේ එන එක්තරා ස්ථානයක නමක් තමයි උතුරු කුරු දිවයින. මේ ගැන සඳහන් වෙන සාහිත්‍ය කෘති පරීක්ෂා කළාම පැහැදිළි වෙන දෙයක් තමයි මේ ස්ථානය භෞතිකව මේ ලෝකයේ පවතින දිවයිනක්වත්, මහාද්වීපයක්වත්, දේශයක්වත් නෙවෙයි කියන එක. ඒ සාහිත්‍ය කෘතිවල කර්තෘවරු උතුරු කුරු දිවයින කියා අදහස් කළේ කල්ප වෘක්ෂය පවතින, සියළු සැප සම්පත් ඇති, හැම අතින් ම රම්‍ය දිව්‍ය ලෝකයක් වගේ මනඃකල්පිත තැනක්. ඒක හරියට ම 16 වන ශත වර්ෂයේ දකුණු අමෙරිකාවට ගිය ස්පාඤ්ඤවරු "එල් ඩොරාඩෝ" කියන ඔය වගේ සියළු සැප සම්පත් ඇති, රත්තරනින් මාර්ග අතුරා ඇති නගරයක් එහි තියෙනවා කියලා විශ්වාස කළා වගේ.

      හිනා යන වැඩේ කියන්නේ මෙන්න මේකයි: දැනට සිනුවර පදිංචි වෙලා ඉන්නවානේ ලාංකික මැවිසුරෙක්. මෙයා බෞද්ධ සාහිත්‍යය, ලෝක ඉතිහාසය, පුරා විද්‍යාව මුකුත් දන්නේ නෑ..... ඒත් ගණිතය පමණක් ඉගෙන ගත් නිසාවෙන් සියළු දේ දන්නවා කියලා හිතනවා. ඉතින් මෙයා ඔය කොහෙන් හරි උතුරු කුරු දිවයිනක් ගැන කණට වැටුණාම හිතුවා මේක ලෝක බෝලේ උතුරට වෙන්න ඇත්තටම පවතින දිවයිනක් කියලා. එහෙම හිතලා කල්පනා කළා, යකෝ උතුරු කුරු දිවයිනක් තියෙනවා නම් දකුණෙත් කුරු දිවයිනක් තියෙන්න ඕන කියලා. ඕස්ට්‍රේලියාවත් ඉතින් ලොකු පහේ දිවයිනක් වාගේ නිසා (ඇත්තට ම ඒ රට දිවයිනක් කියලා කියන්න බෑ, මොකද දිවයිනකට වඩා ඒ රට ලොකු වැඩියි. එහෙම නම් අප්‍රිකාවත් දිවයිනක්.) ලෝක බෝලේ දකුණට වෙන්න තියෙන්නේ මේ දිවයින, ඒ නිසා ඕස්ට්‍රෙලියාව තමයි "දකුණු කුරු දිවයින" කියලා මහා ප්‍රචාරයක් දුන්නා. මිනිහා හිතන්න ඇති මිනිහා නව සොයා ගැනීමක් කළා කියලා. අනේ පව්!

      බාගෙට දන්න අය තමයි වඩාත් භයානක. දන්න කළමනාකරණයක් කරගෙන ඉන්නේ නැතුව නොදන්නා ක්ෂේත්‍රවලට හොම්බ දාන්න ගියාම පීචං වෙන එක අහන්නත් දෙයක් ද?

      Delete
    13. //AnonymousDecember 15, 2016 at 6:02 PM
      සරස, ඔය අශික්කිත වචන භාවිතාව නවත්තපිය ! //

      ඔබේ ඉල්ලීමට එකඟ නොවන බව කරුණාවෙන් දැනුම්දෙමි!

      Delete
    14. AnonymousDecember 15, 2016 at 6:02 PM

      මිස්ටර්, මිසිස්, මිස් යන වචන භාවිතාව සමානාත්මතා ඔට්ටේලියාවේ තහනම් කර ඇති බව සළකන්න. බැරිවීමකින් හෝ ඔට්ටේලියාවේ රාජ්‍ය නායිකාව වන දෙවන එලිසබෙත් මහා රැජින ඔබට සිනුවර යකඩ පාලම උඩ හමුවුවහොත්, "හලෝ එලිසබෙත්" කියා එතුමිය ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වෙමි.

      මීට,
      සිනුවර මුඩු ඉස්ගෙඩියා.

      Delete
    15. "සා රස" හෙවත් කුමාර කළුආරච්චි යනු ඊට කලින් මහසොහොන් පිල්ලිය ලෙස මෙල්බර්න් නුවර සිට බ්ලොග් ලියූ/කියවූ පුද්ගලයා ලංකාවට ගිය පසු ගත් වේශයයි.

      මෙහි උපුටා දක්වා ඇති ඇනෝනිමස් කමෙන්ටු ද "සා රස" නමැති ජඩයාගේමය.

      "සා රස" යනු උග්‍ර ම.රා. බයි උණක් සහ ඊටත් වැඩියෙන් මෝඩ රාජකීය විද්‍යාල උණක් ඇති අධමයකු බව පැහැදිළියි. රාජකිය උණ නිසා ම.රා. උණ යටපත් වී යනවා.

      ඒ රාජකීය උණ ගැණ පේරාදෙණියේ ඒ කාලයේ හිටි අය දන්නවා ලු!

      හැබැයි "සා රස" ගේ එක සටකපට ලක්‍ෂණයක් නම්, තමන්ට විරුද්ධව නැගෙන ඕනෑම ප්‍රතිචාරයක් ඉතාම කපටි ලෙස කළමණාකරණය කිරීමයි. මා නම් එවැනි අවස්ථාවල කරන්නේ "සුවපත් වේවා!" වැනි යමක් කියා බොහෝ විට ඒවා නොසළකා හැරීමයි.

      "සා රස" දෙන කපටි දෙපිට කැපෙන පිළිතුරු ඇසීමත් මට නම් හිරිකිතයි.

      Delete
    16. සාරස හෙවත්, මා දන්නා තරමින්, 'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වනචරයා' සෑම අඩවියකටම පැමිණ මරිමෝඩ ගොං පුස් අන්දරේ කෙනෙකු මෙන් හැසිරෙයි. මොහු දේශපාලන ලිපිවලට දමන කමෙන්ට් වල පවා අර උදය මංගොංපිල වැනි දේශපාලන මී හරකුන් දක්වන මෝඩ ජෝකර් ලක්ෂණ විනා, ගැඹුරක් හෝ හරයක් නැත. තාත්වික සහ තර්කානුකූල බවක් නැත. මා සබැඳි කමෙන්ට් බොහොමයකදී, මොහු තම නිර්ලජ්ජී බව ප්‍රකාශ කරන 'ගොං ජෝක් කෑලි' එකතුකිරීමට වඩා යමක් කර නැති නිසා නුඹව නිකම්ම නිකම් පුස්සකු ලෙස නම් කරමි.

      දේශපාලනය ගැන මහා කොමෙන්ට් කරුවකු වුනාට, ජනරළ පත්තරය ගැන වත්, සාරස නොදනී. දේශපාලන කමෙන්ට් දැමීමට නම්, රටේ දේශපාලන ඉතිහාසය කියවා, ප්‍රාමාණික අවබෝධයක් ලබා සිටිය යුතු බව නොසිතන සාරසලා, වැදුවන් ඉදිරියේ කොලොම්බු ලන්නා සේ කතාකිරීම, දෙකොනින් හිනායන විහිළුවකි. කිසිදු දර්ශනයක් නැතිව මේසේ විහිළු කෑලි ලිවීමෙන්ම තමුන්ගේ උපන් ගෙයි මරිමෝඩ පුහුබව පෙනෙයි.

      මේ සියල්ල අධ්‍යක්ෂණය කරන්නේ, මේ සාරස ලෙස පෙනීසිටින අමු ගොබ්බ හොර උපාසක තක්කඩියා බව, මට ලැබුණු දුරකථන ඇමතුම් හතලිස් පහකින් කියවුණා. මේ ධාතු සුනඛයන්ට උත්තර නොදී නිකම් ඉන්න එපා කියා මට දැන්වූ සියලු දෙනාට ස්තුතියි.

      සාරස රට හරකෝ, මේක මතක තියාගනින්. මට හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මට වෙනත් ආදායම් මාර්ග තියනවා, මටම අයිති ව්‍යාපාර, නිවාස කිහිපයක්, ප්‍රාඩෝ වර්ගයේ ජීප් එකක් සහ කාර් දෙකක් තියනවා, මගේ බිරිඳටත් ඉතා ඉහළ හොඳ මට්ටමේ විශ්‍රාම වැටුපක් ලැබෙනවා, මගේ දරුවෝ ඉතා උසස් හොඳ රැකියාවල ඉන්නවා. ඒ නිසා මට වෙනත් රැකියා අවශ්‍ය නැහැ. උඹ වගේ හිඟන්නෙක් නෙවෙයි මම.

      මගේ අඩවියේ ඇනෝ කමෙන්ට් වලට ඉඩ නැතිවීමේ දුකෙන් පෙළෙන අනිත් කාලකන්නි හැත්තත් එකක් මතක තියාගනිල්ලා. මගේ අඩවියේ කමෙන්ට් අනුමත කිරීම හෝ කපා දැමීම මගේ අභිමතය අනුවයි සිදුවෙන්නේ. මේ වගේ කබ්බෝ මට මොක්කුද? මුන්ට පුළුවන්ද අපිත් එක්ක හැරෙන්නවත්. කලාතුරකින් තමා මුන්ගේ කිරිජ්ජපල්ලට අනින්න ඕනේ. නැත්නම් මට තියන වැඩ රාජකාරි වල හැටියට මේ වගේ කාණු පනුවෝ එක්ක මට මොන කතාද?

      Delete
    17. // AnonymousDecember 15, 2016 at 6:42 PM
      "සා රස" හෙවත් කුමාර කළුආරච්චි යනු ඊට කලින් මහසොහොන් පිල්ලිය ලෙස මෙල්බර්න් නුවර සිට බ්ලොග් ලියූ/කියවූ පුද්ගලයා ලංකාවට ගිය පසු ගත් වේශයයි //


      // AnonymousDecember 15, 2016 at 6:47 PM
      සාරස හෙවත්, මා දන්නා තරමින්, 'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වනචරයා' සෑම අඩවියකටම පැමිණ මරිමෝඩ ගොං පුස් අන්දරේ කෙනෙකු මෙන් හැසිරෙයි. මොහු දේශපාලන ලිපිවලට දමන කමෙන්ට් වල පවා අර උදය මංගොංපිල වැනි දේශපාලන මී හරකුන් දක්වන මෝඩ ජෝකර් ලක්ෂණ විනා, ගැඹුරක් හෝ හරයක් නැත. තාත්වික සහ තර්කානුකූල බවක් නැත. මා සබැඳි කමෙන්ට් බොහොමයකදී, මොහු තම නිර්ලජ්ජී බව ප්‍රකාශ කරන 'ගොං ජෝක් කෑලි' එකතුකිරීමට වඩා යමක් කර නැති නිසා නුඹව නිකම්ම නිකම් පුස්සකු ලෙස නම් කරමි. //


      ඉහත යෝජනා සරසතුමා වන මම ඉස්තීර කොරමි හිටන්!

      Delete
    18. උඩ ඉඳන් පහලට ඔක්කොම එක්කෙනෙක් ලියපුව නෙමෙයිද​.
      මාතගෙ ගැම්ම අරගෙන රසිකව තල්ලුකරන් එන්න උවමනාවක් තියෙන අයෙක් ඉන්නබව පැහැදිලියි.

      Delete
    19. රාජකීය උණෙන් පෙලෙන අමු ගොබ්බ සාරස බනිස් මිල්ලෝ,

      මා දන්නා තරමට ලංකාවේ බල්ලන් වර්ග දෙකකි. එකක් රට බල්ලන් ය. අනික වල් බල්ලන් ය. රට බල්ලන් බොහෝ විට ඇල්ශේෂන් වර්ගයේ එවුන් නිසා වල් බල්ලන් වල්ශේෂන් කියා ද හැඳින්වේ.

      රට බල්ලන් වෙසෙන්නේ යමක් කමක් ඇති හැකි අයගේ නිවෙස්වල ය. උන් හුරතලයට සැපට හැදෙති. වෙලාවට කෑම, බීම ලැබේ. අසනීප වූ විට, අඩු තරමෙන් ත්‍රී විලරයකින් හෝ ගොස් දොස්තර හමුවී බෙහෙත් හේත් ලබා ගැනීමට පින් ලබා ඇත.

      වල් බල්ලෝ බොහොමයක් ද නිවාසවලට අනුයුක්ත වූවෝ වෙති. නමුත් වැඩිපුර වාසය ගෙයින් පිට ය. උන් සමහරු ඉන්ජෙක්ෂන් ද ලබා ඇත. ඒ උන්ට අනුකම්පාවකට නොව අපේ බලු භීතිය නිසා දුන් බෙහෙත් ය.

      මා වෙසෙන රටේ නම් ඇල්ශේෂන් මෙන්ම, පොමනේරියන්, පූඩ්ල්, කූගීස්, ඩැල්මේෂියන්, බුල් ටෙරියර්, ලැබඩෝර් යනාදී බලු වර්ග රාශියකි. උන් හැදීමට ලයිසොම් බල කඩදාසි ලබා ගත යුතුය. උන් ට විශේෂ කෑම ජාති තිබේ. (දැන් මේවා ලංකාවේ සුපිරි මාර්කැට්ටුවල ද විකිණීමට ඇත.) ඉස්පිරිතාල ද, දිවා-රෑ සුරුකුම් මධ්‍යස්ථාන ද, සුභසාධක ආයතන ද තිබේ.

      මෙහි වෙසෙන බල්ලෝ කාර්වලින් ගමන් බිමන් යනවා මිසක පාර තොටේ දඩාවතේ යාමක් දකින්නට නැත. දවසේ වැඩි හරියක් තම දේපල ආරක්ෂා කරගෙන සිටිති. යම් හෙයකින් බල්ලෙක් පාරේ ඔබ මොබ සරනු දුටුවහොත් ඒ අතරමං වූ එකෙකි. උපන්තේකට හතර පයින් හෙයින් පිටත ගොස් නැති මුංට ආපසු තම නිවස කරා ඒමේ ඉව නැත.

      එවැනි අතරමං වූ බල්ලන් ගේ කරපටියේ එල්ලා ඇති නාම ඵලකය මගින් උගේ අයිතිකරුගේ නම සහ දුරකතන අංකය සොයාගත හැකි වෙනු ඇත. මේ නාම ඵලක "ඩෝග් ටැග්" (dog tag) යනුවෙන් හැඳින්වේ. ඇමරිකන් සොල්දාදුවන් තම කර පලඳන අනන්යතා ඵලකය ද හැඳින්වෙන්නේ "ඩෝග් ටැග්" නමිනි. මෙය දිරාපත් නොවන අමුද්‍රව්ය වලින් නිම කර ඇති නිසා, යුද්ධයේ දී මළ සොල්දාදුවන් ගේ සිරුරු කෙදිනක හෝ හඳුණාගත හැකිවේ.

      මේ වන විට සරල "ඩෝග් ටැග්" වලින් ඔබ්ඔට ගොස් ඇති බල්ලෝ ඒ වෙනුවට ක්‍ෂුද්‍ර-චිපයක් (micro-chip) සිරුර තුල පලඳිති. එහි ඇති දත්ත ජාතික බලු දත්ත ගබඩාව හා සසඳා අයාලේ යන බල්ලන්ගේ අයිතිකරුවන් සොයා ගත හැක.

      ජී.පී.එස්. (GPS) ආධාරයෙන් ආපසු තම නිවස සොයාගන්නා ආකාරයද බල්ලන්ට කියා දෙන කාලය වැඩි ඈතක නැති බව සිතිය හැක.

      මේ රටේ බලු ලයිසොම සහිතව හදන බල්ලන් අයිතිකරුවන් සමග පිටත පා ගමනින් යනවා නම් (බොහෝ ප්‍රදේශවල) ගෙන යා යුතුවන්නේ රැහන් පොට සහිතවය. සමහර උද්යාන වල දී පමණක් උන්ට ව්‍යායාමයට දිවීම සඳහා රැහැන් පටින් මුදා හළ හැකිවේ.

      මේ සේරමටත් වඩා වැදගත් කරුණ මෙයයි. මෙලෙස පා ගමනින් තම බල්ලා ද රැගෙන යන අයිතිකරුවන් ට, තම බල්ලා මල පහ කළ හොත් එය සුද්ද පවිත්ර කිරීමට සිදුවේ. නැතිනම් දඩ ය.

      එසේ වුවද, "චූ කිරීම" සම්බන්ධයෙන් නම් මේ නීතිය අදාල නොවේ.

      ඉහත කරුණු සලකා බලන කල, සුව පහසුකම් සහ සමාජ තත්වය අතින් මේ රටේ සියළුම බල්ලන් ඉතා ඉහල ජීවිත ගතකරනවා යැයි සිතිය හැකිය.

      නමුත් මට නම් සිතෙන්නේ ලංකාවේ බල්ලන් බහුතරය අඩු තරමේ එක දෙයකින් මෙරට බල්ලන්ට වඩා පින් කර ඇති බවයි.

      ඒ අන් කිසිවක් නිසා නොව බහුතරයක් ලංකාවේ බල්ලන්ට තමන් රිසි පරිදි "කක්කා කිරීමට" ඇති ඉඩ නිසාය. මහපාරේ, තණ බිස්සේ, මිදුලේ, වැලි ගොඩේ, ගං ඉවුරේ, අඩිපාරේ යනාදී මෙකී නොකී ඕනැම තැනක තම ශරීර කෘතය කිරීමට ලංකාවේ බල්ලන්ට කාගෙන් වත් අවසර ඕනෑ නැත.

      මේ සියළු කරුණු මා පැවසුවේ මේ සම්බන්ධයෙන් මගේ පහත නිගමනය ඔබට පවසන්නටයි.

      පාරේ ඇවිදින විට පයට බලු බෙට්ටක් පෑගීමේ සම්භාවිතාවය මා ඉපදී හැදී වැඩුණු ලංකාවට වඩා, අද මා වාසය කරන රටේ ඉතා අඩුය.

      වෛද්‍ය උපදෙස් මත ව්‍යායාමය පිණිස දිනකට පැය බාගයක් පමණ දැන් වසර ගණනාවක සිට ඇවිදින මා ඉතා කලාතුරකින් බලු බෙටි දැක ඇති වුව ද, අද දක්වාම බලු බේට්ටක් මත වැරදීමකින් හෝ පය තබා නැත.

      ලංකාවේ සිටියදී නම් පෑගුණු බලු බෙටි එමට බව කිව යුතුම ය.

      බලු බෙටි මෙන්ම ලංකාවේ මෙන් තැන තැන ගොම්බෙටි ද මේ රටේ දක්නට නොමැත. ඒ සියළුම හරක් ගාල් කර ඇති නිසාය.

      එය එසේ වීමුත් දේශපාලකයින් ගේ බුල්ෂිට් (Bullshit) වලින් නම් එරට මෙන්ම මෙරට ද අඩුවක් නැති බව කිව යුතුය. දිනපතාම පාහේ පුවත්පත්වලත්, රූපවාහිනී සහ ගුවන් විදුලි චැනල්වලත් මේ දේශපාලන බුල්ෂිට් දැකිය හැක. මැතිතුමා ආදී ඇමතුම් හෝ පුද්ගලවන්දනාමානයන් සාමාන්‍යයෙන් නැති නිසා, ඒ බුල්ෂිට් දුටු විට එකෙනෙහිම ඒවා බුල්ෂිට් ලෙස හඳුන්වන්නට කිසිවෙක් බිය නොවෙති.

      Delete
    20. //AnonymousDecember 15, 2016 at 7:05 PM
      රාජකීය උණෙන් පෙලෙන අමු ගොබ්බ සාරස බනිස් මිල්ලෝ, //

      තැන්කූ ඇනෝ තුමෝ!

      Delete
    21. තට්ටයා... මං ලස්සන තට්ටයා....

      Delete
    22. බුදු අම්මෝ මේ සේරම දැක්කේ දැනුයි.

      පැරා, ස රස මෙන්ම මාත් කාගේ කාගේ හෝ ආශාවේ වස්තු වෙලා වගෙයි!

      Delete
    23. //බුදු අම්මෝ මේ සේරම දැක්කේ දැනුයි.//

      nikan palAlan hiwalo baila gahan nathuwa. Ubama Ano gahala dan boru baba part danawa. Shick Ubama wage apathayo.

      Delete
    24. රසිකොලොජිස්ට්,

      ආනේ කොයි කාලේද ඔයා බලුකිස්තානෙට ගියේ ?
      හොර ගෙඩියා, අපිට කිව්වෙත් නෑ

      ලන්කාවේ ඇල්ශේෂන් කියා බල්ලෝ ජාතියක් නැත.
      හැබැයි ඇල්ටේෂන් කියා බල්ලෝ ජාතියක් නම් ඇත.

      Delete
  7. Dear Ani, first of all thank you very very much for my new. Title . A communist. Not so long ago I was called Ranil supporter in sarsa's blog. You can go and see . I am Not taking offensive as name communist can be good or bad depending where you stand politically . Same with the Zionist adjective . I did not imply here Israel is bad or good . We all know Zionists agreed with Hitler to deport Jews to Israel . Here I don't necessarily see Zionism is bad or good . It Is a form of nationalism and work israels interests . TBC

    ReplyDelete
  8. Sorry I meant to say for Israel'd interests . I am at doctor's surgery . Will reply to you as soon as I am out .

    ReplyDelete
  9. I dislike Germans because they killed millions of their own citizens and seized their properties - crimes which humanity has never seen in its entire existence.

    ReplyDelete
  10. he he It does not matter. You don't have to like any particular nation. German's themselves are ashamed of what they have done. Unfortunately until almost to the end of the war Most German's were unaware of the Holocaust. That powerful was the Nazi propaganda machine. they were in a cuckoo land.

    ReplyDelete
  11. Ok let's go through this.
    Don't you know that Zionism saved the lives of millions of Jews who were destined to be killed by Germans? - Zionism did not save Jews. Yes they did sign an agreement with Jews but Hitler tore it apart and went on to kill million of Jews. But zionism saved Israel. And kept Jewish honour.
    Are the Palestinians like Mary's little lamb? - Not really. Israel was created in palestinian land. Jesus is also from Palestine. (I support Israel's existence.)
    Why don't you call the Government in Cuba repressive? It is repressive to some part of population who wanted to emigrate to America. Others were knowingly lived there . That's according to Cuban's I met.
    Why don't you call the UK Government imperialist? They are long time ago. Now they are Lackeys of American's mostly. Now they left EU I don't know what will happen. UK is not as powerful as before.
    Why do you use an adjective only in respect of the Government of Israel? That's how they are called in some part of the press. Like Communist Cuba, Repressive North Korea, crazy Mexicans. etc etc :)
    Have you joined the bandwagon of Germans who still hate Jews? Not really. I never hate or hated Jews. Very recently we showed a film "beautiful People" and "Book Theif" in our circles.

    ReplyDelete
  12. Being supportive of Syria is two sided. One I don't like Islamic Fundamentalism. Next best thing in Syria at the moment is Assad. It's unfortunate but he is better than the fundamentalists. Western powers backed the wrong horse.
    Two - Israel sided withS audis to destabilize Syria because of Hezbollah terrorists in Lebanon. It is true that Assad supports Hisbullah.But in the end of the day they are better alternative than ISIS or Al-Nusra. Choices are limited.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා