වික්‍රම සිංහයා හා ගල්ලෙන ලොක් කර ගත් සිංහබාහුලා හමුවේ ඵලදායී වැඩ කරන ජනතාව

රනිල්ගේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන ලියමින් මාතලන් පැවසූයේ චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී ය කියා ය.

ඇත්තට ම රනිල්ගේ චේතනා පරිශුද්ධ ද? රනිල් බැඳුම්කර ගේම ගැහුවේ තනිකර ම තමන්ගේ පක්ෂයට ඡන්දය කරන්නට සල්ලි නැති නිසා ද? රනිල් කීයක්වත් ගත්තේ ම නැද්ද?

ඒ වගේ ම රනිල් සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් විශේෂ සංවර්ධකයන් පිරිසකට නීති මුක්තිය සහිත බලතල පවරා දෙන්නට ගියේ රට සංවර්ධනය කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් ද? නැතිනම් වෙන මොකක් හරි එකක් නිසා ද?

සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන සුමිත් චාමින්ද ඉතා ගැඹුරු භාෂාවකින් විශ්ලේෂණයක් ලියා ඇත. එහි සඳහන් නො වන තහනම් වචන දෙකක් ඇත. ඒ වනාහි මධ්‍යම පංතිය හා රාජ්‍ය සේවයයි. ඇත්ත ම කියනවා නම් සංවර්ධන විශේෂ විධිවිධාන පනත විශ්ලේෂණය කරන්නට අත්‍යවශ්‍ය වචන දෙක ඒවා ය. මෙවැනි විශ්ලේෂණ ප්‍රබන්ධ වන්නේ එහෙයිනි. ප්‍රබන්ධ බොරු නො වේ. එහෙත්, ඒවා අමු යථාර්ථය නො ව, යථාර්ථයේ අර්ථකථනයි.

රනිල්ගේ උත්සාහයේ ඇති සරළ යථාර්ථය මෙයයි. රනිල් වනාහි ජාතියේ පියාගේ පියා වන සිංහයා වැනි පොරකි. ධනවාදය ගැන නිබන්ධන ලියන මාක්ස්වාදී මධ්‍යම පංතිකයන් ද ඇතුළත් වන තමන්ගේ පංතියට කන්නට දෙන්නට වික්‍රම සිංහයා මං පහරන්නට යයි. මිනී මස් කන සිංහයා සිය පවුලට ඇපල්, දොඩම් ගෙනැවිත් දෙයි. ඔරිජිනල් කතාවේ සුප්පාදේවිත්, සිංහබාහුත්, සිංහ සීවලීත් ගල්ලෙන තුළ සිර කර සිටිති. වර්තමාන කතාවේ ගල්ලෙනේ දොර වසා ගන්නේ සිංහබාහුලා ම ය.

ලංකාවේ අර්බුදය වනාහි අමුතු මගුලක් නො වේ. ග්‍රීසිය වැනි රටවල දැන් කලක සිට මේ සිංහබාහු නාටකය රඟ දැක්වෙමින් තිබේ. ලංකාවේ අනුර කුමාර දිසානායකගේ සිට පහළට වාමාංශිකයන් රඟපාන භූමිකා ග්‍රීසියේ කවටයන් රඟ පා හප කළ ජවනිකාවල අමු කොපි කිරීම් ය.

ලංකාවේ මූලික ප්‍රශ්නය ධනවාදයේ පිළිකාවකි. එය සමස්ත රාජ්‍ය දේහය පුරා ම පැතිරෙමින් තිබේ. කීමෝතෙරපි කර සුව කරන්නට නම් මුලින් පිළිකාව තිබෙන තැන හඳුනා ගත යුතු ය. එහෙත්, ප්‍රශ්නය වන්නේ ලංකාවේ ප්‍රශ්නයට උත්තර සොයන අය ද පිළිකා සෛල ම වීමයි. පිළිකාව අනෙකක් නො ව, රජයයි. රාජ්‍ය අංශයයි. එයින් යැපෙන මධ්‍යම පංතියයි. දේශපාලකයෝ, රාජ්‍ය නිලධාරීහු හා රාජ්‍ය සේවකයෝයි. වෙනත් ආකාරවලින් රජයෙන් යැපෙන්නෝයි.

මිලියන 20 ඉක්මවා ඇති රටේ ජනගහණයෙන් මිලියන 1.5ක් ගැහැනු හා මිනිස්සු මේ ආකාරයෙන් කෙළින් ම රජයෙන් යැපෙන්නෝ ය. මේ අතරින් ඉහළ තලය වන දේශපාලකයන් හා රජයේ නිලධාරීන් රාජ්‍ය කළමනාකරණය මුවාවෙන් දැවැන්ත පරිමාණයෙන් මහජන මුදල් ගසා කති. තීරු බදු රහිතව වාහන ආනයනය කරගෙන විකුණා බදු වංචා කළ දේශපාලක චෞරයෝ දැන් කුලියටත් වාහන ඉල්ලති. ඔවුන්ට මුවා වී සද්ද බද්ද නැතුව ම රජයේ උසස් නිලධාරීහු ද මේ වංචාව කරති. පහළ මට්ටමේ රජයේ සේවකයන් අතර සොරකමේ සංකේතය ලෙස සැලකිය හැකි පිරිසක් වන්නේ වෛද්‍යවරු ය. (මේ හොරකම නො කරන, ඇත්තට ම වැඩ කරන වෛද්‍යවරු කලබල විය යුතු නැත. අනෙක් අයට සුපුරුදු කුණුහරුප කීමේ අයිතිය තිබේ.) ලංකාවේ බොහෝ වෛද්‍යවරු රෝහලට පැමිණ සුළු වැඩ කොටසක් කර, චැනල් සේවයට දවස ගත කරන ගමන් අතිකාල, ඔන්කෝල් ආදිය බොරුවට වාර්තා කරමින් අවමය රු. 30,000කට වැඩි මහජන මුදලක් සෑම මසක ම වැටුපට අමතරව සොරකම් කරති.

අප වෛද්‍යවරුන් උදාහරණයට ගන්නේ ඔවුන් සමග ඇති පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නො ව, ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ සිහින වෘත්තිය එය නිසා ය. එය සිහිනයක් වන්නේ මේ වරප්‍රසාද හා අසීමිත ලෙස ධනය ඉපැයීමට හා බදු වංචා කරමින් සැප විඳීමට තිබෙන නිදහස නිසා ය. එහෙම නැතිනම්, හරියට වැඩ නො කර ටියුෂන්, පොසිටිව් තින්කිං දේශන ආදිය කරන විශ්වවිද්‍යාල ඇදුරන් ද, තවත් බොහෝ රජයේ සේවකයන් ද අයත් වන්නේ එම වර්ගයට ම ය.

රාජ්‍ය සේවයේ ඉහළ මට්ටමේ දේශපාලකයන්ගේ සිට පහළ දක්වා ම අරමුණ වැඩ නො කර හෝ අඩුවෙන් වැඩ කර උපරිම වැටුප් හා වරප්‍රසාද ගැනීමයි. මේ පහත් මහජන මුදල් වංචාව සාධාරණීකරණය කර ගන්නේ සුබසාධනයේ මුවාවෙනි. ඇත්ත කතාව නම් රාජ්‍ය අංශය පවතින්නේ මහජන සුබසාධනය වෙනුවෙන් නොව, එහි සේවකයන්ගේ සුඛ විහරණය වෙනුවෙනි. සුබසාධනය ආවරණ පදයකි.

ලංකාවේ ඵලදායී වැඩ කරන ජනතාවගේ හිස මත කඩා වැටී තිබෙන ලොකු ම බර මෙම දැවැන්ත, අකාර්යක්ෂම රජයයි. මහජනතාවගෙන් සූරාකන බදු මෙන් ම, අනාගත පරම්පරා උගස් තබා ලබා ගන්නා ණය ද වැය කරන්නේ මේ සූර චෞරයන් පිරිස නඩත්තු කරන්නට ය.

ලංකාවේ කිසිවෙක් මේ ඇත්ත කතා කරන්නේ නැත. හේතුව, කයිවාරු ගහන පක්ෂ, සංවිධාන හා පුද්ගලයන් කවුරුත් පදනම් වන්නේ මේ සූරා කන මධ්‍යම පංතිය මත නිසා ය. 

ජනතා විමුක්ති පෙරමුණේ සිට එක්සත් ජාතික පක්ෂය දක්වා කිසිවෙක් මේ ඇත්ත ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරන්නේ නැත. විසඳුම අන් කිසිවක් නො ව, රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීමයි. එසේම, රාජ්‍ය අංශයට ලබා දී තිබෙන අසාධාරණ වරප්‍රසාද ඉවත් කිරීමයි. රාජ්‍ය සේවය වෙනුවට ඵලදායී වැඩ කරන කම්කරු පංතියට ප්‍රමුඛත්වය දීමයි.

රනිල් වික්‍රමසිංහ කරන්නේ එය ද? නැත. රනිල් වනාහි ඇත්තෙන් ම මේ චෞර මධ්‍යම පංතියට මේ මොහොතේ ලබා ගත හැකිව තිබෙන හොඳ ම නියෝජිතයා ය. ඔහු කරන්නට උත්සාහ කරන්නේ කොහෙන් හෝ හොර ආයෝජකයන් ටිකක් ගෙනැවිත් මේ මධ්‍යම පංතියට හා මධ්‍යම පංතික ජීවන පරමාදර්ශ මත කටයුතු කරන ලාංකික කම්මැලියන්ට කන්නට දීමට ක්‍රමයක් සෙවීමයි.

ඇත්ත ය. හම්බන්තොට පිහිටුවනු ලබන කර්මාන්ත ශාලාවල අවසානයේදී වැඩ කරන්නට එන්නේත් චීන්නු ම තමා ය. ලංකාවේ කම්මැලියන් ඒවායේ රස්සාවට යන්නේ නැත. ගියත් වැඩි කල් ඉන්නේ නැත. උන් කරනු ඇත්තේ චීන කම්කරුවන්ට ත්‍රිරෝද රථ එළවීම, ඔවුන්ට කාමර කුලියට දීම, බඩු පොට්වල ගනිකාවන් වීම, පාර අයිනේ තබාගෙන තැඹිලි විකිණීම වැනි දේ ය. ලොකු ධනපතියන් චීන කම්කරුවන්ට කැසිනෝ ක්ලබ් දමනු ඇත. හැබැයි ඉතින් ඒකෙනුත් ලංකාවේ ආර්ථිකය තල්ලු වනු ඇත. ලංකාවේ මධ්‍යම පංතික ජීවන ප්‍රමිති අනුව, මිනිසුන්ට අවශ්‍ය දවසේ වැඩි කාලයක් සමාජවාදය, දේශප්‍රේමය හා වෙනත් ඕපාදූප කතා කරමින්, ඈනුම් අරිමින් සිටීම මිස වැඩ කිරීම නො වේ. ඒ වැඩේට ඔය කියන සිරම් බිරම් රස්සා හොඳ ය. ආයෝජකයන් ගෙන්වා ගන්නවා නම්, එක්ටා වැනි ගිවිසුම් හරහා වැඩ කරන්නට ශ්‍රමිකයන් ද පිටරටින් ගෙන්වා ගන්නට අනිවාර්යයෙන් ම සිදු වනු ඇත.

ඒ අතරවාරයේ ලාංකික වීරයන් නිකම් ඉන්නේ ද නැත. සිංහලුන්ට හා දෙමළුන්ට එදිරිව මුස්ලිම්හු ද, මුස්ලිමුන්ට එදිරිව සිංහලු හා දෙමළු ද පැටව් ගසති. ලංකාවේ ජනගහණ වර්ධනය සිදු වන ආකාරය අනුව තව ලක්ෂ පනහක් ජනතාව මේ ජනගහණයට එකතු වන්නට නියමිත ය. (මේ පිළිබඳ ලංකාවේ ප්‍රමුඛ ජනවිකාස විද්‍යාඥයකුගේ අදහස් මෙතැනින් කියවන්න) (Read in English) මේ ඉන්න ටිකත් එක්කත් බෙදා ගන්නට මදි සම්පත් තව කටවල් ලක්ෂ පනහක් සමග කන්නට ගිය කල සිදු වන දේ තේරුම් ගන්නා එක තම තමන්ට ම භාර ය.

ඇත්ත ම කියනවා නම්, මේ ප්‍රශ්න ගැන දුර දිග සිතා බලා කටයුතු කරන වර්තමානයේ සිටින එකම පාලකයා රනිල් ය. පරමාදර්ශ, ප්‍රතිපත්ති ආදිය සමග ජීවත් වෙමින් පෙම්වතුන් නඩත්තු කරන වීරයකු ලෙස ඉතිහාසගත වෙනවා ද, ඕන පුකක් කියා වර්තමාන මොහොතේ කළ යුතු දේ කරනවා ද යන තෝරා ගැනීම හමුවේ රනිල් ඇත්තට ම මේ රටේ මධ්‍යම පංතිය වෙනුවෙන් බෙල්ල දෙමින් තිබේ. එහෙත්, ඔහු තමන්ගේ එක ම ගැලවුම්කාරයා බව තේරුම් ගන්නට තරම් ලංකාවේ කුහක මධ්‍යම පංතියට උවමනාවක් නැත.

ලංකාව වැනි බහුබූත රටකට එන්නට තරම් පිස්සුවක් ලොව ප්‍රධාන පෙළේ ආයෝජකයන්ට නැත. ගෙන්වා ගන්නට සිදු වන්නේ චීන මාක්ස්වාදී අධිරාජ්‍යවාදීන් හා වෙනත් චෞරයන් ය. රනිල්ගේ ඔය සංවර්ධන විශේෂ විධිවිධාන පනත යනු එවැනි යකුන් බැඳගෙන වැඩ කිරීම සඳහා යක්කුන්ට වඩා කපටි කට්ටඩින් පිරිසකට බලය හා අවස්ථාව දීම සඳහා යෝජනා කළ එකකි. යකුන් සමග ඩීල්වලින් ලංකාව දිනනවා ද පරදිනවා ද යන්නට ද මේ නීති අදාළ ය. මේවා පිරිසිදු ගනුදෙනු නො වේ. ලංකාව තිබෙන්නේ පාරිශුද්ධ ලිබරල් ප්‍රතිපත්ති ඔස්සේ ඉදිරියට යා හැකි මංසන්ධියක නො වේ. ගූ බෙට්ටේ ඉස්සරහත් පස්සත් දෙක ම ගූ ය.

රනිල්ට වීරයකු වන්නට බැරි ය. එහෙත්, රනිල් කරමින් සිටින්නේ මේ මොහොතේ ලංකාව වැනි ගුබ්බෑයමක පාලකයකුට මේ ගුබ්බෑයම පවත්වාගෙන යන්නට කළ හැකිව තිබෙන දේ ය. රනිල්ට තිබෙන ප්‍රශ්නය ඔහුට සහායක පදනමක් නැතිකමයි. එහෙමත් නැතිනම් සහායක පදනමක් හදාගන්නට බැරිකමයි. එසේම, ඔහුගේ ලිබරල් පසුබිම ද ඔහුට බාධාවකි. විරුද්ධව කතා කරන එවුන්ගේ කටට පිස්තෝල කටක් ඔබන විදියේ පාලකයකු මේවා කරනවා නම් ඉවසා සිටින්නට සූදානම් වීරයන්ගෙන් පිරුණු රටක ඔහු අසාර්ථක වීමට ඇති ඉඩ වැඩි ය.

මධ්‍යම පංතික වීරයන්ට රනිල් විවේචනය කරන්නට පුළුවන. එහෙත්, විකල්ප ඉදිරිපත් කරන්නට බැරි ය.

අප යෝජනා කරන ප්‍රතිපත්තිය මෙයයි. ලංකාවේ ධනවාදයට කේනීසියානු බාධක පුපුරුවා හරින්නට ඉඩ දිය යුතු ය. වෙනත් ආකාරයකින් කියනවා නම්, මධ්‍යම පංතියට බලය දෙන ඊනියා සුබසාධනවාදී ආර්ථිකය වෙනුවට ධනපති පංතිය අතට බලය ගොනු වන අමු නිරුවත් ධනවාදයට සහාය දිය යුතු ය. ඒ එකකට වඩා අනෙක හොඳ නිසා නො ව, මුල් එක අසාර්ථක වී හමාර නිසා ය. එසේම දෙවෙනි එක සාර්ථක වන නිසා ද නො වේ. අඩු තරමේ එය විසින් අරගල බිම වඩා පැහැදිලි බෙදීම් සහිත එකක් බවට පත් කරනු ඇත. 

මූලිකව ම ඵලදායී වැඩ කරන ජනතාව මධ්‍යම පංතික දේශපාලනික හා දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයෙන් ගලවා ගත යුතු ය. අප වැඩ කළ යුත්තේ ඵලදායී වැඩ කරන කම්කරු පංතියේ බලය වෙනුවෙනි. 

(අප ලියන්නේ වීරයන් ලෙස ඉතිහාසගත වන්නට නො ව, ඉතිහාසයේ නිශ්චිත මොහොත වෙනුවෙන් මැදිහත් වීමක් ලෙස පමණක් බව ද කරුණාවෙන් සලකන්න.) 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. තමන් රැකියාව ලෙස කරන දෙයින් ආත්මාභිමානයක් නොලැබේ නම් ඒ රැකියාවෙන් පලක් නැත. කාලය කා දැමීමකි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔබ රැකියාවෙන් ඉවත් නොවී පැරා මෙන් පූර්ණකාලීන බ්ල්ග්කාරයෙක් නොවන්නේ ඇයි අසූචිලොජියාණනි?

      Delete
  2. /* මධ්‍යම පංතියට බලය දෙන ඊනියා සුබසාධනවාදී ආර්ථිකය වෙනුවට ධනපති පංතිය අතට බලය ගොනු වන අමු නිරුවත් ධනවාදයට සහාය දිය යුතු ය. */

    එහෙම කරන්නේ කොහොමද රාජ්‍ය පාලකයින් ම කෙලින් ම සහ වක්‍රව ව්‍යාපාර කරන කොට?

    ReplyDelete
    Replies
    1. ධනවාදය යනු මුල සිට අග දක්වා ම දූෂණයකි. ගූ බෙට්ටක ඉස්සරහ මෙන් ම පස්ස ද සමන්විත වන්නේ අසූචිවලින් ය. ඒ නිසා එහි පාරිශුද්ධත්වයන් සෙවීම අර්ථ විරහිත ය.

      ව්‍යාපාර කිරීම නිකම් ඉඳ මහජන මුදල් ගසා කෑමට වඩා හොඳ ය. ව්‍යාපාර නිසා අඩු තරමේ තවත් මිනිහෙකුට රස්සාවක් දෙන්නට සිදු වේ.

      Delete
    2. ධනවාදය දූෂිතයි කියන්නෙ පැරා උතුරු ඇමරිකානු හෙ යුරොපීය දියුනු රටවල ධනවාදය දැකල නැති නිසා... ලොකය ඉස්සරහට ගෙනියන්න ථියෙන ශ්‍රේෂ්ටතම ක්‍රමය ධනවාදය පමනයි...

      Delete
    3. ඒ රටවල් කරලා තියෙන්නේ ධනවාදයේ දූෂිත කොටස් අපේ රටවලට අපනයනය කරන එකයි. උදාහරණයක් ලෙස, ඒ රටවල ඉහළ පෙළේ කර්මාන්තශාලාවල එකලස් කරන බොහෝ කොටස් නිෂ්පාදනය කරන්නේ ලංකාව වැනි රටවල අඩු වැටුපට වැඩ කරන කම්කරුවෝ. ඒ රටවල ආර්ථික සමෘද්ධිය නිර්මානය වී තිබෙන්නේ මේ රටවල කරන සූරාකෑමෙන්. ඒ වගේ ම, යටත් විජිතවාදයේ ඉතිහාසයකුත් තිබෙන බව අප අමතක නො කළ යුතුයි.

      Delete
    4. පැරා ලාංකීය සිතුවිලි වගේ අය තමයි ඔය යටත්විජිත කතාව ඔලුවෙ තියාගෙන විඳවන්නෙ. ලෝකෙ ලොකුවටම යටත්විජිත තියාගත්තු පෘතුගාලය ස්පාඤ්ඤය බලන්න දියුනුද කියල​, ඊලඟට අරහෙන් මෙහෙන් පර්චස් විස්සෙ යටත් විජිතටිකක් යුරෝපීය කමට නඩත්තුකල ස්වීඩන් ඩෙන්මාර්ක් හෝ යටත් විජිත වී තිබුනු කැනඩාව ඔස්ට්‍රේලියාව කොරියාව බලන්න​.
      දනවාදය හොඳම එකද දන්නෙ නෑ. ඒත් සමාජවාදය කියන්නෙනම් ආපහු වැඩවසම් චින්තනයකට මිනිසුන් දක්කන විපරීතයක්.
      මාක්ස්වාදයට කලින් මහායාන බුදුදහම යුරෝපයේ බින්න බැස්සනම් ලෝකෙ දර්ශනය මීට වඩා ඉදිරියට යයි.

      Delete
  3. පැරා. මගේ කැමැත්තත් මේ ගෙනෙන සුපර් ඇමති (හිටපු මිස්ටර් බැසිල් හිටියෙත් ඔතනමය. ඒත් දැන් ඔය කෑගහන උං එදා සද්ද වහල හිටියාය) පට්ටමට පට්ට මනාපය. එතැනිං කොමිස් ගැහිල්ල නං 100% සිට අඩුම තරමින් 50% දක්වාවත් අඩු කරගත හැක.

    රනිල්ට (බැඳුම්කර කෙසේ වෙතත්) රට දියුණු කිරීමට අවශ්‍යතාවය තිබ්බත් රනිල් පහණෙන් එලිය බැලූ මයිත්‍රී ට ඇත්තේ නිදහස් පක්ෂ උණක් වගේම රනිල් ලගේ ආණ්ඩුවට (යහපාලන මුවාවෙන්) පැනපු නිදහස් පක්ෂ කාරයෝන්ටත් ඇත්තේ වෙනම පක්ෂයක් හැදීමේ සහ කොමිස් ගැසීමේ කුහක කමයි.

    රාජ්‍ය සේවය වනාහි බලයට පත්වෙන සහ බලයේ පවතින රජයන්ට විසිල් ගැසූ කඩේ ගිය ජනතාවට කන්න දෙන 365 දවසෙම සහ මැරුණත් ඔවුන්ගේ යපෙන්නන්නටත් කන්න දෙන මහා දන්සැලකි.

    ඔය ගඟ මැද සිටිනා පිස්සන්ට දෙන ආදාර අවුරුදු 5කට නැවැත්තුවත් මේ රටේ ණය බාගයකින් හෝ අඩුකරගත හැක.

    මේ ලිපි කොමෙන්ටු රටේ ජනාදිපති තුමාට කියවන්ට ලැබුනත් වැඩක් වන්නේ නැත.

    වැරදිලාවත් රටේ ජනාදිපති තුමා මේ ලිපිය කියවනවානම් මම ඔබ තුමාට අවසන් වශයෙන් කියන්නේ "ඔය ජනාදිපති කම ළමයෙක්ට දියං හිටං" කියලාය.

    ReplyDelete
  4. පැරා යෝජනා කරන දේ කොරන්න ගිහින් නේද රනිල් ලොක්කා 2004 දි පුක බිම ඇනගත්තේ... මට නම් පේන්නේ රනිල් ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන තියෙනවා..

    දැන් ඉන්නේ ඒ ලිබරල් රනිල් නෙමෙයි.. චම්පික රණවක අලියා පිටේ නගින්නෙත්, චම්පිකට හොඳම අමාත්‍යංශය ලැබෙන්නෙත් රනිල්ගේ මේ වෙනස්වීම අනුව. මොකෝ යහපාලනේ ඉන්න මහින්ද තමයි චම්පික. ඉදිරියේදි චම්පිකගේ වටිනාකම තව වැඩිවෙනවා.

    විපක්ෂයේදි අති දරුණු මාරාන්තික මහින්ද සහ ඔහුගේ වාචාලයන්ට උත්තර දෙන්න පුළුවන් උන් ඉන්නේ දෙන්නයි. එකෙක් රාජිත්. අනිකා චම්පික.

    එජාපයේ සුජීවලා, හරීන්ලා අද පස්ස ගහලා.. උනුත් වැනි වැනී ඉන්නේ.. මෛත්‍රීත් ෂේප් එකේ තියාගෙන..

    ඉතින් පැරා කියන මැද පන්තිය ආරක්ෂා කිරීමක් මිසක්, ඒකේ විප්ලවීය වෙනසක් වෙන එකක් නෑ කීයටවත්.

    ඒත් ආයෝජකයෝ නැතිව රට ගොඩ ගන්න බෑ එකෙකුටවත්, ඝෝඨත් ජපන් ගිහින් එයාලට මෙහේ එන්න කියන්නේ ඒක නේ.. එහෙම නූනොත් වෙන්නේ ඉතාම අඩු පඩිවලට අපේ උන් සුඩානෙට හරි යයි.. (දැනටත් අපේ උන් යුද්ධය තියෙන ඇෆගනිස්ථානෙට, ඉරාකෙට පවා යනවනේ)

    රනිල් ආයෙත් ණයට ගන්න තැන් හොයනවා අර කියපු මධ්‍යම පන්තිය රකින්න. මේක ඇත්තටම විකාරයක්. ඇත්තටම නම් මෙහේ වෙන්න ඕන අර සාර් පරපුරට කෙලියා වගේ විප්ලවයක්. ඒත් කරුමය එහෙම ඩෙයක් කරන්න පිරිසක් නෑ.. අනික එයින් පස්සෙ එන පාලනයකට වඩා මෙහෙම හොඳ කියලා හිතෙනවා, එහෙම උන දේවල් දැක්කාම.

    මේ වාතවරණය යටතේ ඝෝඨට හොඳ ඉල්ලුමක් එනවා නිකන්ම. එයා එනවා නම්.. දැන් තියෙන්නේ ඝෝඨටයි ෆොන්සේකටයි එකතු වෙන එක.. මහින්ද වැඩක් නෑ.. එයා පරාජය බාර අරගෙන ඉන්නේ.. අගමැති කම හරි කමක් නතෙයි කියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය රාජපක්ෂ කියන උද්දච්ච මිනීමරු තිරිසනාට වැඩිය මහින්ද රාජපක්ෂ දහස් ගුණයක් හොදයි.

      Delete
    2. +++++++++++++++++++++++++++++

      මාතලන් ගෝඨාභය ගැන හරියට දන්නවනම් ඔය වගේ කතා කියන එකක් නෑ..

      Delete
    3. ගොටාභය කියන කාලකන්නි මිනීමරුවා ගෙන්න කියන එකෙන්ම පේනවා ගයිඩගෙ මොලේ තරම...

      Delete
  5. දේශපාලනයේත් , රාජ්‍ය සේවයේත්, මධ්‍යම පන්තියෙත්, දුර්ගන්ධය මේ ලිපියෙන් හොදින් විග්‍රහ කර ඇත. ශ්‍රී ලංකාව මේ තිබෙන තත්වයෙන් ගොඩ යන්නට නම් රට හැදීමේ පරමාර්ථයෙන්ම පැමිණෙන සොරකන් නොකරන ඒකාධිපතියෙකු වසර 12ක් වත් සිටිය යුතුය.

    ReplyDelete
    Replies
    1. සාරස ගියා විතරයි මේකේ කමෙන්ට් 80 ඉඳල 20ටම බැහැල වගෙයි.

      Delete
  6. //අප වෛද්‍යවරුන් උදාහරණයට ගන්නේ ඔවුන් සමග ඇති පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නො ව, ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ සිහින වෘත්තිය එය නිසා ය. එය සිහිනයක් වන්නේ මේ වරප්‍රසාද හා අසීමිත ලෙස ධනය ඉපැයීමට හා බදු වංචා කරමින් සැප විඳීමට තිබෙන නිදහස නිසා ය. එහෙම නැතිනම්, හරියට වැඩ නො කර ටියුෂන්, පොසිටිව් තින්කිං දේශන ආදිය කරන විශ්වවිද්‍යාල ඇදුරන් ද, තවත් බොහෝ රජයේ සේවකයන් ද අයත් වන්නේ එම වර්ගයට ම ය//

    හා හා අපේ සාරස උතුමා (කුහකයා බූරුවා කපටියා අවලමා පාහරයා) පැරා එක්ක තරහවෙයි මේවා ලිව්වම

    ReplyDelete
    Replies
    1. සාරස දැන් කොහොමත් තරහ වෙලා ඉන්නේ. කලින් ආර්ටිකල් එකක කමෙන්ට් එකක් පැරා මකල දාල පොරගේ හිත පෑරිලා.එත් සාරස ගියා විතරයි මේකේ කමෙන්ට් 80 ඉඳල 20ටම බැහැල.

      Delete
    2. ඒ් කමෙන්ටුව මැකූ හේතුව කිව යුතු ය. එය කමෙන්ට් හරහා පෝස්ට් එක අල කිරීම සඳහා කළ අනියම් ආරාධනාවක් විය.

      මා සාමාන්‍යයෙන් වෙනත් අයගේ බ්ලොග්වල එවැනි කටයුතුවලට මැදිහත් වන්නේ නැත. මා අදහස් දක්වන්නේ ද වැදගත් අදහසක් දැක්වීමට තිබේ නම් පමණි.

      එසේම, මා කමෙන්ට් ලබා ගැනීම සඳහා ලිපි ලියන්නේ නැත. මම අවුරුදු හතහමාරක් තිස්සේ මෙම බ්ලොගය ලියමි. මුල් කාලයේ පටන් ම මගේ බ්ලොගයේ කමෙන්ට් පළ වුණේ අඩුවෙන් ය. කමෙන්ට් දැමීම සඳහා මම සම්බන්ධකම් නඩත්තු කරන්නේ ද නැත. කාටවත් කමෙන්ට් දැමීම සඳහා විශේෂ දිරිගැන්වීමක් කරන්නේ ද නැත.

      මා සැලකිලිමත් වන්නේ ලිපිය කීදෙනෙකු කියවනවා ද, කොපමණ ෂෙයා වී තිබේ ද වැනි කාරණා කෙරෙහි ය. කමෙන්ට් වැටීම අඩු වීම නිසා ඒවා අඩු වන්නේ නැත.

      Delete
    3. පෝස්ට් එක විතරක් නෙවේ බං උඹේ බ්ලොග් එකම දැන් අල වෙලා ඉවරයි. උඹ කළු ගල්වල ඔළුව ගහ ගද්දී අපි කිව්වා ඕක වෙයි කියලා. දැන් උඹට තේරුණා ද උඹේ සම්බැංකු පුන්කලස වගේ නෙවේ කියලා හැම පුන් කලසක්ම?

      Delete
    4. සාරස යනු තනි පුද්ගලයෙක් නො වේ. වියුණු ලොව හෙළ හවුල ම සරසගේ හිතවත්හු. සරසට එරෙහි ව එසවෙන අතක් ආයේ කොණ්ඩය පීරන්නවත් එසවෙන එකක් නැහැ.

      Delete
    5. කවුරු ද බං උඹලා? කවුරු ද උඹලව ගණන් ගන්නෙ? පිස්සු ද උඹලට ඔය වගේ ඒවා ඇවිත් කියන්න?

      Delete
    6. පැරා මේ,,, අහක යන ඒවාවලට අප ගාවගන්න එපා.

      Delete
    7. අනේ බබෝ, ලංකාවේ වැඩියෙන්ම කියවන බ්ලොග් එකට මේ කොහෙවත් යන ගූරසයෙක්ගේ බ්ලොග් කට්ටේ තරම් කමෙන්ට්ස් නැහැ කියල සිඟිති ආතල් ගන්න එපා.
      අර අනිත් උන්ගේ හිට්ස් ගණන් කරන අන්ජනන් දේවිගේ බ්ලොග් එකවත් මේක තරම් කියවන්නේ නැහැ. දැන් මේක කිව්වා කියල ඔය යකා පැරා එක්කත් වෛර බැඳ ගන්නවා
      එක ඇතකට පුදුම වෙන්න දේකුත් නැහැ. මරා දෙන සිඟිති ආතල් වල හැටියට මේ මොනවද.

      Delete
    8. http://www.alexa.com/siteinfo/w3lanka.com

      http://www.alexa.com/siteinfo/mallepol.blogspot.com

      පැරාගේ බොග ලක්ෂ එක හමාරකින් පල්ලම් බහිද්දී සාරසගේ මල්ලේ පොල් ලක්ෂ අට හමාරකටත් වඩා වැඩි ගණනකින් උඩට ඇවිත්. කොහොමද වැඩේ.. ලිබරල් විහිලු යටගිහින් ජාතිකත්වය හිට් වෙන හැටි මාරයි.

      පැරා අර කෙප්ප සුමනේ ලඟට ගිහින්වත් එන්ට තියන කල දසාව බලා ගත්තොත් මොකද?

      Delete
    9. ලෝලේලොල් කිව්වලු. බිම ඉඳල පැදුරක් හම්බවෙච්ච ගූරසයා ඇඳේ ඉන්න පැරාට කෝචෝක් එකක් දැම්ම කියහන්කෝ පෙරවන රෙද්ද උදුරාගත්ත කියල.

      Delete
    10. මමත් ඔය ඇලෙක්සා රෑන්ක් එක බැලුවේ ගොඩක් කාලෙකට පස්සෙයි. ස්තුතියි. මේ බ්ලොග් එක පසුගිය කාලයක් තිස්සේ ඔය මට්ටමේ තමයි තිබෙන්නේ. හැබැයි ඔය ග්ලෝබල් රෑන්ක් එකට එන්න බ්ලොග් එකකට ලේසි නැති බව මතක තියා ගන්න.

      මෙන්න මේ අවවාදයත් දෙන්නම්. ඇලෙක්සා රෑන්ක් එක වෙනුවෙන් බ්ලොග් කරනවා නම් ගොසිප් ටිකක් වැඩිපුර ගහගන්නා එක තමයි හොඳ. අනෙක සිංහල විතරක් ලියලා මදි වැඩිපුර ඉංග්‍රීසි ලියන්න.

      Delete
    11. සා රස ඕක කොච්චරකල් කරයිද බලන් හිටපල්ලකො.
      චන්ද්‍රිකා චන්දෙ දිනන්න සෙට් වෙද්දි රෝහන කුමාරගෙ ත්‍රිශූලෙ එක සැරයක් ලක්ශයක් විකිනිලා තිබුන​. රෝහනය ඊලඟ කලාපෙන් කලේ රාවයට පුලුවන්නම් 10000ක් විකුනලා පෙන්නන්න කියල ගේම ඉල්ලන්න ගත්තු එක​.
      මල්ලෙපොල් තියෙයි උපරිම මාස 6ක් ඔය ලෙවල් එකේ.

      Delete
  7. මිනී පෙට්ටියට අවසාන ඇණය ගැසීම
    _________________________\__________

    //අප වෛද්‍යවරුන් උදාහරණයට ගන්නේ ඔවුන් සමග ඇති පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නො ව//

    පැරා මෙහෙමයි. උඹේ ප්‍රකාශය මාර මනෝ විශ්ලේෂණීයයි. උඹ ඔය වාක්‍ය ඇතුලේ ෆ්‍රොයිඩ්වයි ලකාන්වයි ඒකාත්ම කරනවා. උඹ කියන එක ඇත්ත. වෛද්‍යවරු ගැන උඹේ වෛරය උඹේ ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය ඇත්තේ අනෙකා තුළයි. අපි මේ විදියේ "සෛද්ධාන්තික" කේස් ස්ටඩි එකක් ගමු.

    P නම් පුරුෂයෙක් සහ E නම් ස්ත්‍රියක් ඉන්නවා ඉන්දියන් සාගරයේ තියෙන දූපතක. P ගෙදරට වෙලා බ්ලොග් එකක පොරටෝක් දිදී ඉන්නවා. E වෛද්‍යවරුන් ගැවසෙන තැනක රැකියාව කරලා පවුල නඩත්තු කරනවා. P ගේ ප්‍රශ්නය වෙන්නේ P, E ගෙන් නොලබන එහෙත් වෛද්‍යවරු E ගෙන් ලබන ජූසාන්ස් එක කුමක් ද කියන එකයි. P දිවුරුම් දුන් පරිවර්තකයෙක් වුණාට ස්ලොවීන් භාෂාව, සංස්කෘත භාෂාව දැනන් හිටියට, අලුත් වචන කොයින් කරලා තිබුණට අර ජූසාන්ස් එක ගැන ප්‍රශ්නයට උත්තරයක් සිම්බලයිස් කරන්න බැහැ. ඔතන දී ඇතිවෙන ආශාවේ වස්තුව සම්බන්ධ වන සිම්බලික් හිඩැස P ට දරාගන්න බැරි වේදනාවක් දෙනවා. ඉතිං P මොකද කරන්නේ සිම්බලික් ඕර්ඩර් එකේ ගැප් එක ෆැන්ටසියකින් පුරවනවා. වෛද්‍යවරයා පිළිබඳ P ගේ ෆැන්ටසිය මාර විස්තීර්ණ එකක්.

    //පහළ මට්ටමේ රජයේ සේවකයන් අතර සොරකමේ සංකේතය ලෙස සැලකිය හැකි පිරිසක් වන්නේ වෛද්‍යවරු ය.//

    //ලංකාවේ බොහෝ වෛද්‍යවරු රෝහලට පැමිණ සුළු වැඩ කොටසක් කර, චැනල් සේවයට දවස ගත කරන ගමන් අතිකාල, ඔන්කෝල් ආදිය බොරුවට වාර්තා කරමින් අවමය රු. 30,000කට වැඩි මහජන මුදලක් සෑම මසක ම වැටුපට අමතරව සොරකම් කරති.//

    //ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ සිහින වෘත්තිය එය (නිසා) ය. එය සිහිනයක් වන්නේ මේ වරප්‍රසාද හා අසීමිත ලෙස ධනය ඉපැයීමට හා බදු වංචා කරමින් සැප විඳීමට තිබෙන නිදහස නිසා ය.//

    වෝකර් එකේදී ඇණ මුරිච්චි තද කරන්නවත් හරියට ඉගෙන ගත්ත නැති අපතයෙක් වන P, වෛද්‍යවරු ගැන මවන ඉහත ෆැන්ටසිය තමාගේ වේදනාව සමනය කර ගන්න පමණක් තියා ගන්නේ නැතුව තමන්ගේ බ්ලොග් එකේත් දා ගෙන ඒ ෆැන්ටසිය අනිත් අය මතත් පටවන්න හදනවා. එතකොට සමාජයට ම ප්‍රශ්නයක් වෙනවා.

    දැන් මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. P, E ගෙන් නොලබන එහෙත් වෛද්‍යවරු E ගෙන් ලබන ජූසාන්ස් එක ගැන සිතා P විසින් වෛද්‍යවරු ගැන වෛරී ෆැන්ටසියක් නිර්මාණය කළාට කවදාවත් P විසින් E ගැන වෛරයක් ඇති කර ගන්නේ නැහැ. පොඩි පොඩි අවුල් ආවත් ඒවා අමතක කරලා E ගේ කරට අ‍ත දාගෙන පොටෝ එකක් ගහලා එෆ්. බී. එකේ දාගෙන ශේප් වෙනවා (එම වටිනා ඡායාරූපය මිල දී ගන්න මේ දවස්වල ප්‍රදීප ප්‍රකාශකයෝ P සමඟ සාකච්ඡා කරනවා. ජයතිලක මහත්තයාගේ මහල්ලෙකුගේ ප්‍රේම කතාවක් නවකතාවේ අලුත් මුද්‍රණයෙ දි පොත්කවරයට දැමීම සදහා).

    P තමන්ගේ ප්‍රශ්නය ගැන කිහිප සැරයක් E එක්ක කතා කර තියෙනවා. E කියන්නෙත් P වගේම සියල්ල දත් කෙනෙක්. කැනියුලා එකක් හරියට දාගන්න බැරි වුනාට බෙහෙතක නමක් හරිය‍ට කියව ගන්න බැරි වුනාට E මනෝ විශ්ලේෂණය හොඳට දන්නවා. ඒක නිසා E කියනවා තමාට P ගැන ආශාවක් ඇති වෙන්න තරම් පැලික් සිග්නිෆයර් එකක් P ගෙන් එන්නේ නැහැ කියලා. මාර කේස් එකනේ ඉතිං. කතාව ඇත්ත. පුරුෂයා යනු පැලස "තිබීම" (having) ගැන කතාවක්. ස්ත්‍රිය යනු පැලස "වීම" (being) ගැන කතාවක්. පාලසක් නැති ස්ත්‍රිය පුරුෂයා වෙත ආශාව පෑම සඳහා පුරුෂයාගේ පැලස වැදගත් (ලකාන්ට අනුව). P පුරුෂයෙක් වුනාට පැලස නැති වීම නිසා P සහ E අකර මනෝලිංගික සම්බන්ධය බිඳවැටෙනවා. ඒක සාමාජීයවත් බලපානවා බ්ලොග් එක හරහා. ඒ අනුව P ට පුළුවන් සීතල වැසි දිනයක මරුටියේ දාගෙන E ව වෛද්‍යවරු ගැවසෙන තැනකට ගිහින් ඇරලවා ඇවිත් තමා එසේ කළා කියලා එෆ්. බී ස්ටෙස් එකකුත් කූල් එකේ දාන්න. හැබැයි සේරම වෛරය වෛද්‍යවරු මත පිට කරන්නේ බ්ලොග් එකෙන්.

    ඉතිං පැරා උඹේ //අප වෛද්‍යවරුන් උදාහරණයට ගන්නේ ඔවුන් සමග ඇති පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නොව// වාක්‍යයේ තියෙන මනෝ විශ්ලේෂණීය ගැඹුර උඹට දැන් තේරෙනවා ඇතිනේ. පුද්ගලයෙක්ගේ ආශාව විතරක් නෙවෙයි මචං පුද්ගලයෙක්ගේ ප්‍රශ්නත් තමන්ගේ නෙවෙයි අනෙකාගේ. ඒක නිසා හිත හදාගෙන හිටපන් මචං.

    මේ අවුරුද්දකුත් ඉවර වෙන්න එනවා. උඹලා හකර දෙනාට සුබ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. මිනී පෙට්ටියට අවසාන ඇණය ගැසීම සඳහා මිනී කාක්කෙක්ම පැමිණ ඇත.
      ෆ්‍රොයිඩ්ල ලකාන්ල මේකට ගාවාගන්නේ නැතුව ජයරත්න හරි නීලා මල්ශාලාව ආශ්‍රයෙන් නේද මේක කියන්න තිබුණේ.

      Delete
    2. මට දුක උඹ ගැන නෙමෙයි මුල් ඇනෝ, ඔය ලකාන් හා ෆ්‍රොයිඩ් ගැන. මේවා කියෙව්වොත් එහෙම උන් ගූත් වමනෙ කරනවා.

      Delete
    3. ආහ් පැරා!

      මොකක්ද බං උඹට තාම ෆේකස් කරලා පොටෝ හකක්ගන්න බැහැනැ. මචං උ‍ඹේ කැමරා මොඩල් එක කියපං හොඳ ලෙන්ස් එකක් එවන්න.

      Delete
    4. මොනව ද බං මේ ටයිප් වෙලා තියෙන්නේ! ෆෝකස් කරලා ෆොටෝ එකක් ගන්න බැරි ද?

      Delete
    5. මට කැමරාවක් ද නැති බැවින් හා දැනට ඉඳහිට ෆොටෝ එකක් ගන්නේ ණයට ඉල්ලා ගත් කැමරාවකින් බැවින් උඹ එවන ලෙන්ස් එක සමග කැමරාවක් ද එවපන්. ලිපිනය අවශ්‍ය නම් ඒකත් ලියන්නම්.

      Delete
  8. රාජ්‍ය අංශය ශක්තිමත් කරනවාද දියාරු කරනවාද යන්න තීරනය කරන්නේ ඒ ආන්ඩුව පවත්වාගෙන යෑමට කැමති ආර්තික මොඩ්ල් එක අනුවනේ. මොන මොඩ්ල් එක ආවත් අවසානයේ මේ ඕනම සෙට් එකක් කරන්නේ රාජ්‍ය සේවයට ඔලුගෙඩි පුරෝන එක බව සහතිකයිනේ. ඔලුගෙඩිවලින් රාජ්‍ය සේවය පිරවීම කියන්නේ රාජ්‍ය සේවය තව දුරටත් පුරවැසියාට බරක් කිරීම. අපි ඔලුගෙඩිවලින් ගනන් හද හද ඉමු. පරම්පරා හතකට අඳෝනා පමනක්ම ඉතිරි කරමු. රාජ්‍ය සේවය ගස්යට බංකු උඩ හාල් කෑලි වුනාම කඩා වැටෙන්නේ අපි අපිමයි කියන එක තේරුම් ගන්න බැරිනම්, අපි රා.සේ.පී. සීල් එකේ වහලුන් වෙමු. දොන් සහ සිමොන් හොඳ ආතල් එකක්.

    ReplyDelete
  9. http://www.alexa.com/siteinfo/w3lanka.com

    http://www.alexa.com/siteinfo/mallepol.blogspot.com

    පැරාගේ බොග ලක්ෂ එක හමාරකින් පල්ලම් බහිද්දී සාරසගේ මල්ලේ පොල් ලක්ෂ අට හමාරකටත් වඩා වැඩි ගණනකින් උඩට ඇවිත්. කොහොමද වැඩේ.. ලිබරල් විහිලු යටගිහින් ජාතිකත්වය හිට් වෙන හැටි මාරයි.

    පැරා අර කෙප්ප සුමනේ ලඟට ගිහින්වත් එන්ට තියන කල දසාව බලා ගත්තොත් මොකද?

    ReplyDelete
  10. පැරා ගේ මේ මධ්‍යම පන්ති විරෝධය සහ රාජ්‍ය සේවා විරෝධය සඳහා හේතුව මට පැහැදිලි නැති නිසා අහන ප්‍රශ්නයක් මේක:

    -- වසරකදී රාජ්‍ය සේවකයන් (ජනාධිපති, මැති, ඇමති වැනි දේශපාලක තනතුරු මෙයට ඇතුලත් නොවේ) නඩත්තුවට යන වියදම, වසරකදී දූෂණ නිසා ජනතාවට නැති වන ධනස්කන්දයට වඩා අඩු යයි පැරා පිළිගන්නවාද? මිග් යානා ගනුදෙනුවේ කොමිස් මුදලින් මුළු යධ හමුදාවටම ඒ දිනවල අවශ්‍යව තිබූ බෆල් රථ මෙරටදී නිෂ්පාදනය කර ගත හැකිව තිබූ බව ඒ දිනවලත්, බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව , ලන්කාවටම වසරක් සමුර්ධි දීමනාව ගෙවීමට යන මුදලට වඩා වැඩිබව මේ දිනවලත් අසන්නට ලැබුනා.
    ඇමති වරයකු සඳහා ගෙන්වන එක මෝටර් රථයක වටිනාකම, මුළු ලංකාවේම සියලුම පිං පඩි (ආබාධිත සහ වයෝවෘද්ධ අය සඳහා මාස්පතා රජයෙන් ගෙවෙන මුදල) සඳහා යන වියදමට වඩා වැඩි බව දන්නවාද. පුවත් පත් සහ රූපවාහිනී දැන්වීම් සඳහා (මේවා බොහොමයක් අනවශ්‍යය) රජයේ ආයතන වසරකට වැය කරන මුදල පාසල් ළමුන්ට ඇඳුම් ලබා දීමට යන මුදලට වඩා වැඩි බව දන්නවාද.

    -- නාස්තිය. දුම්රිය, ලංගම, එයාර් ලංකා, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව , ලංවිම වැනි ආයතන වසරක් පාසා ආනයනය කර ප්‍රයෝජනයට නොගෙන අපතේ දමන යන්ත්‍රෝපකරණ සහ අමතර කොටස් වල වටිනාකම විගණනය කළහොත් එය බැඳුම්කර පාඩුවටත් වඩා ඉහල අගයක් විය යුතුය. කොමිස් ගනුදෙනු පමණක් සඳහා මිලදී ගනු ලැබීම්, සහ ඇත්තටම අවශ්‍ය නිසා (ඒත් කොමිස් සහිතව) මිලදී ගැනීම් වශයෙන් මේවාද දූෂණය යටතටම ගත හැකිවුවත්, අපේ රටේ හොරකම් කෙරීමකින් තොරවම කෙරෙන නාස්තිය අතිවිශාලය.

    මේත් සල්ලි තමාය. චීනෙන්, යුරෝපෙන් හිඟාකෑම බාගයකට අඩුකළ හැකි සල්ලියක් අපි වසරක් පාසා මේ ක්‍රම දෙකෙන් නැතිකර ගන්නෙමු. දියවන්නා හැතිකරයේ (+ජනාධිපති, + පළාත් මැති ඇමති උත්තමයන් ඇතුළුව) සුඛ විහරණ සඳහා කරන වියදම් තර්කානූකූල මට්ටමකට ගෙන ආවොත්, ඉතිරි අඩද නැති කල හැකිය.

    *******හොරුන්ගෙන් සල්ලි පරිස්සම් කරගැනීමත්, නාස්ති නොකිරීමත් මුදල් ඉපයීමක් හා සමානය **********

    මේ දෙකම දේශපාලකයන් මත තීන්දු වෙන දේය . මේවා වෙනස් කිරීමට යෑම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම් යයි ඔබට කිව හැකිය. නමුත් මේවා නොමැතිව රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම යනු පිහාටු නැති ඉබ්බන්ට පියාඹන්න කීම වැන්නකි.

    "මේ සන්ධර්භය තුල, ඔබ රාජ්‍ය සේවය නමැති මුව හමම හැමදාම තැලීම සැක උපදවන සුළු බව කිව යුතුය. ඓතිහාසිකව ඒ සඳහා බලපෑම් කළෝ කවුදැයි සියලුම දෙනා දන්නා බැවිනි."

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම කියන්නෙ. දූෂණය ඔස්සේ මේ මහජන මුදල් සොරකම් සම්බන්ධයෙන් වැඩිපුර වගකිව යුතු වන්නේ කවුරු ද? ධනපති පංතිය ද? නැතිනම්, දේශපාලකයන්ගේ, රජයේ නිලධාරීන්ගේ හා රජය සමග කොන්ත්‍රාත් කරන්නන්ගේ සිට පහළට විහිදෙන රජයෙන් යැපෙන පැළැන්තිය ද?

      අනෙක, මේ දූෂණ සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලනඥයන් පමණක් නොවෙයි. රජයේ ඉහළ නිලධාරීන් මේවා එක්ක කෙළින් ම සම්බන්ධයි.

      පහළ මධ්‍යම පංතිකයන්ට මේ අන්දමින් මහජන මුදල් සොරා කන්නට නො ලැබුණත්, ඔවුන් තමයි මේ පීඩක රජය මේ අන්දමින් පවත්වාගෙන යන්නට උර දෙන ප්‍රධානය බලවේගය. ඔවුන් එය කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. සමස්තයක් ලෙස මෙම මධ්‍යම පංතිය තමයි ලංකාවේ රජය හරහා දරුණු ම සූරාකෑම කරන්නේ.

      මධ්‍යම පංතිය එක පංතියක් ලෙස සලකන්නට සිදු වන්නේ ඔවුන් රාජ්‍යයේ රිජු පාර්ශ්වකරුවන් නිසායි. ඒක හරියට නාසි පක්ෂයේ සිටි පහළ සාමාජිකයකු වූ මාටින් හෛඩගර් වුණත් නාසිවාදියකු ලෙස සලකන්නට සිදු වෙනවා වගේ තමයි.

      Delete
  11. ලංකාවේ රාජ්‍ය සේවකයන් අති බහුතරයක් තමන්ගෙ රාජකාරිය හරියට නොකරන බව සහතික ඇත්ත.

    ඒ වගේම පුද්ගලික අංශයේ සේවකයන් බොහොමයක් අවම අයිතිවාසිකම් ඇතුව දිගු කාලීනව දැරිය නොහැකි (un sustainable) පීඩනයක් යටත් වැඩ කරන බවත් පිළිගත යුතු වෙනවා. බටහිර සාර්ථක කොම්පැනි දැන් මේ මොඩලයෙන් ඉවත්වෙමින් තිබෙන බවයි මා අසා ඇත්තෙ. ශ්‍රමිකයෙකුගේ ඵලදායිතාවය මැනීමේ ක්‍රම දියුණුවීමත් සමග, අත්දැකීම්, පළපුරුද්ද, විවේකය, පීඩනය, ආයතනයට ලැදිකම, විශ්වාසවන්තකම වැනි සාධක වල බලපෑම ප්‍රශස්ත මට්ටමකට සුසර කිරීම , මරවා වැඩ ගැනීමට වඩා ප්‍රතිඵල ගෙන දෙන බවට අධ්‍යයන කෙරෙමින් පවතිනවා.

    දොස්තරවරු private practice කරන තරමෙ 'කාර්යක්ෂමතාවක් ' හැම රජයේ (හෝ පෞද්ගලික අංශයේ) සේවකයෙක්ගෙන්ම අවශ්‍ය නෑ. ලිහිල් කළමනාකරණයක් තුල අවංකව වැඩකිරීම තමයි බලාපොරොත්තු විය යුතු උපරිම තත්වය. මේක උඩින් පහලට පෙරී ආයුතු සංස්කෘතික ගතිකයක් මිස , 'අස්කරනවා', 'ආයතනය වහනවා' වැනි තර්ජන වලින් ලබා ගැනීම අමාරුයි. කෙටි කාලීනව කර ගත්තත්, දිගුකාලීන උපක්‍රමයක් වශයෙන් අසාර්ථකයි.

    වැඩිදෙනෙකු අතර බෙදීගිය රැකියා අවස්ථා සහිත ආරක්ෂනකාරීත්වය දැනෙන වටාපිටාව තුල ශ්‍රමිකයා වඩාත්ම ඵලදායි වෙනබව තර්කානුකූල බවයි මටත් හිතෙන්නේ. මෙවැනි පරිසරයක් ඇති කිරීම සඳහා කටයුතු කිරීම දේශපාලන කාර්යක් මිස, රජයේ හෝ පෞද්ගලික ශ්‍රමිකයන්ගේ උවමනාවට කලහැකියි සිතන්න අසීරුයි.

    හරියට වැඩ නොකිරීම වැළැක්වීමට තියෙන යාන්ත්‍රණ ක්‍රියාත්මක නොවීමට හේතු සෙවීමේදී, කාසිය පෙරලිලා නවතින්නේ දේශපාලකයන් ලග බව රහසක් නෙවෙයි. රාජ්‍ය සේවය අනවශ්‍ය පරිදි තම පාක්ෂිකයන්ගෙන් පුරවන්නෙත් දෙශපාලකයන්ම බව අමතක කරන්න හොඳ නෑ.

    ඉතින්, මේ සන්ධර්භය තුල, ඔබ රාජ්‍ය සේවය නමැති මුව හමම හැමදාම තැලීම සැක උපදවන සුළු බව කිව යුතුය.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව තමයි, රජය මත රඳා පවතින මධ්‍යම පංතියේ බලය පවතින මෙම වත්මන් ධනේශ්වර ක්‍රමය වෙනස් කරන්නට ඉඩ නො දෙන ප්‍රධාන ම බලවේගය වන්නේ මෙම මධ්‍යම පංතියයි. ඒක තමයි ලංකාවේ ප්‍රබල ම පංතිය. ඔවුන්ගේ අතේ තමයි මතවාදී ආධිපත්‍යය තිබෙන්නේ.විශේෂයෙන් ම මෙම ක්‍රමය මේ අන්දමින් රැක ගන්නට දිවි හිමියෙන් කැප වී සිටින, හුදෙක් ම තමන් අතට බලය ගැනීමට පමණක් සීමා වූ විප්ලවයක සිහින මවන වාමාංශික මාක්ස්වාදී බොරුකාරයන් වැඩිපුර ම පදනම් වන්නේ පහළ මධ්‍යම පංතිය මතයි.

      ඔවුන්ගේ දේශපාලන, දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයෙන් ඵලදායී වැඩ කරන කම්කරු පංතිය මුදාගත යුතුයි. ඒ කම්කරු පංතියට පංතිමය අනන්‍යතාවක්වත් නැත්තේ අර මධ්‍යම පංතිය නිසායි. ඒ වගේ ම, කම්කරු පංතිය වෙනුවෙන් කම්කරු පංති විඥානයක් ගොඩනැගිය යුතුයි.

      කම්කරු පංති විඥානය කියන එක ගැන මම දැනට සරළව මේ කාරණය විතරක් කියන්නම්. කම්කරුවා විමුක්තිය සලස්වා ගත යුත්තේ කම්කරුවකු ලෙස මිස මධ්‍යම පංතියට උසස් වීමෙන් නොවෙයි. ලංකාවේ වම්මු කම්කරු පංතිය වෙනුවෙන් ප්‍රවර්ධනය කරන උසස් ජීවිතය කියන්නේ උන්ගේ මධ්‍යම පංතික ජීවිතය මිසක් වෙනත් දෙයක් නෙමෙයි.

      මධ්‍යම පංතියට කුඩු වෙන්නට ගහන එක තමයි මේ වෙලාවේ දේශපාලනය.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. "මධ්‍යම පංතියට කුඩු වෙන්නට ගහන එක තමයි මේ වෙලාවේ දේශපාලනය."

      අම්මප? අමාරිස් අය්යත් මැරිච්ච එකේ පැරා ගොය්ය වත් ඉන්න එපෑ. හිනා කාල මැරෙනව ඕයි. දැන් මේ කුලියට ලියන බ්ලොග් කට්ටෙන් ගැහිල්ල පටන් ගත්ත නිසා ශ්‍රී ලාංකික මධ්‍යම පංතියට කුඩු වෙන්න පටන් අරන් ඇති.

      නොදන්නා ජිජැක්ල ගැන කියන්න කලින් මුලින්ම දන්නා මලලසේකර dictionary එකේ උදව්වෙන් කේන්ස් කියවනව. ඊළඟට ලැස්කි කියවනව. ඊලඟට කියවනව ලංකාව ගැන Denham ගේ දාස්ගුප්ත ගේ වාර්තා. ඊ ලඟට දන්නා සිංහලෙන් කුමාරි ජයවර්ධන කියවනව.

      එතකොට තේරෙයි ටිකක්වත් ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තිය කියන්නෙ මොකක්ද කියල. ඒක මේ කුලියට ලියන බ්ලොග් කට්ටකින් පොස්ට් දාල කුඩු කරන්න පුළුවන් එකක් නෙමෙයි කියල එතකොට ටිකක් තේරෙයි.

      හරිහමන් අධ්‍යාපනයක් තියා වෝකර් එකේ ඇන මුරිච්චි තද කිරිල්ලවත් හරියට ඉගනගත්ත එකක්යැ?

      දැන් තමුන් කම්කරු පන්තියේද ? ඉස්කෝල ගුරුකමයි නර්ස්කමයි කියන්නෙ ලංකාවෙ කම්කරු රැකියාද? එතකොට "ඉස්කෝලේ ගුරෙක්" පෙන්ෂන් එක ලැබෙන කාලසීමාව දක්වා සේවය කරලා ඉල්ලා අස්වෙලා පෙන්ෂන් එක ගන්න ගමන්ද මධ්‍යම පන්තිය කුඩු කරන්න හදන්නෙ?

      මුලින්ම ඌට "ඉස්කෝලේ ගුරෙක්" නොවෙන්න තිබුනනෙ? නැත්නම් පෙන්ෂන් එක ලැබෙන කාලසීමාවට කලින්ම ඉල්ලා අස්වෙලා ඔය අරගලය කරන්න තිබුනනෙ?

      දැන් රෙද්ද ගැලවුනා නේද? මේ comment එකත් අයින් කරන්න. මොකද උත්තර දෙන්න ගියොත් මුක පූට්ටු වෙන නිසා.

      Delete
    4. මේකෙන් මධ්‍යම පංතියට මොකුත් වෙන්නෙ නැතිනම් ඇයි ඔයා ඔච්චර වේදනාවෙන් දඟලන්නෙ?

      දැන් ඔයා ඔය පොත් ඔක්කොම කියවලා තියෙනවා නේ. ඉතින් ඇයි ඔයාට මගේ තර්කයට ප්‍රති තර්කයක් නැත්තේ?

      ඔය වගේ පොත් ලැයිස්තු වර්ෂාවසාන නිවාඩුව දෙනකොට ළමයින්ටත් දෙනවා. පොත් ලැයිස්තු ලියන්න පුළුවන් වෙච්ච පලියට බුද්ධිමතෙකු වෙන්න බැහැ දරුවා. හිතන්න පුරුදු වෙන්න.

      Delete
    5. අනෙක, මගේ විවේචනය මගේ රස්සාවත් එක්ක පටලවා ගන්නවා නම් ජිජැක්ගේ විශ්ලේෂණ එක්ක එයා වෙළඳපොළේ අලෙවි වන හැටිත් සලකා බලන්නට වෙනවා.

      Delete
    6. "දැන් ඔයා ඔය පොත් ඔක්කොම කියවලා තියෙනවා නේ."

      සැලකියයුතු ප්‍රමාණයක් කියවා ඇති බැවින් ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය හා එහි විකාශනය ගැන ප්‍රමාණවත් අවබෝධයක් ඇත.

      "ඉතින් ඇයි ඔයාට මගේ තර්කයට ප්‍රති තර්කයක් නැත්තේ?"

      "මධ්‍යම පංතියට කුඩු වෙන්නට ගහන එක තමයි මේ වෙලාවේ දේශපාලනය" වැනි මනස්ගාත සඳහා ප්‍රති තර්ක ගොඩනැගීමට ගත කරන කාලය අපරාධයකි.

      "මගේ විවේචනය මගේ රස්සාවත් එක්ක පටලවා ගන්නවා නම්..."

      මතුගම ප්‍රාඥයාට අනුව මේ සියලු දේට මුල මධ්‍යම පන්තියයි. ඉස්කෝල ගුරුකම සහ නර්ස්කම යනු ලංකාවෙ කම්කරු රැකියා නොව පහල මධ්‍යම පන්තික රැකියාය.

      මා ප්‍රශ්ණ කර ඇත්තේ පෙන්ෂන් එක ලබා ගන්නා හිටපු ඉස්කෝල ගුරුවරයකුය. මා දන්නා තරමින් ඒ household ආදායමට ඒ පෙන්ෂන් එක සහ සියලු දීමනා සහිත නර්ස් වැටුප එකතුවන අතර එය ඉතා සැලකියයුතු ආදායමකි.

      "දැන් තමුන් කම්කරු පන්තියේද ? ඉස්කෝල ගුරුකමයි නර්ස්කමයි කියන්නෙ ලංකාවෙ කම්කරු රැකියාද? එතකොට "ඉස්කෝලේ ගුරෙක්" පෙන්ෂන් එක ලැබෙන කාලසීමාව දක්වා සේවය කරලා ඉල්ලා අස්වෙලා පෙන්ෂන් එක ගන්න ගමන්ද මධ්‍යම පන්තිය කුඩු කරන්න හදන්නෙ?

      මුලින්ම ඌට "ඉස්කෝලේ ගුරෙක්" නොවෙන්න තිබුනනෙ? නැත්නම් පෙන්ෂන් එක ලැබෙන කාලසීමාවට කලින්ම ඉල්ලා අස්වෙලා ඔය අරගලය කරන්න තිබුනනෙ?"

      මේ ප්‍රශ්නවලට කෙලින් උත්තර දෙන්න.

      Delete
    7. ප්‍රති තර්ක ගොඩනැගීම කාලය නාස්ති කිරීමකැයි කියන ඔබ කාලය නාස්ති කරමින් මෙහි දිග කමෙන්ට් දමන්නේ ඇයි?

      ඔබ වැනි අය අප ඕනෑ තරම් දැක තිබේ. පොත් ගොඩක නම් දනිති. කියවා ද නැත. කියවන්නට හිතාගෙන සිටිති. කියෙව්වත් නැතත් අදහසක් ඔලුවේ නැත. අදහස් ය කියා කියන්නේ අනුන්ගෙන් ණයට ගත් අනුකාරකවාදී අදහස් ය.

      මගේ රස්සාව නිසා මගේ දේශපාලනය අවලංගු වෙනවා නම්, ජිජැක් ධනේශ්වර වෙළඳපොළේ අලෙවි වෙමින් කරන විශ්ලේෂණ ගැන ද මෙතැන සටහන් තැබීම තේරුමක් නැත. මන්ද, ඔබේ තර්කය අනුව අදහස් තිබිය හැක්කේ පාරිශුද්ධ අවකාශයන් තුළ පමණි.

      එයට පිළිතුරක් නැත්තේ ඇයි?

      Delete
    8. පැරා, උඩ ඇනෝ උඹේ රෙදි ගැලෙව්වා බං මේ අන්තිම දවසේ. උඹට හොද වැඩේ කට පඅක වහගෙන ඉන්නේ නැතුවට. උඹ ගැව දුකයි බං. එවන් ඇනෝවරු රටකට වාසනාවන්. එම ඇනෝට මගේ ප්‍රණාමය. පැරා සිස්ටමැටිකලි උත්තරයක් දෙන හැටි ඒ ඇනෝගේ කමෙන්ට්ස්වලින් ඉටගන ගනිං. උඹ අනික් එවුන්ගේ රෙද්ද අස්ස ගැන ලියලා අනික් එවුන් උඹේ රෙද්ද අස්සට ටෝච් ගැහැව්වම බයිලා කියන්න එපා රඅකියාව පටල ගන්න එපා කියලා. තෝ පොල් බූරුවෙක්. තෝ කවදාවක් හැදෙන්නේ නැහැ. උඹ ගුරුකමෙන් අයින් වුණ එක ලොකඅ දෙයක්. මතුගම ළමයි තාම මැදිහත්වීමට කියන්නේ inference තොගේ පකේ ඉංග්‍රීසි ඉගැන්විලිල නිසා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා