වලේ වැටුණු ආණ්ඩුවේ කොන්ද ශක්තිමත් කරමු

මේ මොහොතේ ආණ්ඩුව තිබෙන්නේ ජනප්‍රියත්වයෙන් ඉතා පහළ මට්ටමක බව සැබෑ ය. එසේ වන්නට හේතු ගණනාවක් තිබේ.

ජනතාව බලාපොරොත්තු වන්නේ සියල්ල නිකම් දෙන, එහෙත්, බදුත් අය නො කරන සුරංගනාවන්ගේ ආණ්ඩුවකි.

මහින්ද රාජපක්ෂ සුර කුමාරයා එක් කලෙක ලෝකෙන් ණය අරගෙන ගොවීන්ට පොහොරවල සිට නාමල්ට ගුවන් සේවිකාවන් දක්වා නිකම් වගේ දුන්නේ ය.

වර්තමාන ආණ්ඩුව එහෙම නැත. ආණ්ඩුව ණයත් ගන්නවා ය. ඒවා ගෙවන්නට කොළ බොක්ක පවා පහුරු ගා බදුත් අය කරනවා ය. ඔය ගොවි සංවිධානය දක්වා කොල්ලාටයි බල්ලාටයි හැම එකාට ම සහනාධාර දෙන්නේ නැත. දෙන්නේ මැති ඇමතිලාට හා රජයේ ඉහළ නිලධාරීන්ට පමණ ය.

තව මෛත්‍රීගේ, රනිල්ගේ පවුල්වලට, අනියම් පවුල්වලට හා සමීප කවවල ගජමිතුරන්ටත් ෂෝක් ය.

එහෙත්, මොවුන්ගෙන් තානාන්තර, වරප්‍රසාද ලබා ගත් එවුන්වත් අද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. එහෙව් එකේ සමාජයක මොවුන්ට පක්ෂපාතී මත නැති වීම පුදුම විය යුතු දෙයක් නො වේ.

දේශපාලන අරමුණු මත අපි මේ මොහොතේ පවා ආණ්ඩුවට කොන්දේසි සහිතව සහාය දෙන්නෙමු. එහෙත්, නායකයන් ලෙස රනිල් සම්බන්ධයෙන් වැඩියෙන් ද, මෛත්‍රීපාල සම්බන්ධයෙන් තරමක් අඩුවෙන් ද ගෞරවය නැත්තට ම නැති වී යමින් තිබේ.

මේ දෙන්නාගෙන් එක් අයෙකුටවත් නැවත බලයට එන්නට හැකි වේ යයි සිතිය නො හැකි ය. ඒ නිසා ඒ ගැන නො සිතා, රට වෙනුවෙන් කළ යුතුව තිබෙන ජනප්‍රිය නො වන තීරණ ගැනීම කරන්නට මේ අය පසුබට නො විය යුතු ය. මන්ද, නහයට උඩින් වතුර ගිය කල තව කොයි තරම් ගැලුවාත් වෙන්නට අමුතු දෙයක් නැත.

ජනප්‍රිය නො වන නීති සංශෝධන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගත කිරීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී මොබ් ත්‍රස්තවාදයන් සම්බන්ධයෙන් එඩිතරව ක්‍රියාමාර්ග ගැනීම වැනි අරමුණු වෙනුවෙන් අපි දිගට ම ආණ්ඩුවට සහයෝගය දෙන්නෙමු.

උදාහරණයක් ලෙස මේ මොහොතේ ප්‍රයිවෙට් බස්කාරයන්ගේ ත්‍රස්තවාදය ඉදිරියේ කොන්ද නො නමා, ‍ලංගම, පෞද්ගලික පොදු බස් ප්‍රවාහන සේවා දැඩි විනයගත කිරීමකට යටත් කිරීම සඳහා මෙය අවස්ථාව කර ගත යුතු ය.

මේ ආණ්ඩුව දැන් වලේ වැටී අවසාන ය. එයට මූලික හේතුව නායක දෙපළගේ උද්ධච්ඡකම ය. මේ වලෙන් ගොඩ එන්නට උවමනා නම් කළ යුතුව තිබෙන්නේ කොන්ද පණ ඇතුව වැඩ කිරීම පමණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සොරුන්ට නිතිය ක්‍රියාත්මක කිරීම අමතක වී ඇති හෝ එය අත්හැර ඇති හැඩයි .

    ReplyDelete
    Replies
    1. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වෙනුවට ඉබි පඩයක් හෝ ලබා ගැනීමට උත්සාහ කරන එක වඩා හොඳ ය.

      Delete
    2. "ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වෙනුවට ඉබි පඩයක් හෝ ලබා ගැනීමට උත්සාහ කරන එක වඩා හොඳ ය."

      2013 දී ඩොලර් මිලියන 10,394ක් තිබී 2014 දී ඩොලර් මිලියන 11,130 ඉහළ ගිය අපනයන 2015 දී 10,505 දක්වා පහත වැටෙනවා.

      2013 දී 293,218ක් ද 2014 දී 300,703ක් ද වූ නව විදේශීය රැකියා ගණන 2015 දී 263,307ක් දක්වා පහත වැටිලා. එය 2010න් පසු වාර්තා වුණු අඩුම විදේශීය රැකියා ගණනයි.

      2014 දී ඩොලර් මිලියන 894ක් වූ සෘජු විදේශ ආයෝජන 2015 දී 681ක් වෙලා.
      2014 දී ලංකාවේ කොටස් වෙළඳපොලට රුපියල් බිලියන 22ක විදේශීය ආයෝජනයක් ගලා ආ නමුත් 2015 දී බිලියන 4.4ක ආයෝජනයක් කොටස් වෙළඳපොලෙන් ඉවත් කර ගත්තා.

      2014 දී රුපියල් බිලියන 10.6ක් වූ 2015 දී බිලියන 5.3 දක්වා පහත වැටී තිබෙනවා.

      ඔය ලැබිල තියෙන්නෙ අජිත් . තවත් ලැබීමට නියමිතය ! කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා වගෙයි.

      -මොණරවිල




      Delete
    3. පඩය කෙසේ වෙතත් ඉබි වසුරු ටිකක් වත් ගන්නට උත්සහ කරන්න. මොකද ලගදිත් මන් දැක්ක රනිල් උන්නැහේ කියල තියෙනවා රටට සේවයක් කරපු උදවිය හිරේ දාන එක හොද නැ කියල.

      Delete
  2. They should make good decision faster

    J Ovitige

    ReplyDelete
  3. පැරා,

    දැන් කියනවා මගමරුවන් ඉවත් කිරීමට දඩයට 25000 කරමු කියල, අපිට බැරිද මෙහෙම නීතියක් ගෙනෙන්න "රුපියල් දශ ලක්ෂයට වැඩි අලාබයක් රජයට කරන ඕනෑම කෙනෙකුට මරන දණ්ඩනය ලබාදෙන්න " මේවගේ නීතියක් ගෙනාවනම් විශාල පරිමානයේ වංචා වළක්වාගන්න පුළුවන් නේද ?

    ReplyDelete
    Replies
    1. මා ප්‍රතිපත්තියක් ලෙස මරණීය දණ්ඩනයට විරුද්ධ ය. දැඩි දඬුවම් දිය හැකි ය.

      Delete
    2. පැරා, සිරිලංකාවේ තියෙන්නේ ජීවිතාන්තය දක්වා සිරදදුවමකුයි

      Delete
  4. අයවැයක් තියෙන්නෙ පරිප්පු සීනී අඩු කරන්න ආණ්ඩු තියෙන්නෙ සහනාධාර දෙන්න කියල හිතන ගොබ්බ ජනතාවක් ඉන්න රටකට ඕන රාජපක්ෂ මොඩලයේ ආණ්ඩුවක්.

    ReplyDelete
    Replies
    1. ලෝකේ නැති සහනාධාර දෙන්නන් කියල. තෙල් අඩු කරන්නන් කියල, පඩි වැඩි කරන්නන් කියල, බඩු මිල අඩු කරන්නන් කියල ආවා නන් දැන් කොරලා පෙන්නන් එපෑ. චන්ද ගන්නකොට එතකොට බොරැද කිව්වෙ මුන්?

      Delete
    2. //චන්ද ගන්නකොට එතකොට බොරැද කිව්වෙ මුන්? //

      අර කුරුට්ටෝ කියනා පරිදි ""සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයේ යෙදෙන සවිඥානික පුරවැසියෝ"" කියනා හාදයන් ට යහපාලනේ ඇරියා නේද සබන් කොලේ තියලා හිටන්?

      Delete
  5. /නායකයන් ලෙස රනිල් සම්බන්ධයෙන් වැඩියෙන් ද, මෛත්‍රීපාල සම්බන්ධයෙන් තරමක් අඩුවෙන් ද ගෞරවය නැත්තට ම නැති වී යමින් තිබේ.//

    පැරා කොහොම රනිල්,මෛත්‍රී දෙන්නාගෙන් එක්කෙනෙක් අනෙකාට වඩා වැඩියෙන් ගෞරවය නැති කරගෙන තියෙන්නේ.මට නම් දෙන්නාම එක වගේ.සමහරවිට රනිල්ටත් වඩා මෛත්‍රී කෛරටිකයෙක් කියලයි මට හිතෙන්නේ.එකනේ හැමදේම තුලින් ඇඟ බේරා ගන්න හදන්නේ "මම දන්නේ නැහැ,මට කිව්වේ නැහැ,මම දන්නෙත් පත්තරෙන් හිටං" කියලා.

    ReplyDelete
  6. ආණ්ඩුවටද ආණ්ඩුව පෙරලේ යැයි මාර ෂුවර් එකක් ඇති සේය. මහින්දලාගේ හොරකම් බේරා දීමට සාගල රත්නායක හා පොලිස්පතිද එකතුව මාර සප් එකක් දෙනු පෙනේ. එසේ හොරු බේරා දුන් එවුන්ට ආයේ අනෙක් පැත්ත රජ වුනත් අවුලක් වන්නේ නැත. හොරාට වුනත් කළ ගුණ මතක තියේවියැයි ඔවුන් හිතනවා ඇත. දැන්මේ ඉන්න ටිකේ ඉන්න මැති ඇමතිවරු ජනතාවට අම්බානක බදුගසා තම තමන්ගේ පහසුකම් සරිකරගෙන ගොඩ යනවා හැර වෙන කරන ලබ්බක් නම් නැත. නිල් කොළ ගඩ්ඩන්ට කාගන්නට මාරුවෙන් මාරුවට වස්ත්‍රය උස්සා දීම නවතා සමාජ සේවයක් ලෙස දේශපාලනය කරන හොරා නොකන උගත් බුද්ධිමත් මේ රටේ පයගසා ඉන්නා මිනිසුන්ට ද බලය දී තුන්වැනි ලෝකයෙන් ගොඩ එන්නට ජනතාව කල්පනා කළ යුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. //සමාජ සේවයක් ලෙස දේශපාලනය කරන හොරා නොකන උගත් බුද්ධිමත් මේ රටේ පයගසා ඉන්නා මිනිසුන්ට ද බලය දී තුන්වැනි ලෝකයෙන් ගොඩ එන්නට ජනතාව කල්පනා කළ යුතුව ඇත. //

      හා හා හා......

      ජෙප්පන් ට බලය ඉල්ලා වියන්ගාර්තයෙන් ලියනා ලද රචනාවකි!

      Delete
    2. "තුන් වැනි ලෝකය" ????

      ඒහෙම එකක් කොහේ ද තිබෙන්නේ? ඉඳලා ඉඳලා ජේවීපී ජෝකර් කෙනෙක් ඇවිත් කමෙන්ට් එකක් දැම්මා. පුදනකොටම කාපි යකා කිව්වලු!

      තුන් වැනි ලෝක කතා ඉවර වෙලා ගොඩක් කල් බව තවම ජේවීපී දන්නේ නැද්ද? දෙවැනි ලෝක සංග්‍රාමයේ සිට සෝවීයට් දේශය බිඳ වැටීමත් බර්ලින් තාප්පය කඩා බිඳ දැමීමත් අතර කාලයේ ද තවම ජෙවීපීකාරයෝ ඉන්නේ?

      ඇත්තටම ජෙවීපි කාරයෝ තවම දන්නේ නැත් ද දන්නේ නැහැ දැන් රතඅ ජෙවීපී එකත් ඉවර වෙලා කියලා. ඒක වුණ හැටි දැනගන්න සරසතුමාගේ ලිපිය කියවහලිලා.

      අයියෝ සංසාරේ.... පැරාගේ සුදු පාට රුවුලයි නොන්ඩෙයි වාගේ,,,

      Delete
  7. //දේශපාලන අරමුණු මත අපි මේ මොහොතේ පවා ආණ්ඩුවට කොන්දේසි සහිතව සහාය දෙන්නෙමු. //

    ඈ ත සිට එන “මිහිඳු” කුමරුගෙ යුද්ද පිරිවර දකිමි නා
    බී ත වැද ‍උගෙ සිතට ඒ ගනැ පත්ව භීතිය අපම නා
    පනුවෝ දඟලති යහපාලනේ නියතවම හෙට පැරදෙනා
    පැරා සමගින් යුධ කරන්නට බලා ඉමු අප අවි ගෙ නා

    ReplyDelete
  8. සරස වගේ trollsලාට උත්තර දෙන්න යන්න එපා.

    ReplyDelete
    Replies
    1. //සරස වගේ trollsලාට උත්තර දෙන්න යන්න එපා. //

      දුරුවල කොමෙන්ට්ස් ශක්තිමත් කොරමු හිටන්!

      Delete
  9. නෝ අයිඩියා වට් ටු ඩූ.. :(

    ReplyDelete
    Replies
    1. අයි බන් උඹම ටික දවසකට කලින් කිව්වා නේද 2015 ජනවාරි 8 ලක්ෂ 62න් එක්කක්වත් හෙලිලිලා නැහැ කියලා. එහෙනම් මොකටද බය? පළාත්පාලන චන්දෙ අවුරුද්දකට වඩා කල් දදා ඉන්නවා. ලැජ්ජයි බන් උඹල ගැන ...

      Delete
  10. අලුතෙන් පටන් ගන්නට යන සුපිරි මාධ්‍ය ජාලයටවත් පැරාගෙන් වැඩක් ගන්නට සිතේවා.!!.

    ReplyDelete
  11. ආණ්ඩුව වෙනත් මාතෘකාවක් යටගහන්න බස් වර්ජනයක් ඇතිකලා වත්ද?

    ReplyDelete
  12. ආන්ඩුවේ කොන්ද ගැන අපි ඊයෙම දැනගත්තා. එදා වේල බස්කාරයන්ටයි,මු ගොබ්බ ත්‍රීවීල් හැතිකරේටයි බයේ දඩේ අකුලගන්න නේ යන්නේ. ඉතින් කොහෙද ඊට වඩා සියදහස් ගුනයක් ධනයෙන්, සංවිධාන ශ්ක්තියෙන් හා බුද්දියෙන් වැඩි නිලදාරී මාෆියාවත් එක්ක හැප්පෙන්නේ

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව ඔය දඩේ දැම්මෙ ලෙඩක් වැටෙනබව දැනගෙනමයි. ආණ්ඩුවට ඕනෙවුනෙත් ඒකමයි.

      Delete
  13. පැරා ඇයි බං උඹ මෙහෙම බයිට් එකක් වෙන්නේ? උඹ ආස ද ඒකට? උඹ දැන් සිංහල බ්ලොග් ලෝකේ මැක්ස් බයිට් එක වෙලා නේද?

    වෙන බ්ලොග් එකක මස්කට් පැණිබූන්දි වගේ ආතල් ඩිස්කසන් එකක් යනවා පේරා කැම්පස් එක ගැන. අ‍ර විද්වත් මට්ටමේ මෙව්වා එකක්. ඒකේ බ්රේක් එකේදී ෆන් එකට ගන්න බයිට් එක වෙලා තියෙන්නේ උඹව පැරා. මේ බලපන්. ආතල් ලොඩයි බං.

    ///අප A6 සිටි කල රිලවුන් ගේ නයුවා සිසුවන් හට අභියෝග කරමින් දත් නියවමින් පැරකුම් බ්ලොග් ලියනා ලෙස ගෝසා කරමින් මහා කරදරයක් කල බව මට මතකය....///

    පට්ට එකෙත් හොඳම එක...

    ReplyDelete
    Replies
    1. උඹම නේ බං ඕක එතනත් ලිව්වෙ. උඹ හිතන්නෙ ඕක ආකිමිඩීස් වස්‌තුවක්‌ දියෙහි ගිල්වූ විට එම වස්‌තුවට සමාන පරිමාවක ජලය විස්‌තාපනය වෙන බව සොයා ගත්තා වගේ වැඩක් ය කියලා.

      දුවපං පාරෙ හෙලුවෙන්!

      Delete
    2. යුරේකා නෙමෙයි සුරේකා කියපං!

      Delete
    3. ආකිමිඩිස් හොයාගත්තෙ එම වස්තුව මත ජලයෙන් යෙදෙන උඩුකුරු තෙරපුමේ බලය විස්තාපනය වන ජල ප්‍රමාණයේ බරට සමානයි කියල.

      Delete
    4. @P. M Rambanda
      ඔන්න බලපන් අපේ ගුරාලගේ දැනුමේ තරම..

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා