කෝච්චි නැත; වයිෆයි ඇත
අවන්ත ආටිගලගේ අනගි කාටුනයක් නොමිළේ වයිෆයි පහසුකම් ලබා දීම ගැන අපේ කිසිම තරහක් නැත. එහෙත්, අන්තර්ජාලය පාවිච්චි කරන අයට ඒ වෙනුවෙන් භාවිතා කරන උපකරණවලට ගෙවන්නට සිදු වන මිළ සමග සන්සන්දනය කර බැලූ විට තමන් සම්ප්‍රේෂණය කරන දත්ත වෙනුවෙන් ගෙවන්නට සිදු වෙන බිල එතරම් ලොකු එකකැයි මට නම් නො පෙනේ. මට නම් තේරෙන හැටියට නොමිළේ වයිෆයි දීම නරක දෙයක් නො වුණත්, එතරම් ප්‍රයෝජනවත් දෙයකැයි කිව නො හැකි ය. මේ පහසුකම වැඩිපුර භාවිතා වන්නේ වැල බලන්නට, සමාජ ජාල හරහා ලිංගික පහස වෙනුවෙන් කුමන්ත්‍රණ කරන්නට, නොමිළේ වයිෆයි දුන් ආණ්ඩුවට මඩ ගසමින්, ඒකාධිපති පාලනයක් යළි පිහිටුවා ගන්නට, ඕපාදූප දොඩන්නට, කටකතා පතුරුවන්නට හා කඩාකප්පල්කාරී ක්‍රියාවලට ආදියටයි. ලංකාවේ ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව හා ප්‍රජාතාන්ත්‍රික දිවි පැවැත්ම සංවර්ධනය කිරීම අතිශය වැදගත් සාධක දෙකකි. ඒ සඳහා ව්‍යාපෘති දියත් කිරීම නිදහස් වයිෆයි තරමට ම හෝ ඊටත් වඩා වැදගත් ය. මිනිස්සු දුම්රිය ස්ථානයකට හෝ වෙනත් පොදු ස්ථානයකට එන්නේ ගමනක් බිමනක් යාම වැනි නිශ්චිත අරමුණකට ය. වයිෆයි ගන්නට එහි එන පිරිසක් ද බිහි වුණොත් එය අමතර කරදරයක් වන්නට ද පුළුවන. ඒ නිසා ...