අපි නො දන්න අපේ දිළිඳුකම මෙන්න - This is our poverty in Sri Lanka

ලෝක ජනගහණය බිලියන හතක් වීම ලෝක නායකයෝ මහ ඉහළින් සැමරූ හ. මේ ජනගහණයෙන් මිලියන 925ක් හෙවත් බිලියනයකට කිට්ටු පිරිසක් සාගින්නෙන් පෙළෙන්නෝ ය. එනම් සෑම හත්දෙනෙකුගෙන් එක් අයෙකු ම සාගින්නෙන් පීඩා විඳිති. මෙම ප්‍රතිශතය 1995 සිට 2009 දක්වා ම වැඩි වෙමින් තිබුණු එකකි. සංවර්ධනය වෙමින් පවතින රටවල ළමයින්ගෙන් 32.5%ක් ම මන්දපෝෂණයෙන් පෙළෙති. ගර්භනී මව්වරුන් අතර මන්දපෝෂණය කෙතරම් උග්‍ර ප්‍රශ්නයක් ද යත්, සංවර්ධනය වෙම්න් පවතින රටවල උපදින දරුවන්ගෙන් සෑම හයදෙනෙකුගෙන් ම එක් අයෙක් අඩු බර දරුවෝ ය. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව, ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන ආහාර ප්‍රමාණය ලොව සෑම මිනිසකුට ම දිනකට කිලෝ කැලරි 2,720ක ආහාර ලබා දීමට ප්‍රමාණවත් ය. එහෙත් දිළින්දන්ට ආහාර සපයා ගැනීමට වත්කමක් නැත. සෞඛ්‍ය අධිකාරීන්ගේ පිළිගැනීම් අනුව, සාමාන්‍යයෙන් පිරිමියකුට දිනකට කැලරි 1800ක් ද, ගැහැනියකට කැලරි 1200ක් ද ප්‍රමාණවත් ය. ලෝකයේ නිර්මානය වී ඇති ආදායම් විෂමතා කෙතරම් සංකීර්ණ වී තිබේ ද යන්න ඔබට වැටහෙනවා ඇත. දිළිඳුකම ගණනය කරන වත්මන් දර්ශකය වන්නේ දිනකට ඩොලර් 1.2...