ඩෑ(ම්)න් ෆූල් හෙවත් ලුම්පන් ජාතිවාදී වීරයා පිළිකන්නෙන් ගෙට ගන්න

දුටුගැමුණු සමග සෙල්ෆි 
ලංකාවේ ජාතිවාදයට ගිය කල ගැන අධ්‍යයනය කිරීමට හොඳ කේස් එකකි, ඩෑන් ප්‍රියසාද්. මේ ඩෑන් කෑල්ල නිතර ෆේස්බුක් ප්‍රොෆයිල් මාරු කරන අය භාවිතා කරන මැක්ස්, රූල්ස් වැනි කෑල්ලක් විය හැකි ය. ඔහුගේ නම සංජීව ප්‍රියසාද් ලෙස ද කියවේ.

ඉස්සර නම් ජාතිවාදයෙන් පොරවල් වන්නට ගියේ බණ්ඩාරනායකලාගේ සිට කේ.එම්.පී. රාජරත්න, සිරිල් මැතිව් හරහා චම්පික රණවක දක්වා එක් පැළැන්තියක දේශපාලනඥයෝ ය.

හාමුදුරුවරුන් ගතහොත්, ජාතිවාදයෙන් කප් ගැසුවේ තල්දූවේ සෝමාරාමගේ සිට ගලගොඩඅත්තේ, ඉත්තෑකන්දේ අරෙහ මෙහෙ නො දන්නා පිටිසර පළාත්වල දුප්පත් පවුල්වලින් ගෙනැවිත් ලොකු හාමුදුරුවරුන් අතින් අපචාරයට පත් වී මානසික ගැටලුවලට මුහුණ දී සිටින දුස්සීල මහණුන් ය.

තවත් පැත්තකින් අනගාරික ධර්මපාලගේ සිට නලින් ද සිල්වා දක්වා බුද්ධිමය ධාරාව ඇත.

මේ හා සමාන්තර වර්ධනයන් මෙතරම් පැහැදිලිව නො වුණත්, දෙමළ හා මුස්ලිම් සමාජයන්හි ද තිබේ.

මේ අතර, සුළුතර ජාතිවාදයන් සමග එක් වී සිංහල ජාතියෙන් තමන්ට නො ලැබෙන තැන ලබා ගත් වාමාංශික ජාතිවාදී සුළුතරයක් ද සිටිති. රසවත් කාරණය වන්නේ දෙමළ ජාතිවාදයට කඩේ යන මොවුන් සමීපව නිරීක්ෂණය කර බැලූ විට ඔවුන් ඇතුළාන්තයෙන් සිංහල ජාතිවාදීන් වීම ද දකින්නට ලැබීමයි. මෙම බ්ලොගයේ නිර්නාමිකව අදහස් දක්වන එක් පිරිසක් මෙම ප්‍රවර්ගයට අයත් වෙති. ඔවුහු අප විසින් ප්‍රවර්ධනය කරනු ලබන පුළුල් දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් පිළිබඳ සංකල්පයට දැඩි ලෙස පහර දෙති.

මේ සියල්ලන්ගේ ආතල් කුඩු කරන පොරක් දැන් මතු වී තිබේ. පිළිගන්න, පිළිකන්නෙන් ගෙට ගන්න, ඩෑන් ප්‍රියසාද්.

ඔහු මතු වන්නේ අප ඉහත කී සමාජ පසුබිම්වලින් නො වේ. කෙළින් ම කාණුවෙනි. ඉස්සර ජාතිවාදී නායකයන් මෙවැනි අය පාවිච්චි කළේ පෙට්‍රල් වක්කර ගිනි තැබීම, මිනී මැරවීම, විනාශ කිරීම වැනි කටයුතු සඳහා ය. ඒ මට්ටමේ අය ජාතිවාදී ව්‍යාපාරයන්ගේ නායකත්වය සඳහා තරග කිරීම නව නැම්මකි.



පිළිකන්නෙන් ගෙට ගන්න යයි කීවේ නිකම් නො වේ. ජාතිවාදයේ අනාගතය මෙයයි. ඥානසාර, රාජපක්ෂලාගේ මහින්ද පතිරණ, නලින් ද සිල්වා පමණක් නොව රෝහිත භාෂණටත් ඩෑන් ප්‍රියසාද් පිළිකන්නෙන් ගෙට නො ගෙන තමන්ගේ ජාතිවාදී ව්‍යාපෘති පවත්වාගෙන යන්නට බැරි යුගයකට අපි දැන් එළැඹ සිටිමු.

ඩෑන් ප්‍රියසාද්ගේ ප්‍රවේශය වනාහි සිවුරට මුවා වී හාමුදුරුවන් නටන බියගුලු නාඩගම්වලට වඩා වෙනස් එකකි. එය ගහන්නේ ස්මාට් ෆෝන් එකෙන් ය. එහි මූලධර්මය වනාහි මෝඩයා බය නො දනී යන ගැඹුරු පශ්චාත් මාක්ස්වාදී න්‍යායයි.



හාමුදුරුවන්ගේ ලුම්පන් ආධාරක පදනම දෙදරවාගෙන ලුම්පන් ජනතාව තමන්ගේ ම එකෙකුට සෙට් වෙන තත්වයක් දකින්නට ලැබී රාජපක්ෂලාගේ අසහාය බුද්ධිමතා වන මහින්ද පතිරණ පවා කලබලයට පත් වී තිබේ. ඔහු මෙසේ කියයි:"ඔය පුද්ගලයාත් බොදුබලය වැනි සංවිධානත් කවදාවත් සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිට නැහැ. ඔවුන් කරන්නේ සිංහල බෞද්ධබව අන්තවාදී අතීශෝක්තියකට නගල සිංහල බෞද්ධයාගේ ප්‍රතගිශීලි හා සහනශීලි ප්‍රතිරූපය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව. අර අම්පිටියේ සුමනරතන හිමි ව‍ගේ ම ඔවුන්ට ඕන සිංහල බෞද්ධයා අමු මනෝභාවයන් මත ක්‍රියා කරමින් සෙසුු වාර්ගිකයින්ට හා ආගමිකයින්ට පහර දෙන ම්ලේච්ඡයින් පිරිසක් බව ලංකාවේ හා ලෝකයේ මතයක් නිර්මාණය කරන්න."



ඩෑන් ප්‍රියසාද්ගේ කතා ශෛලිය අනගාරික ධර්මපාලගේ එක ය. නලින් ද සිල්වාගේ සිට ඥානසාර හරහා බොහෝ දෙනෙක් අනුගමනය කළ මෙම කතා ශෛලිය ඔහු කූටප්‍රාප්තියට පත් කර ඇත. ඔහු සමග තරග කිරීමට අම්පිටියේ සුමනරත්නටවත් බැරි තරම් ය. ඔහුගේ කට්ටියටත් ඔහු නූතන දුටුගැමුණු ය. සිංහල ජාතියේ සටන පටන් ගන්නට යන්නේ දැන් ය. මෙච්චර කල් එහෙම එකක් තිබිලා නැත. මේ වනාහි 21වන සියවසේ අනගාරික ධර්මපාල ය.

වීරයකු නම් හිරෙත් ගොස් ආ යුතු ය. ඩෑන් ප්‍රියසාද්ට නම් ඒක ඒ තරම් අලුත් තැනක් නො වන්නට ද පුළුවන. ඔහුගේ අනුගාමිකයන් කියන්නේ මෙසේ ය: “ගහන්න එපා මහත්තයා, හරි ද?"



ඝන වූ සියල්ල වාෂ්ප වේ.ශුද්ධ වු සියල්ල කෙලෙසේ. ඒ අතර, මේ වනාහි ඩෑන් ප්‍රියසාද්ගේ විලෝමයයි. කටින් කයිවාරු පුකෙන් අච්චාරු වගේ රුවන් වැකි ද මේ 'දේශනයේ' තිබේ.



මොහු ද අපූරු සාහිත්‍යකරුවෙකි. එසේම, අනාගත වක්තෘකෙනෙකි. ශාස්තෘවරයෙකි. මේ ඔහුගේ තවත් රුවන් වැකියකි.

‘ගඟේ යාලුකං - ඔරුව පදිනකං - ගොඩට එනකං - පණ යනකං දන්නෙ නෑ අන්තිමට."

ඩෑන් ප්‍රියසාද් අනෙක්වුන් හැංගි හැංගි කරන දේවල් දුව දුව කරයි. වෙනස එයයි. අනෙක් අය කියන විදියට මේ සියල්ල කරන්නේ සතයක්වත් බලාපොරොත්තුවෙන් නො වේ. එහෙත්, ඩෑන් ප්‍රියසාද් එළිපිට ම අරමුදල් රැස් කළේ මෙසේ ය. (ඉක්මණට, ඉක්මණට සල්ලි දෙන්න.)



එහෙත්, අවසානයේදී මේ සල්ලිවලට සිදු වුණේ කුමක් ද?

ඩෑන් ප්‍රියසාද් වෙනුවෙන් පෙනී සිටින්නට නියමිතව සිටියේ නාමල් රාජපක්ෂලාගේ, විමල් වීරවංශලාගේ ගෝලයකු වන දොලේවත්ත නමැති නීතිඥයකු ය. ඔහු අධිකරණයට නො පැමිණ සිටීම නිසා වින්දිත පාර්ශ්වයේ විරෝධයක් නැති බව පවසද්දී පවා ඔහු වෙනුවෙන් ඇප ඉල්ලා සිටින්නට කිසිවෙක් සිටියේ නැත. ඔහු වෙනුවෙන් මෝසමක් පවා ගොනු කළේ ප්‍රමාද වෙලා ය. පහත දැක්වෙන්නේ ඇප ලබා පැමිණි ඩෑන් ප්‍රියසාද් කියන කතාවයි.



මේ විදියට ලුම්පන් පංතිය වෙන ම නායකත්වයක් හදාගෙන, වෙන ම සංවිධානගත වන්නට ගියොත් සිදු වන්නේ මළ හත්තිලව්වකි, අපේ හාමුදුරුවනේ. නුඹ වහන්සේලා මේ ගැන වහා අවධානය යොමු කළ යුතු ය. මෙහෙම ගියොත් යාඥා මධ්‍යස්ථානයකට ගල් ගහන්නටවත් එකෙක් සොයා ගන්නට බැරි වනු ඇත. අනෙක, මහින්ද පතිරණ කියන මේ කාරණය ද වැදගත් ය. එහෙත්, උදාහරණ දෙක ඒ තරම් විධිමත් නැත. මීට වඩා හොඳ උදාහරණ තිබේ.

“සමහර විට මේ පුද්ගලයා අනාගතයේ දී අයිසිස් සංවිධානයට බැඳුනොත් පුදුම වෙන්න එපා. සාමාන්‍යයෙන් අන්තවාදීන් අවසන්‍ වෙන්නෙ තවත් අන්තවාදයක. සිංහල බෞද්ධ ජතිකවාදය අන්තවාදයකට අරගෙන ගිය චම්පික රණවක රනිල්ගේ නවලිබරල් අන්තවාදයේ නතර වුනේ ඒකයි. 83 කළු ජූලියේ දී දෙමළ කඩ කඩපු ආචාර්ය නිර්මාල් දේවසිරි දෙමළ ජාතිකවාදයට සේන්දු වෙන්නෙත් ඒකයි. අන්තවාදය කියන්නෙ ජානගත ස්වභාවයක්."

ජාතිවාදයේ රෙදි ගලවන ඩෑන් ප්‍රියසාද් ඔබට අපේ විප්ලවීය මෙව්ව එක!



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා, වැදගත් දෙයක් ලියන තැනකවත් උඹට ටිකක් වැදගත් විදියට හැසිරෙන්න බැහැ නේ ද? ලස්සනට ලියවුණු ලිපියකට අනවශ්‍ය මඟුල් ටිකක් දාගෙන ලිපිය විනාශ කර ගන්නවනේ උඹ. උඹ මහින්ද පතිරණට කියනවා උදාහරණ ගැළපෙන්නේ නැහැ කියලා. ඒත් උඹ අරන් තියෙන සමහර පුද්ගල උදාහරණ මහින්ද පතිරණගේ ඒවාට වඩා හපන්. උඹේ ඔය ගොන් පාර්ට් එකට උත්තර දෙන්න ගියොත් පැරා ‍ආයෙත් මෙතන යුද පිටියක් වෙනවා. අපි එහෙම වෙනවට කැමති නැහැ. උඹත් එක්ක මෙතන අපි වලි දාගන්නේ ජාතික ප්‍රශ්නය ගැන මතවාදය නිසා පමණයි. අනෙක් කරුණු වලදී උඹ සාධනීය අදහස් දරනවා. උඹ නොදන්නවා වුණාට අපි ඒවා නිසි වෙලාවල නිසි තැන ලියලා ඇති. උඹේ නම දැක්කොත් නෙළන්න ඕන කියන තැන අපි නැහැ.

    පැරා මේ දෙසැම්බරයේ මුල. උත්තරාර්ධගෝලයේ දැඩි ශීත සෘතුවේ ආරම්භය. දෙසැම්බරය අපේ ජීවිතවලට වැදගත් පැරා. සුනාමිය ඇවිත් ලංකාවේ මහා බිඳ වැටීමක් වුණේ දෙසැම්බරයේ. සුනාමිය එන්ක ලංකාවේ වාමවාදී දේශපාලනයේත් විශාල බිඳවැටීමක් වුණා. එන්ස් කණ්ඩායම බිඳ වැටුණා. ඒ වගේ ම ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ පුරෝගාමී කණ්ඩායම බිඳ වැටෙන්නෙත් දෙසැම්බරට ඔස්සේ ඇති වන කැලඹිලි එක්ක.

    එහෙම කණ්ඩායම් බිඳ වැටිලා වෙන් වුණු අය එකිනෙකා ගැන පවසා ගත් දෙයක් තමයි " ඕකුන් වගේ කාලකන්නි ගිය එකමයි හොඳ" කියලා. ඇත්තෙන් ම පැරා ඒ ප්‍රකාශවල අභ්‍යන්තරයේ තිබෙන්නේ තරහක් නො ව වේදනාවක්. අප කැමති වුණත් එදා සිදු වුණු බිඳ වැටීම් අප හැමෝගෙම ජීවිතවල විශාල කම්පනයක් ඇති කළා. එදා වෙන් වුණු අය අන්තර්ජාතිකයට නො වේ දිව්‍ය ලෝකයට ගියත් එදා ඒ වෙන් වීම් නිසා අහිමි වුණු යම් දෙයක අඩුව දැනෙනවා. ඒ අඩුව වචනයට නඟන්න බැහැ පැරා. ඒත් අපේ ආත්මය පුරා අපැහැදිලිව දෝංකාර දෙනවා ඒ අඩුව. කොළඹ නගරයේ එක් ජනාකීර්ණ පෙදෙසක පරණ ගොඩනැඟිල්ලක කාමරයක එක බඩවරල කඩාගෙන ආ සහෝදරයන් වලේ දිවා රූ නොබලා වැඩ කරපු කාලය සුනදර මතකයක්. පැරා, ශිශිරයේ ශිතල නැඟෙමින් පැමිණේ. ගිම්හොනයේ හරිත පැහැය සැඟ ව ගොස් ශ්වේත වර්ණය හාත්පස මතු වේ. හිම කැට කඩා හැලෙන්නට නියමිත ය. ශීතලයේ සිත ද ගත ද ගැහෙනා මේ සන්ධ්‍යාවේ මම මගේ ආත්මය සොඳුරු අතීතයට යවමි. අතීතයේ උණුසුම් මතකයන් ශීතලයේ ගැහෙනා මා ගත සිත උණුසුම් කරනු ඇත. පැරා, උඹත් පිස්සු කෙළින්නේ නැති ව අපේ ඒ සොඳුරු අතීතය ‍වෙත පියනඟා අතීතකාමයෙන් ඔද වැඩී ගත සිත උණුසුම් කර ගනිං. Cheers Para!

    ReplyDelete
    Replies
    1. මේවා පෞද්ගලිකව ගන්නෙ ඇයි? මම කොහොමත් විවෘතව ලියන කෙනෙක්. මෙතන තියෙන්නේ දේශපාලනික උපහාසයක්. ඒකට සාධනීය විධියට මුහුණ දෙන්න උත්සාහ කරන්න.

      අනෙක් පැත්තෙන් මචං, උඹල ලංකාවෙ පොළවෙ සජීවීව ඉන්නත් මම උඹලා ගැන ලියන දේ වැදගත් වෙනවා ය කියලා හිතන්න.

      Delete
    2. හරි. හරි. ඔන්න සංස්කරණය කළා. තාම ඒක සුළු පිරිසයි කියවලා තියෙන්නේ. තාම උදේ පහමාර වෙලාත් නැහැ. ලංකාවෙ එවුන් ඔෆිස් ගිහින් තමයි දැන් බ්ලොග් කියවන්නෙ. ඩේටා ප්‍රශ්නෙ හින්දා.

      Delete
  2. අජිත්, අර බොදු බලේ ඩිලන්ත විතානගේ මංගලගේ ගෝලය රුවන් ෆර්ඩිනැන්ඩස් එක්ක අඩියක් ගහන ෆොටෝස් එහෙම දැකල ඇතිනෙ.එතකොට මේ පහුගිය කාලෙ ඇතිකරන්න හදපු ප්‍රදේශ වාද එහෙමත් දැක්කනෙ. තව ටික දවසකින් කුල වාදෙත් පටන් ගනියි. Divide and Rule අවශ්‍ය කරන්නෙ දුර්වල සහ ආත්ම විශ්වාසයක් නැති පාලකයන්ට.

    හැබැයි මේ ආණ්ඩුව භාවිතා කරන්න යන ගණිත සූත්‍රය නම් බොහොම පරණයි වගේම භයානකයි. ඒ වගේම ප්‍රියසාද් වගේ ගොඩ පෙරකදෝරුවෝ මේ වගේ වැඩ වලට ආණ්ඩුව අල්ලලා හරියන්නෙ නෑ. අර චම්පික රණවක වගේ හොඳ අද්වකාත් කෙනෙක් අල්ලගන්න ඕනෑ. දැක්කනෙ ගානට වැඩේ දුන්න හැටි තිබුණු පාලනයට. හැබැයි දැන් චම්පික පච වෙලා හින්ද ඒවගේ කෙනක් ආණ්ඩුව හොයන්න ඕනෑ.

    බහුතරයේ බහුතර ඉන්නෙ කා එක්කද එයාලගේ මතය මොකක්ද කියල බලාගන්න පළාත් පාලන චන්දෙ තිබ්බනම් නේද හොඳ?

    හැබැයි එකේදී නම් ගිය පාර නම් මහා මැතිවරණයේ දී වගේ "ස්වාධීනව" ඉඳල චන්දෙට දවසක් තියල ලේකම්ලා අයින් කරල ජාතික ලැයිස්තු මංකොල්ලා කාල පැරදිච්ච එවුන්ට ඇමතිකම් දීලා විපක්ෂ නායක කම සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම ශ්‍රීලංකා එකට චන්දෙ දීපු චන්ද දායකයන් ගෙන් නොලැබුණු අනුමැතියක් යටතේ නල්ල මලේ ජාතික ආණ්ඩුවක් හදල කරපු "මහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යායාමය" නම් මේ පාර නම් කොරන්න බෑ.

    - මොණරවිල

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීම-

      විපක්ෂ නායක කම සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම deal & game ක්‍රමේට දීල

      Delete
    2. මොණරේ,

      මේ ඩෑන් ප්‍රියසාද් ද මොකාද කියන පිස්සු බල්ලාට ඇති ජනප්‍රියත්වයක් නැත. මේ අර අදින්නේ තවත් කුමන්ත්‍රණයකටයි. මේකත් නිකන් ඇමරිකාවෙන් ISIS එක Form කරනවා වගෙ වැඩක්. ISIS එක පෙන්නලා ඇමරිකාවට අවශ්ය ඕනම මුස්ලිම් රටකට පහර දෙන්න පුලුවන්.

      ඩෑන් ප්‍රියසාද්ලා වැනි පිස්සු කබ්බන් ටිකක් ලවා රාජ්‍ය අනුග්‍රහය යටතේ දෙමල, මුස්ලිම් මිනිස්සු ටිකක් මැරෙව්වොත්, ලන්කාවේ සුලුජාතීන්ට ආරක්ශාවක් නෑ කියලා UN එකේ යොජනාවක් සම්මත කරගන්න පුලුවන්. ඒ යොජනාව දැනටම උතුරු පලාත් සභාවේ සම්මත කරගෙන තියෙන්නෙ. දැන් තියෙන්නෙ ජාත්යන්තරයට ශක්තිමත් සාක්ෂි සමගින් යන්න විතරයි.

      මේ වෙලාවේ මෙරට සබුද්ධික ජනකොටස් ඉතාම බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. ආණ්ඩුවට් රෙදි නැතුව කඩේ යන කාලකණ්ණි සට්ටැඹියන්ගේ පච ප්‍රචාරවලට අසු නොවී මෙබඳු කබ්බන් හුදෙකලා කර දැමිය යුතුයි. රටට වඩාත් සබුද්ධික පක්ෂ භේදයෙන් තොර ශක්තිමක් ජාතික ව්‍යාපාරයක් අත්‍යවශ්‍යයි.

      Delete
    3. @anon

      ස්ව්යන් වයිරී මාක්ස්වාදියො අතරේ, හිස් ජාතිවාදියො අතරේ සහ වෙන්ඩ පොශ් මද්යම පන්තියක් අතරේ උබලා වගෙ ටිකක් හරි ඉන්න එක ගැන සතුටුයි. හැබැයි මටනම් තේරෙන විදියට රට ගොඩගන්න බැරි අනතුරක තියෙන්නෙ. රනිල්ලා, මන්ගලලා, සුමන්තිරන්ලා මේ සැරේනම් ඊලම හදලා තමයි පස්ස බලන්නෙ. ඒ සටනේ සාමාන්ය සෙබලු තමයි ඩෑන්ලා සහ පැරාලා.

      Delete
    4. Guys

      Well said & agree with you all. We need more brainy people like you in this transitional situation.

      Delete
  3. මුළු රටේ (මාත් අතුළුව) හැමෝටම පිස්සු දෝ??????????????

    ReplyDelete
  4. ඔය වීඩියෝ බලන්න නම් වෙලාව නැත. ඔච්චර පබ්ලිසිටි දෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අමුවෙන් ම කියනවා නම්, ගිනි තියන එවුන් නායකත්වයට ම ආවා ම ඒකෙ අවසාන ගමන ත්වරණය වන නිසා.

      Delete
    2. අමුවෙන්ම කියනවනම් ජාතිවාදී ව්යාපාර ඇති කර ජාතිකවාදී ප්‍රවණථාවය ආපස්සට හැරවීම. වාසිය බටහිර බහුජාතික සමාගම් වලට, ඉන්දියාවට සහ දෙමල ඊලාම් ව්යාපෘතියට.

      Delete
  5. රණවක යනු බණ්ඩාරනායක, රාජරත්න, මැතිව් පෙළපතේ කීම නම් විහිළුවක් පමණි. ඔහු ගේ පවුල් පසුබිම වෙනස් ය.

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රේලියාවට පැනගත්තු පොන්නයෙක් සුද්දන්ට ගුදය දීලා දීලා කීයක් හරි හොයාගෙන දැන් පොර ටෝක් දෙනවා බ්ලොග් වලට රිංග රිංග. ඒකා හිතාගෙන ඉන්නේ ඒකා හොරගොල්ලේ බණ්ඩාරනායක වලව්වේ ඉපදුන බණ්ඩාරනායක පරම්පරාවේ එකෙක් කියලා. ඒත් ඒකාගේ ජාතකය දිග ඇරලා බැලුවාම ‍ඒකා ‍කොස්සින්න පැත්තේ හිගන පවුලක ඉපදිච්ච එකෙක්. ඒකාගේ මහ උන්දෑලා හිඟා කාලා හිඟා කාලා ඒකට උගන්වලා තැනකට අරන් තියෙන්නේ. හැබැයි දැන් ඒකා පොර ටෝක් දෙන්නේ මහ වංසෙන්. ඒකාගේ මහ උන්දෑ ඒකට ඉංග්‍රීසි ඉගැන්වුයේ ගෙදරට ගුරුවරු ගෙනල්ලලු, මහ උන්දෑගේ පෝට්රේට් එකකුත් ප්‍රදර්ශනය කරන්නේ නිතරම.

      ඒකා කන පාන් කාලත් ප්‍රදර්ශනය කරන ජාතියක එකෙක්. තව ටික දොවකින් කකුල් දෙක අස්සේ තියෙන ඇට්ට කුනා වෙච්ච සැට් එකත් පොටෝ ගහල දායිද දන්නේ නැහැ.

      ඒකාගේ ඒවා ඒකට. ඒකා ගැන අපි සලකා බලන්න ඕනැ ඒකා අනිත් එවුන්ගේ බ්ලොග්වලට ගිහින් පොන්න කමෙන්ට් ඇනෝ දාන නිසාත් බ්ලොග්වල කෙලගැනීම් ඇති කරන නිසාත්.

      ඒකා වැඩිය නැටුවොත් ඒකාගේ චරිත කතාවම දාන්න වෙනවා. ඉන්සෙස්ට් චෝදනාවලට ලක්වෙච්ච එකෙක් ඒකා. තට්ටෙකුත් තියෙනවා ඒකාට. ඒ තට්ටේ තොප්පිකින් වහන් ඉන්නේ. කැම්පස් එකේ නම පිටේ ගහන් ඉන්නේ නිතරම. මීලග නෙලුම් සම්මානේදී කුණු බිත්තර ප්‍රහාරයක් ලබන්නත් නියමිතයි.

      චම්පිකගේ ජන්මේ හොයන්න ගිහින් මැදෑ පොර ටෝක් කක්කා තටිටයා කරගත්ත වින්නැහිය.

      Delete
    2. ඇදගෙන නාන සිනුවර රසිකෝ ලොජ්ජා
      පොර ජාතකෙන් දුන්නට අමු ගොන් බිජ්ජා

      Delete
    3. මීට අවුරුදු කීපයකට කලින් අපි ලංකාවට නිවාඩුවකට ආපු වෙලාවක ගියා නිට්ටඹුව හරියෙ තියෙන ඓතිහාසික අත්තනගල්ල රජමහා විහාරය කියන විකාරය බලන්න. මෙතනදි තමයි අර රාජ සඟබෝ හිස දී දුගියාටා කියන සින්දුවේ කියවෙන හිස්ටෝරිකල් සීන් එක වුනාය කියල කියන්නේ.

      ඔතන බුදු ගෙයි ගාව හිටියා වයසක හැට පැනපු ආත කෙනෙක්. මිනිහා බකපන්ඩිත ටුවර් ගයිඩ් කෙනෙක් විදියටයි කටයුතු කරන්නේ. පලාතේ, පන්සලේ ඉතිහාසය හෙම අතැඹුලක් සේ දන්නවා!

      කීයක් හරි දුන්නොත් පරණ සිද්ධි විස්තර කරන්නං කියලා කිව්ව නිසා ඔන්න මං ඩොලර් සල්ලි කොල කිහිපයක් දුන්නා පොරට. අම්මට හුඩු පොර දෙන්න තියා ගත්තා නේද ඉතිහාසේ නිකං අපේ මැ.රෝ. ල, සූරියප්පෙරුමාල් ල, ජැකෝනිස් ඇන්ටෝනියෝ ල පරද්දන සයිස් එකෙන්.

      ඔය සිරිසඟබෝ කතන්දරේ මුල හරිය අපි කවුරුත් දන්නවානේ. ඇයි අර භාතිය සංතූෂ්ලත් කියන්නේ. සිරිසඟබෝධි රජවෙලා ඉන්න කාලේ පොරව අල්ල බන්ද කුන්ද දාල, ප්‍රාණ හානි වෙන්න බැට දීල, ඒ ධර්මෙ සීලෙ රක්නා රාජගෙ පණ නසා දාල රජකමට කට්ට ගහන්න ප්ලෑන් කරපු ගෝඨාභයට බයේ රජා පැනල ගිහින් වනන්තරේ තපස් දම් රකින්න පටන් ගත්ත.

      බුදු අම්මෝ ගෝඨ ට බය නැත්තෙ කවුද, නේද?

      රාජසඟබෝ ඔය ගියාට රජ කමට හිත කොනකින් වත් ආශාවක් තිබිල ආපහු ඇවිත් තමන්ට බැෂ්ටිය දෙයි කියල හිතල ගෝඨා අණබෙර ගැහැව්ව සඟබෝ හිස ගෙනත් දුන්නොත් මිලියන් දහයක් දෙනව කියල.

      සිරිසඟබෝ දිය පෙරන රෙද්දෙන් වොලන්ටරලි බෙල්ල කපාගෙන දුගියට දුන්නු හැටි දන්නවනේ. ඉතිං, ඒ හිස් ගෙඩිය දැකපු සිරිසඟබෝ ගේ බිසව, දුගිය ගෙන් පාර අහගෙන ආවලු සිරිසඟබෝ ගෙ කලේබරය දැක ගන්න අත්තනගල්ලට.

      අර අත්තනගල්ලේ පන්සලේ ටුවර් ගයිඩ් ආත කියන විදියට එයා ඇවිත් තියෙන්නේ බෝතලේක පැල කරපු බෝ පැලයක් අරගෙනයි. අනුරාධපුරේ ඉඳල එන ගමනෙදි රෑ නතරවෙලා තියෙන්නේ මීරිගම පැත්තෙ ගල්තලාවක.

      පුදුමෙ කියන්නෙ බිසව උදේ නැගිටලා බලන කොට අර බෝතලේ පැල කරල තිබුණු බෝ පැලය ඒ ගල උඩම මුල් ඇදල ලු. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් කේස් නේ. පැලේ තියල බිසව මාරු වුණා ලු.

      බෝතලේක ගෙනා බෝ ගහ හින්ද ඒ ගල්තලාව තිබුණු ගමට නම වැටුනලු බෝතලේ කියල. මේ කියන්නේ අර නිදහස් ලංකාවේ මුල්ම අගමැති වෙලා තමන්ගෙන් පස්සෙ පුතණ්ඩියට රජකම දෙන්න සෙට් කරපු ඩී.ඇස්. ගොයියලගෙ ගම් පලාත.

      ඉතිං ඔය බෝතලේ කතාව අහගෙන ඉඳල මං ගයිඩ් සීය ගෙන් ඇහැව්ව මෙන්න මෙහෙම.

      "ඉතිං සීයෙ, ඊට අවුරුදු සිය ගානකට පස්සෙ රොබට් නොක්ස් වගේ කෙනෙක් ඔය ලංකාවෙ තිබුණයි කියන ජාතියෙ බෝතලයක් දැකල, එංගන්තෙට ගිහින් ඒ වචනෙ ඉංගිරිසියට හරෝල බොට්ල් කියල හදාගත්ත නේද?"

      අනේ ඒ මෝඩ අසරණ නාකි හම්පඩ ටුවරිස්ට් ගයිඩ් ආතට මගෙ උපහාසය සපිරි විහිලුව තේරුණේ නෑ. පව් එයා!

      Delete
    4. ඔය කියන ටුවර් ගයිඩ් ආතාගේ ගොන් බූරු කතාවලින් මට තේරිච්ච දේ තමයි ඌ සැබෑවටම ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් නොවන බව. ලංකා සංචාරක මණ්ඩලයේ නැෂනල් ටුවරිස්ට් ගයිඩ් ලෙක්චරර් බලපත්‍රය ගන්න අමාරුයි. ඒකට විභාගයක් පාස් කරන්නත් තියනවා. මගේ කල්පනාවේ හැටියට ඔය කියන මෝඩ බක පණ්ඩිත ආතා ටුවරිස්ට් කාර් ඩ්‍රයිවර් කෙනෙක් නැත්නම් ටුවරිස්ට්ලගේ වාහන හෝදන එකෙක්.

      Delete
    5. @ Anonymous December 5, 2016 at 5:44 PM

      ඔබට මා ලියා ඇති දේ කියවා තේරුම් ගැනීමට නොහැකි බව පෙනේ. එය සංජානීය ආබාධයකට වඩා "ද්‍රව්‍ය අයථාභාවිතය" නිසා සිදු වූ දෙයක් විය හැක.

      ඉක්මන් සුවය පතමි.

      Delete
    6. @ Anonymous December 5, 2016 at 9:06 PM

      ඔබ කොපි පේස්ට් කර ඇත්තේ අපූරු ලියවිල්ලකි. ස්තුතියි.

      Delete
    7. අවජාතක තට්ට පොන්නයා පුක නොදි පල. ඊරිසියාකාර පාහරයා. පරිස්සමින් වාහන එලවපිය. තෝව ඇබරිලා යන්න පුළුවන් තෝ කරලා තියෙන පව්කාර කැරි වැඩ වලට.

      තොගේ ජාතකේ මෙතන දිග ඇරගන්නේ නැතුව හිටපිය.

      Delete
    8. @ Anonymous December 6, 2016 at 11:55 AM

      හි, හි!

      අනේ පව්.

      රුධිර පීඩනය වැඩි කර ගන්න එපා. නහර පුපුරයි ඔහොම ගියොත්.

      Delete
  6. දැන් ලොව පුරා ජාතිකවාදය නැඟිටිමින් තිබෙනවාය, ගෝලීයකරණය සුනේ සුන්ය කියා පාරම් බෑ පාඨලී චම්පික රණවකට අතුල් පහරක් ගසමින් ඊයේ පැවති ඕස්ට්‍රියාවේ ජනාධිපතිවරණයෙන් ජාතිකවාදී අපේක්ෂක නෝබට් හෝෆර් අන්ත පරාජයකට පත් වී ඇත.

    ReplyDelete
    Replies
    1. ජාතිකවාදය ඉස්මතු වෙන්නෙ මොකක් හරි හේතුවක් තිබුනොත් බන්. ලන්කාවේ 1948 ඉදන් 1953 වෙනකම් රාජ්ය භාශාව උනෙ ඉන්ග්‍රීසී භාශාව. ප්‍රතිපලය උනේ බන්ඩාරනායක කියන ජාතිකවාදී නායකයා. ලන්කාවේ අවුරුදු 30ක යුද්දයක් තිබුනා, නායකයො ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවුවා. ප්‍රතිපලය උනේ මහින්ද.

      යුරෝපයේ සියලු රටවල් එකතු කරලා බලහත්කාරයෙන් යුරෝපා සන්ගමය බිහි කරන්න හදුවා. ප්‍රතිපලය ජාතිකවාදී ව්යාපාර සහ Brexit.

      ඇමරිකාව අවුරුදු ගනන් ලතින් ඇමරිකාවෙ සම්පත් කොල්ල කෑවා. ප්‍රතිපලය හුගො චාවෙස්.

      ඕස්ට්‍රේලියාවේ ඔය ප්‍රශ්න මුකුත් නැතුව ජාතිකවාදී නායකයො බිහිකරන්න උන්ට පිස්සු නෑ. හැබැයි ප්‍රශ්න ඇති උනොත් උන් ජාතිවාදී නායකයෙක් බිහි නොකර ඉන්නෙත් නෑ.

      Delete
    2. @ Nish

      මචන්,

      ඔය උඩ මොංගල් ගොබ්බ ඇනෝ කාරයා කියල තියෙන්නෙ ඔස්ට්‍රියාව ගැන, ඔස්ට්‍රේලියාව නෙවෙයි. යුරෝපයේ ඔස්ට්‍රියාවෙ තත්වයත් එච්චරට නරක නැහැ, ප්‍රංශය බ්‍රිතාන්‍ය තබා ජර්මනියට සාපේක්ෂව වුණත්. ඉස්ලාම් අන්තවාදීන්, වෙනත් සංකරමණික කාලකණ්ණින්ගෙන් තිබෙන කරදර සාපේක්ෂව අඩුයි ඔස්ට්‍රියාවෙ (ජර්මන් බසින් ඔස්ටර්-රයික් නමින් හඳුන්වන ජර්මානුන්ගේම තවත් රටක්) ජර්මන් ජාතිවාදී ව්‍යාපාරයත් සෙමින් නමුත් ස්ථාවරව නැග එනවා නව නාසිවාදී කල්ලි කණ්ඩායම් (හරියට 88 HH හර් හිට්ලර් වැනී) සමග.

      ඔබේ මතය ඉතාම නිවැරැදියි, අවශ්‍යතාව අනුවයි දේශපාලන ව්‍යාපාර නැග එන්නේ.

      Delete
  7. හරි වැඩේ තමයි. සාරස බෙට්ටා මොකක් කියයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. //හරි වැඩේ තමයි. සාරස බෙට්ටා මොකක් කියයිද ද//

      කක්කා ඇනෝ තුමා "මලපහවාදියෙක්" කියලා කියයි හිටන්!

      Delete
    2. අඩෝ සාරස, උඹම නේද මේ උඹටම පබ්ලිසිටි දෙන්නෙ? වර්ණපාල තියරිය ආ? ජේ වී පී එකේ හිටි පැරා ගේ කතාව හෙවත් සිරිකොතාගමනය ගැන කියාවි, වෙන මොනාද ඉතින්?

      Delete
    3. // අඩෝ සාරස, උඹම නේද මේ උඹටම පබ්ලිසිටි දෙන්නෙ? වර්ණපාල තියරිය ආ?//

      නැචුව නැචුව...
      අපි වෙනුවෙන් අපි!

      Delete
    4. යකෝ සරස, සිංහල ලියන්න ඉගෙන ගනින්...

      අපි වෙනුවෙන් අපි නෙවෙයි බං...... අප වෙනුවෙන් අපි.

      Delete
    5. සාරසයගේ තාත්තා දෙමල අම්මා සිංහල

      Delete
    6. // සාරසයගේ තාත්තා දෙමල අම්මා සිංහල//

      එහෙනම් සාරස තුමාට ඇන්ජීඕ කාරයෙක් වෙන්න ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනවානේ හිටන්?

      මීට තාත්තා දෙමල සරස තුමා

      Delete
  8. මාතලන්ගේ අනාවැකිය.

    රට හැදීම කෙසේ වෙතත්, නැවතත් ලේ වැගිරීම්, ගිනි තැබිම් මැද නැවතත් භීෂණයකට ගමන් කරනා බව ඉර හඳ මෙන් විශ්වාශය. රනිල් හා මෛත්‍රිටද අවශ්‍ය එයයි. ඔවුන්ටද අවශ්‍ය ව්‍යවස්ථාව වෙනස් කිරීමට නොව විරෝධය පෙන්වා හකුලා ගැනීමටයි. ඩෑන්ලට මුකුත් වෙන්නේ නෑ.. සාමෙට කතා කරන උන්ගේ කාළය නම් එච්චර හොඳ නෑ..

    ආරම්බය බස් වලට ඇදලා ඇරපු එකෙන්.. ඊළඟට ඕවා ගිනි තියනවා..

    ReplyDelete
    Replies
    1. මාමා ගිය පාරෙම තමයි බෑනත් යන්නෙ. මාමා කලු ජූලිය ඇති කරේ සින්හල දෙමල මිනිස්සු කොටවලා කොටින්ට අවශ්ය පිරිස් බලය හදලා දෙන්න. බෑනා හදන්නෙ සින්හල හරක් ලවා දෙමල මිනිසුන්ට ගහලා ජිනීවා ආරක්ශක මන්ඩලය හරහා දෙමල මිනිසුන්ගෙ වෙන් වීමෙ අයිතිය තහවුරු කරන්න.

      Delete
    2. මාතලන්,

      යාපනයේ නතරවී සිට ආපසු ඉන්දියාවට පැමිණි අයි.එස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ අග්සාක්‌ මජිඩ් නමැත්තා මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

      මොහු පසුගිය පෙබරවාරි මස කේරළ තරුණයන් 21 ක්‌ සමග යාපනයට පැමිණ ලැඟුම් ගෙන ඇති අතර එම තරුණයන් අයි.එස්‌. සංවිධානය සඳහා පුහුණු කර ඇති බවයි ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත උපුටා දක්වමින් දිවයින පුවත්පත වාර්තා කර ඇත්තේ.

      මොවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයට අරමුදල් සපයා ඇත්තේ ඉස්‌ලාමීය පර්යේෂණ සංවිධානය බව ජාතික බුද්ධි සේවාව සිදුකළ විමර්ශනයකින් හෙළිවී තිබෙනවා.

      කුරානය අධ්‍යයනය කිරීම සඳහා යයි දක්‌වමින් මෙම තරුණයන්ව ශ්‍රී ලංකාවේ සංචාරයට ගෙනවිත් ඇතැයි වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

      Delete
  9. කවුද ඔය ඩෑන් ප්‍රියසාද් කියන ඩෑල් එක ? ඇයි ඒකා ගැන මෙච්චර කතා කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඌ තමයි ඊළඟ දුටුගැමුණු. ජාතිවාදය ඩෑන්ලාට ම යත්වා!

      මෙච්චර කල් පෙට්‍ර‍ල් වක්කරන්නයි, ගිනිකූරු ගහන්නයි විතරක් හිටපු එවුන් නායකත්වයට පත් වුණාම මොක ද?

      Delete
    2. ආණ්ඩුවට එරෙහි ජනතා පෙලගැස්මක් එන හැමවෙලාවෙම ආණ්ඩුව කරන්නේ මේක තමයි. ආණ්ඩුවේ බේගල් ෆැක්ටරියෙන් තමයි, ඩෑන් වගේ කබ්බන්ට ප්‍රචාරය දෙන්නේ, ආණ්ඩුව ඒකට ඕනෙ කරන පසුබිම හදලා දෙනවා, මූව රිමාන්ඩ් කරලා, වීරයෙක් කරලා.
      ඊට පස්සේ ඒක ගැට ගහනවා රාජපක්ෂලාට, ඒකාබද්ධ විපක්ෂයට. පැරා මේ කරන්නේ ඉතුරු ටික. මේතරම් වීඩියෝ ගොඩක් දාල, මෙච්චර දිග පොස්ට් එකක් ලියන්නේ, හුදෙක් පැරාගේ ජාතීවාදී විරෝධය නිසා කියලද හිතන්නේ ?

      Delete
  10. අපේ එවුන් දන්න ජාතිකවාදයක් නෑ. ජාතිකවාදය ඉගෙන ගන්න ඕනෙනම් ඇමරිකාවෙන් හෝ ඊශ්‍රාලයෙන් ඉගෙන ගන්න. ජාතිකවාදයක් අවශ්ය රටේ සියලු මිනිස්සු එක අනන්යතාවක් උඩ එකතු කරන්න මිසක් ජාතී විදියට බෙදිලා කුනුහරුප කියාගන්න නෙවෙ.

    ReplyDelete
  11. 2009 ඉදන් 2015 වෙනකම් තිබුන නැති සින්හල-දෙමල ජාතීවාදී ප්‍රශ්න සන්හිදියා ආණ්ඩුව යටතෙම හැදිලා. පැරාලට හරි සතුටු ඇති. මොකද කියන්නෙ NGO එකක් දාගෙන දෙමල නිජබිම සන්කල්පය ප්‍රොමෝට් කරමුද? රුපියල් වගේද ඩොලර්?

    ReplyDelete
  12. මේකත් නිකන් ඇමරිකාවෙන් ISIS එක පොශනය කරනවා වගෙ වැඩක්. ISIS එක පෙන්නලා ඇමරිකාවට අවශ්ය ඕනම මුස්ලිම් රටකට පහර දෙන්න පුලුවන්.

    ඩෑන් ප්‍රියසාද්ලා ලවා දෙමල, මුස්ලිම් මිනිස්සු ටිකක් මැරෙව්වොත්, ලන්කාවේ සුලුජාතීන්ට ආරක්ශාවක් නෑ කියලා UN එකේ යොජනාවක් සම්මත කරගන්න පුලුවන්. ඒ යොජනාව දැනටම උතුරු පලාත් සභාවේ සම්මත කරගෙන තියෙන්නෙ. දැන් තියෙන්නෙ ජාත්යන්තරයට යන්න විතරයි.

    ඩෑන් සහ පැරා දැන හෝ නොදැන සේවය කරන්නෙ එකම බෙදුම්වාදී ව්යාපෘතියකට. හැබැයි අපි කිවා කියලා මේවා පිලිගන්න එහෙම එපා. මොකද ජාතිවාදියොයි, මාක්ස්වාදියොයි තරම් සියල්ල දන්න කෙරුමෝ වෙන කොහෙවත් නෑනෙ.

    ReplyDelete
  13. // සමහර විට මේ පුද්ගලයා අනාගතයේ දී අයිසිස් සංවිධානයට බැඳුනොත් පුදුම වෙන්න එපා. සාමාන්‍යයෙන් අන්තවාදීන් අවසන්‍ වෙන්නෙ තවත් අන්තවාදයක. //
    ජේ වී පී එකේ හිටි පැරා ගේ කතාව හෙවත් සිරිකොතාගමනය!

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නෑ. දැන් හොදටම තරහා ගිහින් සින්හල ජාතියම අමතයි.

      ලිබරල් ධනවාදය වේවා, මාක්ස්වාදය වේවා දෙකම සේවය කරන්නෙ බටහිර සන්ස්කෘතික ආධිපත්ය වෙනුවෙන්. ස්වදේශික සන්ස්කෘතික ලක්ශන වලට එරෙහිව යූන්පී කාරයොද, පන්ති විප්ලව කාරයොද එකතු වෙන්නෙ ඔන්න ඔය නිසයි. එහෙම ගත්තම පැරා තම මුලු ජීවිතයම කැප කරලා තියෙන්නෙ බටහිර ආධිපත්ය වෙනුවෙන්.

      Delete
    2. // එහෙම ගත්තම පැරා තම මුලු ජීවිතයම කැප කරලා තියෙන්නෙ බටහිර ආධිපත්ය වෙනුවෙන්. //

      එවන් කැපවීමක් කොල පැරා තුමා ව යුරෝපා සන්ගමේ ප්‍රදාන ප්‍රචාරක නිලදාරී ලෙස සේවයට බඳවාගැණීමට නිර්දේශ කොරමි හිටන්!

      Delete
  14. බලන් ගියාම ඌත් අර ගමන්පිලගේ ජාතියේම එකෙක්නේ.විප්ලව කරන්නේ අනුන්ගේ සල්ලි එකතු කරලා.

    ReplyDelete
    Replies
    1. දැන් උබ කියන්නෙ සාමාන්ය මිනිස්සුන්ගෙන් ආධාර එකතු කරලා දේශපාලනය කරන එක වැරදිද?. මහ බැන්කුව කඩලා ඒ සල්ලි වලින් දේශපාලනය කරන එකද හරි? කෝටිපතියොන්ගේ ආධාර වලින් දේශපාලනය කරන එකද හරි? නැත්නම් අයර්ලන්තේ ගිහින් දෙමල සන්විධාන හම්බ වෙලා සල්ලි අරගෙන එන එකද හරි?

      Delete
    2. නැහැ බන්. ඕස්ට්‍රේලියන් කාරයෙක්ගේ බිස්නස් එකකට විදින්න හැමෝටම බැරි මොකද කියල මේ අහන්නේ.

      Delete
  15. පැරා ඉතිං හතර වටේට ම නෙළලා නේ. ඒක නිසා අපත් පැරාට පොඩ්ඩක් කොනිත්තන්නවත් ඕනෙ නේ අපේ ආදරය ප්‍රකාශ කරන්න පැරාට. ශේක්ස්පියර් කියනවා "lover's pinch that hurts and is desired" යනුවෙන් මැක්බත් නාට්‍යයේ. රිදුනත් ආදරය නැති කර ගන්න එපා හොඳේ ...

    අප සිංහලයන් වශයෙන් ලැජ්ජාවට පත් විය යුතු යි දෙමළ සහෝදරත්වය නඟන ප්‍රශ්නවලට ලිබරල් සමානාත්මතාවේ සළුව පොරවා ගත් ජාතියක් නැති ඇතැම් ඩොලර් කාක්කන් පිළිතුර දෙන අසික්කිත විධිය ගැන.

    එදා ජේ.ආර්. ජයවර්ධන අමිර්තලිංගම්ට පැවසූ උද්ධච්ච කතාවට සමාන යි ඇතැමුන් අද සංහිඳියාව සඳහා සිංහලයා සමඟ කතිකාවට එන දෙමළ සහෝදරත්වයට පවසන උද්දච්ච කතා. ජයවර්ධන ජනාධිපති මෙලෙස පවසයි:

    "If you want to fight, let there be a fight; if it is peace, let there be peace; that is what they will say. It is not what I am saying. The people of Sri Lanka say that."

    ලන්ඩනයේ ඉයන් වුඩ් සමඟත් ජයවර්ධන ජනාධිපති තවත් උද්ධච්ච කතාවක් මෙලෙස පවස යි:

    "I am not worried about the opinion of the Jaffna people now… Now we cannot think of them. Not about their lives or of their opinion about us… The more you put pressure in the north, the happier the Sinhala people will be here… really, if I starve the Tamils out, the Sinhala people will be happy…"

    අද ඇතැමකු එදා එයාගේ දේශපාලන ලොකු තාත්තා වුණු ජයවර්ධන ජනාධිපති කිව්ව විධියෙම උද්ධච්ච කතාවක්. දෙමළ සහෝදරත්වයට අප ඉතා පැහැදිලි ව පැවසිය යුතු යි දකුණේ බහුතර සිංහල සහෝදරත්වය දරන මතය ඔය ජයවර්ධන පන්නයේ උද්ධච්ච කතාව නො වන බව. එය අප නැවතත් අවධාරණය කර පැවසිය යුතු ම ය. ඇතැමුන් අද කරමින් සිටින්නේ දෙමළාගේ දෙමළකමත් සිංහලයාගේ සිංහලකමත් ලිබරල්වාදී සමානාත්මතතාව තුළ දියකර හැරීම ය. එම කුමන්ත්‍රණය පරාජය කරන්නට සිංහල ජාතිකත්වයත් දෙමළ ජාතිකත්වයත් එකාවන් ව සහෝදරත්වයෙන් නැඟී සිටිය යුතු ය.

    දෙමළ සහෝදරත්වය තේරුම් ගන්න අවශ්‍ය දෙය වන්නේ බහුතර සිංහලා "මේ රට තමාගේ ය" යි කීම තුළ "මේ රට දෙමළාගේ නො වේ ය" යන අදහසක් නැති බව යි. සුළුතරයක් එලෙස අන්තගාමී වුණත් බහුතරය අන්තගාමී නැත. අප විසින් උත්සාහ කරනු ලැබිය යුතු වන්නේ සිංහලයාට සිංහලකමත් දෙමළාට දෙමළකමත් රුක ගෙන එකම රටක දේශපාලන බලය (පරිපාලන බලය පමණක් නො වේ) හවුලේ භුක්තිවිඳිය හැකි ක්‍රමයක් සකස් කර ගැනීමට ය. එම ක්‍රමය හැඳින්වෙන නම වැදගත් නැත. එම අරමුණ සාක්ෂාත් කර ගත හැකි වන්නේ පුළුල් කතිකාවක් සිංහල හා දෙමළ ජාතිකත්ව අතර ඇති කිරීමෙන් මිස ජයවර්ධන පන්නයේ උද්ධච්ච කතා පැවසීමෙන් නො වේ. ඒ කතිකාව ගොඩ නඟන්න ඉඩ නො දෙන්නේ ජාතික අනන්‍යතාවන් නැති කරන්නට කුමන්ත්‍රණ කරන ඇතැම් ව්‍යාජ ලිබරල්වාදීන්. එවුන්ට එරෙහිව නැඟී සිටීම උතුරේත් දකුණේත් ජාතිකත්වය රුක ගැනීමට ළැදි සිංහල-දෙමළ සහෝදරත්වයේ ඵෙතිහාසික කාර්යභාරයකි. සිංහලයාගේ සතුරා දෙමළා නො වන අතර දෙමළාගේ සතුරා සිංහලයා ද නො වන්නේ ය. සිංහලයාගේත් දෙමළාගෙත් පරම පොදු සතුරා වන්නේ ලිබරල්වාදී කසී සළු‍ෙවන් තම කුණු වී ඕජස් ගලන කුණපය වසා ගත් ධනවාදය යි. ඇතැමෙක් එම ලිබරල් ධනවාදයේ දෘෂ්ටිවාද ප්‍රචලිතකරන බඩගෝස්තරවාදියෙක් වන්නේ ය. සිංහල-දෙමළ සහෝදරත්වය “The nation that oppresses another nation forges its own chains” යන මාර්ක්‍ස්ගේ රුවන් වැකිය නිතොර සිහි කළ යුතු යි.

    ජාතිකත්වය යනු මාර්ක්ස්වාදීන්ට අදාළ නැති දෙයක් ය යි කියමින් පිස්සු කෙළින ව්‍යාජ ලිබරල්වාදීන්ගේ ගෝඩ් ෆාදර් වන්නට තතමන ඇතැමකුට අප පවසන්නේ මාර්ක්ස් හා එංගල් 1882 පෙබරවාරී 7 වැනි දා කාල් කෝට්ස්කිට ලියන ජාතිකවාදය, අර්තර්ජාතිකවාදය සහ පෝලන්ත ප්‍රශ්නය පිළිබඳ ලිපිය කියවන්න කියා යි. ජාතිකවාදයකින් තොරව අන්තර්ජාතිකවාදයක් පැවතිය නො හැකි වන්නේ ඇයි? කියන ප්‍රශ්නයට පිළිතුර එම ලිපියේ මාර්ක්ස් හා එංගල්ස් පවසයි. ලෙනින් නම් ජාතිකත්වය ගැන ඇති පමණට ලියා ඇත.

    වමේ සිට දකුණට පැන ගෙන වර්තමානයේ දී ලාංකීය ෆ‍රාන්සිස් ෆුකුයාමා වන්නට තතමන ඇතැමකුගෙන් අප විමසන්නේ මෙය යි:

    හිටපු සහෝදරයාණෙනි, නුඹ අවුරුදු 30ක් වමේ සිට පොල් ගෑවෙහි ද?

    ReplyDelete
    Replies
    1. මුන්ගෙ කරුමෙ කියන්නෙ ඔය මාක්ස්, එන්ගල්ස් ලියපු ඒවා තේරුම් ගන්න මුන්ට ඉන්ග්‍රීසි බෑ. ගමේ ඉන්න ජේවීපී නායකයා හෝ කැම්පස් එකේ ඉන්න අන්තරේ අයියා ( උන්ටත් ඉන්ග්‍රීසි බෑ ) කියන බයිලාවක් අහලා මාක්ස්වාදී උන එවුන්ට එදා යුරෝපීය සමාජය සහ ආසියාතික සමාජය අතර වෙනස තේරෙන්නෙ නෑ. ඔන්න ඔතනයි මාක්ස්වාදයේ අවුල තියෙන්නෙ.

      Delete
  16. පැරාලා මෙහේ ආණ්ඩුවේ කොන්තරාත් වෙනුවෙන් ජාතිවාදී රටහරකුන් මදකිප්පවීමේ අරමුණින් කිසි කමකට නැති ගොං කබ්බෙක්ව ප්‍රමෝට් කරත් දී මෙන්න එහේ (දියවන්නා ඔඅයබොඩ පැත්තේ) වෙන දේවල්;

    පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පැමිණීමේ දීමනාව රුපියල් 20,000 දක්වා වැඩි කිරීමටත්, සභාවාරයකට පැමිණිමේ දීමනාව 2500ක් දකවා ඉහළ දැමීමටත් යෝජනා වී තිබේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කාර්යාල දීමනා ලෙස මසකට රුපියල් 100,000ක් ලබා දීමටද යෝජනා කෙරී ඇත.

    මේ වනවිට මහජන නියෝජිතයකු ලබන වැටුප, දීමනා සහ වරප්‍ර‍සාදවල වටිනාකම මිලියන ගණනකි. මහජන මුදලින් මේසා සුවිශාල මුදලක් මහජන නියෝජිතයින්ට ලබා දෙමින් ජනතාවට බදු බර පැටවීම අසාධාරණ බවයි බොහෝ දෙනකු පවසන්නෙ. මේව ගැන පැරාලාගේ කටේ පිට්ටුද නැත්නම් අසූචි ද?

    ReplyDelete
    Replies
    1. // මේව ගැන පැරාලාගේ කටේ පිට්ටුද නැත්නම් අසූචි ද? //

      වැදගත් ප්‍රස්නයක් හිටන්

      Delete
    2. shhh ඕවා ගැන කතා කරොත් ජාතිකවාදී පිල නැගිටියි. නිර්ධන පන්ති විප්ලවය කල් යයි. රනිල් හාමුට ජයවේවා.

      Delete
  17. ඉස්සර ඉංග්‍රීසි නම් තියෙන අය සිංහල නම් දාගෙන ජාතිකවාදියෝ වෙද්දි මෙයා සිංහල නමට ඉංග්‍රීසි කෑල්ලක් ඇඩ් කරගෙන

    ReplyDelete
  18. ඩෑන් නම් ඉබ්බාව ඔසවාගෙන යන කොක්කු දෙදෙනා කවුද....

    ReplyDelete
  19. sinhalayata waraduna thana tamay oka.. ekamuthukamak nathi kama e ahinsaka kolla ke gawhuwe rata jathiya agama wenuwen e kollla ehema ke gahala hire giya nisa tamay ara ape jathiyata agamata apahasa karapu ara thawjith da mokada eka ath adanguwata gathe ..sinhalaya kiyanne maha athmarthakami jathiyak thamange madiya thara wena wa nam ona dekata issarahata yay habay thawath kenek wenuwen, rata jathiya wenuwen ekek ne ..ida hita mathuwena ehema manussakam tiyana ekatath pahara gahana jara manushayakam aduranne nathi sinhalayo....mama nam kiyanne me kolla kawuru unath kohen awath niyama sinhala age duwana kollek kenek katha karanne ke gahanne hadawathinda ehemath naththam kagewath salli walata uwamanawatada kiyala e kathawen hasirimen penawa .oya maha lokuwata bara wachana tikak dala oya apahasa karala hela dakala liwwata un monada karanne pawkara deshapalakayanta kade yana eka... hoda muslim minissu innawa habay bahutarayak inne wancha karayo agama kiyagen anunta gini gedi dila salli hamba kara ganna e wagema anunge depala peretha kamen wanchawen udura ganna minissu mewa boru newey athdakim... ehew minissunta awasatawak labunoth ratath alla gannawa.. ehema unadata oya katath therum yay...ane karunakarala e kollata apahasa nokara inne ..uta puluwan de u taniyen hari kala...e nisa tawath tamangema jathiye agama jathiya wenuwen katha kala e manusayata apahasa karanna epa...ehema karana ohelata wada konda pana nathi napunsakayo me loke tawath nathiwa athi...

    ReplyDelete
  20. Comments to this article have been posted by mentally sick people.

    ReplyDelete
    Replies
    1. Anonymous December 5, 2016 at 8:46 PM

      True. The best example is you my dear. Could you please attend to the nearest clinic to find necessary medication/ therapies etc? I humbly request you to reasonable care on your mental health for the sake of others living in this society. Get well soon my dear Nipuna.

      Delete
    2. @ Anonymous December 5, 2016 at 8:56 PM

      Improve your English before commenting.

      Delete
    3. Thanks for the advises Nipuna. I will surely improve my language skills. At the same time, could you please keep in touch with a psychologist & get the necessary medical treatments/ therapies immediately? You are in a critical situation as it seems. Get well soon.

      Delete
  21. අජිත් සර්, ඇයි අපිට මෙහෙම කරන්නෙ? අපිට වැඩ කරන තැන් වල නොමිලේ නෙට් නැහැ. අපි අජිත් සර්ගේ ‍සයිට් එක බලන්නේ 99 ඩේටා කාර්ඩ් එක දාලා. අජිත් සර් මෙහෙම වීඩියෝ ගොඩක් එක්ක ලිපි දැම්මම අපේ ඩේටා ටිකට කෙලවෙනවා. වීඩියෝ එක ක්ලික් කලේ නැති වුණත් ලෝඩ් වෙද්දී ඩේටා වැඩිපුර යනවා. අද දැන් කාඩ් දෙකයි. සර්ලත් අපේ බඩටම කෙලින එකනෙ වැඩේ කියන්න. රට ගොඩගන්න අජිත් සර්ගේ සයිට් එක බලලා අපිට වෙන කේස් මේවා. ඉස්සර වගේ තිබ්බනම් ක්ලික් නොකරනින තිබ්බ මේ පොස්ට් එක උඩ. ඒත් දැන් සයිට් එකට එද්දිම සේරම එනවනෙ.

    අජිත් සර් ඉක්මනට අලුත් පෝස්ට් එකක් දාන්න. මේ කාඩ් එක හෙට දවල් වෙනකන් ඇදගන්න ඕන. අපි ගැනත් හිතන්න සර්.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත...

      එහෙනම් ජෙප්පෝ පලාත්පාලන චන්දෙ ට ඉදිරිපත් නොවීම ගැන කතාවක් ලියමු හිටන්!

      කතා විතරයි...වීඩියෝ බෑ හොඳේ?

      Delete
    2. @ Anonymous December 5, 2016 at 8:56 PM ---

      උඹට සල්ලි නැත්නම් බ්ලොග් නොකියවා නිකා හිටු.

      Delete
  22. සුද්දන්ගෙන් නිදහස ගන්න සටන් කරපු ඩී එස් සේනානායකල, ඩී බී ජයතිලකල, මේවා කලේ තමන්ගෙ සල්ලි වියදම් කරගෙන. දැන් එන ජාතිවාදි චන්ඩි පොඩ්ඩ වැරදෙනකොට සල්ලි එකතුකරනව. සල්ලි ආලෙ තමයි. කීයක් එකතුවුණාද කීයක් වියදම් වුණාද දන්නෙ නැහැ.

    ReplyDelete
  23. Moral of the story .. දවස් දාහතකින් සත්‍යාවබෝධය ලබන්නනම් ජාතිකවාදී ව්‍යාපාරයකට බැඳී 'පොර' වෙන්න උත්සහ කරන්න..

    ReplyDelete
  24. ‍සෑම ධනපති දේශපාලනඥයකුට ම සේ ඔබට ද බලය හමුවේ දූෂණයෙන් මිදී සිටීමට නො හැකි විණ. ධනවාදය විසින් සියලු පූජනීය වස්තු කෙළසා දමන ලද යුගයක ඔබගෙන් අප ශාන්තුවරිකගේ ජීවන ප්‍රවෘත්තියක් බලාපොරොත්තු විය යුතු නැත. දෙමළ සිනමාවේ අපරාජිත තාරකාවක් ව සිට දේශපාලනයට පැමිණි ඔබ ආසියාවේ බොහෝ දේශපාලන ස්ත්‍රීන්ට වඩා නම් ශක්තිමත් චරිතයක් වූවා ය. එහෙත් ඔබ අපට වැදගත් වූයේ බොහෝ අය කතා කරන්නට භය කාරණයක දී ඔබ නිර්භීත ව කතා කිරීම නිසා ය. ජයලලිතා ජයරාම් මෙණෙවියනි, ලංකීය දෙමළ ජනයාගේ දුක්ඛදෝමනස්සයන් වෙනුවෙන් ඔබ වරින් වර නැඟූ හඬ අපගේ හද තුළ සදා පවතිනු ඇත. ලාංකීය ජාතික ප්‍රශ්නය ඉන්දීය දෙමළ සහෝදරත්වයේ ද ප්‍රශ්නයක් බව ඉන්දීය මධ්‍ය දේශපාලනයට නිතර සිහි වූයේ ඔබගේ දර්ශනය නිසා ය. අන්ත දක්ෂිණාංශික දේශපාලනයක යෙදුණු ජයලලිතා ජයරාම් හෙවත් අම්මා නම් වූ ඔබ පිළිබඳ වාම සහෝදරත්වය මෙම කෙටි සටහන තබන්නේ ඔබගේ එම කාර්යභාරය සලකා ය. ජයලලිතා ජයරාම් මෙණෙවියට මෝක්ෂ සම්පත්තිය ලැබේවා!

    අජිත් පැරකුම් ජයසිංහ සමඟ ලාංකීය වම.

    ReplyDelete
  25. කොම්පඤ්ඤ වීදියේ මුස්ලිම් ගැටය කියන කතාව ඇත්තටම අගය කරන්න ඕන. මට තේරෙන්නේ නෑ , ඇයි පැරා ඒ ගැන උපහාසයෙන් කතා කරලා තියෙන්නේ කියල.

    පැරාල කියන කතාවම, ඇහෙන්න ඕන අයට තේරෙන බාසාවෙන් ඒ ළමය කියනව. මට නම් ඒ කතාවෙ අසාදාරනයක් පෙන්නේ නෑ .

    ReplyDelete
  26. මුට ඕනේ වුනේ අර රනවිරුවෝ කියන සෙට් එක බේරගන්න කියලා පටන් අරන් තියෙන් පිං කැට ව්‍යාපෘතිය වගේ එකකට සෙට් වෙලා ගානක් හොයාගන්න. දැං ටාගට් කවර්. මිනිහා හතර වටේටම නෙලන්නේ, low profile ගිහිල්ලා බූරුවන්ගන් එකතු කරගත්තු සල්ලි වලින් ආතල් එකේ ඉන්න. ඕකා ඇත්තටම සිංහල ද කියලත් මට සැකයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා