සල්ලි තියෙන හැමෝ ම ධනපතියෝ ද? පෙති නො බොන හැමෝ ම පිස්සෝ ද?

දොස්තරලා වෙළඳ නම්වලින් ලියා දෙන බෙහෙත් බොන ධනපතීන් පිරිසක්. 
ඖෂධ මිළ අඩු කිරීම පිළිබඳව වෛද්‍ය ගිශාන්ත දිසානායක කරන මෙම පැහැදිලි කිරීම අනුව, රජයේ ඖෂධ මිළ අඩු කිරීමේ රෙගුලාසි අනුව ඔසු මිළ අඩු වී තිබෙන්නේ අධි මිළ වෙළඳ නාමවලින් අලෙවි කරනු ලබන ඖෂධවල පමණි. ඔහු පවසන පරිදි රාජ්‍ය ඔෂධ සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම විසින් අලෙවි කරනු ලබන ඖෂධ කිසිවක මිළ අඩු කර නැත.

ඔහු වැදගත් යෝජනාවක් කරයි. එනම්, සියලු ඖෂධ ආනයන සමාගම් විසින් ආනයනයේදී සියලු ඖෂධ සඳහා නිල වශයෙන් ඉදිරිපත් කරනු ලබන මිළ අනුව සාධාරණ ලාභයක් සමාගමට ලබා දී මිළ නියම කරන ලෙසයි.

මෙම පැහැදිලි කිරීම ඉතා විධිමත් එකකි. ඒ පිළිබඳ දන්නා අයට කරුණු පැහැදිලි කළ හැකි ය. අවම මට්ටමේ ඖෂධ පාරිභෝගිකයකු වන මම වෙළඳපොළේ ඖෂධ මිළ ගණන් ගැන කිසිවක් නො දනිමි.

එහෙත්, එය අන්තර්ජාලයේ බෙදා හදා ගත් නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කර තිබුණු කාරණයක් කෙරෙහි මගේ අවධානය යොමු විය. ඔහු සටහන් කර තිබුණේ “මිත්‍යා ප්‍රබන්ධ සුනුවිසුනු කිරීම යනු මෙයයි!!!" යනුවෙනි.

එහෙත්, මෙම ප්‍ර‍කාශය තුළ ධනපතියා පිළිබඳ ප්‍ර‍වර්ධනය කරන්නේ ද මිථ්‍යාවකි. වෛද්‍ය ගිශාන්ත දිසානායක පුන පුනා සඳහන් කරන පරිදි මිළ වැඩි ඖෂධ භාවිතා කරන්නෝ ධනපතියෝ ය. අප කතා කරන්නේ මෙම මිථ්‍යාව ගැන ය. සල්ලි තියෙන හැමෝ ම ධනපතියෝ ද? ඖෂධ මිළ ගැන නො වේ.

සම්භාව්‍ය මාක්ස්වාදය අනුව ධනපතියා යනු නිෂ්පාදන මාර්ගවල හිමිකරුවා ය. ධනේශ්වර සමාජ ක්‍රමය යටතේ ප්‍රධාන පංති දෙක වන්නේ ධනපති පංතිය හා වැටුප් ශ්‍රමිකයන් වන කම්කරු පංතියයි.

මාක්ස්ගේ මෙම විග්‍රහය සමස්ත ලෝකයට ම හෝ ධනවාදයේ සියලු යුගවලට එක සේ ගැලපෙන්නේ නැත.

උදාහරණයක් ලෙස මෙහි ප්‍රස්තුතය වන ශ්‍රී ලංකාව නම් ලෝක ආර්ථිකයේ පරිවාරයේ පිහිටි ධනේශ්වර රාජ්‍යයේ ඉතා බලවත් රජයක් ඇත. එම රජය ජනතාවගෙන් බදු අය කිරීම, ජනතාව වෙනුවෙන් ණය ගැනීම පමණක් නොව සෘජුව ම ව්‍යාපාර ද කරයි. එය දැවැන්ත සමාගමකි. එහි ලාභාංශ බෙදා ගන්නේ ප්‍රධාන වශයෙන් ම දේශපාලකයන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන් හා රජයේ ඉහළ නිලධාරීන් විසිනි. පාඩුව මහජනයාගෙන් හෙවත් ප්‍රධාන වශයෙන් රටට විදේශ විනිමය ගෙන එන හා ඵලදායී වැඩ කරන ජනයාගෙන් පූරණය කර ගනු ලැබේ. මහජනයාට මෙය යුක්තියුක්ත කිරීම සඳහා රජය විසින් සුබසාධන සේවා පවත්වාගෙන යනු ලැබේ. එහෙත්, සුබසාධන සේවා පවත්වාගෙන යන්නේ රජය පවත්වාගෙන යාම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණි.

අපි නිර්මාල් රංජිත් වැනි රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු උදාහරණයට ගනිමු. ඔහුගේ නම X ය කියා සිතන්න. මෙම පුද්ගලයා රජයේ විශ්වවිද්‍යාලයක උගන්වයි. එම රැකියාව සුවිශේෂ රැකියාවක් නිසා එයට වරප්‍රසාද රැසක් හිමි ය. ඒ අතරට මහජන මුදලින් විදේශ ශිෂ්‍යත්ව, වසර පහකට වරක් තීරු බදු රහිතව කාර් ආනයනය කර ගැනීමට දෙන බලපත්‍රය විකුණා මිලියන කීපයක ලාභයක් ලැබීම ආදිය පමණක් නොව, ඉතා අඩු වැඩ ප්‍රමාණයක් කර වැඩි වැටුපක් ලැබීමේ අවස්ථාව ද තිබේ. දේශන සඳහා සූදානම් වීම පිණිස කාලය ලබා දීම සාධාරණ ය. එහෙත්, මෙම X උගන්වන්නේ සාමාන්‍ය දේවල් ය. කාලයක් උගන්වා ඇති හෙයින් ඒවාට ඔහුට කිසිදු සූදානමක් අවශ්‍ය නැත. අමතර කාලය භාවිතා කර ඔහු රට පුරා දේශන පවත්වයි. මෙම දේශනයකට රු. 75,000ක් අය කරයි. ඒවායේ උගන්වන්නේ රටේ ජනප්‍රිය ‘ධනාත්මක' යයි කියන චින්තනයකි. එහෙත්, ජනප්‍රිය ඕනෑ ම දෙයක් මෙය තුළට එබිය හැකි ය. ස්ත්‍රී විරෝධය ජනප්‍රිය නිසා ඔහු එය ද සිය දේශනවලට පදනම් කර ගනියි.

ඔහු ධනවතෙකි. එහෙත්, ඔහු නිෂ්පාදන මාර්ගවල සෘජු හිමිකරුවෙක් නො වේ. එහෙම කියන්නටත් බැරි ය. ඔහු සිය ඉතුරුම්වලින් කොටසක් කොටස් වෙළඳපොළේ ද, තවත් කොටසක් වැඩි පොළියක් දෙන මුල්‍ය සමාගම්වල ස්ථාවර තැන්පතුවල ද ආයෝජනය කර තිබේ.

ඔහු හොඳ හෝටල්වලින් කයි බොයි. හොඳ වාහනයක ගමන් බිමන් යයි. ඔහුට සෞඛ්‍ය රක්ෂණයක් ඇත. ඒ නිසා ඔහු ප්‍රතිකාර ගන්නේ පෞද්ගලික රෝහල්වලිනි. ඔහු ඖෂධවල ජෙනරික් නාම ගැන දන්නේ නැත. ඒ නිසා ඔහු වෛද්‍යවරුන් ලියා දෙන වෙළඳ නාමවලින් ඖෂධ මිළ දී ගනියි.

මේ දිනවල ඖෂධ මිළ ජනප්‍රිය මාතෘකාවකි. ඔහු ජනප්‍රිය පුද්ගලයෙකි. ඒ නිසා, ආණ්ඩුවට විරුද්ධ දේශපාලන පක්ෂයක් ඔහු සිය බහුජන වැඩවලට සම්බන්ධ කර ගැනීමට කැමති ය. ප්‍රගතිශීලියකු ලෙස ද වෙළඳපොළ ඉල්ලුමක් ඇති කර ගැනීමට හැකි නිසා ඔහු ද ඒවාට යයි. ඔවුන්ගේ ඉල්ලුම අනුව ගැලපෙන දෙයක් කියයි.

මට තිබෙන ප්‍රශ්නය මේ X කවුරු ද යන්නයි. ඔහු ධනපතියෙක් ද? ඔහු ලංකාවේ ලොකු ම නිෂ්පාදන මාර්ග හිමියා සහ බදු මුදල් මගින් මහජනයා සූරා කා ලාභ ලබන්නා වන රජයේ පාර්ශ්වකරුවෙකි. එහෙත්, නිර්මාල් රංජිත් වැනි ලාංකීය මාක්ස්වාදීන් මේ අය සලකන්නේ ද වැඩ කරන ජනතාව ලෙසයි.

එතකොට ධනපතියා කවුරු ද? ධනපතියා යනු සිය ආයෝජන හරහා තවත් මිනිසුන්ට රැකියා ලබා දී තිබෙන, ඒ නිසා ම, අතිරික්ත ශ්‍රමයේ වටිනාකම අත්පත් කර ගැනීමට අවස්ථාව ලැබී ඇති මහ නරක, වෛර කළ යුතු, මිරිකා බදු ගෙන නැති භංග කළ යුතු, විනාශ කළ යුතු මිනිහෙකි.

මේ දොස්තර කියන මිළ වැඩි පෙති බොන්නේ අන්න ඒකා ය. අපි බොන්නේ අඩු මිළ පෙති ය. ඒවායේ මිළ අඩු කර නැත.

එක්කෝ ලංකාවේ සමස්ත සමාජය ම පිස්සුවට දෙන පෙති හරියට බී නැත. නැතිනම් මා පෙති බී නැත.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /*...ඒ අතරට මහජන මුදලින් විදේශ ශිෂ්‍යත්ව.....*/

    විස්තර නොමැතිව මට නම් මෙය විශ්වාස කළ නොහැක.

    ReplyDelete
    Replies
    1. ඒකනේ පැරාට වැරදිලා, මහජන මුදලින් බෙදන්නේ දෙපාර්තමේන්තු / අමාත්‍යංශ වල උදවියටනේ, විශ්වවිද්‍යාල ප්‍රජාවට ගිහිං එනකං පිංපඩි විතරයි.

      Delete
    2. එතකොට ඔයාද අර හැමතිස්සෙම "අනුභූතික සාක්ෂි" ඉල්ලන හාදයා?

      Delete
  2. රුපියල් සීයක්, දෙසීයක් හොරකම් කරන්නාට "හොරා" යයි කියනු ලැබේ.
    රුපියල් කිහිප දහසක් හොරකම් කරන්නාට "වෙළඳ ව්‍යාපාරිකයා" යයි කියනු ලැබේ.
    රුපියල් මිලියන ගණන් හොරකම් කරන්නාට "රජය" යයි කියනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. රුපියල් කිහිප දහසක් හොරකම් කරන්නාට "වෙළඳ ව්‍යාපාරිකයා" යයි කියනු ලැබේ.
      ???

      Delete
    2. නිර්මාල් ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක් බව කියවේ . ඉතිහාසය කියන්නේ උගන්නන්න තියෙන දෙයක්ද ? පාඩම් ඉගෙන ගන්න තියෙන දෙයක්ද ? .

      Delete
  3. ඖෂධ මිල අඩුකිරීම කිසිම විද්‍යාත්මක පදනමකින් කළ දෙයක් නොවන බව මා කලිනුත් ලීවා...
    හැබැයි අතට අහුවෙන ක්‍රෙම්කට හරි අඩුකරපු ඖෂධ මිල පාරිභෝගිකයාට සහනයක් බව පැහැදිළියි.

    ReplyDelete
  4. දැන් සමහර පෙති අඩුය..

    එමනිසා....

    පෙතත්ක් බොව් අයට පෙති දෙක බැගින්ද,
    පෙති දෙකක් බිව් අයට පෙති හතර බැගින්ද ගත හැක.

    යහපාලනය යනු එයයි...

    ReplyDelete
  5. සාරසට තාම කක්ක බර හැදිල නැතුව වගේ.

    ReplyDelete
    Replies
    1. // AnonymousDecember 1, 2016 at 10:18 AM
      සාරසට තාම කක්ක බර හැදිල නැතුව වගේ. //

      ඔහේ පැරාතුමා ගේ බ්ලොග් එකට ඇවිත් හොයන්නේ සරස තුමා ඇවිත් ද කියලා නේ?

      මෙන්න සරස තුමා ගේ සැබෑ රසිකයෙක් වන ඇනෝ තුමා ට උම්මා එකක්!

      Delete
  6. වෙදකමෙන් මාර ගසාකාමක් සිදුවේ. එය හැම තැනම සිදුවේ. මාස දෙකකකට පෙර මමත් අසනීප වී නnursing home කියන පවුද්ගලික රෝහලක දින හතරක් නැවතී සිටියෙමි, ආන්තිම දවසේ කකුලේ scan එකක් කළේය. මා එම radiologist ලඟට යනවිට ඔහු ඊට පෙර රෝගියගේ සscan එකේ වැඩකර කර සිටියේය.. මගේ scan එකට ගියේ විනාඩි එකකටත් අඩු කාලයකි. ම සමග කතාකලේවත් නැත.

    බිල බලපු විට scan එකට තුන්දාහයි. දොස්තරගේ ගාන පන්දාහයි. මව දවස් හතරක් දහ පාරක් පමණ බලපු surgeon ට දහදාහයි.

    ගම්පහ පවුද්ගලික රෝහලක මේක වුනේ.

    ReplyDelete
    Replies
    1. කතා නොකළ එක ගැන සන්තෝෂ වෙන්න එපාද? කතාකලා නම් ඒකත් බිලට එකතුවෙන්න තිබ්බා.

      Delete
    2. දවල්ට කන්ට ගෙදරින් බත් එක බැඳගෙන යන්නේ නැතුව කඩෙන් කාල ගණන් වැඩියි කියනවා!
      ගම්පහ පැත්තේ නැද්ද ආණ්ඩුවේ ඉස්පිරිතලයක් එහෙම.

      Delete
  7. වෙලාවකට නිර්මාල් කියනවා, X කියනවා අන්තිමට අත්තනායක කෙනෙක් ගැන කියනවා...

    දැන් කවුදබෝයි?

    ReplyDelete
    Replies
    1. සරස, අද දවසට උඹට දැන්ද රෙන්න බර හැදුණේ? හෙට ඉඳන් උදේ තේ එක බීලා දුම් උගුරක් ඇදපන්. එතකොට උදෙන්ම උඹට කක්කා යයි.

      Delete
    2. තැන්කූ කක්කා ඇනෝ!

      Delete
    3. නිර්මාල් නෙමෙයි. නිර්මාල් පොසිටිව් තින්කිං ලෙක්චර්ස් කරන්නෙ නැහැ.
      නිර්මාල් පොසිටිව් හිතන්නෙත් නැද්ද මන්දා

      Delete
    4. //වෙලාවකට නිර්මාල් කියනවා, X කියනවා අන්තිමට අත්තනායක කෙනෙක් ගැන කියනවා...

      දැන් කවුදබෝයි?//

      අත්තනායක එම් හේරත්.

      Delete
  8. ධනපතියන්ට වෛර කරමු, ධනවතුන්ට සහ ධානපතියන්ට ආදරය කරමු.

    ReplyDelete
  9. පැරාගේ ලියවිල්ල අනුව;

    //අපි නිර්මාල් රංජිත් වැනි රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු උදාහරණයට ගනිමු. ඔහුගේ නම X ය කියා සිතන්න. මෙම පුද්ගලයා රජයේ විශ්වවිද්‍යාලයක උගන්වයි. එම රැකියාව සුවිශේෂ රැකියාවක් නිසා එයට වරප්‍රසාද රැසක් හිමි ය. ඒ අතරට මහජන මුදලින් විදේශ ශිෂ්‍යත්ව, වසර පහකට වරක් තීරු බදු රහිතව කාර් ආනයනය කර ගැනීමට දෙන බලපත්‍රය විකුණා මිලියන කීපයක ලාභයක් ලැබීම ආදිය පමණක් නොව, ඉතා අඩු වැඩ ප්‍රමාණයක් කර වැඩි වැටුපක් ලැබීමේ අවස්ථාව ද තිබේ. දේශන සඳහා සූදානම් වීම පිණිස කාලය ලබා දීම සාධාරණ ය. එහෙත්, මෙම X උගන්වන්නේ සාමාන්‍ය දේවල් ය. කාලයක් උගන්වා ඇති හෙයින් ඒවාට ඔහුට කිසිදු සූදානමක් අවශ්‍ය නැත. අමතර කාලය භාවිතා කර ඔහු රට පුරා දේශන පවත්වයි. මෙම දේශනයකට රු. 75,000ක් අය කරයි. ඒවායේ උගන්වන්නේ රටේ ජනප්‍රිය ‘ධනාත්මක' යයි කියන චින්තනයකි. එහෙත්, ජනප්‍රිය ඕනෑ ම දෙයක් මෙය තුළට එබිය හැකි ය. ස්ත්‍රී විරෝධය ජනප්‍රිය නිසා ඔහු එය ද සිය දේශනවලට පදනම් කර ගනියි.

    ඔහු ධනවතෙකි. එහෙත්, ඔහු නිෂ්පාදන මාර්ගවල සෘජු හිමිකරුවෙක් නො වේ. එහෙම කියන්නටත් බැරි ය. ඔහු සිය ඉතුරුම්වලින් කොටසක් කොටස් වෙළඳපොළේ ද, තවත් කොටසක් වැඩි පොළියක් දෙන මුල්‍ය සමාගම්වල ස්ථාවර තැන්පතුවල ද ආයෝජනය කර තිබේ.

    ඔහු හොඳ හෝටල්වලින් කයි බොයි. හොඳ වාහනයක ගමන් බිමන් යයි. ඔහුට සෞඛ්‍ය රක්ෂණයක් ඇත. ඒ නිසා ඔහු ප්‍රතිකාර ගන්නේ පෞද්ගලික රෝහල්වලිනි. ඔහු ඖෂධවල ජෙනරික් නාම ගැන දන්නේ නැත. ඒ නිසා ඔහු වෛද්‍යවරුන් ලියා දෙන වෙළඳ නාමවලින් ඖෂධ මිළ දී ගනියි//

    මට නම් හිතෙන්නේ වඩාත් ගැලපෙන්නේ "සරත් විජේසූරිය" වැනි පොත් වෙලඳ ව්‍යාපාරික විචිත්‍ර බයිලා කථික ඉතාම ප්‍රෝඩාකාරී ලෙස දෙස් විදෙස් ලාංකිකයින් රවටමින් ළමුන් සඳහා අවිද්‍යාත්මක මනස්ගාත පොත් ලියමින් ජන මනස අවුල් කරන තක්කඩි ව්‍යාපාරිකයකුට බවය.

    මෙයට අවශ්‍යනම් උග්‍ර රාජපක්ෂවාදී නාථභක්තික නලීන් සිල්වා, G.L. පීරිසා වැනි කපටි අවස්ථාවාදීන්ද තරමක් දුරට අදාළ කරගත හැකියි නේද බං පැරෝ?

    ReplyDelete
    Replies
    1. නිර්මාල් හැර තව හුඟක් එවුන් අදාලයි බං

      Delete
    2. ත්ඇත කතාව නම් උඹ වමාට බයයි කියන එකයි!

      Delete
    3. ඔව්. ඉතින් උඹට කහනවද?

      Delete
  10. පැරා, මෙතන වෛද්‍යවරයා ධනපතියා ලෙස හඳුන්වන්නේ යමක් කමක් ඇති සල්ලි තියෙන මිනිස්සු. ඒ කියන්නේ මාක්ස්වාදී අර්ථයෙන් ධනපති, හොරු, රජයේ ඉහළ නිලධාරී සහ X සියලු දෙනා අයිතියි. ඔහු සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථය අදහස් කරන්නේ නැති බව ඕනැ කෙනෙකුට පැහැදිලි යි.

    මාක්ස්වාදයට එරෙහි ඔබ අවශ්‍ය වෙලාවට මාක්ස්වාදී අර්ථය මතු කිරීම සුදුසු මදි. සන්දර්භය අනුව තේරුම් වෙනස් වීම නොදන්නා කෙනෙක් නොවෙයි ඔබ. අවධානය වෙනස් කිරීම පමණයි ඉලක්කය. ඒ වගේම ධනපතියා කියන සම්භාව්‍ය අර්ථය දැන් සංවර්ධනය වෙලානේ තියෙන්නේ. මේ ධනපති ක්‍රමය මත මනාව ආරක්ෂා වෙන, ඉන් යැපෙන, ඊට සේවය කරන ඕනැ කෙනෙක් ඒ පන්තියට අයිතියි. ධනපති ක්‍රමයකදි රජය කියන්නේ ධනපතියන්ගේ නියෝජිත ආයතනයක් විතරයිනේ. ඉන් වාසි අරන් රජය පවත්වා ගෙන යන ඕනැ කෙනෙක් ඊට අයිතියි. ධනපතියන්ගෙන් හා රජයෙන් පීඩනයට පත් වෙන අය පීඩිතයෝ. ඒ පන්තිය දැන් සම්භාව්‍ය අර්ථයෙන් කම්කරුවෝ විතරක් නෙමෙයිනේ.මාක්ස්වාදය පරණ කෝවෙම හිර කරන්න බලන්නේ මාක්ස්වාදීන් විතරක් නෙමෙයි.

    ReplyDelete
  11. පැරා, කාලෙකට පස්සේ උඹ මතක් වුණා අවදි වුණු ගමන්. පැරා, ලැකාන් කියනවා පුද්ගලයාගේ සවිඥානිකය සහ අවිඥානිකය බෙදී වෙන් වීම ඔහුගේ ආශාවේ වස්තුව සමඟ තියෙන සම්බන්ධය මදීමය සම්බන්ධයක් බව. ඒ සම්බන්ධයේ ප්‍රකාශනය වනුයේ ෆැන්ටසිය බවත් ලැකාන් කියනවා. පුද්ගලයාගේ ‍බෙදීම ලැකාන් $ යනුවෙන් හඳුන්වනවා. ඒක කියන්නේ S Split කියලා. ඉරි කෑල්ල තමයි split එක. මොකේ ද S කියන subject එකේ. $ සම්බන්ධවෙන්නේ ආශාවේ වස්තුවට (object cause of desire) හෙවත් a ට. ඔන්න ඔය සම්බන්ධය මත තමයි ෆැන්ටසිය හැදෙන්නේ. ලැකාන් ඒක නිරූපණය කරනවා මදීමයෙන් මෙන්න මෙහෙම;

    $ <> a

    ඒ කියන්නේ ආශාවේ වස්තුව ගැන ඇති වන ෆැන්ටසිය ‍පවත්වා ගන්නේ $ නිසා. ලැකාන්ට අනුව $ යනු subject split. අපේ සහෝදරයෙක් එක පාරටම ඇහැව්වා ඕක පැරාට දැම්මොත් මොකද වෙන්නේ කියලා?

    පැරා උඹ මොකද හිතන්නේ මදීමය පැරා විෂයේ හැසිරීම ගැන?

    ඇත්තටම මචං පැරා විෂයේ දී ලැකානියානු මදීමය සැලකූ විට $ කියන්නේ පැරා කියන subject එක subconscious එකටයි unconscious එකටයි split වීමම නොවෙයි. පැරා ආශාවේ වස්තුව මත කරන ෆැන්ටසිය පවත්වාගෙන යන $ කියන්නේ ලෝකයේ ප්‍රමුඛම විනිමය සංකේතයක්. යහපාලනය මත පැරා ගොඩනඟන ෆැන්ටසිය පවත්වාගෙන යන්නේ එම $ කියන විනිමය සංකේතය විසින්.

    දැන් උඹ රාවයට ලියන නිසා සින්තෝමය, මදීමය, ප්‍රමෝදයේ අතිරික්තය වගේ දේවල ටිකක් conceptualise කරපන්.

    පැරා උඹේ ඔය ප්‍රමෝදය වැඩි වෙලා වැඩි වෙලා යහ් මොහොතක උපරිමයට එනවා. ප්‍රමෝදයේ උපරිමය යනු වේදනාව. අපිට හිතෙන්නේ නම් උඹට උඹේ ආශාවෙි වස්තුව මාරු කරන්න කාලය ඇවිත්. මොකද 2020 වෙනකන් යහපාලනය පවතින පාටක් නැහැ. මචං ප්ලීස් split එක crisis එකක් වෙන්න දෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍ර‍ශ්නෙ මේකයි මචං. ලැකාන් ඔහොම කිව්වා ය කියලා මට පාන් ද?

      Delete
    2. මං එහෙම කියන්නෙ ඇයි කියන එකත් උඹට පැහැදිලි කරන්නම්. ඔය වගේ අදහස් විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ඒවා නෙමෙයි. ඕවා පදනම් වන්නේ තර්කනය මතයි.

      ඔය කාරණා පිළිබඳව වෙනස් තර්කන රාමු තුළ ඉදිරිපත් කරන ලද වෙනත් අදහසුත් තියෙනවා.

      ගැඹුරින් හිතන්න පුළුවන් චින්තකයකුට වගේ ම පිස්සෙකුට වුණත් ඔය වගේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්.

      ඒවායේ සාර්ථකත්වය තිබෙන්නේ ඒවා පිළිගන්න උඹලා වගේ භක්තිකයන් පිරිසක් හදාගන්නට පුළුවන් වීම මතයි. උඹලා ඉතින් ඕවා විග්‍රහ කරනවා. අර්ථකථනය කරනවා. තමන්ගේ සතුරන්ව එහෙම ආදේශ කරලා බලන්න උත්සාහ කරනවා. එහෙම දාලා ඒකට ගැලපෙන විදියට සතුරාගේ චරිතය උඹලා ම සංකල්පනය කරනවා.

      උඹලා පව් බං. අපට උඹලව දැනෙන්නෙ නැහැ. අපි ඔය මගුල් ගැන හිතන්නෙ නැතිව සතුටින් ජීවත් වෙනවා.

      අනෙක මේකත් කියන්නට ඕනැ. යහපාලන රජයට මොනවා වෙනව ද කියන එක මට වැදගත් නැහැ. මට වැදගත් ඒකෙන් පස්සෙ මොකක් ද එන්නෙ කියන එක විතරයි.

      අපි යන්නෙ ගමනක්. අපි බෝට්ටු ස්කිපර්ලා නෙමෙයි. ඒ නිසා අපට බෝට්ටුව වැදගත් නැහැ. බෝට්ටුව අපි බලාපොරොත්තු වන තෙරට ළඟා වෙනවා ද කියන එක විතරයි අපට වැදගත්.

      උඹලා බෝට්ටුව වටේ හෙලුවෙන් නටපල්ලා.

      Delete
    3. පැරා මේ අපි මේවට බෝට්ටුවලින් ආවේ නැහැ. අපි ආවේ ර.ත.ම

      පැරා උඹ මේ රෝල්ස් තුන ම කරල ද ඉන්නේ මේ වෙත් දී???


      ලකානියානු පීතෘ කතිකාව සංකේතීය පියා (symbolic father), චිත්තරෑපීය පියා (imaginary father) සහ යථාමය පියා (real father) ලෙස ත්‍රිවිධාකාර ය.

      චිත්තරෑපීය පියා (imaginary father) යනු “පියා” නම් වන සංකල්පය පිළිබඳ දරුවාගේ පරිකල්පනයේ නිර්මිතය ය. පියා පිළිබඳ මෙකී පරිකල්පනය හොද හෝ නරක, ක්‍රෑර හෝ කාරුණික ආදී රූපික ප්‍රතිවිරුද්ධතාවන්ගෙන් එකක් විය හැකි ය.

      පෙර සඳහන් කෙරුණු පරිදි සංකේතීය පියා (symbolic father) යනු ළදරුවකු තම මව කෙරෙහි හෝ ළදැරියක තම පියා කෙරෙහි හෝ දක්වන “ආශාව” අත්හැරීමේ දී ඒ සඳහා විකල්පය ලෙස තෝරාගනු ලබන හැඟවුම්කාරකය (signifier) හෙවත් “පීතෘ නාමය” (the name of the father) ය. “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” මේ අනුව පුරුෂ වීම ම අවශ්‍ය නැති බවත්, එය අහිමි කරනු ලැබූ ආශාවට අනුගත ව පුරුෂ හෝ ස්ත්‍රී හෝ විය හැකි බවත් පෙර සඳහන් කෙරිණි.

      ලකාන්ට අනුව යථාමය පියා (real father) යනු ජෛව විද්‍යාත්මක පියා හෝ මව සමඟ ජීවත් වන පුරුෂයා හෝ නො වේ. ළදරුවකු තම මව කෙරෙහි හෝ ළදැරියක තම පියා කෙරෙහි හෝ දක්වන “ආශාව” අත්හැරීම සඳහා යථාර්ථය (reality) තුළ හෝ යථාර්ථයේ යම් ආකාරයක් තුළ හෝ ළදරුවාට හෝ ළදැරියට හෝ මඟ පෙන්වන ඕනෑ ම භාවයකි (any being). එනම් දරුවකුගේ ව්‍යභිචාරකාමය (incestuous desire) අවරෝධනය කරවා, දරුවා මවගේ පැලස (phallus - පුරුෂ සංකේතය) බවට පත් වීමෙන් වළක්වනු ලබන්නේ (වෙනත් ආකාරයකින් පවස‍න්නේ නම් මව විසින් දරුවා පැලස බවට පත් කර ගනු ලැබීම වළක්වනු ලබන්නේ) කිසි යම් භාවයක් විසින් නම් එකී භාවය යථාමය පියා (real father) නමි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් යථාමය පියා (real father) යනු මවගේ අශාවේ වස්තුව ය!

      දරැවකුගේ පුරුෂභාවය (masculinity) හෝ ස්ත්‍රීභාවය (femininity) සමාජීය නිර්ණය වන්නේ යථාමය පියාගේ (real father) මඟ පෙන්වීමෙන් සිදුවන දරුවාගේ ව්‍යභිචාරකාමය (incestuous desire) අවරෝධනය හෙවත් සංකේතමය වන්ධ්‍යකරණය මඟින් ය. පරිකල්පනීය නිර්මිතයක් වන චිත්තරෑපීය පියා (imaginary father) භාෂාත්මක නිර්මිතයක් වන සංකේතීය පියා (symbolic father) තරමට ම පරිපූර්ණ නො වන නිසා චිත්තරෑපීය පියා (imaginary father) සහ සංකේතීය පියා (symbolic father) අතර යම් හිඩැසක් (gap) පවතී. ෆ්‍රොඩියානු මනෝවිශ්ලේෂණයේ ලකානියානු දිගුවට අනුව වැදගත් ම සංකල්පය වන්නේ යථාමය පියා (real father) ය.

      Delete
    4. අන්තිම ඡේදයේ:

      භාෂාත්මක නිර්මිතයක් වන සංකේතීය පියා (symbolic father) පරිකල්පනීය නිර්මිතයක් වන චිත්තරෑපීය පියා (imaginary father) තරමට ම පරිපූර්ණ නො වන නිසා චිත්තරෑපීය පියා (imaginary father) සහ සංකේතීය පියා (symbolic father) අතර යම් හිඩැසක් (gap) පවතී.

      වෙන්න ඕන පැරා.

      Delete
    5. අඩෝ චිත්තරූ පයියා

      Delete
  12. මේ සාරසය කක්ක කන්ටේනරයක්නෙ, මූ යන යන තැන කක්ක හලනවා. මූ ඉස්කෝකෙ යන කාලෙත් ඔහොමලු, කලිසමේ කක්ක කර ගන්න නිසා මූට කියල තියෙන්නෙ කක්ක බෝයි කියලා. දැන්නම් කක්ක කලිසමේ නෙමෙයි මුළු ඇඟේම ගාගෙන, මූට කියන්න වෙන්නෙ කක්කසේන.

    ReplyDelete
    Replies
    1. Eyi Roberto umba adath kasiya gahuwa neda? Ko ban ara pol tika kadala tho horen wikkada?

      Delete
    2. රොබට්,

      උඹ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පෝස්ට් එකට අදාලව තොගේ මතය කියපන් ගොන් හිවල. සාරස බූරුව හරි අනිත් _ත්තිගෙ _ත්තු හරි ගැන බ්ලොග ඇඩ්මින් පැරා බලාගනීවි. තොට ඔච්චර _කේ අමාරුව නම් බ්ලොග් නොබල ඉඳහන්. බ්ලොග් වලට පොලිස් සේවයක් අවශ්‍ය නැහැ.

      Delete
    3. හැබෑට? උඹත් දැන් අර සිඩ්නි පොරටෝක් කාලකණ්ණි අවජන්මික කල්ලතෝනි වේස බල්ල වගේ වෙලානෙ.

      Delete
    4. පොල් කඩන රොබා මහතා ට අපගේ ප්‍රනාමය හිටන්!

      Delete
    5. සරස, හෙට උඹ මෙතන රෙන්න එන්නේ කීයටද?

      Delete
    6. // සරස, හෙට උඹ මෙතන රෙන්න එන්නේ කීයටද? //


      උදේ 9.00 පමන ආවාම ඇතිද හිටන්?

      Delete
  13. පැරාත් මාර ආතල් තමයි ගන්නේ :)

    ReplyDelete
  14. පූජිත කුජීත වෙලා. මණ්ඩලේ කචල් වලට විරාමයක් දීලා ඒ ගැන කතා කරමු.

    ReplyDelete
  15. Dear Para, I read all your posts and apreciate your veiws many a times. Nevertheless I'm confused about this article, as you have totally ignored the contents of his explanation and hanged on one word which he dose not use in the context what you talk about. I saw a similar veiw had been stated above by one "Ano" but you have not responded to him.
    I like to see your comment over this.
    පැරා, මෙතන වෛද්‍යවරයා ධනපතියා ලෙස හඳුන්වන්නේ යමක් කමක් ඇති සල්ලි තියෙන මිනිස්සු. ඒ කියන්නේ මාක්ස්වාදී අර්ථයෙන් ධනපති, හොරු, රජයේ ඉහළ නිලධාරී සහ X සියලු දෙනා අයිතියි. ඔහු සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථය අදහස් කරන්නේ නැති බව ඕනැ කෙනෙකුට පැහැදිලි යි.

    ReplyDelete
    Replies
    1. අනේ යනව ඕයි යන්න. මං ලියන්නේ මට ඕනැ දේ. තමුන්ට ඕනැ නම් කැමති ලිපි කියවල අනිත් ඒවා දැක්කෙ නෑ වගේ ඉන්නවා. එනව මෙතන ප්‍රශ්න අහන්න...

      Delete
  16. කාල් මාක්ස් විසූ සමයෙහි ද රජය නමැති යාන්ත්‍රණයෙන් ජීවත් වූ සහ එමඟින් ධනවත් වූ පරපුටු පෙළක් සිටියේ ය. එනිසා කාල් මාක්ස්ගේ "ධනපතියා" යනු ශ්‍රමිකයන්ගේ අධිපතියා නොහොත් නිෂ්පාදන මාර්ගවල අයිතිකරු පමණක් නොව, එකී පරපුටුවෙකු වුව ද විය හැකි යි.

    ReplyDelete
  17. කුමන අන්දමකින් හෝ "ධනපතියා" යැ යි කියා ගන්නා තත්ත්වයකට පැමිණ ඇති ලාංකිකයෙක් එකම බෙහෙත් පෙත්ත වැඩි මිළක් ගෙවා බොන්නේ, ඒ බෙහෙත් පෙත්ත ඔහුට විශ්වාසය තැබිය හැකි රටක (එංගලන්තය, අමෙරිකාව වැනි) නිෂ්පාදනය වී ඇති නිසා යි. එනම්, අඩු මිළැති ඉන්දියානු, බංග්ලාදේශ, පාකිස්ථානු බෙහෙත් පෙතිවල ප්‍රමිතිය කෙරෙහි ඔහුගේ විශ්වාසයක් නොමැති කම යි.

    ReplyDelete
  18. අජිත්,

    "ඔහු පවසන පරිදි රාජ්‍ය ඔෂධ සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම විසින් අලෙවි කරනු ලබන ඖෂධ කිසිවක මිළ අඩු කර නැත."

    ඉතින් හත්වලාමේ මේවා අර ප්‍රාජිතට කියනොවකො. අපි තමුන්ලා මක් කොරන්නද?

    "ඔහු වැදගත් යෝජනාවක් කරයි. එනම්, සියලු ඖෂධ ආනයන සමාගම් විසින් ආනයනයේදී සියලු ඖෂධ සඳහා නිල වශයෙන් ඉදිරිපත් කරනු ලබන මිළ අනුව සාධාරණ ලාභයක් සමාගමට ලබා දී මිළ නියම කරන ලෙසයි."

    කිරිඅප්පට බල්ලො පැනපි කිව්වලු.සියලු ඖෂධ සඳහා නිල වශයෙන් ඉදිරිපත් කරනු ලබන මිළ කවුද ගණනය කරන්නෙ? ඒක කරන විදිය අඩුගානෙ UN හරහා වත් මට කියල දෙන්න වද in detail?

    “උදාහරණයක් ලෙස මෙහි ප්‍රස්තුතය වන ශ්‍රී ලංකාව නම් ලෝක ආර්ථිකයේ පරිවාරයේ පිහිටි ධනේශ්වර රාජ්‍යයේ ඉතා බලවත් රජයක් ඇත. රජය ජනතාවගෙන් බදු අය කිරීම, ජනතාව වෙනුවෙන් ණය ගැනීම පමණක් නොව සෘජුව ම ව්‍යාපාර ද කරයි.”

    අම්මපා එහෙම ධනේශ්වර රාජ්‍යයේ ඉතා බලවත් රජයක් තියාගෙන මොකටද අජිත් අර පළාත් පාලන චන්ද කල්දාන්නෙ?

    ඔය ආණ්ඩුවේ ජාතකේ ගැන මම දවස් කීපෙටක කලින් මෙහෙම කිව්වනේ.



    "රටේ තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක එක්වී හදපු ජාතික ආණ්ඩුවක් යයි කියා ඔවුන් කියා ගන්නවා."

    කොහෙද කෙන්කියුෂා එහෙම ආණ්ඩුවක් මේ රටේ තියෙන්නේ? මහින්දට නාම යෝජනා මහා මැතිවරණයට දීල මේ සිරිසේන කියනවා මහින්ද චන්දෙ පරදිනවා කියල.(තමන්ගෙ අපේක්ෂකයෙක් ගැන ඔහොම අවලං නපුන්සක කතාවක් කියපු නායකයෙක් ගැන මට කියන්න?") ඕක කියනකොට එජනිස නායකයා සිරිසේන නේද මහින්ද නෙමෙයිනෙ? ඊට අමතරව කියනවා මම මේ චන්දෙදි පැත්තක් ගන්නේ නැතුව ස්වාධීනව ඉන්නවා කියල.

    මෙන්න බොලේ මෙයාම එජනිස මැතිවරණ ප්‍රකාශණය ඩලස් ලා සුසිල් ලාගෙන් පිළිඅරන් ඒකට ජය වේවා කියනවා. ඊට පස්සේ මහා මැතිවරණයට සතියක් දෙකක් වගේ තියල ඉරිදා පත්තරවල අර ජය වේවා කිව්ව එකට සමගාමිව එක promote කරන්න "මෛත්‍රී පාලනයක්" කියලා fake covers දානව තමන් සල්ලි දීල අර එජනිස campaign එක ඇතුලෙම (අවසන් වැකිය අලුතින් එකතු කරමි).

    මහා මැතිවරණයට දවස් දෙකක් වගේ තියල මාගල් ලියුමක් මෙයා මහින්දට යවනවා ඔයා නෙමේ තව ගානක් අගමැති කමට සුදුසුයි කියලා. මහා මැතිවරණයට ඉතා ආසන්නම සිකුරාදා දවසේ ශ්‍රීලනිප මහා ලේකම් අනුර යාපා සහ එජනිස මහා ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත තනතුරු වලින් ඉවත් කරලා උසාවි වැඩකරන අන්තිම දවසේ එයාලට විරුද්ධව තහනම් නියෝග අරගෙන පක්කලි දෙන්නෙක් ඒ තනතුරු වලට පත් කරනවා.

    අන්තිමට එජනිස ජාතික ලයිස්තුව මංකොල්ලා කනවා මදිවට deal දේශපාලනයක් කරල සම්බන්ධන් විපක්ෂ නයකත් අනුර කුමාර දෙවෙනි තැනටත් පත් කරනවා.

    මේවා හරි වැඩද? නෑ. අජිත් ජයසිංහල මේවට කට හොල්ලා නෑ.දන්නව විවාදේට ආවොත් කලිසම ඔලුවෙන් ගලෝන බව. දැන් මේ එයාලගේ සට්ටඹි සහ ඇට්ඹී රාලලා පළකරන්න තර්ජනේ කරන්නේ මගේ නියම නම. දුරබනු අංකය සහ ලිපි යොමුව.

    ඉතින් පලකරපියව්!!! යකුනට ද නොබයව මෙහි පැමිණි අප තොප වැනි ප්‍රේතයනට බියවේද?

    - මොණරවිල"

    උපුටාගැනීම නිමයි.

    දැන් අජිත් මේකට උත්තරදීල ඉහල දේශපාලනයේ ඉතිහාසගත ඉහලම ජඩ වැඩේ ගැන කතා කරමුද ? බේත් හොරකම් වගේද ජනමතය හොරකම් කිරීම ? එන්නකෝ විවාදයට.

    - මොණරවිල


    ReplyDelete
    Replies
    1. දැන් නම් මොණරවිල උන්නැහේට "කරුණා අම්මාන්" කියලා ආමන්ත්‍රණය කළාට කමක් නැහැ. ඇයි ගොම්මන්පිළ උන්නැහේ අපිට අපූරුවට පැහැදිලි කරලා දුන්නානේ මොණරවිල = කරුණා අම්මාන් කියලා.

      Delete
    2. මෙන්න මේ උදවියගේ ඇත්ත නම ටෙලිපොන් අංකය ලිපිනය ඊ මේල් එඩ්රස් එක ළඟදීම පළකරනවා.

      සා රස මොනරවිල මයුරවිල මි මරුවා රොබට්

      Delete
    3. //මෙන්න මේ උදවියගේ ඇත්ත නම ටෙලිපොන් අංකය ලිපිනය ඊ මේල් එඩ්රස් එක ළඟදීම පළකරනවා. //

      හයියූ..
      බිත්තර කටුවක් හොයාගන්න ඕනෑ හැන්ගෙන්න හිටන්!

      Delete
    4. ඔහේ වගේ බූරු තඩියෙක්ට බිත්තර කටුවක හැංගෙන්න බැරි වෙයි ආයුබොවන්ඩ

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා