වාසුදේව ගෙඩියා

අවුරුදු 76යි වයස - භාෂාවෙන් කියන්න බෑ 
වාසුදේව නානායක්කාර යනු හිටපු ජාතික භාෂා ඇමතිවරයා ය. ඔහු පාර්ලිමේන්තුවේදී පකයා යන වදන හැන්සාඩ්ගත කරමින් ව්‍යවහාරයට රැගෙන තිබේ. 

ඇත්තෙන් ම එය විශිෂ්ට සේවාවකි. මන්ද, මින් පසු අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා වෙනත් දේශපාලකයන් සඳහා ඔය වචනය භාවිතා කළ හැකි ය. 

පක යනු ගෙඩිය යන අරුත් දෙන වදනකි. එය සද්ධර්මරත්නාවලියේ මෙසේ යෙදේ. එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරිපකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. (මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව)

පක යන්න පුරුෂ ලිංගය සම්බන්ධයෙන් යෙදෙන්නේ එය කිසියම් ආකාරයක දිගටි ගෙඩියක් වැනි දෙයක් නිසා විය හැකි ය. 

එහෙත් වාසුදේව මෙම වදන යොදාගන්නේ ගෙඩියක තිබෙන පරිපූර්ණත්වය, සරුබව වැනි කරුණු මත පදනම්ව දේශපාලනික පරිපූර්ණත්වය පිළිබඳ ඇඟවීම පිණිස බව පෙනේ. 

කොයි පැත්තෙන් බැලුවත්, දේශපාලකයන්ට මේ වදන හොඳින් ගැලපේ මේ වාසුදේව ගෙඩියා යනු කලක් අපගේ ගෞරවයට පාත්‍ර වූ වාමාංශිකයෙකි. එහෙත් මේ ගෙඩියා දැන් පෙනී සිටින්නේ රාජාණ්ඩුවක් ඇති කරන්නට, දූෂණය රජ කරන්නට හා භීෂණය නැවත ඇති කරන්නට ය. මේ ගෙඩියා දැන් ප්‍රජාතන්ත්‍ර විරෝධියෙකි. මොහු අවුරුදු 76ක් වයස ගෙඩියෙකි. 

මෙවැනි වාමාංශික ගෙඩියන් වෙනුවෙන් අපගේ ජීවිත කාලයෙන් සැලකිය යුතු කාලයක් නාස්ති වීම ඇත්තට ම අපරාධයකි. කෙසේ වෙතත්, මේ ගෙඩියා මේ වදන පාර්ලිමේන්තුවට හඳුන්වා දීමෙන් කළ සේවය ගැන නම් අපි ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. 

දැන් මේ ගෙඩියන් රැළ ගෙඩිහලේ සිටියා ඇති ය. ඒ නිසා දැන් මේ ගෙඩියන් වෙනුවට අලුත් ගෙඩියන් පිරිසක් පත් කර ගන්නට කාලය හරි ය. වාසුදේව ගෙඩියා හා ඔහුගේ රැළේ සෙසු ගෙඩියන් ගෙඩිහලෙන් නෙරපා හැරීම සඳහා කටයුතු කළ යුතු ය. 

මෙතන පොඩි පරහක් තිබේ. පාර්ලිමේන්තුවට පත් වන ගැහැනුන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා 
ගෙඩියා යන වදන සුදුසු නැත. ඒ සඳහා ආසන්න වදන වන්නේ ---- යන්නයි. සුතනන් ඇත්තී සුත්තී හෙවත් ---- බව ඇතැමෙක් කියති. ඒ කෙසේ වෙතත්, මේ සඳහා සුදුසු ස්ත්‍රීලිංගික වදනක් නිර්මානය කර දීමේ කාර්යය ද වාසුදේව ගෙඩියා විසින් කර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හෙහ් හෙහ් හෙහ්.... මේ පකයා කතාව කියද්දී ඔහු "හිටපු" භාෂා ඇමති වීම තරම් අභාග්‍යක් තවත් ඇද්ද? අතීතයට බලපාන පරිදි ඇමතිකම දෙන්න බැරිද දැන්වත් ?

    ReplyDelete
    Replies
    1. නැත නැත රාජ්.

      අතීතයට බලපාන ලෙස ඇමතිකම් දීමට නැත.

      අනාගතයට බලපාන ලෙස පැරාට එකඟවීම නම් දැන් සිටම කල හැක. හෙහ් හෙහ්.

      අතීත අනාගත වර්තමාන කාලත්‍රයටම බලපාන ලෙස පැරාගේ බොක්කේ ෆිට් එක වන රාජ්ට අපේ විප්ලවීය ආචාරය!!

      Delete
    2. Ane pala pakaya

      Delete
    3. පාර්ලිමේන්තුවේ සියල්ලන්ටම බාධා කරමින් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් , ප්‍රජාතන්ත්‍ර වාදය හෝ තුට්ටුවකට මායිම් නොකර ඒකාධිපති තිරස්චීන සුනඛයෙකු ලෙස හැසිරෙන පිං අගමැති රනිල් ආමන්ත්‍රණය කිරීමට පකයා යන වචනය හොඳ වැඩිය . ලැජ්ජයි , ලැජ්ජයි , ලැජ්ජයි ... වාඩි වෙන්න , වාඩි වෙන්න , වාඩි වෙන්න. UNP එකට කුලියට ලියන බොක්කේ ෆිට් එක වන පැරාටත් අපේ විප්ලවීය ආචාරය!!

      Delete
    4. 'මේ පාර මං කුණුහරුප කිව්ව විතරයි, ඊළඟ දවසෙ මම කලිසමත් ගලවල පෙන්නනවා' - වාසු

      Delete
  2. Replies
    1. රනිල්ට පකයා කියපු එකද?

      Delete
    2. paasu waka da?

      Delete
  3. - 'තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්'

    - 'පාර්ලිමෙන්තුවට ගරු කරන්න ඉගෙන ගනින්, පකයා'

    ReplyDelete
  4. As per the වේ we සී, එහෙම වචනෙකුත් ලඟදිම හම්බවෙයි අපිට.. දැනට පකයෝ ඔක්කෝටම ස්තූතියි!

    ReplyDelete
  5. වාසුදේව ගෙඩියා සහ නිමල්කා ගෙඩිච්චී.....................

    ReplyDelete
    Replies
    1. මේ මොකෑ, ඒ ඇත්තී මේ මලයට මක්කවත් නරකක් කරලයි?

      Delete
  6. Ane gediyo, pakaya yanu fucker yana ingilisi padayehi sinhala thathbhawaya yayi nodaneda fucker

    ReplyDelete
  7. . ඒ සඳහා ආසන්න වදන වන්නේ ---- යන්නයි. සුතනන් ඇත්තී සුත්තී හෙවත් ---- බව ඇතැමෙක් කියති.

    පකයාගේ ස්ත්‍රී ලිංග පදය පකී ඇයි එක අවුල් ද ?

    hu.... ත්තයි පකයි එක දවසේ උපන්නේ hu ...ත්තට වැඩිය පක වැඩිමල් කියන්නේ

    ReplyDelete
  8. පරාජයේ වියරුව

    ReplyDelete
  9. green blood▶▶▶May 22, 2015 at 3:04 PM

    ☆☆☆God bless our P-A-K-A-Y-A ♡♡♡

    ReplyDelete
  10. එච්චර කලු නූනට මමනම් මෙයාට කියන්නෙ බැරි කල්ලා කියල.

    ReplyDelete
  11. පාසු වකා - පලාන් ඩිකා
    පමල් විකා - පනේශ් දිකා

    පව් ඩිකා - පස්ස තිකා
    පලස් ඩකා - පනී ජොකා

    පමල් චකා - පසිල් බකා
    පාටා ගොකා - පජිං සකා

    පෝ රකා - පෝ යකා
    පාමල් නකා - පහින්ද මකා

    ReplyDelete
  12. පාර්ලිමේන්තුවෙ මන්ත්‍රි වරුන්ට දැන් පකයා කියා ආමන්ත්‍රනය කරනවානම්.ඒ පකයන්ට නායකයා පකේ නායකයා නැතිනම් පකා නායක විය යුතුයි නේද? (රන්ජන්)

    ReplyDelete
  13. Gediya = Pakaya: Excellent

    ReplyDelete
  14. වාසු ගැන අංශු මාත්‍ර හෝ ගෞරවයක් ඉතිරිවෙලා තිබුණනං ඒ සේරම ඊයෙ හේදිලා ගියා .

    ReplyDelete
  15. වාසූ කියන්නේ භාෂාව පිළිබඳ ඇමති කමක් දරපු බාසා වෙල්ලෙක්...

    ReplyDelete
  16. සුපිරි ලිවිල්ලක් අද නම්!

    ReplyDelete
  17. වාසුදේව මීට කලිනුත් පාර්ලිමේන්තුවේදී කුණුහරුප කියලා තියෙනවා. ඒ 1989 දී.

    එයා ඒ කුණුහරුපය කියූ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක් එය පුනරුච්චාරණය කරන්න කියපුවහම, වාසුදේව නැවතත් ඒ කුණුහරුපය කිව්වා. ඒ කාලේ රේඩියෝවේ, රූපවාහිනියේ පාර්ලිමේන්තු කතා (විශේෂයෙන් ම විරුද්ධ පක්ෂයේ) ප්‍රචාරය නොකරපු නිසාත්, ඉන්ටර්නෙට්, ෆේස්බුක් ආදිය නොතිබූ නිසාත් මේ සිද්ධිය එතරම් ප්‍රචලිත වුණේ නැහැ. "දිනමිණ" පුවත්පතේ පමණක් මේ පිළිබඳව වාර්තා කර තිබුණා (ඒත් කියපු කුණුහරුපය නම් සඳහන් වුණේ නැහැ).

    ReplyDelete
    Replies
    1. සෙංකෝලෙ උස්සන් දුවන සීන් එකත් පුරුදු කලේ ඔය ගෙඩියමනෙ

      Delete
  18. ලංකාවේ ජිවතුන් අතර සිටින, වාමාංශික නායකයින් අතර ඇරඹී ඇති , පිස්සු කෙළීමේ තරඟයේ මේ සතියේ ජයග්‍රාහකයා - ප්‍ර.වා.පෙ නායක, වාසුදේව නානායක්කාර

    ReplyDelete
    Replies
    1. I think it has to be corrected as 'Wamanshika Posila tika" (Leftist Fossils)

      Delete
  19. වාසුදේවට වී ඇත්තේ වයසට යාමත් සමග මොලේ කචල් වීමයි. මේ වයසේ ඔහු සිටිය යුත්තේ නිවසේ විවේක සුවයෙනි. මේ තත්වය සෑම දෙනාටම, එකම වයසක ඇතිවෙන්නක් නොවේ. එසේම, එවිට ඔවුන් ක්‍රියා කරන්නේ ද එකම ආකාරයට නොවේ.

    අප වුවද කෝප වූ වේලාවට සිත යටින් බැණ වදිමු. මෙතැනදී වාසුදේවට සිදුවුනේ හිත ඇතුලේ කියවුණු දේ වචන ලෙසින් එළියට ඒම පමණයි.

    කෙසේ වෙතත්, අද දිනෙයේ සිට සමාජ ජාලාවල, බ්ලොග්වල ලියන, කමෙන්ට් කරන බොහෝ දෙනා භක යන කුණුහරුපය රිසි සේ කියමින් අමුතුම නිදහසක් බුක්ති විඳිනු ඇත්තේ වාසුදේවට පින් සිදුවෙන්නටයි.

    මෙය, අර කලකට පෙර පුක යනු කුණුහරුපයක් බව කියවුණු දින සිට ඇති වුණු තත්වයට සමානය!

    ReplyDelete
    Replies
    1. උඹටනම් වයසට යන්නත් කලින් මොලේ කචල්...

      Delete
  20. වාසු මේ වචනය මහින්ද ගැන කීවා නම් පැරාට මාර ජොලියක් යනු ඇත. අප්සෙට් එක ඒක රනිල්ට කිමයි

    ReplyDelete
  21. වාසුදේවට වී ඇත්තේ වයසට යාමත් සමග මොලේ කචල් වීමයි. මේ වයසේ ඔහු සිටිය යුත්තේ නිවසේ විවේක සුවයෙනි. මේ තත්වය සෑම දෙනාටම, එකම වයසක ඇතිවෙන්නක් නොවේ. එසේම, එවිට ඔවුන් ක්‍රියා කරන්නේ ද එකම ආකාරයට නොවේ.

    අප වුවද කෝප වූ වේලාවට සිත යටින් බැණ වදිමු. මෙතැනදී වාසුදේවට සිදුවුනේ හිත ඇතුලේ කියවුණු දේ වචන ලෙසින් එළියට ඒම පමණයි.

    කෙසේ වෙතත්, අද දිනෙයේ සිට සමාජ ජාලාවල, බ්ලොග්වල ලියන, කමෙන්ට් කරන බොහෝ දෙනා භක යන කුණුහරුපය රිසි සේ කියමින් අමුතුම නිදහසක් බුක්ති විඳිනු ඇත්තේ වාසුදේවට පින් සිදුවෙන්නටයි.

    මෙය, අර කලකට පෙර පුක යනු කුණුහරුපයක් "නොවන" බව කියවුණු දින සිට ඇති වුණු තත්වයට සමානය!

    ReplyDelete
  22. ගෙඩිය=පකයා, යකෝ ඉස්සර අපි, කෙල්ලන්ටත් ගෙඩිය කිව්වා,මලා තමයි.

    ReplyDelete
  23. Ranilata uge aththa nama kiyanna moota puluwan weema gana nam ambaanaka sathutui. Ranilta kade yana kuliyata liyana appulaata nam saahenna ridila wage. Monaa unath a.p.j liyapu rasawathma lipiyak.

    ReplyDelete
    Replies
    1. ඉතින් ගොන් පකයෝ පක කියන්නේ ගෙඩියනේ. රනිල් හොඳ ගෙඩියක්. තෝ වගේ අවජාතක බූරුවෙකුට ඒ ටිකවත් තේරෙන්නේ නැද්ද. පකයා.

      Delete
  24. Mona pakyada yako Vasu pakaya kiwwata uta baninne?

    ReplyDelete
  25. වාසුදේවයන්ගේ හක පැලීම.
    එක් රාජ්‍ය සමයකදී මහා ගංවතුරක් ඇතිවිය. එම ගංවතුර බැස ගියායින් පසු වියළුණු වට්ටක්කා වැනි ස්වාභාවගත් මාගම්හු කිහිපදෙනෙක් වාසුදේව නමැති ඇමැත්තෙකුට අයත් පන් කොරටුවක පන් කැපීමට ගියහ. පන් වගාකිරීමට තමන්ගේ ඇති මහත් ආශාව නිසා මේ ඇමැත්තා පන් ගොයියෙකු ලෙසද දේශ දේශාන්තරයන්හි ප්‍රසිද්ධය . පන් කොරටුවේදී මාගමුන්ට හමුවුයේ මහා ගංවතුරෙන් පාවී ආ හකකි. හක නම්කළ යුතු ආකාරය පිළිබඳව ඔවුන් අතර මහා විවාදයක් හටගැනිණි. පන් කොරටුවෙන් හමුවූ නිසා මෙය පන් හකක් ලෙස නම්කළ යුතු යැයි පිරිසක් කී අතර තවත් පිරිසක් පවසා සිටියේ හකෙහි ප්‍රාණවත් ස්වාභාවය නිසා මෙය පණ තියෙන හකක් ලෙස හැඳින්වියයුතු බවයි. අවසාන තීරණයකට එළඹිය නොහැකි කල්හි මාගම්හු වාසුදේව ඇමැත්තා හමුව මෙහි පදරුත් විමසීමට තීරණය කළහ මක්නිසාද යත් හෙතෙම පන් කොරටුව අයත් පන් ගොයියා මෙන්ම රාජ්‍යයෙහි භාෂා විෂය භාර ඇමැත්තාද වන බැවිනි. තමන් හමුවට පැමිණි මාගමුන් විසින් ඉදිරිපත් කළ හක පිරික්සූ ඇමැත්තෝ මෙය නිසැකවම පන් හකක් බවද කලකට පෙර තමන් සතුව තීබී අතුරුදහන්වූ පන් හක මෙයම බවද එය එය අතුරුදහන් වූ අවස්ථාව වනවිටද එහි පණක් නොමැතිවීම නිසා මෙය කිසිසේත්ම පණ තියෙන හකක් ලෙස නම්කළ නොහැකි බවටත් අවධාරණය කළහ. එසේම නැවත තම පන් හක හමුවීමනිසා තමන් හක පලාගෙන ඇතැයි තමනට සරදම්කළ තම සතුරන්ටද කදිම පිළිතුරක් දීමට අවස්ථාව සලසාදීම ගැන වියළුණු වට්ටක්කා ස්වභාවය ගත් මාගමුන් කැලටද තම නොවක් තුතිය පුදකළ වාසුදේවයෝ තමන් වෙතින් කැමති වරයක් අයදින ලෙසට නියම කළෝය. මාගම්හු වාසුදේවයන් වෙතින් අයැද සිටියේ තමන්ට වාසුදේවයන්ගේ හකෙන් පත පත ලබාදෙන ලෙසටය. නමුත් වාසුදේවයන් පවසා සිටියේ තම පන් හකෙහි ප්‍රාණවත් බවක් නොමැති නිසා එය කිසිසේත්ම නොකළ හැකි බවයි. මෙයින් අධික කෝපයට පත් මාගම්හු මගතොටකදී වාසුදේවයන් හමු වුවොත් හක පලන බවට ශපථ කරමින් විසිරගියහ.

    ReplyDelete
  26. අඩේ රනිලුත් පැරාගේ බ්ලොග් එක කියවනවා වගේ.

    ඊයේ නිවුස් වල මම දැක්ක මාද්‍යවේදිනියක් වාසු ආතා කියපු කථාව ගැන ඇහුවහම රනිල් කිව්වේ
    -එයා වේලිච්ච වට්ටක්කා 'ගෙඩියක්'- කියල.

    ReplyDelete
  27. වාසුදේවයන්ගේ හක පැලීම යන කොමෙන්ටුව අතිශයින් නිර්මාණශීලී වුවද අතිශයින්ම අසභයය. පාසැල් ගුරුවරයකුවන පැරා මෙවැනි කොමෙන්ටු වලට ඉඩදීම ගැන පැහැදිලි කළයුතුය.

    ReplyDelete
    Replies
    1. මෙය පාසල් ගුරුවරයකු ලෙස පවත්වාගෙන යන අඩවියක් නො වේ. මෙය පවත්වාගෙන යන්නේ දේශපාලන ක්‍රියාකාරිකයකු විසිනි.

      Delete
    2. ඔබ ප්‍රශ්ණයෙන් පලා යයි. මෙම කොමෙන්ටුව ඉතාම නිර්මාණශීලීය. නමුත් මේ රචකයා තම නිර්මාණශීලී භාෂා හැකියාව ඉතා නිර්මාණාත්මකව ඉතාම අසභ්‍ය රචනාවක් සඳහා යොදාගැනීම ඔබ සාධාරණීකරණය කරන්නේ කෙසේද?

      Delete
    3. අසභ්‍ය බව සාපේක්ෂ දෙයකි. අපි මෙම ලිපියේදී අසභ්‍යබව ගැන සැලකුවේ අඩුවෙනි. එය අසභ්‍ය බව ඇත්ත ය. පාර්ලිමේන්තුවේදී පකයා යයි කීම ද අසභ්‍ය ය. අප වාසුදේවට එරෙහිව කතා කරන්නේ වාසු කුණුහරුප කී නිසා ම නො වේ. අපි වාසුට දේශපාලනිකව ද පහර දෙන්නෙමු. මෙතන ඔබට තිබෙන සභ්‍ය අසභ්‍යභාවය පිළිබඳ ප්‍රශ්නය අපට එතරම් අදාළ නැත.

      Delete
    4. කිසිවෙකු කලබලවීමට වුවමනා නැත. මේ කමෙන්ටුවේ රචකයා මමය. මෙම කමෙන්ටුවේ කීසිදු තැනක මා ඍජුව අසභ්‍ය වදන් පවසා නැත. මෙය දෙපිට කැපෙන පද පෙරළියෙන් යුතු කමෙන්ටුවකි. මම මගේ වෘත්තීය හෝ පුද්ගලික ජීවිතයේදී සාමාන්‍යයෙන් අසභ්‍ය වචන හෝ දෙපිට කැපෙන පද පෙරළියකින් අසභ්‍ය වන වචන සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේනේ නැත. මගේ උත්සාහය වූයේ ඉතාම පහත් මට්ටමින් පාර්ලිමේන්තුවේ අමු කුණුහරප කියන වසු (වාසු? ) වැනි පාරාජිකා වුණු අඳබාලයන්ට සහ ඒවා පලිප්පු දමමින් අගය කරන නපුංසකයන්ට මෙම පහත් ක්‍රියාව දිගටම කරගෙන ගියහොත් ඔවුනට වඩා නිර්මාණාත්මකව ඔවුන්ට තේරෙන භාෂාවෙන් අමතක නොවෙන පාඩම් ඉගැන්වීමට අප සුදානම් බව පෙන්වාදීමය. ඇනෝ මගේ නිර්මාණශීලීත්වය (?) ඇගයූවාට මබට ස්තුතියි. නමුත් නිර්භයව මෙය පළකළාට ඔබ අජිත් හට වඩාත් ස්තුතිවන්ත විය යුතුය. ඔහු ගුරුවරයකු බව මමද අසා ඇත නමුත් මා ඔහු සලකනුයේ දේශපාලන බ්ලොග්කරුවෙකු වශයෙනි. ඔබ දෙදෙනාම පවසන පරිදි මෙම කමෙන්ටුව අසභ්‍ය බව මමද පිලිගනිමි. නමුත් ඉතිහාසයේදී තම කතාවලදී එස්.ඩබ්.ආර් ඩී .බණ්ඩාරනායක ද ලේඛණ වලදී බී.ඒ. සිරිවර්ධන සහ සිරිලාල් කොඩිකාරද අවශ්‍යතාවය පරිදි මේ ක්‍රමයම අනුගමනය කර ඇත.

      Delete
    5. යකෝ උඹත් රනිල් - මංගල සමරිසි මරිසි මඩ කණ්ඩායමේ කුලියට කහින හොඳ පු _ දෙන්නෙක් නේද ? - ගජබා

      Delete
    6. ඔබගේ ගජබා යන ආරුඪ නාමය ගජබා යන නමටද අපහාසයකි. සමරිසින් යනු සමාජ උප සංස්කෘතික සුළුතර කණ්ඩායමකි. ඔබගේ නම දරණ ගජබා රජු තම සෙන්පති නීල තෝරාගත්තේ සමාජ සුළුතර කණ්ඩායමක් වන රජක වංශිකයන් අතරින් බව ඉතිහාසය පවසයි.රනිල් සහ මංගල ගේ සමරිසි බව හෝ වෙනකාගේවත් සමරිසි බව මට නම් ප්‍රශ්නයක් නොවේ. මගේ තේරීම සමරිසිත්වය නොවෙතත් සමරිසින් නොරිස්සීමට තරම් මා කුහක නැත. ඔබ වැනි වික්ටෝරියානු කුහක සහ ඊනියා සුචරිතවදීන්ටනම් රනිල් සහ මංගලගේ සමරිසිබව ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණය විය හැකිය. ඔබ ළිං මැඩියෙකු නොවී අන්තර්ජාලය , මුහුණු පොත සහ වෙනත් සමාජ ජාලයන් පිරික්සුවහොත් සමරිසිබව ශ්‍රී ලංකාව තුළ කොතරම් දැඩිව උප සංස්කෘතියක් ලෙස ස්ථාපිතව ඇතිදැයි ඔබටම නිරීක්ෂණය කළ හැකිය. අපට නම් වැදගත් වනුයේ රනිල් සහ මංගල එම සංස්කෘතිය අයත්ද නැද්ද යන්න නොව දේශපාලකයන් වන ඔවුන් රටේ සමාජ , දේශපාලනික සහ ආර්ථික ප්‍රගමනයට දායක වනවාද නැද්ද යන්නය. මම කුලියට ලියන්නෙක් නොවෙමි. ඕනෑම දෙයක් කුලියට ලියාදීමට තරම් ආර්ථික අහේනියක්ද මට නැත. මම මඩ ගසන්නෙක්ද නොවෙමි. නමුත් මඩ තලන දේශපාලනික ඌරන් ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුතු වපුරාද පලක් නොවේ. ඔබ අවසන පු_ දීමක්‌ ගැන පවසයි. එතැනදීත් ඔබ අතිශයින් පසුගාමීය. ඔය ඉන්ද්‍රියේ ලිංගික භාවිතාව පිලිබඳ වර්තමාන ප්‍රවණතාවයන් වැඩිහිටියන්ට පමණක් සීමාවූ වෙබ් අඩවීන් ඔස්සේ ඔබටම දැකබලා ගත හැකිය.

      Delete
  28. වාසුදේව නානායක්කාර කියන්නේ වේළුණු වට්ටක්කා ගෙඩියක් වගේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොතේදී පැවසීය.

    මන්ත්‍රී නානායක්කාර මහතා රටේ අගමැතිට පාර්ලිමේන්තුවේදී පරුෂ වචනයෙන් බැන වදිමින් ප්‍රකෝපකාරී සහ අශෝභන ලෙස හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කියන්නේ කුමක්දැයි මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහකා කීවේ පරාජය හමුවේ ඔහු ඒ තත්ත්වයට අද වැටී ඇති බවයි.

    ReplyDelete
  29. මට හොඳටම ශුවර් බන්දුල ගුනවර්ධන W3 බ්ලොගේ කියවනවා..

    http://www.gossiplankanews.com/2015/05/vasu-never-told-indecent-word-bandula.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා