Posts

Showing posts from April, 2015

19න් පසු අලුත් යුගයට අරුත් සපයමු

Image
ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා ජේ. ආර්. ජයවර්ධන වරක් මෙසේ පැවසී ය:  “We need an executive freed from the whims and fancies of the legislators”  අපට නීති සම්පාදකයන්ගේ උවමනා එපාකම්වලින් නිදහස් විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය බව එහි අරුතයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වුණේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්නටයි. ව්‍යවස්ථාමය වශයෙන් එවැනි දෙයක් පෙනෙන්නට තිබුණත්, 1978ට පෙර ඉතිහාසය හා සාපේක්ෂව බැලූ කල 1978න් පසු ඉතිහාසය තුළ රටේ අස්ථාවරත්වය වැඩි වී තිබේ. ධුර කාල දෙක ම බලයේ සිටි ජනාධිපතිවරු තිදෙනෙක් මේ රටේ සිටිය හ. ඒ ජේ.ආර්., චන්ද්‍රිකා හා මහින්දයි. මේ තිදෙනාගේ ම දෙවන ධුර කාලය තුළ ඔවුන් ඒකාධිපති ලෙස කටයුතු කරන්නට දැරූ උත්සාහයන් දකින්නට ලැබෙන අතර එම ක්‍රියාවන්ගේ අවසාන ප්‍රතිඵලය වූයේ රටේ අස්ථාවරත්ව වැඩි වීමයි. නිදසුනක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙවන වරට ජනාධිපති ධුරය දැරූ වකවානුවේ මේ රටේ මහ මැතිවරණ තුනක් පැවැත්විණි. මේ තුනෙන් ම බලයට පත් වුණේ එතරම් ස්ථාවර ආණ්ඩු නොවේ. ඇය දෙවරක් ම සිය බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරියා ය. මහින්

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම් කිරීම සාධාරණ ද?

Image
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට ද, පුද්ගලයකුට ජනාධිපති ධුරයට තේරී පත් වීමට ලැබෙන අවස්ථා ගණන දෙකකට ද සීමා කිරීම යහපත් ක්‍රියාමාර්ග වේ. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ය. එමගින්, එක පැත්තකින් මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීමට තිත තබා තිබේ. රටේ ආසන්න අනාගතය වෙනුවෙන් එය ද අත්‍යවශ්‍ය ය.  එසේම, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි සත්‍ය වශයෙන් ඇමරිකන් පුරවැසියන් වන ද්විත්ව පුරවැසියන්ට ද පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කිරීමේ අවස්ථාව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කර තිබේ. 91 වගන්තිය අනුව ද්විත්ව පුරවැසියෝ පාර්ලිමේන්තුවට පත් වීමට සුදුස්සෝ නො වෙති. ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග වැනි තවත් පුද්ගලයන් ද විදේශ රටවල නිත්‍ය පදිංචිකරුවන් වන අතර ඔවුන් පුරවැසිභාවය ලබාගෙන තිබේ නම් ඔවුන්ට ද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමට නො ලැබෙන්නට ඉඩ තිබේ.  විස්මයට හේතු වන කරුණ වන්නේ මෙම සංශෝධනවලට කිසිදු විරෝධයක් එල්ල නො වීමයි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වයේ එල්ලී ගොඩ යාමට උත්සාහ කරන රාජපක්ෂ පවුලේ බත්බැලයන් පවා මේ ගැන කිසිවක් ක

පෙරටුගාමී සමාවාදී පක්ෂයේ ඓතිහාසික වයර් මාරුවීම

Image
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එයට හේතුව සෙවීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ලංකා වීව්ස් වෙබ් අඩවියේ සිය ප්‍රතිවාදී ජවිපෙ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වීම විවේචනය කරමින්  ඇයි මේ ජවිපෙ 19 වෙනුවෙන් මරාගෙන මැරෙන සටනක?  මැයෙන් ලියන ලද ලිපියෙහි මෙසේ දක්වා තිබිණි. ධනවාදය පවතින්නේ විධායකය, පාර්ලිමේන්තුව මේ ඔක්කොම හවුල් වෙලා. දැන් ඒකට කොමිෂන් ටිකකුත් එනවා. මේ හැම එකක්ම කරන්නේ, සිස්ටම් එක පවත්වාගෙන යන එක. සිස්ටම් එකට ඕන තීන්දු තමයි මේවා ගන්නේ සිස්ටම් එක මේවා ගොඩනගන්නේ ඒකට. මාක්ස් කිසියම් යුගයක රජයන අදහස් වනාහි පාලක පන්තියේ අදහස් කියලා කිව්වේ මේකට. අපට නව ලිබරල් ආර්ථිකයෙන් නිදහස් වෙන්නේ නැතුව අරගෙන එන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ ආර්ථික උවමනා එපාකම් වෙනුවෙන් මේ ආයතන වැඩකරනවා. පාලකයන්ගේ කැමැත්ත තමයි ඒක. දහනමය කියන්නේ සමාජවාදී ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. එය සිදු වන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණයක් ලෙසයි. එහෙත් එය ලංකාවේ පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී විධායක ජනාධිපති ක්‍රමය පරාජය කර ප්‍රජාතන්ත්‍

19 සම්මතයි. ප්‍රජාතන්ත්‍රවාදය පියවරක් ඉදිරියට

Image
සරත් වීරසේකර   19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී තිබේ. වසර 37ක ඒකාධිපති ස්වරූපී පාලනය හා එය උපරිම තලයට ගෙන ආ නව වසරක රාජපක්ෂ ක්‍රමය නිත්‍ය ලෙස පරාජය කරන ලදී. රාජපක්ෂවාදීන් අතරින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරදවන බව ශපථ කළ වීරකුමාර දිසානායක නම් විමල් වීරවංශ පාක්ෂිකයා පක්ෂව ඡන්දය දුන් අතර විමල් වීරවංශ පක්ෂ බව කියන ගමන් සංශෝධනවලට පක්ෂ වූ නිසා පක්ෂ වන බව ද කීවේ ය.  පනතට විරුද්ධව ඡන්දය දුන්නේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි.  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. මේ වනාහි කිසිදු ප්‍රතිපත්තියකින් තොර කාර්යයක් බව අපේ අදහසයි. එය දෙවැනි වන්නේ පාර්ලිමේන්තුවට එන්නට තරම් ආත්ම ශක්තියක් නො තිබුණු හිටපු විනිසුරුවරයකු හා මහින්දගේ චක්ගෝලයකු වන ජානක බංඩාර හා එල්ලාවල මේධානන්ද වැනි අයගේ නින්දිත ක්‍රියාකලාපයට පමණි.  19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තරමක් තනුක කර තිබේ. විශේෂයෙන් ම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දසදෙනාගෙන් හතක් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමෙන් එම සභාවේ දේශපාලනිකත්වය වැඩි වේ. එම සභාවේ කාර්යභාරය වන්නේ ස්වාධීන කොමිෂන් සභ

සම්මුති මැදින් 19 සම්මත වන ලකුණු

Image
පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන ලකුණු දක්නට තිබේ.  කෙසේ වෙතත්, විවාදය තව දුරටත් පැවැත්වෙන අතර ඡන්ද විමසීම පස්වරු 7 දක්වා කල් දමා තිබේ.  පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සාකච්ඡා රැසක් පැවැත්වුණ බව ද මේ වන විට සම්මුතියක් නිර්මානය වී 19 සම්මත වන ලකුණු පහළ වී ඇති බව ද නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා සිය මුහුණු පොතේ පවසයි.  ඇති වී තිබෙන සම්මුතිය අනුව, අගමැතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයාට ‍පැවරේ. මෙම බලය ජනාධිපතිවරයා අත තබා ගැනීමට අවශ්‍ය වී තිබෙන්නේ විපක්ෂයටයි. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ගැන ද මතභේදයක් තිබේ. අගමැති, කතානායක හා විපක්ෂ නායකත් තවත් ස්වාධීන ප්‍රමුඛ පුද්ගලයන් සත්දෙනෙකුත් ඇතුළු වන පරිදි ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමට යෝජනා වුව ද, එයට විපක්ෂය විරෝධය පළ කර තිබේ. විපක්ෂය විසින් යෝජනා කර තිබෙන්නේ ඒ හත්දෙනා ද මන්ත්‍රීවරුන් විය යුතු බවයි. ‍‍ ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් නිර්දේශ කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාව විසිනි.  19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල සීමා වන නමු

රටේ ස්ථාවරත්වය වෙනුවෙන් මහින්ද ව්‍යාපාරය නවත්වනු!

Image
ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ ‍සභපාති මේජර් නිස්සංක සේනාධිපති විසින් දැන් සති කීපයක් තිස්සේ ඉරිදා පුවත්පත්වල දැවැන්ත දැන්වීම් පළ කරමින් කරන්නට උත්සාහ කරන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම වැදගත් ය.  නිදසුනක් ලෙස ඉරිදා ලංකාදීප පුවත්පතේ පිටු දෙකක් පුරා දැන්වීම් පළ වේ. ඒවායින් කියැවෙන්නේ නිස්සංක සේනාධිපති රණවිරු පවුල්වලට අත දිග හැර උපකාර කළ දෙයියෙක් බවයි.  මේ දැන්වීම් පළ කරන්නේ ඇවන්ට්ගාඩ් සුරැකීම සඳහා වූ සංවිධානයක් විසිනි. සිකියුරිටි කොම්පැනියක් ආරක්ෂා කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් බිහි වී තිබේ නම් එය ලොව පළමු එවැනි ව්‍යපාරය විය යුතු ය.  ඇවන්ට්ගාඩ් සිද්ධිය ගැන දැන් විමර්ශන සිදු වෙමින් තිබේ. එහි දැවැන්ත වංචාවක් සිදු වී ඇති බව පෙනේ. මූලික ප්‍රශ්න කීපයක් තිබේ.  නාවික හමුදාවට ලැබිය හැකිව තිබුණු ලාභයක් පෞද්ගලික සමාගමකට ලබා දීමට රජය තීරණය කළේ කුමන පදනමකින් ද?  එම පෞද්ගලික සමාගම මෙම කාර්යය සඳහා තෝරා ගත් විනිවිදභාවය කුමක් ද?  එම පෞද්ගලික සමාගමට අයත් දේපල ආරක්ෂාවට නාවික හමුදාව යෙදවූ පදනම කුමක් ද? නාවික හමුදාවට අයත් ගිනි අවි එම පෞද්ගලික සමාගමට ලබා දුන්නේ කෙසේ ද? එම සමාගමට පාවෙන අවි ගබඩාවක් පව

දැන් විධායක ජනාධිපතිවරු ගණන වැඩියි - මහින්ද කියයි

Image
මහින්ද නුවරඑළියේ වත්මන් ආණ්ඩුවේ ඇමති සී.බී. රත්නායක සමග (ඡායාරූපය - දි අයිලන්ඩ්) මහින්ද රාජපක්ෂට තදබල අමතක වීමේ රෝගයක් තිබේ. විශේෂයෙන් ම තමන්ගේ පාලන කාලයේ පැවති දුර්දාන්තබව අමතක වී ඇති බවක් ඔහු පෙන්වයි. ඔහුගේ පාලනයේ ගුණ වර්ණනා කිරීමට බුද්ධිමත් මිනිසකු සොයා ගැනීමට බැරි නිසා දැන් ඒ වර්ණනා ඉදිරිපත් කරන්නේ ඔහු ම ය.  ඊයේ ගාල්ලේ පන්සලක පැවති උත්සවයකදී ඔහු පැවසූ දේ අද දි අයිලන්ඩ් මුල් පුවතේ දුටුවෙමි.  ඔහුගේ කාලයේ කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව වැඩි බවත් දැන් විධායක ජනාධිපතිවරුන් ගණන වැඩි බවත් ඔහු පවසයි. ඔහුගේ කාලයේ කෙතරම් කැබිනට් ඇමතිවරුන් සිටියත් රටේ ප්‍රධාන අමාත්‍යාංශ සියල්ල තිබුණේ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු අතේ ය. කිසිදු වැඩක් පැවරී නො තිබුණු ඇමතිවරුත් සිටිය හ. ඔවුන්ට දී තිබුණේ ඇමති තනතුරුවලට ලැබෙන භෞතික වරප්‍රසාද වූ වාහන, ඉන්ධන, කාර්ය මණ්ඩල ආදිය භුක්ති විඳින්නට ය.  ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එජාපයේ ඔඩොක්කුවට වැටෙනවා දකින්නට තමන් අකැමැති යයි කියන ඔහු සිරිමා බණ්ඩාරනායක පක්ෂයේ නායකත්වය දැරූ සමයේ අනුර බණ්ඩාරනායක සමග නැටූ නාඩගම් හා 2001දී එජාපයට එක් වීමට එස්. බී. දිසානායක ඇතුළු

කාටුන් ශිල්පියෝ අපට මේ වැඩේ එපා කරති - Cartoonists frustrate us

Image
අපි වචන ගොඩක් මැද අතරමංව අදහස් ප්‍රකාශනයට සුදුසු වචන සොයමින් අසතුටින් තැවෙමින් සිටින සඳ  කාටුන් ශිල්පියෝ ඉරි කැබලි කීපයකින් සමච්චලයට ලක් කරති.  While we are scratching our heads to select the perfect words from a massive mountain of words to express what we want to say, cartoonists ridicule us with a few jotted lines.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ජනාධිපතිවරයාගේ ජීවිතයට බරපතල තර්ජනයක්

Image
නාමල් රාජපක්ෂ අදාළ රැස්වීමේදී   අඟුණුකොළපැලැස්ස පුරහලේදී පසුගිය සෙනසුරාදා පැවති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගි වූ ශ්‍රීලනිප රැස්වීමේදී බරපතල හිටපු ජනාධිපතිගේ පුත්‍ර නාමල් රාජපක්ෂ මන්ත්‍රීගේ ආරක්ෂකයකු වන හමුදා කෝප්‍රල්වරයකු ගිනි අවියක්ද සඟවාගෙන ජනාධිපතිවරයා අසලට පැමිණීම අතිශය බරපතල සිද්ධියකි. බලයෙන් ගිලිහී දූෂණ චෝදනාවලට ලක් වී සිටින රාජපක්ෂ පවුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඉන්නේ බද්ධ වෛරයකින් බව කවුරුත් දනිති. එවැනි පසුබිමක මෙවැනි සිද්ධියක් සිදු වීම බරපතල සැකයට තුඩු දෙන්නකි. මෙය කිසියම් පෙරහුරුවක් වන්නට පුළුවන. මෙම නිලධාරියා පසුව හඳුනාගෙන ඉවත් කර තිබේ. ජනාධිපති ආරක්ෂක අංශය විසින් කළ යුතුව තිබුණේ ඔහු ඉවත් කිරීම පමණක් නො වේ. ඔහු අත්අඩංගුවට ගෙන මේ පසුපස කිසියම් කුමන්ත්‍රණයක් තිබිණි ද යන්න විමර්ශනය කළ යුතුව තිබිණි. ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය මෙම පුද්ගලයාට ගිනි අවියක් සඟවාගෙන ජනාධිපතිවරයා ළඟට එන්නට දීම ද, පසුව ඔහු අසු වූ විට පවා ඔහු අත්අඩංගුවට නො ගැනීම ද සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශය ද සැකයට භාජනය වේ. ජනාධිපතිවරයාගේ ජීවිතයට තදබල අනතුරක් ඇති බවත්, ආරක්ෂාව ගැන සැලකිලිම

ඇමතිට කාර් - ගෝලයින්ට බාර් - අපට සූර් Commenting on A&K Lit Fest

Image
බ්ලොගිං ගැන සාකච්ඡා සභාව - අජිත්, යශෝධා, අබ්දූල් හලික්, නාලක (ඔහුගේ කදිම මැදහත්කරණය සමග) Panel on blogging - Ajith Yashodha, Abdul Halik and Nalaka (with his excellent moderation) මේ ලිපිය සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන් ම ලිවිය යුතුයි කියලා හිතුණා. I thought of writing this piece in both Sinhala and English languages.  ඊයේ පැවති අන්නාසි හා කඩලගොටු සාහිත්‍ය උළෙල ගැන යමක් කතා කළ යුතුයි. I think we must speak about the Annasi and Kadalagotu Literary Festival. ලංකාවේ පැවැත්වෙන ගාලු සාහිත්‍ය උළෙල නම් ජාත්‍යන්තර කීර්තියක් ඇති සාහිත්‍ය උළෙල ගැන මම අහලා තිබෙනවා. ඒත්, එයට සහභාගි වෙලා නැහැ. අප වැනි අයට ඇත්තෙන් ම එවැනි අවස්ථාවලට ආරාධනා ලැබෙන්නේත් නැහැ. ලයිට්හවුස් හෝටලය වැනි තැන්වල පැවැත්වෙන එහි යන්නට අපට සල්ලි ඇත්තේත් නැහැ. I have heard of the internationally acclaimed Galle Literary Festival held in Galle but I have never participated in it. People like us are not invited to them and we have no money to go into such events held in venues like Lighthouse Hotel. අන්නාසි හා කඩලගොටු සාහිත්

Just about to leave to eat Annasi and Kadalagotu

Image
I am just about to leave to eat Annasi and Kadalagotu. Their website says as follows: The Annasi & Kadalagotu Literary Festival or ‘A&K LitFest’ is a Sri Lankan literary festival which will bring together literary enthusiasts from every nook and corner of the country. It is a collaborative platform where those who share a passion for literature can come together, explore the way we write, the way we read and learn about the ways of Sri Lanka and its people - their expressions, cultures and perspectives. The Festival’s objectives are to create an interest in contemporary local literature of hitherto known and unknown writers and creative artistes, as well as fuel the burning passions of latent literary hopefuls scattered around our island. Frankly, I was too busy to think much about my presentation and I will be in deep thought while driving from Matugama to Colombo. Will my kids who are going with me allow me to do so, I am afraid? Anyway, I have a story to say. I

බැසිල් රාජපක්ෂගෙන් පටන් ගෙන අර්ජුන් මහේන්ද්‍රන් දක්වා මුල්‍ය අපරාධ විමර්ශන

Image
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කළේ විශේෂ මුල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයි. ඒ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වී තිබෙන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ය. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.  මිහින් ලංකා ආයතනයේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම පියවර ගත්තේ ය.  ගෝඨාභය රාජපක්ෂ සිය හිතවතුන් පිරිසක් යොදවා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම ඉදිරිපිට නීති විරෝධී විරෝධතා සංදර්ශනයක් පැවැත්වූයේ ය. පොලිසියෙන් ගුටි කන්නට බලාගෙන කළ මෙම සංදර්ශනයට ඉඩ දී පොලිසිය බලා සිටියේ ය. කරපු විරෝධතාවේ හැටියට ගෝඨාභය විමර්ශනය ප්‍රතික්ෂේප කළ යුතු වුණත්, අවසානයේදී ගෝඨාභය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට ගියේ ය. ගිහින් කීවේ අදාළ චෝදනාව සත් වසකට පෙර සිදු වූ කරුණක් සම්බන්ධ නිසා, තමන්ට එය පිළිබඳ නිසි මතකයක් නැති බැවින් ඒ පිළිබඳ සවිස්තර කටඋත්තරයක් දීමට මාස තුනක් දෙන ලෙසයි. කොමිෂම ප්‍රශ්නයක් මතු නො කර ඔහුට ඒ කාලය දුන්නේ ය.  වැරදි විමර්ශනය නො කරනු පිණිස අල්ලස් හා දූෂණ

චෞර පාර්ලිමේන්තුව වෙනුවට මෛත්‍රී ව්‍යවස්ථාදායකයක්

Image
ෆේස්බුක් වෙතින් ලබා ගත් රූපයකි.  19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම කල් ගොස් තිබේ. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කරන්නට තිබුණු දිනයේ ඇති වූයේ අනවශ්‍ය කලබලයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවත් නො වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අල්ලස් කොමිෂමෙන් කටඋත්තරයක් ගන්නට කැඳවී යයි ඔහුගේ ගෝලබාලයෝ පාර්ලිමේන්තුවේ බිම ලැගගෙන කලබල කළ හ. මහින්ද රාජපක්ෂට එරෙහිව ඕනෑ තරම් නඩු ගොනු කළ හැකි ය. හෙල්පිං හම්බන්තොට හරහා සුනාමි අරමුදල් වංචා කිරීම පිළිබඳ නඩුව වුවත් නැවත ගොනු කරන්නට පුළුවන. තමන් වැරදි කළ බව, සොරුන් ආරක්ෂා කළ බව ඔහුගේ ම මුඛයෙන් පනයි. එහෙව් තත්වයක් තුළ නීතිමය විසංවාදයක් පැවතිය හැකි, එහෙත් නියත වශයෙන් ම සදාචාර විරෝධී, තිස්ස අත්තනායකට දුන් අල්ලස මේ මොහොතේ මතු කර ගැනීම ඇත්තෙන් ම ගැටලුවකි. එය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීම සඳහා ගෙන ආ එකක් බව ඇතැමෙක් සැක කරති. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහින්ද රාජපක්ෂට නැවත බලයට පත් වීමට තිබෙන මාර්ග සියල්ල වැසී යයි. එජාපය මුලින් ගෙනා යෝජනා ඔස්සේ අගමැතිට බලය ලැබෙන නිසා, පාර්ලිමේන්තුවට පත් වී, අගමැති කම අරග

කොරියාවේ ගල් වන මල්ලිලා නංගිලා වෙනුවෙන්

Image
කොරියා සිහින විභාගය - Sunday Times photo ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුත් කොරියාවේ රැඳී සිටින 4000ක් ශ්‍රී ලාංකිකයන් නිසා මේ වන විට ගැටලුවක් ඇති වී තිබේ. ඔවුන්ගේ නීති විරෝධී රැඳී සිටීම නිසා අලුතින් එහි යන්නට සිටින පුද්ගලයන්ට අවස්ථාව නො ලැබෙන තත්වයක් මතු වී තිබේ. මේ අතර සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ඊශ්‍රායල් රජය ද ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත. එසේ රැඳී සිටීමෙන් ලාංකිකයන්ට ඊශ්‍රායල රැකියා වෙළඳපොළ ද අහිමි වෙතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය බිය පළ කර සිටී. ඊශ්‍රායලයේ නම් වැඩිපුර ලාංකිකයන් සිටින්නේ සත්කාරක සේවයේ ය. එහෙත්, දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් වැඩි දෙනෙක් යෙදී සිටින්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තවල ය.  ඔවුන් සිය සේවා ගිවිසුම අවසන් කර ලංකාවට එන්නේ කිසියම් නිෂ්පාදන ක්ෂේත්‍රයක විශේෂඥ පුහුණුවක් සහිත කම්කරුවන් ලෙසයි.  එහෙත්, ලංකාවට පැමිණි පසු මේ බොහෝ දෙනෙක් කරන්නේ කඩ දැමීම, කඩ කාමර කුලියට දීම, ත්‍රිරෝද රිය හෝ වෙනත් වාහන සේවා සැපයීම, පොළියට දීම, ජෝඩුවලට කාමර කුලියට සැපයීම වැනි නිෂ්පාදන ආර්ථිකයට ඍජුව සම්

ආණ්ඩුව අඬුව තියෙද්දී අත පුච්චා ගන්නේ කුමට ද?

Image
පසුගිය ආණ්ඩුව හා සම්බන්ධ දූෂිත දේශපාලක බලවේගය මේ වන විට යෙදී සිටින්නේ ආර්ථිකය කඩාකප්පල් කිරීමේ දේශද්‍රෝහී ක්‍රියාවක ය. මෙය වහා වැළැක්විය යුතු ය.  පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත නටන ලද නාඩගමට පසුබිම් වූ හේතු කාරණා සම්බන්ධයෙන් මේ වන විට සැක සංකා ගණනාවක් ඇති වී තිබේ.  මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරණය අතරතුරදී එජාප ලේකම් තිස්ස අත්තනායක සිය පක්ෂයට බිලී බාගෙන ඔහුට ඇමති තනතුරක් ලබා දීම සදාචාරයෙන් පමණක් නොව නීතියෙන් ද ප්‍රශ්න කළ හැකි ඉතා පැහැදිලි දූෂණයකි. අල්ලසකි. ප්‍රධාන මැතිවරණයක් පැවැත්වෙන කාලය තුළදී රජයේ සේවයේ රැකියා දීම පමණක් නොව ස්ථානමාරු පවා අවලංගු කරන්නේ එ්වා දේශපාලන අල්ලස් සඳහා භාවිතා කළ හැකි බැවිනි. තිස්ස අත්තනායකට දුන්නේ දේශපාලන අල්ලසක් බව ඉතා පැහැදිලි ය. ඒ පසුපස දැවැන්ත මුදල් සම්භාරයක් ද තිබිය හැකි ය. මෙවැනි දූෂණ විමර්ශනය කිරීම වැරදි යයි කියන්නේ ඒවායේ නියැලී සිටින සොරුන් පමණි.  කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂට ඇති දූෂණ චෝදනා සලකා බැලූ විට මෙය මහා සෑය ගිල්ල යකා කෑ අග්ගලාවක් වැනි ය. මෙය මේ මොහොතේ මතු වීම රාජපක්ෂ පවුලේ ම කුමන්ත්‍රණයක් විය හැකි ය. අල්ලස් හා දූෂණ විමර්ශන

හෙල්පිං හම්බන්තොට කාලේ සිටම විමර්ශනවලට බය පුත මහින්ද, දුර බලන්න. ළඟ නො බලන්න.

Image
අච්චර, මෙච්චර හිටියා යි කී බොරු කෙසේ වෙතත්, මහින්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලගින්න හිටියේ මෙච්චර ය.   මහින්ද රාජපක්ෂගේ ගෝලබාලයන් විසින් ඊයේත්, අදත්, පාර්ලිමේන්තුවේ හා ඒ අවට වීදිවල නැටූ නාඩගමින් ඔවුහු නිරුවත් වී සිටිති. ඔවුන් ඉල්ලා සිටියේ කුමක් ද? අල්ලස්, දූෂණ, අක්‍රමිකතා ගැන විමර්ශන කරන්නට එපා කියා ය. යමෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඇත්නම් එය විමර්ශනය කළ යුතු ය. තම නිර්දෝශීභාවය ඔප්පු කිරීමට ඇති හොඳම ආකාරය වන්නේ විමර්ශනයට මුහුණ දීමයි. බලය යොදා හෝ වංචනික ක්‍රමයකින් විමර්ශනයකින් ගැලවීමෙන් පුද්ගලයෙක් නිදොස් වන්නේ නැත. එහෙම නම්, සර්පයකු කෑ බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් විමර්ශනය මගහැරිය රෝහිත අබේගුණවර්ධනත් නිදොස් විය යුතු ය. මහින්ද රාජපක්ෂ හැම විට ම විමර්ශන භීතියකින් පෙළෙයි. සුනාමි සහන අරමුදල් පෞද්ගලික ගිනුම් කීපයකට දමාගෙන කරන්නට ගිය වංචාව බෙල්ල මුලින් ම මාට්ටු වූ අවස්ථාවේත් ඔහු විමර්ශනවලට බියේ සරත් නන්ද සිල්වා මගින් වංගුවක් ගසා ගත්තේ ය. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ද විමර්ශනයකට මුහුණ දීමට ඔහු බිය ය. ඔහු කෑගසමින් කියන්නේ තමන් දෙමළ කැරැලිකරුවන් මරා දමා සිංහලයන්ට රට

පාර්ලිමේන්තුවේි අයුතු ජනරාශියට යට වී විමර්ශන නවත්වනවා ද?

Image
මේ වන විට පාර්ලිමේන්තුවේ සිදු වෙමින් තිබෙන්නේ ඉතාම නින්දිත ක්‍රියාවකි.  මහින්ද රාජපක්ෂට එරෙහිව ඇති චෝදනාවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් දෙන්නට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම හමුවට යන්නට සිදු වීම වළක්වා ගැනීමට අවනීතිය හා මැරවර බලය පාවිච්චි කරමින් තිබේ.  පාර්ලිමේන්තුවේ ඇති අයුතු ජන රාශියට අමතරව හෙට පාර්ලිමේන්තුව අසල ද අයුතු ජන රාශියක් රැස් කිරීමට ද කටයුතු කරන බව විමල් වීරවංශ වහසි බස් දොඩයි.  මොවුන් මේ සියල්ල කරන්නේ මහින්ද රාජපක්ෂට තිබෙන බව කියන ජනප්‍රියත්වය පාවිච්චි කරමින් ඔහුට එරෙහි ක්‍රියාමාර්ග වළක්වාගෙන තමන් ද ගොඩ යන්නටයි. ‍ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ වාඩි ලාගෙන සිටින ඇතැම් මන්ත්‍රීවරුන්ට බරපතල විෂමාචාර චෝදනා තිබේ. එක් මන්ත්‍රීවරයකුට හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ඔත්තු සැපයීම වෙනුවෙන් කොටි සංවිධානයෙන් මුදල් ලබා ගැනීම ගැන චෝදනාවක් ද තිබේ.  මේ අවස්ථාව අතිශය වැදගත් ය. මේ චෞරයන් පිරිස පාර්ලිමේන්තුව නියම විගඩමක් බවට පත් කර තිබේ. නීතිය සියතට ගත් මේ චෞරයන්ට ඉඩ දී සොරුන්ට එරෙහි පරීක්ෂණ නතර කළ යුතු ද?  තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තම නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට නම

පාර්ලිමේන්තුවට ලෙමන් පෆ් සපයනු! මහින්ද ගැන විමර්ශනය ඉදිරියට ගෙන යනුූ

Image
පසුගිය දිනවල මහින්ද රාජපක්ෂගේ බත්බැලයන් හා අන්තේවාසිකයන් කයිවාරු ගැසුවේ මහින්ද කළ බව කියන හොරකම් පුළුවන් නම් අල්ලපියව් කියමින් ය.  දැන් හොරකම් ගැන විමර්ශන සිදු වෙමින් තිබේ. විමර්ශන සඳහා හිටපු ජනාධිපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත් තවත් අයත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවට කැඳවා තිබේ.  තවත් බොහෝ දේශපාලනඥයන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවට කැඳවන ලද අතර ඔවුන් එහි ගොස් කටඋත්තර දුන් හ.  මහින්ද රාජපක්ෂ යනු අල්ලස්, දූෂණ, අක්‍රමිකතා, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තාවල වැඩියෙන් ම නම සඳහන් වූ පුද්ගලයා ය. මහින්ද රාජපක්ෂ මහතා මෙලස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණය සමයේදී එජාප ලේකම් තිස්ස අත්තනායකට අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි. මෙය බැලූ බැල්මට ම දේශපාලන අල්ලසකි. තමන් නිදොස් නම් කටඋත්තරයක් දෙන්නට බය ඇයි?  තමන්ගේ ගෝලබාලයන් ඉදිරියට දමා විමර්ශනයෙන් වහං වෙන්නට හදන්නේ ඇයි?  පාර්ලිමේන්තුව යනු නීති හදන තැනයි. බලවතුන්ට රිංගන්නට නීතියේ සිදුරු බලහත්කාරී අවනීතියෙන් නිර්මානය කරන තැන නො‍වේ.  මහි

එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් පදවියට තරග කළ ජයන්ත ධනපාලට අස් වෙන්නැයි මහින්ද බලපෑම් කළාලු

Image
කොරියාවේ කියැංනෑම් (Keangnam Enterprises, Ltd.) නම් සමාගමේ නැසී ගිය ප්‍රධානි සුන් වෝන්ජුන්ගේ (Sung Woan-jong) ඉල්ලීම පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් තනතුරට පත් වන්නට තරග කළ ප්‍රවීණ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ජයන්ත ධනපාලට තරගයෙන් ඉල්ලා අස් වන්නට බලපෑම් කර ඇති බව වාර්තා වේ.  ලංකාවේ මිනිහෙකුට එවැනි තනතුරකට පත් වන්නට උදව් කරනවා වෙනුවට කොරියාවේ සමාගම් ප්‍රධානියකුගේ උවමනාව පරිදි ලංකාවේ දේශප්‍රේමී ජනාධිපතිවරයා කොරියානුවකු වූ බෑන් කී මූන්ට එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් තනතුරට පත් වීමට උදව් කිරීම බරපතල ගැටලුවකි.  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් ජනරාල් තනතුර සඳහා මෙම නිලවරණය පැවතියේ 2006දී ය. මහින්ද රාජපක්ෂගේ අන්තේවාසිකයකු වන විමල් වීරවංශ පසු කලෙක බෑන් කී මූන්ට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව උපවාසයක් ද කළේ ය.  කියැංනෑම් සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්වල යෙදුණු කොරියානු සමාගමකි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග තමන්ගේ සමීප සම්බන්ධයක් තිබුණු බව සුන් පවසා තිබේ.  සුපුරුදු ලෙස මේවා මඩ යයි නො කියන්න. මෙය පළ වුණේ කොරියානු පුවත්පතක ය. එහේ මිනිසු

රැාජපක්ෂ ආණ්ඩුව නිර්මානය කළ ව‍රාය නගර අවුලෙන් ගොඩ එන්නට මුල සිට සිතා බැලිය යුතු ය

Image
කොළඹ වරාය නගරය පිළිබඳ ලියැවී තිබෙන මේ සමග සම්බන්ධ කර තිබෙන වාර්තාව හා අපට ලැබී තිබෙන තොරතුරුත් අනුව වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන්නේ පුද්ගලයන් කීපදෙනෙකුගේ උවමනාවට ය. රටට, ජනතාවට, පරිසරයට පමණක් නොව ස්වෛරීත්වයට බලපාන කාරණා රැසක් ද සැලකිල්ලට ගෙන නැත.  වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතු වන මූලික ගැටලුවක් වන්නේ නිසි පාරිසරික ඇගැයුම් වාර්තාවක් ලබාගෙන නැති වීමයි.  මෙම ව්‍යාපෘතිය සම්බන්ධ පාරිසරික ඇගැයීමක් සපයන එක ම නිල ලේඛනය ලෙස සැලකෙන මොරටුව විශ්වවිද්‍යාලය විසින් සපයා තිබෙන වාර්තාවෙන් පවා විශ්ලේෂණය කර තිබෙන්නේ කොළඹ නගරය ආසන්නයේ මුහුදේ ගොඩකිරීමක් සිදු වුවහොත් එහි ප්‍රතිඵල පමණක් බව වාර්තා වේ. වරාය නගරයක් ඉදි කිරීමේදී ඇති වන පාරිසරික බලපෑම පිළිබඳ එහිදී ඇගැයීමක් කර නැත.  ගිවිසගෙන තිබෙන ආකාරයට මෙම නගරයේ ඉඩම් චීනයට භාර දුන්නා නම් ඇති වන නීතිමය ගැටලු පිළිබඳ අධ්‍යයනය කර නැත. අපේ රටේ ඉඩම් වෙනත් රටකට සින්නක්කර අයිතිය සහිතව ලියා දීම රටේ ස්වෛරීත්වය පාවා දීමකි. රාජපක්ෂ අනුගාමිකයන්ගේ වචනවලින් කියනවා නම් 'මව්බිම පිටදේසක්කාරයන්ට පාවා දීමකි'. එ‍සේම, මෙම අලුත් නගරය පාලනය වන්නේ කොළ