පාර අයිනේ මුත්‍රා කරන අය වාහනවලත් මිනිසුන් ඉන්න බව හිතන්න

අද උදේ ම‍ගේ බිරිඳ වැඩට ඇරලලා එද්දි දුටු දර්ශනයක් නිසායි, මේ සටහන ලියන්න වුණේ. අපේ පාරේ තරමක් පාළු හරියකදී තරුණයෝ දෙදෙනෙක් මෝටර් සයිකලය පාර අයිනේ නවතා මුත්‍රා කරනවා. පාරේ කවුරුවත් නැති නිසා එක් ඉලංදාරියෙක් රත්තරං ටික හොඳට එළියට ඇදලා මං ආපු පැත්තටත් හැරිලා තමයි වැඩේ කරමින් හිටියේ. පාරේ මිනිසුන් නැති නිසා හරි නිදහසේ, සැපට බර හෑල්ලු කරනවා. 

මෙතනදී වෙන පොඩි පරහක් තමයි, වාහන ඇතුළේත් මිනිසුන් ඉන්න බව අමතක වීම. ඉතින් වාහන ඇතුළේ ඉන්න මිනිස්සු, ගෑනු, ළමයි කාටත් නිල් චිත්‍රපට දර්ශනයක් වගේ එකක් තමයි දකින්න ලැබෙන්නේ.

අපේ අය හරි කැමතියි, ඉන්දියාවේ මිනිස්සු පාර අයිනේ හා පොදු තැන්වල මළ මුත්‍ර බැහැර කරනවා ය කියන්න. මම ජීවත් වන මතුගම නගරයේ දැවැන්ත ප්‍රාදේශීය සභාවක් තිබෙනවා. දිනපතා විශාල පිරිසක් මේ නගරයට එනවා. කුමාර වෙල්ගම වීදිය, කුමාර වෙල්ගම පිහිනුම් තටාකය වගේ තැන් මේ නගරයේ තිබෙනවා. ඒත්, දන්නවාද මෙහි එක පොදු වැසිකිලියක්වත් නැහැ. නගර අලංකරණය සඳහා ඒ පොදු වැසිකිලි කඩා දමලා. 

දවසක් නගරයේදී මා සමග කතා කරමින් සිටි මිතුරෙක් නහය හකුළුවාගෙන කියනවා "This smell recalls me a visit to Chennai" කියලා. එයත් කියන්නේ එහේ මිනිස්සු පොදු තැන්වල මළ මුත්‍රා දමනවා ය කියන එක ම තමයි. 

ඉතින් මෙහේ වෙනස් ද? ඔය වාහනවල දුර ගමන් යන විට ඒවා නවත්වලා පාර අයිනේ මුත්‍රා කරලා නැති පිරිමි අය ඉන්නවා නම් කියන්න, ඒගොල්ලන් ඒ සොබා දහමේ කැඳවීම අනුව කටයුතු කළේ කොහොමද කියලා. ඉංග්‍රීසියෙන් මේකට nature's call කියන්නේ නිකම් යැ. හැබැයි ඉතින් ගඳ තමයි වැඩේ. හැබැයි ඉතින් සොබා දහමේ තිබෙන හැම දේ ම සුවඳ නැහැනේ. 

ඉතින් මෙහෙම බිත්තිවලට මුත්‍රා පාර ඇල්ලීම වධයක් වුණා ම එයින් බැට කන මිනිස්සු බිත්තිවල මෙහෙම ලියනවා. "මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි." ඒත් ඉතින් බල්ලො අකුරු දන්නේ නැහැනේ. ඒ නිසා උන් එතන මුත්‍රා කරන්නේ නැහැ. 

කෝකටත් පාර අයිනේ මුත්‍රා කරන අය වාහනවලත් මිනිසුන් ඉන්න බව හිතන්න.  වීදුරු ගෙවල්වල ඉන්න අය ලයිට් නිවලා ඇඳුම් මාරු කරන්න ඕනැනේ. 

මේ ලිපිත් කියවන්න:


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පැරාට වාහනයක් තියෙන විත්තිය දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ කියන්නේ වාමාංශිකයෙකුට වාහනයක් පාවිච්චි කිරීම අකැපයි කියලද? යකෝ උනුත් මිනිස්සු. උනුත් කැමති ටිකක් සැපට ජීවත් වෙන්න තමා. එහෙම සැප නැති උනාම තමා අනිත් උන්ට බැන බැන අරගල කරන්නේ. වාමාංශිකයෝ කුහකයෝ උනාට උඹලා කුහකයෝ වෙන්න එපා පැරාගේ වාහනේ ගැනයි, පැරාට ලැබෙන වාමාංශික දීමනා ගැනයි ඊරිසියා කරලා. එහෙම උනොත් උඹත් වාමාංහිකයෙක් වෙනවා නොදැනිම.

      Delete
  2. දැන් පැරා මොකක්ද මේ කියන්න යන්නේ? ගමනක් යද්දී නොවැලැක්විය හැකි හේතුවක් මත අධික හුජ්ජ බරක් ඇති උන අවස්ථාවක කාත් කවුරුවත් වැඩිය නැති හරියක් බලලා පාර අයිනට හුජ්ජ කරන එක තහනම් කල යුතුයි කියලද? නැත්තං පාර අයිනේ අඩි දහයෙන් දහයට වැසිකිලි ඉදි කිරීම රජයේ වගකීමක්ය කියලද?

    එහෙමත් නැත්තං පැරාගේ නෝනට රත්තරංලා පේන විදියට කොල්ලෝ පාරේ හුජ්ජ කලාම කොල්ලන්ගේ රත්තරංවල දිස්නෙට නෝනට පැරාගේ රත්තරං අගේ නැතිව යයි කියලා බයද?

    මේක මහ මෝඩ ලිපියක්නේ පැරා.

    ReplyDelete
    Replies
    1. ඵ්කනම් ඇත්ත කථාව

      Delete
  3. මේකටනම් හිනා වෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...

    ඇයි.. පැරාගේ නෝනා මීට කලින් ඔය වගේ එකක් දැකලම නැද්ද?
    නිකං යනවා මනුස්සයෝ යන්න........

    ReplyDelete
  4. පොදු වැසිකිලි ගණන සහ එවායේ තත්වය රටක දියුණුවේ දර්ශකයකි.

    ReplyDelete
  5. පැරා කලින් දවසක දාපු රිප්ලයි එකක් මතක් වුණා.... අපේ කට්ටියට කියවල තෙරුම් ගන්න බැරි ගතියක් තියෙනව කියල...
    පැරා මේක දැකල තියෙන්නෙ වයිෆ් ඇරලල ආපහු එද්දි... ඒත් හැමෝම කොමෙන්ට් දාන්නෙ වයිෆ් අර කොල්ලගෙ සෙට් එක දැක්ක කියල හිතාගෙන...
    ....................
    පෝස්ට් එකනම් ලියපු පැරාගෙත් කියවපු මගෙත් කාලය නාස්ති කිරීමක්...

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව මේ කේස් එක ලියලා තියෙන්නේ වැරදි මාතෘකාවක් එක්ක ඒ ගැනයි.

      සැබෑ ප්‍රශ්නය නම් චූ බරක් හැදුණු එකාට චූ කරන්න තැනක් නැතිවීමයි.

      මේ කතාව මට නූගේගොඩ දී චූ බරක් ආපු දවසක් ගැන.
      නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි - You gotta go when you gotta go!

      Delete
    2. පිරිමි අපිට නං මොකක් හරි කරගන්න පුළුවනි. ඒත් කාන්තාවෝ? ඔවුන් පුදුම වදයක් විඳින්නේ!

      මේ කතාවත් බලන්න.

      http://kathandara.blogspot.com/2013/02/bladder-control-for-women-only.html

      Delete
  6. පාරවල් ගානෙ,බස් පොලවල් වල බල්ලයි බැල්ලියි පුට්‌ටු කරන දෙපැත්තට අදිද්දී පොඩි එඋන් අහන ප්‍රශ්න වලට,මහා එඋන් උත්තර දෙන්න බැරුව තටමන රටේ,
    හුජ්ජ බරක් තදට දැනිල සිප් එක පල්ලෙහට ඇදල වම් අතට සහ දකුණු අතට මැදි කරගෙන හුජ්ජ කරද්දී වාහන ඇතුලෙ ඉන්න අයට පේන්නෙ Google Sex වල පෙන්නන දාර වකුටු ඒවා වගේද?
    ඔබට ඔය අද දැනිච්ච ඇම්ම මොකක් හරි සේනාවකට කියල බලන්නකො.

    ReplyDelete
  7. මේ ලිපිය කියවන කොට බලල මල්ලෙන් එලියට එනවා.නෝන පැරාගෙ එකට වඩා හොද ඒව දකියි කියල පැරා අම්බානකට බය වෙලා.මම පැරාගෙ පොටෝ දැකල තියෙනවා.ඒවගෙ විදියට පැරාගෙ එක එච්චර කොලිටි වෙන්න බෑ.පැරා ශාරීරිකව දුර්වල මිනිහෙක් බවයි මට ඒ පොටෝවලින් හිතුනෙ.
    රටට සිංහල බෞද්ධයාට සතුරු වුනත් පැරාගෙ ඉස්සර ලිපි ඉතා හරවත්.මෑතක ඉදන් කිසි කමකට නැති ලිපි දානවා.
    තේමාව වෙනස් වුන නිසාද මන්ද මට එහෙම හිතන්නෙ.කොහොමටත් පැරාගෙ බ්ලොග් එක වටිනවා.මෙහෙම නොවෙයි හොද ලිපි දාන්න.සිංහල බෞද්ධ විරෝධෙත් පැත්තක දාල හොද ලිපි දැම්මොත් මේක ඉතාම වටින බ්ලොග් එකක් වේවි.
    පුරසාරම් කියන කසිකබල් බ්ලොග් වලට දිගු ගමනක් නෑ
    මෙහෙම කිව්වට කතන්දරකාරයා ඊට අයත් නෑ.ඔහු පුද්ගලික දේවල් කීවට ඒවගෙන් අපිට ඉගෙන ගන්න නැවත හිතන්න දෙයක් තිබෙනවා.ඒ ඔහු බුද්ධිමතෙක් නිසයි.පැරාත් ඒ වගෙ බුද්ධිමතෙක්නෙ.
    මේ වගෙ විකාර ලියන්නෙ නැතිව වටිනා යමක් ලියන්නකො.

    ReplyDelete
    Replies
    1. මේ පුංචි සිද්ධිවල ගැඹුරු දේශපාලනයක් තිබෙනවා. ඒකයි ම මේවා ලියන්නේ.

      සමාජවාදය ගොඩනගන්න දියුණු මිනිස්සු අවශ්‍යයි.

      මිනිහෙකුගේ දියුණුකම මුත්‍රා කරන ආකාරයෙන් පවා පෙනෙනවා.

      පාරේ මුත්‍රා කරන පිරිමියා වගේ ම තමයි කාර්යාලයේ පොදු කොමඩ් එකට හිටගෙන මුත්‍රා කරන පිරිමියාත්.

      Delete
    2. ඇයි Ajith Jayasinghe ඒකට සනීපාරක්ෂක තුවා දාන ගැහැණිය

      Delete
  8. හුජ්ජ බර හැදුනාම මොකක්ද කරන්නෙ? අනෙක බන් පැරා ඔය මතුගම ගොබිලන්ට මොන වැසිකිලිද බන්..... රබර් කැලේ රෙන එවුන්...

    ReplyDelete
  9. //පොදු වැසිකිලි ගණන සහ එවායේ තත්වය රටක දියුණුවේ දර්ශකයකි.KK//

    //මේ පුංචි සිද්ධිවල ගැඹුරු දේශපාලනයක් තිබෙනවා. ඒකයි ම මේවා ලියන්නේ.

    සමාජවාදය ගොඩනගන්න දියුණු මිනිස්සු අවශ්‍යයි.

    මිනිහෙකුගේ දියුණුකම මුත්‍රා කරන ආකාරයෙන් පවා පෙනෙනවා.APJ//

    These two comments force us to think of the matter seriously how far that we have to strive ,as(sri) Lankans , in order to build up a truly prosperous socialist human society in (sri)Lanka where commons reign who have allergies even in general ideas.
    It is an irony,of course.

    Clement Peris
    Calgary
    07.50pm MT

    ReplyDelete
  10. ඇයි මීට කලින් උබේ ගෑනි බිජ්ජක් දැකල නැද්ද ,නිකන් වැඩක් බලාගෙන පලයන් බිජ්ජෝ !

    ReplyDelete
  11. නෝනා රත්තරන් දැකලා නැතුව ඇති නේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා