Posts

Showing posts with the label අසූචි

පාර අයිනේ මුත්‍රා කරන අය වාහනවලත් මිනිසුන් ඉන්න බව හිතන්න

Image
අද උදේ ම‍ගේ බිරිඳ වැඩට ඇරලලා එද්දි දුටු දර්ශනයක් නිසායි, මේ සටහන ලියන්න වුණේ. අපේ පාරේ තරමක් පාළු හරියකදී තරුණයෝ දෙදෙනෙක් මෝටර් සයිකලය පාර අයිනේ නවතා මුත්‍රා කරනවා. පාරේ කවුරුවත් නැති නිසා එක් ඉලංදාරියෙක් රත්තරං ටික හොඳට එළියට ඇදලා මං ආපු පැත්තටත් හැරිලා තමයි වැඩේ කරමින් හිටියේ. පාරේ මිනිසුන් නැති නිසා හරි නිදහසේ, සැපට බර හෑල්ලු කරනවා.  මෙතනදී වෙන පොඩි පරහක් තමයි, වාහන ඇතුළේත් මිනිසුන් ඉන්න බව අමතක වීම. ඉතින් වාහන ඇතුළේ ඉන්න මිනිස්සු, ගෑනු, ළමයි කාටත් නිල් චිත්‍රපට දර්ශනයක් වගේ එකක් තමයි දකින්න ලැබෙන්නේ. අපේ අය හරි කැමතියි, ඉන්දියාවේ මිනිස්සු පාර අයිනේ හා පොදු තැන්වල මළ මුත්‍ර බැහැර කරනවා ය කියන්න. මම ජීවත් වන මතුගම නගරයේ දැවැන්ත ප්‍රාදේශීය සභාවක් තිබෙනවා. දිනපතා විශාල පිරිසක් මේ නගරයට එනවා. කුමාර වෙල්ගම වීදිය, කුමාර වෙල්ගම පිහිනුම් තටාකය වගේ තැන් මේ නගරයේ තිබෙනවා. ඒත්, දන්නවාද මෙහි එක පොදු වැසිකිලියක්වත් නැහැ. නගර අලංකරණය සඳහා ඒ පොදු වැසිකිලි කඩා දමලා.  දවසක් නගරයේදී මා සමග කතා කරමින් සිටි මිතුරෙක් නහය හකුළුවාගෙන කියනවා "This smell recalls me a visit to Chennai" කියල...