පෙරටුගාමීන් හමුවේ ඇති ගුනරත්නම් අභියෝගය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආරම්භ කළ සැණින් ඔවුන් හමුවේ තියුණු අභියෝගයක් ඇත. ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාමේ සිද්ධියේ පසු ජවනිකාවලදී ඔවුන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න මෙහිදී වැදගත් ය. 


ප්‍රේමකුමාර් ගුනරත්නම් පැහැරගෙන යාම ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා එම පක්ෂය විසින් ම කරන ලද්දකැයි දැන් ආණ්ඩුව කියයි. ප්‍රේමකුමාර් විවිධ නම්වලින් පෙනී සිටීම හා ගුප්ත චරිතයක් වීම ද, ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීම ද ආණ්ඩුවට වාසිදායක වී තිබේ. ඔහු විශ්වාසදායක පුද්ගලයකු නො වන බව ආණ්ඩුවේ ප්‍රකාහනයයි. 


එහෙත්, දිමුතු ආටිගල සම්බන්ධයෙන් එකී කාරණා අදාළ නැත.


එහෙත්, ප්‍රේමතුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබ දින කීපයකට පසුව නිදහස් කරන්නට සිදු වීම එය කළ අයගේ පරාජයක් බව නිසැක ය. එපමණක් නොව, එය වනාහි එක්තරා අතේ පත්තු වීමකි. මෙම අපවාදයෙන් ගැලවීම පිණිස ඔවුන්ට පිහිටට ඇත්තේ ලජ්ජා නැතිකම පමණි. 


රට තුළ කුමන පුරසාරම් දෙඩුවත් මෙම සිද්ධිය මගින් ලංකාවේ ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් ඇති වන කැළල  නො මැකෙන එකකි. 


මෙම සිද්ධිය දේශපාලනික ලෙස ආයෝජනය කිරීමේ පරිණතබවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තිබේ ද යන්න මෙතෙක් ඔවුන් කටයුතු කළ ආකාරයෙන් අපැහැදිලි ය. ප්‍රේමකුමාර්ගේ අතුරුදහන් වීමට වඩා ඔවුන් අවුල් කර ඇත්තේ ඔහු යළි පැමිණීමයි. 


දිමුතු ආටිගල මාධ්‍ය හමුවේ කරන ප්‍රකාශය ද දේශපාලනික පරිණතභාවයකින් යුතුව කරන එකක් බව නො පෙනේ. ඇය කියන ආකාරය අනුව ආණ්ඩුව ඔවුන් නරක ළමයින් කට්ටියකැයි සිතාගෙන සිට දැන් හොඳ ළමයි බව වටහා ගෙන තිබේ. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැත. 


දිමුතු ආටිගලගේ ප්‍රකාහය අනුව පෙනෙන්නේ තමන් කොටින්ට සම්බන්ධ නැති බව ඔප්පු කර ගැනීමට හා දෙමළ ඩයස්පෝරාවෙන් මුලද් නො ලැබෙන බව ඔප්පු කර ගැනීමට ලැබීමෙන් ඔවුන් තෘප්තිමත් වී ඇති බවකි. 


මෙම පැහැර ගැනීම ලංකාවේ දේශපාලනය හා මානව හිමිකම් සම්බන්ධ ගැඹුරු ප්‍රකාශනයක් ලෙස මතු කර ගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අසමත් වී තිබේ. 


අනෙක් පැත්තෙන් ප්‍රේමකුමාර් ගුනරත්නම් සම්බන්ධ ප්‍රබන්ධාර්ථ මත පදනම්ව දේශපාලනය කරන්නට මෙම පක්ෂයට තව දුරටත් හැකි වේ ද යන්න ගැටලුවකි. ඔහු පැහැර ගැනීමට ලක් වීම හා මුදා හරිනු ලැබ ඕස්ට්‍රේලියානු රජයේ රැකවරණය මත රටින් පිට වීම ඔහු පිළිබඳ ප්‍රබන්ධ පුරාවෘත්ත සුණ විසුණු කර දමා ඇත. ඔහු මේ අවස්ථාවේ සිය පක්ෂයේ දේශපාලනයේ පෙරමුණ නො ගතහොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඇති අවස්ථා තවත් සීමිත වනු ඇත. එහෙත්, ඔහුගේ පිටතට පැමිණීම සෝමවංශ අමරසිංහ ප්‍රංශයේ සිට ලංකාවට සම්ප්‍රාප්ත වීමට නො වැඩි දෙයක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 


ජවිපෙන් ගෙන ආ සෙවල ප්‍රතිපත්ති මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඉදිරියට යා නො හැක. ලංකාව සම්බන්ධයෙන් ද, ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් ද නව, යථාර්ථවාදී ප්‍රවේශයක් වෙත නො එළමුණහොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද තවත් එක් පක්ෂයක් පමණක් වනු  ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පෙරටුගාමී සමාජවාදී පක්ෂය = JNP (Weerawansa Party)

    Just a matter of few months.

    ReplyDelete
  2. දිමුතු මාධ්‍ය හමුවේ කරපු ප්‍රකාශයෙන් කෙල වුනේ ආණ්ඩුවට නෙමෙයි ජන අරගල කාරයින්ටමයි. බලන්න, විමල් ගෙ සයිට් එකේ මේ කමෙන්ට් එක.

    http://www.lankacnews.com/sinhala/main-news/55489/#comment-266708



    දරුවන් ඉන්න අම්මලා says:
    April 10, 2012 at 7:31 pm

    මෙයාගෙන් අහලා තියෙන්නෙ කාරණා දෙකක් ගැන. එකක් සන්නද්ධ අංශයක් තියෙනවද කියන එක. අනික කොටින්ගෙන් සල්ලි ලැබෙනවද කියන එක. ඒක දැනගන්න මේ රටේ ආරක්ශක අංශ වලට විතරක් නෙමෙයි මේ රටේ සෑම පුරවැසියෙකුටම , දරු කැක්කුමක් තියෙන අම්මා කෙනෙකුටම අයිතියක් තියෙනවා. මම නම් කියන්නෙ ජන අරගල කාරයින්ව සෑම මාස තුනකටම සැරයක් පැහර ගෙන ගිහිල්ලා මේ කාරණා දෙක හොඳට සැක හැර දැන ගන්න ඕනෙ.



    එක්කො සුදු වෑන් කරයො දිමුතුව එලියට දාලා තියෙන්නෙ අම්බානකට බය කරලා, ගිහින් මෙන්න මෙහෙම කියපිය කියලා. එහෙම නැත්නම් සුදු වෑන් කාරයො වැඩේ වැරදුනා කියල තෙරුම් ගත්තාට පස්සෙ අන්තිම සූක්ශම විදියට මොත්තෙ ප්‍රශ්න ඇසීමක් කරල මුන් දෙන්නව එලියට දාලා. දිමුතු ඒ බබා පාට් එකට අහු වෙලා. (කුමාර්ව නම් ලේසියෙන්ම බය කරන්න ඇති ආණ්ඩුව කියන විදියට වැඩ නොකලොත් ආගමන විගමන වංචා යටතේ හිරේ දානවා කියලා. ආගමන විගමන වංචා නීති හරි තදයි. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගෑනි නෙමෙයි සක්කරයගෙ පුතා වයිමා ආවත් බේරගන්න අමාරුයි. මට මතක විදියට ඇප දිය නොහැකි වරදක් කියල තමයි ආගමන විගමන වංචා ගැන නීති පොත්වල තියෙන්නෙ.) තුන්වෙනි හයිපොතෙසිස් එක තමයි, දිමුතු ජේ. වී. පී. කලාට මොකේ ඇත්තටම දේශපාලන තොත්ත බබෙක්. දේශපලනෙ කරන හැටි ගැන අයන්නෙ ආයන්නෙ ඉඳල ඉගෙන ගන්න වෙනවා.

    ReplyDelete
  3. ඔබ හරි. පෙරටුගාමීන් පසුගාමීන්ට වඩා පසුගාමී බව පෙනෙන්නට තිබේ.

    ReplyDelete
  4. http://3mana.com/%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA/

    ReplyDelete
  5. apa pilibanda obage kiyaweema apta itha wadagathya. udul premarathne.

    ReplyDelete
  6. maha wihilu kathawak.gunarathnam hari deyak kalanam baya wenne mokatada.nam maaru kara kara hangenna deyak ne.eya hari nam apith eyata support karanawa. meya maha pissek. australia gihin media conference thiyala lanka wata baninne thamange mawbima reka gannada. anika jathika weerayo panala yanawada baye.hire watunath.wijeweere panala giyada. boru kaadbod weerayo.apita pissu mun gana news balanawata.

    ReplyDelete
  7. Think about Demuthu's mentality at that moment guys. As a lady, should appriciate she had guts to come infront of the camera and express what had happen. I belive at that time that is what people expect. wheather she is capable or not, not a deep political analysis.

    ReplyDelete
  8. දිමුතු ගේ සුදුවෑන් මහත්වරු ගැන කියන වර්ණාව අහනකොට හිතෙන්නේ දිමුතුගේ දේශපාලන අත්දැකීම් අඩුකමයි. එහෙමත් නැත්නම් මොනවා හරි වසන් කලයුතු දෙයක් තියන බවයි. මේ දේපල එක තැනකදී අල්ල ගත්ත බවක් සමහර වෙබ් අඩවි වල සදහන් වෙනවා. එක ඇත්තක් නම් පැහැරගත් අයට අවශ්‍ය ආකාරයට දිමුතු ප්‍රකාශ කරන්න ඇති. මොකද ඔවුන් ලග සැගවිය යුතු බොහෝ දේවල් ඇති නිසා. දේශපාලන ගනුදෙනු වලට වඩා වෙනස් ගනුදෙනු තිබුන සහ තවමත් තිබෙන නිසා .....මෙතරම් වටිනා විප්ලව වාදියෙක් තනියම ගෙදර නිදගත්හේ තමාගේ ආරක්ෂාව ගැන අදිතක්සේරුවක සිටි නිසාද එහෙම නැත්නම් කියන ප්‍රශ්නය එන්නේ මේ වෙලාවේ. දිමුත් කියන විදිහට ජනතා විමුක්ති පෙරමුණ මේකට සම්බන්දයි කියල කියනවා.ි ගොටබයගේ ආරක්ෂක අංශය නෙමෙයි කියල කියන ගමන් ජවිපෙ මේකට පටලවනවා. හැමෝම දන්නා කාරණයක් තමයි සුදුවෑන් කතාව. විමල් දිමුතු ගැනත් කුමාර ගැනත් හොදට දන්නවා. දිමුතුගේ අක්ක ඉන්න දිහාවත් දන්නවා. ගොට එක්ක විමල් ඉතාමත් හොදින් ගනුදෙනු කරන නිසා මේ අල්ලාගත්තේ කුමාරද කියල හරියටම දැනගන්න විමල් හෝ විමල්ගේ ගෝලයෙක් ගොටගේ හමුදාවත් එක්ක මේ වැඩේ කලා කියල දිමුත් කියන්න බය ඇයි.....මේ අයට වසන් කරන්න ගොඩක් දේවල් තියනවා. යමු ඔහොම යමු...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා