රජයේ සේවකයන්ට ඇත්තටම පඩි වැඩි කළා ද නැද්ද කියා විදුලි සේවකයන්ට හෝ කියන්න.

ලංකා විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකට වරක් සිදු කරන වැටුප් වැඩි වීමේදී 2012 ජනවාරි මාසයේ සිට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ පමණකැයි කියන වෘත්තීය සමිති 2012 අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට සියයට දහයක වැටුප් වැඩිවීමක්‌ ලබා දුන්නත් විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකටම සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ ලබාදීම අසාධාරණ බැවින් ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව පවසති.


රජයේ සේවකයන්ට 10%ක වැටුප් වැඩි කළා යයි කීම බොරුවකි. ඇත්තෙන් ම ලබා දී ඇත්තේ මූලික වැටුපෙන් 10%ක දීමනාවක් පමණි. දීර්ඝ කාලයකින් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කර නැති අතර කළේ මෙවැනි දීමනා ලබා දීම පමණි. එහෙයින්, රජයේ සේවකයන්ගේ මූලික වැටුප අඩු ය. මූලික වැටුපෙන් 10%ක් කී විට එහි ඇති කජ්ජක් ද නැත.


එහෙත්, රජය මහා ලොකුවට කෑ ගසන්නේ රජයේ සේවකයන්ට මාර බක්කක් දුන්නා ය කියා ය. එහෙම දුන්නා නම්, විදුලි බල මණ්ඩල සේවකයන්ට කර ඇත්තේ ලොකු අසාධාරණයකි. ඒ නිසා ඔවුන් වසර තුනට 45%ක වැටුප් වැඩි වීමක් ඉල්ලීම සාධාරණ ය. එවිට අඩු ගණනේ වසර තුනට 30%ක වැටුප් වැඩි වීමක්වත් දීමට සිදු වනු ඇත. චම්පික රණවක ඇමතිතුමා පසුගිය කාලයේ ඉපැයූ ලාභවලින් මෙවැන්නක් ගෙවීම අපහසු නැත.


දැන් ආණ්ඩුවේ පච මෝල් කියන්නේ කුමක් ද? රජයේ සේවකයන්ට ඇත්තටම පඩි වැඩි කළා ද නැද්ද කියා විදුලි සේවකයන්ට හෝ කියන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කොච්චර බැලුවත් මදි. මෙන්න නියම බඩු
    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete
  2. රුපියල සියයට තුනකින් අවප්‍රමාණ වෙනවිට ඔය ලැබෙන සියයට දහයෙනුත් අතට ලැබෙන සමස්ථ වැඩිවීම සියයට හතයි..
    දැනට පවතින රටාවට උද්ධමනය සහ භාන්ඩ මිල ඉහල ගියොත් දැන් තියෙන වැටුපටත් වඩා අඩු වටිනාකමක් සහිත වැටුපක් තමා ඔය වැටුප් වැඩිවීම අවසානෙ මාස තුන හතරකට පස්සෙ ලැබෙන්නෙ....

    ReplyDelete
  3. +10% y, -3% (rupiyala baldu kalane) = 7%

    Ethakota Aanduwe nowana (private sector, jobless, okkotama adala wenne -3%).. Mara budget thama.. padi adu karana budget hik hik

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා