මර්වින් සිල්වාගේ දාමරිකකම්වලට මුහුණ දුන් ඔහුගේ එඩිතරකම අගයමු

මර්වින් සිල්වා පුහු චන්ඩියෙක් බව ඔප්පු කරන වීඩියෝවකි, මෙය.

ඔහුට මුහුණ දෙන මේ ඡන්දදායකයා නිර්භීතව, මහාත්මා ලෙස හැසිරෙයි. ඔහු අසැබි වදන් නො දොඩයි. දාමරිකකම්වලට විරෝධය දක්වයි. තමන්ට අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් සටන් කරයි.

රාජ්‍ය බලයෙන් හා අවි බලයෙන් සන්නද්ධ මර්වින් සිල්වා සමූහයක් සමග එක්ව ඔහුට පහර දෙන්නේ ඒ එඩිතරකමට ඇති බිය නිසා ය.

මහජනතාව මේ දාමරිකයන්ට විරුද්ධව ඉදිරියට ආ යුත්තේ මෙසේ ය. නාඳුනන ඔබ මේ මොහොතේ අපේ වීරයෙකි.

මුන්ට තිබෙන බිය නැති කර ගැනීම දවසේ අවශ්‍යතාවකි.



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සහතික ඇත්ත... මොනවා උනත් කොන්දක් තියෙන කොල්ලෙක්

    ReplyDelete
  2. පැණසර නොවන නිරිදුන් ලද රජ සැපත
    ගොරතර නිරා දුකටත් වැඩියෙන් විපත.........

    ReplyDelete
  3. ලංකා නිව්ස් වෙබ් වලට අනුව ඒ ගුටිකපු මනුස්සයත් මර්වින් ගාව හිටපු ගෝලයෙක්. ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ.

    http://www.lankanewsweb.com/sinhala/index.php?option=com_content&view=article&id=290:2011-10-04-11-04-29&catid=1:general&Itemid=53

    ReplyDelete
  4. ඔය මනස්සයව බලයට ගේන්නෙත් මිනිස්සුනෙ, ඡන්දේ නොදී හිටියනං ඉවරනෙ .....

    දැන් ඔය මර්වින් එක්ක හැපුන මනුස්සය තාම ජීවතුන් අතර ඉන්නවද .......

    ReplyDelete
  5. ඔන්න හැමදාම උම්බට එකට එක කියපු අද

    මාත් ඒ මනුස්සය එක්ක....

    ReplyDelete
  6. නාදුනන ඔබ මේ මොහොතේ වීරයෙකි.!! මෙවැනි පිලිල සමාජයෙන් අතුගා ඩැමිය යුතුයි.

    ReplyDelete
  7. මේ ගුටිකෑ එකාද කාලයක් තිස්සේ මර්වින් වෙනුවෙන් පොලු ප්‍රහාර දියත් කළ මැරයෙකි.මුන් දෙන්නාම එක පැත්තේය.මේ වැනි ක්‍රියා මුන්ගේ නාඩගම්ය.මේවාට හුරේදාන එවුන් හා අනේ අපොයි කියන එවුන් නිකම්ම පොල් බූරුවන් බවට පත්වේ.

    ReplyDelete
  8. ya he is areal hero.....

    mun wage amana politicians lata minissu watawela marenakam dekak neluwanum oya wage chandi ebema nathi wenawa....

    aneka sirasa oya news dunnata itn rupawahini wage channel kawadawath owwa pennannaa

    danwath okunwa pumbana eka nawaththala oya modainta marenna dekak anina widiyaka kalpana karoth thama honda....

    ReplyDelete
  9. මේ මහත්මයාත් ඔය කියන දේශපාලකයාගේ සුවච කීකරු ගෝලයෙක් වෙලා ඉඳලා පැත්ත ගහපු පොරක් කියලයි ආරංචිය. ඕක දෙන්නත් එක්ක එකතුවෙලා රඟපාපු නාටකයක්ද කවුද දන්නේ?
    -Kumar-

    ReplyDelete
  10. මගේ මුළු හිතින්ම මේ මනුස්සයාට "ජය වේවා" කියා කියනවා. ඔය තරම් දුරට මේ වනචාරියා එක්ක හරහට ගියේ රූපවාහිනී සෙට් එක විතරයි.

    ReplyDelete
  11. muntama 2011/10/08 puka denawada

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා