Posts

Showing posts from October, 2011

අපි නො දන්න අපේ දිළිඳුකම මෙන්න - This is our poverty in Sri Lanka

Image
ලෝක ජනගහණය බිලියන හතක් වීම ලෝක නායකයෝ මහ ඉහළින් සැමරූ හ.  මේ ජනගහණයෙන් මිලියන 925ක් හෙවත් බිලියනයකට කිට්ටු පිරිසක් සාගින්නෙන් පෙළෙන්නෝ ය. එනම් සෑම හත්දෙනෙකුගෙන් එක් අයෙකු ම සාගින්නෙන් පීඩා විඳිති.  මෙම ප්‍රතිශතය 1995 සිට 2009 දක්වා ම වැඩි වෙමින් තිබුණු එකකි.  සංවර්ධනය වෙමින් පවතින රටවල ළමයින්ගෙන් 32.5%ක් ම මන්දපෝෂණයෙන් පෙළෙති.  ගර්භනී මව්වරුන් අතර මන්දපෝෂණය කෙතරම් උග්‍ර ප්‍රශ්නයක් ද යත්, සංවර්ධනය වෙම්න් පවතින රටවල උපදින දරුවන්ගෙන් සෑම හයදෙනෙකුගෙන් ම එක් අයෙක් අඩු බර දරුවෝ ය.  ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව, ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන ආහාර ප්‍රමාණය ලොව සෑම මිනිසකුට ම දිනකට කිලෝ කැලරි  2,720ක ආහාර ලබා දීමට ප්‍රමාණවත් ය. එහෙත් දිළින්දන්ට ආහාර සපයා ගැනීමට වත්කමක් නැත.  සෞඛ්‍ය අධිකාරීන්ගේ පිළිගැනීම් අනුව, සාමාන්‍යයෙන් පිරිමියකුට දිනකට කැලරි 1800ක් ද, ගැහැනියකට කැලරි 1200ක් ද ප්‍රමාණවත් ය. ලෝකයේ නිර්මානය වී ඇති ආදායම් විෂමතා කෙතරම් සංකීර්ණ වී තිබේ ද යන්න ඔබට වැටහෙනවා ඇත.  දිළිඳුකම ගණනය කරන වත්මන් දර්ශකය වන්නේ දිනකට ඩොලර් 1.25ක ආදායම් මට්ටමයි. එනම්, ශ්‍රී ලංකා රුප

මුළු ලංකාවට ම දෙබරු ඇනලා ය. මතුරමු!

දෙබර ප්‍රහාරයකට ලක්වූ 48 හැවිරිදි පුද්ගලයකු රෝහල් ගතකර තිබියදී පවුලේ ඥාතීන් විසින් ඔහු රෝහලෙන් ගෙන ගොස් තෙල් මැතිරවීමෙන් පසු මියගොස් ඇති බව පසුගිය සතියේ රක්වානෙන් වාර්තා විය.  තම ගෙවත්තේ පොල් ගසකට නැඟ පොල් කඩද්දී දෙබර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මුලින්ම රක්වාන රෝහලට ඇතුළු කර තිබේ. එහිදී පවුලේ ඥාතීන් විසින් රෝගියා රෝහලෙන් ඉවත් කර ගෙන ගොස් වෙදදුරෙකු ලවා තෙල් මතුරුවාගෙන ගිය බව ඔහුගේ බිරිය හදිසි මරණ පරීක්‍ෂණයේදී පැවසුවාය. තෙල් මැතිරවීමෙන් පසු රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා කහවත්ත මූලික රෝහලට ඔහු ඇතුළු කළද ඒ වන විට ඔහු මියගොස් තිබුණි. රෝගියාගේ ශරීරයේ තිබූ විෂ නැසීමට අවශ්‍ය ප්‍රතිකාර කරමින් සිටියදී පවුලේ අයගේ කැමැත්තෙන් ඔහු රෝහලෙන් රැගෙන ගිය බව රක්වාන රෝහලේ වෛද්‍යවරු කියති. වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක පවතින අද දවසේ බොහෝ විට සායනික ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ සිටින මානසික රෝගීන් හෝ මුග්ධකම ඉහවහා ගිය පුද්ගලයන් විසින් කරනු ලබන මෙවැනි 'ප්‍රතිකාර' නිසා මිනිසුන් මිය යාම අතිශය කණගාටු තත්වයකි.  මානසික රෝගීන් හා වෙනත් ලෝකෝත්තරයන් වන්දනා කරන ලාංකීය සමාජය  තුළ අද වන විට මතු වී ඇති

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අපි නැවත් අවධාරණය කරමු / Fight for an international investigation on Sri Lanka's drug deals

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අප කීවේ දෙසතියකට පමණ ඉහතදී ය. කාගේවත් සීරියස් අවධානයක් එයට යොමු වූ බවක් අපට දක්නට නො ලැබිණි. අද වන විට, රනිල්ගේ අයියා වන, ටී.එන්.එල්. හා ඉසිර ගුවන් විදුලි සේවාවන්හි අයිතිකරු හා මාධ්‍යකරුවකු වන ශාන් වික්‍රමසිංහට මේ කුඩු ප්‍රශ්නය නිසා මරණ තර්ජන එල්ල වී තිබේ. ඒ පිළිබඳ ඔහු පොලිසියට හා තානාපත් කාර්යාලවලට පැමිණිලි කර තිබේ. සිද්ධිය ඔහුගේ ම වදන්වලින් මෙසේ ය: "භාරත ලක්ෂ්මන්තුමා මැරුණට පස්සේ දුමින්ද සිල්වා කියන එක්කෙනා ඉස්පිරිතාලේ හිටියා.කුඩු මාකට් එක වැටිලා කියල පත්තර වල තිබුනා දැන් කුඩු නෑ කියල මාකට් එකේ.ඒ වගේම ස්ටොක් එක්ස්චේන්ජ් එක වැටිලා කියල චෙක් කරන් යනකොටඅපි දැක්ක රිලේෂන් එකක් තියෙනවා කියල කුඩු මාකට එකටයි ස්ටොක් එක්ස්චේන්ජ් එකටයි. මේ කුඩු ගෙන අය තමයි බ්ලැක් මනි ගෙනත් ස්ටොක් එක්ස්චේන්ජ් එක වටේ දුවන්නේ. මොකද රජය කියනවා ස්ටොක් එක්ස්චේජ් එක තමයි ආසියාවේ හොඳම එක කියල. ඉතින් අපි බැලුව ස්ටොක් එක්ස්චේන්ජ් එක බහින්නේ කොහමද එකපාරට කුඩු මාකට් එක හින්දා. ගිය සිකුරාදා උදේ අපිට ආරංචි උනා හොඳ මාධ්‍යයකින් දැන් මේ දිලිත් ජයවීර මහතත්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කොට උඩ / Sri Lanka's Norochcholai coal power plant out of operation

Image
දැඩි මහජන විරෝධය මැද නොරොච්චෝලේ ඉදි කරන ලද ගල් අඟුරු විදුලි බලාගාරය ක්‍රියාත්මක නො වන තත්වයක ඇති බව වාර්තා වේ. විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක උත්සාහ කර ඇත. ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය මෙම යෝජනාව අනුමත කර නොමැති බව වාර්තා වේ. මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය. මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කරවන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් වන අතර, එය පසුගිය මාසයේදී නිල වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය වෙත භාර ගන්නා ලද්දේ ගාලු මුවදොර හෝටලයේ උත්සවයක් ද පවත්වමිනි. මෙම බලාගාරය ඉදි කරනු ලැබුවේ චීනයෙන් පොලියට ගත් ඇමරිකානු ඩොලර් මිලියන 455ක් වැය කරම

මැතිවරණ කොමසාරිස්ගේ 'පහත් තැනින් යයි ගලා ජලේ'

Image
මැතිවරණ නීතිවලට පටහැනිව ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වූ රජයේ සේවකයන්ට විරුද්ධව කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර ඇත. රජයේ සේවකයන් මැතිවරණවලට තරග කරනවා නම් රජයේ සේවයෙන් ඉල්ලා අස් වී හෝ නිසි පරිදි නිවාඩු ලබාගෙන එය කළ යුතු ය. එසේ නො කළ රජයේ සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කිරීම වරදක් නැත. එහෙත්, එතුමාගේ දෑසට පෙනිය යුතු තවත් කරුණක් තිබේ. එනම්, රටේ ඉහළම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ නීති තඹයකට නො තකා බලය තමන් යයි සිතාගෙන සම්පූර්ණයෙන් ම නීති විරෝධී අන්දමින් පසුගිය මැතිවරණවලදී ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන්වලට සහභාගි වූ හ. වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත රුහුණගේ ඔක්තෝබර් 03දා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඡන්ද ප්‍රචාරක රැස්වීමක් ඇමතූ බව මැතිවරන කොමසාරිස්වරයාට දැනුම් දී ඇත. ඒ ගැන විභාග කළා ද නැද්ද යන්න අපි නො දනිමු. ඒ අයටත් විරුද්ධව ක්‍රියා කිරීමට පුළුවන් නම්, අන්න මැතිවරණ කොමසාරිස් මරු පොරකි. නැතිනම් ඉතින් 'පහත් තැනින් යයි ගලා ජලේ' තමයි. මේ ලිපියට ඔබ කැමති

මේ ම්ලේච්ඡත්වයෙන් අත්මිදීම සමාජ වගකීමකි

Image
Sunday Times පුවත්පතින් උපුටා ගන්නා ලද ඉහත ඡායාරූප දෙකෙහි සිටින අලි පැටවුන්ගේ පාද සහ හොඬවැල කැපී වෙන් වන තරමට තුවාල වී තිබෙන්නේ යකඩ කම්බිවලින් අටවන ලද මදු ඒවායේ පැටලීමෙනි. මෙම මදු අටවනු ලබන්නේ වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීමට බව කියනු ලැබේ. ඒවායේ පැටලෙන අලි ඒවා කඩාගෙන යති. පැටලුණ තැන සිර වන කම්බිය නිසා එතැනින් පහළට ලේ ගමනාගමනය අඩාල වී තුවාල නරක් වී මේ සත්තු අනන්ත දුක් විඳ අකාලයේ මිය යති.  මේ වනාහි අද වන විට සමාජය ඉහ වහා පැති ඇති දුෂ්ටත්වයේ තවත් අක්ෂයකි. ධන තණ්හාව හා බලයට කෑදරකම සමාජය ඉහවහා පැතිර ඇත. රටේ පාලකයෝ, ජාතික හා ආගමික නායකයෝ සමාජය වසා පැතිර ඇති ම්ලේච්ඡත්වයෙහි ප්‍රවර්ධකයන් වූ කල සමාජයෙන් බලාපොරොත්තු විය හැක්කේ අන් කුමක් ද?  අප සමාජ වෙනසක් අවශ්‍ය යයි කියන්නේ මිනිසුන් තිරිසන්භාවයෙන් මුදවා ගැනීමට හා තිරිසනුන්ට මිනිසුන්ගෙන් සහනයක් ලබා දීම ද සඳහා ය.  පාරිසරික, සමාජ, ආර්ථික, දේශපාලනික ආදී සෑම පැත්තකින් ම ම්ලේච්ඡත්වයට විරුද්ධ වීම හා ම්ලේච්ඡත්වයෙන් අත් මිදීම ප්‍රගත්ශීලීන්ගේ සමාජ වගකීමකි.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ඇමරිකාව ලංකාවට බය වී ජී.එස්.පී. ප්ලස් දෙයි (දිවයින මානසිකත්වය පුවත්පතෙන් උපුටා ගත් පුවතක්)

Image
ඇමරිකාව දැන් දුප්පත් වෙමින් තිබේ.  ජනාධිපතිගේ දුරකථනය තැබීමට දුරකථන  සිටගැනීමක් (telephone stand) මිළ දී ගැනීමට පවා ධවල මන්දිරයට මුදල් නැත. කීර්ති පාටකුලසූරිය විසිනි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා ලංකාවට බිය වී තිබේ. (US President Barak Obama is afraid of Sri Lanka) විශේෂයෙන් ම ලංකාවේ දිවයින ඇතුළු සිංහල පුවත්පත් කියවීමෙන් හා අයි.ටී.එන්. ඇතුළු රූපවාහිනීවලට සවන් දීමෙන් පසු නුදුරු අනාගතයේදී තමන් පරද්දන මේ ශ්‍රී ලංකාව නම් රට සමග ෂේප් එකේ සිටිය යුතු බව බරක් ඔබාමා තීරණය කර තිබේ. (Obama has decided to shape Sri Lanka)  ලංකාවට ජී.එස්.පී. බදු සහන ලබා දීමට ගත් පියවර ලෝකයේ වෙනත් රටවල් 129කට ද වාසියක් (chance) වී ඇක.  ජී.එස්.පී. බදු සහනය අහිමි වීම ලංකාවෙන් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන ඇඟලුම් සඳහා බලපෑවේ නැත. එහෙත්, ලංකාව එරට ටයර් සපයන ප්‍රමුඛයා වී සිටි අතර ජී.එස්.පී. නැති වීම නිසා එම ටයර් වෙළඳපොළ සීයට 28.5කින් වැටිණි.  මෙම ටයර් වෙළඳපොළ අල්ලා ගන්නා ලද්දේ චීනය විසිනි. ඒ නිසා, ඇමරිකාව නැවත ජී.එස්.පී. සහනය දෙන්නට තීරණය කර තිබෙන්නේ චීනයත්, ලංකාවත් කෙටවීමට බව වාර්තා වේ.  බත්

ගඩාෆි ඝාතනය හා ජාතිවාදී දිවයින / Gadaffi assassination and chauvinist Divaina

මේ අද දිවයින 'පුවත්පතේ' ප්‍රධාන 'පුවතින්' උපුටා ගත් වාක්‍යයකි. "යටත් වීමෙන් පසු ඝාතනය කරනු ලැබීමෙන් ගඩාෆිගේ මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වීද නැද්ද යන්න ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌තුමිය වන නවනීදන් පිල්ලේ මහත්මිය පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන තුරුත් ප්‍රකාශයක්‌ කර තිබුණේ නැත." ගඩාෆි මරා දමා ඇත්තේ යටත් වූ පසුව ය. එය පැහැදිලිව ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත් ගඩාෆි මරා දමා ඇත්තේ රාජ්‍ය හමුදාවක් විසින් නො ව, කැරැලිකාර ජන රාශියක් හෙවත් මොබ් එකක් විසිනි. බටහිර බලවත් රටවල් මේ ජන රාශියට උදව් කළ බව නම් ඇත්ත ය. එහෙත් එය වනාහි රජයක හමුදා විසින් කෙළින් ම ගඩාෆි අල්ලා මරා දැමීමිට වඩා වෙනස් තත්වයකි. ‍කොටින් ම ඔසාමා බින් ලාඩන් එක්සත් ජනපද හමුදා විසින් මරා දමනු ලැබීමත්, ගඩාෆි නේටෝ ආධාර ලත් ජන රාශියක් විසින් මරා දැමීමත් එකිනෙකට වෙනස් තත්වයන් ය. ගඩාෆිගේ මරණයත් සමග ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම ප්‍රවර්ධනය කරන සැමගේ කොඳු නාරටිය හරහා සීතල සංවේදනයක් ගමන් කර ඇති බව දිවයින පුවත්පතේ පුවතින් පෙනේ. ග

සියලු ඒකාධිපතියන්ට පාඩමක් විය යුතු ගඩාෆිගේ මරණය / Death of Gadaffi, a lesson to all dictators

Image
ගඩාෆි කෲර අන්දමින් මරා දමා ඇති බවට තොරතුරු තිබේ. මරා දැමීමට පෙර ඔහු තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇති නමුත් තැරැලිකරුවෝ එයට සවන් නො දුන් හ. නීතියේ පාලනයේ වැදගත්කම ගඩාෆිට තේරෙන්නේ අවනීතියේ ගංවතුර තමන්ගේ නහය මට්ටමට ගලා එන විට ය. කෙසේ වෙතත්, ගඩාෆි නිවටයකු ලෙස පළා නො ගොස් පරාජයට ගෞරවනීය ලෙස මුහුණ දීමට උත්සාහ කර ඇත. ඔහු මරා දමා ඇත්තේ යටත් වූ පසුවයි. ගඩාෆිගේ මරණයෙන් ලිබියාවේ ජනතාව වනචාරී ලෙස ප්‍රීති වෙමින් සිටින බව වාර්තා වේ.  ගඩාෆි නෙළා ගත්තේ අඩ සියවසකට ආසන්න කාලයක් තමන් ලිබියාවේ වැපිරූ දෙයෙහි අස්වැන්නයි.  බලයෙන් උමතුව, නීතිය අතට ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තඹයකට නො තකා ලිබියාව පාලනය කළ මෙම එකාධිපතියාට කෲර මරණයක් අත් කර දුන්නේ ඔහු විසින් ගොඩනඟන ලද, කලක් ඔහු වන්දනා කළ මන්ද බුද්ධික ජනතාවයි.  මේ ජනතාවගේ සහාය ලබමින් සිටි කාලයේ බටහිර බලවතුන්ට ගඩාෆි දඩයම් කිරීම දුෂ්කර විය. ඒ කාලයේ ගඩාෆි බටහිර බලවතුන්ට සෑහෙන්න චණ්ඩි පාට් දැම්මේ ය. බටහිර බලවත්තු බලා සිටිය හ. සෑහෙන කාලයක් බලා සිටිය හ. ලිබියාවෙන් විරෝධය මතු වන්නට පටන් ගත් මොහොතේ සිට ඔවුහු එය පෝෂණය කළ හ.  බට

බාප්පා ඔබ දෙස බලාගෙන / Big Bappa is looking

Image
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇති කරුණක් වන්නේ යුද හමුදා බුද්ධි බලකාය බලඇණි හයක් දක්වා වැඩි කළ යුතු බවයි. ලංකාවේ බුද්ධි අංශය යයි කියන්නේ intelligence wingsවලට ය. මෙතැන ඇති intelligence බුද්ධිය හා සම්බන්ධ දෙයක් නො ව ඔත්තු බැලී‍මට සම්බන්ධ දෙයකි.  හේතුව පැහැදිලි ය. ප්‍රචණ්ඩත්වය ඇති වීමට හේතු නැති කර සාමය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර රජය ගෙන නැති හෙයින් රජයට අංක එකට දෙමළ ජනයා ද, ඊළඟට රටේ අනෙකුත් ජනතාවන් ද, විශේෂයෙන් ම දේශපාලනික වශයෙන් සක්‍රිය ප්‍රජාව ද, මොළේ තිබෙන මිනිස්සු ද, සරසවි ශිෂ්‍යයෝ ද, විපක්ෂය ද, තමන්ගේ පක්ෂයේ අය ද, තම තමන්ගේ ම අය ද, තමන් ම ද සැක ය. ඒ නිසා ඔත්තු බැලිය යුතු ය. සරසවිවලට වැඩි වියදමක් වැය කර රක්නා ලංකා නම් රජයේ ආරක්ෂක සේවය යොදවන්නේ ඒ නිසා යයි සරසවි ප්‍රජාව සැක කරයි. රුසියාවේ සමාජවාදී නමින් ක්‍රියාත්මක වූ ඒකාධිපති රෙජිම බලයේ සිටි සමයේ කේ.ජී.බී. රහස් ඔත්තු සේවය ගැන අපූරු කතාවක් තිබිණි. එක් පුද්ගලයෙක් නිකමට මෙන් දුරකථන කුටියකට ගොස් කේ.ජී.බී.යේ දුරකථන අංකයට කතා කර 'ඔය කේ.ජී.බී. ද?

ජවිපෙ මූලස්ථානයේ බිත්තියේ ඡායාරූපය ගැන මාක්ස් මෙසේ පවසයි / Marx quoted about the photo on the wall of the JVP headquarters

Image
ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල මූලස්ථානයේ එල්ලා තිබූ මාක්ස්ගේ ඡායාරූපය කැරළිකාර කණ්ඩායම රැගෙන ගිය බව කියැවේ. සෝමවංශ අමරසිංහ පාර්ශ්වය කියන්නේ කරැළිකරුවන් ඒය සොරකම් කළ බවයි.  මාක්ස් ජීවතුන් අතර සිටියා නම් සමහර විට මෙසේ කියනු ඇත.  "සහෝදරවරුනි, මා තවත් අය සමග එක්ව ඉදිරිපත් කළේ ලෝකය විග්‍රහ කරන දැක්මක් මිස ආගමික දේශනාවක් නො වේ. මම ශාස්තෲවරයෙක් නො වෙමි. එහෙයින් මගේ රූප ඔබේ කාර්යාලයේ එල්ලාගෙන මල් පහන් පිදීම, හඳුන් කූරු දැල්වීම වැනි අභිචාර පැවැත්වීම තේරුමක් නැත. "මා ඉදිරිපත් කළ කරුණු වනාහි අවසාන දේව වාක්‍ය නො වේ. ඒවා ලෝක ධර්මයන් තේරුම් ගැනීමේ විද්‍යාවක පදනමයි. නො එසේව, කට පාඩම් කරගෙන උපුටා දැක්වීමට හා තමන්ට අවශ්‍ය පරිදි, අවශ්‍ය කෑලි පමණක් ගෙන, තමන්ගේ අදහස් ඔප්පු කිරීම සඳහා යොදා ගත හැකි න්‍යායික උපකරණ විශේෂයක් නො වේ.  "කොමියුනිස්ට් ප්‍රකාශය ඉදිරිපත් කරද්දී මම 'සකල දේශ වාසී නිර්ධනයිනි, එක්වව්!' යන සටන් පාඨය ජර්මන් බසින්  Proletarier aller Länder vereinigt Euch!  ලෙස ඉදිරිපත් කළෙමි. අද වන විට ඔබ ඇතුළ බොහෝ මාක්ස්වාදීන් යයි කියන අය කරන්නේ නිර්ධනයින් බෙදා වෙන් කර

කුඩුත් හාමුදුරුවන්ගෙ; නඩුත් හාමුදුරුවන්ගෙ

Image
ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති ද වේ.  පොලිස් විශේෂ කාර්ය බලකාය අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට ය. එම අමාත්‍යංශයේ සර්ව බලධාරියා ජනාධිපති සහෝදර ගෝඨාභය රාජපක්ෂ ය.  බස්නාහිර පළාත් ඇමති නිමල් ලන්සාගේ නිවසේ කුඩු තිබේදැයි සොයන්නට පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණියේ ය. සෝදිසිය කර තිබෙන්නේ සෝදිසි වරෙන්තුවක් නැතිව බව කියනු ලැබේ.  ඊට පසු එයට විරෝධය පළ කරන්නට‍ මෙන් ජනාධිපතිවරයා ලන්සාගේ නිවසට පැමිණියේ ය. පැමිණියේ තවත් ජනාධිපති සහෝදරයකු වන ගම්පහ දිස්ත්‍රික් නායක හා ඇමති බැසිල් රාජපක්ෂ සමගයි.  ආණ්ඩුවේ දේශපාලකයන්ගේ නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමග ගෑවීම මෑත වකවානුවේදී සුලබ වී ඇත. එවැනි දේශපාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ඉහළම නායකයන්ගේ මැදිහත්වීම ද දක්නට ලැබේ.  මීගමුවේ ලන්සාගේ "හොඳ නම" පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවෙන් කෙළෙසී ඇති බව කියැවේ. ලන්සා හා ඔහු සමග ගනුදෙනු කරන ධනවත් ව්‍යාපාරිකයන් පිරිසකගේ නිවෙස් සෝදිසි කිරීම පිටුපස යම් නිශ්චිත තොරතුරු තිබෙන්නට ඇත. ඇතැම් විට මෙම සෝදිසිය පිළිබඳ ‍ඔත්තුවක් මෙම නිවෙස් හිමියන්ට කලින් ලැබෙන්නට ද ඇත.  මීගමුවේ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට ක

මාළුන්ගේ අපේ දේශ සීමා ප්‍රශ්න හා මහින්ද රාජපක්ෂ / Sri Lanka President, fish and borders

Image
“ධීවර ප්‍රශ්නය ගැන ජනාධිපති හැටියට නොව පෞද්ගලිකව මතය කියන්න කැමැතියි. මම මේ මතයේ දිගටම හිටියා. තාමත් ඉන්නවා. මාළුවාට දේශ සීමා නැහැ. ධීවරයාටත් එහෙමමයි. මාළුවා පීනාගෙන යනවා. ධීවරයාත් ඒ පසුපස යනවා. ඒ නිසා මෙයට එකම විසඳුම ධීවරයන් එක්වී සාකච්ඡා කිරීමයි.” ජනාධිපතිතුමා විසින් පසුගියදා පළ කරන ලද මෙම මතය ඉතා ප්‍රගතිශීලී එකකි. විශේෂයෙන් ම උතුරු මුහුදේ ලාංකීය ධීවරයන් හා දකුණු ඉන්දීය ධීවරයන් සම්බන්ධ කාරණයේදී මෙම කරුණ විශේෂයෙන් අදාළ ය. පාරම්පරිකව මොවුහු ධීවර කර්මාන්තයේ යෙදුණේ ‍එක ම මුහුදක ය. මුහුදේ දේශ සීමා දිය පිට ඇඳි ඉරි ය. ඒවා දන්නේ නවීන උපකරණ පාවිච්චි කරන නාවික හමුදා ය.  1970 දශකයේදී ඉන්දීය රජය විසින් ලංකාවට භාර දෙන ලද කච්චතිවු දූපත දෙරටේ ම ධීවරයන් විසින් දැල් වේලා ගැනීම, විවේක ගැනීම හා ආගමික කටයුතු වෙනුවෙන් යොදා ගනු ලැබූ එකකි. දූපත පවරා දීමේ ගිවිසුමේ ම මේ කාර්යයන් දූපතට අදාළව දෙරටේ ධීවර හිමිකම් ලෙස පිළි ගන්නා ලදී.  දේශ සීමා ගැන කිසිත් නො දත් මාළුවා පසුපස හඹා යන ධීවරයා ගැන ජනාධිපතිතුමාගේ පෞද්ගලික මතය විවේචනය කරන ඇතැමුන් කියන්නේ එය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැරදි ප්‍රකාශයක් බවයි. 

කොණ්ඩ බැඳපු සිංහලයන්ට චීන්නුන්ගෙන් තෑගි පිට තෑගි

චීනය ලංකාවට මාර හිතවත් රටකැයි ලංකාවේ සමහරු සිතති.  චීනය සමාජවාදී රටකැයි ද තවත් සමහරු සිතති. චීනය මේ එකක්වත් නො ව මොන පාදඩයා සමග හෝ බිස්නස් කර ලාභ ගන්නට උත්සාහ කරන තවත් එක් පාදඩ ජාවාරම්කාර රාජ්‍යයකි.  චීනය ලංකාවට සෙට් වන්නේ කුණට කුණ සෙට් වන ඕනැම කුණු ගොඩක් බේරුවල් බොක්කට යයි කියන න්‍යාය අනුව ය.  චීනය ලංකාවේ සංවර්ධනයට ආධාර කරන බව කියනු ලැබේ. එහෙත් සිදු වන්නේ චීනය සිය අතිරික්ත ප්‍රාග්ධනයෙන් ලංකාවට පොලියට ණය දී ලාභ ලැබීමයි.  ණය දීමේදී පණවන කොන්දේසි අනුව, ඉදිකිරීම් ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්තුව ද චීනයට ම දිය යුතු ය. එයින් චීනයේ සමගම්වලට ව්‍යාපාර අවස්ථා ද එරට ශ්‍රමිකයන් කොටසකට රැකියා ද ලැබේ.  චීනය පමණක් නොව, ඉන්දියාව ද වෙනත් රටවල් ද කරන්නේ එයයි.  දැන් ලංකාව ද මාලදිවයින මේ අන්දමින් සූරා කන්නට උත්සාහ කරයි. ඒ සාක් සමුළුව වෙනුවෙන් මාලදිවයිනේ පාරක් හැදීමෙනි. මාලදිවයිනේ මිනිස්සු වැඩියෙන් ගමන් බිමන් යන්නේ බෝට්ටුවලින් නිසා කමක් නැත. පහත පළ වන්නේ අද දිවයින පුවත්පතෙන් උපුටා ගත් චීන වික්‍රමයකි.   රුපියල් බිලියන අනූවක්‌ පමණ වැය කරමින් ඉදි කෙරෙන කොට්‌ටාව ගාල්ල අධිවේගී මාර්ගයේ කොට්‌

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය ය / International probe needed on Sri Lanka's drug businesses

Image
සිංගප්පූරුවෙන්‍ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ගෙනැවිත් දුමින්ද සිල්වා සුව කිරීමට ලොකු ලොක්කන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ අතර අලුත්ම පොලිස් වාර්තා පවසන පරිදි දුමින්ද සිල්වා රෝහල්ගත වීමෙන් පසු රැකවරණය අහිමි වී සිටින හෙරොයින් ජාවාරම්කරුවන් උන් හිටි තැන් අතහැර පලා යාමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මත් කුඩු හිඟයක්‌ ඇති වී තිබේ. කුඩු ජාවාරම්කරුවන්ගේ පළා යාමත් සමග සැපයුම් ජාලය අඩාල වීම මෙසේ මත්කුඩු හිඟයක්‌ ඇතිවීමට ප්‍රධාන හේතුව වී තිබේ. මේ හේතුවෙන් ඊයේ වන විට කොලෙන්නාව සිංහපුර, වඩුගොඩවත්ත, මීතොටමුල්ල, සිල්වා පටුමඟ, බෙරැල්ල, මැගසින් පාර, දෙමටගොඩ, බ්ලූමැන්ඩල්, මාලිගාවත්ත, ඔරුගොඩවත්ත, තමිල්නාඩුව, මෝදර කිඹුලා ඇළ, ගුණසිංහපුර ආදී ලෙසින් වූ කොළඹ මත්කුඩු අලෙවි ජාලයේ කේන්ද්‍රස්‌ථාන වෙත මත්කුඩු ලබාගැනීමට පැමිණෙන හෙරොයින් ලෝලින් නොසන්සුන්තාවකට පත්ව සිටින අයුරු ද පොලිසිය නිරීක්‍ෂණය කර ඇතැයි අද දිවයින පුවත්පත වාර්තා කරයි. දුම්න්ද සිල්වා ගැන තිබුණු කටකතා බොරු නො වන බව මෙම පොලිස් වාර්තා සමග ඔප්පු වේ. CIC සමාගමේ හිමිකරුවකු නො වූ, එහෙත් එහි කෘෂිකර්ම අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ වූ ලාල් සිල්වා

වංගීස සුමනසේකර යනු කුමක් ද? / What is the meaning of Wangeesa Sumanasekara?

Image
අප 'සාකෝසි යනු කුමක්ද?' පොත ගැන තැබූ සටහනින් වංගීස සුමනසේකරගේ සිත් පෑරී අති නම් අපි සමාව අයදිමු. අප සාමාන්‍යයෙන් ඩේල් කානගීගේ සිත් ගැනීමේ කලාව අනුගමනය කරන අය නො වෙමු. කානගීට අනුව ජනප්‍රිය වීමට හොඳම මාර්ගය වන්නේ අනුන් විවේචනය නො කර සිටීමයි. 'මාරයි මචං' කියමින් තුරුළු වන්නන්ට අපි කවුරුත් කැමති ය. අපටත් අනෙක් අයට මෙන් ඔබ එවූ බැනරය ප්‍රදර්ශනය කර අත සොදා ගන්නට තිබිණි. එහෙත්, ඊනියා ප්‍රශංසාවේ නිහඬතාව තුළ සුනිල් විජේසිරිවර්ධනගේ 'පුරවැසි මංපෙත්' කෘතිය සේ මරණයට පත් වීමට වඩා විවේචනය හරහා ජීවත් වීමට ඔබේ පොතට අවස්ථාවක් අපගේ ලිවීම හරහා ලැබී තිබේ. ඇත්තෙන්ම පොත පිළිබඳ යමක් ලිවීම සඳහා අපි උත්සාහ කර නැත. මන්ද, අපි මෙම පොත කියවා නැත. එය පරිවර්තනය කිරීම අනිවාර්යයෙන් ම යහපත් ව්‍යායාමයකි. පොත ගැන කතා කිරීම සඳහා අවස්ථාවක් උදා වන්නේ එය පරිවර්තනය කර පළ කිරීමත් සමග ය. එතුළ ඒ දැනුම සෙසු අය සමග බෙදා ගැනීමේ නිර්ලෝභීකමක් තිබේ. අ‍පගේ විවේචනයට බඳුන් වන එක්ස් කණ්ඩායම වැනි කණ්ඩායම්වල දේශපාලන ව්‍යාපෘතිය එවැන්නක් නො වේ යයි අපි යෝජනා කරන්නෙමු. අප පවසන්නේ එක්ස් කණ්ඩායම මෙවැනි චින්

"කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" ආදර්ශයට ගැනීම

යුද ජයග්‍රහණය හිමිකර දුන් මෙරට හමුදාවේ ක්‍රියාකාරකම් විදෙස් හමුදාවන් ද ආදර්ශයට ගත යුතු බව ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය විසින් රචිත "කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" නැමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. ඇත්තෙන්ම, එහෙම වුණා නම් ලෝකයේ ම හමුදා ලංකාවේ හමුදාව වැනි වනු ඇත. එවිට ලෝකයේ සියලු රටවල් ද ලංකාව වැනි වනු ඇත. එවිට ලෝකය ම ආසියාවේ ආශ්චර්යය වනු ඇත. අපේ වෙනසක් නැති වනු ඇත. එහෙම වූ විට බෑන් කී මූන්ට සියල්ලන් පස්සෙන් ම පන්නන්නට හෝ කාගේවත් පසුපස නො පන්නා ඉන්නට සිදු වේ. කොහොම බැලුවත් මේක අපට අන්තිම හොඳ ය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

'සාකෝසි යනු කුමක්ද?' යනු කුමක්ද?

Image
සාකෝසි යනු කුමක්දැයි දැන ගන්නට මට ආශාවක් නැත.  මන්ද, මා කිසි දිනෙක ප්‍රංශයට යන්නට සැලසුම් කර නැත.  එහෙත්, ප්‍රංශය යනු මේ ලෝකයේ ම කොටසක් නිසා සාකෝසි මගේ ජීවිතයට ද සම්බන්ධ ඇත.  The Meaning of Sarkozy ලියූ අලේන් බදියු යනු සුමනසිරි ලියනගේ, නිර්මාල් රංජිත් දේවසිරි වැනි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් මෑතක සිට ඔසවා තබනු ලබන වීර චරිතයකි. සාකෝසි යනු ප්‍රංශයේත්, ලෝකයේත් මාකට් එකක් ඇති චින්තකයෙකි. එහෙයින් ඔහුට මෙහේත් සේල්ස් රෙප්ලා බිහි වීම පුදුමයට කරුණක් නො වේ.  නිතර දෙවේලේ දකින සුනිල් විජේසිරිවර්ධන ලියූ පුරවැසි මංපෙත් ගැන ලංකාවේ ඇති නො වූ කතිකාවක් අලේන් බදියු ගැන ඇති වන්නට යනවා යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඔය එකක්වත් සිදු නො වීම මෙහි සාමාන්‍ය තත්වයයි.  එක්ස් කණ්ඩායමේ හිටපු අපේ මිතුරෝ ලංකාවට අලුත්, අලුත් චින්තකයන් හඳුන්වා දීමේ ලා උත්සුක වූ පිරිසකි.  ෆුකෝ,  ඩෙරිඩා, ලකාන්, ජිජැක් ඇවිත් ගිය හ. දැන් ඔවුහු අලේන් බදියු කැඳවාගෙන එන්නට වෙහෙසෙති. මේ චින්තකයන්ගේ පේටන්ට් අයිතිය ලංකාවේදී ගන්නට පසුගිය කාලයේදී මහා පොර ඇවිලිණි.  මේ පොළවෙන් ලංකාව තේරෙන, මහින්ද රාජපක්ෂ යනු කුමක්ද යන්න ව

ලංකා ටෲත් සෝමවංශට; ප්‍රේමකුමාරගෙන් ලංකා වීව්ස්

ලංකා ටෲත් වෙබ් අඩවිය ද ජවිපෙ සෝමවංශ පාර්ශ්වය විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.  මේ වන විට එය යාවත්කාලීන වන්නේ නැත.  ලංකා ටෲත් වෙබ් අඩවිය තුළ ක්‍රියාත්මක වූ ජවිපෙ ප්‍රේමකුමාර පාර්ශ්වය දැන් අලුත් වෙබ් අඩවියක් පටන් ගෙන ඇත. එය ලංකා වීව්ස් නම් වේ.  සම්ම ජාතියේ අපට ලින්ක් එකක් නො දුන්න‍ාට කමක් නැත. ඔබ අපට නො දෙන දෙය මෙන්න අපෙන් ඔබට:  කියවන්න  http://www.lankaviews.com/ මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

හාවා ගැන අක්‍රමවත් වාක්‍ය රචනාවක්

Image
හාවා යනු දුබල සතෙකි. ඌ වගාවලට හානි කරන නිසා ගොවීන්ගේ වෛරයට ලක් වේ. බල්ලන්, බළලුන් සේ බෝ වන නිසා වෙනත් මාංශ භක්ෂක සතුන්ගේ ආහාරයට නිර්මානය වී තිබේ.  හාවා අහිංසකකමේ සංකේතයක් නම් කොටියා නපුරුකමේ සංකේතයකි. දෙමළ කැරළිකරුවන් සිය සංකේතය ලෙස තෝරාගෙන සිටියේ කොටියා ය. ඔවුන් සිංහලයන්ගෙන් ඇසූ කාරණයක් වන්නේ 'ඔබ රෞද්‍ර සිංහයා ජාතියේ සංකේතය ලෙස තෝරාගෙන අපට කියන්නේ හාවා තෝරා ගන්නටද' කියා ය. සිංහයාගේ රුදුරුකමට සමාන හා ප්‍රතිවිරුද්ධ ලෙස දෙමළ කැරැළිකරුවෝ කොටියා නම් සංකේතය ගොඩනැඟූ හ.  එහෙත්, සිංහයාත්, කොටියාත් යන දෙදෙනා ම ලංකාවේ නැත. හාවා ඇත.  ජනතා විමුක්ති පෙරමුණ සිංහලයන්ගේ සංකේතය වූ සිංහයා කෙතරම් වැළඳ ගත්තේ ද යත් ඔවුන් කලෙක සිය සමාජවාදී ලංකාවේ ජාතික කොඩිය ලෙස දැක්වූයේ රතු පසුබිමේ සිංහයා සිටින කොඩියකි.  දැන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ශ්ව දෙකකි. එකක් ඔප්පු, තිරප්පු ජවිපෙයි. අනෙක හෘදය සාක්ෂි ජවිපෙ ය.  ජවිපෙ බෙදීම මතුපිට තලයේ ප්‍රභූන් හා අභ්‍යන්තර සංවිධායක ප්‍රභූන් අතර ගැටුමක් ලෙස අර්ථ දක්වන්නට පුළුවන.  ගැටුමේ හොඳ හරියට එන විට ජවිපෙ සාමාජිකයන් යනු කෙතරම් හෘදය සාක්ෂිය නැති මිනිසුන් ක

දේශපාලන ගොන්කම්වලට නව මානයක් එක් කළ කොළොන්නාවේ ගොනා

දුමින්ද සිල්වා එසේ මෙසේ හරකකු නො වන බව කොළොන්නාවේ සිද්ධියෙන් ඔප්පු වී තිබේ.  ඔහු එතරම් හරකකු බව තේරුම් ගන්නට අසමත් වීමෙන් භාරත ලක්ෂ්මන්ට අවසන් ගමන් යන්නට සිදු විය.  ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරා ම මෙවැනි ගැටුම් අවසන් වූයේ ගෝල බාලයන් කිහිප දෙනෙකු අවසන් ගමන් යද්දී මළ ගෙවල්වල යන්නට බොස්ලා ඉතිරි වීමෙනි.  ‍දුමින්ද සිල්වා මේ දේශපාලන ගොන්කමට අලුත් මානයක් එක් කර තිබේ.  මෙවැනි හරකුන් කර තබාගෙන සිටින එවුන් ද මේ වර්ගයේම හරකුන් විය යුතු ය.  මුන්ට ඡන්දෙ දෙන අපි නම් කොහොමත් හරක් ය.  දේශපාලන ගොන්කම්වලට නව මානයක් එක් කළ කොළොන්නාවේ ගොනාට ගොන්කම රජයන ලොවක් වෙත අප ගෙන යන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

විප්ලවවාදී පෙරටුගාමී පක්ෂ අතරින් මිනිස්කම සොයා යාමේ අරගලය / The struggle in search of humanity among the revolutionary vanguard parties

Image
ආයෙමත් කියවන්න: Little Red Riding Hood වෘකයාගේ භූමිකාව වෙනුවට දර කපන්නාගේ භූමිකාවට අපි මාරු විය යුතුයි. අපට ලැබී ඇති තොරතුරු අනුව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ බහුතරය ද, මධ්‍යම කමිටුවේ බහුතරය ද දැන් කැරළිකාර කණ්ඩායම ලෙස නම් ලැබ සිටින අයට සහයෝගය පළ කරති.  දැන් අවුල වී ඇත්තේ ජවිපෙ අභ්‍යන්තර නියෝජිත සම්මේලනයකින් පත් කර ගන්නා ලද ඇත්ත මධ්‍යම කාරක සභාව එකක් ද, හයවන සමුළුවේදී නිල වශයෙන් පත් කර ගන්නා ලද මධ්‍යම කමිටුව තවත් එකක් ද වීමයි.  පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මැතිවරණ කොමසාරිස්ට මධ්‍යම කාරක සභාව ලෙස දන්වා යවන ලද නාම ලේඛනයේ කුමන නම් ඇද්ද යන්න දැන් කැරළිකරුවෝ සැක කරති.  ජවිපෙ වැඩ කළේ මූලධාර්මිකව හෝ ක්‍රම විරෝධී පිළිවෙලකට ය. එහෙත් දැන් නඩු කියන්නේ ධනේශ්වර අධිකරණයේ ය. බහුතර සහයෝගය නැතත්, ජවිපෙ නාමයේ නිල අයිතිය, පක්ෂ මූලස්ථානයේ අයිතිය ආදිය අත් පත් කර ගන්නට සමත් වූ පිරිස මුල් වටයේ ජයග්‍රාහකයෝ වී සිටිති. කැරළිකරුවන් තවමත් සිය පදනම බවට පත් කර ගන්නට උත්සාහ කරන්නේ පක්ෂ හෘදය සාක්ෂියයි. ඔවුන්ගේ පැරණි නායකයන් හා සහෝදරයන් පිරිසක් හෘදය සාක්ෂියට සමච්චල් කරමින් වංචනික කෲරත්වයකින් දේපල පැහැර ගනිමින