මහනුවර ගාල්තැන්නේ දෙයියො පල් වෙලා

(2011 ජනවාරි 11, W3Lanka) මහනුවර, ගාල්තැන්නේ මාර දෙයියෙක් ඇත. එහෙත් නෙත් එෆ්.එම්. රේඩියෝවේ නිර්භීත මාධ්‍යකරුවන් පිරිසක් නිසා මේ දෙයියා දැන් පල් වෙමින් සිටියි. දෙයියා පල් වීම නිසා  දෙයියන්ගේ මෙලොව ඒජන්ට් වූ දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්දට මළ පැන ඇත. 


විස්තර සඳහා මෙතැන බලන්න. මෙම ගුවන් විදුලි වැඩසටහන ඉතා නිර්භීත, වේශනාත්මක එකකි. නෙත් එෆ්.එම්. ගුවන් විදුලියට අපේ ප්‍රණාමය!


කිලෝ හයක බරකින් යුත් රත්‍රං පැළඳගෙන සිටින මෙම කපුවාගේ දෙයියා හාස්කම් සඳහා පගා ඉල්ලන්නේ රත්තරං පවුම්වලිනි. ඒවා රැගෙන දිය යුත්තේ ස්වර්ණ මහල් කොම්පැනියෙනි. 


මේ දෙයියාට ප්‍රචාරය දෙන්නේ ස්වර්ණ මහල් හිමි ඊ.ඒ.පී. එදිරිසිංහ සමාගමට අයත් මාධ්‍යවලිනි. 


පරිවාරයේ රටවල ධනවාදය වැඩ කරන අන්දම හරි අපූරු ය. මුදල් සෙවීම පිණිස මෙවැනි පාදඩ ශාස්තෲවරුන් සමග හෝ පට්ටල් වීම ධනපතීන්ට ප්‍රශ්නයක් නො වේ. 


අනෙක් පැත්තෙන්, මේ වැඩසටහනේ මෙම කපුවාට එරෙහිව කතා කරන අය පවා ඇත්තෙන්ම විරුද්ධ මෙකී අවිද්‍යාවට නො ව මෙම කපුවාට ය. 


මෙවන් වංචනිකයන්ට අසු වන අය පවා තව දුරටත් සිතන්නේ මෙවැනි හාස්කම් ලෝකයේ ඇත්තට ම තිබේ ය කියා ය. 


පසුගිය දිනෙක මෙම ලේඛකයා එක් කාන්තාවකට වෘත්තීය සමිතියකට බැඳීම පිණිස ආරාධනා කළේ ය. එහෙත් ඇය කීවේ වෘත්තීය සමිතිවලින් ඇයට සිදු වූ වැඩක් නොමැති බවයි. එහෙත් මාසයකට රු. 10ක් වෘත්තීය සමිතියකට ගෙවීමෙන් ඇයට අවැඩක් නො වන බව හා ඇය යෙදී සිටින වෘත්තියට යම් සුළු හෝ වැඩක් වන බව ලේඛකයා ඇයට පැහැදිලි කර දුන්නේ ය. 


ඇය කීවේ මේ දිනවල කරදර බවයි. අපල නිසා හම්බ කරන මුදල මාසයේ වියදමට මදි බව ද, ශාන්ති කර්මයක් සඳහා අවශ්‍ය වූ රු. පන්දහසක් පමණ වූ මුදල සොයා ගත්තේ ගිනි පොලියට ණයක් ගෙන බව ද ඇය කීවා ය. 


විමානය හැදෙන්නේ යකාගේ හැටියට ය. ලේඛකයාගේනිවසට තරමක් දුරින් පිහිටි පන්සලක් වෙත කුඩා කාලයේ ගිය ගමනකදී එහි පිං කැටය සල්ලි කන යකෙකු සේ නිර්මානය කර තිබෙනු දැක සිතේ නො මැකෙන සෞන්දර්යයක් ඇඳිණි. යකාගේ අ‍තේ මුදල් තබා ලීවරය එබූ විට යකා සල්ලි ටික කට ඇතුළෙන් බඩට හළා ගනියි. 


පවුම් කන දෙවියන් බිහි වන්නේ ද අප වැනි මිනිසුන්ට ගැලපෙන්නට විය හැකි ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  
www.w3lanka.com

Comments

  1. මෙයාට මැරයොත් හුගක් ඉන්නවලු. මැරයො දාලලු හුගක් වැඩ කරවගන්නෙ.

    ReplyDelete
  2. ඇත්තටම මටත් මතකයි ඔය සල්ලි කන යකා ඉන්න පින් කැටය. මම ගොඩාක් පුංචි කලේ ඔය තැනට ගිය , දැන් අවුරුදු ගානකට පස්සේ ඔබේ කතාවෙන් යම් මතකයක් නැගුනා. අසයි පුංචි කලේ මතකය යලිත් අවදි කරන්න, මාතෘකාවට කෙලින්ම අදාල නැති වුනත් පුලුවනිනම් තැන සඳහන් කරන්න. ස්ත්තුයි !

    ReplyDelete
  3. http://www.youtube.com/watch?v=pSXjO3Hk1q0

    ReplyDelete
  4. http://soundcloud.com/user9239558/neth-balumgala-gossip9-com

    ReplyDelete
  5. ඇයි අර සායි බබා අදහන කශ්ටිය. අනේ අම්මප මුන්ට තලන්න ඕනෙ මඩු වලිගෙන්.

    ReplyDelete
  6. ඔය ඉඳිගොල්ල පන්සල නේද සල්ලි කන යකා ඉන්නේ..

    ReplyDelete
  7. @Brenda Maddumage

    සල්ලි කන යකා පිං කැටය ලේඛකයා දුටුවේ වරකාගොඩ ගල්ලෙන විහාරයේදී ය. දැන් තිබෙනවාදැයි නො දනිමි.

    ReplyDelete
  8. "පරිවාරයේ රටවල ධනවාදය වැඩ කරන අන්දම හරි අපූරු ය."

    Same as writing 3rd class novels...........

    ReplyDelete
  9. Hats off Neth FM!!!!!

    ReplyDelete
  10. "සල්ලි කන යකෙක්" මෙහෙ පන්සලකත් ඉනවා.

    ReplyDelete
  11. ඉඳිගොල්ල හංදියෙ පන්සලේ සල්ලි කන යකාට අව්රුදු 25ක් වත් වයසයි. මගෙ මතකෙ හැටියට,අන්තිමට දැක්කෙ 2010 අප්රියෙල්. තවම ඇති,පොඞිහිටියො හරිම කැමති යකෙක් ඌ.

    ReplyDelete
  12. /අනෙක් පැත්තෙන්, මේ වැඩසටහනේ මෙම කපුවාට එරෙහිව කතා කරන අය පවා ඇත්තෙන්ම විරුද්ධ මෙකී අවිද්‍යාවට නො ව මෙම කපුවාට ය./

    පුද්ගලයෙකුට එරෙහි විය හැකි වුවත්, නෙත් එෆ් එම් ට මෙම අවිද්‍යාවට එරෙහි විය හැකිද? අභියෝගය එයයි. අද ලංකා හේතුවාදී සංගමය වුවත් බෞද්ධාගම කෙරෙහි දක්වන්නේ මෘදු ආකල්පයකි. ඔබ අවිද්‍යාවට එරෙහි වන්නේ නම්, සීමා රහිතව කපටි ඒජන්තයන්ට මෙන්ම මෙන්ම කර්මය, පුනරුත්පත්තිය වැනි අධිකාරීමය ජනප්‍රිය අවිද්‍යාවන්ටද එරෙහි විය යුතුය. ඒවා හෙලිදරව් කල යුතුය. එසේ නැත හොත් කොලොන්නාවේ ජීවක, පොල් අතුමෝදර දලුවත්ත, පැනිදෙනියේ ආනන්ද.... විවිධ නම් වලින් හෙට දිනයේදීද අප හමුවට පැමිනෙනු ඇත.

    නෙත් එෆ් එම්, අඩුපාඩුකම් මැද්දේ වුවත් ස්වර්නවාහිනිය, මැක්ස් සහ අයිටීඑන් වැනි මිත්‍යා වපුරන චැනල් වලට වඩා බොහෝ ඉදිරියෙනි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. Dimthri,

      Your observation is 100% correct. But ou can see the reaction of some who commented. Still they are in the same boat of Kapuwa. Any way if they read this types of blogs they will start thinking over facts not traditional belief

      Delete
  13. Neth FM Sadaaa jaya weewaaa

    ReplyDelete
  14. ඇත්තටම වැදගත් මේ වගේ දේවල් ගැන විස්තර අනිත් අයටත් දැන ගන්න දාන එක.

    ReplyDelete
  15. http://www.youtube.com/view_play_list?p=65ED2AFC79A4A611

    ReplyDelete
  16. Can any one make arrangements to desiminate this information all over the coutry so that our people can avoid such "gods".

    ReplyDelete
  17. dimithri.... uba budda darshanaya weradi kiyala kiyanda kiyala balakirimakda karane me?

    ReplyDelete
  18. Please go ahead we wish to yours many power

    ReplyDelete
  19. ye its @ idigolla (Gampaha) temple .. we elders even like to put money to that still coz its so funny

    ReplyDelete
  20. me kapu raala maru man, oya dewaleda mokakda ekak nisa mage lokuammage lamainge paul3k hingamaneta noweti 99n beruna , viyadam karanna salli nethiuna nisa.. moda harak wage e aya santhakema hindenakal oya kapuwa passe giya..e karapu gonkam adatath e aya windawanawa .. kapu raala nam yahathin hebei wejabenawa.. thawa kii kaalekatasda danne hebei..

    ReplyDelete
  21. mewata waga kiyannaona adala game inna gam wasiyan,game niladarin. NETH FM sada wajabewa

    ReplyDelete
  22. Who is dimithri.

    What do you know about Karmaya, Punruppaththiya? Dont talk stupid without knowing about that? those are proved by science now. experimental also going on

    ReplyDelete
  23. "එහෙත් මාසයකට රු. 10ක් වෘත්තීය සමිතියකට ගෙවීමෙන් ඇයට අවැඩක් නො වන බව හා ඇය යෙදී සිටින වෘත්තියට යම් සුළු හෝ වැඩක් වන බව ලේඛකයා ඇයට පැහැදිලි කර දුන්නේ ය. "

    අද කාලේ වෘත්තී‍ය සමිති කි‍යන්නේ දේසපාලුවන්ට කඩේ ‍යන ලබ්බක් මිසක් වෙන මොන මගුලක් වත් නෙවේ.. ගොන් පාට්.. ඔ‍ය සංගම් කාර‍යෝ ඔක්කොම එක‍යි. මීහරක්!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා