Posts

Showing posts with the label අවිද්‍යාව

මුළු ලංකාවට ම දෙබරු ඇනලා ය. මතුරමු!

දෙබර ප්‍රහාරයකට ලක්වූ 48 හැවිරිදි පුද්ගලයකු රෝහල් ගතකර තිබියදී පවුලේ ඥාතීන් විසින් ඔහු රෝහලෙන් ගෙන ගොස් තෙල් මැතිරවීමෙන් පසු මියගොස් ඇති බව පසුගිය සතියේ රක්වානෙන් වාර්තා විය.  තම ගෙවත්තේ පොල් ගසකට නැඟ පොල් කඩද්දී දෙබර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මුලින්ම රක්වාන රෝහලට ඇතුළු කර තිබේ. එහිදී පවුලේ ඥාතීන් විසින් රෝගියා රෝහලෙන් ඉවත් කර ගෙන ගොස් වෙදදුරෙකු ලවා තෙල් මතුරුවාගෙන ගිය බව ඔහුගේ බිරිය හදිසි මරණ පරීක්‍ෂණයේදී පැවසුවාය. තෙල් මැතිරවීමෙන් පසු රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා කහවත්ත මූලික රෝහලට ඔහු ඇතුළු කළද ඒ වන විට ඔහු මියගොස් තිබුණි. රෝගියාගේ ශරීරයේ තිබූ විෂ නැසීමට අවශ්‍ය ප්‍රතිකාර කරමින් සිටියදී පවුලේ අයගේ කැමැත්තෙන් ඔහු රෝහලෙන් රැගෙන ගිය බව රක්වාන රෝහලේ වෛද්‍යවරු කියති. වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක පවතින අද දවසේ බොහෝ විට සායනික ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ සිටින මානසික රෝගීන් හෝ මුග්ධකම ඉහවහා ගිය පුද්ගලයන් විසින් කරනු ලබන මෙවැනි 'ප්‍රතිකාර' නිසා මිනිසුන් මිය යාම අතිශය කණගාටු තත්වයකි.  මානසික රෝගීන් හා වෙනත් ලෝකෝත්තරයන් වන්දනා කරන ලාංකීය සමාජය  තුළ අද වන විට මතු ව...

මහනුවර ගාල්තැන්නේ දෙයියො පල් වෙලා

Image
( 2011 ජනවාරි 11,  W3Lanka )   මහනුවර, ගාල්තැන්නේ මාර දෙයියෙක් ඇත. එහෙත් නෙත් එෆ්.එම්. රේඩියෝවේ නිර්භීත මාධ්‍යකරුවන් පිරිසක් නිසා මේ දෙයියා දැන් පල් වෙමින් සිටියි. දෙයියා පල් වීම නිසා  දෙයියන්ගේ මෙලොව ඒජන්ට් වූ දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්දට මළ පැන ඇත.  විස්තර සඳහා මෙතැන බලන්න. මෙම ගුවන් විදුලි වැඩසටහන ඉතා නිර්භීත, වේශනාත්මක එකකි. නෙත් එෆ්.එම්. ගුවන් විදුලියට අපේ ප්‍රණාමය! කිලෝ හයක බරකින් යුත් රත්‍රං පැළඳගෙන සිටින මෙම කපුවාගේ දෙයියා හාස්කම් සඳහා පගා ඉල්ලන්නේ රත්තරං පවුම්වලිනි. ඒවා රැගෙන දිය යුත්තේ ස්වර්ණ මහල් කොම්පැනියෙනි.  මේ දෙයියාට ප්‍රචාරය දෙන්නේ ස්වර්ණ මහල් හිමි ඊ.ඒ.පී. එදිරිසිංහ සමාගමට අයත් මාධ්‍යවලිනි.  පරිවාරයේ රටවල ධනවාදය වැඩ කරන අන්දම හරි අපූරු ය. මුදල් සෙවීම පිණිස මෙවැනි පාදඩ ශාස්තෲවරුන් සමග හෝ පට්ටල් වීම ධනපතීන්ට ප්‍රශ්නයක් නො වේ.  අනෙක් පැත්තෙන්, මේ වැඩසටහනේ මෙම කපුවාට එරෙහිව කතා කරන අය පවා ඇත්තෙන්ම විරුද්ධ මෙකී අවිද්‍යාවට නො ...