ආරක්ෂාවට මෙතරම් වියදමක් කාගේ අනාරක්ෂාව නිසා ද?

(2010 ඔක්තෝබර් 21, W3Lanka) ලංකාව 2011 වසරේ රාජ්‍ය ආරක්ෂාව සඳහා වැය කරන්නට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 21,521කි.


එනම්, රු. 215,210,000,000 කි. ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව, රටේ ලොකු කුඩා සෑම පුද්ගලයකු ම සිය ආරක්ෂාව වෙනුවෙන් වසරකට රු. 10,760ක් වැය කරයි. පස්දෙනෙකුගෙන් යුත් පවුලක් නම් රු. 53,802ක් හෙවත් මසකට රු. 3165ක් වැය කරයි.


මේ වනාහි රටේ සාමාන්‍ය පවුලක සාමාන්‍ය මාසික විදුලි බිල මෙන් දෙගුණයකටත් වැඩි මුදලකි.


ලංකාවේ රජය ලබන අවුරුද්දේ රු. ලක්ෂ කෝටියක් ණය ගන්නට බලාපොරොත්තු වේ. මේවාට පොලිය ද එකතු වන බැවින් මේ වසරේ ආරක්ෂක පිරිවැයට අමතරව පොලියක් ද අනාගතයේ මේ රටේ ජනතාව ගෙවිය යුතු ය. 

යුද්ධයක් නො තිබුණ මුත් ලංකාව මේ වසරේ ද ආරක්ෂාව වෙනුවෙන් රු. කෝටි 20,000කට වඩා වැය කළේ ය.


ලංකාව ආක්‍රමණ තර්ජනයකට මුහුණ දී නැත. එසේ ම රාජ්‍යයට තර්ජනයක් වූ කොටි සංවිධානය ද මුළුමනින් ම පාහේ මර්දනය කර ඇත. කොටින් යළි ගරිල්ලා සංවිධානයක් ලෙස ප්‍රතිසංවිධානය වෙමින් ඇති බවට ද සාක්ෂි නැත.


එසේ නම් ආරක්ෂාව වෙනුවෙන් කරන වියදමින්රටේ ජනතාව ආරක්ෂිතව ජීවත් විය යුතු ය. ඔබේ දරුවා පාසලට යැවූ විට කණ පලන ගුරුවරුන්ගෙන්, ළමා අපචාරවල යෙදෙන්නන්ගෙන් හා කහ ඉර මත සිදු විය හැකි වාහන අනතුරු ආදියෙන් ආරක්ෂාවක් තිබිය යුතු ය.

ගැහැනියකට ජැක්කාරයන්ගේ සිට රටේ සිටින විවිධ කාමාතුරයන්ගෙන් බේරී මහ පාරේ ගමනක් බිමනක් යාමේ පහසුව තිබිය යුතු ය. 

මාල කඩන්නන්ගෙන්, මංකොල්ලකාරයන්ගෙන්, සොරුන්ගෙන් ඔබ, ඔබේ පවුලේ අය හා දේපල ආරක්ෂා විය යුතු ය. 

මුහුදු යන ධීවරයන්ට කවුරු හෝ තමන් වෙඩි තබා ගිල්වා නො දමති ය යන බියෙන් තොරව රැකියාව කිරීමට හැකි විය යුතු ය. 


දුක සේ කළ වගාවට අලි හෝ ඌරන් පැන එක රැයින් එය වනසා නො දමන බවට ආරක්ෂාවක් තිබිය යුතු ය.


රජයේ හෝ පෞද්ගලික ආයතනයක සේවකයකුට බාහිර තර්ජන ගර්ජනවලට බිය නො වී රැකියාව කිරීමට අවස්ථාව තිබිය යුතු ය. 


ඔබ කරන කාර්යයන් වෙනුවෙන් එක එකාට අල්ලස් දීම, කප්පම් ගෙවීම ආදිය අවශ්‍ය නො වනු ඇත.

අතේ මිටේ කීයක් හෝ ඇත්නම්, කප්පම්කාරයන් ඔබ හෝ ඔබගේ පවුලේ අය පැහැරගෙන නො යන වාතාවරණයක් තිබිය යුතු ය. 

ඔබ ජීවත් වන පරිසරය, වාතය, ජලය ආදිය පරිසර දූෂකයන්ගෙන් ආරක්ෂා විය යුතු ය. 


අයුක්තියට, අසාධාරණයට එරෙහිව කතා කළ විට සුදු වෑන් ඔබේ නිවසට නො පැමිණිය යුතු ය.

මුළු රට ම නීතියේ පාලනයට යටත් විය යුතු ය. නීතියේ ආරක්ෂාව සැමට ලැබිය යුතු ය. 

එසේ නොමැති නම්, ආරක්ෂාව වෙනුවෙන් කොපමණ මුදල් වෙන් කළත් ඔබ ඉන්නේ අනාරක්ෂිතව ය.

එසේ නම් මෙතරම් ආරක්ෂාවක් කාට ද? උඩින්, යටින්, වටෙන් ආරක්ෂක රථ පිරිවරාගෙන මහා සංග්‍රාමයකට සේ පාරේ යන ඊනියා ප්‍රභූන්ට ද? 


නැතිනම් ආර්ථික, දේශපාලනික හා මූලික මිනිස් අයිතීන් ඉල්ලා සටන් වදින ජනයා මර්දනය කිරීමට ද? 

මෙතරම් ආරක්ෂක පිරිවැයක් අවශ්‍ය වන්නේ කාගේ අනාරක්ෂාව නිසා ද?




Bookmark and Share  
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අන්න අර උඹට හම්බ උන නෑති පින්තූරෙ තියනවලු .ගිහින් බලපන්. ඒවා පෙන්නෙ නෑ නේ. ලොකුවට ප්‍රජාතන්ත්‍ර වාදේ ගෑන කතාව. ඒත් තමන් අතින් වෙච්ච වෑරද්දක් හදන්න වත් සදාචාරයක් නෑ.

    ReplyDelete
  2. Salli arakshawata wiyadam karanne nethuwa, umbata dennada kiyane

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. පද්දාට හරි බිසි වගේ

    ReplyDelete
  5. ආරක්ෂාව අවශ්‍ය කරන්නේ සමාජයට උඩින් තිබෙන,දිනෙන් දින තව තවත් ඉහලට නගිමින් සිටින,දිනෙන් දින වඩ වඩා අධිකාරිවාදී ස්වභාවයක් ගනිමින් සිටින රාජ්‍යය සදහාය.රාජ්‍යයට මේ තරම් ආරක්ෂාවක් අවශ්‍ය ඇයි?තමාගේ පුරවැසියන් කුමන මොහොතක පහර දේවිද යන දෙගිඩියාවෙන් හා සැකයෙන් රාජ්‍යය නිරන්තරයෙන් පෙලෙන නිසාය.

    ReplyDelete
  6. i agree with ramachndra...and i am very suspicious about the current situation and behaviour of the government.

    ReplyDelete
  7. /*ඔබේ දරුවා පාසලට යැවූ විට කණ පලන ගුරුවරුන්ගෙන්/*

    How many times, this has happened??

    ReplyDelete
  8. @arunasir
    So many times. Kana Pelima is a symbolical use of words. On October 01, world children's Day,a female music teacher of Mathugama C.W.W. Kannangara Central College national school slapped a Grade 5 student and the child was hospitalized.

    ReplyDelete
  9. ආරක්ෂාවට තිස්තුන් කෝටියක් දෙවිවරැ ඉන්නවායයි කියන රටේ ආරස්සාවට තවත් වියදමක්.

    සල්ලිත් නෑ සනීපත් නෑ කියන්නේ මේවාටය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා