ඉතිහාසය මත පහරන බළලුන්ට - කළ අවිනීතකම බැරි වෙයි වහගන්ට


මාක්ස්, එංගල්ස්, ලෙනින් මුත්තේ
ඇන්.ඇම්,  එස්. ඒ. වික්‍රමසිංහ තාත්තේ
කොහිද දැන් ඔබ ඇත්තේ 
මෙන්න ඔබ හැදූ පක්ෂ තත්තේ

පිනට දුන් තනතුරුවල
පුටු රත් කරන පස්සවල
අතින් කන කටවල
අසික්කිතකම ඇත‍ කේක්වල  

ඒකාධිපතියන්
ඔසවා තබන නිවටුන් 
කියූ නරිවාදං
පෙරේ උන් රෙදි පල්ලෙන්

ඉතිහාසය මත පහරන බළලුන්ට
කළ අවිනීතකම බැරි වෙයි වහගන්ට
නැත, තවමත් පමා නැත නිවැරදි වන්ට
සිත එඩි වඩා සොයුරනි පෙරටම එන්ට  






Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. මගේ මතයට විරුද්ධ හැමෝටම පහරන බළලු කියා කියන එකයි ප්‍රජාතන්ත්‍රවාදය!

    ReplyDelete
  2. අවුලක් වෙන්නෙ නෑ. ඉතිහාසය ලියන වගකීමත් භාර අරගෙන ඉන්නෙ මෙයාලයි. ඒක අගතියක් නොවන විදියට ලියයි බය වෙන්න කාරි නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා