බියෙන් අත්මිදෙමු! මංගල සටනේ
මංගල කටට බ්‍රේක් ගසා නො ගත්තොත් ජනතාව ඔහු පිළිබඳ බලා ගනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ. ඇත්තෙන්ම ජනතාවගෙන් පරිස්සම් විය යුතු ය. කුපිත වූ කුපිත කළ හෝ සාමාන්‍ය හෝ අසාමාන්‍ය හෝ ජනතාව මොනවා කරයිදැයි කාටවත් කියන්නට බැරි ය. මෙතෙක් කල් කොහේවත් නො සිටි ජනතාව හිටි හැටියේ පැමිණ පොලිසියේ පැමිණිලි දමති. ඒ කවුරුවත් ඔවුන්ට එසේ කරන්නැයි කී නිසා නො වේ. අනෙක හඳුනාගත නො හැකි ජනතාව ද සිටිති. උදාහරණයක් ලෙස පසුගිය දිනෙක කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය වටලා එහි වටරැක විජිත සෙවූ, පොලිසියට ද බල්ලන්ට ගසන්නට උරුක් කරන්නා සේ අතපය උරුක් කළ සිවුරු ඇඳි ජනතාවගෙන් එකෙක්වත් හඳුනා ගත නො හැකි බව පොලිසිය අධිකරණයට වාර්තා කළේ ය. එය බොරුවක් නො වේ. පොලිසිය බොරු කියන්නේ නැත. වටරැක විජිත වැනි බොරු කියන්නෝ හිරේ ය. මෙවැනි නො හඳුනන ජනතාව ඊට වඩා එහා ගිය දේ ද කරති. ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා මහ මහමගදී මරා දැමූ ජනතාව තවමත් හඳුනා ගෙන නැත. ඒ නිසා මංගල පරිස්සම් විය යුතු ය. ලංකාවේ ගේම ඔය පකිස්තානයේ වැනි හිරේ යන, රටින් පිටුවහල් වන, ආපසු එන, ඡන්ද දිනන ආකාරයේ එකක් නො වේ. මෙහි දේශපාලන ගේම පකිස්තානයටත...