පුංචි දේවල් (කවි)
පුංචි දේවල් ජීවිතේ
ඇඟිලි අතරින් රූටා
ගලා යයි දිය දහර සේ
ඉතිරි කොට අත මිණි කැට
මිණ සාක්කුවේ ලූ කල
එතැන බර බව සැබැවකි 
අත්ල තවමත් හිස් ම ය
හිතත් බර වී අඩුවකි
අතින් රූටා ගිය 
අඩුව සොයමින් ඇවිදිමි
ගඟක එක දිය
දෙවරක් ගලන්නේ නැත
ගඟ නම් ගලා යයි
මම ඉවුරේ බලා ඉමි
ඈතින් ඔබ දකිමි
ඈතින් ඈත ඈතම
ලෝකයෙ ඇති සොඳුරුම දේ
ඇත්තේ නෙත ළඟ නො වේ ය
හැම විටකම බොහෝ විටෙක
තණ පත් යට
ගල් කැට යට
සැඟවී ඇති පොඩි දේවල
ජීවිතයේ සතුට තිබේ
ඇත්තේ නෙත ළඟ නො වේ ය
හැම විටකම බොහෝ විටෙක
තණ පත් යට
ගල් කැට යට
සැඟවී ඇති පොඩි දේවල
ජීවිතයේ සතුට තිබේ
අජිත් පැරකුම් ජයසිංහ 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

සල්ලි නැති කාලෙ හොරට මැණික් ගරලා සල්ලි හොයන්නද හදන්නෙ?
ReplyDeleteමට ඔය සංස්කෘත තේරෙන්නෑ මල්ලී...
ReplyDeleteගල
තන
ඒව හොඳයි
අන්න මල්ලිට තේරුනා
ඒව යට තමයි ආතල්!
(උඩ ඇනෝගෙ උත්ප්‍රාසයට(මං හිතනව ) මාත් පොඩ්ඩක් එකතු කලා )