සුනාමිය හා දේශපාලන සුනාමිය අතරතුර

අම්බලන්ගොඩ
සුනාමිය එනකොට ලංකාවේ දේශපාලන කණ්ඩායම් දෙකක ඇතුළෙ කැළඹීම් තිබුණා. එක්ස් කණ්ඩායම සුනාමි දවසෙ ඒ දේශපාලන සුනාමියට අහු වුණා. ඒත් හිරු කණ්ඩායම ඇතුළෙ ඒ සුනාමිය සුළි කැරකෙමින් තව කාලයක් තිස්සෙ ඇදී ගියා. වෙන් වෙලාත් අපි එකට වැඩ කරමින් හිටියා. පත්තරෙත් පළ වුණා.

සුනාමියට පසුවදා අජිත් සී. හේරත් වීඩියෝ කැමරාවකුත් අරගෙන තෙල්වත්තෙ ගියා. මළමිනී මාද අජිත්ගෙ අත්දැකීම අප හැමට ම කම්පනයක් වුණා. ටික දිනකට පස්සෙ අජිතුයි මායි මෝටර් සයිකලේක නැවත වතාවක් එහි ගියේ සිදු වෙමින් තිබෙන්නේ මොනවද කියලා හොයා බලන්නටයි. අපි බොහෝ මිනිසුන් හමු වුණා. කතා කළා. ඒ අතරින් සුවිශේෂ හමුවීමක් තමයි සුනාමියේදී මළමිනී වැළලීමදක්වා බොහෝ වැඩ කළ බද්දේගම සමිත හිමියන් හැඩිදෙමළකන්ද පන්සලේදී හමු වී කරපු සම්මුඛ සාකච්ඡාව.

පහත පළ වන්නේ එදා මා ගත් පිංතූර අතරින් කීපයක්.

අැමරිකන් හමුදාව - කොග්ගල (මේ පිංතූරය හිරු පත්තරේ මුල් පිටුවේ තුන්කාලක් ප්‍රමාණයෙන් පළ කළා)
උනවටුන
ඇමරිකන් හමුදාව පිළි ගන්නා හබරාදූව ජනතාව (හිරු පත්තරේ මුල් පිටුවේ ගිය ඡායාරූපයක්)
පැරෑලිය
හික්කඩුව (සුනාමියෙන් විනාශ වූ මේ පැරණි ගෙවල්වල බිත්ති බැඳ තිබූ හිරිගල්වලට වෙළඳපොළක් තිබුණා)
ඇමරිකන් හමුදාව - සීනිගම
උනවටුන

සුනාමිය දවසේ හවස මම පයාගල ගියා. ඒ ගැන කතාව මෙතනින්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සුනාමියෙන් මගේ හොඳම යහළුවන් 25ක් 30ක් පමණ අහිමි උනා. ඒ වගේම මම අසා තිබුන සුනාමියෙන් ලැබුන අදාර හරියට කළමනාකරණය කලානම් ලංකාවත් සිංගප්පුරුවක් කිරීම කෙසේ වෙතත් සංවර්දිත රටක් බවට පත්කිරීමට හැකියාව තිබු බවත්. දැන් සුනාමිය ඉවර වෙලා අවුරුදු 12ක්. යුද්දෙත් ඉවර වෙලා අවුරුදු බර ගානක්. සුනාමියෙන් ආණ්ඩු බලයෙන් දේශපාලන ශක්තියෙන් සල්ලි පිල්ලි ගහපු අවුන් පිල්ලි මාරු කරනව වගේම ආණ්ඩු මාරුත් කලා. රට තවම තියෙන්නෙත් සුනාමියට යුද්දෙට කලින් තිබ්බ තත්වයේමයි.

    ඉතිං පැරා මේ රට මේ රජයෙන් ලබන අවුරුද්දෙ ගොඩගන්නවා කියන කථාව විශ්වාස කරන්ට පුලුවන්ද? ඔබගෙන් පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙමි. 👊🏽

    ReplyDelete
    Replies
    1. //ඒ වගේම මම අසා තිබුන සුනාමියෙන් ලැබුන අදාර හරියට කළමනාකරණය කලානම් ලංකාවත් සිංගප්පුරුවක් කිරීම කෙසේ වෙතත් සංවර්දිත රටක් බවට පත්කිරීමට හැකියාව තිබු බවත්. //

      ඇයි අර 'හෙල්පින් හම්බන්තොට' එක්කෙනාට නම් එහෙම කරන්න තිබුනා. එත් එයා හැන්ද තියෙද්දී බෙදා ගත්තා විතරයි!

      Delete
    2. මේ රට ගොඩනැගීම කියන්නේ සාමූහික වැඩක්. ඒකෙදි සමාජය වෙනස් වෙන්නෙ අපි වෙනස් වෙන තරමටයි. අපි වගකීම් සහිත පුරවැසියන් වුණොත් රට වෙනස් කරන්නට පුළුවන්. ඒත්, අපි එහෙම අය නෙමෙයි. ඒ නිසා ආණ්ඩුවලට ලොකු දෙයක් කරන්නට බැහැ.

      Delete
  2. අපේ රට බේරා දුන් ඇමරිකන් හමුදාවට බුදුබව ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අපි බුදුවෙන්නේ නෑ. ස්වර්ගයට යනවා.
      මීට
      ඇමරිකන් හමුදාව

      Delete
    2. නිවන් දකින්නයි ස්වර්ගෙට යන්නයි දෙකක් බෑ මනුස්සයන්ට. එක්කෝ දෙකෙන් එකක් හරි. නැතිනම් දෙකම වැරදියි.

      Delete
    3. මිනිස්සුන්ට විතරක් අමුතු එකක් මොකටද​? එක්කො ඔක්කොම සත්තු ස්වර්ගයට නැත්නම් නිවනට හෝ ඕන මගුලකට​

      Delete
  3. 2004 සුනාමියෙන් ව්‍යසනයට පත් මිනිසුන් වෙනුවෙන් සෞදි අරාබි ආධාර වලින් 2006 වසරේදී දීඝවාපීයේ ඉදිකළ නිවාස 500ක් සහ තවත් ගොඩනැගිලි තවමත් පාවිච්චියට නොගෙන තිබෙන බව අද BBC සිංහල සේවයේ ප්‍රධාන ප්‍රවෘත්තිය!

    ReplyDelete
    Replies
    1. BBC ආයතනය සිංහලයන්ට මෙරට හිමිතැන අහිමිකිරීමේ බිරිතානි ප්‍රතිපත්තියට සහයදෙන ආයතනයක්.

      Delete
    2. සවුදි ගෙවල් 500 ඉන්ග්‍රීසි කාරයින් පදින්චි කරවීමේ bbc උත්සාහය පරදවමු

      Delete
  4. මගේ මිතුරියක ගේ ආදරණීය අම්මා 2004 සුනාමියේ දී අතුරුදහන් වුනා. එදා උදේ පොළට හෝ කඩේට ගියා මිසක් ඒ අම්මා ආපහු ගෙදර ඇවිත් නෑ. කුරිරු රළ පෙළ ඇයව ගිලගන්නට ඇති.

    අද ඒ මෑණියන් මෙන්ම එදා මිය ගිය සියළු දෙනාම සමරණ මේ මොහොතේ, මගේ මිතුරියට ගීතයක් ලෙස ගායනා කරන්නට මා ලියූ මේ කවිය පල කරන්නට හිතුණා.

    සුනාමියෙන් මියගිය සියළු දෙනාටම නිවන් සුව ලැබේවා, සුගතියට පත්වේවා!

    අම්මා

    නිසල අමාවක අහස් ගඟේ
    පායන තරු මල් පොකුරක් සේ
    මගේ ලෝකයට එදා මෙන් අදත්
    එලිය ගෙනෙනවාදෝ අම්මේ

    රැජිනක් ලෙස මා කිරුළු පලන්දා
    අපමන දුක් මා වෙනුවෙන් වින්දා
    සසර රළ පෙළෙන් ඔබ රැකගන්නට
    පිං නැතිවිය මට ඇයිදෝ මන්දා

    රෑ සිහිනෙන් ඔබ තුරුලට එන්නම්
    ලේ කිරි කර පෙව් සුවඳ ලබන්නම්
    අම්මේ කොතැනක හෝ සංසාරේ
    ඔබේම දුව ලෙස යලි හමු වෙන්නම්

    ReplyDelete
  5. පින්තුර ටික නම් මරු.
    සුදුකුකුලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා