ළමා මිතුරු පරිසර ලංකාවේ තිබේ ද?

මරා දමා පොල් ලෙලි වලක මිනී සඟවන ලද වෙන්නප්පුවේ දරු පවුල
“ළමා මිතුරු පරිසරයක් - ලොව බබළන සොඳුරු දැයක්”

මේ මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.

ළමා මිතුරු පරිසරයක් නොමැතිව ලොව බබලවන සොඳුරු දැයක් නිර්මානය කරන්නට කිසි සේත් ම නො හැකි ය. එහෙත් ලාංකීය දරුවා වෙනුවෙන් එවැනි පරිසරයක් සාදා දීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නො වේ. එසේම එය කඩිනමින් කළ හැකි යයි සිතන්නට ද බැරි ය. 

ළමයින්ට එරෙහි අපරාධ නිමක් නැත. මේ මෑත සිද්ධි කීපයකි.

වෙන්නප්පුව නයිනමඩමේ දන්ත වෛද්‍යවරියක්, ඇගේ ව්‍යාපාරික සැමියා හා 13 හැවිරිදි දියණිය හා 15 හැවිරිදි පුතා මරා පොල් ලෙලි පල් කරන වලක දැමූ පුවතක් වාර්තා කරමින් 2015 වසර ආරම්භ කරන ලදී. 

ඉන් පසු තවත් සිද්ධි සමුදායක් ම වාර්තා විය. උඩුගම්පල නයිවල දැරියක් ඇගේ නිවසේ ගොවිපළේ සේවය කළ පුද්ගලයකු විසින් පණ පිටින් ම ළිදකට විසි කරනු ලැබුවේ ඇගේ මව හා පියා මරා දැමීමෙන් අනතුරුවයි. 

කයිට්ස්හි 17 හැවිරිදි පාසල් දැරියක වූ සිවලෝගනාදන් විද්‍යා පිරිමි නවදෙනෙකු විසින් සාමූහිකව දූෂණය කර මරා දමන ලදී. 

සැප්තැම්බර් මාසයේදී රටම කළඹමින් පැරෆීලියා රෝගියකු විසින් සේයා සදෙව්මි නම් සිව් හැවිරිදි දැරිය දූෂණය කර මරා දමන ලදී. 

ඉන් දින කීපයකට පසු තවත් එවැනි රෝගී මනසක් ඇත්තකු යයි සිතිය හැකි පුද්ගලයකු විසින් දස හැවිරිදි පිරිමි දරුවකු කෘර ලෙස කපා කොටා මරා දමන ලදී. 

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද 17 හැවිරිදි පාසල් සිසුවකු නොමරා මරා දැමීමට පොලිසිය හා මාධ්‍ය කටයුතු කළ අන්දම කවුරුත් දනිති. 

දරුවන් නො මරා මැරීම එතනින් අවසන් වන්නේ නැත. ජනප්‍රිය පාසල් තරගය, පහේ ශිෂ්‍යත්වය, අතිශය තරගකාරී විභාග වැනි හේතු නිසා දරුවන්ට ළමා වියේ සුන්දරත්වය අහිමි වී ඇත. 

මව්පියන්, ගුරුවරුන් වැනි වැඩිහිටියන් බොහෝ දෙනෙක් දරුවන්ගේ මානව හිමිකම් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැත. 

හොඳම දේ දරුවන්ට යයි පිළිගැනීමක් ලෝකයේ දියුණු රටවල තිබේ. එහෙත්, ලංකාවේ පාසලකට ගොඩවැදී බැලුවහොත් හොඳම දේ දරුවන්ට නොව විදුහල්පතිලාට බව පෙනේ. ඔබේ දරුවාගේ පංති කාමරයේ තත්වය ගැන නැවත කල්පනා කර බලන්න. අව්වෙන්, වැස්සෙන්, තිරිසන් සතුන්ගෙන් ආරක්ෂාව ඔවුන්ට ලැබේ ද? හරි හැටි වාතාශ්‍ර‍යක් එහි තිබේ ද? දරුවාට නිදහසේ චලනය විය හැකි ද? 

පාසලේ ළමා මිතුරු පරිසරයක් තිබේ ද යන්න ගැඹුරින් සලකා බැලිය යුතු ය. එසේ නො කර ලෝක ළමා දින සැමරුවාට, එදාට පාසල්වල අයිස්ක්‍රීම්, චොකලට් බෙදුවාට ලොව බබලන සොඳුරු දැයක් බිහි වන්නේ නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔහෙලට ආගම දර්මය (මම කිව්වේ බෙලි කපන, බිස්නස් කරන ආගම් නොවේ) නැති වෙන්නත් ඕන මේවා (මිනීමැරුම්) නැති වෙන්නත් ඕන. මාක්ස්වාදේ තියෙන්නත් ඕන චේ ගූ හේරා ගෙ දර්සනේ තියෙන්නත් ඕන. මෙකක්ද මේ හයිබ්‍රිඩ් චිංතනේ? එක දෙයක් කියනවාකො!

    ReplyDelete
  2. @අන්දරේ

    (මම කිව්වේ බෙලි කපන, බිස්නස් කරන ආගම් නොවේ)

    මෙහෙම නැති ආගම් තියෙනවද? තියෙනවා නම් කියන්නකෝ බලන්න. පොඩ්ඩක් දැනගන්න කැමතියි.

    මිනීමැරුම් නැතිවෙන්න නම්(නැතිකරන්න නම් කවදාවත් බෑ, අඩුම ගානේ හැකිතරම් අවම කරන්නවත්) ආගම් තියෙන්නම ඕනේ නේද?

    මරු චිංතනේ අන්දරේ !

    වෙන විහිලු කතා නැද්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා