Posts

Showing posts from May, 2015

Rajapaksa campaigners of Sri Lanka promote IS type stoning to death of police officers who probe their crimes

Image
Sri Lanka's former President Mahinda Rajapaksa whose entire immediate family is under the threat of being arrested by the Financial Crimes Investigation Division (FCID) of police for their past actions has mobilized his cohorts to spread violence. In the video posted below, Southern Provincial Councilor D.V. Upul, a close associate of Rajapaksa family, demands Mahinda Rajapaksa's son Namal Rajapaksa to let him to stone the officials from Police Constables onward of the FCID to death under a future government of the Rajapaksas. Smiling Namal Rajapaksa is sitting on the stage while the audience applauds the violent appeal of the Provincial Councillor. Sri Lanka, a Buddhist country, has never recorded any incident of stoning men or women to death in its history. The practice is reported only from the mostly under developed, war torn rural areas of Pakistan which are under the influence of Islamic State type terrorists. This hateful statement is clear violation of human r

ගෙම්බන් පිම්බීම හා නයින් ලවා දෂ්ට කරවා ගැනීම

Image
ලංකාව ප්‍රගතිශීලී බුද්ධිමතුන් සම්බන්ධයෙන් බරපතල හිඟයකට මුහුණ දී සිටින රටකි. ඒ නිසා අරගලවලදී තිබෙන සම්පත් පාවිච්චි කරමින් මොනවා හෝ කිරීම සුලබව සිදු වන දෙයකි.  මේ හිස් තැන හේතුවෙන් ඇතැම් හිස් පඹයෝ බැබළෙති. හොඳම උදාහරණය හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ය.  සරත් නන්ද සිල්වා, දයාන් ජයතිලක පමණක් නොව ශිරානි බණ්ඩාරනායක වැන්නන් පවා කිසි කලක ප්‍රවර්ධනය කළ යුතු නැත. එසේම, ජාතිවාදී ඉතිහාසයක් තිබෙන මාදුළුවාවේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, චම්පික රණවක වැන්නන් පවා ප්‍රවර්ධනය කිරීමේදී පරිස්සම් විය යුතු ය. පසුව කී තිදෙනා විසින් ලංකාවේ මෑත කාලීන වෙනස්කම්වලට දක්වන ලද දායකත්වය නිසා ඔවුන් සම්බන්ධයෙන් අවිවේචනීය තැනකට ගමන් කරන එක වෙන ම දෙයකි. එහෙත්, මොවුන් කෙරෙහි විශ්වාස තැබිය යුතු නැත.  දයාන් ජයතිලක කලක් මාක්ස්වාදියෙකි. දැන් සියලු අගතීන්ගේ ජනප්‍රියවාදී සම්මිශ්‍රණයක් වන රාජපක්ෂවාදයේ අනුගාමිකයෙකි.  ඔහුට ජිනීවා සම්බන්ධ විදේශ සේවා තනතුරක් පෙන්නා කූ කූ කිව්වොත් හෙට මෛත්‍රීපාල සිරිසේනගේ දෙපයේ පැටලෙමින් පුක කැඩෙන තරමට නගුට වනනු ඇත. ඔහුට ඉංගිරිසිය ලෙලවන්නට තිබෙන හැකියාව නිසා ලංකාවේ ඇතැමෙකුට ඔහු මාර පොරකි

Socialism and waste management

Image
“Garbage, in its "worthless" state, is the primary fuel for creativity.” ― Yusuf A. Leinge Some say politics is dirty. Is it really so? But I think dirt is also politics. Why? People who live in Colombo and who visit Colombo daily dump 750 tons of garbage every day. Colombo Municipal Council (CMC) relieves the burden of garbage at Meethotamulla where you can go for a hike on a mountain of dirt. The residents of the surrounding areas protested last week violently against dumping garbage in their environment and they had a good bath after all from riot police. Are they citizens, I wonder and if they are citizens why doesn't the CMC listen to their woes? They may be thinking they are non-citizens themselves. Citizens do not burn old tyres on roads damaging them permanently. They are the roads they travel and not only the roads the garbage dumpers are driven. They are public roads and the tar is public money. Fronline Socialist Party (FSP) leader Pubudu Jayagoda cl

ඡන්දෙට පෙර විස්ස දියව්!

Image
මේ දිනවල රටේ සිදු වන දේශපාලනික සංවර්ධනයන් ඔස්සේ සිවිල් සමාජයත්, දේශපාලන පක්ෂත් අතර වෙනස ඉතා පැහැදිලිව සලකුණු වෙමින් තිබේ. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු සමාජයේ පුළුල් කතිකාවකට ලක් වූ යෝජනා මාලාවකි. රාජපක්ෂ පවුල වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග අතළොස්සක් හැර මේ රටේ බහුතරයක් දේශපාලනඥයන් හා බුද්ධිමත් ඡන්දදායකයන් අතර දහනමයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා ගැන පුළුල් එකඟත්වයක් තිබිණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට නො වේ නම්, එහි අත්තනෝමතික බලතල අවම කිරීම සම්බන්ධයෙන් සමාජයේ එකඟතාවක් තිබිණි. ස්වාධීන කොමිෂන් ඔස්සේ අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය ස්වාධීන කිරීම සම්බන්ධයෙන් ද, දූෂණය නැති කිරීම හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීම සම්බන්ධයෙන් ද සමාජයේ පොදු එකඟතාවක් තිබිණි. සිවිල් සමාජය මේ වෙනුවෙන් වූ අරගලයට උර දුන් අතර, අවසානයේදී එය හිටපු ජනාධිපතිවරයාගේ තුන්වන වර තේරී පත්වීම වැළැක්වීමට හා අලුත් ජනාධිපතිවරයකු පත් කර ගැනීම ඔස්සේ මෘදු ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් දෙසට ද යොමු විය. ජනවාරි 8දා මුල පුරන ලද විප්ලවය සත්තකින් ම දේශපාලන පක්ෂවලට වඩා සිවිල් සමාජය බලවත් වීමෙන් ඇති කරන ලද්දක් ලෙස සැලකීමෙහි වරදක් නැත.

මෙවැනි කාලකන්නින් නැවත පාර්ලිමේන්තුවට පත් වන එක වළක්වා ගන්නේ කෙසේ ද?

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ හිතවාදී පක්ෂවල මේ දිනවල මූලික අරමුණ වී තිබෙන්නේ ආණ්ඩුව පෙරළා තමන්ගේ පාලනය යටතේ මහ මැතිවරණයකට එළඹීමයි. පැරණි ඡන්ද ක්‍රමය යටතේ සුපුරුදු මැතිවරණ දූෂණවල යෙදෙමින් ඡන්ද කෙරුවාවේ යෙදෙන්නටත්, ඒ ඔස්සේ ජයගන්නටත් ඔවුහු සිහින දකිති.  එසේම, පසුගිය කාලයේ සිදු වූ මහා පරිමාණ වංචා හා දූෂණවලට එරෙහිව සිදු වන විමර්ශන ක්‍රියාවලියට වැට බඳින්නටත් මේ ඔස්සේ ඔවුහු උත්සාහ කරති. මේ වන විට රාජපක්ෂ පවුල ම හිරේ යන තත්වයක් නිර්මානය වෙමින් තිබෙන නිසා මෙවැනි කූට සන්ධානයක් නිර්මානය කර ගන්නටත්, එයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හසු කර ගන්නටත්, ඉදිරි මහ මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පවත්වා, සල්ලි බලයෙන් සොරුන් ටික නැවත පාර්ලිමේන්තුවට පත් කර ගන්නටත්, මහින්ද රාජපක්ෂ බැහැලා ම නායකත්වය දෙමින් සිටියි.  ඒ මදිවාට ජනවාරි 8 ජනවරමට පිටුපෑමට ජනාධිපතිවරයා යොමු කරමින් මෛත්‍රී - මහින්ද සන්ධානයක් හදන්නට ද උත්සාහයක් තිබේ.  එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුකරණයේ බරපතල ගැටලු තිබේ. විශේෂයෙන් ම, මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව හා සම්බන්ධ ගැටලුව ඉතා වැදගත් ය. ඒ සම්බන

හමුදාව ලවා පාරවල් අතුගෑවීම වෙනුවට ආයතන ශක්තිමත් කිරීම

Image
හමුදාව කාලයක් එළවළු විකිණූ හැටි   කොළඹ නාගරික අලංකරණ ව්‍යාපෘතිය හා සම්බන්ධ නඩත්තු කටයුතු වෙනුවෙන් නැවත වතාවක් සිවිල් ආරක්ෂක බලකායේ සේවා ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.  ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පදවිය දරමින් සිටි සමයේ සංවර්ධන ව්‍යාපෘති හා නඩත්තු කටයුතු වෙනුවෙන් හමුදා සාමාජිකයන් පුළුල් ලෙස භාවිතා කරන ලදී.  ඒ පිළිබඳ හමුදාවල විරෝධයක් තිබිණි. යුද්ධය සමයේ සමාජයේ මහත් සම්භාවනාවට පාත්‍ර වී සිටි හමුදා සාමාජිකයන්ගේ මානසිකත්වයට මෙම තත්වය දැඩිව බල පෑ අතර හමුදාවල සැලකිය යුතු පිරිසක් ද මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය දුන් හ. හමුදා සාමාජිකයන් පාරවල් අතුගෑම, නඩත්තු කටයුතු වැනි රැකියාවලට යොදා නො ගන්නා බව ආණ්ඩුව පොරොන්දු වූයේ ය.  එහෙත්, කොළඹ හා තදාසන්න පෙදෙස්වල නාගරික අලංකරණ ව්‍යාපෘති නිසි පරිදි නඩත්තු නො වන බව පසුගිය දිනවල ජනමාධ්‍ය විසින් පෙන්වා දෙන ලදී.  මෙයට හේතුව වන්නේ එම කටයුතු සඳහා අවශ්‍ය ආයතන ව්‍යූහයන් ශක්තිමත් නො කිරීමයි. එම ආයතන ශක්තිමත් කරනවා වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළේ එවැනි කටයුතු පවා හමුදාව යොදවා කිරීමයි.  දැන් හමුදාව ඉවත් කර තිබේ. එහෙත්,

කසල ප්‍රශ්නය විසඳා ගැනීම යනු කුණු ටික තමන්ගේ පරිසරයෙන් ඈත් කර කොයි ලෝකෙකට හෝ පැටවීම නො වේ

Image
ඡායාරූපය පුබුදු ජයගොඩගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී කොළඹ මහා කුණු කන්ද ඉවත් කරන්නැයි මීතොටමුල්ලේ ජනතාව ඊයේ උද්ඝෝෂණයක් කළ හ.  එහිදී මහාමාර්ගයට හානි වන පරිදි ටයර් පිළිස්සීමක් ද සිදු කරන ලදී. පාරේ ටයර් පිළිස්සීම යනු පොදු දේපලක් වන මහාමාර්ගයට බරපතල හානි සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එහෙයින් ජනතාව උද්ඝෝෂණවලදී ටයර් පිළිස්සීම නො කළ යුතු අතර, එසේ කරන්නන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියා කළ යුතු ය.  මීතොටමුල්ලේ උද්ඝෝෂණයට පොලිසිය පහර දුන්නා යයි හඬා වැළපෙන, ඒ ගැන කතා කරන්නේ නැතැයි අනෙක් අයට දොස් පවරන, පොදු මහජන උද්ඝෝෂණයක අයිතිය තම භුක්තියට ලියා ගන්නට සැරසෙන අය මෙම ප්‍රචණ්ඩත්වයේ වගකීමත් පිළිගන්නට සූදානම්දැයි අපි නො දනිමු.  කෙසේ වෙතත්, කසල ප්‍රශ්නය කොළඹ පමණක් නොව, මුළු ලංකාවේ ම බරපතල ප්‍රශ්නයකි. මේ වනාහි දීර්ඝ කාලයක් තිස්සේ නො විසඳීමෙන් උග්‍ර වී ඇති බරපතල ප්‍රශ්නයක් වන අතර, එය දින සීයෙන් විසඳිය හැක්කක් ද නො වේ.  එක තැනක ගොඩගසන කුණු තව තැනකට ගෙන ගොස් දැමුවා ය කියා ද මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.   කසල බැහැර කිරීම යනු බරපතල සංස්කෘතික ගැටලුවක් ලෙස ද විග්‍රහ කළ හැකි කාරණයකි. ලාංකිකයන් වැ

සුන්දර මනසක විරාමය හෙවත් ජෝන් නෑෂ්ගේ මරණය

Image
ජෝන් හා ඇලීෂියා ජෝන් නෑෂ් නොබෙල් තෑග්ග දිනාගෙන කීර්තියට පත් වූ‍යේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද ගණිතමය සංකල්ප වෙනුවෙනි. විශේෂයෙන් ම, Theory of Games හා නෑෂ් සමීකරණය වෙනුවෙනි.  එහෙත්, ඔහු ලෝකයක ආදරය දිනා ගත්තේ A Beautiful Mind චිත්‍රපටය නිසා ය.  2001දී රොන් හොවාර්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ජෝන් නෑෂ්ගේ චරිතය රඟපෑවේ රසල් ක්‍රෝ ය. චිත්‍රපටය විසින් තේමා කර ගනු ලැබුවේ නෑෂ්ගේ භින්නෝන්මාද මනසෙහි විචිත්‍රත්වයයි.  ජෝන් නෑෂ්ගේ බිරිඳ ඇලීෂියා ඔහුට මානසිකව ගොඩ ඒමට මහත් සේ උපකාර කළේ ය. 1957දී විවාපත් වූ ඔවුහු 1962දී දික්කසාද වූ හ. එහෙත් සමීපව ජීවත් වූ ඔවුහු නැවතත් 2001දී විවාහ වූ හ.  ජෝන් නෑෂ් හා ඇලිෂියා ඊයේ ටැක්සි අනතුරකින් මිය ගිය හ. ඔවුහු ආසන බඳ පටි පැළඳ නො සිටි බව කියැවේ. මිය යන විට නෑෂ් 86 හැවිරිදි වූ අතර ඇලීෂියා 82 හැවිරිදි විය. ලස්සන මනසක් ගැන කියවෙන මෙම සුන්දර චිත්‍රපටය බයිස්කෝප් වෙබ් අඩවිය ඔස්සේ ටොරන්ට් මගින් බා ගත හැකි ය.  දේශපාලනය හා භින්නෝන්මාදී මනස පිළිබඳ සාකච්ඡා කරමින් ශාස්තෲ නවකතාව ලියන්නට මා පෙළඹුණේ මෙම චිත්‍රපටය නිසා ය.   කියවන්න: ශාස්තෲ ලියන්නට මා ප

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක කතා පෙළගැස්ම

Image
තුවක්කු පතොරමක අනුරුවකින් පහනක් සාදා එය පත්තුකර මළවුන් සිහිකරන්නට තරම් අඥාන වූ පරපුරක අප්පච්චී (උපුටා ගත් අදහසකි) මම කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රිය නො කරමි. එහෙත්, පසුගිය දිනවල සිදු වූ ඇතැම් සිදුවීම් පෙළගස්වා ගත් විට ලංකාව භයානක කුමන්ත්‍රණයක මුවවිට තිබෙන බව සිතීමට සිදු වේ. මෙම සිදුවීම් පෙළ ඉලක්ක වන්නේ ජනාධිපති ඝාතනයකට විය හැකි බව අපි අනුමාන කරමු.  සිදුවීම් ටික මෙසේ පෙළ ගැසිය හැකි ය.  මහින්ද පරාජය වීම ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා, මිලිටරි බලය යොදවා දිගට ම බලයේ සිටීමට දරන ලද උත්සාහය අසාර්ථක වීම මරලා හරි බලය ගත්තේ නැත්තේ ඇයිදැයි මහින්දගේ ගෝලයන් මහින්දගෙන් ඇසීම තමන් කරන ලද දූෂණ හා අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනවාට බියෙන් ශ්‍රීලනිප නායකත්වය අතහැර පළා යාම බරපතල දූෂණ චෝදනා ඇති අය වාසුදේව, දිනේෂ්, උදය ගම්මන්පිල වැනි දේශපාලන මුග්ධයන් ඉදිරියට දමා මහින්ද නැවත බලයට ගෙන ඒමේ ව්‍යාපාරයක් ඇරඹීම එයට ඇති තරම් මුදල් පොම්ප කිරීම මහින්ද කයිවාරු ගසන්නට පටන් ගැනීම හා එහෙත්, අපරාධ චෝදනා එල්ල වනවාට බියෙන් කෙළින් වැඩ කරන්නට බියෙන් සිටීම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීම සඳ

වාසුදේව ගෙඩියා

Image
අවුරුදු 76යි වයස - භාෂාවෙන් කියන්න බෑ  වාසුදේව නානායක්කාර යනු හිටපු ජාතික භාෂා ඇමතිවරයා ය. ඔහු පාර්ලිමේන්තුවේදී පකයා යන වදන හැන්සාඩ්ගත කරමින් ව්‍යවහාරයට රැගෙන තිබේ.  ඇත්තෙන් ම එය විශිෂ්ට සේවාවකි. මන්ද, මින් පසු අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා වෙනත් දේශපාලකයන් සඳහා ඔය වචනය භාවිතා කළ හැකි ය.  පක යනු ගෙඩිය යන අරුත් දෙන වදනකි. එය සද්ධර්මරත්නාවලියේ මෙසේ යෙදේ.  එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි  පකක්  පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි පකක්  පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන  පකක්  පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. (මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව) පක යන්න පුරුෂ ලිංගය සම්බන්ධයෙන් යෙදෙන්නේ එය කිසියම් ආකාරයක දිගටි ගෙඩියක් වැනි දෙයක් නිසා විය හැකි ය.  එහෙත් වාසුදේව මෙම වදන යොදාගන්නේ ගෙඩියක තිබෙන පරිපූර්ණත්වය, සරුබව වැනි කරුණු මත පදනම්ව දේශපාලනික පරිපූර්ණත්වය පිළිබඳ ඇඟවීම පිණිස බව පෙනේ.  කොයි පැත්තෙන් බැලුවත්, දේශපාලකයන්ට මේ වදන හොඳින් ගැලපේ මේ වාසුදේව ගෙඩියා යනු කලක් අපගේ ගෞරවයට පාත

ජගත් ඩයස්ගෙ ප්‍රමෝෂන් එක

Image
මේජර් ජනරාල් ජගත් ඩයස් යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත් කිරීම හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඇතුළු බලවේගවල උදහසට ලක් වී තිබේ. තව මාස කීපයකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් ලංකා‍වේ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වී බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් හා යුද අපරාධ පිළිබඳ සිදු කළ පරීක්ෂණයේ වාර්තාව නිකුත් කරනු ඇත. ජගත් ඩයස් නම චෝදනා එල්ල වන්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් තිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ. මේ වන විට යුද්ධය අවසන් වී වසර හයකි. ශ්‍රී ලංකා රජය අවස්ථා ගණනාවකදී පොරොන්දු වූ පරිදි අභ්‍යන්තර පරීක්ෂණයක් කළේ නැත. ජාත්‍යන්තර පරීක්ෂණයකට සහයෝගය දුන්නේ ද නැත. ‍මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගිය වසර හය පුරාවට ආණ්ඩුව කළ දෙය වූයේ නිකම් සිටීමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නම් තව තවත් ජාතිවාදය ඇවිස්සුවේ ය. බලය රැක ගැනීම සඳහා යුද අපරාධ උත්කර්ෂයට නංවමින් ජයග්‍රහණයේ අයිතිය සංදර්ශනාත්මක ලෙස ප්‍රදර්ශනය කළේ ය. ලංකාවේ යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනයන් හා යුද අපරාධ සිදු කළේ හමුදාව හා එයට නායකත්වය දුන් ආණ්ඩුව පමණක් නො වේ. කොටි සංවිධානය ද යුද අපරාධ කළ හ.  සාකච්ඡාමය විසඳුමකට යනවා වෙනුවට කොටි සංවිධානයට ද අව

උතුරේ ජාතිවාදී ඌරන් කැකුණ තලන විට දකුණේ හබන් කුකුළන්ට රජ මගුල් ය

Image
කයිට්ස් පාසල් ශිෂ්‍යාව දූෂණය කළ බව කියන සැකකරුවන් මරා දැමීම සඳහා ඉල්ලා සිටිමින් අධිකරණයට අභියෝග කරමින් යාපනයේ අයුතු ජන රාශි විසින් කරන ලද හැසිරීම ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ.  මෙම ඝාතනයට ආරක්ෂක අංශ‍ හෝ වෙනත් ජන වර්ගයක පුද්ගලයන් සම්බන්ධ බවක් හෙළි වී නැත. එසේම, අදාළ විමර්ශන ද නිසි ආකාරයෙන් සිදු වී, සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කර තිබියදී, අධිකරණයට අභියෝග කරමින්, රාජ්‍ය දේපලවලට හානි කරමින් දක්වන ලද ප්‍රචණ්ඩත්වය ඉතා පැහැදිලිව ම සීමාව ඉක්මවා යාමකි.  ඇති වන ඕනෑම තත්වයකින් දේශපාලන වාසි ලබා ගැනීමට බලා සිටින, ප්‍රචණ්ඩත්වයට හා ජාතිවාදයට නැඹුරු දේශපාලන බලවේග මෙම කලහය පිටුපස සිටි බවට සැක කළ හැකි ය.  ඔවුන්ගේ ප්‍රතිපාර්ශ්වීය හවුල්කරුවන් වන දකුණේ ජාතිවාදීහු ද මෙම සිද්ධියෙන් අමන්දානන්දයට පත් වී තිබෙන බව දැකිය හැකි ය. ඔවුහු මෙසේ කියති. "අපි කිව්වා. මහින්ද පරදවනකොට ඔය දේ වෙන බව අපි දැනගත්තා. ඔය තමයි ඊළඟ ඊලාම් සටනේ ආරම්භය. තව ඉදිරියට බලාගන්න පුළුවන් රටට මොනවද වෙන්නේ කියලා." උතුරේ ජාතිවාදී ඌරන් කැකුණ තලන විට දකුණේ හබන් කුකුළන්ට රජ මගුල් ය.  තත්වය පාලනය කළ

මුල්‍ය අපරාධ විමර්ශන නැවැත්වීම වෙනුවෙන් ඡන්දය ඉල්ලීම

Image
දුම්රියේ ටිකට් නොමැතිව හොරෙන් ආ මගියෙක් වේදිකාවේදී ටිකට් පරීක්ෂකවරයකුට මාට්ටු වූයේ ය.  "කෝ ටිකට්?" "ටිකට් තියෙන්නෙ කොහොමද, මං කෝච්චියෙ ආවෙ නැහැනේ," මගියා කීවේ ය.  "තමුන් කෝච්චියෙ ආවෙ ටිකට් නැතිව නේ ද?" "පිස්සුද? මං කෝච්චියෙ ආවෙ නැහැ. කෝච්චියෙ ආවා නම් ටිකට් තියෙන්න එපා යැ."  මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් වූ රාජපක්ෂ පවුලේ සිට ඇමති මණ්ඩලය හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා පිරිස දූෂණ චෝදනා පිළිබඳ මතු කරන තර්කය ද මෙවැනි ය.  දූෂණ කළා නම් චෝදනා තිබෙන්න එපායැ යන තර්කය ඔවුහු රැගෙන එති. ඔවුන් කියන පරිදි චෝදනා නැත්තේ දූෂණ නො කළ නිසා ය. ඇත්තම තත්වය නම් ‍චෝදනා නැත්තේ විමර්ශන නැති නිසා ය. දේශපාලකයන්ගේ දූෂණවලට එරෙහිව ක්‍රියාමාර්ග නො ගැනීම පසුගිය දිනවල සාමාන්‍ය තත්වය විය. පොලිසිය නම්නීකරණය වී තිබුණේ ම දූෂණ ගැන විමර්ශනය නො කරන්නට මිස කරන්නට නො වේ. එසේම, සමස්ත රාජ්‍ය ව්‍යූහය ම පාහේ දූෂණයට නම්නීකරණය කර තිබුණු එකක් විය. සමාජය තුළ මුල් බැසගෙන තිබෙන දූෂණය ‍අ‍හෝසි කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ.  ඉදිරියේදී පත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු

හොරු යන්නේ කොයි පා‍රේ - ගෝඨාභය ගිය පාරේ

Image
අත්අඩංගුවට නො ගන්නා ලෙස ඉල්ලා මහජන මුදල් කොටින්ට දුන් ටිරාන් හා ලලිත් ද මානව හිමිකම් පෙත්සම් ගොනු කරයි ද?  යන මැයෙන් අප විසින් ලියන ලද ලිපියෙන් මතු කරන ලද කරුණු සැබෑ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ද තමන් අත්අඩංගුවට ගැනීම නවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ඔහුගේ කරුණු දැක්වීම අනුව, රාඩා නම් ‍ආයතනයක් විසින්  උතුරේ වැසියන්ට ගෙවල් හදන මුවාවෙන් මහජන මුදල් රුපියල් මිලියන 167ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්  රාඩා ආයතනයේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම පළිගැනීමකි. නීති විරෝධී ක්‍රියාවකි.  මේ අධිකරණ ක්‍රියාමාර්ගයට පූර්වාදර්ශය සපයා තිබෙන්නේ ඩොලර් මිලියන 10ක් වැය කරමින් මිග් 27 ගුවන් යානා හතරක් මිළ දී ගැනී‍මේදී කරන ලද දූෂණයක් පිළිබඳ ‍පැහැදිලි චෝදනා එල්ල වෙමින් තිබෙන ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නිකුත් කරන ලද මතභේදයට තුඩු දී තිබෙන අතුරු තහනම් නියෝගයයි. අදාළ අතුරු තහනම් නියෝගය පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් කළේ ය. එය නීති විරෝධී බව අගමැතිවරයාගේ තර්කය විය. රාවය පුවත්පත විසින් ද එම අධිකර

මළවුන් සැමරීමෙන් අතීතය ප්‍රතිනිර්මානය කළ නො හැකි ය

Image
රජය යුද ජයග්‍රහණය සමරන්නේ නැතිව සිටින්නට ගත් තීරණය ජාතීන් අතර සංහිඳියාව සඳහා ඉවහල් වන බුද්ධිමත් පියවරකි.  ඒ අතර, යුද්ධයේදී මිය ගිය ඥාති මිත්‍රාදීන් හා දේශපාලන සගයන් සිහිපත් කිරීම සඳහා මිනිසුන්ට හා සංවිධානවලට ඇති අයිතියට ගරු කළ යුතු ය.  යුද්ධයේදී මිය ගිය හමුදා සෙබළා සිහිපත් කිරීමට තිබෙන අයිතිය දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයා සිහිපත් කිරීමට ද තිබේ. ඒ ගැන කිසිවෙක් කෝප විය යුතු නැත. ජයග්‍රාහී පාර්ශ්වයේ සිටියත්, පරාජිත පාර්ශ්වයේ සිටියත්, ඒ සියල්ලෝ ම මේ රටේ මිනිස්සු ය.  යුද්ධයේදී දෙපාර්ශවය ම මානව හිමිකම් උල්ලංඝනය කළ හ. යුද අපරාධ කළ හ. දෙපාර්ශ්වය ම තම තනි බලයක් ගැන සිතුවා මිස බලය බෙදා ගැනීම ගැන නො සිතූ හ. ජනතාව බලවත් කිරීම ගැන රජයවත්, කොටි සංවිධානයවත් සිහිනෙන් හෝ නො සිතූ හ.  මෙම යුද්ධය ඇති වන්නට ඓතිහාසික හේතු තිබිණි. ඒ ගැටලුවලට තවම විසඳුම් දී නැත. යුද්ධයෙන් කොටි සංවිධානය පරාජය විය. කොටි සංවිධානයේ බලය තීරණාත්මක ලෙස දුර්වල වූ ලංකාව වෙනස් ලංකාවකි. ඒ වෙනස් ලංකාවට අද අවශ්‍යව ඇත්තේ වෙනස් දේශපාලනයකි.  ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම දෙමළ හෝ සිංහල වෙන ම රාජ්‍යයක් බිහි කර ගැනීම නො වේ. කළ යු

ශිෂ්‍ය භික්ෂූන්ගේ ප්‍රතිගාමී ඉල්ලීම් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Image
මෙම කරුණ ගැන ලිවිය යුතු යයි මා සිතමින් සිටියදී නිර්මාල් රංජිත් දේවසිරි සිය වත්පොතෙහි මෙසේ ලියා තිබිණි. "භික්ෂූන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා විශේෂ කොටාවක් ඉල්ලන පදනම් විරහිත සහ අසාධාරණ ඉල්ලීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහය දෙන්නේ මොන පදනමක් මත ද? අවිවිශිබමට දේශපාලන නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේගැන කියන්නේ කුමක්ද? මේ ඉල්ලීම ශිෂ්‍ය ඉල්ලුම අඩු ඇතැම් විෂයන්ට (මා උගන්වන ඉතිහාසයද මීට අයත්ය) වෙනම කෝටාවත් ඇති කර තිබීමේ විධිවිධානය වැරදියට අර්ථකතනය කොට ඉදිරිපත් කෙරෙන ඉල්ලීමකි. මෙහි අැති ශිෂ්‍ය කප්පාදුවක් නැත. මේ ඉල්ලීමට ඉඩ දුන්නොත් හෙට හොරපාරෙන් විශ්වවිද්‍යාලවට ඒමට ඇති ක්‍රමයක් බවට මෙය පත්වේ. මා මේ පිළිබදව අවිවිශිබම නායකත්වය සමග සාකච්ඡා කළ මුත් ඔවුන් ඊට පැහැදිළි පිළිතුරක් දුන්නේ නැත." භික්ෂූන් යනු ආගමික සේවාවක යෙදෙන පිරිසක් මිස වෘත්තිකයන් පිරිසක් නො වේ. එබැවින් ඔවුන් රැකියා කිරීම අත්‍යවශ්‍ය නැත. එහෙත්, රැකියාවක යෙදීමට අවශ්‍ය නම් සාමාන්‍ය පිළිවෙලට එසේ කිරීමේ වරදක් ද නැත. භික්ෂු අනන්‍යතාව භාවිතා කරමින් අධ්‍යාපනය හා රැකියා වෙනුවෙන් පොදු පද්ධතිවලින් වැඩි අවස්ථ

මහින්දගේ අහිංසක වාස්ගේ හා මහළු ලලිත්ගේ කෙළි

Image
මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක කීවේ ඔහුගේ හිතවතුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පාවිච්චි කිරීම වැනි සුළු දේවලට බවයි. එසේම වයස අවුරුදු හැත්තෑව ඉක්මවූ වයෝවෘද්ධ, විශ්‍රාමික රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නට සැරසෙන බව ද රාජකාරි කිරීමේදී මින්  ඉදිරියට රජයේ නිලධාරීන්ට පරිස්සම් වන්නට සිදු වන බව ද ඔහු පැවසී ය.  මහින්ද රාජපක්ෂ කියන මේ වාහන පාවිච්චි කළ අහිංසකයා සජින් ද වාස් ගුණවර්ධන නම් ඔහුගේ ඇම්බැට්ට ව්‍යාපාරිකයා ය. ඔහු ජනාධිපතිගේ විදේශ කටයුතු උපදේශක (ආචාර්ය දයාන් ජයතිලකගේ ප්‍රධානියා) වූ අතර විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ද විය.  මේ අහිංසකයා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 20ක් ඔහුගේ අහිංසක පෞද්ගලික ව්‍යාපාරවල කටයුතු සඳහා යොදවා තිබිණි. ඒ අතරින් වාහන දෙකක් දිව්වේ ඔහුට අයත් කොස්මෝ නම් ආරක්ෂක සමාගමක වන අතර එ්වා සොයා ගත්තේ එකක් තලංගම නිවසක සඟවා තිබියදී ය. අනෙක නුවරඑළියෙන් අත්අඩංගුවට ගන්නා ලදී.  මේ අහිංසක වාහන ගැන සටහන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්වෙන්ටරිවල නො තිබූ අතර ඒවා ගැන තොරතුරු රහස් පොලිසියට දී ඇත්තේ මේවා දැක දැක ඇඟේ මාළු නටමින් සිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දුෂ

හැඳුනුම්පත් අංක 222222222V

Image
සිරිලිය ඔබයි  සිරිලා ඔහු ද පුතා සිරිමල් ද?  කෝ සිරිමලී එතකොට ? මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

නරියා වෙනුවෙන් සටන් කරන කුකුළන් සමග දේශපාලනය

Image
ජනවාරි 8 දා මෙරට ජනතාව ඒකාධිපති , දුර්දාන්ත පාලනයක් පරාජය කරමින් සිදු කළ මෘදු ප්‍රජාතාන්ත්‍රික විප්ලවය රැක ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නො වන බව දිනෙන් දින වැඩි වැඩියෙන් පෙන්නුම් කරමින් තිබේ. ප්‍රතිවිප්ලවය දියත් වෙමින් තිබෙන්නේ විප්ලවයෙන් විපුල ඵල නෙළා ගන්නා පීඩිතයන්ගේ ම දායකත්වයෙනි. මෙය කාටුන් ශිල්පියකු වන හසන්ත විජේනායක ඉතා මනරම් ලෙස සිය කාටුනයකින් නිරූපණය කළේ ය. එහි කුකුළු කොටුවට පැන පැටවුන් මරා කන නරියා අල්ලා ගස් බැඳ තිබේ. නරියා නිදහස් කරන්නැයි කුකුළෝ ප්‍රචණ්ඩ උද්ඝෝෂණයක නියැලී සිටිති. මහින්ද රාජපක්ෂගේ රැස්වීම්වල ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන   ‍අයුතු ජන රාශිවල බහුතරය මහින්ද ක්‍රමය නිසා ජීවිත අනාරක්ෂිත තත්වයට පත් දිළිඳු පීඩිතයෝ ය. එහෙත් , ඔවුන් අතර මහින්ද ජනප්‍රිය ය. ඒ ඇයි ? මේ ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමට මහින්ද ක්‍රමය තේරුම් ගත යුතු ය. මෙම ක්‍රමය අනුව රජය රාජපක්ෂ පවුලට හිමි පෞද්ගලික සමාගමක් බවට පත් කර තිබිණි. එම සමාගම විසින් ජනතාවගේ බදු මුදල් එක්රැස් කර ගන්නා ලදී. ඊට අමතරව රාජ්‍ය දේපල චීනය වැනි රටවල සමාගම්වලට බදු දෙමින් ද ධනය උපයන ලදී. සමාගමේ අයවැය පියවා ගන්නේ විවෘත මුල්‍ය වෙ

පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනය යටතට පත් කිරීම වැරදි ද?

Image
මේ මස 15 දින ජන වරම ඉකුත් වන පළාත් පාලන ආයතන 234ක පාලනය කොමසාරිස්වරුන්ගේ පාලනය යටතට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මෙය ඉතා පැහැදිලිව ම නිවැරදි දේශපාලන තීන්දුවකි. මේ වන විට පළාත් පාලන මන්ත්‍රීන්ගෙන් සැලකිය යුතු පිරිසක් දඟලන්නේ මහින්ද රාජපක්ෂ ආපසු ගෙන එන්නට බව පෙනේ. හේතුව පැහැදිලි ය. මෙම බලවේගයට කොන්ත්‍රාත්, බලපත්‍ර හා බදු කඩ ආදිය හරහා මහජන මුදල් කොල්ල කෑමට අවස්ථාව ලැබුණේ මහින්ද‍ ක්‍රමය නිසා ය. එපමණක් නොව මහින්දගෙන් ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාවලට රැකවරණය ලැබිණි. නිදසුනක් ලෙස ඊයේ පැලවත්තේ පන්සලක පැවති මහින්දගේ රැස්වීමක් සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විදුලි ජනක යන්ත්‍රයක් රැගෙන යමින් සිටියදී සභාවේ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් පැවසුවේ එය රැගෙන යන්නේ සභාපතිගේ නියෝගයක් අනුව බවයි. මේ සභාපති කවුරුද?  උදේනි අතුකෝරළ නම් වන ඔහු පසුගිය සමයේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් පස් ප්‍රවාහන බලපත්‍රයක් සම්බන්ධව අල්ලසක් ගනිද්දී මාට්ටු විය. දැනට ඇප මත නිදහස් වී සිටින ඔහුට තනතුර රැක දුන්නේ මහින්දයි. ඉදිරි මහ මැතිවරණයේදී මෙවැනි පළාත් පාලන මන්ත්‍රීන්ට රාජ්‍ය දේපල

අත්අඩංගුවට නො ගන්නා ලෙස ඉල්ලා මහජන මුදල් කොටින්ට දුන් ටිරාන් හා ලලිත් ද මානව හිමිකම් පෙත්සම් ගොනු කරයි ද?

Image
රාඩා කල්ලිය (සන්ඩේ ලීඩර් ග්‍රැෆික් එකකි)  ( Read an investigative report published in Sunday Leader about this multi million rupee fraud from this link ) උතුරේ වැසියන්ට ගෙවල් හදන මුවාවෙන් මහජන මුදල් රුපියල් මිලියන 167ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට ‍එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධයෙන් ටිරාන් අලස්ගෙන් හා ලලිත් වීරතුංගගෙන් ප්‍රශ්න කර තිබේ. ටිරාන් අලස් වනාහි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ රාඩා (Reconstruction and Development Agency) ආයතනයේ අධ්‍යක්ෂවරයා ය. ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ලෙස සේවය කළ සාලිය වික්‍රමසූරිය මේ වන විට අත්අඩංගුවේ ය. සුනාමියෙන් විපතට පත් ජනතාවට නිවාස හදා දීමට වෙන් කරන ලද මෙම මුදල්වලින් එක ද නිවසක් හෝ තනා නැත. නිවාස ලබා දීම සඳහා එම මුදල් ලබා දී තිබෙන්නේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට නොව ඇඟලුම් කර්මාන්තකරුවන් දෙදෙනෙකුට ය. මේ මුදල් කොටි සංවිධානය ලබා දී තිබේ. ඒ 2005දී ජනාධිපතිවරණ වර්ජනය ඔස්සේ රනිල් වික්‍රමසිංහට උතු