19ට ඉඩ දෙනු! නැතිනම් නයාට ගසා පොල්ල වරද්දා ගනු!

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විම වැළැක්වීමට මහින්ද රාජපක්ෂ බලවේගය දරන උත්සාහය සියතින් ම වල කපා ගැනීමකි. 

මේ වන විටත්, ජනාධිපතිගේ බලතල අගමැතිට ලබා දෙන සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වළක්වා හමාර ය. එම නිසා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පැවැත්වෙන මහ මැතිවරණයෙන් පත් වන බෙලිඅත්ත හෝ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ දකින සිහිනය සැබෑ කරමින් අගමැති පදවියට පත් වුණත් ඉන්නට වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සර් කියාගෙන ය. 

එසේම, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන, විධායක ජනාධිපතිවරයා සතු අත්තනෝමතික බලතල ඉවත් කර, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර, දූෂණ දුරලා යහපාලනය ස්ථාපිත කරන්නට ඉඩ නො දුන්නොත්, මේ ර‍ටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා විධායක ජනාධිපති සතු බලහත්කාරී බලතල පාවිච්චි කරන්නට සිදු වන තැනකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තල්ලු විය හැකි බව අපි අනතුරු අඟවන්නෙමු. 

මන්ද, විධායක ජනාධිපති බලතල අහෝසි කරන්නට එක එකා පසුපස යනවා වෙනුවට විධායක ජනාධිපති බලතල පාවිච්චි කර අරමුණු ඉටු කර ගත හැකි ආකාරය පිළිබඳ පූර්වාදර්ශ විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ විසින් සපයා ඇති බැවිනි. 

ඒ නිසා මේ තීරණාත්මක කඩඉම කඩාකප්පල් නො කරන්නට වග බලා ගැනීම සියලු දේශපාලකයන්ගේ වගකීමක් බව අපි අවධාරණය කරන්නෙමු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "විධායක ජනාධිපති සතු බලහත්කාරී බලතල පාවිච්චි කරන්නට සිදු වන තැනකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තල්ලු විය හැකි බව අපි අනතුරු අඟවන්නෙමු. "

    ලොලේ ලොල්.

    මේක බීගත්ත චන්ඩින් ගේ කතාවක් වගේ නේ ඕයි.

    මයිත්රීපාල ඔච්චර චන්ඩියෙක් නම් ඉතින් මොකද මහින්ද එන එකට තමුසෙලා ඔච්චර බය. ඕනේ හුයන්නක් වෙන්න කියලා මයිත්රීපාලගේ විධායක බලතල පාවිච්චි කරලා ඕනේ විදියට ව්‍යවස්ථා සම්මත කරන් යහපාලනෙන් රට කරන් යනවා කෝ.

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමේ කලේ තොපේ මහ එකා වන හොර තක්කඩි මහින්දයා. ඌ වගේ බල්ලෙක් වෙන්න මෛත්‍රී කැමති නැති නිසා තමයි ඉතා ඉවසීමෙන් සෙමින් නමුත් ස්ථාවරව මේ වැඩේ කරගෙන යන්නේ.

      මහින්ද ආයේ නැගිටියි කියලා හිතාගෙන ඉන්නවානම් හස්තෝපක්‍රමයේ යෙදී බුදියාගනින්.

      Delete
    2. @ Anonymous April 19, 2015 at 7:26 AM ---
      මෛත්‍රී විධායක බලතල අපහරණය කරන්නේ නැති එක තොපිට මහා ලොකු ප්‍රශ්නයක් වෙලා නේද?

      Delete
    3. අපේ ලංකාව යනු කැලයක් නොව නූතන රාජ්‍යයකි එහි අංක එක පුරවැසියා ශිෂ්ට සංකේත තනතුරක් වන ජනාධිපති තනතුර දරයි. අපි එයට පත් කර ගන්නේ තාර්කික බුද්ධියක් ඇති මහත්මයකු ය. තොපේ මව්බිම කැලයකි ගල්ගුහා සිංහයින් ගෝත්‍රික උඩුරැවුල් ප්‍රයිමේටා ඇල්ෆා මේල් නායකයින් තොපි වැනි රටක් යනු කැලයක් යැයි සිතන පරිනාමය නොවූ වානර ප්‍රයිමොටාවන් ට ලොකු උනාට අපිට ලොකු නැත . අපි තොපිට ඔලුව උස්සන්න දෙන්නේ නැත. අපේ නගරවලට පැන පිස්සු කෙලීම ඉක්මනින් නවත්වන්නේ නැත්නම් අවශ්‍ය වුවහොත් ශිෂ්ට මිනිස්සුන්ගෙ ආරක්ෂාව සදහා සත්තු කූඩුවල ට ගාල් කර දැමීමට පසුබට නොවන බව උඩ පනින තක්කඩින්ට මතක් කර දිය යුතු කාලය පැමිණ ඇත. තොපේ මහ පූර්වජ මානවයා කැලේට දැක්කූ අපිට තොපි කජ්ජක් නොවන බවද තොපිට අපි බය නැති බවද මතක් කර දීමට කැමැත්තෙමි .

      Delete
    4. //*අපේ නගරවලට පැන පිස්සු කෙලීම ඉක්මනින් නවත්වන්නේ නැත්නම් අවශ්‍ය වුවහොත් ශිෂ්ට මිනිස්සුන්ගෙ ආරක්ෂාව සදහා සත්තු කූඩුවල ට ගාල් කර දැමීමට පසුබට නොවන බව උඩ පනින තක්කඩින්ට මතක් කර දිය යුතු කාලය පැමිණ ඇත. තොපේ මහ පූර්වජ මානවයා කැලේට දැක්කූ අපිට තොපි කජ්ජක් නොවන බවද තොපිට අපි බය නැති බවද මතක් කර දීමට කැමැත්තෙමි . */

      අන්න වාක්‍ය.. හිට්ලරුත් ඔය ටික කිව්වා. සමාජයේ කුණු නැමති යුදෙව්වන් ඉවත් කරලා ශිෂ්ඨ මිනිස්සුන් වෙනුවෙන් නගර පිරිසිදු කරන්න ඕනේ කියලා. කියල විතරක් නැවතුනේ නෑ..කරලම පෙන්නුවා

      Delete
    5. //Asanga April 19, 2015 at 7:49 PM//
      ඔය වාක්‍ය සිංහල බෞද්ධ කරන්නේ මෙහෙමයි: හිට්ලරුත් = ගොඨා, යුදෙව්වන් = මුස්ලිම්,

      Delete
  2. //19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විම වැළැක්වීමට මහින්ද රාජපක්ෂ බලවේගය දරන උත්සාහය//

    අම්මට හුඩු.... දැන් ඒ කියන්නේ මහින්දට කඩේ යන්නේ අර ප. ච. රණවකද??

    නෑ මං ඇහුවේ මොකද ඌ තමයිනේ දැන් 19 එපා කියලා කෑ ගහන්නේ....
    අර වීරවංස ගොයියා නම් 19එපා කියනවා මට ඇහුන්නෑ... ඒ කියන්නේ ඌ දැන් මෛත්‍රීට කඩේ යනවා කියන එකද....

    ReplyDelete
  3. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න බලහත්කාරී බලතල පාවිච්චි කරන එකේ කිසි වරදක් නෑ...
    අර බ්‍රසීලයේ හිටපු ජනාධිපති කෙනෙකුත් කියල තියෙන්නේ, "මම නිදහස හා ප්‍රජාත්‍රවාදය උපරිමයෙන් ක්‍රියත්මක කරමි, නමුත් යමෙක් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවේද ඔහුව හැකි සෑම අයුරකින්ම මර්ධනය කරමි" කියලා...

    රාජපක්ෂලා පෙනීසිටින ජාතිවාදය, පවුල්වාදය මර්ධනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම බැරිවුනොත් ඊට එහා යායුතුයි..

    ReplyDelete
  4. ඩෙංගු තාමත් එහෙමමයි පැරා...

    ReplyDelete
  5. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද වලින් 90% කට වැඩිය ලැබිලත් ජනාධිපතිවරණය දිනා ගන්න බැරි වුණු මහින්ද කොහොමද එ.ජ.නි.ස. ඡන්දවලින් කොටසක් පමණක් අරගෙන අගමැති වෙන්නේ?

    ReplyDelete
  6. මහින්ද:
    "විසිරුවේ මං... පැරදුනේ මං...
    උඹලට නං... මොකද ඉතිං... "


    විමල් වීරවංශ හෙවත් කට බක්කා:
    "සිංඥෝරේ සිංඥෝරේ සිංඥෝරේ සිංඥෝරේ
    ගිය දේ ගියාවේ...
    ලබන සැරේ අපි දෙමුකෝ බැටේ..."

    ReplyDelete
  7. රටට හිතැතී 19 දිනවමු !

    19 ට විරුද්ධවන ජනතාද්‍රෝහින්ව මීලඟ මහ මැතිවරණයේදී සදාකාලිකව විශ්‍රාම යවමු.!

    ReplyDelete
  8. බැන් කී මූන් ගේ අප්පච්චීApril 19, 2015 at 11:18 AM

    19 එපා !
    මහින්ද අගමැති කරනු !

    ReplyDelete
  9. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා කතාවක් තියෙනවානේ . ඔහොම යං ... ඔහොම යං ....

    මහින්ද වාගේ පජාති දේශපාලනයෙකුට මහත්මා ගතිගුණ තේරෙන්නේ නෑ . ඒ නිසා තමා ඔය දඟලන්නේ . එයා අඟුරු කාලා ඉන්නේ. රෙන්න වෙන්නේ ගින්දර. නමුත් එය හිතාගෙන ඉන්නේ කෑවේ ගින්දර රෙන්න වෙන්නේ අඟුරු කියලා .

    බලයේ ඉන්න කොටත් ප්‍රශස්ති කියපු උන්ට රැවටිලා පිස්සු කෙලියා . දැන් පුක බිම අන්නලත් ඒත් වැටහෙන්නේ නෑ . මුගේ තට්ටම් ලොකු වැඩි නිසාද කොහෙද මොලේට දැනිලා නෑ .

    ඔය දඟලන ඔක්කොම එවුන් අමුම අමු හොරු. ඒ නිසා සිරිසේන මහත්තයා දෙන්න ඕන බේත වෙලාවට දෙයි. අපිට කලබල උනාට ඕවා ඕනාවට වඩා කලබලෙන් කරන්න ඕනා නෑ . කරන්නත් බෑ .

    ඔය මාතලන් වගේ සැබෑ යහපාලනවාදීන් ( ඔවුන් ඇත්තටම ලංකාවට ආදරේ කිසිදු අනිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී සැබෑවටම යහපත් ශ්‍රී ලංකාවක් අනාගත දරු පරම්පරාවට උරුම කර දීමට වෙහෙසෙන අය . තම නැණ පමනින් . ) ටිකක් කලබලයි. එයාලා බයයි අතට ගත්ත බත් කට කටට දා ගන්න බැරිවෙයි කියලා.

    බයවෙන්න එපා මචන්ලා , සිරිසේන මහත්තයාව පඹයට අන්දලා හැට්ට අන්දවපු උන් හිතුවෙත් සිරිසේනට බෑ කියලා තමා . ඒ උනාට සිරිසේනත් එක්ක එකතු උන යෝධ යහපාලන මිනිස් බලවේගය හොලවන්නවත් බෑ කියල හිතපු මහා ගල් පර්වතයක් දුහුවිල්ලක් පයින් පිහදානවා වගේ පිහිදලා දැම්මා. තවමත් ඒ යෝධ යහපාලන මිනිස් බලවේගයේ ආශිර්වාදය තියෙන්නේ සිරිසේන මහත්තයා එක්ක. අපේ ප්‍රාර්ථනය යහපත් ශ්‍රී ලංකාවක්. ජාති ආගම් බේද නැති එකමුතු මිනිසුන් පිරි රටක්.

    රනිල් මහත්තයා එක්ක එකතු වෙලා සිරිසේන මහත්තයා අපිට ඒ ගමනේ මාවත සකස් කරලා දෙයි. එත් අරගලය ඉවර වෙන්නේ නෑ . පුරවැසි අවදි බව නිරතුරුවම අවශ්‍යයි . ඒ කියන්නේ යහපත් සමාජයකට හැමදාකම අජිත් පරකුම්ලා , මාතලන්ලා වැනි වැනි සුවහසක් යහපත් පුරවැසි මාධ්‍යකරුවන් ඇවැසියි .

    ReplyDelete
    Replies
    1. /*රනිල් මහත්තයා එක්ක එකතු වෙලා සිරිසේන මහත්තයා අපිට ඒ ගමනේ මාවත සකස් කරලා දෙයි...*/

      චන්ද්‍රිකා මැතිණිය ඒ මාවතට මල් පාවඩ එලයි. එස්.බී මැතිඳුන් ඒ මාවතේ යන සුවහසක් ජනයාට පවන් සලයි. කරුණානායක මැතිඳුන් පවස නිවන පැන් සපයයි. රන්ජා රණ ශූරයා කටු කොහොල් අරවා මග පිරිසිදු කර දෙයි.........අපට ඇත්තේ ජය ගී ගයමින් ඒ ජයමාවතේ යහපත් සමාජය කරා (අවදියෙන් ) දිව යාමටයි....

      Delete
    2. සේනක, කොත්තමල්ලි වුනත් වැඩිපුර බොන්න එපා,

      Delete
    3. Sponsored by Stupid Maathalan. Self-marketing is not suitable for each and every occasion.

      Rider

      Delete
    4. ඔහොම යං කිව්වට කොච්චර කාලයක් විතර යන්නද?

      දුමින්ද කිව්වා නම පිරිසිදු කරගන්න දීපු අවස්ථාව සම්බන්ධව යහපාලන ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා කියලා.

      චන්දෙ නැත්නම් කොල්ලොන්ට සලකන විදිය දන්නවා කියපු එස් බී ඇමතිකමක් ගත්තා.

      අනේ මන්ද සරත්.

      Delete
  10. ඔය මාතලන් වගේ සැබෑ යහපාලනවාදීන් .........හූ ,.............හූ ලාටු තමයි

    මාතලන්ලා වැනි වැනි සුවහසක් යහපත් පුරවැසි මාධ්‍යකරුවන් ඇවැසියි.......අම්මට හුඩු... පියානෝ නැතිනම්

    ReplyDelete
  11. නයාට ගහන පොල්ල වරදින්නෙ,පොල්ල කෙලින් නිසා.අපි ගහන්නෙ පොල්පිත්තෙන්. ඒකෙ වක් ගතියනිසා හොදට වදිනවා,ඒකාලෙ සින්හල ත්‍රස්තයන්ට දුන්නා වගේ.දිනමින නැතිනම්,සුබසෙත, අපි දිනන්නෙමු.

    ReplyDelete
  12. බොහො විට පාර්ලිමෙන්තුව ඇතුලෙ සාකච්චා කරන්න ඉඩ නොතියා, රටෙ සමාජයෙ සකාච්ච වෙන්න ඉඩ නොතිය මොකක් හරි ව්යවස්ථා ගුන්ඩුවක් රනිල් අතාරියි. ඊට පස්සෙ ජනාධිපතිද රටෙ නායකයා අගමැතිද රටෙ නායකයා කියලා හොයාගන්න බැරි තත්වෙකට මෙ රට තල්ලු උනොත් උබලත් ඒ අපරාධෙට වගකියන්න ඔනෙ. උබලට ඔනෙ සින්හලයට කෙලවලා සුලුජාතීන්ට අනවශ්ය ව්යවස්ථා බලයක් අරන් දෙන්න මිසක් රට ස්ථාවර විදියට ඉස්සරහට යන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්න නෙමෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා