2014-10-16

එබෝලා පැතිරෙයි: අපි සූදානම් ද?

එරික් ඩන්කන්
මේ වන විට 9000ක පමණ පිරිසකට එබෝලා වැළඳී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එයින් බහුතරය අප්‍රිකානුවන් වන අතර මරණ අනුපාතිකය 70%ක මට්ටමට ගොස් තිබෙනවා. දැනට සතියකට රෝගීන් 100ක් පඹණ හඳුනා ගැනෙනවා. මේ සංඛ්‍යාව ඉදිරියේදී සතියකට 10,000 දක්වා ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ අතර ටෙක්සාස්හි දෙවන හෙදියක් ද එබෝලා වෛරසය නිසා රෝගී වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ දෙවන හෙදියයි. ඔවුන් දෙදෙනා ම පසුගිය සතියේ මිය ගිය තෝමස් එරික් ඩන්කන් නම් රෝගියාට ප්‍රතිකාර කළ හෙදියෝයි. ඩන්කන්ට ප්‍රතිකාර කිරීම සඳහා සම්බන්ධ වූ තවත් රෝහල් සේවකයන් රැසක් ම අනතුරට මුහුණ දී තිබෙනවා. 

ටෙක්සාස් එබෝලා සිද්ධිය සමග දකින්නට ලැබෙන මූලික කරුණක් වන්නේ එබෝලා රෝගයට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නො තිබීමයි. මිය ගිය රෝගියා මුලින් රෝහලට පැමිණ තිබෙන්නේ උණට ප්‍රතිකාර ගන්නටයි. ඔහුව නිසි පරිදි හඳුනා ගන්නේ නැහැ. ඔහු එබෝලා පැතිරෙන ලයිබීරියාවේ සිට පැමිණි අයෙකු බව ද සැලකිල්ලට ගන්නේ නැහැ. බාහිර ප්‍රතිකාරවලින් පසු ඔහු නැවතත් රෝහලට එන්නේ පවුලේ අයත් සමග ගිලන් රථයකිනුයි. ඔහු පැය කීපයක් වෙනත් රෝගීන් අතර තබා තිබෙනවා. හුදකලාව තැබීම පමා වී තිබෙනවා. ඔහුගේ රුධිර ආදී සාම්පල එහා මෙහා ගෙන ගොස් තිබෙන්නේ ද පොදු පද්ධතිය භාවිතා කරමිනුයි. ඔහුට සත්කාර කළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නත් රෝහල් බලධාරීන් අසමත් වී තිබෙනවා. මුළු ශරීරය ම ආවරණය කර ගන්නට අවශ්‍ය විධිමත් පහසුකම් ක්ෂණිකව සපයා දෙන්නට මෙම රෝහල අසමත් වී තිබෙනවා.

එබෝලා රෝගයට මුහුණ දීම සඳහා අවශ්‍ය පුහුණුව සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් අන්දමින් ලබා නො දීමත් ගැටලුවක් ලෙස මතු වී තිබෙනවා. රෝගයට ගොදුරු වූ හෙදියන් නිසි ආරක්ෂක ක්‍රම අනුගමනය නො කළ බවට ඇතැමෙක් චෝදනා කරනවා. එහෙත්, ඒ නිසි ආරක්ෂක ක්‍රම මොනවාද කියා ලේඛනගත කර දැනුම් දීමක් කර තිබීත් නැහැ.

අනතුරුදායක අපද්‍රව්‍ය ඉවත් කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසා ඒවා රෝහල තුළ ගොඩගැසුණු බවත් වාර්ත වෙනවා. 

ටෙක්සාස් අත්දැකීම සමස්ත ලෝකයට ම වැදගත්. එබෝලා වසංගතය වළක්වා ගන්නට නම් ඒ කෙරෙහි සමාජයේ මීට වඩා අවධානයක් යොමු විය යුතුව තිබෙනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.