සැමියා බිරිඳගේ බබා ය

අපි එකිනෙකා ආමන්ත්‍රණය කරද්දී භාවිතා වන වචන තිබෙනවා. මේවායින් සමහර ඒවා ටයිටල් (title) හෙවත් පට්ටම්.

මිස්ටර් (Mrs), මිසිස් (Mrs.) මිස් (Miss) යනු ඒ වගේ තුනක්. දැන් මෙතන පොඩි සමානාත්මතා ප්‍රශ්නයක් එනවා. පිරිමියාට මිස්ටර් කියනකොට එයා බැඳල ද නැද්ද කියන එක අදාළ නැහැ. ඒත් කාන්තාවට අදාළයි. මේ අසාධාරණය පිටදකින්න අලුතෙන් ඉංග්‍රීසි වචනයක් හැදුවා. ඒ තමයි මස් (Ms.). මෙතන මයන්න ශබ්ද කළ යුත්තේ ගම කියනකොට එන ශබ්දයෙන්. ඒ වගේ ම හල් සයන්නේ ශබ්දය සමාන වන්නේ ඉසෙඩ් අකුරේ ශබ්දයට. එතකොට අර පැරණි බයිලාවක එන ‘ඔයා මිස් ද - මිස් ද මිසිස් ද - මට ආසයි එය දැනගන්න' කියන එකට  උත්තරයක් දෙන්න පුළුවන්. ඒත්, මිස්ටට මහතා හෝ මයා හෝ කියා ද, මිසිස්ට මහත්මිය හෝ මිය හෝ කියා ද, මිස්ට මෙනෙවිය කියා ද කිව්වාට මස්ට සිංහලෙන් තවමත් වදනක් නැහැ. එකක් යෝජනා කරන්න.

සර් හා මැඩම් කියන වදන්වල මුල් ඉංගිරිසියේ නැති තරම් සම්භාවනීය අරුතක් ලංකාව වැනි ආසියාතික රටවල තිබෙනවා. නමට මුලින් සර් යොදපු සර් ජෝන් කොතලාවල වගේ නයිට්වරු වගේ ම නයිට් ක්ලාස් කරලා උගන්වන ටියුෂන් සර්ලාත් ලංකාවේ ඉන්නවා. අපේ සර්, අපේ මිස් වැනි යෙදුම් වගේ ම ලොකු මිස්, ලොකු සර්, පොඩි මිස් වැනි යෙදුම් ද භාවිතා වෙනවා. පිටිසර පැතිවල ළමයි ගුරුවරුන්ට සේර් කියනවා. ආදරේට ඇදලා කියනකොට මේක සේර..... වෙනවා.

ගුරු වෘත්තිය, හෙද වෘත්තිය වැනි රැකියාවල තනතුරු නාමය තරමට ම මිස්, සර් වැනි වදනුත් භාවිතා වෙනවා. මැඩම් කියන්නේ මිස්ලාට වඩා තනතුරින් උසස් අයට. ගනිකා මඩම් පාලිකාවන් වෙනුවෙනුත් ඉංගිරිසියේ මේ වචනය ම භාවිතා වෙන බව ලංකාවේ මැඩම්ලා දන්නේ නැහැ. ඔලිවර් ට්විස්ට් වගේ 19වන සියවසේ නවකතා කියවනකොට දකින්න ලැබෙන දෙයක් තමයි, ඔලිවර් වගේ අනාථ ළමයකුට ආමන්ත්‍රණය කිරීමේදීත් ඇතැම් විට සර් කියන පදය යොදා තිබෙන බව.

වරක් එක් හමුදා භටයෙක් මට අපූරු දෙයක් කිව්වා. ඔහුට අවශ්‍ය වුණේ හමුදාව පොලිසියට වඩා උසස් බව පෙන්වන්නයි. එ් සඳහා ඔහු ඉදිරිපත් කළ තර්කයේ මෙහෙම තිබුණා. “අපේ ලොක්කට අපි කියන්නේ සර් කියලා. ඒත් පොලිසියේ ලොක්කට කියන්නේ මහත්තයා කියලා."

දැන් ඔය ටෙලි නාට්‍යවල මිනිස්සු පොලිසියේ ලොක්කන්ට ඉන්ස්පෙක්ටර් කියා අමතන ආකාරය දකින්න ලැබෙනවා. ඒ වගේම හමුදාවේ ලොක්කන්ට කැප්ටන් කියනවා. ටෙලි නාට්‍යවල මේ තනතුරුවලට පහළ හා ඉහළ අය යොදා ගන්නවා අඩුයි. මොකද, ඒ අයට මේ වගේ ආමන්ත්‍රණය කරන්න බැරි නිසා. හැබැයි, සාමාන්‍ය ජනයා තමන් ආමන්ත්‍රණය කරනකොට මෙහෙම කිව්වොත් ඒ තනතුරු දරන අයට කේන්ති යනවා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ සර් කියන එකයි. හැබැයි වෛද්‍යවරයාට ඩොක්ටර් කියන එකේ එහෙම ගැටලුවක් නැහැ. ගුරුවරියට ටීචර් කියා ආමන්ත්‍රණය කරනවා. ඒත්, ගුරුවරයාට එහෙම කියන්නේ නැහැ.

සිංහලයන් අතර මාස්ටර් කියන එක භාවිතා වන්නේ සංගීත හා වෙනත් කලා ක්ෂේත්‍රවලදීයි. කේමදාස මාස්ටර් උදාහරණයක්. ප්‍රේමකීර්ති ද අල්විස්ට ගුවන් විදුලියේ පොඩි මාස්ටර් කිව්වලු. කොටි සංවිධානයේ නම් මාස්ටර්ලා වැහි වැහැලා හිටියා. හැබැයි ඒ මාස්ටර්ලා වැඩිපුර දැනගෙන හිටියේ තුවක්කු කලාවයි.

‘මාස්ටර් සර්' යනුවෙන් යෙදෙන ජනප්‍රිය ගීයක් තිබෙනවා. හැබැයි, මේ මාස්ටර් සර් යෙදුව සිංහල සමාජයෙන් ගත් එකක් නෙමෙයි. එය ඉංග්‍රීසි භාෂාව වැඩිපුර පරිහරණය කළ බටහිර සංගීතවේදියකු වන නිමල් මෙන්ඩිස් නිර්මානය කළ වදනක්.

සිංහලයන් කවදාවත් අම්මාට මව කියා හෝ තාත්තාට පියා කියා හෝ අමතන්නේ නැහැ. ඒ වදන් තිබෙන්නේ ලි්‍ඛිත ව්‍යවහාරය සඳහායි. එක්තරා විනෝද සමය විකට වැඩසටහනක 'පියා එන්න' කිව්වා ම ඉස්සරහට එන්නෙ තාත්තා නෙමෙයි, පුතායි. හේතුව පුතාගේ නම පියදාස වීම හා හුරතලේට ඔහුට පියා කියා ඇමතීමයි. ඒත්, සිංහල ළමයින් වෙනුවෙන් පළ කරන ඉංග්‍රීසි පාසල් පෙළ පොත්වල ළමයි තම මව හා පියා අමතන්නේ mother, father කියායි. ඒත්, ඉංග්‍රීසි බස කතා කරන ළමයි නම් භාවිතා කරන්නේ Mum, Mumma, Mummy, Dad, Daddy, Puppa,   වැනි වචනයි. මේ ප්‍රශ්නයට විසඳුම Amma, Thaththa, Ayiya, Akka වැනි වදන් භාවිතයට ගැනීමයි.

අම්මා, තාත්තා අමතන සිංහල වචනත් මේවා ඇසුරෙන් සැකසිලා තිබෙනවා. මමී, ඩැඩී වැනි තත්සම වදන් වගේ ම, මම්මා, පප්පා වැනි තත්භව වදන් ද භාවිතා වෙනවා. ‘මම්ම නෝ පප්ප නෝ - ආප්ප කන්න තුට්ටු නෝ' යි ජන බයිලාවකුත් තිබෙනවා. අම්මා අම්මි වුණේත්, තාත්තා තාත්ති වුණේත් ඉංගිරිසි මමී, ඩැඩී යන වදන් අනුවයි. ‘මමී ඩැඩී මේ බලන්නකෝ' කියාත් ජනප්‍රිය බයිලාවක් තිබෙනවා.

ඩාලිං, හනී, ස්වීටි වැනි ආදරවන්තයන්, ආදරවන්තියන් හා බිරියන් බරුවන් වෙනුවෙන් යෙදෙන වදන් ද සිංහලට ඇවිත්. ඒවා ගීත රචනාවලත් යෙදෙනවා. ඉරාජ්ගේ ‘ස්වීටි කෙල්ල' උදාහරණයක්.බේබි කියන්නේ බබාට වුණාට දැන් ඒ වදන් සිංහලෙත් අලි බබාලා හඳුන්වන්න භාවිතා කරනවා.

එක කාලයක් බටහිරින් ණයට අරගෙන සැමියා බිරියට අම්මා කියන, බිරිය සැමියාට තාත්තා කියන මෝස්තරයක් මේ රටේ පැතිරුණා. දැන් රැල්ල බබා කියන එකට. සැමියා බිරිඳගේ බබා ය. බිරිඳ සැමියාගේ බබා ය.

සිංහලයන් නෑකම් වෙනුවෙන් භාවිතා කරන වදන් රැසක් තිබෙනවා. ඉංග්‍රීසි එහිදී හරි සරළයි. අපි මාමා, බාප්පා, ලොකු තාන්තා, මහප්පා ආදී වශයෙන් හඳුන්වන සියලු දෙනා වෙනුවෙන් ඉංග්‍රීසියේ තිබෙන්නේ ඉතා සරළ uncle ය. නැන්දලා, පුංචි අම්මලා aunt ය. මේ වදන ශබ්ද කරන්නේ ආන්ට් කියායි. ආදරේට වයි අකුරක් එක් කර ආන්ටි කියනවා ය. ඒත්, ලංකාවේ ඇන්ටි කියා වදනක් තිබේ. ඔය නෑනලා, මස්සිනාලා, ඥාති සහෝදර සහෝදරියෝ ඔක්කොම ඉංගිරිසියෙන් cousin ය.

ඔය ජනාධිපති එහෙම ළඟින් ඇසුරු කරන අය මෙහෙම කියනවා. “මට එච්චී මෙහෙම කිව්වා." එච්චී කියන්නේ H.E. හෙවත් His Excellency කියන එකයි. මේක ගෞරවාර්ථ පදයක් වුණාට එච්චී කියන වදන සිංහලේ ලියාපදිංචි වුණොත් නම් එච්චී අප්සෙට් වේවි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. රසවත් ලියවිල්ලක්. Thanks Para.

    ReplyDelete
    Replies
    1. Kotiyama kapan. Eegawa para mama 1

      Delete
  2. ඔබේ සුන්දර ඉංග්‍රීසි ලිපි පෙළ අපූරුයි. හරිම ආසාවෙන් කියවනවා.

    ReplyDelete
  3. එච්.ඊ ට හචිං යන්නත් ඇති. මේ දවස්වල එච්.ඊ ට වඩා හචිං යන්නෙ එච්.ඊ ගෙ අම්මට. හචිං, හචිම වෙන එකකටත් කියනව
    ඔය අම්මී, තාත්තී කියන එක මම හිතුවෙ අම්ම, තාත්ත කියන වචන වල ස්ත්‍රී වාචික පද කියල.
    ඡන්දෙකින් පස්සෙ මන්ත්‍රීලගෙ,ඇමතිලගෙ , එච්.ඊ ලගෙ හපු‍ටු ගෑනුත් මැඩම්ල වෙනවනෙ. හොඳ මැඩම් කෙනෙක් හිටිය ජේ.ආර් ට. මැඩම් කියන වචනෙ ඉග්‍රීසියට ගත්ත ප්‍රංශ වචනයක්. මැඩම් කියන වචනෙ බහු වචනයත් කිව්වනම් හොඳයි.

    ReplyDelete
  4. "Aunty" = informal term for aunt; widely used in Britain.

    ReplyDelete
  5. සුචරිත ගම්ලත් ලස්සන වචනයක් පාවිච්චි කලා ඔහුගේ ගී මිනි ආරෙ. ඒ වචනය තමයි - 'සිරිමතිය'. ලතා වල්පොල සිරිමතිය, නිරෝශා විරාජිනී සිරිමතිය, ශිල්පාශෙට්ටි සිරිමතිය ලෙස.

    ReplyDelete
    Replies
    1. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ නමින් පුද්ගලයෙක් ඉන්නවා නේද? (ගුණදාස ලියනගේ ගේ පුතා) දැන් ඔහුට ජෝන් කොතලාවට මෙන් නයිට් නාමයක් ලැබුණොත් ඔහුට කියන්න වෙන්නේ -
      ශ්‍රීමත් ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ කියායි.

      එතකොට ශ්‍රීමතී තිලකරන්න ට සුචරිත ක්‍රමයට ඇමතිය යුත්තේ ශ්‍රීමතී තිලකරන්න සිරිමතිය කියායි.

      ඊලඟට සිනමා නිලියක් සහ නැටුම් ශිල්පිණියක් සහ ගුරුවරියක් වූ (මිය ගිය) සිරිමතී රසාදරී?

      සිරිමතී රසාදරී සිරිමතිය?

      Delete
  6. ත්‍රිවිධ හමුදාවේ ඕනෑම නිලයකට අයත් කෙනෙකුට ඔහුගේ / ඇයගේ නිලය කියා ආමන්ත්‍රණය කරන්න සෑම පුරවැසියකුටම අයිතිය තියනවා.

    ප්‍රයිවෙට් ජයසිංහ / කෝප්‍රල් සමරනායක / සාජන් මේජර් වීරසිංහ / කැප්ටන් රණසිංහ / මේජර් කරුණාරත්න / බ්‍රිගේඩියර් ආරියරත්න / ජෙනරල් ජයවර්ධන. ආදී වශයෙන්.

    මෙහිදී ඒ නිලය දරන අය පිලිබඳ ගැහැණු පිරිමි භේදයක් නැහැ. ඒ වගේම එසේ නිලය කියා ඇමතීම තුළ මහත්මයා/මහත්මිය කියන යෙදුමත් ඇතුළත් ලෙසයි ත්‍රිවිධ හමුදා නිලයන් විසින් සළකන්නේ. පිළිතුරු දීමේදීත් හමුදා නිලධාරීන් සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට මහත්මයා, සර්, මැඩම්, නෝනා, ආදී ගැලපෙන වචන පාවිච්චි කළයුතුයි.

    ReplyDelete
    Replies
    1. පොලිසියටත් මේ කතාව අදාලයි.

      Delete
    2. දැන් නම් ලංකාවේ සොල්දාදුවන් අඩු කරන්න කාලේ හරි. අපි පොඩි කාලේ නම් මාසයකට සැරයක් වත් සොල්දාදුවෙකුව දැක්කේ නැහැ. ඒත් දැන් නම් හැමදාම පාරේ අඩු ගණනේ එක සොල්දාදුවෙකු හෝ පේනවා. දීර්ඝ කාලීනව මෙය සිවිල් ජීවිතයට එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි.

      Delete
    3. සාජන් මේජර් වීරසිංහ / කැප්ටන් රණසිංහ / මේජර් කරුණාරත්න / බ්‍රිගේඩියර් ආරියරත්න / ජෙනරල් ජයවර්ධන. ආදී වශයෙන්.

      ඇමතුවොත් කනපලාගන්ඩ පුලුවන්

      Delete
    4. @ AnonymousAugust 30, 2014 at 2:52 PM
      එහෙම කියල කොහොමද එයාල ඉන්නේ අපේ (සිවිල්ලා ගේ) ආරස්සාවටයි, එයාලා වැඩිපුර ඉන්නව වගේ පේන්නේ එයාල හරියටම රාජකාරි කරන නිසා ( එයාලා ගේ රාජකාරිය සිවිල්ලා ලා අඩු කරන එකනේ). ඔයාට බය නං ඔයා හැංගෙන්න, එතකොට එයාලව පේන්නේ නෑ.

      Delete
    5. @ Anonymous August 30, 2014 at 8:04 PM,
      දැන් ඌව පළාතේ ජ.වි.පෙ. මැතිවරණ කාර්යාල කඩන කොට, ජ.වි.පෙ. සාමාජිකයන්ට (සිවිල් ජනතාව ) එ.ජ.නි.ස. මැරයෝ පහර දෙන කොට ඔය කියන හමුදාව ආවද ඒ අය බේර ගන්න? නැහැනේ..... ඒ වෙනුවට දැන් සොල්දාදුවෝ යොදවන්නේ එ.ජ.නි.ස. පෝස්ටර් අලවන්නයි කටවුට් ගහන්නයි.... ලැජ්ජයි නේද? ඒකෙන් පේන්නේ සොල්දාදුවෝ ඉන්නේ සිවිල් ජනතාව රැක ගන්න නෙවෙයි, ආණ්ඩු පක්ෂ දේශපාලඥයන්වයි උන්ගේ කටු ලෙවකන බල්ලන්වයි ආරක්ෂා කරන්න. මෙච්ච්‍ර සොල්දාදුවෝ නොහිටපු 1950, 1960 සහ 1970 දශකවල මේ වගේ තත්ත්වයක් තිබුණේ නෑ.

      Delete
    6. @ විචාරක,

      පැන්ෂන් ගත්තු මිලිටරි අයට (අවශ්‍ය නම්) ඇමතිය යුත්තේ කෙසේද? විශ්‍රාම ගැනීමෙන් පසු සිවිල් සමාජයේ දී අර මිලිටරි තනතුර තියෙනවාද?

      උදාහරණයක් ලෙස, මේජර් කියාද නැති නම් රිටයර්ඩ් මේජර් කියාද?

      වෙනත් අංශයකින් උදාහරණයක්.

      දැන් කලින් කැලණිය විශ්ව විද්‍යාලයේ හිටි මහාචාර්ය නලින්ද සිල්වා දැන් පැන්ෂොන් නිසා අප ඔහු ඇමතිය යුත්තේ ආචාර්ය නලින්ද සිල්වා කියායි (මේ බව ඔහුත් රූපවාහිනීයේ දී කිවා).

      ඔහුට තවදුරටත් මහාචාර්ය ලෙස ඇමතිය හැක්කේ විශ්ව විද්‍යාලයෙක් ඔහුට "සම්මාන මහාචාර්ය" professor emeritus කමක් පිරිනැමුවා නම් පමණයි.

      Delete
    7. අධිකාරියට පත් නිලධාරියකු විශ්‍රාම ගියද ඔහුගේ අධිකාරිය commission ඉවත් කරන්නේ නැහැ. ඒ සඳහා බලය ඇත්තේ ජනාධිපතිතුමාට පමණයි ජනාධිපතිතුමා වෙත නිර්දේශ ඉදිරිපත්කිරීමේ බලය තිබෙන්නේ ආරක්ෂක ලේකම්ටයි. එම නිලධාරියා රජයට, රටට, හමුදාවට අපකීර්තියක් ගෙන එන වරදක් හෝ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කර උසාවියකින් දඬුවම් ලැබුවොත් ආරක්ෂක ලේකම් විසින් ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත්කොට ඔහුගේ අධිකාරි බලය අවලංගු කරනවා. අධිකාරිය පිරිනමා තිබෙන්නේ ජනාධිපතිතුමා විසින් පෞද්ගලිකවම අත්සන් කල අක්ත පත්‍රයකින්. එය ලැබෙන්නේ ත්‍රිවිධ හමුදාවට පමණයි.

      සාමාන්‍යයෙන් මේජර් සහ ඊට ඉහල නිලයන්හි අයට පුළුවන් තම නමට පසුව මේජර්(විශ්‍රාමික) ආදී වශයෙන් සඳහන් කරන්න. එය නීත්‍යානුකූලව පිලිගන්නවා. මෙය ත්‍රිවිධ හමුදාවටම පොදුයි.

      ඔබට මතක ඇති දේශපාලනඥයන් මෙලෙස තම නමට ඉදිරියෙන් නිළය ලියපු හැටි. ශ්‍රීමත් කර්නල් ජෝන් කොතලාවල., කර්නල් එල්.වී. ගුණරත්න, කැප්ටන් සී.පී.ජේ.සෙනෙවිරත්න, ජෙනරල් රත්වත්ත, කර්නල් රන්ජන් විජේරත්න, ආදී වශයෙන්. නමුත් එය ලියන්න ඕනෙ නමට පසුවයි.

      Delete
    8. ඇමතීමේදී නිළය කියා ඇමතුවත් එහෙම කිසිවක් නොකියා ඇමතුවත් සියල්ල ඉවසා සිටීමට තරම් සියලුම නිලධාරීන්ට හැකිවිය යුතු බව හමුදාවෙදීම කියාදෙනවා.

      Delete
  7. මය. කියල යොදන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මස. කියනවාට වැඩිය ඒක හොඳා!

      Delete
  8. මචං , title පින්තුරේනම් නියමයි. කොහෙන්ද හොයාගත්තේ . පිටරටත් අපේ රට වගේම තමයි , නේද ?

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. පට්ට ලියවිල්ලක්......

    ReplyDelete
    Replies
    1. /* එක කාලයක් බටහිරින් ණයට අරගෙන සැමියා බිරියට අම්මා කියන, බිරිය සැමියාට තාත්තා කියන මෝස්තරයක් මේ රටේ පැතිරුණා. */

      ඔය කාරණය ගැන සෑහෙන්න දුක් වුණු කෙනෙක් තමයි මේ සෙරන්ඩිබ් ඔටුවා. මෙන්න ඔටුවා ගේ ලියවිල්ල.
      http://otukatha.blogspot.com/2014/05/blog-post_12.html

      Delete
  11. මේ ලිපි පෙළ වෙනුවෙන් පැරාට ප්‍රණාමය

    ReplyDelete
  12. /* නමට මුලින් සර් යොදපු සර් ජෝන් කොතලාවල වගේ නයිට්වරු වගේ ම */

    මට එක්වරම සිහිවුණේ "සර් පැරකුම් මතුගම"

    ReplyDelete
  13. /* අපි මාමා, බාප්පා, ලොකු තාන්තා, මහප්පා ආදී වශයෙන් හඳුන්වන සියලු දෙනා වෙනුවෙන් ඉංග්‍රීසියේ තිබෙන්නේ ඉතා සරළ uncle ය. නැන්දලා, පුංචි අම්මලා aunt ය. */

    මේ කතාව මාත් ලිව්වා 2009 දී මං ලියපු අංකල් ලා ගේ කතන්දර සහ ඇන්ටිලා ගේ කතන්දර සීරිස් දෙකට පිවිසුමක් ලෙස.

    1. http://kathandara.blogspot.com.au/2009/08/blog-post_06.html

    2. http://kathandara.blogspot.com/2009/10/blog-post.html

    පැරා ගේ වාක්‍යට දිගුවක් ලෙස ඉංගිරිසි සහ භාවිතයේ ඇති වෙනස් කම් දෙකක් කියනවා නම් -

    1. ඉංගිරිසිකාරයෝ ආන්ටි සහ අංකල් කියන්නේ ඇත්තටම නෑකමනේ ආන්ටි ලාට සහ අංකල් ලා ට ය. අපි නෑ කමක් නැති වැඩිහිටි සැමටමට අංකල් හෝ ඇන්ටි හෝ කියා අමතමු.

    2. අපේ දෙමව්පියන්ගේ දෙමව්පියන් අපට ආචචි ලා හෝ සීය ලා ය. ඒ ආච්චි ලා ගේ හෝ සීයලා ගේ සහෝදර සහෝදරියන් ද අපට ආචචි ලා හෝ සීය ලා ය. නමුත් ඉංගිරිසිකාරයෝ ඒ සහෝදර පරම්පරාවේ අය හඳුන්වන්නේ ග්‍රෑන්ඩ් ෆාදර් හෝ ග්‍රෑන්ඩ් මදර් කියා නොවේ. ග්‍රෑන්ඩ් අංකල් හෝ ග්‍රෑන්ඩ් ආන්ට් කියා ය.

    ReplyDelete
  14. මේක නම් නියමයි පැරා සෑර්..

    ක්‍රෙඩිට් කාඩ් එරියස් ගියාම ෆෝන් එකෙන් බැන්නට. ලියුමේ නම් එවන්නේ මාතලන් සෑර් කියලා.. නිකන් නෙමෙයි ඩියර් කෑල්ලකුත් දාලා.. ඩියර් කියන්නේ මුවාට නේ.. මාත් ඉතින් මුවෙක් වගේ අහිංසක මනුස්සයා වෙච්චි..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා